මාධ්‍යයට නිදහස නොදුන්නොත් සත්‍ය තොරතුරු රටට හෙළි වන්නේ නෑ අස්‌ගිරි මහනාහිමියෝ ජනමාධ්‍ය ඇමැතිට කියති

මාධ්‍ය වෙත නිදහස ලබානොදුනහොත් රටට සත්‍ය තොරතුරු හෙළිවන්නේ නැතැයි අස්‌ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන හිමියෝ ඊයේ (28 වැනිදා) ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට පැවැසූහ. උන්වහන්සේ එසේ පැවසුවේ ඇමැතිවරයා ඊයේ තමන් වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්‌ථාවේය.

එහිදී අදහස්‌ දැක්‌වූ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ බලපෑම්වලින් තොරව මාධ්‍ය නිදහස තහවුරු කරන පරිසරයක්‌ උදාකර දීමට රජය බලාපොරොත්තු වන බවය. රාජ්‍ය මාධ්‍යයටද සමබරව කටයුතු කරන ලෙස රජය උපදෙස්‌ දී ඇතැයි ඇමැතිවරයා මෙහිදී මහනායක හිමියන්ට පැවැසීය.
 

0 comments:

පත්තර ගැන ඇහැ ගහන අලුත් ආයතනය! කර්තෘ සංසදය හා පුවත්පත් කොමිසම තිබියදී තවත් එකක්‌ මොකටද? - සිරිල් ගාමිණී පියතුමා

දැනටමත් සක්‍රීයව පවත්නා පුවත්පත් පැමිණිලි කොමිසම අබිබවා යන පරිදි බලතල සහිත ස්‌වාධීන ආයතනයක්‌ පිහිටුවීමට අවශ්‍යතාවක්‌ නොමැති බව කොළඹ අගරදගුරු පදවියේ ජනමාධ්‍ය අධ්‍යක්‌ෂ සිරිල් ගාමිණී පියතුමා පැවසීය.

රජය මගින් පිsහිටුවීමට නියමිත නව ස්‌වාධීන ආයතනය පිළිබඳව අදහස්‌ දක්‌වමින් සිරිල් ගාමිණී පියතුමා මෙසේද කීවේය. බලතල සහිත ස්‌වාධීන ආයතනයක්‌ පිහිටුවීමට යන ආරංචිය පිළිබඳව මා දකින හැටියට අලුතින් දෙයක්‌ අවශ්‍ය නැහැ. කර්තෘ සංසදය, පුවත්පත් කොමිසම තිබියදීත් මොකටද තවත් එකක්‌? අනික කර්තෘ සංසදය අනුමතකර ගත් ආචාර ධර්ම පද්ධතියක්‌ අනුව පුවත්පත් මණ්‌ඩලය ක්‍රියාත්මක වෙද්දී පුවත්පත් කොමිසම අභිබවා යන ස්‌වාධීන ආයතනයක්‌ අවශ්‍ය වෙන්නේ නැහැ. වගකීම් විරහිත මාධ්‍ය භාවිතාවන් තිබෙනවා නම් ඒවා පිළිබඳව කටයුතු කිරීමට රටේ ඉතා බලවත් අධිකරණයක්‌ද තිබෙනවා.

0 comments:

මුං චණ්‌ඩි නොව නොන්ඩින් ය

මේ වන විට රටේ බිම් මට්‌ටමේ සිටම පාදඩකම ව්‍යාප්ත වී හමාරය. ගමේ බෝක්‌කුව උඩ බීඩි උරන රස්‌තියාදු ගසන මිනිසාගේ පාදඩකමට වඩා කසිප්පු විකුණන එකාගේත්, ගංජා විකුණන එකාගේත් පාදඩකම ටිකක්‌ වැඩි ය. ඊටත් එහාට ගිය විට කප්පම් ගන්නා, මිනී මරණා පාතාලයන්ගේ පාදඩකම බොහෝ සෙයින් වැඩිය. පොලිසියේ ඇත්තේත් අමුතුම වර්ගයේ පාදඩකමකි. දේශපාලන පාදඩකම යනු මේ සියල්ලන්ගේම එකතුවක්‌ බව දැන් දැන් සිදුවෙමින් පවතින දේ අනුව හොඳින්ම තහවුරු වී තිබේ.

ඊයේ 'දිවයින' පුවත්පත වාර්තා කර තිබූ බෞද්ධාලෝක මාවතේ 'මැරවරයාගේ' ප්‍රවෘත්තිය උදාහරණ සහිතවම ඒ දේශපාලන පාදඩකම රටට පෙන්වා දී තිබිණි. රාජකාරියට ගොස්‌ නැවත 'දිවයින' පුවත්පත් කාර්යාලය කරා එන ගමනේදී 'දිවයින' රියෑදුරුවරයාටත්, මාධ්‍යවේදියාටත් තර්ජනය කර පහර දී තිබුණේ මහ මාර්ගයේ විනය හෝ නොදන්නා දේශපාලන හයිය හිතට ගත් මැරවරයෙක්‌ ම බව විශ්වාසයෙන් ම කිව හැකිය. කිසිදු හිරිකිතක්‌ නොමැතිව පාදඩකම අමු අමුවේම ප්‍රදර්ශනය කරන මේ මැරවරයා 'දිවයින' මාධ්‍යවේදියාගෙන් ද රියෑදුරාගෙන් ද විමසා ඇත්සේ "අඩෝ දන්නවාද ඩෝ... මම කවුද කියලා" යනුවෙනි.

අපට කියන්නට ඇත්තේ ඒ බව අමුතුවෙන් 'දැනගන්නට' අවශ්‍ය නැති බවය. තමන් සුනඛ කුලයට අයත් සතකු බව මේ මැරවරයා ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබේ.

සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රශ්න අසා චණ්‌ඩිකම් පෙන්වන අමනයන් වර්ග කිහිපයකි. පළමු කොටස සෘජුවම දේශපාලනයට සම්බන්ධ අයයි. දෙවැනි කොටස දේශපාලනඥයන්ට ළඟම ඥාතීන් වන අයයි. (ඒ අතර දූ දරු සබඳතා, වෙනත් ඥති සබඳතා තිබිය හැක.) ඊළඟ කොටස දේශපාලන හයිය හිතට ගත් දේශපාලනඥයන්ගේ සමීපතම හිතවතුන් ය. හතර වැනි කොටස දේශපාලනඥයන්ගේ සියලුම සට්‌ටඹි වැඩ කරන, බත් බැලයෙකි. පස්‌වැනි කොටස දේශපාලනඥයන්ගේ පෞද්ගලික කාර්ය මණ්‌ඩලයකට හෝ අමාත්‍යාංශයට අයත් කාර්ය මණ්‌ඩලයේ ලිපිකරු, කාර්යාල කාර්ය සහායක, රියෑදුරු, පුද්ගලික සහකරුවන්, සම්බන්ධීකරණ ලේකම්වරු මේ ආදී වශයෙන් බොහෝමයකි.

දැනගන්නට ඇති පරිදිත්, පෙනෙන්නට ඇති පරිදිත් මේ අමනයා 'රියෑදුරු' වර්ගයට අයත් එකෙකි. යහපාලන ආණ්‌ඩුව මේ ගැන බොහෝ සේ කල්පනා කළ යුතු ය. රියෑදුරුගේ හැසිරීම මෙසේ වී නම් රථය හිමි අයත්, අදාළ දේශපාලනඥයනුත් කොහොමට ඇත් ද? මෙවැන්නන් හතරපස්‌ දෙනෙක්‌ සිටින ඕනෑම ආණ්‌ඩුවක්‌ වැඩිකල් නො ගොස්‌ ගෙදර යෑවීමට තරම් මේ අමන තකතීරු හැසිරීම් හේතු වන බව කිව යුතු ය.

මේ පහරදීමත්, තර්ජනය කිරීමත් සිදු වන මොහොතේ, ඒ අසල පොලිස්‌ නිලධාරියකු ද සිටින බව ඒ මොහොතේ ගත් ඡායාරූපය සාක්‍ෂි දරයි. මේ බත් බැලයා කිසිදු වග විභාගයකින් තොරව සුනඛ ගති ප්‍රදර්ශනය කරන්නේ පොලිස්‌ නිල ඇඳුමට හෝ කිසිදු ගරුසරුවක්‌ නොමැතිව ය. ඉන් ඉඳුරාම පැහැදිලි වන්නේ ඒකා කොයි තරම් නම් දේශපාලන හයිය හිතට ගෙන ඇතිදැයි යන්න ය. ඒ නිසාම මෙය අතිශය නරක පූර්වාදර්ශයක්‌ බව කිව යුතු ය.

මහ දවාලේ මිනිසුන් පැහැරගෙන ගොස්‌, දේශපාලනඥයන් නඩු අහන රටක, දේශපාලනඥයන් මිනිසුන් යටකර පලා යන රටක, ඒ හයිය තිබෙන රියෑදුරකු යෑයි කියන අමනයකු මිනිසුන්ට පහරදීමෙන් පමණක්‌ නතර වේද?

යහපාලනය යටතේ මහජන නියෝජිතයන් මෙවැනි 'සුළු සුළු' කාරණා ගැන එතරම් තැකීමක්‌ නො කරන බව පෙනේ. ඒ නිසාම මේ පාදඩ බත්බැලයාට හෙට අනිද්දා උසස්‌වීමක්‌ වුව ලැබෙන්නට ඇති ඉඩකඩ බොහෝ වැඩි ය. මේ ආණ්‌ඩුවේ දින සියය වැඩපිළිවෙල යටතේ මහජන නියෝජිතයන්ට ආචාර ධර්ම පද්ධතිය හඳුන්වා දෙන බව කීවේය. ආචාර ධර්ම හාංකවිසියක්‌වත් නො දන්නා දේශපාලනඥයන් සිටින රටක, බත්බැලයන් ගැන කතා කළ යුතුම නැත.

divaina -

0 comments:

දිවයිනට පහරදුන් 'චණ්ඩියා' වරාය මාධ්‍ය ලේකම්ගේ රියැදුරා

සුඛෝපභෝගී ජීප් රථයක පැමිණ ඊයේ (5 ) දහවල් දිවයින පුවත්පතේ මාධ්‍යවේදී සිරිමන්ත රත්නසේකර  මහතාට  බැණවැදී ඔහු ගමන් කරමින් සිටි රථයේ රියදුරුට   පහර දී ඇති පුද්ගලයාව කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



මෙම පුද්ගලයා වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගේ රියදුරු බවයි වාර්තා වන්නේ.


කොළඹ බෞද්ධාලෝක මාවතේ විඡේරාම හන්දිය අසලදී ඊයේ මෙම පහරදීම සිදු වුණා.



මෙම පුද්ගලයා පැදවූ සුඛෝපභෝගී ජීප් රථය  එක්‌වරම විඡේරාම හන්දියෙන් හැරවීමට සුදානම් වී ඇති අතර ඊට ඉඩදීම සඳහා මාර්ගයේ ඉඩ නොතිබීමෙන් දිවයින රථය ඉදිරියට ධාවනය කිරීම නිසා කෝපයට පත් සුඛෝපභෝගි රථයේ පැමිණි අය ජීප් රථය  පාර මැද නතර කර එයින් බැස පැමිණ පහර දී තිබෙනවා.

0 comments:

මහපාරේ චන්ඩියාව දන්නවා ද?.....බෞද්ධාලෝක මාවත දිගේ යහපාලනය දෝරේ ගැලූ සැටි...

"අඩෝ උඹ දන්නවද ඩෝ මම කවුද කියලා.. දැනගනින් පරයා.." යෑයි ගුගුරමින් සුඛෝපභෝගී ජීප් රථයක පැමිණි පුද්ගලයකු ඊයේ (5 වැනිදා) දහවල් "දිවයින" මාධ්‍යවේදියකුට බැණවැදී ඔහු ගමන් කරමින් සිටි කාර්යාල රථයේ රියෑදුරාට කොළඹ බෞද්ධාලෝක මාවතේ විඡේරාම හන්දිය අසලදී පහර දෙනු ලැබීය.

ඒ කුරුඳුවත්ත පොලිසියේ පොලිස්‌ නිලධාරියකුගේ අවවාදද තුට්‌ටුවකට මායිම් නොකරමිනි. සිද්ධිය වන අවස්‌ථාවේ "දිවයින" මාධ්‍යවේදියා සිටියේ කිරුළපන පැවැති බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවක්‌ ආවරණයට කාර්යාලීය රථයකින් ගමන් කරමිනි. "දිවයින" රථය බොරැල්ල කනත්ත හන්දියේ බෞද්ධාලෝක මාවත ඔස්‌සේ ටොරින්ටන් දෙසට යැම සඳහා ගමන් කරමින් තිබිණ.

මේ අතරේ ඉදිරියෙන් පැමීණි සුඛෝපභෝගී ජීප් රථයක්‌ මාධ්‍යවේදියා ගමන් කළ රථය පිළිබඳ කිසිදු තැකීමක්‌ නොකර එක්‌වරම විඡේරාම හන්දියෙන් හැරවීමට සුදානම් විය.

නමුත් ඒ මොහොතේ "දිවයින" රියෑදුරුට ඊට ඉඩදීම සඳහා මාර්ගයේ ඉඩ නොතිබීමෙන් හේ රථය ඉදිරියට ධාවනය කළේය. ඒ සමගම ඉන් ප්‍රකෝපයට පත් සුඛෝපභෝගි රථයේ පැමිණි අය ඉහත සඳහන් පදිරි පාදඩයකු සේ දිවයින රියෑදුරුට සහ මාධ්‍යවේදියාට බැණ වදිමින් සිය ජීප් රථයද පාර මැද නතර කර එයින් බැස පැමිණ පහර දීමට සූදානම් වී ඇත.

මේ අවස්‌ථාවේ කුරුඳුවත්ත පොලිසියේ රථවාහන පොලිස්‌ නිලධාරියකු පැමිණ ජීප් රථයේ පැමිණි අයට අවවාද කර පිටයත් වන ලෙස පවසා යළි ආපසු හැරීයත්ම සුඛෝපභෝගී රථයේ පැමිණි චණ්‌ඩියා "දිවයින" රියෑදුරුට වැරෙන් පහර කිහිපයක්‌ එල්ල කර යළි දිවයමින් ජීප් රථයේ නැගී පලා ගොස්‌ ඇත.

එම ජීප් රථයේ අංකය කේ. ඡේ. 6245 ලෙස අංක තහඩුවේ සටහන්ව තිබිණ. පසුව අප කළ සොයා බැලීමේදී එම රථය කලින් පැවති ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කෙරුණක්‌ බවද දැනගැනීමට හැකි විය.





ඒ අනුව පැහැදිලි කරුණු වන්නේ දැන් මෙය යහපාලන රජයේ වාහනයක්‌ බවය. එසේ නම් රජයේ බලධරයනි. මේ චණ්‌ඩියා කවරෙක්‌ද? ඔහුව හඳුනා ගැනීමට පහසුව පිණිස අපි ඒ පාදඩ මැරයාගේ ඡායාරූපයක්‌ද මෙහි පළ කරන්නෙමු. මේ මැරයා ඊයේ යහපාලනය බෞද්ධාලෝක මාවත දිගේ දෝරේ ගලා යෑව්වේය.

මේ පුද්ගලයා කවුද? කවුරුන් හෝ දේශපාලනඥයකුගේ බත් බැලයෙක්‌ද? එසේ නැතිනම් ඇඟපුරා මොලේ ඇති නහර වැඩි වූ දේශපාලන පුත්‍රයෙක්‌ද? සිද්ධිය සම්බන්ධයෙන් දිවයින මාධ්‍යවේදියා සහ රියෑදුරු ඊයේ කුරුඳුවත්ත පොලිසියට ගොස්‌ මේ පිළිබඳ පැමිණිල්ලක්‌ද සිදු කරනු ලැබූහ. ඉතින් අපි බලා සිටිමු.

0 comments:

තොරතුරු පනත උඩුකුරුඤ්ඤංද?


අද අප්‍රේල් 1දාය. අනුන්    රැවටීම සඳහා විවිධාකාරයෙන් විහිළු තහළු කරන මෝඩයින්ගේ දවසය. එම දිනයේ විනෝද වීම සඳහා උසස්ම ගණයේ විහිළු තහළු එක්රැස් කිරීම ලොව පුරා සිදුකෙරේ. එදින ලොව වැඩියෙන්ම විනෝදවන ජාතිය වනුයේ නෙදර්ලන්ත වාසීහුය. ශ්‍රී ලංකාවේ ‘යහපාලන‘ ආණ්ඩුව මෙම දිනවල සපයන විහිළු තහළුවලින් නෙදර්ලන්තයද දැන් පරදවා ඇත්දැයි සැකයකි. සියලු වැඩ දැන් ජෝන් බාස්ට ගොස්ය. වසරකට දිනක් නොව ඉකුත් වසර පුරාම අරුම පුදුම විහිළු කිරීමෙන් ජනයා විනෝදමත් කිරීමට ඔවුහු සමත්ව සිටිති.
‘යහපාලන’ ආණ්ඩුව බලයට පත්වී අදට දින 470  ක් පමණ වන අතර එම දින ගණනට ගෙතූ බොරු ගණනද ඒ හා සමානය. ජනපතිවරණයෙන් 2015 ජනවාරි 8 වැනිදා ජයගත් පසු වෙච්ච පොරොන්දු සහ ඇත්තටම වෙච්ච දේ ගැන හිතමු. සාමාජිකයින් 25 කට අඩු කැබිනට් මණ්ඩලය හිතළුවකි. ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම සඳහා පිහිට වූ ජාතික උපදේශක සභාව හොරා පොලිස් ගේමකි. කේවල සහ සමානුපාතික රටාවන් මිශ්‍රවූ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමේ මුවාවෙන් රටපුරා පළාත් පාලන ආයතන 336  න් 313 ක් විසුරුවා හැර ජනතා පරමාධිපත්‍යය වසරකට ආසන්න කාලයක් වළලා දමමින් තිබේ. පොලිස් සහ මැතිවරණ කොමිෂන් ඇතුළු ස්වාධීන කොමිෂන් සභා ඇති ළද ඉන් ලැබුණු ප්‍රතිඵල නරියා කහඹිලියා පැළය උඩ වාඩිවුණා වගේ වැඩක්ය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කීවද සිදුවී ඇත්තේ එහෙන් මෙහෙන් කෑලි ටිකක් හළා මදය තබාගෙන පරණ පුරුදු පාරේම රේස් යෑමය. ජාතික ඖෂධ පනත සම්මත කිරීමෙන් නටපු නැටුමකුත් නැත. බෙරේ පළුවකුත් නැත. ඖෂධ මිලද නහුතෙට නැගලාය.
මාධ්‍ය නිදහස තහවුරු කිරීම සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමේ පනතක් ‘යහපාලන‘ ආණ්ඩුව හඳුන්වා දෙන බව කීවේ 2015 පෙබරවාරි 20 වැනිදාය. එය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා යැයි කීවේ 2015 මාර්තු 20 වැනිදාය. පමාවී හෝ තොරතුරු පනත වසරකට පසු 2016 මාර්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අව්ව තිබියදී පිදුරු වේලාගත යුතුය යන න්‍යායෙනි. අනේ මෙහෙම රැවටීමක්! තොරතුරු දැන ගැනීමේ පනත දැන් කල දුටු කල වළ ඉහ ගැනීමකි. මාධ්‍ය නිදහසට පහරකි. හරියට ඊයේ පෙරේදා සම්මත කිරීමට වලිකෑ පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් පසු හමස් පෙට්ටියට ගිය භික්ෂු පනත වාගේ වැඩකි. තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමය.
ඉදිරිපත් කරන ලද කෙටුම්පත තොරතුරු වසන් කිරීම සඳහා ගෙනෙන ලද කෙටුම්පතකි. පනත වෙනුවෙන් එදා පෙනී සිටි සාධාරණ සමාජය දැන් රඟදක්වන්නේ ගොන් කොටි කෝලමකි. පුරවැසි බලය කම් කම් බූරු සිං සිං නෝරු ප්‍රතිපත්තියේය. අලුත් පරපුර ඉන්නේ පුංචි අන්දරේ මඟුල් ගෙදර ගියා වගේය. දූෂණ විරෝධී පෙරමුණ සිදුකරනුයේ කිඹුලා ඇදගෙන යනවිට කොහිල ගහේ එල්ලීමය. ඊශ්වර දෙවියන්ගේ ගෙලේ බැඳි නාගයා මොනරුන්ගෙන් දුක සැප විමසනවා මෙන් ෆූටාව නොහොත් සරසවි ආචාර්ය සමිති සම්මේලනයද සුභාෂිතයේ කියන පරිදි ‘ඇසි කිම යහළු තොරතුරු‘ කියා ෂේප් තියරියක පේවී සිටී. වීදියේ විරෝධයද පාළුව කාන්සිය මකා ගන්නට සිව්පද කවියක් කියා පද පෙරළමින් සමයං නටති. පනත ගෙන එන්නට වසර 2 ක් කෑ මොර ගැසූ අය දැන් කරන්නේ පුල්ලෙයාර් ගසේ දෙවියන් වෙනුවෙන් කොළ අතු එල්ලීමය. මේ සියලු සංවිධාන සහ සමාජ ක්‍රියාකාරිකයන් ලෙස පෙනී සිටින්නන් සියල්ලෝම ඉදිරියේ මහදවල් දැන් නිරාවරණය වෙමින් පවතී. අදාළ ප්‍රශ්නවල ගැඹුර විසින්ම අව්‍යාජව එම ප්‍රශ්න ගැන කතාකරන නව රැල්ලක් සෑම ක්‍ෂේත්‍රයකින්ම නැගී එමින් තිබීම මව්බිමේ වාසනාවකි.
තොරතුරු දැනගැනීමේ පනත වසර ගණනාවක් තිස්සේ පුරවැසි සංවිධාන සහ මාධ්‍යවේදීන්ගේ ඉල්ලීමකි. එහෙත් දැන් එය තොරතුරු සැඟවීමේ පනතකි. මෙම පනත් කෙටුම්පත පරික්ෂාවට ලක්කරන විට එය ජනතාවගේ පරමාර්ථයන් බොහෝමයක් ඉටු නොවන බව පෙනී ගොස් ඇත. පළාත් සභා සියල්ලෙන්ම ව්‍යවස්ථාපිතව සම්මත කළැයි කීවද එයද විවාදාත්මකය. තොරතුරු දැනගැනීමේ අයිතිය ස්ථාපිත කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ජනතාවගේ ජීවිතවලට බලපාන තොරතුරු රාජ්‍ය ආයතනවලින් ලබාගැනීමේ අයිතිය ජනතාවට ලැබීමය. අයිතිය සහතික කරන නීති තිබූ පමණින් තොරතුරු පුරවැසියන්ට නිරාවරණය නොවේ. නව පනත් කෙටුම්පතින් එම සීමාවන් පැනවීම දැඩිකර ඇත. එමෙන්ම පරස්පරතාවයන්ද බහුලය. තොරතුරු ලබා නොදෙන්නේ  නම් ගතයුතු විකල්පය වෙනත් රටවල පැහැදිලි කර තිබුණද නව කෙටුම්පතේ එවැනි සාධනීය ලක්ෂණ නැත.
පනතට අනුව බැංකු කටයුතු හෝ ණය කටයුතු විධිමත් කිරීමට අදාළ තොරතුරු, බදු පැනවීම හා භාණ්ඩ සහ සේවාවල මිල ස්ථාවරව පවත්වා ගැනීම, පාලනය සහ ගැළපීම, කුලී සහ අනෙකුත් පිරිවැය හා වේතන අනුප්‍රමාණ වැටුප් සහ අනෙකුත් ආදායම් පිළිබඳ තොරතුරු ද යමෙකු ඉල්ලා සිටියහොත් ඒවා හෙළි කිරීම වරදකි. අධිකරණයට අපහාස වන තොරතුරු හෙළි කිරීම, පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වන තොරතුරු හෙළි කිරීම, විභාගවලට අදාළ තොරතුරු රහසිගතව තබා ගැනීමට නියමිත අවස්ථාවක ඒවා හෙළි කිරීම, ජාත්‍යන්තර ගිවිසුම් හා බැඳීම් පිළිබඳ තොරතුරු හෙළි කිරීම ද වරදකි. වරදට දඬුවම වසර දෙකක සිරදඬුවමක් හෝ රුපියල් 50,000 ක් හෝ දෙකමය.  පාර්ලිමේන්තු වරප්‍රසාද පනත, පුවත්පත් මණ්ඩල පනත, අපහාස නීතිය වැනි පනත් මගින් මේවා දැනටමත් ආවරණය වේ. නව පනත මගින් සිදුවන්නේ එම වරදවල් මුවහත්කර දඬුකඳේ ගැසීමට පාර කැපීමකි. දූෂණ, හොර ගිවිසුම් හෙළිකිරීම වරදක් බව පනත් කෙටුම්පත කියා ඇති බැවින් දැන් ඒවා හෙළිකිරීම පිළිබදව මාධ්‍යයට ගැඹුරින් සිතා බැලීමට තල්ලු කර තිබේ.
‘යහපාලන‘ ආණ්ඩුවට එකඟ නොවන අයට රාජ්‍ය ආයතන මගින් අවලාද නැගීමට දැන් මහා පරිමාණයෙන් සිදුවෙමින් පවතී. ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව මගින් පළාත් ඇමැති ඩී.වී උපුල් පන්සලක ඉඩමක් ඇපයට තියා මුදලක් ලබාගෙන ඇතැයි එම බැංකුව ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙකු මගින් ප්‍රසිද්ධ කළේය. පසුව එය මඩක් පමණක් බව බැංකුව කියා සිටියේය. මෙය 1988 අංක 30 දරන බැංකු පනතේ රහස්‍යභාවය පිළිබඳ වගන්ති උල්ලංඝනය කිරිමකි. ලංකා පුත්‍ර බැංකුව වර්තමානයේ අක්‍රමිකතා රැසකි. අලුත් පනත අනුව මේවා අනාවරණය කිරීමට වැට බැඳෙනු ඇත. එදා 1990 ජනවාරි 8 වැනිදා සිට චෙක්පත් ගණනාවක් මගින් දෙමළ කොටින්ට මුදල්, යානවාහන දීම වැනි කරුණුද මින් පසු හෙළි නොවනු ඇත.
ජනතාවට ඉල්ලා සිටිය නොහැකි බැහැර කිරීම් රාශියක් සහිත තොරතුරු දැනගැනීමේ අයිතියෙන් වැඩක් සිදුවන්නේ නැත. නිදසුනක් ලෙස වර්තමාන පනත් කෙටුම්පතින් ජාතික ආරක්ෂාවට සම්බන්ධ, විදේශ ආණ්ඩුවලට සම්බන්ධ රාජ්‍ය ආයතන සමග තෙවැනි පාර්ශ්වයක් බෙදාගන්නා තොරතුරු වරප්‍රසාදයක් වශයෙන් ආරක්ෂාකර ගැනේ. මින් ජාතික ආරක්ෂාව වැනි කරුණකට කොන්දේසි සහිතව එකඟවිය හැකි වූවද තෙවැනි පාර්ශ්වයක් ලෙස ගම්‍ය කරන රාමුව යටතේ ඉන්දියාව සමග අත්සන් කරන එක්ටා වැනි ගිවිසුම් ගැන තොරතුරු ලබාගත නොහැක. ඒවා විදේශ වෙළෙඳ ගිවිසුම්වලට අවතීරණ වීම යටතේ සඟවා ඇත. පනත් කෙටුම්පත උඩින් ඔපේය. යටින් හපේය. ලොව පිළිගත් ආචාරධර්ම අනුව නීතිය සහ යුක්තියට නොගැළපෙන වගන්ති නව කෙටුම්පතට ඇතුළත් කර ඇත. ආණ්ඩුවේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති තීරණ එහි සඳහන් පරිදි ආර්ථිකයට බරපතළ හානිකරන දෑය. එය එසේ නම් ලක් ඉතිහාසයේ සිදුවූ දැවැන්ත වංචාව වූ කෝටි 4,280 මහබැංකු බැඳුම්කර මගඩිය පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ මංපෙත් අහුරා ඇත. නව පනත අනුව ලිඛිත අනුමැතියක් නැතිව වෛද්‍ය වාර්තා තොරතුරු හෙළි කිරීමද වරදකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ අගමැති දි.මූ ජයරත්නට විදේශගතව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා රේඛනය නොකරන ලද මුදලින් ලබාගත හැකි චෙක්පතක් යටතේ  මහාභාරකාර අරමුදලින් රුපියල් ලක්ෂ 220ක් ලබා දී ඇති බව ‘යහපාලන‘ ඇත්තෝ එදා පෙන්වා දුන්හ. නව පනත අනුව සිංගප්පූරුවේ ප්‍රතිකාර ගත් දේශපාලනඥයින්ට වැයවූ මුදල් ගැන නෝ කතාය. නරියෝ හූවෙන් හඳුනාගත හැකියි කියන්නේ මේවාටය.
තොරතුරු දැන ගැනීමේ පනත මේ ආකාරයට සම්මත වුවහොත් පත්තර වැඩක් නැත. ආණ්ඩුවේ ගැසට් එක බැලුවාම ඇතිය. එසේත් නොමැති නම් යළි මුද්‍රණයෙන් නිකුත්වී ඇති මාරක කතා චක්‍රවර්තී ඩීමන් ආනන්දගේ ත්‍රාසජනක පොත් බැලුවාද කම් නැත. පනතේ නම තොරතුරු දැන ගැනීමේ පනත වුවද එහි අරමුණ දැනටමත් දැන ගැනීමට හැකි තොරතුරු අහිමි කිරීමය. ජනතාවට තොරතුරු දැන ගැනීමට තිබූ අයිතියද මෙම පනත හරහා අහිමි කිරීමට උත්සාහ ගනිමින් සිටී. පුරවැසියන් දැනුවත් වීම සඳහා නිදහසේ තොරතුරු ඔවුනට ලබා ගැනීමේ හිමිකම නව පනත මගින් අහිමි නොකළ යුතුය. ජනතාවට අවශ්‍ය තොරතුරු මගින් දැනුම නොලැබෙන්නේ නම් සංවාද සහ විසංවාද සිදුවන්නේ පැරණි ක්‍රමයටය. නව පනත් කෙටුම්පත ‘යහපාලන‘ ආණ්ඩුව මගින් කන්දක් විලිලා කෙන්දක් වැදුවා වාගේ වැඩකි.
ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පනත ගැන කිසිදු දැනුවත් කිරීමක් නැත. එදා සතිපතා වාගේ මාධ්‍ය නිදහස වෙනුවෙන් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද මාධ්‍ය නිදහසට එරෙහි ඉකුත් වසර තුළ තර්ජනයන් ගණනාවක් පිළිබඳව මුනිවත රකිමින් සිටින්නේ දී කිරට බළලුත් සාක්කි කීවා සේය. වර්තමානයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් නිකුත් වන ප්‍රවෘත්ති නිවේදනයක් පවා දක්නට ලැබෙන්නේ හාවා හඳ දකිනවා ගේය.
‘යහපාලන‘ ආණ්ඩුව 2015 ජනවාරි 8 බලයට පත්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ජනාධිපති නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) තනතුරට යෑමෙන්ද මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු ආණ්ඩුවේ ලේක්හවුස්හි ලොකු තනතුරකට පත්වීමද එයට හේතුවක් වන්නට ඇත. එදා මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට අද ආණ්ඩු සරණං ගච්ඡාමිය.
වර්තමානයේ ආණ්ඩුවේ අකටයුතුකම් ගැන හෙළි කරන මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරනුයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමයකි. ඒ අනුව ඇතැම් මාධ්‍යවේදීන් ගෙම්බන්ය. තවකකු රීරි යකෙකි. මෙම විවේචන සංවර්ධනාත්මක විවේචන බවට පත්කරගත යුතුය. ධම්මපදයේ සඳහන් පරිදි යාළුවෝ තමන් කැමැති තැනට ජලය ගෙන යනු ඇත. හී වඩුවෝ තමන් කැමැති පරිදි ලී දඬු නමනු ඇත. වඩුවෝ තමන්ට අවැසි පරිදි ලී නමනු ඇත. එය එසේ සිදුවුවහොත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් වන මාධ්‍ය නිදහස වළ පල්ලටය. ඇතැම් මාධ්‍ය භාවිත තුළද ඇත්තේ ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතාවන් පිළිබඳව සැලකිලිමත් නොවන ඔවුන්ගේම න්‍යායපත්‍රයක් යටතේ ක්‍රියාත්මකවන අධිපති මාධ්‍ය භාවිතයකි. මාධ්‍ය හැසිරීම එලෙස යැයි පවසමින් ඩෑෂ් ප්‍රහාර එල්ල කිරීමට ආණ්ඩුවට අයිතියක් නැත. නිදහස් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට නම් ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණ කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛ වගකීමකි.
මාධ්‍යවේදීන් දුසිම් දෙකක් පමණ ඉකුත් පාලන කාලයේදී දේශපාලන රැකවරණය පතා විදේශගත විය. වර්තමානයේ ‘යහපාලන‘ ආණ්ඩුවක් පවතින බව ඔවුන්ම පිළිගන්නා හෙයින්ද මාධ්‍ය නිදහස දිනා ගැනීමේ සටන පවතින්නේ රට අභ්‍යන්තරය වන බැවින්ද සටන ඇරඹිය යුත්තේ ලංකාවේ පොළොවේ පය ගසා බව වමේ හඬ කර්තෘ ධර්මසිරි ලංකාපේලි ඉකුත්දා අවධාරණයකර තිබිණි. ඔහු වැඩිදුරටත් පවසන පරිදි විදේශ ගතවූ මාධ්‍යවේදීන්ගේ ඇත්ත පැටිකිරිය දන්නේ ඔවුන්මය. මාධ්‍ය නිදහස සඳහා පියවර තැබීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන් රාජ්‍ය මාධ්‍ය රාජ්‍ය මැදිහත්  වීමෙන් නිදහස් කළ යුතුය. අවශ්‍ය නම් ඒ සඳහා 1994 ආර්. කේ. ඩබ්ලිව්. ගුණසේකර හා සිදත් ශ්‍රී නන්දලෝචන කමිටු මගින් ඉදිරිපත් කෙරුණු මාධ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කරගත හැකිය.
ඩොලරය 150 කි. පොලිස් හූරෝ වන්නියලැත්තන්ගේ උත්සව පොජ්ජට මන්දු කොරලා කැකුළන්ට බැටන් පොජ්ජෙං පත බාලාය. බෝම්බ බිය යළි හිස ඔසවමින් පවතී. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම්ට වසරක සිර දඬුවමක් සමග රුපියල් 50,000 ක දඩ මුදලකි. යාපනයට කෝච්චියේ යන්නට ආරාධිත මාධ්‍යවේදීන්ට ආසන වෙන්කරවා ගැනීමට නොහැකිව ජනමාධ්‍ය ඇමැතිවරයා සහ නියෝජ්‍ය ඇමැතිවරයා අසීරුතාවයට පත්කළ ජනමාධ්‍ය අමාත්‍යාංශයට දිව බොජුන් තිබියදී නිවුඩු සහලේ බත් කන්නට අවැසි නැත. පෝට් සිටියට වන්දි ද ගෙවා දැන් ගජරාමෙට වැඩය. රුසියාවට වඩා ඊරිසියාව ලොකුය.
ශබ්දකෝෂයටද දැන් අලුත් අර්ථකථන ලැබෙන අපූරු යුගයකි. මාධ්‍ය නිදහස කප්පාදු කරන තොරතුරු පනතට කියන්නේ ජයග්‍රහණයක් කියාය. නිවටකමට කියන්නේ වීරකම කියාය. පාවාදීමද ආඩම්බරයකි. මංතීරු කඩාදමා රජයේ දේපළ විනාශකිරීම හපන්කමකි. සියලු වැඩ එසේ ජෝන් බාස්ලාට ගියාමෙන් තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතද මෙසේ අයාලේ යාම එක් අතකින් පුදුම විය යුතු නොවේ. එපා වාහෙට හොඳි බෙදන්නා සේ මේවා කරන්නේ තම බලය රැකගැනීමට එක මල්ලේ ලුණු කන අය එකට සෙට්වෙලාය. මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි සැමට කිවයුත්තේ නුඹ නාඩං, නුඹ නාඩං, නුඹට ඕවා හොඳ පාඩම් කියාය.
ධර්මන් වික්‍රමරත්න
ejournalists@gmail.com

0 comments:

ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිගේ දෝෂ දර්ශනයට ලක්වේ

යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කෙරුවාව ජනාධිපතිවරයාගේ විවේචනයට ලක් වී තිබේ. ඔහු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩ කෙරුවාව ගැන තම නොසතුට පළ කරමින් විවේචනය කර ඇත්තේ පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේ දී ය. ආණ්ඩුවේ ගමන් මග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශය තම වැඩ කොටස නිසි ලෙස ඉටු නොකරන්නේ යයි ජනාධිපතිවරයා විවේචනය කර තිබේ. එහිදී අගමැතිවරයා ඊට නව වැඩ පිලිවෙලක් සැලසුම් කර ඇතැයි කියමින් තම ඇමැතිවරයා බේරා ගැනීමට ඉදිරිපත් වී ඇත.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මන්දගාමී වැඩ කෙරුවාව ගැන ජනාධිපතිවරයාගේ පමණක් නොව සමස්ථ යහපාලනප්‍රේමී ජනතාවගේද කනස්සල්ල පළ වී ඇත.

කෙසේ නමුත් ජනාධිපතිවරයාට මේ ගැන කතා කරන්නට සිදුවූ ආසන්න සිදුවීම නම් තමා ඉල්ලා සිටි දෙයක් ඉටු කිරීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අසමත් වීමයි. පසුගියදා තානාපතිවරුන් පොලොන්නරුවේ සංචාරයකට යද්දී ඔවුනට ප්‍රදර්ශනය කිරීම සඳහා ආණ්ඩුව පසුගිය වසරක කාලයේදී කළ කී දෑ සම්බන්ධයෙන් විනාඩි 15 ක වාර්තා වීඩියෝවක් නිපදවා දෙන්නැයි ජනාධිපති වරයා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පවසා තිබේ. ඒ බ්‍රහස්පතින්දා දිනයකය. ඉන්පසුව පැමිණි සිකුරාදා නිවාඩු දිනයකි. සඳුදා දිනයේ දී ජනාධිපතිවරයා තමන් ඉල්ලූ වාර්තා වීඩියෝව විමසීමේදී ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ පසු වූ සති අන්තය දීර්ඝ සති අන්තයක් වූ බැවින් කිසිවෙක් රැකියාවට නොපැමිණි හෙයින් එය ඉටු කිරීමට නොහැකි වූ බවයි. රටක ජනාධිපතිවරයෙක් ඉල්ලන ලද සුළු වැඩක් කිරීමටවත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නොහැකිවා පමණක් නොව ඊට හේතු ලෙස දක්වන ලද ගොබ්බ හේතු අනුව ඇත්තටම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වසා දැමිය යුතුය.

වත්මන් යහපාලන ආණ්ඩුව ජනතාවට දුන් එක් පොරොන්දුවක් වූයේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන පනතක් සම්මත කරන බවයි. එකී පණත කරු ජයසූරිය මහතා පුද්ගලික පණතක් ලෙස පසුගිය ආණ්ඩුවට ගෙන ආවද රාජපක්ෂ ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කෙළේය. පසුගියදා එය නව  පාර්ලිමේන්තුවට ගෙන ආවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකද ජනමාධ්‍ය ඇමැති ද වන ගයන්ත කරුණාතිලක මහතා විසිනි.

මන්ත්‍රීවරුන් කැඳවා ගැනීම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකගේ රාජකාරියක් නමුත් අවාසනාවකට එම පණත ගෙන එද්දී පාර්ලිමේන්තුව තුල ආණ්ඩු පක්ෂයෙන් 15 දෙනෙකුවත් සිටියේ නැත. අඩුම ගණනේ පණත ඉදිරිපත් කිරීමෙන් පසු අත්පොලසන් නාදයක් හෝ නැගුනේ නැත. ඡන්ද පොරොන්දුවක් ඉටු කළා කියා හෝ ජනමාධ්‍ය මගින් නිසි ප්‍රචාරයක් ලබා දුන්නේ ද නැත. සත්‍ය වශයෙන්ම ජනතාවට ලැබුණු නව අයිතිවාසිකම් කුමක් දැයි යන්න ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පෝස්ටර් අත් පත්‍රිකා දැන්වීම් ආදියද භාවිතා කරමින් දැවැන්ත ප්‍රචාරයක් ලබා දී ජනතාව දැනුවත් කළ යුතු නමුත් එවැන්නක් සිදුව නැත. ඉන්දියාව මෙම නීතිය සම්මත කර ගත් අවස්ථාවේදී එය ඉන්දියාව පුරා පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍ය පුරා දැවැන්ත ආන්දෝලනයක් ගෙන දුන් සිදුවීමක් විය. ලංකාවේ එවැන්නක් සිදුකර ගැනීමට වගකිව යුත්තන්ට නොහැකි විය.

මේ ආදී කරුනු රාශියක් අනුව ජනාධිපතිවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කෙරුවාව විවේචනය කර තිබේ.

ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ගයන්ත කරුණාතිලක මහතා පත් කර ඇති අතර නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් කරුණාරත්න පරණවිතාන ආධුනික දේශපාලනඥ මහතා පත් කර තිබේ.

0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු