‘පට්ට බැල්ලි බැහැපිය‘...........මාධ්‍යවේදිනියට වැලිවේරියේදී නම්බු දී කතා කරලා

 ‘වැලිවේරිය රතුපස්වල ගැටුම ආරම්භ වෙද්දී මාධ්‍යවේදිනියක් වහළයක් උඩ හිටියා. තරු දෙක හෝ තුන ගහපු යුද හමුදා නිලධාරියෙක් ‘පට්ට බැල්ලි බැහැපිය‘ කියා කියනවා මට ඇහුණා.  හමුදාව පන්න පන්නා උද්ඝෝෂණය කළ පිරිසට ගැසුවා. වෙඩි තිබ්බා. අපේ දේවස්ථානයේ සිදුවූ ම්ලේච්ඡ සිදුවීම ඇස් දෙකෙන් දැක්ක අය බය

Read More »

0 comments:

මිනිසුන්ගේ ප‍්‍රශ්න ගැන කතා කරන අය අද ත‍්‍රස්තවාදීන් වෙලා – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී

යුක්තිය පුවත්පතෙන් ක‍්‍රියාකාරී ජනමාධ්‍ය ජීවිතය ඇරඹූ ඇය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිනියක් ලෙසින් පසුගිය කාලයේ විශාල ක‍්‍රියාකාරකම් ප‍්‍රමාණයකට දායක වූවාය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක‍්‍රියාකාරී සාමාජිකා, පුවත්පත් පැමිණිලි කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වන ඇයට 2012 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ දී මාධ්‍ය නිදහස වෙනුවෙන් කළ කැප කිරීම වෙනුවෙන් ‘සේපාල ගුණසේන සම්මානය හිමි විය. මේ ‘ජනරළ’ ඇය සමඟ කළ සංවාදයක ප‍්‍රතිඵලයයි.
———————————–

 ඔබ මාධ්‍ය වෘත්තිකයකු බවට පත් වීම කියන තැනින් මේ කතා බහට ප‍්‍රවේශයක් ගත්තොත් ඔබ කොහොමද මාධ්‍ය වෘත්තිකයෙක් බවට පත් වෙන්නෙ?
මාධ්‍ය වෘත්තිකයෙක් බවට පත් වෙන්නෙ ගුවන් විදුලියේ රජරට සේවයෙන්. ඒ 1979 දී. මම පාසල් යන කාලෙ දි ඉඳන්ම ලේඛනයෙ යෙදුණ කෙනෙක්. මේ අතරතුර තමයි ගුවන් විදුලියෙන් රජරට සේවය පටන් ගන්න බව දැන ගත්තේ. මම මේකට මගේ පළමු වැනි කෙටිකතාව යොමු කළා. පළමු සතිය තුළදීම මට විදුලි පණිවිඩයක් ආවා. මගේ කෙටිකතාව අගය කරල මට ඒක ගුවන් විදුලියෙ ඉදිරිපත් කරන්න කිව්වා. එදා කෙටිකතාවටයි, ඉදිරිපත් කළාටයි දෙකටම මට මුදලක් ලැබුණා. මම ලියපු දේවල්වලට මුදලක් ලැබුණ දවසෙ තමයි මගේ මාධ්‍ය ජීවිතය පටන් ගන්නෙ. එදා සිට අවුරුදු 6ක් රජරට සේවයේ වැඩ කළා. ගුවන් විදුලි නාට්‍ය, ළමා නාට්‍ය, විචිත‍්‍රාංග, වැඩසටහන් පිටපත්, පැය බාගේ පිටපත්, කාන්තා වැඩසටහන් පිටපත් ලියන ඒවා අතරේ ශිල්පිනියක් විදිහටත් කටයුතු කළා.

 ඔබේ වැඩ කිරීමේ ස්වභාවය සහ ක‍්‍රමවේදය වුණේ මොකක්ද?
රජයේ ගුවන් විදුලි මාධ්‍යයක සීමාවක් තුළ ඉඳගෙන සමාජ ප‍්‍රශ්න, දේශපාලනික ප‍්‍රශ්න, කතා කරන්න යම් උත්සාහයක් දරල තිබුණා. විශේෂයෙන්ම රජරට සේවයට ගොඩක් ගීත නිර්මාණය කළා. නිර්මාණ හරහා තමයි මම මගේ කාර්යය ඉටු කළේ.

 ඔබ කොළඹට පැමිණෙන්නෙ කොහොමද?
මම කොළඹට එන්නෙ 1986. ඒ විවරණ සඟරාවත් සමඟ සම්බන්ධ වෙමින්. මේක විකල්ප සඟරාවක් විදිහට සැලකුවේ. විවරණ සංස්කාරක මණ්ඩලයටයි ආවේ. ශක්ති, ධරණී වගේ කාන්තා සඟරාවලත් මම ෑාසඑදර විදිහට වැඩ කළා. ඊට අමතරව සංකලන කියල සංස්කෘතික සඟරාවක් මම කළා. ‘යුක්තිය’ට සම්බන්ධ වෙන්නෙ ඊට පස්සෙ. ‘සංකලන’ සංස්කෘතික සඟරාවත් ‘යුක්තිය’ට එකතු කරගන්නවා. ජනවාර්ගික ප‍්‍රශ්නය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාමය, මානව හිමිකම් ක්ෂේත‍්‍රය වගේ පැති ගණනාවකින් ‘යුක්තිය’ සමන්විත වුණා. ‘පත්තරේකට වඩා වැඩි යමක්’ කීම තමයි අපේ සටන් පාඨය වුණේ.

 මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ කටයුතු කිරීමේ දී ඔබ විශේෂිත තත්වයන්ට මුහුණ දෙන්න ඇති. විශේෂයෙන් කාන්තාවක් වීම නිසාම මුහුණ දෙන්න වෙන ගැටලූසහගත තැන්, අභියෝග තියෙන්න ඇති?
ගමේ ඉඳලම මට නායකත්ව භූමිකාවක් තිබුණා. ඒ හැකියාව නිසා තමයි මට කොළඹට එන්න හැකියාව ලැබෙන්නෙ. මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ ඉදිරියට යන්න හරි, අවස්ථාව ලබා ගන්න හරි ගැටලූවක් වුණේ නැහැ. මොකද මම සාම්ප‍්‍රදායික සමාජයෙන් එහාට ගියපු වෙනස් හරයන් සහිත වෙනත් ධාරාවක් එක්ක ගමන් කරමින් හිටියේ. මාධ්‍ය ක්ෂේත‍්‍රය කියන්නෙ පිරිමින්ගෙ රජදහනක්. කාන්තාවන් ඉන්නෙත් ඉතාම අතළොස්සයි. යුක්තිය පත්තරෙත් මාධ්‍ය කටයුතුවල හිටපු එකම කාන්තාව මම. කාන්තාවක් විදිහට විශාල කැප කිරීමක් මාධ්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන් කරල තියෙනවා. සමහර අවස්ථාවල එය නොසලකා හැරීම් තිබ්බා. ඒ වගේ අවස්ථාවල හිත් රිදීම් වෙලා තියෙනවා. නමුත් මම ඒවා ගැන හිතන්න ගියේ නැහැ. මොකද මම දන්නවා එක් එක් පුද්ගල ස්වභාවයන් ගැන.

 විකල්ප පුවත්පතක වැඩ කරනවා කියන්නෙ තර්ජන, ගර්ජන, මර්දන සාමාන්‍ය දෙයක්. මර්දනය සම්බන්ධයෙන් ඔබටත් අත්දැකීම් ඇති?
ඒවා ඉතින් ඕන තරං තියෙනවා. යුක්තිය පත්තරේ මුද්‍රණාලයට සීල් තිබ්බා. කඩල බිඳල දැම්මා. නඩු වැටෙනවා. මඩ ප‍්‍රහාර එල්ල වුණා. 94න් පස්සෙත් අපට විවිධ බාධාවන් එල්ල වුණා. වෙළෙඳ දැන්වීම් පවා නැති වුණා. හැබැයි අද ඒක තවදුරටත් වැඩි වෙලා තියෙනවා. එදාට වඩා ලොකු ආතතියකින් තමයි වැඩ කරන්න වෙලා තියෙන්නෙ. ඒ කාලේ අපි යුක්තියෙන් කරගෙන ගියා ‘බියෙන් අත්මිදෙමු’ කියල වැඩසටහන් මාලාවක්. මිනිස්සුන්ගෙ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට බාධා පමුණුවන භීෂණයට, මර්දනයට එරෙහිව
අපි රැුස්වීමක් පැවැත්වුවා. අද මෙහෙම දේවල් කරන්න පුළුවන්කමක් නැහැ. උසාවි නියෝගවලින් හරි වළක්වනවනෙ. අද එදාට වඩා සියගුණයකින් මර්දනය බරපතළයි.

 මේ මර්දනය හමුවේ ක‍්‍රියාකාරීත්වය අඩපණ නොකර ගනිමින් වැඩ කරන අයත් ඉන්නවා. ඒ වගේම යම් යම් සීමා පනවාගෙන කටයුතු කරන අයත් ඉන්නවා. මේ තත්වයන් ගැන ඔබේ ස්ථාවරය මොකක්ද?
1992 නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පටන් ගන්නෙත් එවකට තිබුණ මර්දනයට එරෙහිව. විපක්ෂය පවා සම්බන්ධ වුණා. මාධ්‍ය නිදහස දේශපාලන සටන් පාඨයක් බවට පවා පත් වුණා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තමා ප‍්‍රථම වරට ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවේදීන් සමඟ මාධ්‍ය නිදහස සඳහා අරගල කරන සංවිධානය බවට පත් වුණේ. සමහර අය ඉතින් මූලික කාරණාවලින් පස්සෙ නිහඬ වුණා. සමහර අයට රට දාලත් යන්න වුණා. මොකද දැන් කතා කරන්න බෑ. ගුටිකන්න වෙනවා. ලසන්ත වික‍්‍රමතුංග වගේ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවේදීන් ඝාතනය වෙනවා. උතුරේ පවා මාධ්‍යවේදීන් විශාල ප‍්‍රමාණයක් ඝාතනය වුණා. පෝද්දලට, නාමල්ට, උපාලි තෙන්නකෝන්ට පහර දුන්නා. සමහරු මොකද වුණේ කියල කියන්නත් බය වුණා. මේ මර්දනය නිසාම එදාට වඩා අද මාධ්‍ය ක‍්‍රියාකාරිකයන්ට තියෙන ශක්තියත් අඩු වෙලා තියෙනවා. විශේෂයෙන් ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් තමන්ට මුහුණ දෙන්න වුණ සිදුවීම කියන්නත් බයයි. එවැනි බයකින්නෙ අද වැඩ කරන්න වෙලා තියෙන්නෙ.

 මේ මර්දනය ඉදිරියේ මාධ්‍ය නිදහස හොඳ සටන් පාඨයක් වෙලා තියෙනවා නේද?
මෙහෙමයි. යම් යම් සිදුවීම්වලට ක‍්‍රියා කරන එක, එක් පැත්තක්. නිදහස් මාධ්‍ය සංස්කෘතියක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් වෙනුවෙන් තවත් කළ යුතු බොහොමයක් තියෙනවා. රජය එක්කත් කළ යුතු වැඩ කොටසක් තියෙනවා. ප‍්‍රකාශනයේ අයිතිය පිළිගන්න, මානව හිමිකම් ගරු කරන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන රටක් බවට පත් වෙන්න ඕනෙ. ඒක නොවෙන නිසා තමයි සටන් කරන්න වෙලා තියෙන්නෙ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගේම කර්තෘ සංසදය, ප‍්‍රකාශකයන්ගෙ සංසදය වගේ ඒවා තියෙනවා. මේ සංවිධාන තුන එකතු වෙලා 1998 පවත්වපු ‘මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම’ සම්මන්ත‍්‍රණයේ දී ‘කොළඹ ප‍්‍රකාශනය’ කියල එකක් මාධ්‍ය ප‍්‍රගතිය සඳහා ඇති කරගත්තා. ඒ හරහා ශී‍්‍ර ලංකා පුවත්පත් ආයතනය ඇති වෙලා තියෙනවා. කර්තෘ සංසදයෙ මූලිකත්වයෙන් මුද්‍රිත මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වල දීල තියෙනවා. මේ ක‍්‍රියාවලි හරහා ස්වයං නියාමනයක් ඇති කරගෙන තියෙනවා. මේ ස්වයංනියාමනය කාරණය සඳහා තමයි පුවත්පත් පැමිණිලි කොමිසම ඇති වෙලා තියෙන්නෙ. ඒවා ලොකුවට පෙනෙන්නෙ නැති වුණාට එහෙම දේවලූත් වෙනවා. අපිට ගොඩක් වෙලාවට පේන්නෙ සිද්ධි මුල් කරගෙන එළියට බැහැල කරන සටන්. නමුත් දැන් මේවා ඇති වෙන මට්ටමට බරපතළ දේවල් වෙලා තියෙනවනෙ. මේවයෙන් රට තුළ ලොකු බලපෑමක් නොවුණට ඒ හඬ ජාත්‍යන්තරයට යනවා. මොකද මේ සංවිධාන ජාත්‍යන්තරවත් සම්බන්ධයි. අද පුළුවන් තරම් බය කරල නිහඬ කරවන්නනෙ හදන්නෙ.

 මාධ්‍ය මර්දනය කියන කාරණයෙ දි තවදුරටත් ජනතාවගෙ ඇත්ත දැන ගැනීමේ අයිතිය තහවුරු කරගැනීම වෙනුවෙන් මාධ්‍ය සංවිධාන හා එම වෘත්තිකයන්ගෙ වර්තමාන කි‍්‍රයාවලිය ගැන ඔබට තියෙන්නෙ මොන වගේ අදහසක්ද?
අද මාධ්‍ය ගත්ත වුණත් එක එක න්‍යාය පත‍්‍රවලට යට වෙලානෙ. සමහරු ඉන්නවා තමන් දන්න සීමාව තුළ යමක් කරන්න උත්සාහ කරන. අවසාන සිදුවීම විදිහට වැලිවේරිය සිද්ධිය ගත්තොත් දැන් ඇත්ත මොකක්ද කියන්නත් අමාරුයිනෙ. මාධ්‍යයටත් ගහල මිනිස්සුන්ටත් ගැහුවා. ඒත් රජයේ මාධ්‍ය කියන්නෙ මිනිස්සු හමුදාවට ගැහුවා, ඊට පස්සෙ අවම බලය පාවිච්චි කරල විසුරුවා හැරියා කියලා. බොහොම සරලයිනෙ. ඊට පස්සෙ එක එක දේශපාලන පක්ෂ මතට දානවා. නැත්නම් භඨධ වල වැඩක් කියනවා. අන්තිමට මේක ඇතුළේ යක්කු ටිකක් මවල ඇත්ත වසං කරනවා.
ගොඩක් ඈත ගම්දනව්වලට යද්දි පත්තරවලට වඩා රූපවාහිනී මාධ්‍ය ප‍්‍රබලයි. හැබැයි ඈත ගම්දනව්වල ජනතාවට පෙනෙන රූපවාහිනී මාධ්‍ය සම්බන්ධයෙනුත් ගැටලූවක් තියෙනවනෙ. ඒ වගේම තමයි ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මුහුණ දෙන්න වෙන තත්වය. වැලිවේරිය වගේ සිදුවීමකින් පස්සෙ ඔවුන් ඇත්ත හෙළිදරව් කරන්න බයයි. මොකද කොළඹට කේන්ද්‍රගත වෙලා ඉන්න මාධ්‍යවේදීන් වගේ නෙවෙයි ඔවුන් තනි වෙන ස්වභාවයක්නෙ තියෙන්නෙ. නමුත් ඉතින් රජයේ මාධ්‍යයන්ට වඩා පෞද්ගලික මාධ්‍ය යම් ස්වාධීනතාවකින් වැඩ කරන බවක් පේන්න තියෙනවා. එක එක න්‍යාය පත‍්‍ර තිබුණ වුණත් ජනතාවට ඇත්ත ලබා දීම වෙනුවෙන් යම් ක‍්‍රියාකාරී බවක් තියෙනවා.
මාධ්‍යවේදීන්ට තොරතුරු ලබා ගැනීමේ නීතිමය ආවරණයක් නැහැ. දූෂණ වංචා, අකටයුතුකම් ගැන මාධ්‍යවේදීන් තොරතුරු ලබා ගන්නෙ තමන්ට තියෙන හිතවත්කම්, සබඳතා මඟින්. තොරතුරු ලබා ගැනීමේ නිල අයිතියක් නැහැ. මේ අයිතිය ජනතාවටත් තියෙනවා. නමුත් ජනතාවටත් මේ ගැන හරි අවබෝධයක් නැහැ.

 නමුත් යම් යම් සිදුවීම්වල දී මාධ්‍යවේදීන්ට මුහුණ දෙන්න වෙන සිදුවීම් හමුවේ නෛතික ක‍්‍රියාමාර්ග හෝ ගැනීමට සමහර මාධ්‍ය ආයතන වුුණත් මැදිහත් නොවෙන අවස්ථා තියෙනවා. මාධ්‍ය ආයතනවල ස්වාධීනතාව සම්බන්ධයෙන් නැවත ප‍්‍රශ්නයක් නැෙඟනව නේද?

එහෙම නීතිමය ක‍්‍රියාමාර්ග ගත්තද, නැද්ද කියල මම හරියටම දන්නෙ නැහැ. කැමරා කුඩු වෙන අවස්ථා තියෙනවා. නමුත් ඉතින් වන්දියක්වත් ගන්න බැරි වෙන අවස්ථාත් තියෙනවා.

 රාජ්‍ය නොවන සංවිධානවල ආධාර, උපකාර වෙනුවෙන් සටන් ක‍්‍රියාමාර්ග තෝරනවා කියලත් මාධ්‍ය සංවිධානවලට චෝදනාවක් තියෙනවා?
රජයේ පාර්ශ්වයෙන් තමයි භඨධ කියල ගෝනි බිල්ලෙක් මවල තියෙන්නෙ. භඨධ එක්ක ඉන්නෙ ත‍්‍රස්තවාදයට උදව් කරන අය, රට පාවා දෙන අය කියලනෙ මවල තියෙන්නෙ. රජයේ නොවන අනෙක් සංවිධාන හැම එකක්ම රාජ්‍ය නොවන ඒවා තමයි.

 උතුරට අදාළව මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් අද බරපතළ ප‍්‍රශ්නයක් තියෙනවා. දකුණට සාපේක්ෂව ගත්තොත් එහි විශාල මර්දනයක් දියත් වෙනවා. නමුත් මාධ්‍ය සංවිධාන ඇතුළු ක‍්‍රියාකාරිකයන් ඊට මැදිහත් වීම ප‍්‍රමාණවත්ද කියන ප‍්‍රශ්නය අද තියෙනවා?
උතුරට සාපේක්ෂව බැලූවොත් අපිට පොඩි හරි ආවරණයක් තියෙනවා. උතුරේ අය හුදෙකලා වෙලා ඉන්නෙ. හමුදාකරණය වුණ සමාජයක් තියෙන්නෙ. යුද කාලයේ ඉඳලම තමා ඒ මාධ්‍ය මර්දනය පටන් ගත්තෙ. දැන් පශ්චාත් යුද වාතාවරණය හෙළිදරව් නොවීම සඳහා ඒ මර්දනය යොදා ගන්නවා. උතුරේ තමයි විශාල ප‍්‍රමාණයක් මාධ්‍යවේදීන්, මාධ්‍ය හිමිකරුවන්, බෙදා හරින අය පවා ඝාතනය වුණේ, මර්දනයට ලක් වුණේ. මිනිස්සුන්ගේ ඇත්ත ප‍්‍රශ්න ලියන, කතා කරන අය තමා අද ත‍්‍රස්තවාදියො වෙලා තියෙන්නෙ. අද උතුරේ මොනවත් කරන්න බැහැ. මානව හිමිකම් ප‍්‍රඥප්ති, අයිතිවාසිකම්, නිදහස කියන දේවල් අවලංගු වෙලා. සීමා මායිම්වලට යටත් වෙලා තමයි ඔවුන් වැඩ කරන්නෙ.

 මාධ්‍ය නිදහස වෙනුවෙන් ක‍්‍රියාකාරී වීම වෙනුවෙන් ඔබට මෙවර සේපාල ගුණසේන සම්මානය හිමි වුණා. ඔබේ මාධ්‍ය ක‍්‍රියාකාරීත්වය සහ සම්මානය ලැබීම ගැන දරන්නේ මොන වගේ ආකල්පයක්ද?
මට මේ සම්මානය ගැන කවදාවත්ම අදහසක් තිබුණෙ නැහැ. නමුත් මගේ නම යෝජනා වුණාට පස්සෙ මම හිතුවා මගේ ජීවිතයේ වැඩි කාලයක් කැප කළේ මාධ්‍ය නිදහස සහ ඒ අරගලය වෙනුවෙන් කියල. අපි ජාලයක් විදිහට තමයි මේ කාර්යභාරය කළේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක රැුස්වීමේ ඉඳල අඛණ්ඩව කි‍්‍රයාකාරී වුණු එකම කාන්තාවත් මම. ඉතින් මේ කැප කිරීම් සහිතව වැඩ කරල තියෙන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. කොහොමත් මම එදා වගේම හෙටත් මගේ වැඩ කොටස කරනවා. එක පැත්තකින් මේ පුරුෂ මාධ්‍ය අධිකාරිය තුළ කාන්තාවන් විදිහට මගේ කාර්ය භාරයට ඉතිහාසය තුළ යම් ලියවීමක් හිමිව තිබීම ගැන මම සතුටු වෙනවා.

janarala -

0 comments:

'කෑ ගැහැව්වොත් උගුරු දණ්ඩ පළනවා!'

 ප්‍රකට ඉංගී්‍රසි ජනමාධ්‍යවේදිනියක වන මන්දනා ඉස්මායිල් අබේවික්‍රමට සාමාන්‍යයෙන් සිකුරාදා දිනයේදී අලුයම 2 යනු සිය වෘත්තීය වැඩකටයුතු නිමා වී රාත්‍රි නිදිසුව පතන හෝරාව වේ. එහෙත් ඇයගේ සිත තුළ කිසියම් නොසන්සුන්තාවක් රජ කරන්නට විය. ඊට හේතුව ඇය සිය පවුල සමඟ පදිංචිව සිටින කොළඹ බම්බලපිටියේ නිවෙස ඉදිරිපස ඉස්තෝප්පුවේ බළලකුගේ මළ සිරුරක් ඊට කලින් දින කිසිවකු විසින් දමාගොස් තිබීමයි.
මන්දනා සිය මවුපියන්, සැමියා හා එකම දියණිය සමඟ පදිංචිව සිටින්නේ ඒ නිවෙසේය. එහෙත් මැරවරයන් පිරිසක් ඇගේ නිවෙසට ඇතුළු වන විට මුළු පවුලම දැඩි නින්දේ පසුවූහ.

බළලකුගේ මළ සිරුරක් දමා ගොස් තිබීමේ හා නිවෙසේ වාහන ටයරයක පතුල පැළෙන පරිදි පිහි පාරක් එල්ලකොට තිබීමේ සිද්ධියෙන් පසුව මහත් නොසන්සුන්තාවට පත්ව සිටි මන්දනා හා ඇගේ සැමියා පසුගිය සිකුරාදා සිය මාධ්‍යවේදී කටයුතුවල නිරත වූයේ නිවෙස තුළ සිටමය. එදින රාත්‍රි 9.30ට පමණ රොමේෂ් නිවෙසින් බැහැරව ගියේ සතියේ තමනට නියමිත වැඩ කොටස ඉටුකොට හමාර කිරීමෙන් පසුවය.


මුළු පවුලම දැඩි නින්දේ පසුවෙද්දී මන්දනාට කිසියම් ශබ්ද කීපයක් ඇසෙන්නට විය. එවිට වේලාව අලුයම 2.30ට පමණ විය. ඒ හඬවල් ඇසී භීතියෙන් මර හඬ දුන් ඕ නිදි සයනෙන් බිමට බසින්නට තැත් කළේ 'කවුද ඒ' යැයි සිංහලෙන් ප්‍රශ්න කරමිනි. එවිට ඇගේ නිදන කාමරය තුළ නිදැල්ලේ හැසිරෙමින් සිටි මැරයෝ දෙදෙනෙක් ඇය වෙත කඩා පැන්නාහ. එකෙක් ඇගේ බෙල්ලට පිහියක් තබා 'කෑ ගැහුවොත් මරා දමනවා' යැයි ඇයට තර්ජනය කළේය.

'අපිට උඹ ළඟ තියෙන වටිනා කනකර බඩු මුට්ටු සේරම ඕනෑ. අපි උඹව ඉවර කරනවා!' යැයි ඔවුහු ඇයට තර්ජනය කළහ.

එවිට මන්දනා ඔවුන්ට කියා සිටියේ තමාට අවශ්‍ය තම පවුලේ සියලු දෙනාගේම ජීවිත රැක ගැනීමට පමණක් බවයි. මැරයන්ට අවශ්‍ය ඕනෑම දෙයක් රැගෙන ගියාට කමක් නැතැයිද ඇය ඔවුන්ට බැගෑපත් වෙමින් කීවාය.


එවිට මැරයෝ කාමරයේ විදුලි ආලෝකය ප්‍රතිෂ්ඨාපනය කරමින් එහි විද්‍යුත් හනුව ක්‍රියාත්මක කළහ. එතැන මැරයෝ හතර දෙනකු සිටිනු පෙනිණි. මුල් මැරයෝ දෙදෙනා ඇය ඇඳට තබා තවදුරටත් සිරකොට අල්ලාගෙන සිටියහ. දෙදෙනකු අතේ පිහිත් තවකකු අත අත් බෝම්බයකුත් (මෙය පසුව ඇගේ ගෙමිදුල වැටී තිබී සොයාගන්නා ලදී) විය. මැරයන් සිය මුහුණු මන්දනාගේ නිවෙසේ තිබූ ඇඳුම් ඉරා ඒවායේ කැබැලිවලින් මුහුණු වැසෙන සේ ආවරණය කොටගෙන තිබිණි.


ඔවුහු මන්දනාගේ ජංගම දුරකතනයද උදුරාගෙන විගස එහි බැටරියද ඉවත්කොට දැමූහ. ඉන්පසුව ඇගේ මුදල් පසුම්බියට අත පෙවූ සොර මුළ එහි වූ මුදල් සියල්ල අතට ගත්හ. ඇගේ රන්, රිදී කනකර ආදී වටිනා බඩුමුට්ටු ඇතේතේ කොතැනකදැයි ඔවුහු ඊළඟට ඇගෙන් විමසූහ. භීතියෙන් ඇලළී ගොස් සිටි මන්දනා ඔවුන්ට ඕනෑ දෙයක් රැගෙන යන ලෙස ඉල්ලා සිටියාය. එමෙන්ම තම පවුලේ කිසිවකුට හානි නොකරන ලෙසත් ඇය මැරයන්ගෙන් ඉල්ලා සිටියාය.

තම නිදන කාමරය තුළ අමුතු ශබ්ද හා කටහඬවල් ඇසී එසේ අවදි වූ මන්දනා ඉස්මායිල් අබේවික්‍රමට එය අතිශයින් බිහිසුණු අත්දැකීමක් විය. ඇය මීට කලින් ත්‍රාසජනක හා කම්පනාත්මක සිද්ධිවලට මුහුණ දී නොතිබුණාම නොවේ. එහෙත් මෙම සිද්ධිය ඒ සියල්ල අභිභවා ගියේය. මරණය ඇගේ ‍ෙදාර එළිපත්ත සමීපයේ විය. වඩාත් නිවැරැදිව කිවහොත් මරණය මන්දනාගේ නිදන කාමරය තුළටම පැමිණ සිටියේය.




'කෑ ගැහැව්වොත් උගුරු දණ්ඩ පළනවා!' යැයි එක් මැරයෙක් පිහියක් ආමෝරා ඇයට තර්ජනය කළේය. අවසානයේදී තම පවුලේ කිසිවකුටවත් හානියක් සිදුනොවී තමන්ගේද දිවි සුරැකීම වාසනාවක් යැයි ඕ පසුව කීවාය.

'ද සන්ඩේ ලීඩර්' පුවත්පතේ සම කතෘවරිය වන මන්දනාගේ විවේචනාත්මක මත හා අදහස් දැක්වෙන ලිපි රචනා නිසා ඇය ඉංගී්‍රසි පාඨකයන් අතර දැඩි ප්‍රසිද්ධියක් උසුලයි. ඊට අමතරව ඇගේ අලුත් කාර්යභාරයද ඇගේ ප්‍රසිද්ධිය තවදුරටත් නංවාලීමට ඉවහල් වී ඇත. ඇගේ නව කාර්යභාරය වනුයේ වෘත්තීය සමිති නායකත්වයයි. දැනට මාස දෙකකට උඩදී ප්‍රථම වරට හා එම ක්‍ෂේත්‍රයේ මුල්වරට ශ්‍රී ලංකා පුවත්පත් කලාවේදීන්ගේ වෘත්තීය සමිතිය පිහිටුවා එහි සමාරම්භක සභාපතිනිය ලෙස ඇය පත්වූවාය. ඇගේ සැමියා රොමේෂ්ද ඒ පුවත්පතේම නියෝජ්‍ය කර්තෘ වශයෙන් කටයුතු කරයි.


සොර මුළ පුරා පැයකටත් අධික කාලයක් තිස්සේ මන්දනා නිවෙසේ අස්සක් මුල්ලක් නොහැර පරීක්‍ෂා කරමින් එහි වූ අල්මාරි, පෙට්ටගම් හා කබඩ් අවුස්සා බලන්නට වූහ. අල්මාරි, පෙට්ටගම් හා කබඩ්වල තිබූ පොත්පත්, ඇඳුම් පැලඳුම්, ලිපිගොනු හා ලියකියැවිලි සියල්ල ඉවක් බවක් නොමැතිව බිම දමමින් ඔවුන් වෙනත් යමක් හෝ යම් යම් දේවල් හෝ සොයන බව මන්දනාට වැටහිණි. පස්දෙනකුගෙන් සැදි සොර මුළ පැමිණ ඇත්තේ හුදෙක් මිල මුදල් හෝ රත්රන් කොල්ලකෑමට පමණක් නොවන බව ඇයට ප්‍රත්‍යක්‍ෂ වූයේ ඔවුන් ඇගේ ගේ තුළ නිදැල්ලේ ඇවිදිමින් එහි වූ විවිධ ලියැකියවිලි, ලිපිගොනු හා පොත්පත් අවුස්සමින් ඒවා කියවා බලන්නට වූ බැවිනි.


මැරයන් ඉක්මනින් ආපසු යෑමට පැමිණි පිරිසක් නොවන බව මන්දනාත්, පවුලේ සෙසු අයත් තේරුම් ගත්හ. ඔවුන් කනකර ආභරණ ආදිය එකතු කරමින් සහ පොත් අල්මාරි අවුස්සා බලමින් එහි වූ ලිපිගොනු හා ලියකියැවිලිද පරීක්‍ෂා කරමින් නොනැවතුණු ඔවුහු ඒ මොහොතේ නිවෙසේ නොසිටි මන්දනාගේ සැමියා ගැනද විපරම් කරන්නට වූහ.


ඒ අතරතුර ඔවුන් පැමිණි 'කාර්යය' හමාර කොට විගස පිටව යා යුතු බවත්, සොර මුළ එකිනෙකා සමඟ සාකච්ඡා කරන්නට වූහ. ඒ අතරතුර මන්දනා නිවෙසේ ඔවුන් අත නොතැබූ හෝ පිරික්සා නොබැලූ හෝ කිසිවක් පාහේ ඉතිරිවී නොතිබිණි. එක් මැරයෙක් හිටිහැටියේ මන්දනා දෙස හැරී ඇගේ සැමියා ආපසු නිවෙසට එනු ඇත්තේ කීයට දැයි තර්ජනාත්මක ස්වරයෙන් විමසීය.

මඳ වේලාවකට පසුව ඔවුන් නිවෙසේ සෙසු කාමරද පරීක්‍ෂා කිරීමට උනන්දුවක් දක්වන බව පෙනිණි. එකෙක් විගස තුවායක් ගෙන මන්දනාගේ මුහුණ වැසීමට තැත් කළේය. ඇය ඒ මැරයා අමතා ඇගේ මුහුණ නොවසන ලෙසත් ඊට හේතුව ඇය ශ්වසන ආබාධයකින් පෙළීම නිසා බවත් බැගෑපත්ව කියා සිටියාය. එවිට තුවාය පසෙකට ගනු ලැබුණු නමුත් තවත් මැරයෙක් ඇය ඉදිරියට පැමිණ ඔහු අත වූ පිහිය ඇගේ දෑස් හමුවේ වනමින්' කෑ ගැහැව්වොත් අපි උඹව කෑලිවලට පෙති ගහනවා' යැයි තර්ජනය කළේය.



මැරයන් පිරිසට අයත් වූ පස්වැනි මැරයා ඇය දුටුවේ මැරයන් පිරිස ඇගේ කාමරයෙන් පිටවී යද්දීය. පස්වැනි මැරයා සිටියේ මන්දනාගේ මවුපියන්ගේ නිදන කාමරය පිටතය. නිවෙසේ වූ කලබගෑනියෙන් ඒ වන විට අවදි වී සිටි ඇගේ පියා කාමරයෙන් එළියට බසිත්ම ඔහු අල්ලාගත් ඒ මැරයා ඔහුට මරණ තර්ජන එල්ල කළේය. මන්දනා යළිත් බැගෑපත් වෙමින් තම පියාට හානියක් නොකරන ලෙස මැරයාගෙන් ඉල්ලා සිටියාය.

ඉක්බිතිව මැරයෝ පිරිස මන්දනාගේ දියණිය නිදා සිටි කාමරය වෙත පියනැඟූහ. මන්දනාගේ ඇවිටිලි කිරීම්වලට කන් නුදුන් සන්නද්ධ මැරයෝ දෙදෙනෙක් මන්දනාගේ දියණියගේ කාමරයට කඩා වැදී එකෙක් ඇගේ ගෙලට කිණිස්සක් තැබීය. මැරයා ඇගෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න අසන්නට වූ විට බාලිකාව අතොරක් නොමැතිව හඬන්නට පටන් ගත්තාය.


මන්දනා යළිත් මැරයන් වෙත ගොස් තම සිඟිති දියණියට කරදර නොකොට නිවෙසේ ඇති ඔවුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් රැගෙන පිටව යන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියාය. එවිට මැරයෝ දෙදෙනෙක් දැනටමත් තමන් පිරිස ප්‍රමාද බවත් එසේ වුවත් තමන් පිරිස පැමිණි මෙහෙය එතෙක් අවසන් වී නොමැති බවත් කියමින් අනිත් මැරයන් දෙදෙනා සමඟ කලහ කරන්නට වූහ.


මේ අතරතුර මන්දනා භීතියෙන් ත්‍රස්තව ඔවුන් දෙස බලා සිටියදී එකෙක් ඇය වෙත හැරී තමන් පිරිස තුළ ඇය කෙරෙහි කිසිදු වෛරයක් හෝ කෝන්තරයක් නැති බවත්, එහෙත් ඇය දැඩිව නුරුස්සන කිසියම් පුද්ගලයෙක් ඔවුන්ට කොන්ත්‍රාත්තුවක් දී ඇති බවත් පැහැදිලි හඩින් කියා දුන්නේය.


'ඔයා දැන් අපිත් එක්ක යන්න එන්න. අපිට මේ කොන්ත්‍රාත් එක ඉවර කරන්න තියෙනවා!' යැයි මැරයා කීය.

වාසනාවකට මෙන් අන්තිම මොහොතේ ඇගේ සැමියා රොමේෂ් පෙරළා නිවෙසට පැමිණියේය. බැලූ බැලූ සෑම තැනම අමුත්තක් ඔහුට දක්නට ලැබිණි. සෑම විටම වසා තිබූ නිවෙසට ඇතුළුවන පැති ගේට්ටුවත්, නිවෙසේ ඉදිරිපස ‍ෙදාරත් විවෘතව පැවැතිණි. බරපතළ දෙයක් සිදුවී හෝ සිදුවෙමින් පවතින බවට ඉඟියකින් කියාපාන්නක් මෙන් බිඳුණු වීදුරු කැබැලිද බිම පුරා වැටී තිබිණි.


ඔහු විගස මන්දනාගේ ජංගම දුරකතනයත්, ස්ථාවර දුරකතනයත් ඔස්සේ ඇය ඇමතීමට තැත් කළේය. එහෙත් ඒ දුරකතන දෙක සම්බන්ධ කරගත නොහැකි විය. මේ වන විට රොමේෂ්ගේ සැකය දැඩි ලෙස ඇවිස්සී තිබිණි. ඔහු ගෙමිදුලට ඇතුළු වී පැත්තකින් නිවෙස තුළට එබිකම් කළේය. නිවෙස තුළ පැවැති ගාලගෝට්ටියෙන් බිඳක් කන වැටුණු රොමේෂ් නිසොල්මන්ව '119' ඇමතීය. ඒ පොලිස් හදිසි ඇමතුම් අංකයයි. ඉන් පසුව ඔහු නිවෙසට පා නැඟීය.
රොමේෂ් ගේ ‍ෙදාරකඩ සිටගෙන සිටිනු දුටු මැර පිරිස ඒ වන විට භීතියෙන් වියරු වැටී සිටි මන්දනා දෙස බලා 'අපි ආපු වැඩේ ඉවරයක් කරලා දාමු!' යැයි කීය. කම්පනයට හා බලාපොරොත්තු ශූන්‍යතාවට පත්ව සිටි මන්දනා කිසිත් කරකියා ගත නොහැකිව බලා සිටියදී එක් මැරයෙක් හැරී බලා 'අන්න පොලිසිය ඇවිල්ලා!' යැයි මොර දුන්නේය.


මන්දනා පවුලේ සාමාජිකයන් පැවැසූ අන්දමට භීතියට පත් මැරයන් පිරිස කලබල වී හිස් ලූ ලූ අත දුවමින් එතැනින් ගැලවී යෑමට මඟක් සොයන්න වූහ. ‍ෙදාරවල් අරින හඬත්, වසන හඬත්, ජනේල පියන් කඩන හඬත්, ත්‍රාසජනක රාත්‍රියක නිහඬතාව බිඳිමින් ජනේල පියන්වල වීදුරු බිඳිද්දී ඒවා කැඩී බිම හැලෙන හඬත් හතර වටා පැතිරී ගියේය.

පොලිසිය නිවෙස තුළට කඩා වැදෙද්දී මැරයෝ දෙදෙනෙක් පොලිසිය පිළිගැනීමට සූදානමින් ‍ෙදාරක් අයිනේ සැඟවී බලා සිටියහ. මැරයන් පොලිස් නිලධාරීන් වෙත කඩා පනිද්දී මන්දනා තම දියණියත් රැගෙන ඇගේ මවුපියන්ගේ කාමරයට දිවගොස් එහි ‍ෙදාර වැරෙන් වසා ගත්තාය. දෙපාර්ශ්වය වෙඩි හුවමාරු කරගන්නා හඬ ඔවුන්ට ඇසිණි. අවසානයේදී වෙඩි හඬ හමාර වී නිශ්ශබ්දතාව රජ කරන්නට වූ පසුව මන්දනා ඇතුළු පිරිස සිය ආරක්‍ෂාකාරී ස්ථානයෙන් එළියට පැමිණියහ.


නිවෙස පුරා දක්නට ලැබුණේ බඩු මුට්ටු, පොත්පත්, ලිපිගොනු හා ඇඳුම් පැලඳුම් ආදිය ඒ මේ අත විසිකොට දමා තිබූ අයුරුය. කිසිවක අගක් මුලක් තේරුම්ගත නොහැකි තත්ත්වයක් පැවැති බවත් මන්දනා කීවාය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා පවසන අන්දමට පොලිසිය වෙඩි තැබුවේ නිවැසියන් බේරා ගැනීමට ගිය පොලිසියට මැරයන් පිරිස ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව පමණක් බවයි. ප්‍රහාරයේදී එක් පුද්ගලයෙක් එතැනම මිය ගියේය. නිවෙස තුළ සැඟවී සිටියදී තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. පොලිස් නිලධාරීහු තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබූහ.


තුවාල ලැබූ මැරයන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ දැන් පොලිස් රැකවරණ මධ්‍යයේ පසුවෙති. නිවෙස තුළට ගෙන එනු ලැබූ අත් බෝම්බය පසුව ගෙමිදුල තිබී සොයාගනු ලැබ පෙරේදා උදේ පැවැති මහෙස්ත්‍රාත් මරණ පරීක්‍ෂණයට පෙරාතුව නිෂ්ක්‍රිය කරන ලදී.

සිද්ධිය පිළිබඳ වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මාධ්‍ය හිමිකම් සංවිධාන විසින් නිවේදන නිකුත් කරනු ලැබූ අතර ප්‍රකට මාධ්‍යවේදීන් දෙදෙනා සහ ඔවුන්ගේ පවුලේ උදවියට සාධාරණය ඉටුකරන ලෙසත් එම සංවිධාන විසින් ඉල්ලා ඇත. මෙම කොල්ලය සිදුකරනු ලැබූ වටපිටාව දෙස බලද්දී ගෙවල් බිඳුමකට වඩා වෙනත් චේතනාවක් මේ සිද්ධිය පිටුපස පැවැති බවට සැකසංකා මතුවන බවත් එම සංවිධාන විසින් හුවාදක්වා තිබේ.


මහ රෑ සිදුකරනු ලැබූ මෙම ප්‍රහාරය සම්මානලාභී ජනමාධ්‍යවේදිනියක හා වෘත්තීය සමිති නායිකාවක බියවැද්දීමේ අරමුණින් සිදුකළ එකක්දැයි මාධ්‍ය සංවිධාන මේ වන විටත් ප්‍රශ්න කිරීමට පටන්ගෙන ඇත. ඇගේ නිවෙස කොල්ලකනු ලැබුවේ ප්‍රහාරයේ සැබෑ චේතනාවන් වසන් කිරීමේ අරමුණින් දැයිද ඔවුහු සැක පහළ කරති.

මෙම ප්‍රහාරය පසුගිය වසර කීපය තිස්සේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල කරනු ලැබූ ප්‍රහාර මාලාවක අලුත්ම සිද්ධිය බවත් 'ද සන්ඩේ ලීඩර්' පුවත්පතේ නිර්මාපක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා 2009 ජනවාරි මසදී අමානුෂික ලෙස ඝාතනය කිරීමේ බිහිසුණු යටගියාවද මෙම කොල්ලයෙන් මතක් වන බවත් ඔවුහු පෙන්වා දෙති.


එහෙත් පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා පැවැසුවේ මෙය පැහැදිලිවම සන්නද්ධ කොල්ලයක් බවත්, ඊට වෙනත් චේතනාවන් තුඩු දීමට ඉඩ තිබෙන්නට ඇතැයි සැක කිරීමට කිසිදු හේතුවක් නොමැති බවත්ය. මේ සිද්ධිය පිළිබඳ කඩිනමින් පරීක්‍ෂණ පැවැත්වීමටත් අපරාධය සිදුකරනු ලැබූ ස්ථානයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමටත් පියවර ගෙන ඇතැයිද සිරිවර්ධන මහතා පැවැසීය.

දිල්රුක්‍ෂි හඳුන්නෙත්ති
(මව්බිම)

0 comments:

මාධ්‍යවේදිනී මන්දනා පැහර ගැනීමේ උත්සාහය වරදී නිවසට ඇතුළුවූවෙක් වෙඩිතැබීමකින් මරුට

 ශ‍්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනි සන්ඬේ ලීඩර් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික‍්‍රම මහත්මිය පැහැරගෙන යෑමට පැමිණි නාඳුනන සාහසිකයන් පිරිසක් පොලිසිය කඩා වැදීම නිසා තම වෑයම වැරදී යෑමෙන් එක් සාහසිකයෙකු මියගොස් පොලිස් නිලධාරීන් 3ක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

                   මන්දනා ඉස්මයිල් පදිංචිව සිටින කොළඹ ඩික්මන් පාරේ නිවසට සාහසිකයන් පිරිස පැමිණ ඇත්තේ අද පාන්දර 2.30 ට පමණය. එවිට නිවසේ සිට ඇත්තේ මන්දනාගේ මව පියා සහ දරුවා පමණක් වන අතර මන්දනාගේ ස්වාමි පුරුෂයා වන රොමේෂ් පිටත සංචාරයක යෙදෙමින් සිට ඇත. රොමේෂ් යනු සන්ඬේ ලීඩර් පුවත් පතේ ව්‍යපාරික ප‍්‍රවෘත්ති සංස්කාරකවරයා වේ.

                 පිහි සහ ගිනි අවි පෙන්වා පිරිස බියගන්වා වෙන වෙනම කාමර වලට සිර කර ඇති සාහසිකයෝ ප‍්‍රථමයෙන් මුදල් මංකොල්ල කෑමට පැමිණි බව අඟවා තිබේ. ඩික්මන් පාරේ ධනවත් ව්‍යාපාරිකයන් ඕනෑ තරමි සිටියදී මාධ්‍යවේදිනියකගේ නිවසකින් මුදල් මංකොල්ල කෑමට එන මෝඩ මංකොල්ල කරුවන් නොමැති අතර සාහසිකයන් තමන් සොරුන් බව ඇඟවීමට උත්සාහ කර ඇත. සාහසිකයන් සියළු දෙනා අත් වැසුම් භාවිතා කර ඇත.

                       දරුවාටද මන්දනාටද මවටද බෙල්ලට පිහි තබා තර්ජනය කර ඇති සාහසිකයන් මන්දනාට පහර දී තිබේ. ඉන්පසු ඇය සතුව තිබූ සියළු ලිපිගොනු අවුස්සමින් කිසියම් ඔවුනට අවශ්‍ය ලිපිගොනුවක් සොයා තිබේ. ලිපිගොනු පිරික්සමින් පැය දෙකකට කිට්ටු කාලයක් ගතවෙද්දී එනම් පාන්දර 4.30 ට පමණ එක් සාහසිකයෙක් පවසා ඇත්තේ ‘කාලය ගත වෙන නිසා ඉක්මනින් ආ වැඬේ කරගෙන යමු’ කියා ය.

                    ‘තමුසෙලා කව්ද? ඕනෑ දෙයක් අරගෙන යනවා. අපිට කරදරයක් කරන්න එපා’ යැයි මන්දනා පැවසූ විට සාහසිකයන් පිළිතුරු දී ඇත්තේ තමන් කොන්ත‍්‍රාත්තුවක් සඳහා පැමිණි බවයි. අවශ්‍ය බඩුත් රැුගෙන මන්දනාවත් රැුගෙන යෑම කොන්ත‍්‍රාත්තුව බව සාහසිකයන් පවසා ඇත.

                ඉන්පසුව මන්දනාගේ මුහුණ වැසෙන සේ රෙද්දකින් ආවරණය කර ගත් සාහසිකයන් මන්දනාගේ පිටට පිහියක් තබමින් පැහැරගෙන යෑමට උත්සාහ කරද්දී පොලිසිය පැමිණ ඇත.

            පොලිසිය පැමිණීමට හේතු වී ඇත්තේ පිටත සිටි මන්දනාගේ ස්වාමියා රොමේෂ් නිවසට දුරකතන ඇමතුම් ලබා ගත් නමුත් කිසිවෙක් පිලිතුරු නොදුන් බැවින් සැක සිතී පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 අංකයට කතා කර අනතුර දැනුම් දීම නිසාය.

            රොමේෂ් බියවී තිබුනේ මන්දනාට පසුගිය දින කිහිපයේදීම දුරකථන ඇමතුම් මගින් තර්ජනය කර තිබීමත් පෙරේදා එනම් 22 දා මරා දැමූ බළල් කුණක් නිවසට විසිකර දමා තිබීමත් ඊයේ සවස නිවසේ තිබූ රථයේ ටයර් කපා දමා තිබීමත් නිසාය. ඊට අමතරව ඉරිදා  පුවත්පතකින් ඇය දේශද්‍රෝහී කාන්තාවක ලෙස හඳුන්වා දී තිබුණි   . පළමුව දේශද්‍රෝහී ලේබලය ගසා පසුව ප‍්‍රහාර එල්ල කිරීම හෝ අතුරුදහන් කිරීම මරා දැමීම පසුගිය කාලයේ රටාව වී තිබීම නිසාත් රොමේෂ් දුරකථන ඇමතුම් අක‍්‍රිය වීම ගැන බියවී තිබිණ.

                             අනපේක්ෂිත ලෙස පොලිසිය පැමිණීමෙන් කළබලයට පත් සාහසිකයන් පිරිස පොලිසිය දෙසට වෙඩි තබා පළා යෑමට තැත් කර ඇති අතර පොලිසියද පෙරළා වෙඩි තබා තිබේ.           වෙඩි පහරින් සාහසිකයෙකු තුවාල ලබා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ. සාහසිකයන් සමග පොර බැදීමේදී පොලිස් නිලධාරියෙකු පිහි ප‍්‍රහාරයකට ලක්ව ඇති අතර ඔහු ගේ තත්ත්වය බරපතල බව පැවසේ. පොලිස් නිලධාරීන් 3 ක් රෝහල් ගතව ඇත

             මේ වන විට පැමිණි සාහසිකයන් 6 දෙනාගෙන් ඉතිරි 5 දෙනාද අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. සාහසිකයන් සතුව තිබූ ග්‍රෙනේඞ් බෝම්බයක් මිදුලේ වැටී තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.

0 comments:

වැලිවේරිය: පහර කෑ මාධ්‍යවේදීන්ට 'හමුදාව තර්ජනය කරනවා'

වැලිවේරියේ රතුපස්වල ජනතාවට එල්ල වූ ප්‍රහාරය වාර්තාකරමින් සිටියදී හමුදාවේ පහර කෑමට ලක් වූ මාධ්‍යවේදීන් බිය ගන්වමින් සිටින බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හමුදාවට චෝදනා කරයි.

පසුගිය අගෝස්තු පළමු වෙනිදා

Read More »

0 comments:

මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන්ද පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුයි.

ජල ප්‍රහාර, කඳුළු ගෑස්‌, රබර් උණ්‌ඩ වැනි දේ පාවිච්චි කර මහජන උද්ඝෝෂණ හෝ පෙළපාලි විසුරුවා හැරීමට ක්‍රමවේද තිබියදී රතුපස්‌වල ජනතාවට භාෂා තුනෙන් අවවාද නොකර වෙඩි තැබුවේ මන්දැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී ආණ්‌ඩු පක්‍ෂයෙන් විමසා සිටියේය.

ස්‌ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් විපක්‍ෂ නායකවරයා මෙසේද කීය.

සති දෙකක කාලයක පෙර සිට රතුපස්‌වල ප්‍රදේශයේ හේලීස්‌ වෙනිග්‍රෝස්‌ කර්මාන්ත ශාලාව අවට ජනතාව තමන්ට පානීය ජලය ලබාදෙන මෙන් ඉල්ලා උද්ඝෝෂණයක නිරත වුණා.

Read More »

0 comments:

මාධ්‍යවේදීන්ට හැඳුනුම්පත් දෙ‍න්නේ ගුටිකන්නද?

ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ට නිකුත් කර තිබෙන මාධ්‍ය හැඳුනුම්පතෙන් වැඩක් වේද? ඉන් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගරුත්වය හෝ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත වේද? එසේම ඉන් සලසා දී තිබෙන ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් කිසිවක් හිමි වන්නේද යන්න ගැටලුසහගත බව ශ්‍රී ලංකා ජනමාධවේදීන්ගේ වෘත්තීය
සමිතියේ සභාපති මන්දනා ඉස්මයිල්ය අබේවික්‍රම මහත්මිය කියයි.

ඇය මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන්ටත් මාධ්‍ය වෘත්තියටත් එල්ල වි ඇති මර්ධනකාරී සහ නින්දාකාරී වටපිටාව පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට එම වෘත්තීය සමිතිය විසින් 04දා  ජාතික පුස්තකාලයේදී කැඳවා තිබූ පුවත්පත් සාකච්ඡාව අමතමිනි.

ඇත්තෙන්ම මේවන විට මාධ්‍ය හැදුනුම්පත බලු වටින්නේ නැති තත්ත්වයකට පත්වී ඇති බවද ඇය සදහන් කළාය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මෙසේද පැවසීය.

"පළමුවෙන්ම අපි වෘත්තිය සමිතියක් විදිහට පසුගිය දින වතුර ඉල්ලා උද්ඝෝෂණයේ නියැලුණු අහිංසක නිරායුධ ගම් වැසියන්ට රජයේ හමුදා සහ පොලිසිය විසින් එල්ල කල ලැජ්ජා සහගත ප්‍රහාරය හෙළා දකිනවා. ඒ වගේම එම ප්‍රහාරයෙන් මියගිය හා පීඩාවට පත් ජනතාවට අප වෘත්තීය සමිතියේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිනවා.

මාධ්‍යවේදීන්ට එල්ල වන මෙම ප්‍රහාරයන් පසුගිය සතියෙන් ආරම්භ වූවක් නොවේ. පසුගිය සතිය පුරාම අප දුටුවා මාතලේ නාවුලදීත් දඹුල්ලේදීත් මෙවැනිම ප්‍රහාර මාධ්‍යවේදීන්ට එල්ල වන අයුරු. ඔවුන්ගේ වෘත්තීය කටයුතු වලට බාධා වන අයුරින් පොලිසිය හා රාජ්‍ය නිළධාරීන් හැසුරුණා. වැළිවේරියේදි එල්ල වන ප්‍රහාරය එහි උච්චචතම අවස්ථාවක්.

මාධ්‍යවේදීන් මෙම ප්‍රහාරයට ලක්වන්නේ තමන්ගේ වෘත්තීය කටයුතු වල නියැලෙද්දීයි. අපේ වෘත්තීය තොරතුරු වාර්තා කරණයයි. එම වෘත්තීයේ අපට නියැලිම සඳහා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වරයා අත්සන් කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව මගින් නිකුත් කළ ඇති හැඳුනුම්පතක් අපට තිබෙනවා.

එම හැඳුනුම්පතේ මෙහෙම සඳහන් වෙනවා.

"මෙම ජනමාධ්‍ය වේදියාට,ජනමාධ්‍ය වේදිනියට සිය වෘත්තිය කුටයුතු බාධාවකින් තොරව ඉටු කිරීමට සහයෝගය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි කියලා."

මෙම ඉල්ලීම කරන්නේ කවුද? රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ආරියරත්න ඇතුගල මහතායි. එතුමාගේ අත්සන ආණ්ඩුව බාල්දු කලායින් පස්සෙ. ඇතුගල මහත්තය කිව්වෙ මොකද්ද ?

වතුර ඉල්ලා හඬ නැගූ මිනිසුන්ට පොලු මුගුරු වලින් පහර දී වෙඩි තබා ඝාතනය කර එම ලේ වේලෙන්නටත් පෙර ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා කිව්වේ මොකද්ද ? ගුටි කෑ මාධ්‍ය වේදින් රෝහල් වාට්ටුවේ ඇඳ මත වැතිර වේදනාවෙන් සිටිද්දී ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර සිටියේ මාධ්‍යවේදින් ගුටිකෑවේනම් එම ගුටි කෑමේ වගකීම තමන්ම භාර ගත යුතු බවයි.

මේක කොයිතරම් ලැජ්ජ නැති, වගකීම් විරහිත ප්‍රකාශයක් ද ? ඉතින් අපි සහෝදර මාධ්‍ය වේදින් වන ඔබලාගෙන් විමසා සිටින්නේ මේ හැඳුනුම් පතෙන් ඇති වැඩේ මොකක්ද කියල. මේක නිකම්ම ප්ලාස්ටික් කෑල්ලක්ද ? මේකට වටිනා කහමක් නැද්ද ? එහෙම නැත්නම් මේක අපිට දෙන්නේ මොකටද ?

ඒ වගේම ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරාගේ එම ප්‍රකාශයට ශ්‍රී ලංකා ජන මාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතිය දැඩි විරෝධය පළ කර සිටිනවා. ඒ වගේම තව ඉල්ලීම් දෙකක් සහෝදර මාධ්‍ය වේදීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.

එකක් මාධ්‍ය වේදීන්ට එල්ල වු මෙම ප්‍රහාරයට විරෝධය පළ කිරීම සඳහා ඊළග සතියේ අපි කළු පටි පැළැඳ අපේ වෘත්තියේ නියැළෙමු කියන ඉල්ලීම.

දෙවැන්න මෙවැනි ප්‍රහාර සහ අපහාස කිරීම් වලට එරෙහිව සියළුම මාධ්‍ය වේදින් එකමුතුව සංවිධානය වී කටයුතු කරමු යන්නයි."

එහිදී ශ්‍රී ලංකා ජනමාධවේදීන්ගේ වෘත්තීය සමිතියේ නිලධාරීන් රතුපස්වලදී මාධ්‍යෙව්දීන්ට එල්ලවූ හමුදා ප්‍රහාරයට විරෝධය දක්වා සංඛේතාත්මකව කළු පටි පැළදීමද සිදු කළේය.

එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත කරුණාරත්න, එහි භාණ්ඩාගාරික කැළුම් ශිවන්ත, උප සභාපතිනී සරෝජා තිරුපති, විධාක සභික රවිනද්‍ර පුෂ්පකුමාර, හිමාෂි කරුණාරත්න හා අරවින්ද රත්නායක යන මහත්ම මහත්මීහුද සහභාගීවූහ. ඔවුන් කළු ඇදුමින් සැරසී සිට මෙම මාධ්‍යහමුව පැවැත්වීමද විශේෂත්වයක් විය.



0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු