මාධ්‍ය සදාචාරය තුළ ලිංගිකත්වය


පසු ගිය සති අන්තයේ ‛සන්ඩේ ලීඩර්’ පුවත්පතේ අමුතු විශේෂාංගයක් පළවිය. ඒ, රනිල් වික්‍රමසිංහගේ ලිංගික ආශාවන් පිළිබඳ සම්මුඛ සාකච්ඡාවකි. දේශපාලඥයන්ගේ ලිංගික වරණයන් පිළිබඳ වාර්තා බොහෝ විට ටැබ්ලොයිඩ් පුවත්පත් තලු මරමින් විස්තර කරයි. දේශපාලඥයන්ගේ පමණක් නොව, රටේ තරු වශයෙන් වැජඹෙන කාගේ වුව ද ලිංගික ජීවිත තුළ ඇති ශෘංගාර රසය, පත්තරකාරයන්ට විටින් විට ඉල්ලම් සපයන බව අපි දනිමු. එය වෙනම මාධ්‍ය ‛කලාවකි.’
කෙසේ වෙතත්, දේශපාලඥයෙකුගේ ලිංගිකත්වය රටේ පාලනයට බලපෑම් කරන විට ඒ ගැන විමසීමට අයිතියක් පුරවැසියන්ට නැති බවක් මෙයින් අදහස් නොවේ. ඉතාලියේ හිටපු අගමැති බුර්ලොස්කොනී පසුගිය සතිය දක්වාම මේ අංශයෙන් අගනා පාඩම් ලෝකයාට කියාදුන්නේය.
අනිත් අතට, රටක නායකයෙකු විය යුත්තේ කවුරුන් ද යන්න තීරණය කිරීමේ දී ඔහුගේ ආගම කුමක් ද, ඔහුගේ ජාතිය කුමක් ද, ඔහුගේ කුලය කුමක් ද යන කාරණා තීරණාත්මක සාධක වශයෙන් ගැනීම බහු=ආගමික, බහු=ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට හිතකර නොවන බවත් අපි දනිමු. ඒ ආකාරයෙන්ම, කෙනෙකුගේ ලිංගික වරණයන් සැලකිල්ලට ගැනීමත් මෝස්තරයක් වූ යුගය දැන් අවසන් වෙමින් තිබේ. කෙසේ වෙතත්, රටේ නායකයන් විය යුත්තේ කවුරුන් දැ යි තීරණය කිරීමේ ප්‍රාරම්භක බලය තමන් අතේ ඇතැ යි සිතන මාධ්‍ය හැසිරීමක් ඇති ලංකාව වැනි රටක, නැවත නැවතත් ඉස්මත්තට ගැනෙන්නේ මේ කාරණාම යි. පසුගිය දා රනිල් වික්‍රමසිංහ විදේශගත වීමේ දී ජෝන් අමරතුංගව වැඩබලන විපක්ෂ නායක සේ නම් කිරීමේ ප්‍රශ්නයේ දී මතු වූ සැබෑ ව්‍යවහාරික සහ සම්ප්‍රදායික ගැටළුවලට අමතරව, ජෝන් අමරතුංගගේ ආගමත් ඔහුට එරෙහිව ඇති සාධකයක් වශයෙන් මාධ්‍ය හරහා හුවාදැක්වුණි.
‛‛සිරස’’ නාලිකාව පුන පුනා දවස තිස්සේ කියන කාරණාවක් තිබේ. එනම්, ‛‛වී රිපෝට්, යූ ඩිසයිඩ්’’ යන්නයි. ‛‛අපි වාර්තා කරමු, ඔබ තීරණය කරන්න’’ යන්න එහි අදහසයි. එහෙත්, ඔවුන්ගේ ප්‍රවෘත්ති සහ වෙනත් විශේෂාංග දෙස බලන විට නරඹන්නන් සහ අසන්නන් වන අපට තීරණය කිරීමට කිසිවක් ඔවුන් ඉතිරි නොකරන බව එක විටම කෙනෙකුට පෙනී යයි. සියල්ල ඔවුන් තීරණය කොට හමාරයි. අපට ඇත්තේ එය පිළිගැනීමටයි. උදාහරණයක් වශයෙන්, එක්සත් ජාතික පක්ෂයේ නායකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස බව මේ මාධ්‍ය හිමියා දැනටමත් තීරණය කොට තිබේ. එහෙත් ඒ කිසි මාධ්‍යයක්, සජිත් ප්‍රේමදාසව අප පිළිගත යුත්තේ ඇයි ද යන්න අපට සංයුක්තව පෙන්වා දෙන්නේ නැත. උදාහරණයක් වශයෙන්, ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසගේ විසඳුම කුමක් ද? විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් ඔහු ගන්නා ක්‍රියාමාර්ගය කුමක් ද? මැතිවරණ ක්‍රමය ඔහු වෙනස් කරන්නේ ද? යුද්ධයේ අවසාන කාලයේ දී ‛‛යුද අපරාධ’’ සිදු වී ඇත් ද? එසේ වී නම් ඒවා ගැන අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්විය යුතු ද නැද්ද ආදී වශයෙන් වන, මේ පොළොවේ පයගසා සිටින ඡන්දදායකයන්ගේ සංයුක්ත ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහුගේ ආකල්පය කවරාකාර දැයි අප දන්නේ නැත. කොටින්ම, අප දන්නා සහ අප අනුයන දේශපාලනය අනුව, සජිත් ප්‍රේමදාසව ජනතාව විසින් පිළිගත යුත්තේ රනිල් වික්‍රමසිංහට විකල්පයක් වශයෙන් පමණක්ම නොවේ. ඔහු මහින්ද රාජපක්ෂට ද විකල්පයක් විය යුතුය. එසේ නොවන කිසිවෙකු, රනිල් වික්‍රමසිංහ වෙනුවට සුදුස්සෙකු වශයෙන් ගැනීමට, ඡන්දදායකයන් වන අපට විශේෂ හේතුවක් නැත.
රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයෙකු වශයෙන් පමණක් නොව ලංකාව වැනි රටක දේශපාලඥයෙකු වශයෙන් පවා දුර්වල පුද්ගලයෙකු බව පිළිගැනීමට බොහෝ දෙනා මැලි නොවන්නට පිළිවන. එහෙත් ඔහුගේ ඒ දුර්වලතා ඔහුව අනිවාර්ය නුසුදුස්සෙකු බවට පත්කරන්නේ නැත. ඔහු තුළ ඇතැ යි සිතිය හැකි දුර්වලකම් වූ කලී ඇතැම් විට ඔහු කෙරෙහි යම් ප්‍රසාදයක් ඇති කරවන කරුණු වීමටත් ඉඩ තිබේ. උදාහරණයක් වශයෙන්, දකින දකින මිනිසාගේ කරට අතදාගන්නේ නැති කම, කුඩා දරුවෙකු දුටු විට කැමරාව ඉදිරියේ දී එම දරුවාව වඩාගෙන සිපගන්නේ නැති කම, ප්‍රසිද්ධ කතාවක් පටන් ගනිද්දීම ගිරිය පුප්පන්නේ නැතිකම ආදී දේශපාලනික රංගනයන් සම්බන්ධයෙන් ඔහු අපේ රටේ දේශපාලඥයෙකු වීමට අවශ්‍ය කරන සම්මත සුදුසුකම් නොලබන බව ඇත්තයි. අනිත් අතට, ආගම සහ ජාතිය සම්බන්ධයෙන් අනුගමනය කළ යුත පක්ෂ ප්‍රතිපත්තිය කුමනාකාර විය යුතු ද වැනි කරුණක් ආශ්‍රයෙන් ඔහු දරණ ආකල්ප ඡන්දදායකයන් වශයෙන් අපට වැදගත් වෙයි. පසු ගිය දා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අසාර්ථක ව්‍යාපාර පවරා ගැනීමේ පනතට එරෙහිව ඔහු රටට කී මතවාදය, හුදෙක් ඔහුගේ විවේචකයන්ගේ ඊනියා විවේචනයන්ට යට වීමකැ කෙනෙකුට පෙනේ. එම පනත මගින් රජය බලාපොරොත්තු වන්නේ මේ රටේ සිංහලයාගේ සහ බෞද්ධයාගේ ව්‍යාපාර කොල්ලකෑමක් බව ඔහු ඇතුළු විරුද්ධ පක්ෂ නායකයන් කියන විට, ජාතිවාදයේ සහ ආගම්වාදයේ මඩගොහොරුව අහේතුකව කලතන්නට ඔහු වැන්නන් පවා පෙළැඹුණු හැටි අපි දුටුවෙමු. තවත් යුද්ධයක් නැති හෙට දවසක් ගැන අපේක්ෂා දල්වන ඡන්දදායකයෙකු ඔහු වැනි නායකයන්ව නිර්දය විවේචනයට හසුකරගත යුත්තේ එවැනි කරුණු පදනම් කරගෙන යැයි අපි විශ්වාස කරමු.
දැන් ‛සන්ඩේ ලීඩර්’ පුවත්පත හැරෙන්නේ වෙනත් පැත්තකට යි. එක් ප්‍රාදේශීය දේශපාලඥයෙකු වික්‍රමසිංහට විරුද්ධව ඉදිරිපත් කරන ලද කරුණු 16 ක් ඇතුළත් චෝදනා පත්‍රයකින් එක චෝදනාවක් අහුලාගන්නා මේ පත්තරය ඒ මත විශේෂාංගයක් පාඨකයාට ඉදිරිපත් කරයි. මේ විශේෂාංගය තුළ ඇත්තේ දේශපාලනයට වඩා කුණු රසයක් බව දැනුවත් පාඨකයාට වැටහෙයි.
සදාචාරය මැනෙන ප්‍රධාන මූලාශ්‍රය ලිංගිකත්වය වශයෙන් ගැනීම ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති කතාවකි. එක පැත්තකින්, මිනිසා ශිෂ්ටාචාරගත වීම තුළ ලිංගිකත්වය වෙත පැවරුණු ගූඪත්වය ඊට බලපෑවේය. අනිත් පැත්තෙන් සියලු ආගම් ඒ ගූඪත්වය මත තමන්ගේ ආගමික සදාචාරය පදනම් කිරීම එම දීගය ශක්තිමත් කෙළේය. කොටින්ම, විළි වසා ගැනීම සඳහා ඇඳුම් හැඳීමට මිනිසා පටන්ගත් දා සිට ලිංගිකත්වයේ මේ ගූඪත්වය උත්කර්ෂවත් කෙරුණි. මේ තත්ත්වය නූතන ලෝකයා දැන් සෑහෙන කලක සිට ප්‍රශ්න කරමින් සිටිති. පොදුවේ ස්වාභාවික විද්‍යාවනුත්, විශේෂයෙන් මනෝ විද්‍යාව සහ සමාජ විද්‍යාවේ දියුණුවත් සමග එතෙක් කල් ලිංගිකත්වය මත ආරෝපණය කළ ඊනියා සදාචාරයේ කඩතුරා ටිකෙන් ටික විවර වන්නට පටන්ගෙන තිබේ. අඩු වශයෙන් ශිෂ්ට සම්පන්න රටක නම්, පුද්ගලයෙකුගේ ලිංගික ආශාවන් කවරාකාර වේ දැයි දැන ගැනීම තමන්ගේ ප්‍රජා අයිතියක් වශයෙන් නොගැනීමට තරම් පුරවැසියා අද ඉදිරියෙන් සිටී. දක්ෂිණාංශික බලකොටුවක් වශයෙන් දශක තුනකටත් වැඩි කාලයක් තිස්සේ පැවති පැරිසියේ නගර සභාව තුළ වමේ බලය ගොඩනැගු වාමාංශික දේශපාලඥයා තමා සමලිංගික වන බවත්, දියුණු මනුෂ්‍යයෙකු වශයෙන් තමාට ඒ අයිතිය ඇති බවත් ඡන්දදායකයන් ඉදිරියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට සිටියේය. ඒ ඡන්දදායකයෝ දශක තුනක් තිස්සේ පැවති බලය පෙරලා ඔහුව එම නගරයේ පුරපති කමට පත්කර ගත්හ. එක වරක් නොව පිට පිට දෙවරක්ම පත්කර ගත්හ. අදටත් පැරිසියේ පුරපති ඔහු ය.
මේ නිසා, කෙනෙකු සමලිංගික ද විසම ලිංගික ද යන්න රටක කිසි පුරවැසියෙකු සම්බන්ධයෙන් සදාචාරය පිළිබඳ ප්‍රතිපත්තිමය කාරණයක් වශයෙන් තව දුරටත් අදාළත්වයක් දැරිය යුතු නැත. විසම ලිංගිකයන්ට සේම සමලිංගිකයන්ටත් විවාහ අයිතිය පවරන තරමට අද ලෝකයේ බොහෝ රටවල් ඉදිරියට ගොස් සිටී. ලිංගික වරණය පිළිබඳ අයිතියත් මූලික මානව හිමිකමක් වශයෙන් ගැනෙන කාලය වැඩි ඈතක නොවන බවත් පෙනේ.
ඉතිං, ‛සන්ඩේ ලීඩර්’ පත්තරයට රනිල් වික්‍රමසිංහගේ ලිංගික නැමියාවන් ගැන ඇති ප්‍රශ්නය කුමක් ද? මේ විශේෂාංගය සඳහා අදාළ ලේඛකයා හෝ ලේඛිකාව ලියන උද්ධෘතය තුළම ඔහු/ඇය උසුලන කුණු අභිප්‍රාය ගැන කල්පනා මාත්‍රයක් ඇති කරගත හැකිය. ඒ මෙසේ ය: ‛‛රනිල්ගේ ලිංගික ආශාවන් ප්‍රශ්නයකි= මෛත්‍රී’’
දැන්, රනිල් වික්‍රමසිංහගේ බිරිඳගේ නම මෛත්‍රී වික්‍රමසිංහ බව අපි දනිමු. මේ ලිපිය කෙනෙකු කියවන්ට පෙළඹෙන ක්ෂණික තල්ලුව එන්නේ එතැනිනි. රනිල්ට අදාළව රට හඳුනන වෙනත් ‛‛මෛත්‍රී’’ කෙනෙකු නැත. එහෙත් පුවත්පත මේ කියන්නේ, මෑතක සිට කරලියට එන ප්‍රාදේශීය දේශපාලඥයෙකු වන මෛත්‍රී ගුණරත්න කෙනෙකු ගැනයි. කෙසේ වෙතත් මේ දේශපාලඥයා පුවත්පත තරම් කුණු රසය පස්සේ දිවීමට කැමැත්තක් ඇත්තෙකු නොවන බව බැලූ බැල්මට පෙනේ. ‛‛පක්ෂ නායකයාගේ ලිංගික වරණයන් පිළිබඳ මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හේතුවෙන් විශේෂ පිරිසකට අනිසි වරප්‍රසාද නොලැබෙන්නේ නම් සහ පක්ෂ දේශපාලන ක්‍රියාවලිය තුළ එම ලිංගික චර්යා මැදිහත් නොවන්නේ නම් මගේ කිසි ප්‍රශ්නයක් නැහැ.’’ සත්තකින්ම ඔහු කියන්නේ ඇත්තකි. සමලිංගික නොව, විසම ලිංගික කාරණයක දී වුව දේශපාලඥයෙකු සම්බන්ධයෙන් කෙනෙකු සැළකිලිමත් විය යුත්තේ, ප්‍රශ්නයේ ඒ ප්‍රායෝගික පැත්ත කෙරෙහිම පමණි. සමාජය පිළිගත් පරිදි පතිකුල විවාහකයකට පත් දේශපාලඥයෙකුගේ බිරිඳක් වුව, සැමියාගේ බලය හරහා අනවශ්‍ය ඇඟිලිගැසීම් කරයි නම් එය සමාජයක් ඉවසන්නේ නැත. එසේ තිබිය දී, මෛත්‍රී ගුණරත්න ඉදිරිපත් කළ චෝදනා 16 අතරින් ‛සන්ඩේ ලීඩර්’ පුවත්පත මේ ලිංගිකත්වය පිළිබඳ කාරණය පමණක් පාඨකයාට ඉදිරිපත් කිරීමට විශේෂාංගයක් කරන්නේ ඇයි? සමහරවිට මෛත්‍රී ගුණරත්න ඉදිරිපත් කරන අනිත් චෝදනා ඡන්දදායකයන් වන අපට වඩාත් ප්‍රයෝජනවත් විය හැකිය. එහෙත්, ඒ කිසිවක් තුළ කුණු රසය නැත. ඉතිං, එවැනි කරුණුවලින් පාඨකයන්ව කුමට වෙහෙසට පත්කරන්න ද’

ගාමිණී වියන්ගොඩ[Gamine Viyangoda]


0 comments:

ලංකා ඊ නිව්ස් තහනම

 ලංකා ඊ නිව්ස් මතවාදය වූයේ සරළ, ජනප්‍රියවාදී ආණ්ඩු විරෝධයයි. අප සිතන අන්දමින් නම් බුද්ධිමත් ආණ්ඩුවක් නම් බිය වැද්දීමට තරම් බලයක් එහි තිබුණේ නැත.


දැනට රිමාන්ඩ් භාරයේ සිටින අප දන්නා ශාන්ත විජේසූරිය නම් එඩිතර වාම ක්‍රියාකාරිකයෙකි. ඔහුගේ එඩිතරකම එම වෙබ් අඩවියේ ශක්තියක් විය. ඔහු අද නීතියේ දැලේ පැටලී ඇත්තේ මාධ්‍ය වෘත්තිකභාවයේ ගැටලුවක් හේතුවෙනි.


අධිකරණයට අපහාසයක් වූ බව කියන පුවත නිවැරදි කරමින් ඒ පිළිබඳ සමා ආයාචනයක් වෙබ් අඩවියේ පළ කර ඇති බව ශාන්ත විජේසූරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ අධිකරණයට දැනුම් දුන් හ.


එහෙත්, දිනමිණ පුවත්පතේ සඳහන් වන අන්දමට නඩුවේ පාර්ශ්වයක් ද යන්න මාධ්‍ය වාර්තාවේ සඳහන් කර නැති පූගොඩ නීතිඥ සංගමය නම් සංවිධානයක් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ පීටර් මෙන්ඩිස් කියා ඇත්තේ සැකකරු අධිකරණයට අපහාසයක් කර ඇති බැවින් එය නිවැරැදි කර විකාශනය කිරීමෙන් හා වරද පිළිගැනීමෙන් පමණක් ම එම චෝදනාවෙන් නිදහස් නො වන බවයි. අපට දැන ගැනීමට ලැබී ඇති අන්දමට එදින පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ සිටි සියලු නීතිඥයන් ශාන්ත විජේසූරියට එරෙහිව පෙනී සිටීමට නැගී සිට තිබේ. විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව වෙනුවෙන් ද මෙම නඩුව වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිට ඇති බව දිනමිණ පුවත්පත පවසයි. ලාල් කුලරත්න නම් එම නිතිඥවරයා පවසා ඇත්තේ එම පුවත එම වෙබ් අඩවියේ පළවීමෙන් අපැහැදිලි ස්වභාවයක් පැන නැගී ඇති බවයි.


මාධ්‍ය සංවිධාන ආරංචි මාර්ග පවසන ආකාරයට, ලංකා ඊ නිව්ස් පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් කිරීමේ ක්‍රියාමාර්ගයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මාධ්‍ය සංවිධාන සූදානම් වෙමින් ඇත.


මාධ්‍ය වෘත්තිකභාවයේ ගැටලු සම්බන්ධයෙන් කතා කරන විට බොහෝ සිංහල මාධ්‍ය වෙනසක් නැත. නිදසුනක් ලෙස, මහින්ද අබේසුන්දරගේ කතුවැකි හා කීර්ති වර්ණකුලසූරියගේ ආරක්ෂක වාර්තා රසවත් වන්නේ ඒවායේ ඇති විසුළු ස්වභාවය නිසා ය. එහෙත්, ඒවා රාජ පාක්ෂික ලියවිලි ය.


කෙසේ වෙතත්, අප දන්නා තරමින්, අධිකරණය හමුවේ විභාග වෙමින් ඇති අපහාස නඩුවක විභාගය අවසන් වන තෙක්, මහේස්ත්‍රාත් නියෝගයක් මත ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසිද්ධියක් ඇති ජනමාධ්‍යයක් රට තුළ තහනම් කිරීම මේ සිදු වන්නේ පළමු වතාවටයි. ඇතැම් විට, මෙය ලෝකයේමත් එවැනි දෙයක් සිදු වූ පළමු අවස්ථාව වන්නට ඇත.


මීට පෙර සිදු වූ මෙවැනි ලොකු ම සිද්ධිය වන දවස පුවත්පත සීල් තැබීම 1974 අප්‍රේල් 20 දින සිදු කළේ ද හදිසි නීතිය යටතේ ජනාධිපති නියෝගයකිනි. එමගින් සිදු වූ හානි වෙනුවෙන් දවස හිමිකාර සේපාල ගුණසේනට රජය විසින් රුපියල් කෝටි ගණනක වන්දියක් ‍ගෙවන ලදී.

 W3Lanka


0 comments:

ලසන්ත වික්‍රමතුංග සමරු දේශනය

ඔහුට පහර දෙන විට ඔහු තේරුම් ගත්තේ මෙය ඔහුට ම පමණක් එල්ල වූ ප්‍රහාරයක් නොවන බවයි. ඔහු කී පරිදි ඔහු මේ ගමන ගියේ තනිවම නොවේ. මාධ්‍යයේ වෙනත් ක්ෂේත්‍රවල වැඩ කළ සහෝදර මාධ්‍යවේදීන් හා සමග පා තැබූහ: ඔවුන්ගෙන් වැඩි දෙනෙක් දැන් මිය ගොස් : නැත්නම් සිරගතව සිටී: එසේත් නැත්නම් දුර බැහැර රටවලට පිටුවහල්ව සිටී.

ඔහුගේ ඝාතනය ඝාතන රැසක තවත් එක් ඝාතනයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඔහු අප ප්‍රජාව තුල ඉසිලු තනතුර නිසා ම එය වඩාත් ගැඹුරු කම්පනයකට හේතුවිය. ඔහු මේ රටේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු විය. මෙරට ප්‍රධානතම ස්වාධීන පුවත්පතක අතිශයින් ස්වාධීන කතුවරයෙකු විය. දූෂනය සහ වෙනත් කටයුතු පිළිබඳව විවේචනාත්මක හෙලිදරව්වන් ප්‍රකාශයට පත් කල කෙනෙකුවිය.

ඔහුගේ තනතුරට ඔහුට ආරක්ෂාව සැපයිය නොහැකි වූවා නම්, එම වෘත්තියෙහි යෙදෙන වෙනත් අය කෙසේ නැගී සිටින්න ද?

එඇත් මාධ්‍යවේදීහූ නැගී සිටිති. අපේ උතුරු අප්‍රිකානු සගයින්ගේ ක්‍රියාවන් අපට මතක් කරදුන්නේ නිදහස් හා ස්වාධීන මාධ්‍ය භාවිතයක් පැවතිය හැකි වන්නේ මානව හිමිකම් මත ගොඩනැගුනු නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල පමණක් බවයි.

අපි මා`ඵ වගෙයි. අප වටා භාෂණයේ නිදහස නම් වූ මුහුද නොමැති වුවහොත් අපට ජීවත් විය නොහැකියි. නිදහස් ශ්‍රී ලංකාව, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය තරමට ම වයසයි. එඇ නිසා ම, මුල පටන් ම නිදහස් ශ්‍රී ලංකාවේ ඉතිහාසය සමග මානව හිමිකම් වලට ගරු කිරීමේ අභියෝගය වෙලී පැටලී පවතී. එඇ ඉතිහාසය මානව හිමිකම් උල්ලංඝණයන්ගෙන් පිරී පවතී. මුල් කාලයේ උඩරට දෙමල ජනතාවගේ පුරවැසි අයිතිය ප්‍රත්ක්ෂේප කිරීමේ පටන් ලසන්තා ඝාතනය සහ ප්‍රගීත් අතුරුදන්වීම කරා එඇ ඉතිහාසය විකාශනය වෙයි. 1983 දී දෙමල – විරෝධී ජනඝාතනය වැනි අතිශයින් කුරිරු සිදුවීම් ඇතුලූව, ඛඔඔෑ සංවිධානය ලොවට පිරිනැමූ සියදිවි නසා ගන්නා මිනිස් බෝම්බ සම්ප්‍රÞය ද මේ ඉතිහාසයේ කොටස් වේ.

මේ මානව හිමිකම් උල්ලංඝණය වීම්වලට සාපේක්ෂව පැවතුනු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකි. කෙතරම් පලූදු සහිත වූවත්, කෙතරම් සු`ඵ ප්‍රමාණයකින් වූවත්, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් පැවතුනි. නිදහස් අධිකරණයක ශේෂයන් පැවතුනු අතර, සිවිල් සමාජයේ ව්‍යාප්තියක් සිදුවිය.

ලංකාවේ ඉතිහාසයත් සමග මානව හිමිකම් මේ තරම් බැඳී පවතින්නේ, ලංකාව මානව හිමිකම් ගරු කිරීමේ හෝ උල්ලංඝණය කිරීමේ හොඳ ම, හෝ නරක ම, සමාජය වූ නිසා නොවේ. මේ බැඳීමට පදනම් වන්නේ රටට නිදහස උÞ වූ මොහොතේ පටන් මානව හිමිකම් වනාහී කේන්ද්‍රීය අරගල භූමිය බවට පත්වීමයි.

ලංකාවේ ඉතිහාසයක් ලිවිය හැක්කේ ත් තේරුම් ගත හැක්කේ මානව හිමිකම් උදෙසා කල අරගලයක් ලෙස
ට පමණක් බව මා කලක සිට විශ්වාස කරනවා.

ලසන්තා ඝාතනයට පසු භාෂණයේ නිදහස් අරගලයේ කේන්ද්‍රය බවට පත්ව ඇත්තේ, භාෂණයේ නිදහසට ඇති අයිතිය තහවුරු නොකොට අපට මානව හිමිකම් මත පදනම් වූ සමාජයක් ගොඩ නැගිමට නොහැකි නිසාය. එසේ ම, මානව හිමිකම් මත පදනම් වන සමාජයක් ගොඩ නගන්නේ නැතිව අපට භාෂණයේ නිදහස සුරැකීමට ද අපහසුයි.

භාෂණයේ නිදහස ඍජුවම වෙනත් අයිතීන් සමුÞයක් හා බැඳේ. එඇ අයිතීන් අතර නිදහසේ ආගම ඇදහීමේ අයිතිය, සාමකාමී ව එක් රැස් වීමේ අයිතිය, නිදහස් ප්‍රකාශනයේ අයිතිය සහ මාධ්‍යයේ නිදහස ද වේ. භාෂණයේ නිදහස නැතිව මේ එක ම අයිතියකටවත් පැවතිය නොහැකියි.

භාෂණයේ නිදහස කාන්තාවන්ගේ, සු`ඵතර ජනකොටස්වල සහ වරප්‍රසාද අහිමි ජන කොටස්වල අයිතීන් ගේ අනිවාර්ය කොටසකි. ඔවුන්ට නිදහසේ තම අදහස් ප්‍රකාශකිරීමට අවකාශයක් නැති තැන ඔවුන් බලසතු කිරීම පිලිබඳව කතා කල නොහැකි ය. වරප්‍රසාද අහිමි ජනකොටස්වල අරගලයන්ට භාෂණයේ නිදහස අÞල නොවන බව තර්ක කරන අය සමග මා එකඟ නොවන්නේ මේ නිසා යි. කතා කිරීමේ බලය ඔවුන්ට අහිමි නම් තම අදහස් ප්‍රකාශ කිරීමට පවා එම අරගලයන්ට අහිමි වසු ඇත.

මේ සියල්ල සාධාරණ නඩු විමසුමකට ඇති අයිතිය හා බැඳේ. සාධාණ නඩු විමසුමකට ප්‍රධාන අංග ලක්ෂණයක් වන්නේ විවෘතව එම නඩු විමසීමට ලක් වීමට ඇති අයිතියයි.

අන් සියලූම අයිතීන් මෙයට යට වේ. ආරක්ෂාවට ඇති අයිතිය, අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගැනීම වැලැක්වීමේ අයිතිය, පුරවැසි අයිතිය, වධදීමට ගොදුරු නොවීමට ඇති අයිතිය ආදී අයිතීන් ද, ස්වාධීන අධිකරණයක් ද හරහා මෙම අයිතීන් බලාත්මක කල හැකියි. එඇ හරහා උල්ලංඝණය වීම් හෙලිදරව් කල හැකියි. හෙලිදරව් කිරීම හරහා එඇවා සදහට ම තුරන් කල හැකියි.

භාෂණයේ නිදහස වනාහි අන් හැම අයිතියක් ම නිදහසේ භුක්ති විඳීමට ඉඩ සලසන්නකි.

මාධ්‍ය නිදහස වනාහි භාෂණයේ නිදහස යන පු`ඵල් ආවරණයේ කොටසක් පම‚. ලසන්තා සහ ප්‍රගීත් වැනි මාධ්‍යවේදීන් අභීතව ලංකාව තුල අප වෘත්තීය ක්‍රියාවට නැංවීම හරහා, ලංකාව තුල පවතින මානව හිමිකම් සුරැකීමේ අරගලය වාර්තා කිරීම සහ ලොවට දන්වා සිටීම සිදුවිය.

ඔවුනුත් වෙනත් මාධ්‍යවේදීනුත් ප්‍රහාරයට ඉලක්කව සිටින්නේ මේ නිසා ය.

වෙන සියලූම අයට මෙන් මාධ්‍යඨවේදියෙකුට ද පැහැර ගෙන යාමෙන්, නීතිවිරෝධී ලෙස රඳවා තැබීමෙන්, වධදීමෙන් සහ ඝාතනයෙන් තොරව ජීවත්වීමට අයිතිය තිබිය යුතුයි. එහෙත් දැන් වාර්තා කිරීම, විග්‍රහ කිරීම, ප්‍රශ්න කිරීම ඇත්තෙන් ම තමන්ගේ වෘත්තියේ යෙදීම – හේතු කොට ගෙන ලංකාවේ දිනෙන් දින උග්‍ර වෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝණය වීම් මාලාවට තමා ද එකතු මට්ට්මට මාධ්‍යවේදීන් පත් ව ඇත. එසේ ලසන්තා ඝාතනය කරනු ලැබුවේය. ප්‍රගීත් අතුරුදන් කරනු ලැබුවේ ය.

මේ වාතාවරණය තුල තත්ත්වය හොඳ අතට පරිවර්තනය වේ යැයි සිතා ගත නොහැකි තරම් ය. එහෙත් ඊජිප්තුව සහ ටියුනීසියාව අපට පෙන්වන්නේ එක තැන සිට පල්වීමේ කාලය අවසන් වි ඇති බවයි. තවත් එක් වරක් එඇකාධිකාරී පාලනය ජනතාවට පිටුපා ඇත. මානව හිමිකම් උල්ලංඝණයවීම් වසන් කිරීම සඳහා මැතිවරණ උපයෝගී කොට ගන්නා සුමුදු වර්ගයේ එඇකාධිකාරිත්වයේත් ස්වභාවය මෙය ම යි.

වෙනසක් සිදුකිරීමේ වගකීම මාධ්‍යවේදීන් වන අපගේ කාර්යභාරයයි. එහෙත් එය අපට පමණක් සීමා වූවක් ද, නොවේ. අප විසින් නැවත වරක් ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ සගයින් අපට කියා දුන් පාඩම් ඉගෙන ගත යුතුවේ.

පළමුව, අපට අපගේ වෘත්තීය සමග කේවල් කළ නොහැකියි. අධිකාරීවාදී රජයකට සේවය කරන මාධ්‍ය කලාව, මාධ්‍ය කලාවක් නොවේ. එව හුදෙක්ම පිටුවක වචන රැසක් හෝ ගුවන් තරංගවල හ~ක් හෝ පම‚. හැමÞම මෙන් අදත් මාධ්‍ය කලාව වනාහී සත්‍යයට ගරු කරන්නක්, ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට ගරු කරන්නක් විය යුතුයි.

0 comments:

ප‍්‍රගීත් එක්නැලිගොඩ පළ නොවු අවසන් ලිපිය

අප ජීවත් වන මෙම ක‍්‍රමයේ නියමාකාර ශක්තිය ඇත්තේ පාලන බලය හිමි පංතියේ ප‍්‍රචණ්ඩත්වය තුළම නොවේ. එසේම රාජ්‍යයන්ත‍්‍රයේ හිතුවක්කාර සාහසික බලය තුළමත් නොවේ. පාලකයන්ගේ දෘෂ්ටිවාදය පිළිගන්නා මහජනතාව අතරය.-අන්තෝනි ඕ ග‍්‍රාම්ස්චි
ඔහු මෙම අදහස පළ කලේ ඉතාලියේ නැ`ගී ආ ජන නන්දනීය පැසිස්ට් බලය දැකීමෙන් ය. පාර්ලිමේන්තු දේශපාලනයේ බලපෑමට හසු වූ කුමන සමාජයටත් එය අදාලය. මන්ද? එක්තරා ආකාරයකින් සිවිල් සමාජය යනු පාලන තන්ත‍්‍රයේම කොටසක් වන හෙයින් ය. නැතහොත් ඇතැම් තත්ත්වයන් යටතේ පාලන තන්ත‍්‍රයම වන හෙයින්ය. අද දවසේ ලාංකීය සමාජයේ සිදුවන සිදුවීම් තේරුම් ගැනීමටත් එය අදාලය.
රට ‘එක් සේසත්’ කිරීම ස`දහා දෙමළ සමාජය මිලිටරිමය වශයෙන් යටත් කිරීමට ක‍්‍රියාකළ හා උපකාර කළ අය අතරින් ඇතැම් අය යුද්ධ ජයග‍්‍රහණයේ වාසිය අපතේ යා නොදී, සිංහළ-දෙමළ වාර්ගික සංහි`දියාව ඇති කිරීමට නොපමාව යොදා ගත යුතු බව කියති. මෙහෙම කියන අය අතර වැඩි දෙනා මාක්ස්වාදී උරුමයක් ඇත්තෝය. ආනන්ද සංගරී මහතාගේ සිට දයාන් ජයතිලක මහතා මෙන් ම ලිබරල් කණ්ඩායම්වල ද මතය එයයි. සංහි`දියාව ඇත්කිරීමට දේශපාලන බලය විමධ්‍යගත කිරීම පමා නොකළ යුතුයැයි ඔවුහු සිතති. එළැඹී ඇති වාසි සහගත පශ්චාත් යු`ධ සමය ගෙවී යන තෙක් ආණ්ඩුව ලත වෙවී සිටියෝතින් සියල්ල උඩු යටිකුරු වනු ඇතැයි ඔවුහු සිතති. වර්තමාන ආණ්ඩුවට එය කිරීමට විභවයක් ඇතැයි කියා ද ඒ උදවිය සිතති. දේශපාලන බලය විමධ්‍යගත කිරීමට තිබූ බාධාව එල් ටී ටී ඊ සන්නද්ධ ව්‍යාපාරය යැයි කලක සිටම ඔවුහු විශ්වාස කළේ ඊට නියම බාධාව ඇත්තේ දකුණේ බවත් හික්මවා ගත යුතුව ඇත්තේ එය බවත් නොපිළි ගත් හෙයිනි. රුදුරු යුද්ධයකට ඔවුන් පක්ෂ වූයේත් එනිසාය. දැන් එල් ටී ටී ඊ බාධකය නැත. එපමණක් ම නොව පේන හැටියට දොස්තර තිස්ස විතාරණ සහෝදරයා පවත්වාගෙන ගිය සර්ව පාක්ෂික සමුළුවේ වාර්තාව ද අවසන් ය. නමුත් වැඬේ වෙන්නේ නැත. ආණ්ඩුවේ සිංහලෝත්තමවාදී හවුල්් කරුවන් කියා සිටින්නේ දැන් තත්ත්වය වෙනස් වී ඇති බැවින් බලය විමධ්‍යගත කිරීමේ අවශ්‍යතාවයක් පැන නොන`ගින බවයි. එහි අදහස වන්නේ දෙමළ ජාතිය පරාජය වී ඇති නිසා බලය බෙදීම අවශ්‍ය නැති බවය ආණ්ඩුවේ නිලමතයත් එයම බව ආණ්ඩුව කියන දේවල් වලට වඩා කරන දේවල් වලින් පැහැදිලිය. එහෙත් දයාන් ජයතිලක මහතා කියන්නේ බලය බෙදීමෙන් සාමය ස්ථාවර කිරීමට ජනාධිපතිට උවමනා වුවත් වටේ ඉන්න හැත්ත එය කරන්නට නොදී අකුල් හෙලන බවය. මෙය ඇත්තක් ද? ඇත්තක් නොවුණත් ඇත්තක් ම කියා සිතන්නට දයාන් මහතාට සිදුවී තිබෙනවාවත්ද?
දැන් ආණ්ඩුව කරමින් සිටින්නේ ලෝකයේ රට රටවල් වලටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝක සංවිධානවලටත්, තමන්ගේ වැඩවලට ඇ`ගිලි ගහනවා කියමින් පස් පඩංගුවේ බැනවැදීමය. ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින මාධයයන් ද ආණ්ඩුව අනුව යමින් හැරුණු-හැරුණු අතට ආණ්ඩුව කරනවා මෙන් ම බැන වදිති.
පුදුමය නම් මෙසේ බැන වදින්නේ මීට ටික කළකට පෙර ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට තමන් ට උපකාර කළායැයි කියා ආණ්ඩුවම කියා සිටි රටවල් වලටය. රටේ ජනතාවට ඇත්ත දැන ගන්නට මාර්ගයක් නැතත් ඒ රටවල් ආණ්ඩුවට උපකාර කළ බව ඇත්තකි. ඉන්දියාවත් ඇමෙරිකාවත් යුරෝපීය සංගමයත් තාක්ෂණික සහායෙන් ද ඔත්තු සේවා වලින් ද යුද ආයුධාදිය සැපයීමෙන් ද දැනුවත් ව ආණ්ඩුවට උපකාර නොකළේ නම් යුද්ධය අවසන් නොවනු ඇත. ලංකාවේ යුධ විශ්ලේෂකයන් ට නොපෙනුනා ට නවීන චන්ද්‍රිකා යුධ තාක්ෂණය, නවීන අවි ආයුධ, රේඩාර් පද්ධති ආදී දේ මෙම යුද්ධයේ දී තීරණාත්මක වූ මෙවලම්ය.
ඒවා රුහුණේ මී කිරි මෙන් දේශීය නිෂ්පාදන නොවේ.
ලෝකය කාරුණික නොවූයේ නම් ඒ පහසුකම් ලංකාව වැනි දුප්පත් නොදියුණු රටකට ලබා ගත නොහැකිය. එම රටවල් ලංකාවේ ප‍්‍රශ්ණ දෙස දකින්නේ ලංකාව ලෝකෙන් උතුම් රට කියා සිතාගෙන නොව ගෝලීය සමාජයට කරදර දෙන ත‍්‍රස්තවාදයේ උල්පතක් හැටියට සලකාය. ත‍්‍රස්තවාදය නැති කිරීමට සංග‍්‍රාමික උපකාර කිරීම පමණක් නොව නැවත ඉන්දීය සාගරය තුළ ත‍්‍රස්තවාදය ඇති වීම නැති කිරීමටද ඔවුන්ට අවශ්‍යය ඔවුන අපට උපකාර කරන්නේ ඒවා කර ගැනීමට අපට තනිවම බැරි නිසාය. ඒ නිසා ත‍්‍රස්තවාදය නැවත ඉපැදීම නැවතීමට නම් ඊට පදනම් වූ හේතු ද තුරන් කළ යුතු බව ඔවුන්ගේ තාර්කික මතයයි.
මෙය බෞද්ධයන් ට අලූත් තර්කයක් නොවේ. දයාන් මහතාගේ මතයත් එය බව ඔහු කියන දේවල් වලින් සිතා ගත හැකිය. ලංකාවේ ප‍්‍රශ්ණය ස්ථාවර ලෙස විසැ`දීමට නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම අත්‍යාවශ්‍ය පියවරක් බව ගෝලීය සමාජයේ කියා සිටින්නේ අර හේතු නැති කිරීමටය.
ත‍්‍රස්තවාදයට තුඩුදුන් හේතුත් ගුවන් ප‍්‍රහාර වලින් පමණක්ම විනාශ කළ හැකි නම් ඔවුන් අපට මිසයිල් දී පැත්තකට වනු ඇත. එහෙත් ගුවන් ප‍්‍රහාරවලින් එය කළ නොහැකිය ආණ්ඩුවට වැටහෙන්නේ නැති දේ හෝ වැටහුනත් ප‍්‍රතික්ෂේප කරන දේ එයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් යුරෝපය හා ඇමෙරිකාවත් ලංකාවේ ආණ්ඩුවට ඒකාධිපති මුරණ්ඩුකම් අතහැර, වංචාව, ¥ෂණය හා දේශපාලන මගෝඩිකම් අතහැර නීතියේ ආධිපත්‍යයට ගරු කොට, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හැරෙන ලෙස බලපෑම් කරන්නේ එහෙයිනි.
කැරලි පැනනැ`ගීම වැලැක්්වීමට සමාජය සහන ශීලී විය යුතුය එය ලංකාවේ වුවමනාවක් මිස ඒ රටවල වුවමනාවක් නොවේ. ලෙඩා බොන්න බැහැයි කිව්වාට බෙහෙත් වුවමනා ලෙඩාට මිස වෙදාට නොවේ.
මේ නිසා ආණ්ඩුවේ ප‍්‍රකාශකයන්් එම රටවල අප‍්‍රසන්න අතීතය හාරා අවුස්සා මොකක් හෝ කුණක් හොයාගෙන ඔවුන්ට අපහාස කොට, කවුද ඩෝ අපේ වැඩවලට අත දාන්නේ කියා බුරා පැනීමෙන් පලක් වන්නේ නැත. ලෝකය එක යායක් වී වේගයෙන් වෙනස් වෙමින් භ‍්‍රමනය වන මෙම යුගයේ අපේ වැඩ අපි බලාගන්නම් කියා කීම මෝඩ කමකි. මන්ද? මේ ටිකටවත් අප පැවතුනේ අපේ වැඩ ඔවුන් බලා ගත් නිසාය. අපේ වැඩ අපටම බලා ගන්නට පුළුවන්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හා ලෝක බැංකුවෙන් උපකාරද යුරෝපීය සංගමයෙන් ජී එස් පී ප්ලස් සහනයද ඉල්ලන්නේ ඇයි?
කවුරු කොහොම හිතුවත් ත‍්‍රස්තවාදය තුරන් කිරීම මේ කාලයේ තනි රටකට පමණක් කළ හැකි ස්වාධීන කාර්යයක් නොවේ.දෙවන ලෝක යුද්ධයෙන් පසු තනි රටකට කළ හැකි වැඩ නැත. එමෙන්ම එය තුරන් කළ පසු යලි ඇතිවීම වැලැක්වීමත් තනි රටකට කළ හැකි ස්වාධීන කාර්යයක් නොවේ. එය තනි රටේ සමාජවාදයටත් වඩා විහිළුවක් බව දයාන් මහතා ට අවබෝධ විය යුතුය. මන්ද? ලෝකය එක දැලක් බැවිනි.
ආණ්ඩුව කෝප වී ඇත්තේ මෙම යථාර්ථය පෙන්වා දීම නිසාය. හෙවත් එසේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට ආණ්ඩුව ගතයුතු අවතැන් වූවන් ට සාධාරණය ඉටු කිරීම, සාමය ස්ථාවර කිරීමට බලය බෙදා ගැනීම ආදී සංයුක්ත පියවර ගැන ඒ රටවල් ආණ්ඩුවට මතක්කරදීම නිසාය. වැඩි මනත්ම කියනවානම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්නට යාම ‘හරාකිරි’ කරගැනීමක් බව ආණ්ඩුව දන්නා නිසාය.
ආණ්ඩුවේ නියම තත්ත්වය එය වුවත්, ආණ්ඩුව සම`ග එක් වී අනුන්ට බැන බැන ඉන්නා අය අතරේමත් දැන් පරණ වෙනස්කම් ඉස් මතුවෙමින් තිබේ. ඉන් ඇතැම් උදවිය දැන් ආණ්ඩුවට ද දොස් න`ගතිි. ලෝකයේ හො`ද හිතත් රැුකගෙන මෙතැනින් එහාට ඉදිරියට යාමට ඔවුහු දේශපාලන විසැ`දුම් යෝජනා ඉදිරිපත් කරති. හරිම`ග පෙන්වති. එහෙත් ආණ්ඩුව ඒවා පිච්චියකටවත් ගණන් ගන්නේ නැත. ඒ නිසා උපදෙස් දෙන අයද සිටින්නේ අන්ද මන්ද වූ ගානේය. එල් ටී ටී ඊ ය අවසන්ය. ඔවුන් සිතාගෙන සිටි හැටියට දේශපාලන විසැ`දුම් වලට තිබූ එකම බාධාව අවසන්ය. දැන් ජනවර්ග අතර සංහි`දියාව ඇති කළ හැකිය. සාමයේ මල් පිපෙනු ඇත. සංවර්ධනයේ රෝසමල් මාවත විවරවනු ඇත. තුන්වන ලෝකයේ සිට පළමුවන ලෝකයට ලංකා මාතාව වඩිනු ඇත. වාමාංශික ධාරාවේ උපත ලැබූ බොහෝ ලිබරල්වාදී බුද්ධිමතුනුත්, දේශපාලන අවස්ථාවාදීනුත්, නොමේරූ මාධ්‍යවේදීනුත්, අහිංසක උගතුනුත් මෙසේ සිතති. දයාන් ජයතිලක සහෝදරයාගේ මේ දිනවල මාධ්‍යයට පළ කරන අදහස් තුළ ඒ හැම දෙනාගේම ආකල්පය අඩංගුවන බව පෙනේ.
දයාන් ජයතිලක මහතා, කියා සිටින්නේ, පශ්චාත් ප‍්‍රභාකරන් යුගයට අනුව, දැන් ජනරජය දෙමළ සමාජය සම`ග මිත‍්‍ර වීම ස`දහා කළ යුත්තේ, ජනරජයේ බලය දෙමළ ජනතාව සම`ග බෙදා ගැනීමට ක‍්‍රියා කිරීම යි. ඒ ‘දේශපාලන යමාමහ පෙළහර’ පෑ හැක්කේ වෙනින් කාටවත් නොව මහින්ද රාජපක්ෂටමය. එසේම මේ සේරටම බාධාව වූ කලී අනෙකක් නොව ජනරජ නායක මහින්ද රාජපක්ෂ වටා ‘මුචලින්ද නාග රාජයා’ මෙන් වෙලී ඉන්නවායැයි කියා දයාන් සිතන මොනවාදෝ දුෂ්ට බලවේග ජාතියක් ය. ඉතින් ඒ නිසා මොකවත් කරන්නට ජනාධිපතිටත්් බැරිය. යූ ඇන් පියට නම් බැරේ බැරුවාමය. දයාන්ගේ බන අහන්නට තරම් ‘සින්න පොඩියෙන්’ ලා දැන් යූ ඇන්පියේ නැති නිසා දයාන් ට එසේ සිතෙනවාද කියා පැහැදිලි නැත. කෙසේ වෙතත් අර අසික්කිත සත්තු ටික ඈත් වුණා නම් ජනරජ නායකයා නොවරදවාම සිංහළ-දෙමළ පේ‍්‍රමය ගොඩනැ`ගීම වහාම කරනු ඇත. නමුත් සුරං`ගනා කථාවල එන රකුසන් ගේ ප‍්‍රාණය වෙනත් සතෙකු තුළ ආරක්ෂිතව පවතිනවා මෙන් තමන්ගේ ප‍්‍රාණය ද පිහිටා ඇත්තේ අර අසික්කිත සත්තුන් ගේ හදවතේ බව ජනරජ නායකයාගේ හදවත හො`දින් ම දනී.
බැලූ බැල්මට, ඇසූ ඇස්මට මොන තරම් රසවත් අපූරු කතාවක්ද? හැරී ජයවර්ධන සිටුවරයා කලකට පෙර දැයේ දරුවන් ට කුණු කිරි පිටි සම`ග තිළින කළ ‘ඩානෝ’ සුරංගනා කතාවක් සේ මිහිරිය. ඒත් ඉතින් අන්තිමේ දී වාසනාව නූලෙන් මිස් වී තිබේ? කෙසේ වෙතත් දයාන් ජයතිලක මහතා කේ. ජයතිලක කතා කරුවා තරම් ම සූර කතා කාරයෙකු බව පිලිගන්නට අපට සිදුව තිබේ.
දැන් තදාත්මය විගටනය කිරීම ස`දහා දාරියෝ ෆෝ ගේ නාටකීය උපායකින් කතාවට වෙනත් අන්තයක් දිය යුතුය. එය මෙසේය. දැනට ඉතිරි වී සිටින සියළුම දෙමළුන් එක් සැනින් සිංහළුන් බවට පත් වී, ජ.වි.පෙ. සම`ගම විමල් වීරවංශද ගොළු වී, අර සිංහළුන් වූ දෙමළුන් ට උන් ගේ ඥාතීන් වූ මිය ගිය හා අතුරුදන් වූ දෙමළුන් ගැන මතකයද උන්ගේ ඉඩම් ගැන මතකය හා කන්වල එල්ලී තිබූ රත්තරන් ගැන මතකයද අතුරුදන් වී, උන් අතරින් සැලකිය යුතු පිරිසක් ඒහි භික්ෂුභාවය ලබා, විචිත‍්‍ර ධර්ම දේශකයන් වී, ගැහැණුන්ගේ ශරීර ගැන රාගදේහපේ‍්‍රමී බන කියමින් ද ඒ බන වියපත් ගැහැණුන් හා ආබාධිත සොල්දාදුවන් විසින් ශ‍්‍රවණය කරමින් ද ඉන්නා ඒකීය බන බිමක් බවට ජනරජය පත්වෙයි. ඉන් පසු ජනරජයේ ප‍්‍රතිවිරෝධයත් ලෝකය හා ජනරජය අතර ප‍්‍රතිවිරෝධයත් අවසන් වෙයි. අර මුචලින් ද නාගයා බ`දු වූ දුෂ්ට බලවේග දුර්මුඛ වේ. මෙතැනින් එහාට රට ට යන්නට අමාරුව තිබූ අපහසුව පැන නොන`ගී. ඉන් පසු දයාන් සහෝදරයා ‘රෙජීස් ඩෙබ්රේ’ සහෝදරයාටත් වඩා ‘ක`ද හත්තක්’ සේ ජනරජුට ඇලී දිදුලන තරුවක් වෙයි, හරියටම තනි පාටින් ඇන්ද චිත‍්‍රයක් වගේය. නෑ-තනි පාටින් පෙණුන සිහිනයක් බ`දුය.
මොන තරම් අපූරුද? එහෙම වේවා යැයිම සිතමු. එහෙම වේවා යැයිම පතමු.
දයාන් ජයතිලක සහෝදරයා ද මහාචාර්ය නලීන් ද සිල්වා හා ආචාර්ය සුසන්ත ගුණතිලක තරමින් ම අන් උගතුන්ට ගරහන සැටියෙන් කියැවෙන්නේ හෙතෙම ලංකාවේ සිටින අද්විතීය දේශපාලන විමර්ශකයා, බුද්ධිමතා, විප්ලවීය ප‍්‍රාඥයා හෙවත් ද ඉන්ටර්ලෙක්චුවල් බවය. ඉතින් එහෙම වෙළාත් අර අහිංසක ජනාධිපතිවත් වෙළා ගනිමින් රටට හො`දක් වීම වලක්වන දුෂ්ට බලවේග, තමන්ටද දෂ්ට කරන බව තුන්කල් දක්නා නුවණින් නොදුටු හැටි පුදුමය. ඒ නොපෙනීම මැලේරියා කාලේ ශ‍්‍රීමත් ඞී. බී. ජයතිලක කීවා මෙන් මෙය රටේ ජනතාවගේ කරුමයම විය යුතුය. ජයතිලකලාට හිතෙන හැටි…!
නමුත් අප වැන්නන්ට පෙනෙන්නේ මෙසේය. මුචලින්ද නා රජු මෙන් ජනරජයේ නායකයා වෙලාගෙන සිටින විශේෂ බලවේගයක් නැත. බලවේගය ඔහුම ය. ඔහුම බල වේගය ය. ඔහු ට එරෙහිව සිටිනවානම් සිටින්නේ ඔහුමය. දයාන් මහතා ඇතුළු තවත් බොහෝ බුද්ධිමතුන් එක්ව සාඩම්බරයෙන් කලක සිට වෙර දරා කෙලින් කර ගත්තේ එයය. තමන්ට කොටන නිසා දැන් දුෂ්ටයැයි කියා කියන ඒ බලවේගයම ය. දැන් දෙමළ හටන ඉවරය. විජිත පුර බල කොටුව බිමය. කඩොල් ඇතා නිදිය. සටන ඉවර නිසා විවිධ පැති වලින් ආ හමුදා ආපසු හිටි තැන් වලට යමින් සිටිති. දයාන් උතුරු දෙසට හැරෙන විට චම්පික හා වීරවංශ දකුණට ද තවත් අය රුහුණටද ගමන් කරමින් සිටිති. ජ.වි.පෙ. තවමත් මිසයිල් වැදීමෙන් බිම වැටුණු ‘තරු’වල කෑලි අහුලමින් සිටිති.
මෙහෙම වන්නේ අධිනිශ්චය අවසන් වූ පසු යැයි කියා කියමනක් ආදි කාලයේ අසා ඇත. දයාන් ටත් එය මතකදැයි මම නොදනිමි. මේ නිසා දයාන් මොනවා කීවත්, වාර්ගික ප‍්‍රශ්ණයක් තිබුනාය යන අදහස යුද්ධයත් සම`ගම ඉවර බව අමරසේකරයෝ ද වීරවංශයෝද කියන අතර රතන හිමියෝ වදාරති. ඒ බන ඇසූ ජනපතිත් ඔහු හා එක්ව කිරිබත් කෑ සැදැහැවත් ජනතාවත් ඒ බව එසේම පිළිගනිති. ඔය කියන සංහි`දියාව ද මොකද්ද එක ඇතිකරන්නට කියා බලය බෙදන්නට යාමෙන් වන්නේ, රණ විරුවන් දිවි පුදා එක් කළ රට නැවත දෙමළුන්ට ම දීම බව, ඒ අය තාර්කිකව සිතති. දැන් එය එහෙම නොවේ යැයි කියා තේරුම් කරදීමට කාලෝස් පොන්සේකා අමදෝරුටවත් කළ නොහැකිය. සිංහළ-දෙමළ සංහි`දියාවක් ඇති කළ යුතුයැයි සිතෙන්නේ යුද්ධයෙන් සමාජය වෙන් වී ඇති බව පෙනෙන අයටය. දයාන් කියන බන වලින් ඒ අයට පලක් නැත. ජනරජයේ නායකයාට හා ඔහුගේ ජනතාවටද පලක් නැත.
‘‘නායකයන් විසින් සමාජයක් වරදට පොළොඹවන විට වරදින් ආරෝපනය වන සමාජය විසින් නායකයන් ද එම වරදේම ඔබා ගන්නා බව දැන සිටිය යුතුය, එසේ වූ කල ඉන් මිදීමට අවශ්‍ය විභව ශක්තිය තමන් ට අහිමි වන බවත් ¥රදර්ශී නායකයෝ දැන සිටිති. සැබෑ නායකයෝ ඔවුහුුය. ඔවුහු ආත්ම ලාභය පතා සමාජය වරදට නො පොළොඹවති.’’
ඒ නිසා ගැලරියට එවැනි බාල මැජික් පෙන්වීම නායකයන්ගේ ලක්ෂණයක් නොවේ. බුද්ධිමතුන්ගේ ලක්ෂණයකුත් නොවේ. දැන් නායකයන් ට මැජික් පෙන්වන්නේ දයාන් හා ඔහු වැන්නන්ගෙන් ඒ මැජික් එක උගෙනගත් ගැලරියමය. අර දුෂ්ට බල වේගය එයයි. නායකයන් සිර වී සිටින්නේ නායකයන් ම හදා ගත් සිරගෙයෙහිය. ඒ සිර මැදිරිය බි`දලිය හැක්කේ සිර ගෙයින් පිට සිටින අයටය. මාගේ අතීත මිතුරා වෙනුවෙන් මා කරන්නේ එයයි. ඒ නිසා විහින් සිරගත වූ ඒ දුෂ්ට බලවේගයනට හෝ දයාන් ට පශ්චාත් යුද්ධ කාලය තුළ කරන්නට කිසි දෙයක් ඉතිරි වී නැත. සෙස්ස පස්සට.
ප‍්‍රගීත් එක්නැලිගොඩ

0 comments:

‛‛මාධ්‍ය නිදහස ආරක්ෂා නොවෙන තැනක අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ.’’

“අපේ ආයතනය ආරම්භ කරලා අවුරුදු 05 ක් වෙනවා. අපි ලොකු තර්ජන මැදින් තමයි මේ ආයතනය පවත්වාගෙන ගියෙ. ඊයේ රාත්‍රියෙ 1.30ට පමණ කිසියම් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල්වෙලා අපේ සියළුම උපකරණ පරිගණක යන්ත්‍ර, පොටෝ කොපි මැෂින්, ෆැක්ස් මැෂින්, කැමරා ඒ සියල්ල විනාශ කරලා තියෙනවා. කිසිම දෙයක් ඉතුරු කරලා නැහැ. අපේ පොත් එකතුවක් තිබුණා අවුරුදු 100 ක් 200ක් විතර පරණ පොත් සමහර පොත් පුස්තකාලවලවත් හොයා ගන්න බැහැ. ඒ සියළුම දේවල් විනාශවෙලා තියෙනවා. ඒවයෙ වටිනාකම අපිට තක්සේරු කරන්න පුළුවන් කමක් නැහැ.’’

ලංකා ඊ නිව්ස් ආයතනයට අද(31) කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කිරීම සම්බන්ධව මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේදී ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහතා එසේ පැවසීය. ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කර සිටියේ ය.

‛‛ජනවාරි කියන්නෙ අවුරුද්දෙ ආරම්භක මාසය. ආරම්භක මාසයේ මොකක් හරි ආරම්භ කරලා මේ මාධ්‍ය මර්ධනය කිරීම සඳහා වන සැලැස්මක් තමයි පසු ගිය අවුරුදු ගාණක් පුරා මේ රටේ ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ. අපි ඒකෙදි බොහොම දුක් විඳලා, පීඩා විඳලා තියෙනවා. රැකියා පවා නැතිවෙලා තියෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්න නම් මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්න ඕනෙ. මාධ්‍ය නිදහස ආරක්ෂා නොවෙන තැනක අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අද කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන, මාධ්‍ය නිදහස ගැන, මිනිස් අයිතිවාසිකම් ගැන. නමුත් මං අහන්න කැමතියි මේවා පිටිපස්සෙ ඉන්න පිරිසගෙන් මේ මාධ්‍යට කරන හිරිහැර තුළින් අළුත් මාධ්‍ය සංස්කෘතියක් බිහිකරන්න යනවාද කියලා. ”

0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු