මේ රට පිස්සන් කොටුවක්ද?; වික්ටර් අයිවන් අසයි

“හෘදය සාක්ෂියට එකඟව තමන් කැමැති ඕනෑම මතයක් දැරීමට, ජනාධිපති ඇතුළුව මේ රටේ ඕනෑම නායකයෙක් විවේචනය කරන්න, සාකච්ඡාවට ලක් කරන්න, මේ රටේ මහජනතාවට අයිතියක් තියෙනවා. ඒ අයිතියට නරක විදියට හොට දැමීම වැරදියි. එය අනුමත නොකළ යුතුයි; මහජනයා එය හෙළා දැකිය යුතුයි. මේ වගේ දේවල් වර්ධනය වුණොත් අපේ සමාජය අශීලාචාර තැනකින් නවතින්නෙ. කිසිම පාලකයෙක් මේ වගේ දේවල්වලට අත ගහන්නෙ නෑ. මට හිතාගන්න බැහැ, ඇයි මෙහෙම දේවල් වෙන්නෙ? ඒ කියන්නෙ මේ රට පිස්සන් කොටුවක්ද?” යැයි විමසන්නේ රාවය ප්‍රකාශන සමාගමේ සභාපති වික්ටර් අයිවන්ය. ඔහු ඒ අදහස් පළ කරන ලද්දේ අයි. ටී. එන්. රූපවාහිනී ජාලය විසින් ගෙන යන අපහාසාත්මක මාධ්‍ය ප්‍රචාරයට එරෙහිව පසුගියදා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙම මාධ්‍ය හමුව කුසල් පෙරේරා විසින් මෙහෙයවන ලද අතර ගාමිණී වියන්ගොඩ, මහාචාර්ය සරත් විජේසූරිය, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ධර්මසිරි බණ්ඩාරනායක සහභාගී වූහ.

වික්ටර් අයිවන් මහතා විසින් කරන ලද සම්පූර්ණ කතාව පහත දැක්වේ.

“යුද්ධය ඉවරයි. රට සාමාන්‍ය තත්ත්වයකට එන්න ඕන කාලෙ පැනලා. මට තේරෙන්නෙ නෑ මොනවද මේ රටේ වෙන්නෙ කියලා. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්දනය කිරීමෙන් වෙන්නේ නිවටයන්ගේ සහ බියසුල්ලලන්ගේ සමාජයක් බිහිවීම පමණයි. නිවටයන්ගේ සහ බියසුල්ලන්ගේ සමාජයක් සහිත ශ්‍රී ලංකාවක් අපට අවශ්‍ය නෑ. මේ රටේ මිනිස්සුන්ට හෘදය සාක්ෂියට එකඟව තමන් කැමැති ඕනෑම මතයක් දැරීමට, ජනාධිපති ඇතුළුව මේ රටේ ඕනෑම නායකයෙක් විවේචනය කරන්න, සාකච්ඡවට ලක් කරන්න, මේ රටේ මහජනතාවට අයිතියක් තියෙනවා. ඒ අයිතියට නරක විදියට හොට දැමීම වැරදියි. එය අනුමත නොකළ යුතුයි; මහජනයා එය හෙළා දැකිය යුතුයි.

“මේ වගේ දේවල් වර්ධනය වුණොත් අපේ සමාජය අශීලාචාර තැනකින් නවතින්නෙ. මට නම් තේරුම් ගන්න බැහැ. කිසිම පාලකයෙක් මේ වගේ දේවල්වලට අත ගහන්නෙ නෑ. මට හිතාගන්න බැහැ, ඇයි මෙහෙම දේවල් වෙන්නෙ? ඒ කියන්නෙ මේ රට පිස්සන් කොටුවක්ද? තමන්ගෙ විරුද්ධවාදීන්ට, විචාරකයන්ට පහරදෙන්න මේ විදියට ඇයි ජනමාධ්‍ය පාවිච්චි කරන්නෙ? මේක ඇත්තටම අසෝබනයි; අවලස්සනයි; සාධාරණව හිතන හැමකෙනෙක්ම මේ ප්‍රවනතාව හෙළා දැකිය යුතුයි. ස්තුතියි. “



0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු