sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » ආණ්ඩුව ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෝ ගොඩ වැඩිකරල දෙනවා.

මාධ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍යය සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ “කලු ජනවාරිය” උද්ඝෝෂණය හා සම්මන්ත්‍රණය ඊයේ (ජනවාරි 29) කොළඹදී පැවැත්විණි. මේ එම සම්මන්ත්‍රණයේදී නිදහසේ වේදිකාව ඇතුළු සිවිල් සමාජය වෙනුවෙන් සුදර්ශන ගුණවර්ධන මහතා පළ කළ අදහස් කිහිපයකි.

කළු ජනවාරිය මේ රටේ මාධ්‍යයට, මාධ්‍යකරුවන්ට කරපු විනාශය සිහිපත් කරන අවස්ථාවක්. අපි කලක් ආශ්‍රය කරපු මේ සහෝදර මාධ්‍යවේදීන් සමහර දෙනෙක් අද වනවිට මරා දමලා. අතුරුදහන් කරවලා. තවත් අයට වද හිංසා පමුණුවලා. මේ රටේ ජීවත්වෙන්න තියෙන වාතාවරණය නැති කරලා තිබෙන වෙලාවක, මේ ඉතුරු වෙලා ඉන්න සහෝදරවරු තමන්ගේ ධෛර්යය රැකගෙන මේ කරන කාර්යයට අපි ස්තූතිවන්ත වෙනවා.

මේ මහජන ඡන්දයෙන් පත් වුණාය කියන ආණ්ඩුව දුම්මල වරම අතට ගත්ත කපුවා වගේ තමන්ට ඕන ඕන දේ කරනවා. තමන්ට විරුද්ධ හඬක් නඟන ආයතන විනාශ කරනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය ගත්තත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රශ්නය ගත්තත් ආණ්ඩුව ඒවාට විසඳුම් දෙන්නේ නන්දිකඩාල්වලදී උත්තර දීපු විදිහට. නීතිඥවරු උද්ඝෝෂණය කරනකොට මැරයන් දාලා ගැහුවා, ශ්‍රේෂ්ඨාධිකරණ භූමිය මැරයන් විසින් වට කරා. අගවිනිසුරුවරිය ඉවත් කිරීම මගින් අධිකරණයේ ස්වාධීනතාවය ඉවත් කරා. තමන්ගේ අතේම බලය රඳවාගෙන මේ යන ගමනේ අවසානය කොහේද ?

මහින්ද රාජපක්ෂ 2006 මන්ත්‍රී ආසන 66 ක්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අඩු සංඛ්‍යාවක් සහ ජනාධිපතිවරණයේදී 50.25 % ප්‍රතිශ්තයක් විතරයි ලබා ගත්තේ. අවුරුදු 04 ක් යනකොට කොහොමද මෙච්චර බලයක් ඒකරාශී කර ගත්තේ ?

මාධ්‍ය මර්දනය කරලා, විරුද්ධ මත දරන අය ඉවර කරලා, මාධ්‍ය ආයතන හීලෑ කරගෙන තමන් අවශ්‍ය විදිහට සෑමදේම හසුරුවමින්, සැබෑ තත්ත්වය වසන් කරමින්, ජාතිවාදය පාවිච්චි කරලා තමන්ට විරුද්ධ වෙන ඕනෑම කෙනෙක් දේශද්‍රෝහී කුමන්ත්‍රණකරුවන් විදිහට හංවඩු ගහලායි මේ තත්ත්වයට ඇවිත් තියෙන්නේ.

මෙන්න මේ ජාතිවාදී කඩතුරාව කඩා බිඳ දමන්න ඕනේ. මේක ලෙහෙසි කටයුත්තක් නෙවෙයි. සිවිල් සංවිධාන, මාධ්‍යකරුවන්, විශ්වවිද්‍යාල අචාර්යවරු, නීතිඥයන් ආණ්ඩුවේ ක්‍රියාවන් විවේචනය කරන අය: මේ අය තමයි කුමන්ත්‍රණකාරයේ වුණේ. ආණ්ඩුව විසින්ම ලේබල් ගහලා දැන් මේ කුමන්ත්‍රණකාරයන්ගේ ගොඩ ටික ටික ලොකු කරලා තියෙනවා.

ඒ නිසා අපට යන්න තියෙන්නේ එක මාර්ගයයි. මේ ලෝකේ පිළිගත්ත ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබෙනවා. පිටින් ගෙන්නන බෙහෙත් පෙත්තට, සිමෙන්ති කොට්ටෙට සහ ඩීසල් ටිකට පවා ප්‍රමිතියක් තිබෙනවා. ඒ වගේම රටේ තිබෙන නීතියටත් ප්‍රමිතියක් තියෙන්න ඕනේ, ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව කටයුතු කරන්න ඕන. මෙන්න මේ ප්‍රමිතිය තහවුරු කරන්න කියලා අපි බලපෑම් කරන්න ඕනේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීමක් වුණේ අධ්‍යාපනයට 6% ක් වෙන් කරන්න කියලා. ඒක ජාත්‍යන්තර ප්‍රමිතියක්. දෝෂාභියෝග ක්‍රියාවලියට අපි විරුද්ධ නැහැ, නමුත් අපි කියන්නේ මේවා ජාත්‍යන්තර ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක කරන්න කියලා.

ජනමාධ්‍යකරුවන්ට නීතියට අනුව කටයුතු කරන්න දෙන්න. මාධ්‍යන්ට, මාධ්‍යකරුවන්ට අනවශ්‍ය බලපෑම් කරන්න එපා. තමන්ට විරුද්ධව කතා කරපු පලියට මරන්න එපා, අතුරුදහන් කරවන්න එපා. අපි මේ ප්‍රමිතීන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා බලපෑම් කිරීමට ශක්තිමත් විය යුතුයි.

මෙම විරෝධතා රැස්වීම අමතා ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා, මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත, සුනිල් ජයසේකර, ධර්මසිරි ලංකාපේලි, සංජීව බණ්ඩාර, සමන්මලී ගුණසිංහ, අදහස් දක්වන ලද අතර තිස්ස අත්තනායක, කරූ ජයසූරිය, විජිත හේරත්, රවි කරුණානයක, ඉරාන් වික්‍රමරත්න, යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, පුබුදු ජයගොඩ යන අයද ඇතුළුව මාධ්‍යවේදීන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

තුෂාරා සෙව්වන්දි

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..