sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » ‘පට්ට බැල්ලි බැහැපිය‘...........මාධ්‍යවේදිනියට වැලිවේරියේදී නම්බු දී කතා කරලා

 ‘වැලිවේරිය රතුපස්වල ගැටුම ආරම්භ වෙද්දී මාධ්‍යවේදිනියක් වහළයක් උඩ හිටියා. තරු දෙක හෝ තුන ගහපු යුද හමුදා නිලධාරියෙක් ‘පට්ට බැල්ලි බැහැපිය‘ කියා කියනවා මට ඇහුණා.  හමුදාව පන්න පන්නා උද්ඝෝෂණය කළ පිරිසට ගැසුවා. වෙඩි තිබ්බා. අපේ දේවස්ථානයේ සිදුවූ ම්ලේච්ඡ සිදුවීම ඇස් දෙකෙන් දැක්ක අය බය
නැතුව මානව හිමිකම් කොමිසම ඉදිරියේ සාක්කි දෙයි. මගේ ජීවිතේ නැති වුණත් මම ඇත්ත කියනවා. මගේ ලොතරැයි වික්කා. මම ලොතරැයි කූඩුවත් පෙරලා ගිනි තබා තිබුණා. දෙවියන් විසින් මේවට නිසි දඩුවම්ලබා දෙයි. යැයි වැලිවේරියේ පදිංචි රෙජිනෝල්ඩ් මහතා අද (28) මානව හිමිකම් කොමිසන් සභාව ඉදිරියේදී පැවසීය.

වැලිවේරිය රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් සංවිධාන නියෝජිතයන් සමග විශේෂ සාකච්ඡාවක් අද (28) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රතුපස්වල ජල ගැටළුව සහ ජනතාවට පිරිසිදු පානීය ජලය කඩිනමින් ලබා දීම සඳහා ගත යුතු දෑ පිළිබඳ එම රැස්වීමේදී වැඩි වශයෙන් සාකච්ඡා විය.

ගම්පහ සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභා නියෝජිතයන් ද, ජල සම්පානද මණ්ඩලයේ නියෝජිතයන් ද ලබන සතියේ මානව හිමිකම් කොමිසමට ගෙන්වා සාකච්ඡා කිරීමට ද එහිදී තීරණය විය.

පෙරවරු 10ට පමණ ආරම්භ වූ සාකච්ඡාව පැයක පමන කාලයක් පැවැති අතර එම සාකච්ඡාව අවසානයේ කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශද ලබා ගනු ලැබීය.

වැලිවේරිය මීසම භාර ලක්ප්‍රිය නෝනිස් පියතුමා ද, වෘත්තීය සමිති නියෝජිතයෝ කිහිප දෙනෙක් ද, ගමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයෝ ද, ගම්වාසින් කිහිප දෙනෙක් ද මේ සාකච්ඡාවට එක්වූහ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේද පැවසීය.

‘අද දිනයේ මානව හිමිකම් කොමිසමට සංවිධාන සිවිල් සංවිධාන කැඳවා තිබුණා. මේ සිද්ධියෙන් දරුවො දෙන්නෙක් මැරුණා. තුවාලකරුවන් අතර ළමයින් තුන් දෙනෙක් හිටියා. අධ්‍යාපනය ලබන දරුවෝ පීඩනයට පත් වුණා. ගුරුවරු සහ දරුවන් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති ලෙස ගුරු විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද මානව හිමිකම් කොමිසමට අවා.

කුමන් හෝ සිදුවුණාම  පරීක්ෂණ පවත්වනවා. නමුත් ඒවායේ අවසන් වාර්තාවට මොකද වෙන්නේ දන්නේ නෑ. අනිත් පරික්ෂණ වගේ මේක යට යන්න දෙන්න බැහැ. මේක බරපතල ප්‍රශ්නයක්.

අපි ද දිනයේ සාක්කිකරුවන් කිහිප දෙනෙක් ඉදිරිපත් කළා. අපි ඉල්ලා සිටියා ප්‍රකාශ ලබා දුන් අයගේ රහස්‍ය භාවය සුරකින් කියා. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඕන.

අගෝස්තු පළවැනිදා මේ සිද්ධිය වුණේ. මේ වෙනකොට දින 28ක් ගිහින්. අද වෙනකම් කවුරුත් අත්අඩංගුවට ගෙන නෑ.  මේ පරීක්ෂණ ඉක්මන් වෙන්න ඕන. එහෙම වුණාම තමයි ජනතාව තුළ විශ්වාසය ඇති වෙන්නේ. ‘

 නම හෙළි කිරීමට අකමැති වූ පාසල් සිසුවෙක් මෙසේ පැවසීය.

‘මම වැලිවේරියට ආවේ තුනට විතර . නැතිවුණ රවිශාන් අයියා මාත් එක්ක එදා බොහෝ වෙලා කතා කරමින් හිටියා. උද්ඝෝෂණය කරපු කට්ටිය පාරේ කොට දමා තිබුණා. එතැනින් යන්න ඇම්බියුලන්ස් රියක් ආවේ. එක්කෙනෙක් ඒකේ දොර ඇරියා. ඇතුලේ හිටියේ ලෙඩෙක් නෙමේ. ආර්මි එකනෙක් හිටියේ.

ප්‍රශ්න පටන් ගත්තට පස්සේ ආමි එකෙන් ඇල්බීසියා පොලු කාඩාගෙන ගැහුවා. මටත් පාරක් වැදුණා. මම එතැන තිබුණා කාණුවකට බැහැලා ටිකක් වෙලා හිටියා. ඉන් පස්සේ මා ගෙදරට ගියා.‘

 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත පෙරේරා මහතා මෙසේ ද පැවසීය. -

‘වැලිවේරිය හා රතුපස්වල සිද්ධි ගැන සාකච්ඡා කරන්න මානව හිමිකම් කොමිෂන් සභාව සිවිල් සමිතිවල නිලධාරීන්ට ආරාධනාවක් කළා . අපි ඔවුනට අවස්ථාවක් දුන්නා ප්‍රශ්න ගැන කියන්න කියා. කිහිප දෙනෙක් අපිට අවබෝධ වෙන විදියිට ඒ ප්‍රශ්න ගැන කිව්වා. අපි ඒ අයගෙන් ඉල්ලා සිටියා අද වාචිකව කරපු ප්‍රකාශ  ලිඛිතව  සති දෙකක් ඇතුළත ලබා දෙන්න කියා.

ඒ ප්‍රකාශ අනුව අපි තීරණයක්  ගන්නවා.

අද අපට වැටහුණු විශේෂ ප්‍රශ්නය නම් ජනතාවට සුදුසු නැති ජලය පානය කරන්න වෙනවා කියන එක. ජීවිත හානියට හේතුවක් වෙන්න පුළුවන් ඒ ජලය පානය කිරීම. ඒ අය පාවිච්චි කරන වතුර පිරිසිදුද නැත්ද කියන එක දැනගන්න එක අයිතිවාසිකමක්.. ජීවිත ආරක්ෂාවට තියන අයිතිවාසිකමක්. අනික් ප්‍රශ්න නිරාකරණයට කළින් ඒ ප්‍රශ්නය නිරාකරනය කරන්න අපි තීරණයක් ගත්තා.

ලබන සතියේ මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා නිලධාරීන් හා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන්   සාකච්ඡාවට කැදවනවා. අපි ඔවුනට අවබෝධ කර දෙනවා තමන් පාවිච්චි කරන ජලය පිරිසිදු ජලය බව දැනගැනීමට ජනතාවට අයිතියක් තියන බව. එහෙම නැත්නම් ඔවුන් කරන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව අපි ඔවුනට කියා දෙනවා. ඉන් පසු සාකච්ඡා කර සුදුසු නියෝගයක් දෙනවා.

අපිට තේරුම් ගියා ඒ  ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට ජලය ගැන ලොකු ප්‍රශ්නයක් තිබෙන බව.

වෙඩි තැබීමේ සිද්ධිය ගනත් කතා වුණා. දේවස්ථානයේ පියතුමත් ඒ ගැන ප්‍රකාශ කළා. වෙඩි තැබීම ගැන ඇසින් දුටු සාක්කි තියනවානම්, ඔවුන්   ඉදිරිපත් වෙන්න බිය නම් ඒවා ලිඛිතව එවන්න කියා අපි දැනුම් දුන්නා.‘

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..