ලසන්ත ඝාතනය |‘මම දරණ අදහස නම්, සීමාව ඉක්මවා යන ඕනෑම අයෙකුට තවත් කාලයක් ලබා නොදිය යුතු බවයි.‘

ලසන්ත වික්‍රමතුංග ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් නැවත වරක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වාර්තා වි තිබේ. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකයට තුඩු දී ඇති එක් පාර්ශවයක් වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඒ පිළිබදව කරන ලදැයි කියන ප්‍රකාශයක් එයට මූලික වී ඇත. එම ප්‍රකාශය කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ, හිටපු මාධ්‍ය සම්බන්ධීකාරක සංජීව සමරසිංහ විසිනි. සංජීව සමරසිංහ විසින්, සරත් ෆොන්සේකා පිළිබදව මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් ප්‍රකාශ කර සිටියේ ‘‘ලාල් වික්‍රමතුංග මහත්තයා, ලසන්ත වික්‍රමතුංගගේ අයියා. ඔහු අවස්ථා දෙකකදී ප්‍රකාශ කරලා තිබුණා, ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට සරත් ‍ෆොන්සේකා මහතා වග කියන්න ඕනැයි කියන එක. මම ඇහුවා ලාල් වික්‍රමතුංග කියපු කතාවේ සත්‍යක් තියනවද? ඔහු දුන්න උත්තරේ මගේ ඩයරියේ තියනවා. ‘මම දරණ අදහස නම්, සීමාව ඉක්මවා යන ඕනෑම අයෙකුට තවත් කාලයක් ලබා නොදිය යුතු බවයි.‘”

‘එතකොට මින් ඉදිරියට ඔහුගේ ඝාතන ලැයිස්තුවට සංජීව සමරසිංහගේ නම එකතු වේවි‘ යනුවෙන් එම මාධ්‍ය හමුවේ දී සංජීව සමරසිංහ විසින් ප්‍රකාශ කර ඇත. (බලන්න පහත වීඩියෝව, 0.45 සිට 01.23 දක්වා – Video Credit: Derana) ලසන්ත වික්‍රමතුංග පුවත්පත් කතුවරයා ඝාතනය කර මේ වසරේ ජනවාරි 08දාට වසරක් 5ක් ඉක්ම ගියේ ය. වසර 5ක් ඉක්ම ගොස් තිබියදීත් ලසන්ත ඝාතනය කළ ඝාතකයින් නීතිය හමුවට පැමිණ වීමට රාජපක්ෂ පාලනයට මෙතෙක් නොහැකිවීම තුළ, ලසන්ත මරා දැමූ ඝාතකයින් නීතිය හමුවට ඉදිරිපත් කරන්නැයි බලකරමින් ඔහුගේ සමීපතමයින් සහ ජනමාධ්‍ය ක්‍රියාකාරීන් පසුගිය ජනවාරි 09 වනදා ද විරෝධතාවයක් පැවැත් වීය. එහි දී කෑපි පෙනෙන සිදුවීමක් වූයේ ලසන්ත වික්‍රමතුංග ජනමාධ්‍යවේදියාගේ සහෝදරයා වන ලාල් වික්‍රමතුංග විසින් කරන ලද ප්‍රකාශයක් ය. ලසන්ත ඝාතනය කල අය තමන් දන්නවා යැයි, තමන්ට(ලාල් වික්‍රමතුංගට) ජනාධිපති රාජපක්ෂ තුන් වතාවක් ම කී බව මාධ්‍යට කිවේ ලාල් වික්‍රමතුංගය. එසේම ඔහු විසින් ඒ පිළිබදව ජනාධිපතිවරයාගෙන්, මෙසේ ඇසූ බවත් ලාල් වික්‍රමතුංග කියා සිටියේ ය. ‘‘ලසන්තගේ ඝාතකයන්ට නඩු දාන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවහම, මට නිසි ආකාරයේ පිළිතුරක් ලැබුනේ නෑ..‘‘ ලාල් වික්‍රමතුංග වැඩිදූරටත් කීවේ ය. ලාල් වික්‍රමතුංගගේ එම ප්‍රකාශය සහ එයට අදාල අනිකුත් අදහස් පසුගිය ජනවාරි 09වනදා ‘විකල්ප‘ වෙබ් අඩවියේ පළ කල අතර එම වීඩියෝ සටහන පහතින් දැක්වේ.

දැන් ලාල් වික්‍රමතුංගට, ජනාධිපතිවරයා කියූ ප්‍රකාශයත්, සරත් ෆොන්සේකා සම්බන්ධයෙනුත් මෙන්ම, දැන් සරත් ෆොන්සේකාගේ හිටපු මාධ්‍ය සම්බන්ධීකාරක සංජීව සමරසිංහ විසින් සරත් ෆොන්සේකා උපුටා දක්වමින් කියනු ලබන ප්‍රකාශත් තුළ ලසන්ත මරා දැමූවන් සොයාගැනීමට අවශ්‍ය නම් රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක අංශවල අවධානය යොමු විය යුතු වන්නේය. නමුත් ලාල් වික්‍රමතුංගගේ ප්‍රකාශයෙන් මාස දෙකකට ආසන්න වෙමින් තිබියදී පවා එම ප්‍රකාශයන් ගැන කිසිදු සැලකිල්ලක් දක්වන බවක් මේ දක්වා පෙනෙන්නට නැත. එම තත්ත්වයන් තුළදී දැන් සරත් ෆොන්සේකාගේ, හිටපු මාධ්‍ය සම්බන්ධීකාරක, සංජීව සමරසිංහ විසින් සිදුකරන මෙම ප්‍රකාශය පිළිබදවත් වඩා සැලකිල්ලක් දක්වනු ඇතැයි විශ්වාස කළ නොහැකි වන්නේ, මෙයට වඩා ප්‍රභල ප්‍රකාශයක් ලසන්තගේ සහෝදරයා විසින් සිදුකල විටදී පවා ආරක්ෂක අංශ හොරට නිදා සිටිය බැවිනි.
කෙසේ නමුත් පසුගිය කාලය පුරාම ලංකාවේ ජනමාධ්‍යට එල්ල කරන ලද සියලු ප්‍රහාරයන් වල පරීක්ෂණවල කිසිදු ප්‍රගතියක් නැති තත්ත්වයක් තුළ, ඒ පිළිබදව සිදුවන ‘දේවල්‘ පිලිබදව ඉතා කෙටියෙන් මෙසේ පැවසිය හැකිය. ‘හොරැ විසින් හොරකම් පිළිබදව පරීක්ෂණ කරන තාක් කල් හොරැ අල්ලා ගැනීමට නොහැකි බවයි.‘

0 comments:

මාධ්‍යවේදිනිය මරාදැමු ’ සැකකාර පේන්ට් බාස් දොම්පේදී අත්අඩංගුවට

 ඉරිදා උදෑසන බත්තරමුල්ලේ ගැමුණු මාවතේ නිවසක මුළුතැන්ගෙයිහිදී ගෙල කපා මරාදමා තිබුණ මෙල් ගුණසේකර මාධ්‍යවේදිනියගේ මිනීමරුවා පැය 24 ක් යන්නට මත්තෙන් ඊයේ රාත‍්‍රී 8 ට පමණ දොම්පේ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නට මිරිහාන විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.
පොලිස් වාර්තා අනාවරණය කරන ආකාරයට 40 හැවිරිදි අවිවාහක මාධ්‍යවේදිනිය මරාදමා ඇත්තේ සොරකමේ ආ පුද්ගලයෙකු සොරකම වැරදීමෙන් පසුය.පොලිසිය හසුකරගත්  මිනීමරුවා තමන් මෙල් මෙනෙවිය මැරූ බවට පාපොච්චාරණය කර තිබෙනවා. ඔහු මෙම නිවසේ තීන්ත ආලේප කිරීම සඳහා මින් ඉහත සති ගණනාවක් තිස්සේ නිවසට පැමිණි පින්තාරු බාසුන්නැහේ කෙනෙකි.

බත්තරමුල්ල සුභූතිපුර ප‍්‍රදේශයේ දෙමහල් සුඛෝපභෝගී නිවසක් වන මෙහි තීන්ත අලේප කිරීම සඳහා කාලයක් තිස්සේ කුලී වැඩට ආ මෙම බාස් උන්නැහේ නිවසේ උදවිය අනිවාර්යයෙන්ම ඉරිදාට පල්ලි යන බව දැන සිටි අතර ඒ අවස්ථාවේ නිවසේ කිසිවෙකු නැති නිසා සොරකමක් සිදු කරන්නට හොඳම වේලාව එය බව සිතා ඉරිදා මෙම සොරකම සිදු කරන්නට සැලසුම් කර තිබෙනවා.
හැම ඉරිදාම පල්ලි ගියත් මේ ඉරිදා කිසියම් අත්‍යවශ්‍ය කටයුත්තක් නිසා මෙල් මෙනෙවිය පල්ලි නොයන්නට තීරණය කර තිබුණ අතර ඇගේ මල්ලීත් අම්මාත් තාත්තාත් පමණක් ඊයේ පල්ලි ගොස් තිබුණා.
සොරකම කරන්නට ආ බාස් සියල්ලන් පල්ලි යන්නට ඇතැයි සිතා මේ නිවසේ ප‍්‍රධාන ගේට්ටුවෙන් ඇතුළුවී තිබෙන අතර ඔහු නිවසේ දොර ඇරගෙන ඇතුළට එන්න හදන විටම උඩු මහලේ සිට පහළට ආ මෙල් මෙනෙවියට හසුවී තිබෙනවා. තීන්ත බාස් හොරකමේ ඇවිත් ඇති බව ඇයට අවබෝධ කරගන්නට වැඩි වේලාවක් ගොස් නැත. මේ අවස්ථාවේදී තමා හඳුනාගත් නිසා කලබලයට පත් බාස් වහාම කුස්සිය වෙත දිව ගොස් පිහි දෙකක් සොයාගෙන ඇය වෙත ඒවා අමෝරාගෙන පැන ඇත්තේ ඇය මරා දමා සාක්ෂිය ස`ගවන අදහසිනි. ඔහු ඇගේ ගෙළට අනින ලද පිහි පහර නිසා ඇය එතැනම මියගොස් තිබුණා. තමා ඒ අවස්ථාවේ කලබලයට පත්වී සොරකම බාගෙට කරගෙන ආ බවත් තමාට සොරකම් කරන්නට හැකිවූයේ රුපියල් 1200 ක් සහ මෙල් මෙනෙවිය අතතිබුණ බ්ලැක්බෙරි වර්ගයේ ෆෝන් එක පමණක් බවත් සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා.

මිනීමැරුම සිදුව ඇති බව නිවසේ අය දැනගත්තේ ඔවුන් පල්ලියේ සිට නිවසට පැමිණි පසුය. ලේ විලක් මැද කුස්සියේ වැටී සිටි මෙල් මෙනෙවිය දැක නිවැසියන් භීතියට පත්වූ අතර වහාම පොලිසියට ඒ බව දන්වා සිටියා.

නිවස අසළ ආරක්ෂක කලාපයක් බවට පත්කළ පොලිසිය ඒ වෙත ඥාතීන්ට හැර වෙනත් කිසිවෙකුට එන්නට නොදී පරීක්ෂණ ඇරඹුවා. මේ සඳහා පොලිස් නිල සුනඛයින්ද යෙදවූ අතර සැකකටයුතු ඇ`ගිලි සලකුණු කිහිපයක්ම සොයාගන්නට ඔවුන් සමත් වුණා.

ළ`ගම නිවසක සිටි අසල්වැසියෙකු පොලිසියට කියා තිබුනේ කිසිවෙකු මහ හඬින් විලාප නගන ශබ්දයක්ද තමාට ඔය කියන වේලාවේ ඇසී තිබුණ නමුත් ඒ හඬ නැවතුණ පසු ඒ ගැන සොයාබලන්නට උනන්දු නොවූ බවය.

නිවස අසළ පිහිටි තවත් නිවාස වෙත ගොස් ඔවුනගේ සීසීටීවී කැමරා පද්ධති පිළිබඳවද සොයාබලන්නට පොලිසිය උනන්දු වුණා.

එක් නිවසක සවිකර තිබුණ කැමරා පද්ධතියේ වීඩියෝ පටය නරඹද්දී මෙල් මෙනෙවිය තනිව නිවසේ සිටි වේලාව පරීක්ෂා කිරීමේදී මෙම නිවස දෙසට පුද්ගලයෙකු යන අයුරු හා ඔහුම තවත් ටික වේලාවකින් නිවසින් පිටව යන අයුරු හඳුනාගන්නට හැකිවුණා.

වීඩියෝවේ සිටින පුද්ගලයා හඳුනනවාදැයි අසන්නට මෙල් මෙනෙවියගේ නිවැසියන් කැඳවූ පොලිසියට මේ පුද්ගලයාගේ හැඩරුව අනුව හෝඩුවාවක් ලැබුණා. ඔවුන් කියා තිබුනේ මේ අපේ පේන්ට් බාස්නේ..ලෙසිනි.

දොම්පෙ ප‍්‍රදේශයේ සිට පැමිණ කලක් තිස්සේ නිවස පින්තාරු කළ පේන්ට් බාස්ගේ ලිපිනය පොලිසියට ලැබුනේ ඒ අයුරිනි. ඊයේ රාත‍්‍රියේ අටට පමණ එම නිවස වැටළීමේ රහස් මෙහෙයුමක් දියත් කළ පොලිසියට සැකකරු පහසුවෙන් අල්ලාගන්නට හැකිවුණා. පොලිසිය එනවිට අධික ලෙස බීමත්ව සිටි සැකකරු පොලිසිය දැක බියට පත්වූ බවද වාර්තා වුණා. ඔහු අසළම මෙල් මෙනෙවියගේ බ්ලැක්බෙරි ෆෝන් එකද නිරුපද්‍රිතව තිබුණා.කෙසේ වෙතත් මිනීමැරුම සිදුකළ බව ඔහු පිළිගත්තත් ඔහුගෙන් ඇත්ත දැනගැනීම එකවරම අසීරු කටයුත්තක් වූයේ පැටලිලි සහගත කථාබහ නිසාය. නිවසින් රුපියල් 1200 ක් පමණක් සොරාගත් බවට ඔහු කරන ප‍්‍රකාශය මවාපෑමක් විය හැකි යයි පොලිසිය සැකකරනවා.

සැකකරු මේවනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර සය දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව ඉදිරි පරීක්ෂණ ක‍්‍රියාත්මක කරනවා.

0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු