['සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි'] සිවරාම් ඝාතනය කර වසර 8යි.

ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර පසුගිය 28දාට වසර 8ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා විය. ඊට පසු දින සිවරාම්ගේ මළ සිරුර පාර්ලිමේන්තුව අසලින් සොයා ගත්තේය.

1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් ධර්මරත්නම් සිවරාම්, ජනමාධ්‍යවේදියෙකු, ලේඛකයෙකු මෙන්ම ප්‍රවීන යුධපුවත් විශ්ලේෂකයෙකු සහ ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු විය. 1982 ගාන්ධියන් ව්‍යාපාරයෙන් තම දේශපාලන දිවිය ආරම්භකල සිවරාම් ප්ලොට්, ඩීපීඑල්එෆ් වැනි දේශපාලන සංවිධානවල ක්‍රියාකාරිකයෙක් විය. ජනමාධ්‍යවෙිදියෙකු ලෙස ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ප්‍රධාන ධාරාවේ මෙන්ම අන්තර්ජාලය පදනම් වූ ප්‍රවෘත්ති මාධ්‍යන් හි දේශපාලන සහ දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස ක්‍රියාකාරී විය.

මෙවන් ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු, දේශපාලන විශ්ලේෂකයෙකු ලංකාවේ පොලීසියක් ඉදිරිපිටදී පැහැරගෙන ගොස් ඝාතනය කලේ ය. එමපමණක් ද නොව ඝාතනය කරන ලද සිවරාම්ගේ සිරුර හමුවුයේ රටේ උත්තරීතරම ආයතනය ලෙස හදුන්වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අභියස දීය. ඒ අධිආරක්ෂිත කලාපයක් තුළදී ය. පොලීසියක් අසලදී පැහැරගෙන ගොස් පාර්ලිමේන්තුවක් අසලදී මිනිසෙකු මරා දැමීමට තරම් ඝාතකයන් ශක්තිමත් වූයේ කෙසේ ද? අධිආරක්ෂිත කළාපයක මෙවන් සිදුවීමක් සිදුකරන්නට හැක්කේ කාටද?

ආරක්ෂක අංශවලට හෝ බලධාරීන්ට මෙතෙක් විසඳාගැනීමට නොහැකි වූ ගැටලුවද එය යි. එපමණක්ද නොව මේවන විට විසදීමට ගන්නා සුලු උත්සහයන්වල පවා දක්නට ඇත්තේ ද අන්ත දුගීභාවයකි. එබැවින් තවමත් නොවිසිදී ඇති ගැටලුව ද එයයි. එයින් මතුවන තවත් කරුණක් ඇත. අධිආරක්ෂිත කලාපයක මෙවන් දෙයක් සිදුවීමවත්, විසදාගැනීමට බලධාරීන්ට නොහැකි වූයේ ඇයි ද යන ගැටලුවයි? ‘සීනි හොරෙන් කෑ අයම, සීනි හොරෙන් කෑ අය සෙවීමට යාමේදී ‘සීනි හොරා‘ කිසිම දිනක හමුනොවනු ඇත‘ යන කියමන මෙහිදී ලියුම්කරැට මතක් වේ.

මෙම තත්ත්වය සිවරාම්ට මෙන්ම, ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඝාතනය කළ, අතුරැදහන්කල මෙන්ම පහරදීම් සිදුකල මාධ්‍යව්දීන්ට මෙන්ම මාධ්‍ය ආයතනවලට ද එකසේ අදාලය. විශේෂයෙන් අධිආරක්ෂක කලාපයක් තුළ ඝාතනය කල මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මේ වනවිටත් කිසිදු තොරතුරක් නොමැති අතුරැදහන්කල මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මෙන්ම පසුගිය වසර ගණනාවකදී ලංකාව තුල මෙසේ ඝාතනය කල, අතුරැදහන්කල සහ පහරකෑම්වලට ලක්වුනු මාධ්‍ය්‍දීන්ට මෙන්ම මාධ්‍ය ආයතනවලට පහරදී ගිණී තැබීම්කල කිසිදු අයෙක් මෙතෙක් නීතිය හමුවට පැමිණවීමට බලධාරීන්ට නොහැකි වී ඇත්තේ ඉහත කී කියමනේ සත්‍යතාවය නිසා දැයි සාධාරණ සැකයක් දැන් මතුවනු ඇත.

කෙසේ නමුත් ධර්මර්ත්නම් සිවරාම් නම් ප්‍රවීන දේශපාලන විචාරකයා, ජනමාධ්‍යවේදියා ඝාතනය කර වසර 8ක් නික්ම යමින් තිබේ. නමුත් මේවන විටවත් සිවරාම් ඝාතනය කළ ඝාතකයින් හරිහැටි හඳුනාගන්නට බලධාරීන්ට නොහැකි වී ඇත. මෙවන් ඝාතනයන් සිදු වී වසර ගණනාවක් ගතවූත් එයට අදාල ඝාතකයින් සොයාගැනීමට බැරි රටක අනාගතය කෙසේ ‛සුභ අනාගතයක්’ වෙයි ද? මෙවන් මිනිසුන් මරා දමන රටක අනාගතය කෙසේ ‛සුභ අනාගතයක්’ වෙයිද? කෙසේ නම් මානවහිමිකම් වෙනුවෙන් පෙනී සිටින, අන්මත ඉවසන සමාජයක් වෙයිද?

මේ ‘තරාකී‘ හෙවත් සිවරාම් වෙනුවෙන් මංජුල වෙඩ්වර්ධන ලියූ කවියකි.

නින්ද නොඑනා අන්ධකාරය රළ නඟයි
අන්ධකාරය බිඳී තරුවක් නුබ නැ‍‍ඟෙයි
සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි
තරාකී නුඹෙ සරාගී කටහඬ ඇසෙයි

මන්ද මාරුතයේ එතී එන රුධිරයේ
සිංදු කියනා කටහඬක මතකය තියේ
චණ්ඩ මාරුත හමා ආ රුදු රාත‍්‍රියේ
මන්ද සකි සඳ නින්ද පතුළට ඔබ ගියේ

කිඹුල්වත් නගරයේ නිරුවත පෙනුනා
කිඹුල් ඇළ ඉවුරේ කිඹුල් දත් දිළුණා
තැවුල් හදවත් දොර පියන්පත් ඇරුණා
ඔබේ කටහඬ ඒ හදින් හද පිරුණා

vikalpa -

0 comments:

පසුගිය අප්‍රේල් 03 වැනිදා කිලිනොච්චියේ උදයන් ප්‍රහාරයෙන් පසු අද (13) උදේ 5ට පමණ නැවතත් අවිගත් පිරිසක් විසින් උදයන් පුවත්පත් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු එහි මුද්‍රණ යන්ත්‍ර හා බෙදා හැරීමට තිබු පුවත්පත්ද ගිනි තබා ඇති බව උදයන් කර්තෘ පී. ප්‍රේමනාන්ද් මහතා පවසයි. මීට පෙර අවස්ථාවන් ගණනාවකදී උදයන් පුවත්පතේ මාධ්‍යවේදීන්ට, පුවත්පත් බෙදාහරින්නන්ට පහරදීම් හා තර්ජන කිරීම දිගින් දිගටම එල්ල වූ බවත් එහිදී කිසිදු සොයාබැලීමක් සිදුනොවූ බවද ප්‍රේමනාන්ද් මහතා අවධාරණය කළේය. මෙලෙස යුද සමයේ සිට තර්ජන හමුවේ උදයන්  පුවත්පත අඛණ්ඩව පවත්වාගෙන පැමිණීමද, පසුගියදා අප රටට පැමිණි ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම පිටත්ව ගිය සැනින් ප්‍රහාර එල්ලවීමද විශේෂත්වයකි. පහත පළවන්නේ එහි ඡායාරූපයි.
80-90 කාලවල කෑම බීම, ඉන්ධන වගේම දකුණෙන් උතුරු නැගෙනහිර පළාත්වලට පත්තර, මුද්‍රණ කඩදාසි යන එකත් තහනම් කරලයි තිබුණේ. ඒ නිසා පත්තර කන්තෝරු වසා දමන තත්ත්වයකට පත්වුණා. ඒ වුණත් මේ තහනම් අඟහිඟකම් සහ තර්ජනයන් මැදත් යාපනේ මිනිස්සුන්ට පුවත් ලබා දෙන්න යාපනේ පත්තර සමත් වුණා.

******************

“අවුරුදු ගාණක ඉදලා මේක තමයි යාපනේ තියෙන එකම පත්තරේ. අපේ ප්‍රධානම අරමුණ තමයි මිනිස්සුන්ට තොරතුරු නොලැබී යාම වළක්වන එක. ගමනක් බිමනක් යන්න කලින් කොහේටද බෝම්බ දාලා තියෙන්නේ, ෂෙල් ගහලා තියෙන්නේ වගේ ගොඩක් සිදුවීම් දැනගන්න පත්තර අත්‍යවශ්‍ය දෙයක්.”

සියල්ල තහනම් අඩවියක බහුතරය අතර සුළුතරයක් වූ මිනිස් වර්ගයකට වසර ගණන් දිග්ගැස්සුණු යුද්ධයක් මැද අහිමි වී යන දෑ අප්‍රමාණය.

“මෙහෙ මිනිස්සු තමන්ගේ මූලික අවශ්‍යතා පවා සලසා ගන්නේ ඉතාම අමාරුවෙන්. හාල්, පාන්පිටි වගේ දේවල් ගන්නත් ආණ්ඩුවෙන් දෙන පාස් එක තියෙන්න ඕන.  මිනිස්සුන්ගේ අවශ්‍යතාවලින් 20% යි ආණ්ඩුව යාපනේට එවුවේ. ගොඩක් බඩුවල තිබුණු හිඟකම නිසාත්, හැමදෙයක්ම සලාකය උඩ තීරණය වුණ නිසාත් අපිට පැය ගණන් දිග පෝලිම්වල හිට ගෙන ඉන්න වුණා.”

මේ කියන්නේ අද ගැන කතාවක් නෙවෙයි. මේ ඊයේ වුණ සිදුවීම්ය. අද සහ හෙටට වඩා යුද්ධය පැවති ඊයේ යාපනය ගැන ඔබ දැනගත යුතුය.

“එයාලා මෙහේ සාමාන්‍ය මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය දේවල් ගැන වද වුණාද? හිතනවද එහෙනම් එයාල පත්තර ගැන වදවෙයි කියලා. එයාලට යාපනෙන් අච්චු ගහන පත්තරයක් ඕන වුනේ නෑ කොයිම වෙලාවකවත්. ඒ කාලෙත් අපි වැඩ කලේ මේ මැෂින්වල. මේව ගොඩක් පරණයි. පිටු දොළහක් ගහන්න අඩුම තරමේ මිනිස්සු විස්සක්වත් වැඩ කරන්න ඕන. තහනම තදින්ම තියෙන කාලේ අපුරු දේවල් සිද්ධ වුණා.”

නැත. තහනමක් මැද අපූරු දේවල් සිදුවිය නොහැක. එසේනම් ඒ අපූර්වත්වය නම් වචනය පිටුපස හැංඟී ඇත්තේ බිය, තැතිගැන්ම ඇතුළු     අනේක විධ දුෂ්කරතාවන් විය යුතුය.

“පත්තර අච්චු ගහන්න කොළ නැති වෙනකොට මාර්කට් එකේ තියෙන ඕනම කොළයක් අරන් පත්තර අච්චු ගහන්න අපිට සිද්ධ වුණා. කාඩ්බෝඩ්වල, බ්‍රවුන්පේපර්වල විතරක් නෙමෙයි සමහර වෙලාවට ළමයි ඉස්කෝලවල ලියන්න ගන්න රූල් තියෙන එක්සයිස් කොළවලත් පත්තරේ ගැහුවා. එක්සයිස් පොත්වල තියෙන රූල් කොළවල පත්තර ගැහුවාම පත්තරේ එක එක පාටයි. ඊයේ කහ පාට අද නිල් පාට”

මේ අපබ්‍රංස කතාවට හිනාවෙන්නද, අඬන්නද කියලා මට නම් සිතාගත නොහැක. එවැනි විකාර සහගත පත්තරයක් මම මගේ උපන්තේකට දැක නැත. ඊයේ කහ පාට, අද නිල් පාට.

“ඒත් සාමාන්‍යයෙන් අපේ පත්තරේ හොඳ පැහැදිලි සුදු පාට එකක්.” සමහර වෙලාවට අපිට පත්තරේ පිටු හතරකට සීමා කරන්න වුණා. අඩුවෙන්ම ගැහුවේ පිටු දෙක.”

ජීවිතේ කවදාහරි දවසක පිටු දෙකක පත්තරයක් ඔබේ දෑතට සිරවී තිබෙනවා මතකේ ඇද්ද?

“ගොඩක්ම වැදගත් කතන්දර තමයි සාමාන්‍ය මිනිස්සු ගැන පළ කරන ඒවා. ඒ කාලේ අපට තිබුණ ඉඩ කඩ ප්‍රශ්න නිසා මැරුණු, තුවාල වුණ මිනිස්සුන්ගේ නම් ටික දාන්න විතරයි පුළුවන් වුණේ. ඇත්තම කියනවා නම් අපිට ගොඩක් කතන්දර හොයාගෙන යන්න ඕන වුණේ නැහැ. ඇතිවෙන්න බෝම්බ දැමීම්, ෂෙල් වෙඩි, මරණ වගේ සිදුවීම් තිබුණා පළකරන්න. ඒ නිසා පත්තරේ පුරවන්න මහන්සි වෙන්න ඕන වුණේ නැහැ. වෙන එකක් තියා යාපනේ ඉස්පිරිතාලෙත් බෝම්බවලට අහුවුනා.”

පත්තරකාරයන්ට කවදත් බඩු නැත. යාපනේට කතන්දර ඇත. කොළ නැත. දකුණට කොළ ඇත. කතන්දර නැත. පාඨක ඔබ කැමති මේ දෙකෙන් කොයි එකටදැයි දැන ගන්න මම කැමතිය.

“එදා හවස 7.10 ට මම මෙතන ඉඳගෙන හිටියා. මාකටින් මැනේජර් එයාගේ දවසේ වැඩ ටික ඉවර කරලා අර ඉස්සරහ තියෙන කාමරේට වෙලා ටෙලිෆෝන් කෝල් එකක හිටියේ. ටික වෙලාවකින් මම නැගිටලා ජනේලය ළඟට ඇවිත් හිටගෙන හිටියා. එතකොට මම දැක්ක මිනිස්සු තුන් දෙනෙක් හෙල්මට් දාලා ලේන්සුවලින් මූණු වහගෙන මේ පැත්තට එනවා. එයාලා අතේ තුවක්කු තිබුණා. එක්කෙනෙක් මගේ අත අඹරලා අල්ලගෙන ඇහුවා ‛කුගනාතන් ඉන්නවද?’ කියලා. මම කිව්වා ‛එයා මෙහෙ නෑ’ කියලා. ඒත් එක්කම ඇතුළට කඩා වැදුණ එක්කෙනෙක් ඇතුළේ හිටිය මනුස්සයාට වෙඩි තිබ්බා. අනිත් දෙන්න ගොඩ ගහලා තිබුණ පත්තර ටික ගාවට ගිහිං ඒවා අවුස්සලා විසුරුවලා දැම්මා. ඒත් එක්කම මිනිස්සු වැඩ කරන එක නැවැත්තුවා. එක්කෙනෙක් එක දිගට වෙඩි තියන්න පටන් ගත්තා. එක්කෙනෙක් මෙතන මැරිලා වැටුණා. තව එක්කෙනෙක් ඊට එහායින් මැරිලා වැටුණා. තව දෙන්නෙක්ට හොඳටම තුවාල වුණා. එක්කෙනෙක් වෙඩි තියනකන් තව එක්කෙනෙක් මට එළියට දුවන්නවත් කෝල්එකක් ගන්නවත් බැරි වෙන්න මාව ගාඩ් කරගෙන හිටියා. මම කිසිම දවසක ඒ තරම් බය වෙලා නැහැ. මට කර කියා ගන්න දෙයක් නැති වුණා. හැම පැත්තෙන්ම දෝංකාර දුන්නේ වෙඩි සද්ද”

“ඒක හරිම අමාරු කාලයක්.  අපිට එල්.ටී.ටී.ඊ එකෙන් ඊ.පී.ඩී.පී. එකෙන්, ටෙලෝ එකෙන් වගේ හැම කණ්ඩායමකින්ම ප්‍රශ්න ඇති වුණා. ඒ විතරක් නෙමෙයි හමුදාවෙනුත් ප්‍රශ්න ඇතිවුණා. අපි මොනවා හරි ලිව්වම අපට ප්‍රශ්න එනවා. අපිට ආරක්ෂාවක් ඕන වුණා. එතකොට කන්තෝරුවේ වැඩ කරන අයට තමන්ට ආරක්ෂාවක් තියෙනවා කියලා යන්තම් හරි හැඟීමක් ඇතිවෙනවා. එහෙමවත් නැත්නම් ඒ මානසික පීඩනයත් එක්ක මේ රස්සාව කරන්න බැහැ.”

එළියේ බෝම්බ පිපිරෙන කොට, වෙඩි තියනකොට ඇතුළට රිංගා බේරෙන්නට නම් ඇතුළ ආරක්ෂිත විය යුතුය. ඒත් ආයුධ සන්නද්ධ කාණ්ඩායම් ගණනාවකට මැදිව අර්ධද්වීපයක සිරවී සිටින මිනිස් සමූහයකට එළියක් හෝ ඇතුළක් කියා ආරක්ෂාව පතන්නට තැනක් නැත. අමුතුවෙන් කියා තමන්ගේ ජීවන රටාව වෙනස්කර ගැනීමක් ද නැත. ඔවුන්ට කොහොමත් එකය. කන්ට, අඳින්න, පළඳින්න, ඇවිඳින්න හෝ ජීවත් වෙන්න පුළුවන් තුවක්කුවක් අත රැදී කාගේ හෝ කැමැත්ත පවතින තාක් පමණි.

“පොලීසිය හිටියා කියලත් එච්චර වැඩක් නැහැ. එයාල හිටියත් නැතත් කාට හරි ඕන නම් පුළුවන් ඇවිල්ලා අපිට ග්‍රෙනේඩ් එකක් ගහලා යන්න. එයාලා එනවා නම් එන්නේ ගහනවාමයි කියලා තීන්දුවක් අරගෙන. වැඩිම වුණොත් පොලීසිය එයාල ගියාට පස්සෙ වෙඩි තියයි.”

ඒ ප්‍රකාශය ගැන මට කියන්න කිසිවක් නැත. එහි අර්ථය ඔබ දනී.

“මම මෙහෙ වැඩ කළත් වැඩ නොකර ගෙදර හිටියත් මරණය මාව හොයාගෙන එන්නේ එක සැරයයි. ඉතිං මං මොකද කරන්නේ? මේක මගේ රස්සාව. මම වෙන මොනවා කරන්නද? මගේ පවුලේ අය වෙනුවෙන් මම මේක කරන්න ඕන. එයාලා වෙනුවෙන් මම ජීවත් වෙන්නත් ඕන.”‍

හාල්, පිටි, සීනි,

බෝම්බ, ෂෙල්, වෙඩි

තර්ජන ගර්ජන, තහනම්, අඟහිඟකම්,

වරු ගණන් දිග පෝලිම්

නිල් පාට, කහ පාට, කාඩ්බෝඩ්, බ්‍රවුන් පේපර්, රූල් කොළ

පිටු හතර, පිටු දෙක කොළ ඉවරයි එල්.ටී.ටි.ඊ, ඊ.පී.ඩී.පී, ටෙලෝ හමුදාව

කුගනාතන් ඉන්නවද?

එයා මෙහේ නැහැ

මරණ එකයි, දෙකයි, ගොඩයි

යාපනේ එකම පත්තරේ වැහිලා යන්න ඇති.

නැහැ සහෝදරයා,

එය තවමත් යාපනේ මිනිස්සුන්ට ලියයි, කතා කරයි.






0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු