කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

සේනානායකලාගේ කාලයේ ඉඳලා යූ.ඇන්.පී.යේ ආරක්ෂකයන් වුණේ ටයි කෝට් අඳින කොළඹ හතේ කුරුඳුවත්තේ බිස්නස්කාරයන්ට වඩා රෙද්ද බැනියම අඳින මුදලාලිලාය. හොඳම නිදසුන ඩී.එස්. ළඟම හිටි මරදානේ කේ.ඩී. ඩේවිඩ් මුදලාලිය. ඔහු ඩී.එස්.ගේ ළඟම උපදේශකයෙක් විය. පසුව ඩඩ්ලි එක්කත් කිට්ටුවෙන් වැඩ කළේය. ජේ.ආර්., ප්‍රේමදාස, ලලිත්, ගාමිණීලාත් මුදලාලිලා සමඟ ළඟින් වැඩ කළේය. කට්ටාර් ඇලෝසියස් ප්‍රේමදාස, ලලිත්, ගාමිණීලා සමඟ ළඟින් හිටපු මුදලාලි කෙනෙකි. තමිල්නාඩුවේ සිට ආ දමිළ කතෝලිකයකු වූ ඔහුගේ මුල් ව්‍යාපාරය කරෝල වෙළෙ¼දාමය. කරෝල වෙළෙ¼දාමෙන් පටන් ගෙන ඔහුට ව්‍යාපාරික ලෝකයේ උඩටම යන්න ප්‍රේමදාස, ලලිත් සහ ගාමිණී උදවු කළෝය.
කැසිනෝ ඇලෝසියස් මුදලාලි, සංඝදාස මුදලාලි සහ නවලෝක මුදලාලිද පසුව ප්‍රේමදාස සමඟ ළඟින් සිටි සේනානායකලා, ජයවර්ධනලා හදපු මුදලාලිලාය. ඔවුන් සිංහල බෞද්ධයන්ය.


අද යූ.ඇන්.පී. ආණ්ඩුවම හොල්ලන අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා අර්ජුන් ඇලෝසියස් කට්ටාර් ඇලෝසියස්ගේ මුනුපුරාය. අර්ජුන් ඇලෝසියස් මහ බැංකුවේ බොන්ඩ් බිස්නස් එකට එන්නේ මහින්දගේ ආණ්ඩු කාලයේය. ඒ එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හරහාය. මේ කබ්රාල්ව දැන් හැමෝටම අමතකය. 2012 ජනවාරි 01 සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ඔහු ගැන අපූරු පුවතක් තිබිණි. පහත දැක්වෙන්නේ එම පුවතය.
"2012 නත්තල් සමයේ ත්‍රිකුණාමලයේ තරු පහේ හෝටලයක් අසල පිට්ටනියකට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් ගොඩබස්වනු ලැබීය. යානය ගොඩබස්වද්දී ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ සෙබළු විශාල පිරිසක් පිට්ටනිය වටා ආරක්ෂිත වළල්ලක ආකාරයට සිටගෙන සිටියහ.
ජනාධිපතිතුමා එනවද කොහේද?


හෝටල් සේවකයෝ එකිනෙකාට මුමුනා ගත්හ.
නෑ... ආරක්ෂක ලේකම් හරි හමුදාපති හරි වෙන්න ඇති...
තවත් අයෙක් කීහ. ඒත් හෙලිකොප්ටර් යානයෙන් ආරක්ෂක භටයන් සමඟ එළියට බැස්සේ එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ය. ඔහු එළියට එනවාත් සමඟ ආරක්ෂක රථ පෙළපාළියක් පැමිණ ඔහුව හෝටලයට රැගෙන ගියේය. ඔහු එන තෙක් ඔහුගේ බිරිය සහ දරුවන් හෝටල් ආලින්දයේ ආරක්ෂකයන් සහිතව බලා සිටියහ.


මේ ටයිම්ස් වාර්තාවය.
"වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ සල්ලිවලින් හෙලිකොප්ටරේ කතරගම යෑමට තරම් ධනවත් වුණේ කොහොමද කියා කෑ මොර දෙන මහින්දවාදීන් එදා ඇඳන් යටද හිටියේ..."
මහ බැංකු අධිපති ධුරයට පළමු දේශපාලන පත්වීම ලබපු අජිත් නිවාඩ් කබ්රාල් ත්‍රිකුණාමලයට ගියේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක ගුවන් සහ නාවික හමුදා භටයන්ගේ ආරක්ෂාව මැදය. කබ්රාල් ගුවන් හමුදා හෙලිකොප්ටර්වලින් ගිය එකම ගමන එය නොවේ. ඔහු ජනතා මුදලින් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් සවාරි ගිය වාර අනන්තය.


ප්‍රශ්නය මහින්දවාදීන් එකල ඔහු මහජන මුදලින් හෙලිකොප්ටර් සවාරි යන කොට හුරේ දමපු එකය. නිවාඩ් කබ්රාල් මහජන මුදලින් හෙලිකොප්ටර් සවාරි ගැහුවා පමණක් නොව වත්මන් මහ බැංකු අධිපති අර්ජුන්ට එරෙහිව එල්ල වී ඇති බැඳුම්කර විකිණීමේ ජාවාරම පළමුව පටන් ගත්තේ කබ්රාල්ය. ඒ ආර්ථිකය කඩා වැටෙන බව දැන දැන ගී්‍රසියත් සමඟ බැඳුම්කර ගනුදෙනුවකට යෑමෙන්ය. ගී්‍රසියේ ආයෝජනයෙන් රුපියල් කෝටි 700ක මුදලක් ලංකාවට අහිමි විය. හෙජින් ගනුදෙනුව හරහා කබ්රාල් රුපියල් කෝටි 7,000ක මුදලක් රටට අහිමි කළේය. සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් කොටස් වෙළෙඳපොළට දමා රුපියල් කෝටි 2,800ක් රටට පාඩු කළේය. අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයට බැඳුම්කර පළමුව වික්කේ අජිත් නිවාඩ් කබ්රාල්ය. ඒ කබ්රාල්ගේ සහෝදරිය ශිරෝමී වික්‍රමසිංහ එහි අධ්‍යක්ෂවරියක් ලෙස සිටියදීය.
"කබ්රාල්ගේ සහෝදරිය අධ්‍යක්ෂවරියක වී සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයට බැඳුම්කර වික්කේ කොහොමද කියලා ඒ කාලයේ මහින්දවාදීන් ප්‍රශ්න නොකළේ ඇයි?
"එකල කෝප් කමිටුව මෙය නොදැක්කේ ඇයි?


පර්පචුවල් ආයතනය පළමුව මහ බැංකුව සමඟ බැඳුම්කර ගනුදෙනු පටන් ගත්තේ කබ්රාල්ගේ කාලයේය. කබ්රාල් රාජපක්ෂ පවුලේ ඥාතියෙකි. මහින්ද ඔහුව මහ බැංකු අධිපති කරන්නේ ඥාතිත්වය නිසාය. මහින්ද කබ්රාල්ගේ බිරිය රෝෂිනී කබ්රාල්ව ලංකා හොස්පිට්ල් ආයතනයේ උප සභාපති ධුරයට පත් කරන්නේත් නිවාඩ් කබ්රාල්ගේ ඥාතිත්වයටය. එසේම ඔහුගේ නැඟණිය ශිරෝමී වික්‍රමසිංහ ලංකා පුත්‍ර බැංකුවේ විධායක අධ්‍යක්ෂ ධුරයට පත් කරන්නේත්, ඩ්ච්ජ්ඛ් බැංකුවේ සභාපති ධුරයට පත් කරන්නේත් විනිමය කොමිසමට පත් කරන්නෙත් මුදල් ඇමැති ලෙස මහින්ද කබ්රාල්ගේ ඥාතිත්වයටය. මෙම මූල්‍ය ආයතන ඇත්තේ කබ්රාල් යටතේය. එදා කවුරුත් මේවා ගැන කතා කළේ නැත. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ලංකාවට ගන්න කබ්රාල් වියදම් කරපු මහජන සල්ලි, නටපු නැටුම් කවුරුත් ප්‍රශ්න කළේ නැත. වංචා සහගත පිරමීඩ ව්‍යාපෘතිය පිටුපස කබ්රාල් රඟපාපු චරිතය කවුරුවත් ප්‍රශ්න කළේ නැත. මෛත්‍රි ජනාධිපති වූ විගස කබ්රාල් මහ බැංකු අධිපති ධුරයෙන් වහාම ඉවත් වූයේ වැරැදි වහගන්නටය. ඔහු මහ බැංකුවේ කෙළින් වැඩ කළා නම් මෛත්‍රි ජනාධිපති වුණාය කියා ආණ්ඩුව වෙනස් වුණාය කියා ඉවත් වෙන්න අවශ්‍ය නැත. දවස් කිහිපයක් රාජපක්ෂ ආණ්ඩුවේ මූල්‍ය වංචා ගැන ඔහුගෙන් ප්‍රශ්න කළත් ඉන් පසු ඔහු අතුරුදන් විය. ඔහු රජයේ සාක්ෂිකාරයකු වීමට කැමැති නිසා ඔහුට එරෙහි චෝදනාවලින් ඔහුව නිදහස් කළ බවට කටකතා පැතිරුණි. ටික කාලයක් අතුරුදන්ව සිටි ඔහු යළි මතුවූයේ 2015 මහ මැතිවරණයට දින නියම කරද්දීය. ඔහු එළියට පැමිණ මාධ්‍ය හරහා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බොන්ඩ් ගනුදෙනුව පට්ටා ගැහුවේය. හැබැයි ඔහුගේ සහෝදරිය අර්ජුන්ගේ බෑනාගේ බොන්ඩ් කොම්පැනියේ ඉන්නා බව ඔහු වසන් කළේය. ඒ වගේම අර්ජුන්ගේ බෑනා බොන්ඩ් ගනුදෙනුව මහ බැංකුව සමඟ පටන් ගත්තේ තමාගේ කාලයේ බවද ඔහු වසන් කළේය. මහ මැතිවරණ කාලයේදී මහින්දවාදීන් අර්ජුන්ට එරෙහිව බොන්ඩ් ගනුදෙනුව සම්බන්ධයෙන් නඩුවක් දැම්මේය. යූ.ඇන්.පි.ය කබ්රාල්ට එරෙහිව බොන්ඩ් ගනුදෙනුව සම්බන්ධයෙන් නඩුවක් දැම්මේය. මහ ඡන්දය අවසන් වූ විගස දෙපාර්ශ්වයම එකිනෙකාට එරෙහිව දමපු නඩු ඉවත් කර ගත්හ. කබ්රාල් යළිත් අතුරුදන් විය.
"කබ්රාල්ව බේරන්නේ අර්ජුන්ගේ බෑනාද?"


කියන්න දන්නේ නැත. මේ හැමෝම එක මල්ලේ ලුණු කෑ කට්ටියය. කබ්රාල්ගේ කුණු අවුස්සන්න ගියොත් අර්ජුන්ගේ බෑනාගේ පර්පචුවල් බොන්ඩ් කොම්පැනියේ කුණු එළියට ඇදෙයි. අර්ජුන්ගේ කුණු අවුස්සන්න ගියොත් කබ්රාල්ගේ සහෝදරිය අධ්‍යක්ෂ ධුරය දරන පර්පචුවල් බොන්ඩ් කොම්පැනියේ කුණු එළියට ඇදෙයි.
කොහොම වුණත් කබ්රාල් ඔහුගේ සහෝදරියගේ කොම්පැනිය සමඟ බොන්ඩ් ගනුදෙනු කරද්දී ඇස් වහගෙන සිටි ශ්‍රී ල.නි.ප.ය අද අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ බෑනාගේ කොම්පැනිය සමඟ බොන්ඩ් ගනුදෙනු කරද්දී මෛත්‍රිගෙන් එය ප්‍රශ්න කිරීම හොඳ දේශපාලන ලකුණකි. එ.ජා.ප.ය ද රනිල්ගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීමත් මෛත්‍රි සහ රනිල් ඒ ගැන හොයන්න කෝප් කමිටුවට භාර දීමත් සුබ ලකුණකි. දැන් ආණ්ඩුවේ දූෂණයක් ගැන තම පක්ෂ නායකයාගෙන් ප්‍රශ්න කරන්න ශ්‍රී ල.නි.ප.යට කොන්දක් ලැබී තිබේ. මහින්දගේ කාලයේ කඩලා තිබුණ කොන්ද මෛත්‍රි වාත්තු කරලා තිබේ. තම නායකයා පත් කළ මහ බැංකු අධිපති වරදක් කර ඇත්නම් ඔහු ඉවත් කිරීමේ බලය මෛත්‍රිට තිබෙන බව කීමට තරම් එ.ජා.ප. ඇමැතිවරුන් එඩිතර වී තිබේ.


කොහොම වුණත් දැන් පෙන්වන්නේ "ජේම්ස් බොන්ඩ් දෙකය". ජේම්ස් බොන්ඩ් "එක" රාජපක්ෂ ආණ්ඩුවේ නිර්මාණයකි. එහි ප්‍රධාන චරිත රඟපෑවේ කබ්රාල්, ඔහුගේ සොහොයුරිය සහ ඇලෝසියස්ය. හැබැයි රාජපක්ෂලා එය පෙන්වන්න දුන්නේ නැත. තහනම් කළේය. කරුමේ යහපාලන ආණ්ඩුවත් ජේම්ස් බොන්ඩ් "එක" නොපෙන්වා "දෙක" පෙන්වන්න ඉඩ දීමය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

0 comments:

කෝප් සභාපති ඉල්ලා අස්‌වන්නේ ඇයි?

පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවේ (The Committee on public Enterprises /Cope) නොඑසේ නම් කවුරුත් දන්නා පරිදි කෝප් කමිටුවේ බලය විපක්‍ෂ කණ්‌ඩායම් අතට පත්වූයේ පසුගිය 2015 නොවැම්බරයේය. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවේ (කෝප්) සභාපති ධුරයට ජනතා විමුක්‌ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති පත්විණි.

ඒ ආකාරයෙන් කෝප් සභාපති ධුරයට විපක්‍ෂ මන්ත්‍රීවරයකු පත් වූයේ වසර 9 කට පසුවය. වත්මන් ආණ්‌ඩුව පත්වීමට පෙර එහි සභාපති ධුරය උසුලමින් සිsටියේ ඩිව් ගුණසේකරය.

කෝප් කමිටුවේ හිටපු ඩිව් ඊයේ කෝප් කමිටුව ගැන බොහෝ කාලයකට පසු කතා කර තිබිණි. ඒ හොඳක්‌ ගැන කියන්නට නොව ප්‍රශ්නයක්‌ ගැන කියන්නට ය. ඊයේ 'දිවයින' පුවත්පත වාර්තා කර තිබුණේ "කෝප් සභාපති අස්‌වන බව පැවැසීම විශාල ප්‍රශ්නයක්‌" යෑයි ඩිව් ගුණසේකර කී බවය. ඩිව් ගුණසේකර ඒ කියන කතාව ඊට පෙර වාර්තා වූ තොරතුරු මගින්ද තහවුරුව තිබිණි. වැඩක්‌ බාරගත් පසු ඒ දේ හරියටම කරනවා මිස වැනෙන ප්‍රතිපත්තියක්‌ නැතැයි කියන ජවිපෙ මන්ත්‍රීවරයකු එසේa අස්‌වනවාය කීමම බරපතළය. ඒ බරපතළකම තව තවත් දෙගුණ තෙගුණ වන්නේ කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති සිය අස්‌වීමේ කතාවට දක්‌වන හේතුව අසන විටය. සුනිල් හඳුන්නෙත්ති කියන ආකාරයට කෝප් කමිටුවේ සාමාජිකයන්ට දේශපාලන පක්‍ෂවල බලපෑම් එල්ලවන නිසා තනතුරින් ඉල්ලා අස්‌වීමට තීරණය කර තිබේ.

දැන් මෙතැනදී ප්‍රශ්න කිහිපයක්‌ මතු වේ. පළමුවැන්න එවැනි බලපෑම් හේතුවෙන් කොන්ද කෙළින් තබාගෙන වැඩ කරනවා වෙනුවට ඉල්ලා අස්‌වීම සාධාරණ ද යන්නය. දෙවැන්න කෝප් කමිටුවට පාට්‌ පෙන්නන දේශපාලන පක්‍ෂය හෝ දේශපාලනඥයා හෝ ඒ අය කරන ලද අක්‍රමිකතා මොනවාද යන්න රටට හෙළි නොකරන්නේ මන්ද යන්නය. තුන්වැන්න මෙතෙක්‌ කරගෙන එන ලද පරීක්‍ෂණ / විමර්ශනවලට සිදුවන්නේ කුමක්‌ද යන්නය.

අප විශ්වාස කරන හැටියට ඩිව් ගුණසේකර මහතා කෝප් කමිටු සභාපති ධුරය දරන යුගයේ විමර්ශනය කරන්නට යෙදුණු ආයතන මෙන්ම ඊට සම්බන්ධ දේශපාලනඥයන් සහ නිලධාරීන් ද ඉතා "බලවත්ව" සිටි බවය. එබඳු තත්ත්වයක්‌ යටතේ වුව ඩිව් ගුණසේකර ඒ කිසිවෙකුට හෝ සිය "කාරිය" සඳහා මැදිහත්වීමට බලපෑම් කිරීමට ඉඩ නොදී ස්‌වාධීනව කටයුතු කළේය. කෝප් කමිටු නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අදාළ දඬුවම්, විනය ක්‍රියාමාර්ග ගැනීම කෝප් කමිටුවට අයත් කාර්යයක්‌ නොවේ. කෝප් ආරම්භයේ පටන් අද දක්‌වාම පවතින්නේ "ඇල්ලුවාට හපන්න බැරි" තත්ත්වයකය. එය වෙනමම කතාවකි. අපට අදාළ වන්නේ එතෙක්‌ කළ යුතු කාර්යය හෝ නිමා නොකර එකවරටම කෝප් සභාපතිවරයා ඉල්ලා අස්‌වීමට තරම් හේතුපාදක වන කාරණය කවරක්‌ද යන්න විමසා බැලීමය.

කෝප් වාර්තා පිළිබඳව මුලින්ම අවධානයට යොමු වූයේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක ජනාධිපතිනිය යටතේ එජාප ආණ්‌ඩුව කළ කාලයේය. එවකට කෝප් සභාපතිවරයා වූයේ විඡේදාස රාජපක්‍ෂය. ඔහු එකල එජාප මැති ඇමැතිවරු යටතේ ඇති රාජ්‍ය ආයතන රැසක දූෂණ වංචා හෙළි කළේය. එහෙත් කිසිවක්‌ සිදු වූයේ නැත. අක්‍රමිකතාවලට සම්බන්ධ බොහෝ පිරිසක්‌ නැවතුණේ මහින්ද රාජපක්‍ෂගේ සාක්‌කුවේය. ඒ අනුව එම කෝප් වාර්තාව හමස්‌ පෙට්‌ටියට ගියේය. ඉන් අනතුරුව ගෙන එන ලද කෝප් වාර්තා සියල්ලටම සිදු වූයේ එයය. එහෙත් ඒ හැමවතාවකම කෝප් සභාපතිවරයා සිය වගකීම පූර්ණව ඉටු කර තිබුණු බව කිව යුතුය. වර්තමාන වනවිට බොහෝ රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා පිළිබඳව සමාජයේ විශාල කතාබහක්‌ ගොඩනැඟෙන්නට එය හේතුවක්‌ විණි.

සුනිල් හඳුන්නෙත්ති කෝප් සභාපතිත්වයෙන් අස්‌වන්නේ නම්? එතරම් දිගු කාලයක්‌ පවත්වාගෙන ආ එම ක්‍රියාවලිය පවා බිඳ වැටීමට හේතු වන බව කිව යුතුය. කෝප් කමිටුව ක්‍රියා කරන්නේ අධිකරණයක්‌ ලෙස බැවින් එය ආරක්‍ෂා කළ යුතු බවත්, පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ගෞරවය ආරක්‍ෂා කළ යුතු බවත් ඩිව් ගුණසේකර කියන්නේ ඒ නිසාය.

divaina -

0 comments:

ආණ්ඩුවලට මාරාන්තික මහ බැංකු අපලය

එවකට අගමැති සර් ජෝන් කොතලාවලය. ඔහු අරලියගහ මන්දිරයේ බි්‍රතාන්‍යයේ බැංකු අධිපති වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබිණි. එම රාත්‍රි භෝජන සංග්‍රහයට එවකට මහ බැංකු අධිපති එන්.යූ. ජයවර්ධනටද ආරාධනා කොට තිබිණි. රාත්‍රි භෝජනය යන අතරතුර සර් ජෝන් එක්වරම මහ බැංකු අධිපති එන්.යූ. ජයවර්ධනට කඩා පැන්නේය. 'අයිසේ එන්.යූ. මට ආරංචියි උඹ හොඳට මහ බැංකුවෙන් සල්ලි හම්බ කරනවා කියලා' සර් ජෝන් කීවේය. සර් ජෝන් එලෙස කියද්දී එන්.යූ.ගේ මුහුණ රතු විය.


"ඔබගේ විදේශ වත්කම් ගැන සොයන්න විදේශ විනිමය පනත යටතේ මට පුළුවන් බව ඔබ දැන ගත යුතුයි."
එන්.යූ. එලෙස කීවේ කෝපයෙන් වෙව්ලමින්ය. සර් ජෝන් එන්.යූ.ගේ දූෂණ වංචා හොයන්න කොමිසමක් පත් කරන්න තීරණය කළේ එදාය. කොමිසම පත් විය. එන්.යූ. වරදකරු විය. එන්. යූ. වරදකරු වූවාට පසු ජේ.ආර්. සර් ජෝන් හමුවෙන්න ඇවිත් එන්. යූ. වෙනුවෙන් කතා කළේය. එන්.යූ.ගේ කුල නියෝජනය ආණ්ඩුවට සහ පක්ෂයට අත්‍යවශ්‍ය බවත්, ඔහුව ඉවත් කිරීම ගැන දෙවරක් හිතන ලෙසත් ජේ.ආර්. උපදෙස් දුන්නේය. එන්.යූ. ජේ.ආර්.ගේ සමීප මිත්‍රයෙක් විය. සර් ජෝන් ජේ.ආර්. පන්නා ගත්තේය. කොමිසමේ චෝදනා මත පදනම්ව සර් ජෝන් එන්.යූ.ව ඉවත් කළේය. ඉවත් කළාට පසු එන්.යූ.ව බලන්න මාධ්‍යවේදීහු ගියහ. මහ බැංකු අධිපතිවරයාට සිද්ධ වුණ දේ ගැන තමන් කනගාටු වන බව මාධ්‍යවේදීන් කියද්දී එන්.යූ. මාර කතාවක් කීවේය.
'මගේ මිත්‍රයිනි දැන් නුඹලා මා ගැන ඔහොම කියනවා තමයි. හැබැයි බලාගෙන ඉන්න. මම ආපහු ඉක්මනට එනවා පත්තරවල හෙඩ් ලයින් දමන්න.'
මේ එන්.යූ. කී මාර කතාවය. එන්.යූ. බණ්ඩාරනායකගේ විවාහයේ මනාල මිත්‍රයා ලෙස පෙනී සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ආර්.එස්.එස්. ගුණවර්ධනගේ මිත්‍රයෙක් විය. ඔහු හරහා බණ්ඩාරනායකව අල්ලා ගත්තේය.


එන්.යූ. මහ බැංකුවෙන් ඉවත් වී නිකන් සිටියේ නැත. 1956 මහ මැතිවරණයේදී සර් ජෝන් පරාජය කරන්න බැහැල වැඩ කළේය. සල්ලිත් විසි කළේය. ඔහු ඔහුගේ කුලය නියෝජනය කරන අය එකතු කොට බණ්ඩාරනායකට කැම්පේන් කළේය. බණ්ඩාරනායක දින්නේය. දිනල ඔහු එන්.යූ. ජයවර්ධනට සර් ජෝන් පත් කළ කොමිසම එල්ල කළ චෝදනාවලින් නිදහස් කළේය. ඒ එන්.යූ.ගේ අභියාචනයෙනි.
ලංකාවේ ප්‍රථම ලාංකික මහ බැංකු අධිපතිගේ බෝම්බය සර් ජෝන්ගේ ආණ්ඩුවේ පිපිරුවේ එහෙමය. මේ පරණ කතාව මතක් වෙන්නේ අද මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නිසා මතුව ඇති අර්බුදය විග්‍රහ කරද්දීය. මහ බැංකුව කොහොමත් අර්බුද හදන තැනකි. සර් ජෝන් සහ එන්.යූ. අර්බුදය පටන් ගත්තේ මහ බැංකුවෙනි. එහි කොනක ජේ.ආර්.ද සිටියේය.


ඊට පෙර ඩඩ්ලිගේ ආණ්ඩු කාලයේ මහ බැංකු බෝම්බය පිපිරුවේ ජේ.ආර්.ගේ අතෙහිය. ඒ ලංකාවේ පළමු මහ බැංකු අධිපති, මහ බැංකු නිර්මාතෘ ඇමෙරිකානු ජාතික ජෝන් එක්ස්ටර්ගේ උපදෙස් අනුව එවකට මුදල් ඇමැති ජේ.ආර්. අය - වැය හදන්න ගිහිල්ලාය. ඩී.ඇස්. මියගියාට පසු හදිසි මැතිවරණයකට යන ලෙස අගමැති පදවියට පත් ඩඩ්ලිට උපදෙස් දුන්නේ මහ බැංකු අධිපති ජෝන් එක්ස්ටර්ය. ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ එය සඳහන් වන්නේ මෙසේය.
"අග්‍රාමාත්‍ය පදවිය භාරගෙන දින කිහිපයක් ඇවෑමෙන්, 1952 අප්‍රේල් 4දා ඩඩ්ලි සේනානායක පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. හදිසියේ මැතිවරණයක් පැවැත්වීමට ගත් එම තීරණයට හේතු කිහිපයක්ම පසුබිම් විය. රටේ ආර්ථික අසහනයක් උදාවෙමින් තිබූ නිසා එම අර්බුදකාරී තත්ත්වය උත්සන්න වීමට පෙර මැතිවරණයක් පැවැත්වීම සුදුසු බව මහ බැංකු අධිපති ජෝන් එක්ස්ටර් ද ඉඟි පළ කළ බැව් කලින් සඳහන් කළෙමු. හිටපු අගමැතිතුමාගේ අවමංගල්‍ය උත්සවයට අතිවිශාල ජනකායක් එක් රොක්වූ අතර ශ්‍රී ලංකා දේශපාලන ක්‍ෂේත්‍රයේ බෙහෙවින් ජනප්‍රිය වූද, කොයි කාගේත් ගෞරවාදරයට පාත්‍ර වූද, "ජාතියේ පියා" යන විරුදාවලියෙන් පිදුම් ලත් ඩී.ඇස්. සේනානායකගේ අභාවය නිසා පොදු ජනතාව තුළ නිරායාසයෙන් පහළ වූ බැතිබර හැඟුම් මිලින වීමට මත්තෙන් මැතිවරණයක් පැවැත්වීම තමන්ට වාසිදායක බැව් එක්සත් ජාතික පක්ෂ නායකත්වය විශ්වාස කළේය."


ජෝන් එක්ස්ටර් කී ලෙස ඩඩ්ලි මහ ඡන්දයකට ගිහින් මහ ඉහළින් දින්නේය. ආර්ථිකය ගොඩගන්න සහන කපන්න ජෝන් එක්ස්ටර් ජේ.ආර්.ට උපදෙස් දුන්නේ ඉන් පසුවය. ජේ.ආර්. මුදල් ඇමැති ලෙස ජෝන් එක්ස්ටර් කී විදියට හාල් සලාකය කැපුවේය. 1953 හර්තාලය ආවේ හාල් සලාකය කැපීමේ ප්‍රතිඵලයක් ලෙසය. එහිදී වෙඩි තැබීමේ සිද්ධියක් නිසා ඩඩ්ලිට ඉල්ලා අස්වීමට සිදු විය. ඩඩ්ලි ඉල්ලා අස් වුණේ ජේ.ආර්. ගැන කේන්තියෙනි. ජේ.ආර්. ඩඩ්ලිව අර්බුදයකට දමන්න ජෝන් එක්ස්ටර් එක්ක කුමන්ත්‍රණයක් කළා යැයි ඩඩ්ලි හිතවාදීහු ඩඩ්ලිගේ ඔළුවට විසබීජ දැමූහ. මේ ඒ ගැන ජේ.ආර්. චරිතාපදානය කියන කතාවය.
"1954දී රටේ ආර්ථික තත්ත්වය පුදුමාකාර ලෙස යහපත් අතට හැරෙමින් තිබියදී, හර්තාලයට හා තම ඉල්ලා අස්වීමට පසුබිම් වූ (1953 ජූලි) අප්‍රසන්න අය-වැය තීරණ, ඕනෑවට වඩා ඉක්මන් වී ගන්නා ලද අදූරදර්ශී පියවරකැයි ඩඩ්ලි පශ්චාත්තාප විය. මහ බැංකු අධිපති ජෝන් එක්ස්ටර්ගේ බලපෑම හා තර්ක විතර්ක නිසා ජේ.ආර්. කලබලවන්නට ඇතැයි ඔහු සිතුවේය. ජේ.ආර්.ගේ දේශපාලන විචක්‍ෂණශීලීත්වය ගැන ඩඩ්ලි සේනානායක තුළ වූ බලවත් විශ්වාසය කඩවීම හර්තාලයේ එක් දීර්ඝකාලීන ප්‍රතිඵලයක් වුවද, සහල් සහනාධාරය කපා හැරීම සම්බන්ධයෙන් ජේ.ආර්. විසින් තමා සම්පූර්ණයෙන්ම මුළාකර, අදූරදර්ශී තීරණයක් ගැනීමට පොලඹවන ලදැයි ඩඩ්ලිගේ නෑනා වූ නීලා - ආර්.පී. සේනානායකගේ සොහොයුරිය - වැනි ළඟ නෑදෑයන් කළ දෝෂාරෝපණ ඔහු අනුමත කළේ නැත."


අන්තිමේදී එක්ස්ටර් ගෙදර ගියේය. දැන් අද ජේ.ආර්.ගේ බෑණා වූ රනිල්ටත් තමා පත්කළ මහ බැංකු අධිපති නිසා අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇත.
2002 ආණ්ඩුව ගත් රනිල්ටත් මෙවැනිම අර්බුදයකට මුහුණ දෙන්න සිදු විය. රනිල් මුදල් අමාත්‍යාංශ ලේකම් කළේ ඔහුගේ මිත්‍ර චරිත රත්වත්තවය. තමාගේ කෘෂිකර්ම අමාත්‍යාංශයට චරිත සල්ලි දෙන්නේ නැතැයි එස්.බී. චෝදනාවක් කළේය. එස්.බී., චරිත ආණ්ඩුව විනාශ කරන බව කියමින් පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීය. රනිල් මැදිහත් වී ගැටුම සමථයකට පත් කළේය. පහත දැක්වෙන්නේ චරිත සහ එස්.බී. අතර ගැටුම 2003 ජූලි 24 ගුරුදා විග්‍රහයේ ලියූ ආකාරයය.
"චරිත රත්වත්තේලාට පුළුවන්ද යූ.ඇන්.පී.ය හදන්න?"
"යූ.ඇන්.පී. කාරයන් අඳුනන්නේ නෑ."
"යූ.ඇන්.පී. කාරයන්ගේ හිත හැදෙන්න කතා කරන්න දන්නේ නෑ."


"හිනා වෙන්න දන්නේ නෑ."
"සිරිකොත පාක්ෂිකයන්ට එපා කරවනවා."
"සිරිකොත සොහොන් කොතක් කරවනවා."
චරිත රත්වත්තේව එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයට පත්කොට සිරිකොත භාර දුන් විට යූ.ඇන්.පී. කාරයන් කිව්වේ එහෙමය. අද චරිත එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ මූල්‍ය යාන්ත්‍රණය වන මුදල් අමාත්‍යාංශයේ ලේකම්ය.
"චරිත හින්දා අපේ මිනිහෙකුට රස්සාවක් දෙන්න විදියක් නෑ."
"යූ.ඇන්.පී. කාරයකුට ප්‍රමෝෂන් එකක් දෙන්න බෑ."
"අපේ ආණ්ඩුවේ අපට කියල කිසි දෙයක් කරගන්න බෑ."
"බදු විතරයි. පාක්ෂිකයන් තියා ජනතාවටත් සහන නෑ."
"චරිත නිසා ආණ්ඩුව අප්‍රසාදයට පත් වෙනවා."
"අමාරුවෙන් හදපු ආණ්ඩුව නැති වෙනවා නම් නැති වෙන්නේ ඔය මිනිහා නිසයි."


මේ අද චරිත රත්වත්තේ ගැන යූ.ඇන්.පී.කාරයන් කියන කතාය.
"ඇත්තටම කවුද මේ චරිතය?"
චරිතගේ චරිතය දේශපාලන චරිතයක් නොවේ. ඔහු පරිපාලන චරිතයකි. රනිල්ට තරුණ සේවා සභාව හදන්න ඕනා වූ විට එහි ක්‍රියාත්මක යාන්ත්‍රණය වූයේ චරිතය. එක්සත් ජාතික පක්ෂ සභාපති ලෙස ඔහුගේ චරිතය අප්‍රසාදයට ලක්වූවත් ජේ.ආර්.ගේත්, ප්‍රේමදාසගේත්, විජේතුංගගේත් හෙංචයියන්ගෙන් ගහන වූ සිරිකොත රනිල්ට ආරක්ෂිත ස්ථානයක් බවට පත් කළේ ඔහුය. අද ඔහු මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස උත්සාහ කරන්නේ අර්බුදයකට ගිය රටේ මූල්‍ය පාලනය ක්‍රමවත් කොට විනයක් ඇති කරන්නටය. තරුණ කටයුතු ඇමැති ලෙස රනිල්ගේ ක්‍රියාත්මක යාන්ත්‍රණය බවට ජාතික තරුණ සේවා සභාව පත්වූයේ යම්සේද අගමැති ලෙස රනිල්ගේ ආණ්ඩුවේ ක්‍රියාත්මක යාන්ත්‍රණය විය යුත්තේ මුදල් අමාත්‍යාංශයය. රනිල් චරිත ලේකම් කළේ ඒ නිසාය.
"චරිතට ඒ චරිතය හරියට රඟපාන්න පුළුවන්ද?"


හිතන තරම් ලේසි නැත. චරිතට ඒ චරිතය හරියට රඟපාන්න නම් චරිත හිතන්න ඕනේ රට ගැනය. චරිත වගේම චරිතගේ නිලධාරි තන්ත්‍රය රට ගැන හිතුවාට දේශපාලනඥයන්ට හිතන්න වෙලා තියෙන්නේ ජනතාව ගැනය. එස්.බී. දිසානායකට අද මුදල් අමාත්‍යාංශය එක්ක තියෙන ප්‍රශ්නයත් ඒකය.
අද එස්.බී. කියන්නේත් ගොවියන් ජීවත් කරවන්න තියෙන ලොකුම බාධාව වන මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ඉවත් විය යුතු බවය. ඒත් චරිත කියන්නේ ගොවියන් ගැන වගේම රටත්, රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය මූල්‍ය පාලනයත් තිබිය යුතු බවය. ජනතාව ගැන හිතන්නේ නැතිව දේශපාලනඥයන්ට දේශපාලනය කරන්න බැරිය. රට ගැන හිතන්නේ නැතිව නිලධාරීන්ට රටේ මූල්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න බැරිය.
එදා ජේ.ආර්. වගේම අද මේ දෙක මැද හිරවෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහය. රනිල්ට එස්.බී. කියන්නේ ගිනි කන්දකි. වෙලාවකට පුපුරයි. තව වෙලාවකට නිවෙයි. සති අන්ත විකල්ප පුවත්පතක් වූ 'ඇත්ත' පත්තරයේ එය අපූරුවට කියා තිබිණි. චරිත කියල කියන්නේ අළු යට ගිනි පුපුරු මෙන්ය. එස්.බී. කියල කියන්නේ ගමේ බණ්ඩා කෙනෙකි. චරිත කියල කියන්නේ රදළ වලව්කාරයෙකි.
මේ දෙක එකතු කරන එක වතුරයි තෙලුයි එකතු කරන්නා වගේය.
චරිත-එස්.බී. අර්බුදය වගේම අර්ජුන් මහේන්ද්‍රන් අර්බුදය විස¼දන්න පුළුවන්ද රනිල්ටය. රනිල් එය කොහොම විසඳයිදැයි බලා ඉන්නේ මේ ආණ්ඩුව හදන්න දහ දුක් විඳපු අහිංසක ජනතාවය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

0 comments:

ජනවාරි 8 ජයග‍්‍රහණය කෙළෙසන්න එපා! -- වික්ටර් අයිවන්

ජනවාරි 08 වෙනිදා ලංකාවේ දේශ පාලන ක්ෂේත‍්‍රයේ
සිදු වුණේ කුමක් ද?
රටේ නීති ගරුක පුරවැසියන්ගේ විග‍්‍රහය වන්නේ ජාතිවාදය හා ආගමික අන්තවාදය පිටු දැකීමට, දූෂණය සහ අපරාද තුරන් කිරීමට, අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමට හා මර බිය නැති ඳීමානව හිමිකම් ආරක්ෂා කරන රටක් ගොඩ නඟා ගැනීමට මාවත විවර කර ගැනීම සිදු වුණ බවය.

රාජ්‍ය බලය

මෛතී‍්‍රපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ දෙදෙනාගේ පරම වගකීම විය යුතුව තිබෙන්නේ තමන්ට ලැබුණ වරම අනුව යහපත් රාජ්‍ය පාලනයක නිමග්න වීමය. අලූත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් බලයට පත් වුණ වහාම වැදගත් පියවර ගණනාවක් ගත යුතුව තිබුණි. එහෙත් එ් වෙනුවෙන් පූර්ව සූදානමක් නායකයන් දෙපළටම නොතිබුණ බවය පෙනී යන්නේ. මේ වන විටවත් පැහැදිලි න්‍යාය පත‍්‍රයක් නිර්මාණය කර ගැනීමටවත් දෙදෙනාම කටයුතු සිදු කරන බවක් පෙනෙන්නට නැත. මේ නායකයන් දෙදෙනා පෞද්ගලික න්‍යාය පත‍්‍ර පසෙක ලා රාජ්‍ය බලය ඉල්ලා සිටීමේ දී රට අබිමුව තබන ලද පොරොන්දු ඉටු කළහොත් ගෞරවනීය අන්දමින් මහජනතාව ඊට ප‍්‍රතිචාර දක්වනු නියතය. එ් සඳහා තවම කාලය ඉතිරිව ඇත.

ප‍්‍රතිසංස්කරණ ඉවතට

යහපත් ආණ්ඩු කරණයක් උදෙසා විපරීත වුණ රාජ්‍ය පාලනය ප‍්‍රතිසංස්කරණය කළ යුතුමය. එ් සඳහා අවශ්‍ය අණ පනත් සම්මත කර ගත යුතුව ඇත. එ්වා කල් මරන තත්ත්වයක් දිගින් දිගටම ඇත. දූෂිත නිලධාරීන් කැස කවන්නේ විගණන පනත අංශභාග පනතක් බවට පත් කිරීමටය. එ් කුමකට ද? නීත්‍යනුකූලව දූෂණයේ නිමග්න වීමට මිස යහ පාලනයට දායක වීමට නොවේ. විගණන පනත අංශභාග පනතක් වුවහොත් රාජ්‍ය පාලනය තුළ දූෂණය නැති කිරීම නොව, අවම කිරීමටවත් හැකියාවක් නොමැත.

රාජ්‍ය පාලනයට අවශ්‍ය සම්ප‍්‍රදායන් ශක්තිමත්ව ගොඩ නැඟීම දූෂිත නිලධාරීන්ගෙන් අපේක්ෂා කිරීම හාස්‍යජනකය. ඔවුන් එහිදී සිදු කරන්නේ තමන්ගේ රැුකවරණයට තමන් වටා පවුරු පදනම් ඉදි කර ගැනීමය. දූෂිත නිලධාරීන් අදටත් පිළිපදින්නේ රාජපක්ෂ වරුන්ගේ උපදෙස් බව ද පැහැදිලිය. මේ සම්බන්ධව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මුනිවත රකින්නේ මන් ද? මෙහි පසුබිම කරුණ කිහිපයක් ඔස්සේ විද්‍යාමාන වේ.

දූෂණ විමර්ශන

හිතින් හිතා ගන්නටවත් අපහසු අන්දමට සිදු කර තිබෙන දූෂණ වංචා සම්බන්ධ අතිසූක්ෂ්ම අන්දමින් සිදු කොට අවසන් කර තිබෙන පරීක්ෂණවලට අදාළ පුද්ගලයන් නීතිය අබිමුවට ගෙන එ්ම අත්හිටුවා ඇත. එපමණක් නොව, ශී‍්‍රලනිපයේ හා එ්කාබද්ධ විපක්ෂයේ සිටින, ජනාධිපතිවරයා පරාද කිරීමට උපරිමයෙන් දායක වුණ පුද්ගලයන් සම්බන්ධ පරීක්ෂණ සියල්ල අත්හිටුවා ඇත. ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් සිවිල් සමාජය ලෙස අප විවෘතව ඉල්ලා සිටින්නේ ¥ෂණ විමර්ශන සම්බන්ධව දෙදෙනා වහාම එ්කාබද්ධ නිවේදනයක් නිකුත් කරන ලෙසයි. එ් නිවේදනය මේ දෙකෙන් එකක් විය යුතුය.

”සියලූ දූෂණ විමර්ශන අඛණ්ඩව සිදු කරවන බවටත්, තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන බවටත් ප‍්‍රතිඥාවක් රට වැසියන්ට ලබා දෙන්නෙමු. නීතිය කි‍්‍රයාත්මක කරන ආයතනවල ස්වාධීනත්වය තහවුරු කරන්නෙමු. අදාළ නිලධාරීන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමට බාධා නොකරන්නෙමු. පරීක්ෂණ නිම කළ කිසිම ලිපි ගොනුවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙරාතුව ජනාධිපති මන්දිරයට හෝ අරලියගහ මන්දිරයට රැුගෙන ආ යුතු නැත”
මෙවැනි නිවේදනයක් නිකුත් කිරීමට නොහැකි නම් නිකුත් කළ යුතු නිවේදනය මෙයයි.

”රාජපක්ෂ පාලනය තුළ අබමල් රේණුවක තරම් දූෂණයක් හෝ මොනම අන්දමේ අපරාදයක්වත් සිදු වී නැත යන නිගමනයට අපි එළඹ සිටින්නෙමු. දූෂණය හා අපරාදවලින් තොරව රාජ්‍ය පාලනයක් ගෙන යා නොහැකි බව අපි දැන් තේරුම් ගෙන සිටින්නෙමු. එබැවින් දූෂිතයන් අධිකරණය අබිමුවට පමුණුවන ලෙස අපට බලපෑම් කිරීමෙන් පලක් නැති බව සිවිල් සමාජයට මෙන්ම රට වැසියන්ට දන්වා සිටින්නෙමු.”

පක්ෂය සහ දූෂණය

දූෂණ චෝදනා එල්ල වන්නේ ද, දූෂණ චෝදනා සම්බන්ධයෙන් නීතියේ රැුහැනට හසු වන්නේ ද, ශී‍්‍රලනිපයේ පුද්ගලයන් පමණක් වීම ජනාධිපති වරයාගේ කණස්සලට හේතු වී තිබෙන කරුණක් බව පවසන්නේ සම්මුතිවාදී ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට ශී‍්‍රලනිපයෙන් එකතු වී සිටින අමාත්‍යවරු කිහිප දෙනෙකි. මේ සම්බන්ධව ජනාධිපතිවරයා වටහා නොගන්නා සරල සත්‍යයක් ඇත. එ් කුමක් ද?

පසුගිය කාලයේ, එනම් දීර්ඝ කාලයක් රට පාලනය කළේ සන්ධාන ආණ්ඩුවයි. ඉතිහාසයේ කවරදාකවත් නැති අන්දමට රාජ්‍ය මුදල් හා රාජ්‍ය දේපළ අවභාවිත කළේ එ් සන්ධාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ය. රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ද දූෂණ සහ අපරාදවලට සම්බන්ධ බව නොරහසකි. ශී‍්‍රලනිපය පිරිසුදු කර ගැනීමේ සැබෑ උවමනාවක් ජනාධිපති වරයාට තිබෙනවා නම්, එතුමාම නිතර පවසන පරිදි කාටත් ‘තරාතිරම නොබලා’ නීතිය කි‍්‍රයාත්මක කිරීමට ඉඩ ලබා දිය යුතුය. පක්ෂයේ බලය උරුම කර ගැනීමට දූෂිතයන්, අපරාදකරුවන් සහ සියලූ තක්කඩින් බේරා ගැනීමේ තැනකට තල්ලූ වීම, මතු දවසක ජනාධිපතිවරයාගේ ඉරණම තීන්දු කිරීමට නිසැකවම ඉවහල් වන්නේය. එ් අනතුරු ඇඟවීම අගමැතිවරයාටත් අදාළය.

අලි පොත සහ බුද්ධාගම

රාජපක්ෂවරුන් ලංකාවේ බුද්ධාගමට බරපතළ හානියක් සිදු කළ බව කිව යුතුය. ඔවුන් සිල්වත් උපාසකවරුන් ලෙස පෙනී සිටිමින්, පන්සල්වලට හා භික්ෂූන් වහන්සේලාට රජයේ මුදල්වලින් අනේක විධ උපකාර කරමින් බුද්ධාගමට විශාල සේවයක් කළ බවය පවන්නේ. එහෙත් ඇත්ත නම් ඔවුන් කළේ බුද්ධාගම අවභාවිත කිරීමය. මේ කාරණාව විශද වන එක් කාරණාවකට ලංකාවේ අලි පොත අදාළය.

පෙරහැර පැවැත්වීම හෝ පෙරහැරේ අලි ඇතුන් ගෙන යාම හෝ බුද්ධාගම නොවේ. පැවිදි දිවියට පත් වුණ කෙනෙකු අලි ඇතුන් ද රැුක බලා ගත යුතුයයි බෞද්ධ ඉගැන්වීමක් නැත. අලි ළඟ තබා ගැනීමෙන් ගම්‍ය කරන්නේ ‘බලය’ හා සම්බන්ධ මානසික තත්ත්වයකි. තතු කෙසේ වෙතත් යම් භික්ෂුවක් නීත්‍යනුකූල නොවන අන්දමට අලි ඇතුන් ළඟ තබා ගෙන සිටින්නේ නම්, ගිහියන්ට රකින්නට නිතර සිහි කරන පන්සිල් පද පහ ගැනවත් ගෞරවයක් නැති බවය සනාථ වන්නේ. ඇතැම් අලි පැටවෙකු ලබා ගෙන තිබෙන්නේ ඇතින්න මරා ඇතින්නගේ බඩ කපා දමමින් බව ද සනාථ වී ඇත. අගනුවර වැඩ වාසය කරන ධනවත් බලවත් භික්ෂූන් වහන්සේ නමක්, පෙරහැරද කරවන භික්ෂූන් වහන්සේ නමක් පවසා තිබෙන්නේ තමන් ළඟ සිටින අලි පැටියෙකු පන්සලේ සිටින අවුරුදු හැත්තෑවක් පමණ වියපත් ඇතින්න බිහි කළ පැටවෙකු බවයි. තිළිණ ගමගේ නම් නඩුකාරයාට අමතරව නම් දරාපු භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු සාපරාධී අන්දමින් අලි පැටව් ළඟ තබා ගෙන සිටිති. මේ භික්ෂූන් වහන්සේලා තිදෙනා සම්බන්ධව නීතිය කි‍්‍රයාත්මක කළහොත් ඉන් බුදු දහමට නිගාවක් සිදු වේ යයි ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කල්පනා කරනවා නම්, එ් නිසා රාජ්‍ය පාලනය අසීරු තත්ත්වයකට පත් විය හැකි යයි බියකින් සලිතව සිටිනවා නම්, යහ පාලනය වෙනුවෙන් තව දුරටත් මුසා බස් නොකියා සිටීම ශිෂ්ට සම්පන්න වන්නේය. මේ සාපරාධී භික්ෂූන් රටට හෙළි කිරීම කළ යුතුමය.

රණ විරුවන් සහ රාජ්‍ය පාලනය

රටේ පැවති යුද්ධය අවසන් කිරීමේ කාර්යභාරය සමඟ භාවිතයට ගැනුණු යෙදුමකි රණ විරුවන් යන්න. හමුදාවේ උසස් නිලධාරියෙකුම මා සමඟ වරෙක පවසා සිටියේ රණ විරුවා යන යෙදුම භාවිත කිරීමෙන් සොල්දාදුවාට වැදගත් මානසික බලපෑමක් සිදු කළ බවයි. එය යුද ජයග‍්‍රහණයට ද අදාළ වුණ බවයි. එනමුත් සැබෑවටම රණ විරුවා යන යෙදුම අදාළ වන්නේ රණවිරුවන්ට පමණක්ම බවය ඔහු අවධාරණය කළේ. අද එය දේශපාලනඥයන් දේශ පාලන බලයට ඉවහල් කර ගන්නා අල්ලසක් බවය ඔහු පැවසුවේ. එහි තේරුම කුමක්දැයි මම ඔහුගෙන් විමසා සිටියෙමි. ඔහු ඊට දුන් පිළිතුර මෙයයි.

”…..මිනී මැරීම, ස්තී‍්‍ර දූෂණ, මංකොල්ල කෑම්, පාතාල සේවය යනාදි කටයුතුවලට සම්බන්ධ නිලධාරීන් ගණනාවක් නීතියෙන් වැරදිකරුවන් වෙලා ඉන්නවා. නිලධාරීන්ගේ අණ පිළිපදිමින් නිරායුධ සිවිල් පුරවැසියන් මරා දමන ලද සොල්දාදුවන් සංඛ්‍යාවක් ද නීතියේ රැහැනට කොටු වෙලා ඉන්නවා. ඔවුන් කිසිම අන්දමකින් රණ විරුවන් ලෙස හැඳින්විය යුතු නැහැ. ඩෙන්සිල් කොබ්බෑකඩුව වැන උදාර සෙන්පතියන්ට ගැළපෙන යෙදුමක්; මිනී මැරීම, ස්තී‍්‍ර දූෂණ, මංකොල්ල කෑම්, පාතාල සේවය යනාදි කටයුතුවලට සම්බන්ධ නිලධාරීන්ට ද අදාළ තත්වයක් තිබීම ශිෂ්ට සම්පන්න නැහැ. රණ විරුවා යනු රටේ පොදු නීතියට අදාළ නැති පුද්ගලයෙකු නෙමේ. හමුදාවේ කීර්තිය හා ගෞරවය රැක ගැනීමට නම්, කවර මට්ටමක සිටි හෝ සිටින කාටත් නීතිය එක ලෙස කි‍්‍රයාත්මක කළ යුතුයි……”

ජීවිතයම යුද්ධයට කැප කළ වැදගත් හමුදා නිලධාරීන් ගණනාවක් අවධාරණයෙන් පවසා සිටින්නේ රාජපක්ෂකරණය වුණ දූෂිත හමුදා නිලධාරීන් ගණණාවක් සිටින බවත්, ඔවුන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමට ආණ්ඩුවට පිට කොන්දක් නැත්නම්, යහ පාලනය අමු කුණුහරුපයක් බවත්ය.

හැට දෙලක්ෂයක ඡන්ද ලබා ගත් ජනාධිපතිවරයාට අද වන විට හැට දෙලක්ෂයට වඩා පනස් අට ලක්ෂය විශාල යයි පෙනෙන්නට හා දැනෙන්නට පටන් ගෙන තිබෙන්නේ කෙසේ ද? මේ ගැන කරුණු සලකා බැල’මේ දී ජනාධිපතිවරයා අමතක කර දමා ඇති චරිත දෙකක් තිබේ. එ් කවුරුන් ද?

සෝභිත හාමුදුරුවෝ

ජනාධිපතිවරයා අද වන විට සෝභිත හිමියන් කතා කළ එකුදු කාරණාවක් වෙනුවෙන් වත් වගකියන තත්ත්වයක නැත. එය ඉතා කනගාටුදායකය. වේදනා කාරීය.
සෝභිත හිමියන්ට වස කුප්පියක් පොවන්නට උත්සාහ කළ ඩිලාන් පෙරේරා අද ජනාධිපතිවරයා ළඟට වී විධායක ජනාධිපති පදවිය තවදුරටත් තිබිය යුතුය යන මතවාදය ඉදිරිපත් කරයි. ජනාධිපතිවරයා තමන් පරාද කිරීමට වීරිය දැරූ ශී‍්‍රලනිපයේ පුද්ගලයන් සමීප කරගෙන විධායක ජනාධිපති පදවිය සම්බන්ධ පක්ෂයේ තීන්දුව ලබා දීම ඔවුන්ට පවරා ඇත. ඔවුන් විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමට අකමැති බව පළ කර තිබේ.

චන්ද්‍රිකා මැතිනිය

මෛතී‍්‍රපාල සිරිසේන නමැති චරිතය පොදු අපේක්ෂකයා ලෙසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජනා කරන්නේ ද, එ් වෙනුවෙන් අවශ්‍ය සියලූම කටයුතු සිදු කරන්නේ ද චන්ද්‍රිකා මැතිනියයි. එපමණක් නොව එජාපය දෙමළ ජාතික සන්ධානය ඇතුළු සුළු ජාතීන්ගේ කැමැත්ත ලබා ගත හැකි දැයි සෝභිත හිමියන් විමසූ විට එය තමාට කළ හැකි බවට පැහැදිලිව පිළිතුරක් දී අවශ්‍ය සියලූ දේ කළේ ද චන්ද්‍රිකා මැතිනියයි. එපමණක් නොව, මැතිවරණ ව්‍යාපාරයට අවශ්‍ය අපමණ කටයුතුවල ඇය ප‍්‍රධාන වගකීම් භාරගෙන කටයුතු කළාය. අද ජනාධිපතිවරයා ඇය සම්බන්ධයෙන් දරන ආකල්පය කුමක් ද? ඇය තමා පොදු අපේක්ෂකයා ලෙස පිළිගැනීමේ කටයුත්ත සම්බන්ධ ප‍්‍රධාන චරිතය ලෙස ජනාධිපතිවරයාගේ මතකයේ නැති තත්ත්වයක් විiමාන වේ. එය කනගාටුදායක කරුණක් නොව, එය බරපතළ වරදකි.

ජනාධිපතිවරයාට හැට දෙලක්ෂයට වඩා පනස් අට ලොකු බව හිතෙනවා නම් රටේ නීති ගරුක පුරවැසියන් කළ යුත්තේ කුමක් ද? හැට දෙලක්ෂය හැත්තෑව බවට පත් කිරීමට අපි මොන අන්දමකින් හෝ කැපවීම නොවන්නේ ද? එම හැත්තෑව මෛතී‍්‍රපාල සිරිසේන නමට ලැබෙනු නැත. එ් තැනට සිවිල් සමාජය තල්ලූ කිරීමට ජනාධිපතිවරයාට උපදෙස් දුන් ප‍්‍රාඥයන් කරන්නේ සැබවින්ම ජනාධිපතිවරයා හුදෙකලා කිරීමය. එය ඉතා පැහැදිලිය.

මහින්ද රාජපක්ෂගේ පාලනය ඉවසන්නට අපහසු පිරිසක් ශී‍්‍රලනිපයේ ජ්‍යෙෂඨයන් අතර සිටිය ද, ඔවුන් මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීමටය අවසන දී කැප වුණේ. ඔවුන්ගේ තරම විශද වූයේ මැතිවරණයට නාම යෝජනා ලබා දීමේ දී පක්ෂයේ සභාපති වූ ජනාධිපතිවරයා තුට්ටුවකට මායිම් නොකිරීමෙනි. පොදු අපේක්ෂකයා ලෙසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට තමන් සමඟ රාජපක්ෂ ආණ්ඩුවෙන් පිටතට එන්නට කැමැත්ත පළ කළ උදවිය අන්තිමට කළේ කුමක් දැයි දන්නේ ජනාධිපතිවරයා මිස අන් කිසිවෙක් නොවේ. තතු කෙසේ වෙතත්, ශී‍්‍රලනිපයේ දූෂිතයන්ගේ ලිපි ගොනු වසා දැමීමෙන් හා, මහින්ද රාජපක්ෂ සමීපයේ සිටි සියලූ චරිත, ඔවුන්ට අදාළ දූෂණ සම්බන්ධ චෝදනාවලින් බේරා ගෙන ජනාධිපතිවරයා තමන් සමීපයට ගැනීමෙන්, ශී‍්‍රලනිපයේ ඡන්ද පදනම තමන්ට උරුම වේ යැයි කල්පනා කළහොත් එය මුළාවකි. ශී‍්‍රලනිපය සැබවින්ම කැඩෙන්නේ රනිල් වික‍්‍රමසිංහගේ සූත්තරයකින් නොව ජනාධිපතිවරයාගේ අවලස්සණ සිහිනය හේතුවෙනි.

 Sunday,19 Jun 2016  ravaya

0 comments:

ලීඩර් කර්තෘ පස්සෙන් පැන්නූ යතුරුපැදි අංක ලියූ පොත අතුරුදන්

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ දින ඔහු භාවිත කළ සටහන් පොත පොලිසිය නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගත්තත් මේ වන විට එය අතුරුදන් වී ඇතැයි රහස් පොලිසිය ගල්සික්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතාට දැනුම් දුන්නේය.
වික්‍රමතුංග මහතා පසුපස ලුහු බැඳ ආ බව කියන යතුරු පැදි දෙකක අංක එම පොතේ පිටකවරයේ සටහන් කර තිබූ බවට තොරතුරු ඇතැයි ද, පොතට සිදුවූ දේ සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයාගෙන් පවා ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද රහස් පොලිසිය කීවේය.
 වික්‍රමතුංග ඝාතනය පිළිබඳ විමර්ශනය කර සටහන් තැබූ ගල්කිස්ස පොලිසියේ දෛනික වාර්තා පොතේ පිටු හතරක් ගලවා ඉවත් කර තිබෙන නිසා එම පොත රස පරීක්ෂකට යැවිය යුතු යැයි රහස් පොලිසිය කළ ඉල්ලීමට අධිකරණයේ අවසරය ලැබිණි.
 වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කොහුවල යුද හමුදා කඳවුරේ බුද්ධි අංශයේ කටයුතු කළ 17 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන අවස්ථා දෙකකදී පොලිස් ඇප පිට මුදා හැර ඇති බවත්, ඔවුන් මුදා හැරීමට නීතිපති උපදෙස් පවා ලබාගෙන නැති බවත් රහස් පොලිසිය සඳහන් කළේය.
වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්කිකරුවකු සිටිය දී කන්දේගම ප්‍රියවංශ නම් යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන මාස තුනක් රඳවාගෙන සිට මුදා හැර ඇති බව ද, ඔහු අත්අඩංගුවේ සිටි කාල සීමාවේදී යුද හමුදාවෙන් ඔහුගේ වැටුප හා උත්සව අත්තිකාරම් ආදිය පවා ලබා දී ඇති බව ද අධිකරණයට දැන්වූ රහස් පොලිසිය එම යුද හමුදා සෙබළාගේ බැංකු ගිණුමක් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.
ඊට ද අවසර ලැබිණි.

0 comments:

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

මම මුලින් ම ෆේස්බුක් භාවිතා කළේ  W3Lanka ප්‍රවර්ධනය කරන්නට ය. ඒ වෙනුවෙන් වෙන ම ෆේස්බුක් ගිනුමක් සැකසූ අතර වසර ගණනකට පසු මම එය අතහැර දැමුවෙමි. ඒ වන විට එහි මිතුරෝ දහස් ගණනක් සිටිය හ.

සිංහල හෝම් යන අන්වර්ථ නමින් එය පවත්වාගෙන යද්දී බොහෝ පිරිමි එය පවත්වාගෙන යන තැනැත්තා ගැහැනියක යයි සිතා චැට් කරන්නට පැමිණිය හ. අප ලියූ ලිපිවල ස්ත්‍රීන් කෙරෙහි දක්වා තිබුණු ආකල්පය මෙම ගිනුම පවත්වාගෙන යන්නේ ගැහැනියක යයි සිතන්නට හේතු වන්නට ඇත.

අප එම ගිනුම අතහැර දැමීමට එක් හේතුවක් වන්නේ අන්තර්ජාලයේ නිර්නාමිකව පෙනී සිටීම වෙනුවට නමින් හා වගකීමකින් යුක්ත පුරවැසියන් ලෙස කටයුුතු කිරීම දේශපාලනික අවශ්‍යතාවක් ලෙස දකින බැවිනි. අප මේ කතා කරන්නේ ජීවිතයේ දේශපාලනය ගැන මිස දේශපාලන ව්‍යාපාර ගැන නො වේ.

එක් කාලයක ලංකාවේ ෆේස්බුක්හි කාන්තාවේ දුලබ වූ හ. ඒ කාලයේ ඇත්තෙන් ම ෆේස්බුක් විනීත කාන්තාවන්ට අනතුරුදායක අවකාශයක් විය. මා මීට පෙර ද මේ පිළිබඳව ලිපියක් ලියා ඇත.
ලංකාවේ ගැහැනු ෆේස්බුක්හි පිංතූරයක් දැමූවිට පිරිමි ඒක මාර ‍ලස්සනයි කියා කමෙන්ට් දමන්නේ ඇයි?
අන්තර්ජාලයෙන් චීත්ත කෑල්ලක් දැක්ක හැටියේ පිරිමි කොණ තෙමා ගන්නේ ඇයි ද යන්න විමසා බැලීම රසවත් කරුණකි.

සෙක්ස් කියන වචනය සෙවුම් කරන්නන් අතරින් ලාංකිකයන් තුන්වන එක ළඟ එක වසරටත්, 2013දීත්, ලෝකයේ පළමු තැනට පැමිණ තිබෙන ගූගල් වාර්තා කරයි. (ඩේලි මිරර් පුවත්පතේ එම වාර්තාව මෙතැනින් කියවන්න)

සෙක්ස්, සෙක්ස් වීඩියෝ, ‍ෆ්‍රී සෙක්ස් වැනි ඉතා වියුක්ත වදන් යොදා සෙවුම් කරන්නෝ ආධුනිකයෝ ය. නැතිනම් හරි හමන් ඉංග්‍රීසි දැනුමක් නැති අය ය.

උදේ හවා බණ අහන, පිරිත් සජ්ජායනා කරන, ජාති වාත්සල්‍යයෙන් ඔද වැඩුණු, සාන්ත දාන්ත තීන්ත කූඩු වන ලංකාවේ  පිරිමින්ගේ (ගැහැනුනුත් ඇතුළත්ව) යථා ලෝකය ඔවුහු අන්තර්ජාලය තුළ සොයනු දක්නට ලැබේ.

නීතිමය, ආර්ථික හා සමාජමය හේතූන් මත තමන් සිර වී සිටින ඕලාරික ලිංගික ලෝකවලින් පිටතට පැමිණ තමන්ගේ ලිංගික ෆැන්ටසිය සොයන්නට ඔවුහු අන්තර්ජාලය භාවිතා කරති.

එබැවින් ලංකාවේ මිනිසුන්ගේ අන්තර්ජාල නියෝජනය බොහෝ විට ව්‍යාජ ය. ඇතැමෙක් පූර්ණ ලෙස ම ව්‍යාජ ලෙස පෙනී සිටිති. බොහෝ දෙනෙකුගේ අන්තර්ජාල නියෝජනය විශාලනය කරන ලද එකකි. කාන්තාවක නම් ෆොටෝෂොප් භාවිතාවෙන් වැඩිපුර සුදු වෙති. පිරිමි නම් පෙනී සිටින්නේ ගැඹුරු කටහඬක් ඇති, උස මහත, ඉතා කඩවසම් පුද්ගලයන් ලෙසයි.

ෆේස්බුක්හි ගැහැනුන් ලෙස පෙනී සිටින ඇතැමෙක් පිරිමි ය. ඇත්තෙන් ම මේ ඔවුන්ගේ යටි සිතෙහි ජීවත් වන ගැහැනිය විය හැකි ය. නැතිනම්, සම ලිංගික ආශාව විය හැකි ය.

සමරිසියන් ගැන කතා කරන විට ෆේස්බුක් ඔවුන්ට ද සිය ආශාව සොයා යන්නට යොදා ගැනෙන අවකාශයක් වී තිබේ. සමරිසි පිරිමි ගණනාවක් ම මගේ ෆේස්බුක් මිතුරන් අතර සිටිති. මේ අතරින් ඇතැමෙක් අන්තර්ජාලයට පිවිසෙන්නේ දඩයක්කාරයන් ලෙසිනි. සිය ගොදුරු ෆේස්බුකියට පිවිසෙන තෙක් ‍ඔවුහු කුරුමානම් අල්ලාගෙන සිටිති. ඇතැමෙකුගෙන් බේරී ෆේස්බුකියට පිවිසෙන්නට බැරිකම නිසා ඇතැමෙක් අන්ෆ්‍රෙන්ඩ් කර දමන්නට සිදු වූ අවස්ථා ද තිබේ.

යම් අසහනකාරී මානසිකත්වයන්ගෙන් පෙළෙන ගැහැනු ද අන්තර්ජාලයෙන් සිය ලිංගික ‍ෆැන්ටසි සොයා යති. බොහෝ කාන්තාවන් ෆේස්බුකියේ කරන්නේ තමන්ගේ පිංතූර දැමීම පමණි. ඒ දැමූ සැණින් ඒවා වයිරල් වේ. මාර ලස්සනයි, සෙක්සි ආදිය පමණක් නොව ඍජුව ලිංගික ආරාධනා පවා කරනු දක්නට ලැබේ. එහෙත්, දැන් දැන් මෙම ප්‍රවණතාවේ අඩුවක් තිබේ. මඳක් හෝ සක්‍රිය ෆේස්බුක් කාන්තාවන් සොයා මිතුරු ඉල්ලීම් ගලා එන්නේ තොග ගණනිනි.

රජය විසින් අන්තර්ජාලය පිළිබඳ නීති තද කිරීම ද මෙම වර්ධනයට ඉවහල් විය. ටයි දාගෙන මහත්වරුන් ලෙස රැකියා කරමින් ෆේස්බුකියේදී වනචාරීන් ලෙස හැසිරුණු ඇතැමෙකුට රැකියා අහිමි වූ අවස්ථා ද පසුගිය කාලයේ තිබිණි. දැන් බොහෝ අන්තර්ජාල කැෆේ ද අසභ්‍ය වෙබ් අඩවි නැරඹීම අධෛර්යය  කරන ආකාරයට සකසා තිබේ.

අන්තර්ජාලයේ සිය සැබෑ අනන්‍යතාවෙන් පෙනී සිටීම ද වර්ධනය වෙමින් තිබෙන ආකාරයක් නිරීක්ෂණය කළෙමි. කලින් වෙනත් නම්වලින් පෙනී සිටි අය දැන් සිය සැබෑ අනන්‍යතාව වෙත මාරු වෙමින් සිටිති. එපමණක් නොව, "අහවල් නමින් පෙනී හිටියේ මම. හී! හී!" කියමින් චූන් වන්නෝ ද හමු වෙති.

තවමත් බ්ලොග් අවකාශය නම් ව්‍යාජ අනන්‍යතාවන්ගෙන් පිරී තිබේ. තමන් ‍කරන අදහස් ප්‍රකාශ කිරීම් නිසා රජයෙන් හා වෙනත් අයගෙන් කරදර වේ යයි බියක් මේ පිටුපස තිබේ. රජය හොඳ යයි සහතිකයක් දෙන්නට බැරි වුණත්, මේ ව්‍යාජ අනන්‍යතා පිටුපස තිබෙන්නේ බියට වඩා වෙනත් කාරණයකි. ඒ තමන් කරන ප්‍රකාශයේ වගකීම් භාර ගන්නට තිබෙන බියයි. නැතිනම් නිදහසේ කුණුහරුප කියන්නට තිබෙන ආසාවයි.

අප මෙම බ්ලොගයෙහි නිර්නාමික අදහස් පළ කිරීම් කරන්නට දී තිබෙන ඉඩකඩ ඇතැමෙක් වෙනත් බ්ලොග්කරුවන්ට බැන වදින්නට ද භාවිතා කරන ආකාරය දක්නට ලැබේ.

පාසල් සිසුන් හා තරුණයින් බොහෝ දෙනෙක් ෆේස්බුක්හි කරන්නේ චැටි කිරීමයි. ඔවුහු ඉඳහිට තමන්ගේ පිංතූරයක් හෝ බැනරයක් වැනි දෙයක් ෂෙයා කරති. එහෙත්, බොහෝ කාලයක් ෆේස්බුක්හි ලොග් ඉන් වී සිටිනු දක්නට ලැබේ.

අන්තර්ජාලය හා ෆේස්බුක් වැනි සමාජ ජාලයන් වගකීමක් සහිත පුරවැසි අවකාශයන් බවට පත් කිරීම සඳහා අපට ද කළ හැකි දේ තිබේ. එකක් අන්තර්ජාලයේ සිටින වංචනිකයන් හඳුනාගෙන ඔවුන්ගෙන් හැකි තරම් ඈත් වීමයි. එවැන්නෙක් තමන්ගේ මිතුරු ලැයිස්තුවේ සිටින්නේ නම් පහසුවෙන් අන්ෆ්‍රෙන්ඩ් කළ හැකි ය.

අප වැනි දේශපාලනය සඳහා අන්තර්ජාලය භාවිතා කිරීමට උත්සාහ කරන අයට තරාතිරම නො බලා ෆේස්බුක් මිතුරු ඉල්ලීම් පිළි ගන්නට සිදු වන මුත්, පෞද්ගලික ෆේස්බුක් ගිනුම් පවත්වාගෙන යන අයට සැබෑ මිතුරන් පමණක් තම ගිනුමට ඇතුළත් කර ගැනීමට පුළුවන. තමන්ට මෙතරම් ෆේස්බුක් මිතුරන් සංඛ්‍යාවක් සිටින්නේ යයි උදම් අැනීම ‍තේරුමක් නැති දෙයකි. ෆේස්බුක් මිතුරෝ වනාහි බෙහෙවින් ම ව්‍යාජ පිරිසකි. සැබෑ මිතුරුකම් ඇත්තේ ස්පර්ශ ලෝකයේ ය.‍

W3Lanka -

0 comments:

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය. කැලෑව විනාශය කරා ගෙන යන්නේ කවරෙක්‌ද එතැන දේශපාලනඥයෙකු සිටී. දේශපාලනය විනාශ කරා ගෙන යන්නේ කවරෙක්‌ද ඒ ද දේශපාලනඥයාය. කැලෑව ගැනත් දේශපාලනය ගැනත් නැවත අපට කතා කරන්නට සිදුව තිබේ. ඒ වවුනියාව ආසිකුලම් වනාන්තරයේ සිදුවන මහා විනාශය නිසාය. කතාව ඉතාම කෙටියෙන් මෙසේය. වවුනියාව සිදම්බරපුරම්, ආසිකුලම් රක්‍ෂිතයේ අක්‌කර සියයකට ආසන්න ප්‍රමාණයක පැතිර තිබූ සාර වන ගහනය කපා මුඩුබිම් බවට පත්කර ඇත්තේ නීති විරෝධීවය. එසේ විනාශ කර දමන ලද ඉඩම් අත්පත් කරගෙන පවුල් 60 ක්‌ පදිංචි කරවා තිබේ. ඒ පර්චස්‌ අසූවක්‌ පමණ වූ ප්‍රමාණයක්‌ එක්‌ පවුලකට ලබා දෙමිනි. ඒ අය වවුනියාව දිස්‌ත්‍රික්‌කයේ යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාව බව සඳහන් කර තිබුණත් ඊට පැහැදිලි සාක්‍ෂි නැත. දැන් එම පිරිස එම රක්‍ෂිත වනාන්තරයට අයත් භූමියේ නිවාස ගොඩනැඟිලි ඉදිකිරීමට කටයුතු කරමින් තිබේ.

ප්‍රශ්නය වන්නේ ආසිකුලම් රක්‍ෂිතය කවර හෝ තකතීරුවෙකු එලෙස විනාශ කර දමද්දීත් ඒ බව වගකිවයුතු කිසිදු නිලධාරියෙකු නොදැන සිටීමය. කෙසේ හෝ මේ මජර ක්‍රියාවලියට දේශපාලනඥයකු සෘජුවම සම්බන්ධ බව කියෑවේ. (කොහොමත් අමන වැඩක්‌ සිදුවන තැනක දේශපාලනඥයකු අනිවාර්යයෙන්ම සිටිය හැකි තත්ත්වයක්‌ මේ රටේ නිර්මාණය වී ඇති නිසා ඒ ගැන සියයට සියයක්‌ම අපට විශ්වාසය තැබිය හැකිය.)

මේ ප්‍රශ්නය ආසිකුලම් රක්‍ෂිතයට පමණක්‌ පොදු ප්‍රශ්නයක්‌ නොවේ. අපේ රටේ කවර තරාතිරමක වුව දේශපාලනඥයකු වුව පරිසර විනාශයක්‌ ගැන තබා මෙලෝ හසරක්‌ නොදන්නා අය බව ඔප්පු කර ඇත්තේ වරක්‌ දෙවරක්‌ නොවේ. හිතන්නට පතන්නට හැකි අතලොස්‌සක්‌ වූ විදග්ධ, යමක්‌ කමක්‌ තේරෙන දේශපාලනඥයින්ට මේ රට වෙනස්‌ කිරීම පහසු කාරණයක්‌ නොවන්නේ මේ මෝඩරැල නිසාය. එහෙව් මෝඩ දේශපාලනඥයකුට වනාන්තර විනාශය "වත්ත සුද්ද" කිරීම තරම්ම පහසු කාරණයකි. රට පුරා නාය යද්දිත් රට එකම වතුර වළක්‌ බවට පත්වෙන ගංවතුර ගලද්දීත් ඊට හේතුව මේ පරිසර විනාශයම බව විද්වත් පිරිස්‌ දිගින් දිගටම පෙන්වා දෙන තත්ත්වයක්‌ තුළදීත් වනාන්තර හෙළි පෙහෙළි කරන්නට අනුබල දෙන එකාට "මෝඩයා" යෑයි ප්‍රසිද්ධියේ නොකියා වෙන මොනවා කියන්නද?

මෙහෙව් තකතීරුවන් මෙවැනි ජාතික අපරාධ රටට වසන් කරන්නට යොදා ගන්නා අපුරු උපක්‍රමය "යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව පදිංචි කරවීම" යන්නයි. විල්පත්තුව විනාශ කරන මිනිහා කියන්නේත්, ආසිකුලම් රක්‍ෂිතය විනාශ කරන මිනිසා කියන්නෙත් මේ කතාවමය. යුද්ධය අවසන් කර වසර හතක්‌ ගතවන තුරුත් මේ "ජනතාව පදිංචි කරවිම" ආණ්‌ඩුවකට කළමනාකරණය කරගන්නට බැරිව තිබේ. අමන දේශපාලනඥයින් ප්‍රයෝජනයට ගන්නේ ආණ්‌ඩුවේ ඒ දුර්වලකමයි. රාජ්‍ය දේපොළ තමන්ට හිතු හිතූ හැටියට ඕනෑ ඕනෑ අයට බෙදා දෙන්නට හැකි "බලයක්‌" තිබෙන තවත් අය සිටී නම් ආණ්‌ඩුවකින් ඇති වැඩේ මොකක්‌ද? රටේ නීතියට වඩා මේ කැලෑ පාළුවන්ගේ නීතිය බලවත් වූයේ කොහොමද?

2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරන වන සංරක්‍ෂණ ආඥ පනතේ 20 වැනි වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක්‌ එළි පෙහෙළි කිරීම, කපා ඉවත් කිරීම, ස්‌ථිර හෝ තාවකාලික ගොඩනැඟිලි ඉදිකිරීම, ඒවායේ පදිංචිවීම, වගා බිම් ස්‌ථාපිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එවන් නීති විරෝධී ක්‍රියාවල නිරතව සිටින පුද්ගලයකු හෝ ඒ සඳහා ආධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයකුද වරදකරුවකු වේ. ආසිකුලම් රක්‍ෂිතය හිතුමතේට විනාශ කරන්නේ මෙවැනි තත්ත්වයක්‌ යටතේය. වනාන්තරයක්‌ එළි කරනවා යනු ගෙදර වත්ත පිටිය උදලු ගෑම තරම් සරල ක්‍රියාවක්‌ නොවන බව අපි කීවෙමු. එතරම් විනාශයක්‌ සිදුවන විට ඒ බව අදාළ දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නොදැන සිටි බවත් කීමම අමු බොරුවකි. මේවා නරක පූර්වාදර්ශයන්ය. හෙට අනිද්දා වන විට මේ බෝවන රෝගය තවත් දේශපාලඥයන්ට වැළඳීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. ප්‍රධානතම ගැටලුව වන්නේ නීතිමය පියවර ගැනීමට හැකියාව ඇති අණපනත් බොහෝ තිබියදීත් ඒවා දිගින් දිගටම නිවි හැනහිල්ලේ සිදුවීමය. ඒ නිසාම මේ නීතිමය රාමුවට වඩා කැලෑ පාළුවන්ගේ හා දේශපාලුවන්ගේ බලය වැඩි බව ස්‌ථිර වශයෙන්ම කිව හැකිය.

දිවයින -

0 comments:

මාධ්‍යවේදියෙකුගේ ගෙට පැනලා මරණ තර්ජන කරපු අපූරු සංවිධානය

ගම්පහ ප්‍රාදේශීය වාර්තාකරු චානක සිටුගේ මහතාගේ ගෙදරට (22දා) රෑ පිරිසක් ඇතුළුවෙලා තියෙනවා.
ඔහුට පහරදීලා මරණ තර්ජනය  කළා කියලයි චානක සිටුගේ අපට කිව්වේ.
වේයන්ගොඩ නිට්ටම්ඹුව මාර්ගයෙ පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවත්වාගෙන ගිය කියන මධ්‍යස්ථානයක් ගැන වාර්තා කළ ප්‍රවෘත්තියක වීඩියෝ දර්ශන අධිකරණ නියෝගයක් මත පොලීසියට ලබාදීමෙන් පස්සේ මේ පහරදීම සිදුකළා කියලයි.
මේ ගැන වැඩිදුර විස්තර ඇතුළත් වීඩියෝ දර්ශන පහතින් නරඹන්න…..

0 comments:

ගහෙන් වැටුණු මිනිහාට ගැමුණුත් අනී...

ස්‌ථිර වශයෙන්ම බස්‌ ගාස්‌තු වැඩිවීමට නියමිත බව රටේ ජනතාව දැනගත්තේ අදක ඊයෙක නොවේ. මාස කිහිපයකට උඩදීය. ඒ රටේ ජනප්‍රිය ජ්‍යෙdතිර්වේදියකු පළ කළ අනාවැකියක්‌ නිසා නොවේ. අනාවැකිකරුවන් කී නිසාද නොවේ. පසුගිය අයවැයෙන් පසු එක දිගට සංශෝධන ගෙන ආ පසුවත්, ඊට පසු ඒ සියල්ලම කැපී යන්නට වැට්‌ බදු ඉහළ දැමීමත් බස්‌ ගාස්‌තු පමණක්‌ නොව තවත් බොහෝ දේවල මිල වැඩි කිරීමට හේතුවිය හැකි බව අවබෝධ වූ නිසාය. රටේ ජනතාව ගොනාට ඇඳ ඇතැයි රටේ පාලකයන් සිතා සිටියද ප්‍රායෝගික ඇත්ත ගැන රටේ ජනතාවට තිබෙන දැනුම ඉහටත් උඩිනි. පෞද්ගලික බස්‌ රථ හිමියන් ගාස්‌තු වැඩි කිරීමක්‌ ඉල්ලන්නේද ඒ ප්‍රායෝගික ඇත්ත අනුවය. පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න (බස්‌ ගාස්‌තු නැංවීමෙහි සර්ව බලධාරීතුමා) පසුගිය මැයි මාසයේ ඒ ගැන මුල්වරට කීවේ මෙහෙමය. "වැට්‌ බද්ද සියයට 4 කින් වැඩි කිරීමත් සමගම පෞද්ගලික බස්‌ රථ කර්මාන්තයට අදාළ පිරිවැයවල ඉහළ යැමක්‌ සිදුවේ. ඒ අනුව ලබන ජුලි 01 වැනිදා සිදුවන වාර්ෂික බස්‌ ගාස්‌තු සංශෝධනයේදී බස්‌ ගාස්‌තු වැඩිවීමක්‌ අපේක්‍ෂා කෙරේ".

ඊට පසු එය සියයට 15 ක වැඩිවීමක්‌ විය යුතු බවත් නැතිනම් දීපව්‍යාප්ත බස්‌ වර්ජනයකට යන බවත් ගැමුණු පරපුරේ සියල්ලෝම (සියලුම බස්‌ සංගම්) එක හෙළා කීහ. ඊටත් ටික දිනකට පසු "ගැමුණු මහතා" අමුතු සත්තමක්‌ දැමීය. ඒ අනුව මාර්ග තදබදය නිසා විශාල ඉන්ධන පිරිවැයක්‌ දැරීමට සිදුවන නිසා "මාර්ග තදබද ගාස්‌තුවක්‌ද" මගීන්ගෙන් අයකළ යුතු බව ප්‍රකාශ විණි. අමනෝඥ සහ උද්ධච්ඡ කතාවට බොහෝ දෙනෙක්‌ විරෝධය පෑහ.
බස්‌ ගාස්‌තු වැඩිවිය යුතු යෑයි කියන කතාව සියයට සියයක්‌ම නොවුණත් ඇත්තම කතාව විය හැකිය. බස්‌ රථයකට ගෙන්වන අමතර කොටස්‌, ටයර් මේ සියල්ලට වැට්‌ බදු එකතු කෙරේ. එවිට ඒ වියදම දරා ගැනීමට රටේ ජනතාවගේ බස්‌ ටිකට්‌ටුවට ඒ බර පැටවීම හැර ඒ අයට වෙන විකල්පයක්‌ පෙනෙන්නේ නැති වන්නට පුළුවන. ඒත් මේ කාරණය නියත වශයෙන්ම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමකි. මේ වන විට තමන්ගේම කියා වාහනයක්‌ ගන්නට සිටි අයත් වාහන තිබෙන අයත් වැඩි වශයෙන් භාවිත කරන්නේ පොදු ප්‍රවාහන සේවයයි. ඒ ද අධික බදු බර හමුවේ එවැනි විකල්පයකට යා යුතු නිසාය. ගැමුණු පරපුරේ අය අනින්නේ ඒ ජනතාවටය.
පෞද්ගලික බස්‌ ගාස්‌තුව සියයට තුනයි දශම දෙකකින් පමණක්‌ ඉහළ දැමිය හැකි බව බස්‌හිමියන්ගේ සංගමය සමග පෙරේදා (20 දා) පැවැති සාකච්ඡාවකදී ප්‍රවාහන ඇමැතිවරයා පවසා තිබිණි. එහෙත් ඒ වැඩිකිරීම පිළිගැනීමට බැරි බව පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමය එක හෙළා කියා සිටී. මස්‌ රාත්තලම ඉල්ලීමේ ක්‍රමවේදයක්‌ පෞද්ගලික බස්‌ හිමියන්ගේ සියලුම සංගමයන් අනුගමනය කළ පළමුවතාව මෙය නොවේ. බස්‌ ගාස්‌තුව "සියයට තුනයි දශම දෙකකින්" වැඩිවන විට ඊට සාපේක්‍ෂව පොදු ප්‍රවාහන සේවය භාවිත කරන ජනතාවගේ ආදායම "දශමයකින්වත්" වැඩි වන්නේ නැත. තුනයි දශම දෙක නොව සියයට සියයක්‌ වැඩි කළත් බස්‌ හිමියෝ මගී ජනතාවට ලබාදෙන (නොදෙන) පහසුකම් වැඩි කරන්නේද නැත. දැනටත් රටේ ජනතාව පුද්ගලික බස්‌ රථවලට නැඟ විඳින්නේ අපා දුකකි. යන ගමන යා යුත්තේ කොන්දොස්‌තරගේ කුණු බැණුම් අහමින්, වරෙක ඉදිරියටත්, වරෙක පසුපසටත් තල්ලු වෙමිනි. කිටි කිටියේ මගීන් පටවාගෙන යන අතරවාරයේ බස්‌ නැවතුම්වල අධික වේලාවක්‌ රස්‌තියාදු වීම, යන්නට පටන් ගත් මොහොතේ සිටම කොට කොටා යැම වැනි දුෂ්කරතා නොවිඳි මගියකු ගැන අපට කියාදෙන මෙන් අපි ගැමුණු විඡේරත්න මහතා ඇතුළු බස්‌ හිමියන්ගෙන් ඉල්ලා සිටිමු. කොන්දොස්‌තරගෙන් ඉතිරි සල්ලි ඉල්ලීම තරම් නරක අත්දැකීමක්‌ නැත. අප ඉල්ලන්නේ ණයට මුදලක්‌ නොව අපේ ඉතිරි මුදල් බව තේරෙන කොන්දොස්‌තරවරු ඇත්තේ අතළොස්‌සකි. කුණු දූවිලි, මලකඩ තිබෙන බස්‌ රථ බොහොමයකි. කන් අඩි පුපුරන සද්දේට බයිලා නොඇසෙන්නට කබල් බස්‌ රථවල බර බර සද්දය ඇහෙනවා නොඅනුමානය.
මගියා විඳින මේ දුක්‌ කන්දරාවට බදු බරත් එකතුවන විට පුද්ගලික බස්‌ වර්ජනය කළ යුත්තේ රටේ ජනතාවය. ඒ නිසා වැඩි කරන්නට නියමිත සියයට තුනයි දශම දෙක බස්‌ හිමියන්ට සෑහෙන ප්‍රමාණවත් බව අපේ හැඟීමය.



0 comments:

ජෝර්ඡ් කීට්‌ සහ ඇවන්ගාඩ්

අනුර සොලමන්ස්‌

ඝනිකවාදී චිත්‍ර බොහෝ විට ත්‍රිමාන ස්‌වරූපයක්‌ ගත්තේය. එම චිත්‍රවල අඩංගු සෑම වස්‌තුවක්‌ම කිසියම් පෙට්‌ටි හැඩයකින් යුක්‌ත විය. මේ කලාවෙහි කෙළපැමිණි යුරෝපියයා වූ කලී ස්‌පාඤ්ඤ ජාතික පැබ්ලෝ පිකාසෝය. මේ කලාවෙහි කෙලපැමිණි ආසියාතිකයා වූයේ ශ්‍රී ලාංකිකයකු වූ ජෝරඡ් කීට්‌ ය. ජෝර්ඡ් කීට්‌ගේ 115 වන උපන්දින සංවත්සරය යෙදී තිබුනේ ඉකුත් ඉරිදා (17) ටය. ඔහු ඉපදුණේ පිකාසෝ උපන් අවුරුද්දට අවුරුදු 20 කට පසු 1901 දීය. 1993 ජුලි මාසයේ 31 වැනිදා අභාවයට පත්වන තුරුම ඔහු දකුණු ආසියාවේ මිල අධිකතම චිත්‍ර ශිල්පියා විය.

ප්‍රංශ භාෂාවෙන් ඇවන්ගාර්ඩ් (Avant Guard) යනුවෙන් හඳුන්වන්නේ කලාව, සංස්‌කෘතිය සහ දේශපාලනය යන ක්‍ෂේත්‍රවල සිදුවූ පර්යේෂණතාමක හෝ ගවේෂණාත්මක දේවල් සහ ඒවා සිදු කරන අයටය. අපේ රටේ දැනට තිබෙන ආණ්‌ඩුව මේ රටේ ජනයා ඒ වචනයේ සැබෑ සෞන්දර්යාත්මක අර්ථකතනය දැන ගන්නට කලින් දේශපාලන වාසි කතා, Avant Guard යන්නෙහි තේරුම කාදැමීය. අද වනවිට මේ රටේ ජනතාවට ඇවන්ගාඩ් යෑයි කී විට මතක්‌ වන්නේ පාවෙන අවි ගබඩාවකි. 20 වන සියවසේදී යුරෝපීය කලා ලෝකය තුළ ඇවන්ගාඩ් කලා ව්‍යාපාරය නමැති වැඩපිළිවෙළක්‌ හට ගත්තේය. එය එතෙක්‌ පැවැති යුරෝපීය චිත්‍ර සහ ප්‍රතිමා කලාවෙහි ව පෙරැලියකි. මේ පෙරැලියෙහි නිරත වූවෝ Cubism හෙවත් ඝනිකවාදය නමැති නව සම්ප්‍රදායයකට අවතීර්ණ වෙමින් චිත්‍ර ඇඳීමට පටන් ගත්හ. ඝනිකවාදී චිත්‍ර බොහෝ විට ත්‍රිමාන ස්‌වරූපයක්‌ ගත්තේය. එම චිත්‍රවල අඩංගු සෑම වස්‌තුවක්‌ම කිසියම් පෙට්‌ටි හැඩයකින් යුක්‌ත විය. මේ කලාවෙහි කෙළපැමිණි යුරෝපියයා වූ කලී ස්‌පාඤ්ඤ ජාතික පැබ්ලෝ පිකාසෝය. ලෝකයේ දිගම නම හිමි චිත්‍ර ශිල්පියා වූ පිකාසෝ (Pablo Diego Jose Francisco de paula Juan Nepomnceno Maria de Los Remedios Cipriano de la Santisima Frinidad Rui' y Picsso) ස්‌වභාවික චිත්‍ර සම්ප්‍රදායෙහි කෙළපැමිණ එය අත්හැර දමා ඝනිකවාද සම්ප්‍රදායට ගිය අයෙකි. මේ කලාවෙහි කෙලපැමිණි ආසියාතිකයා වූයේ ශ්‍රී ලාංකිකයකු වූ ජෝර්ඡ් කීට්‌ ය. ජෝර්ඡ් කීට්‌ගේ 115 වන උපන්දින සංවත්සරය යෙදී තිබුනේ ඉකුත් ඉරිදා (17) ටය. ඔහු ඉපදුණේ පිකාසෝ උපන් අවුරුද්දට අවුරුදු 20 කට පසු 1901 දීය. 1993 ජුලි මාසයේ 31 වැනිදා අභාවයට පත්වන තුරුම ඔහු දකුණු ආසියාවේ මිල අධිකතම චිත්‍ර ශිල්පියා විය. මේ මොහොතේදීත්, Saffronart.com නමැති වෙබ් අඩවියෙහි ඔහුගේ චිත්‍ර විකිණීමට තබා ඇත. ඒවායින් මිල වැඩිම චිත්‍රය අඟල් 25 ක්‌ උස, අඟල් 26 ක්‌ පළල චිත්‍රයකි. ලංකාවේ මුදලින් එය රුපියල් දාහතර ලක්‍ෂ හතලිස්‌ දහසක්‌ විය. රුපියල් කෝටිය ඉක්‌මවා අලෙවි වූ චිත්‍රද කීට්‌ විසින් අඳිනු ලැබ ඇත. පිකාසෝ ද ලොව පහළ වූ මිල අධිකම චිත්‍රශිල්පියෙකි. එහෙත් මේ ලිපිය ජෝර්ඡ් කීට්‌ ගැන ලියෑවෙන්නක්‌ නිසා මෙතැන් සිට පිකාසෝ අමතක කරනු ලැබේ.

*   *  *   *  *  *  *  *  *

1901 අප්‍රේල් 17 වැනිදා නුවරදී උපදින ජෝර්ඡ් කීට්‌ ඉන්දු ඕලන්ද සම්භවයක්‌ ඇත්තෙකි. ඔහුගේ මව ඉන්දියානු කාන්තාවකි. පියා ඕලන්ද ජාතිකයෙකි. මේ වර්ගයේ පවුල්වල උපදින දරුවන් යුරේෂියානුවන් ලෙස ව්‍යක්‌ත ඉංගී්‍රසිය තුළ නම් කෙරෙන අතර එදිනෙදා කතා කරන ඉංගී්‍රසිය තුළ හඳුන්වන්නේ බර්ගර් ප්‍රජාව ලෙසිනි. කීsට්‌ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් උගනියි. ඉංගී්‍රසිය ඔහුගේ මවු භාෂාව මෙන්ම අධ්‍යාපන මාධ්‍යය ද වෙයි. ඔහු කුඩා කාලයේ සිටම චිත්‍ර ඇඳීමට සහ පොත් කියෑවීමට ඇබ්බැහි වූවෙකි. කීට්‌ පවුල ජීවත් වූයේ මහනුවර මල්වතු විහාරය කිට්‌ටුවය. ඔහු නිතර මල්වතු විහාරයට ගිය අතර බුදුදහමේ අරුණාලෝකය ඔහුගේ අධ්‍යාත්මය මත පතිත විය. බුදුදහම වෙත ඇදී ගිය ඔහු තරුණ වියට එළැඹෙන්නේ මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රාදේශීය මට්‌ටමින් එවකට ඇරඹි තිබූ බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ වැදගත් කොටස්‌කාරයකු බවට පත් වෙමිනි. ඔහු මේ කාලයේදී බෞද්ධ චින්තනය ඇසුරෙන් ගද්‍ය සහ පද්‍ය ලිවීමෙහි නිරත විය. ඒ සියල්ල සඳහා භාෂා මාධ්‍ය වූයේ ඉංගී්‍රසි ය. ඊට සමගාමීව ඔහු සිංහල භාෂාවද උගත්තේය. එසේම ඔහු බටහිර සංස්‌කෘතිය ප්‍රතික්‍ෂේප කරන පිළිවෙතකට තල්ලු විය.


Cubism අනුගමනය කළත් ජෝර්ඡ් කීට්‌ කිසි දවසක පිකාසෝ අනුගමනය කළේ නැත. පිකාසෝගේ කියුබිසම් සම්ප්‍රදාය රළු වූ අතර කීට්‌ගේ Cubism සම්ප්‍රදාය ඉතාම ලාලිත්‍යවත් විය. Cubism පැත්තෙන් කීට්‌ට බලපෑමක්‌ වූ එකම චිත්‍ර ශිල්පියා වූයේ ප්‍රංශ ජාතික හෙන්රි මැටිස්‌ ය. ඔහු කීට්‌ට වඩා දහඅවුරුද්දක්‌ පමණ වයසින් බාලය. ඔහුගේ චිත්‍රවල ඇති කව, චතුරස්‍ර සහ නැමිවල ඡායාව කීට්‌ගේ චිත්‍රවලද ඇත. තමා මැටිස්‌ගේ චිත්‍රවලට ප්‍රිය කළ ද. ඒවායේ බලපෑමක්‌ තම නිර්මාණවලට ඇති වූ බව කීsට්‌ පිළිගත්තේ නැත. ඉන්දියාවේ පිහිටි ඓතිහාසික බෞද්ධ නගරයක්‌ වූ නාගර්ජුන කොන්ඩයෙහි ඇති විහාරාරාමවල තිබෙන චිත්‍ර, සාන්චි සම්ප්‍රදායේ චිත්‍ර සහ ගාන්ධාර ප්‍රතිමා සම්ප්‍රදායයන් තම කලා නිර්මාණවලට බලපෑ බව කීමට ඔහු වඩාත් කැමැති විය. පසු කාලයේදී ඔහු සංස්‌කෘත භාෂාවෙහි ප්‍රාමාණික දක්‍ෂයෙක්‌ බවට පත් විය. ඉන්පසු ගීත ගෝවින්දය (ජයදේව නමැති බෙංගාලි කවියා 12 වැනි සියවසේදී ලියූ කවි පොතකි) ඉංගී්‍රසි බසට පරිවර්තනය කළේය. පසු කලෙක එම කවියෙහි සිංහල පරිවර්තනයක්‌ පළ විය. ඔහු මේ පොත්වල කවර නිර්මාණය කර ඇතුළත චිත්‍ර ද ඇන්දේය.

තරුණ වියේ මැද හරියට වනවිට ජෝර්ඡ් කීsට්‌ ක්‍රමයෙන් ඉන්දියානු සාහිත්‍යයට සහ හින්දු දේව කතා සාහිත්‍යයට ආසන්න වනු දක්‌නා ලදි. 1939 දී ඉන්දියාවට ගිය ඔහු එම ගමන ඇබ්බැහි කමක්‌ බවට පත් කර ගත්තේය. එතැන් සිට ඔහු එක්‌දහස්‌ නවසිය හැත්තෑ ගණන්වල අග වනතුරු ඔහු විටින් විට දෙරටෙහි ම ජීවත් විය. කීට්‌, රවින්ද්‍රනාත් තාගෝර්ට මහත්සේ ගරු කළ කෙනෙකි. 1930 දී ඔහු තාගෝර් හමුවී දීර්ඝ සාකච්ඡාවක්‌ කළේය. එකල කීssට්‌ ට වයස 19 කි.

තරුණ වියෙන් මැදි වියට ගමන් කරන කළ ජෝර්ඡ් කීට්‌ ගේ චරිතය මෙසේයá ඔහු සැප පහසුවට ජීවත් වූ තරු පහේ සුඛෝපභෝගී මිනිහෙකි. ශෘංගාරාත්මක චරිතයකි. ඔහු '43 කණ්‌ඩායම' නමැති කැරළිකාර කලා සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකි. 20 වැනි සියවසේ මේ රටේ පැවැති 'කොළඹ කලාවේ' ආධිපත්‍යය දැරුවෝ Ceහකදබ Sදජසැඑහ දෙ Aරඑs නමැති සංවිධානයයි. මෙහි බහුතරය වනුයේ සුද්දොaය. ඔවුන් දැන සිටි එකම කලාව වූයේ කාන්තාවන්ගේ මුහුණ හැර සෙසු සියලුම ශරීරාංග ලස්‌සන රෙදිවලින් වැසූ වික්‌ටෝරියන් කලාව ය. විශාල කන්දක්‌ සේ පැවැති එම සංවිධානයේ කලාව තැනිතලාවක්‌ වන සේ පයින් ගැසූ කීට්‌, ලයනල් වෙන්ඩ්ගේ නායකත්වය යටතේ 1943 දී 43 කණ්‌ඩායම සාදා ගත්තේය. එවකට මෙරට සිටි ප්‍රවීන චිත්‍රශිල්පීන් වූ හැරල්ඩ් පීරිස්‌, අයිවන් පීරිස්‌ (කීට්‌ගේ මස්‌සිනා) ඕබ්‍රි කොලට්‌, රිචඩ් ගේබ්‍රියෙල්, ජස්‌aටින් දැරණියගල, මංජුශ්‍රී භික්‍ෂූන් වහන්සේ (පසුව එල්. ටී. පී. මංජුශ්‍රී) මේ එකමුතුවේ ආරම්භක සාමාජිකයෝ ය. ඔවුන්ගේ අරමුණ වූයේ වික්‌ටෝරියන් කලාව කුඩු කර එවකට යුරෝපියේ වර්ධනය වෙමින් පැවැති ලිබරල් කලාව ලංකාවට ආදේශ කිරීමය.

*   *  *   *  *  *  *  *  *

1988 ජනවාරි මාසයේදී කොළඹ තිභිරිගස්‌යායේ පොලිස්‌ ක්‍රීඩාංගණය ඉදිරිපිට පිහිටි µ්‍රeන්ගිපානි නමැති හෝටලයේදී ජෝර්ඡ් කීsට්‌ හමුවීමේ දුර්ලභ අවස්‌ථාව මේ ලියුම්කරුට හිමි විය. සරමක්‌ සහ ඉන්දියානු ක්‍රමයේ කමිසයක්‌ ඇඳ සිටි ඔහු ඊට උඩින් අත් නැති බොත්තම් නැති කෙටි කබායක්‌ දමාගෙන සිටියේය. ඒ වනවිට ඔහු ඉතා දැඩි සේ ඉන්දියානු සංස්‌කෘතියට අවශෝෂණය වී සිටි කෙනෙකි. ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක්‌ කර ලිපියක්‌ ලිවීමට මේ ලියුම්කරුට උවමනා වූ නමුත් ඔහු එය එතරම් ගණනකට ගත්තේ නැත. ඔහු ඒ වනවිට සිටියේ ප්‍රසිද්ධිය ගැන කිසිදු උනන්දුවක්‌ නැති තැනකය. රටේ සිදුවන දේවල් සහ අනූ ගණන්වල චිත්‍ර කලාව ගැන කතා කිරීමට ඔහු ඊට වඩා කැමැති විය. තමා ඇඳි බොරැල්ලේ ගෝතමී විහාරයේ චිත්‍ර ගැන සිහිපත් කළ ඔහු නුදුරු දිනක ඒවා නැරඹීමට යන බව මට කීවේය.

අපේ කතාව එතැනින් නිම විය.

0 comments:

රට එක්සේසත් කළ රජවරු හා මහින්ද රාජපක්ෂ - වික්ටර් අයිවන්

වික්ටර් අයිවන්

හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සඳහා යොදා තිබූ යුද හමුදා නිලධාරීන් හා සෙබළුන් ඉවත් කොට ඒ වෙනුවට විශේෂ කාර්ය බලකාය යොදා ගැනීමේ සිද්ධිය විවේචනය කරමින් උදය ගම්මන්පිල හිටපු ජනාධිපතිවරයා අතීතයේ රට එක්සේසත් කළ රජවරුන් පස්දෙනාට සමාන කළේය. ඔහුගේ එම ප‍්‍රකාශය අසන්නට ලැබීමත් සමග අපේ පරණ ඉතිහාසය පිළිබඳව කෙරෙන සාකච්ඡුාවකට මුල පුරන්නට මට සිතුණේය. මට පෙනෙන හැටියට ලංකාවේ ජනතාවට තමන්ගේ පූර්ව නූතන ඉතිහාසය ගැනවත් නූතන ඉතිහාසයේ ආරම්භය ලෙස සැලකිය හැකි බි‍්‍රතාන්‍ය යුගය ගැනවත් හරි ඓතිහාසික දැක්මක් නැත. අපේ චින්තනයේ පටුභාවය කෙරෙහි එයද වැදගත් හේතුවක් ලෙස බලපා තිබේ.

රට එක්සේසත් කළ රජවරු

රට එක්සේසත් කළ රජවරුන් පස්දෙනා ලෙස සැලකෙන්නේ දුටුගැමුණු (ක‍්‍රි.පූ. 161-137), 1 වන විජයබාහු (1055-1110), 1 වන පරාක‍්‍රමබාහු (1153-1186), 2 වන පරාක‍්‍රමබාහු (1236-1270), 6 වන පරාක‍්‍රමබාහු (1415-1467) යන පස්දෙනාය. නිල ඉතිහාසඥයන් ඒ රජවරුන් පස්දෙනා විස්තර කර ඇත්තේ දකුණු ඉන්දියානු පරසතුරන්ගෙන් රටේ සිංහල බෞද්ධ ජනතාවද, සිංහල බෞද්ධ රටද මුදාගනිමින් රට එක්සේසත් කළ රජවරුන් වශයෙනි. උදය ගම්මන්පිල කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද ඊට සමාන ආකාරයකින් ප‍්‍රභාකරන්ගෙන් එල්ල වූ තර්ජනයෙන් රට හා රටේ ජනතාව මුදාගනිමින් රට එක්සේසත් කළ බවය. මේ සැසඳීම තුළ ඓතිහාසික දෝෂයක් පවතී. මෙම රජවරුන් පස්දෙනා හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එක ඓතිහාසික කාලකවකවානුවකට අයත් පාලකයන් නොවෙති. මෙම රජවරු පස්දෙනාම වැඩවසම් රාජආණ්ඩු ක‍්‍රමයක් තුළ රජකමට උරුමයෙන් පත්වූ රජවරු වෙති. ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට වෙනස්ව මහජනයා විසින් තෝරා පත්කරගත් දස අවුරුදු පාලනයකින් පසුව මහජනයා විසින් පරාජය කරනු ලැබූ නායකයෙකි. පරණ වැඩවසම් ක‍්‍රමය තුළ පාලකයා තෝරා ගැනීමේ අයිතියක් මහජනයාට නොතිබුණේය. එම සමාජය සැලකිය හැක්කේ ප‍්‍රවේණිදාස සමාජයක් ලෙසය. ඒ සමාජයේ එදා යටත්වැසියන් මිස අද මෙන් පුරවැසියෝ නොසිටියෝය.

මෙම රජවරුන් පස්දෙනා රට එක්සේසත් කළේ කියන අදහස නිවැරදි වන්නේද වැඩවසම් අර්ථයෙන් මිස නවීන අර්ථයෙන් නොවේ. වැඩවසම් රාජ්‍යය මධ්‍යගත රාජ්‍යයක් නොවූ අතර මධ්‍යගතභාවයක් සඳහා අවශ්‍ය කරන සමාජ ආර්ථික සාධක (ගමනාගමන හා පණිවුඩ පහසුකම්* වැඩවසම් ක‍්‍රමය තුළ නොතිබුණි. එකල තිබුණේ රජු හා ප‍්‍රාදේශීය රජවරුන් හෝ නායකයන් අතර බලය බෙදී ගිය රාජ්‍යයකි. අනෙක් අතට වැඩවසම් රාජ්‍යයද භූමිය මත පදනම් වූ රාජ්‍යයක් වුවත් එම රාජ්‍යයට වෙනස්වන දේශසීමා මිස ස්ථිර දේශසීමා නොතිබුණි. ඒ නිසා එකල රට එක්සේසත් කරනවා යන්නෙන් අදහස් වූයේ රටේ කොතැනක හෝ විදේශ පාලන බලයක් තිබුණේ නම් එය පරාජය කොට රටේ නාමික පාලන බලය මුළුමනින් අත්පත් කරගැනීමකටය.

ඉහත කී රජවරුන් පස්දෙනාම යුදමය වශයෙන් පරාජය කරන ලද්දේ විදේශ ආක‍්‍රමණිකයන්ය. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කරන ලද්දේ විදේශ ආක‍්‍රමණිකයකු නොව ස්වදේශීය කැරලිකාර ව්‍යාපාරයකි.

ඉතිහාසය දැකීම

අපි අපේ අතීත ඉතිහාසය තේරුම් ගෙන තිබෙන ආකාරයේ සේ ම නිර්වචනය කෙරෙමින් තිබෙන ආකාරයේද බරපතළ දෝෂ පවතී. අපේ රටේ චින්තනමය වශයෙන් තිබෙන අවුල්සහගතභාවය කෙරෙහි එයද වැදගත් හේතුවක් ලෙස බලපා තිබේ.

නිල ඉතිහාස මතයට වෙනස්ව මා දරන මතය වනුයේ රජවරුන්ගේ ඒකආගමික බව පැවතියේ දුටුගැමුණු දක්වා පමණක් බවය. ඉන්පසු එය ක‍්‍රමයෙන් වෙනස් වී රජවරු ද්විආගමික රජවරුන් බවට පත්වූහ. රට එක්සේසත් කිරීමේ ගෞරවය හිමිකරගෙන සිටින අනෙක් රජවරුන් සිව්දෙනාද සැලකිය යුත්තේ ද්විආගමික රජවරුන් ලෙසය. මාගේ එම කල්පිතය සනාථ කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කරන තැනකට යන්නට පෙර ලංකාවේ ජනවර්ග ඇතිවීම හා ඒවාහි විකාශය පිළිබඳව මා දරන මතය කෙටියෙන් පැහැදිලි කිරීම සුදුසුයැ’යි සිතමි.

ලංකාවේ මුල් ජනාවාස ඇතිවීම සිදුවන්නට ඇත්තේ පසුකලෙකදී වර්තමාන ඇමරිකාව ඇතිවූ ආකාරයට සමාන ආකාරයකටය. විදේශ සංක‍්‍රමණික කණ්ඩායම් විටින් විට මෙම දිවයිනට එන්නට ඇති අතර මෙම දිවයින පවතින්නට ඇත්තේ සංක‍්‍රමණිකයන්ගේ දිවයිනක් ලෙසය. වැඩි දෙනෙක් එන්නට ඇත්තේ ඉන්දියාවෙනි. ශිරාන් දැරණියගල කැණීම්වලින් සොයාගෙන තිබෙන තොරතුරු අනුව විජය කතා පුවතින් පිළිබිඹු වන කාලයට වඩා ශත වර්ෂ දෙකක් පමණ ඈතට ගිය කාලයකදීත් වළං භාවිත කළ, යකඩවලින් තනාගත් ගොවි උපකරණ භාවිත කළ, වී වැනි ධාන්‍ය වගා කළ කිසියම් විශාල ප‍්‍රමාණයකට ශිෂ්ටසම්පන්න ජනතාවක් මේ දිවයිනේ ජීවත් වී තිබෙන බව පෙනේ. වංශකතාවල දැක්වෙන ආකාරයට මෙම ජනයා සමන්විත වන්නට ඇත්තේ යක්ෂ, නාග, දේව, වැදි, සිංහ වැනි විවිධ ගෝත‍්‍රවලිනි. මෙම ගෝත‍්‍රික ජන කණ්ඩායම්වලින් සිංහ කණ්ඩායම බලවත්ම කණ්ඩායම වන්නට ඇති අතර මෙම ගෝත‍්‍ර අතර දකුණු ඉන්දියාවෙන් පැමිණි ගෝත‍්‍රිකයන්ද සිටින්නට ඇත. මක්නිසාද යත් ලංකාවට යකඩ තාක්ෂණය ලැබී තිබුණේ ඉන්දියාවෙන් වන නිසාය.

මෙම ගෝත‍්‍රික කණ්ඩායම්වල බලවත්කම හා දියුණුවේ මට්ටම අනුව ඔවුන් අතර කිසියම් ආකාරයක උස් පහත් භේද තිබෙන්නට ඇති අතර ලංකාවේ කුල ක‍්‍රමය ඇතිවන්නට ඇත්තේ ඒ බෙදීම් හරහාය. පැරණි නොදියුණු කණ්ඩායම් පහත් ලෙසත්, වඩා බලවත් හා දියුණු කණ්ඩායම් උසස් ලෙසත් සලකන තත්ත්වයක් තිබෙන්නට ඇත.

ලංකාවට බුද්ධාගම පැමිණෙන කාලය වනවිට මෙම ගෝත‍්‍රික කණ්ඩායම් මිශ‍්‍රවෙමින් එක ජනවර්ගයක් බවට පත්වෙමින් තිබෙන්නට ඇති අතර බුද්ධාගම පැමිණීමත් සමග බුද්ධාගම පිළිනොගත් වැදිජනයා හැර අන් සියලූ ගෝත‍්‍රිකයන් බුද්ධාගම අදහන බෞද්ධයන් බවට පත්වන්නට ඇත. මෙසේ බුද්ධාගම අදහන්නන් වීම තුළ ඒ සියලූ දෙනා බුද්ධාගම අදහන එක ජනවර්ගයක් බවට හා ඒකආගමික සමාජයක් බවට පත්වන්නට ඇති අතර බුද්ධාගම එම ජනවර්ගය හඳුනා ගන්නා ප‍්‍රධාන ලක්ෂණය බවට පත්වන්නට ඇත. පිටතින් එන සංක‍්‍රමණිකයන් බුද්ධාගම වැළඳ ගැනීම මගින් එම ජනවර්ගයට එකතු වන්නට ඇත.

එහෙත් ඉන්දියාවෙන් ලංකාවට නොකඩවා පැමිණි සංක‍්‍රමණික ජන කණ්ඩායම් මොන හේතුවක් නිසා හෝ බුද්ධාගම වැළඳ නොගෙන තමන් ඇදහූ හින්දු හෝ ශිව ආගම අදහන තත්ත්වයක් ඇතිවීම නිසා එතෙක් ලංකාවේ ජනසමාජය කෙරෙහි බුද්ධාගමට තිබූ ඒකාධිකාරී ආගමික අයිතිය අහිමි වී එතෙක් සමාජයේ පැවති ඒකආගමික ස්වභාවය නැතිවී සමාජය ද්විආගමික සමාජයක් බවට පත්වන්නට ඇත. ඒ සමග බුද්ධාගම හා සිංහල භාෂාව ප‍්‍රධාන ජනවර්ගය හඳුනා ගන්නා ප‍්‍රධාන ලක්ෂණය බවට පත්වන්නට ඇති අතර හින්දු ආගම හා දෙමළ භාෂාව අනෙක් ජනවර්ගය හඳුනා ගන්නා ප‍්‍රධාන ලක්ෂණය බවට පත්වී සමාජය ද්විවාර්ගික හා ද්විආගමික සමාජයක් බවට පත්වන්නට ඇත. ඒ සමග බුද්ධාගම වැළඳ ගැනීම බෞද්ධ සිංහල ජනවර්ගයට එකතුවීමට තිබෙන ප‍්‍රධාන මාර්ගය බවට පත්වන්නට ඇති අතර හින්දු ආගම වැළඳ ගැනීම හින්දු දෙමළ ජනවර්ගයට එකතුවීමට තිබෙන ප‍්‍රධාන මාර්ගය බවට පත්වන්නට ඇත.
ජනවර්ග දෙකක් ඇති කිරීමට බලපෑ මෙම ආගම් දෙකම එකම රටක එකම සමාජ පසුබිමකින් බිහිවී තිබීම, මෙම ආගම් දෙකම අන්‍යොන්‍ය වශයෙන් පෝෂණය වූ ආගම් දෙකක් වීම හා ආගම් දෙකම කර්මය හා පුනරුත්පත්තිය විශ්වාස කරන ආගම් දෙකක් වීම යන හේතු නිසා මේ ආගම් දෙක අතර ගැටුම් ඇති නොවී සහජීවනයෙන් ක‍්‍රියාකරන තත්ත්වයක් ඇතිවී ක‍්‍රමයෙන් බෞද්ධයන් බුදුන් වන්දනාමාන කරනවාට අතිරේකව හින්දු දෙවිදේවතාවුන් වන්දනාමාන කරන තත්ත්වයක්ද හින්දුන් හින්දු දෙවිදේවතාවුන් වන්දනාමාන කරනවාට අතිරේකව බුදුන් වන්දනාමාන කරන තත්ත්වයක්ද ඇතිවන්නට ඇත. ඒ නිසා ලංකා සමාජය බෞද්ධ, සිංහල හා හින්දු දෙමළ යන බෙදීමක් තිබියදී එක ආගමක් වෙනුවට කිසියම් ප‍්‍රමාණයකට ආගම් දෙකක් අදහන සමාජයක් බවට පත්වන්නට ඇත. මෙම විපර්යාසය රජවරුන් කෙරෙහිද බලපාන්නට ඇත. ඔවුන්ද කිසියම් ප‍්‍රමාණයකට එක ආගමක් වෙනුවට ආගම් දෙකක් එනම් බුද්ධාගම හා හින්දු ආගම අදහන රජවරුන් බවට පත්වන්නට ඇත.

දුටුගැමුණුගේ ධර්ම යුද්ධය

මාගේ මතය අනුව ලංකාවේ රජවරුන්ගේ ඒකආගමික ස්වරූපය සංකේතාත්මක අර්ථයෙන් අවසන් වන්නේ දුටුගැමුණුගෙනි. ලංකාව එක්සේසත් කිරීම යන අර්ථයෙන් ගෞරවය හිමිකරගෙන සිටින අනෙක් රජවරුන් සිව්දෙනාම සැලකිය හැක්කේ එක ආගමකට සීමා නොවූ බුද්ධාගමට අතිරේකව කිසියම් ප‍්‍රමාණයකට හින්දු ආගමද ඇදහූ ද්විආගමික රජවරුන් ලෙසය.

බෞද්ධ නොවන රජවරුන් බලයට පත්වීම වඩාත්ම පීඩාකාරී ලෙස බලපාන්නට ඇත්තේ සංඝයා වහන්සේලා කෙරෙහිය. රජු බෞද්ධයකු වූ විට සංඝයා වහන්සේලාට රජු කෙරෙහි බලපෑමේ ලොකු හැකියාවක් තිබුණු අතර එනිසා සංඝයා වහන්සේලාටද ලොකු පිළිගැනීමක් ලැබී තිබුණි. සුරතිස්ස රජු සිහසුනෙන් නෙරපා දෙමළ අශ්ව වෙළෙඳුන් දෙදෙනකු ලෙස සඳහන් වන සේන හා ගුත්තික අවුරුදු 22ක් රජකම් කිරීම ඒ විෂයෙහි සංඝයා වහන්සේලාට මුහුණ දෙන්නට සිදුවූ පළමු අත්දැකීම විය. දේවානම්පියතිස්ස රජුගේ කනිටු සොහොයුරකු වූ අසේල එම දෙමළ රජවරුන් දෙදෙනා පරාජය කොට සිහසුන හිමිකර ගත්තත් තවත් අවුරුදු 10කට පසුව අසේල සිහසුනෙන් පහකොට රාජ්‍ය බලය අල්ලා ගත් එළාර අවුරුදු 44ක් රජකම් කළේය.

සේන, ගුත්තික සේ ම, එළාරද කාගේ කවුද, කොහෙන් පැමිණියේද, බලය අල්ලා ගත්තේ කෙසේද යන්න තේරුම් ගැනීමට අවශ්‍ය කරන තොරතුරු වංශකතාවල සඳහන් නොවනවා සේ ම වෙනත් ආකාරවලින්ද හෙළිදරව් වී නැත. සේන හා ගුත්තික බුද්ධාගමට විරුද්ධව ක‍්‍රියා කළ බවක් වංශකතාවල සඳහන්වන්නේ නැත. ඒ වෙනුවට කියා ඇත්තේ ඒ දෙදෙනා දැහැමින් රජ කළ බව පමණය. එළාර හඳුන්වා තිබෙන්නේ ස්වාභාවික පුත‍්‍ර සෙනෙහසටත් වඩා බලවත් යුක්තිගරුක භාවයක් පෙන්නුම් කළ රජකු වශයෙනි.

බෞද්ධ නොවන රජකු රජකමේ ඉඳීම නිසා තමන් වහන්සේලාට අහිමි ව තිබුණු පිළිගැනීම හා බලය හිමිකර ගැනීම සඳහා භික්ෂූන් වහන්සේලා එළාරට එරෙහිව කරන යුද්ධයකට දුටුගැමුණු පොළඹවා ගත් බව පෙනෙන්නට තිබේ. දෙවැනි තත්ත්වයක සිටි රජකෙනෙකු වශයෙන් පළමු තත්ත්වය හිමිකර ගැනීමේ වුවමනාවක් දුටුගැමුණුට තිබුණේයැ’යි කිව හැකිය. අවසානයේ අබෞද්ධ එළාර පරාජය කිරීම සඳහා ආගමික මුහුණුවරත් ගත් යුද්ධයත් කරළියට ගැනුණු අතර එම යුද්ධයේදී භික්ෂූන් වහන්සේලාද යුද හමුදාව සමග එකට ගමන් ගත් බව සඳහන් වේ.

යුද්ධය අවසන්වන්නේ රජවරුන් දෙදෙනා අතර කෙරෙන ද්වන්ද්ව යුද්ධයකිනි. එය තරුණයකු හා මහල්ලෙකු අතර කෙරෙන ද්වන්ද්ව යුද්ධයක් ලෙසද සැලකිය හැකිය. ඉන් මරණයට පත් එළාරගේ මළසිරුරට සක්විති රජකෙනෙකුට දැක්විය යුතු ගෞරවය පුදකළ යුතුයැ’යි ජයග‍්‍රාහී දුටුගැමුණු රජු අණකරන ලදුව එළාර රජු මැරී වැටුණු තැනම සියලූ ගෞරවය ඇතිව දේහය ආදාහන කරවා එහි චෛත්‍යයක් ද ඉදිකරවා එම ස්මාරකය ළඟින් යනවිට තූර්ය නාද නතර කළ යුතු බවටද නියෝග කළේය.

කාලිංග යුද්ධයෙන් පසු අශෝක අධිරාජයාට සිදුවූ ආකාරයටම ජයග‍්‍රාහී ගැමුණු රජුටද ඇතිවූයේ සොම්නසකට වඩා දොම්නසකි. රජුගේ දොම්නස පහකරන්නට යුද්ධයෙන් මියගියවුන්ගේ සංඛ්‍යාව අළලා භික්ෂූන්වහන්සේලා දෙන ලද අර්ථකථනය රජු තුළ ඇතිවී තිබූ දොම්නස පහකරන්නට හේතුවූ බව පෙනෙන්නේ නැත.

1 වැනි විජයබාහු පරාක‍්‍රමබාහු 1,2 සහ 6

දුටුගැමුණුගෙන් පසු කාලයේ පහළ වූ බොහෝ රජවරුන් එක ආගමකට සීමා නොවූ බුද්ධාගමට අතිරේකව කිසියම් ප‍්‍රමාණයකට හින්දු ආගමද ඇදහූ ද්විආගමික රජවරුන් ලෙස සැලකිය හැකිය. දුටුගැමුණුට පසුව රට එක්සේසත් කරන ලද රජවරුන් හතරදෙනා ලෙස සැලකෙන 1 වන විජයබාහු රජු, 1 වන පරාක‍්‍රමබාහු රජු, 2 වන පරාක‍්‍රමබාහු රජු හා 6 වන පරාක‍්‍රමබාහු යන රජවරුන් අයත් වන්නේද ඒ ගණයටය.

1 වැනි විජයබාහු රජු බුද්ධාගමේ අභිවෘද්ධිය සඳහා බොහෝ දේ කරන අතර හින්දු ආගමේ අභිවෘද්ධිය පිණිසද බොහෝ දේ කළේය. කන්තලෙන් සොයාගෙන ඇති සෙල් ලිපියකට අනුව රජු එහි තිබෙන ශිව කෝවිලට පිරිනමන ලද වස්තුව රැුකබලා ගැනීමේ වගකීම භාරකොට ඇත්තේ රජුගේ වේලක්කාර හමුදාවටය. එම කෝවිල ‘විජය රාජ් ඊශ්වර’ නමින් හැඳින්වීමෙන් පෙනෙන්නේ එම කෝවිලද රජු විසින් කරවන ලද කෝවිලක් බවය. එම රජු චෝල ආධිපත්‍යයට එරෙහිව දිග්ගැසුණු සටනකින් බලයට පැමිණි රජකු වුවද රජුගේ සේනාවේ ප‍්‍රබලම කණ්ඩායම බවට පත්ව සිටියේ දකුණු ඉන්දියානු වේලක්කාර සෙබළුන්ය. වේලක්කාර සේනාවෙන් එල්ල වූ මහා කැරැුල්ලකින් පසුත් රජුගේ වැඩිම විශ්වාසයට හේතුවී තිබුණේද ස්වදේශීය සේනා නොව වේලක්කාර සේනාය. රජු තමන්ගේ හා දළදාවේ ආරක්ෂාව භාරදී තිබුණේ වේලක්කාර සේනාවන්ටය. රජුගේ දෙවැනි බිසව තිලෝක සුන්දරී දකුණු ඉන්දියානු කුමාරිකාවක වූ අතර රජු සිය සොහොයුරිය විවාහ කොට දුන්නේද දකුණු ඉන්දියාවේ දෙමළ රජ පවුලක පාණ්ඩව කුමාරයෙකුටය.

1 වැනි පරාක‍්‍රමබාහු රජුද බුද්ධාගමේ අභිවෘද්ධිය පිණිස ආධාර කරන අතර හින්දු ආගමේ අභිවෘද්ධිය පිණිස ද ආධාර කළේය. එම රජු හින්දු දේවාල 13ක් අලූතෙන් ඉදිකරන ලද අතර අබලන් වී තිබූ හින්දු දේවාල 79ක් ප‍්‍රතිසංස්කරණය කළේය. එම රජුද සිය අගමෙහෙසිය බවට පත්කර ගත්තේ දකුණු ඉන්දියානු කුමාරිකාවකි. රජු සිය නැගණිය විවාහ කොට දුන්නේද දකුණු ඉන්දියානු කුමාරයෙකුටය.

ෂෂ වැනි පරාක‍්‍රමබාහු රජතුමාද හත්වැනි සියවසේදී 1 වැනි දප්පුල රජු විසින් උපුල්වන් දෙවියන් සඳහා දෙවුන්දර ඉදිකර තිබූ දේවාලය අලූත්වැඩියා කරවා ඒ දෙවියන් වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන ඇසළ උළෙලක්ද ඇති කළේය. මේ රජුට අසාධ්‍ය රෝගයක් වැළඳුණ අවස්ථාවේදී උපුල්වන් දෙවියන්ගෙන් පිහිට ලබාගැනීම සඳහා දේවපතිරාජ ඇමතිවරයා එහි යවන ලද බව චූලවංශයෙහි සඳහන් වේ. ඉන් රජුට පිහිටක් ලැබී නැතත් රජු එම දේවාලයට සරු ගම්වර කිහිපයක් පරිත්‍යාග කළේය.

6 වන පරාක‍්‍රමබාහු රජුද උපුල්වන් (වරුණ) දෙවියන්ට සතර කෝරළයේ අලූත් නුවර දේවාලයක් ඉදිකළේය. එසේම එම රජු කෝට්ටේ අසල තුන්මහල් පත්තිනි දේවාලයක් ඉදි කළේය. එම රජු විසින්ම 2 වැනි පරාක‍්‍රමබාහු රජු කාලයේදීම ආර්ය කාම නමැති බ‍්‍රාහ්මණයෙකු විසින් සබරගමුවේ සමන් දෙවියන් සඳහා ඉදිකර තිබූ දේවාලය ලොකු විසිතුරු දේවාලයක් බවට පත් කොට එහි පැවැත්වෙන පූජා උත්සව සඳහාත් කපුරාළලාගේ නඩත්තුව සඳහාත් යන වියදම් සඳහා එම දේවාලයට ගම්වරයක්ද පවරා දුන්නේය.

දුටුගැමුණුගෙන් පසුව ලංකාව බිහිකරන ලද රජවරුන් එක ආගමකට සීමා නොවූ බුද්ධාගමට අතිරේකව කිසියම් විශාල ප‍්‍රමාණයකට හින්දු ආගමද ඇදහූ ද්විආගමික රජවරුන් වේය කියන මාගේ කල්පිතය තහවුරු කිරීමට මා ඉදිරිපත් කරන ලද සාක්ෂි ප‍්‍රමාණවත් වේයැ’යි සිතමි. මගේ කල්පිතය සත්‍යයක් නම් ලංකාවේ නිල ඉතිහාසයේ මූලික දර්ශනයද වැරදිය. මෙම ද්විත්ව ලක්ෂණය රජවරුන්ට පමණක් සීමාවූ දෙයක් නොවීය. භික්ෂූන් වහන්සේලාටද, පන්සල්වලටද, බෞද්ධයන්ටද ආවේණික පොදු ලක්ෂයක් වීයැ’යි කිව හැකිය.

පොළොන්නරු යුගය අවසන් වන්නට පෙර සිටම හින්දුන් විසින් යුද්ධයට අධිපති දෙවියන් ලෙස සලකන ස්කන්ධ කුමරු හෙවත් කතරගම දෙවියන් ඇදහීම බෞද්ධ සිංහලයන්ගේද ජනප‍්‍රිය ඇදහිල්ලක් බවට පත්ව තිබුණේය. මුලදී රජවරුන් ඉදිකළ ස්ථූප ඉතා කුඩා වූවා සේ ම ඉතා චාම්ද විය. එහෙත් පසුව ඉදිකරන ලද ස්ථූප ඉතා විශාල වූවා සේ ම කැටයම් රූපවලින් අලංකාර කරන ලද ඒවාද විය. ඒවාහි කැටයම් කර තිබෙන දෙවිවරුන් අතර බ‍්‍රහ්ම හා වෛශ‍්‍රවණ ද වේ. ලංකාතිලක සෙල් ලිපිය අනුව ලංකාවේ ආරක්ෂක දෙවිවරුන් ලෙස සැලකුණේ උපුල්වන්, සමන්, විභීෂණ, ස්කන්ධ යන දෙවිවරුන් සතරදෙනාය. මහාවංශය ලංකාවේ ආරක්ෂක දෙවියා වශයෙන් සලකා ඇත්තේ උපුල්වන්ය. මේ ආගම් දෙක මුලදී තිබූ දුරස්ථ බව නැතිවී පසුව ඇතිවන ළංවීම පෙන්නුම් කරන නිදර්ශනයක් මෙසේය. පොළොන්නරුවේ අංක 2 දරන ශිව දේවාලය තනා ඇත්තේ බෞද්ධ ප‍්‍රතිමා ගෘහවලින් ඈත්වන ලෙසය. එහෙත් 12 වැනි සියවසට අයත් අංක 1 ශිව දේවාලය තනා ඇත්තේ දළදා මැදුරේ බුදුමැදුරට සමීපවය. අනුරාධපුරේ බෞද්ධ සිද්ධස්ථානවලට ඉතා සමීපව හින්දු නටබුන් හමුවී තිබේ. මාතෘ දේවාලය හදා තිබෙන්නේ ථූපාරාමයට ආසන්නයේය. සංස්කෘතික ති‍්‍රකෝණය පිහිටා ඇති ජේතවනාරාමයෙන්ද හින්දු ලෝකඩ පිළිම හමුවී තිබේ. උපුල්වන්, සමන්, විභීෂණ, ස්කන්ධ යන සතරවරම් දෙවිවරුන්ගෙන් ගණ දෙවියන්ගේද රූප ලංකාතිලක විහාරයේ බිත්තිවල කුහරවල ඇත්තේය. ගඩලාදෙණිය විහාරයේ සතරවරම් දෙවිවරුන්ගේ රූපවලට අතිරේකව බ‍්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර, සුයාම, සන්තුසිත යන දෙවිවරුන්ගේද රුප දැකිය හැකිය. එහි එම දෙවිවරුන් දක්වා තිබෙන්නේ බුදුන් වහන්සේගේ පිරිවර ලෙසය.

මෙම ප‍්‍රවණතාව තුළ පන්සල අසල පමණක් නොව පන්සල් භූමියේම දේවාල ඇතිවිය. මෙම දේවාලවල දිනපතා පැවැත්වෙන තේවාවන්හිදී පළමුව බුදුන් වහන්සේටත් ඉන්පසු එම දෙවිවරුන්ටත් පූජා පවත්වන ක‍්‍රමයක් ස්ථාපිත විය. පන්සලේ භික්ෂූන් වහන්සේලා සවස දේවාලයට ගොස් රජමාලිගයේදී රජුට පිරිත් කියන ආකාරයටම ඒ දෙවිවරුන්ටත් පිරිත් කීහ.

පූර්ව නූතන යුගයේදී මිනිසුන් බෙදන ප‍්‍රධාන බෙදුම් රේඛාවන් දෙක වී තිබුණේ ආගම හා කුලයයි. එකල ජාතිය යන්නෙන් අදහස් කළේද කුලයයි. එයා අපේ ජාතියේ කෙනෙකු කියන විට එහි තේරුම වූයේ එයා අපේ කුලයේ කෙනෙකු යන්නය. පිටස්තරින් එන ඕනෑම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට බුද්ධාගම වැළඳ ගැනීම මගින් සිංහලයකු වීමටත්, හින්දු ආගම වැළඳ ගැනීම මගින් දමිළයකු වීමටත් පුළුවන්කමක් තිබුණි. රැල්ෆ් පීරිස් කියා තිබෙන ආකාරයට උඩරට රාජ්‍යයේ ජීවත් වූ මරක්කල (මුස්ලිම්) මිනිසුන්ට ස්ථිර කුලයක් හිමි නොවූයේ ඔවුන් අදහන ආගම අත්නොහැරීම නිසාය. ආගම අත්හැරියේ නම් ඔවුන් සිංහලයන් ලෙස සැලකෙන්නට ඉඩ තිබුණා සේ ම සිංහල කුල ක‍්‍රමය තුළ කිසියම් කුලයක් හෝ උපකුලයක්ද ඔවුන්ට ලැබෙන්නේය.

මුලදී ලංකාවේ සියලූ ජනතාව ඇදහූ ආගම වූයේ බුද්ධාගමය. හින්දු ආගම කරළියට ඒමත් සමග බුද්ධාගම සිංහල කතා කරන ජනයාගේ ආගම වී හින්දු ආගම දෙමළ කතා කරන ජනයාගේ ආගම බවට පත්විය. පෘතුගීසි කාලයේ කතෝලිකාගම කරළියට ඒමත් සමග සිංහලයන් සඳහා බුද්ධාගමටත්, දමිළයන් සඳහා හින්දු ආගමටත් තිබූ ඒකාධිකාරී තත්ත්වයත් නැතිවිය. ඉන්පසු බුද්ධාගම සිංහලයන් වැඩිදෙනකුගේ ආගම බවටත්, හින්දු ආගම දමිළයන් වැඩි දෙනකුගේ ආගම බවටත් පත්විය. ආගමික අර්ථයෙන් කිසිදු වෙනසක් ඇති නොවූයේ ඉස්ලාම් ආගම ඇදහූ මුස්ලිම් ජනයා සම්බන්ධයෙන් පමණය.

මා ලංකා ඉතිහාසයේ පූර්ව නූතන යුගය ගැන ඇති කරගෙන තිබෙන තවත් කල්පිතයක් වනුයේ ඒ යුගයේ බෞද්ධ සිංහලයන් හා හින්දු දමිළයන් අතර ගැටුම් ඇති කිරීමට හේතුවන පසමිතුරු බවක් නොතිබුණු බවය. අභ්‍යන්තර යුද්ධ සේ ම ආක‍්‍රමණික යුද්ධයද රටේ තිබුණි. ඒ සියලූ දේ තිබියදීත් බුද්ධාගම හා හින්දු ආගම අතරත් බුද්ධාගම හා හින්දු ආගම අදහන ජනයා අතරත් හොඳ සහජීවනයක් තිබුණි. සිංහලයන් අතර දමිළ විරෝධී හැඟීමක්වත් දමිළයන් අතර සිංහල විරෝධී හැඟීමක්වත් නොතිබුණි. සිංහල දෙමළ භේදය කරළියට ආවේ නූතන යුගයේදීය.

පූර්ව නූතන යුගයේ පොළොන්නරු යුගය දක්වා ලංකාව තිබුණේ සාපේක්ෂ වශයෙන් ඉතා දියුණු තත්ත්වයකය. එතැන් සිට උඩරට රාජධානියේ අවසානය දක්වා ලංකාව පැවතියේ ඊට පෙර හිමිකරගෙන තිබුණු දියුණු තත්ත්වයට වඩා පහළ තත්ත්වයක හා දීර්ඝ කාලයක් එක තැන පල්වෙන තත්ත්වයකය. ඉන්පසු හිටපු නොදියුණු තත්ත්වයෙන් සිය ගුණයක් තරම් ඉහළ තත්ත්වයකට ලංකාව එසවුණේ බි‍්‍රතාන්‍ය පාලන යුගයේදී නැතහොත් සුද්දාගේ පාලන යුගයේදීය. පොළොන්නරු යුගයෙන් පසු ඇතිවන පරිහානිය කෙරෙහි බලපෑ විවිධ හේතූන් අතර සිංහල හා දෙමළ සමාජයේ පැවති කුල ක‍්‍රමයද වැදගත් හේතුවක් ලෙස බලපෑවේය. අප මහත් උද්දාමයෙන් කතා කරන පරණ සිංහල රජ කාලයේදී ජනගහනයෙන් අඩක් පමණ දෙනා සැලකුණේ පහත් හීන මිනිසුන් ලෙසය. සමහර පීඩිත කුලවලට උඩුකය වැසීමේ අයිතියක් පවා නොතිබුණේය. කොතරම් උළු තිබුණත් සාමාන්‍ය ජනයාට උළු සෙවිලි කිරීම තහනම් විය. බිත්තිවල සුදුහුණු ගෑම තහනම් විය. උළු සෙවිලි කිරීම් හා සුදුහුණු ගෑමේ අයිිතිය තිබුණේ රජුට රදළයන්ට හා ආගමික දේවස්ථානවලට පමණය. ඇඳුම් ඇඳිය යුතුව තිබුණේද කුලය විසින් නියම කර තිබුණු ක‍්‍රමයටය. ඕනෑම පුද්ගලයකුගේ කුලය ඇඳුම ඇඳගෙන සිටින ක‍්‍රමය අනුව හඳුනාගත හැකිවිය. භේදයකින් තොරව සියලූ මිනිසුන් නීතිය ඉදිරියේ සමානයන් ලෙස සලකන තත්ත්වයක් ඇතිවූයේද සුද්දාගේ පාලන යුගයේදීය. ලංකාව නූතන රාජ්‍යයක් හා නූතන සමාජයක් සහිත නූතන රටක් බවට පත්වූයේද ඒ සුද්දාගේ කාලයේදීය.

ලංකාවේ නූතන යුගය පිළිබඳව නිල ඉතිහාසයේ පෙනෙන්නට තිබෙන ලොකුම දුර්වලතාව වනුයේ බි‍්‍රතාන්‍ය යුගය ආරම්භ වනවිට ලංකාවේ ජනයා සිටි සැබෑ තත්ත්වය හා බි‍්‍රතාන්‍ය යුගයේදී ඔවුන් ඉහළට එසවුණු තරම ප‍්‍රමාණවත් තරමින් සැලකිල්ලට නොගැනීමය. බි‍්‍රතාන්‍ය යුගය පිළිබඳව සියලූ විවේචනයන් සිදුවිය යුත්තේ එම ඓතිහාසික සත්‍යය හොඳින් සැලකිල්ලට ගැනීමෙන් පසුවය. ලංකාවේ නිල ඉතිහාසයට ආවේණික එම වැරදි ඓතිහාසික ප‍්‍රවේශය ලංකාවේ නූතන යුගය පිළිබඳව අපේ දැක්ම මුළුමනින් අවුල් කිරීමටත් විකෘති කිරීමටත් හේතුවී තිබෙන්නේයැ’යි කිව හැකිය.

0 comments:

වෙලේ සුදා පෝරකය අභියස (කතාව ඉවර නැත)

අරක්‌කු සිගරට්‌ නොව මත්ද්‍රව්‍ය යෑයි යමක්‌ මේ රටේ ඇති බව දැන ගත් දා සිටම රටේ එදා සහ අද පරම්පරාව ඒවාට භාවිත කරන්නේ 'කුඩු' යනුවෙනි. ඒ බොහෝ දෙනකු දැන සිටි පරිදි එවැනි මත්ද්‍රව්‍ය ඇත්තේ 'කුඩු' වශයෙන් වීම නිසා ය. ඇත්ත වශයෙන් ම මත්ද්‍රව්‍ය මෙරටට නොව කොහාට වුව පැමිණෙන්නේ 'කුඩු' වශයෙන් පමණක්‌ නොවේ. පෙති, දියර මේ ආදී වශයෙන් විවිධාකාරව මත්ද්‍රව්‍ය ලොව පුරා බෙදා හැරේ. එහෙත් අපේ හැඟීම මේ 'කුඩු' යන වචනය ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් යොදා ගත යුතු නිවැරැදිම වචනය බව ය. මුල් පරම්පරාව කුඩු යන වචනය භාවිත කරන්නට ඇත්තේ අර්ථ දෙකකින් විය යුතු ය. එකක්‌ කුඩු නිසා රටේ තරුණ පරම්පරාව කුඩේ කුඩු වීමය. දෙවැන්න නිහාල් නෙල්සන් ගායකයා බයිලාවකින් කී ලෙසට ''මේ කුඩු ගැසුqවොත් අපේ රට කුඩේ කුඩු" වීම ය. දැන් ස්‌ථිර වශයෙන් ම සිදුවෙමින් පවතින්නේ ඒ කාරණ යි. පසුගිය දිනවල මේ රටේ කුඩු ඇල්ලූ ප්‍රමාණය ගැන කියන්නට වචන නාස්‌ති කිරීම ම තේරුමක්‌ නැති වැඩකි. රටේ සිහි බුද්ධිය ඇති සියලුම දෙනා ඒ ගැන අවබෝධයෙන් සිටිති. ප්‍රශ්නය වන්නේ තවමත් මේ උවදුර මැඬලීමේ හෝ අවම කිරීමේ ක්‍රමවේදයන් සවිමත් ලෙස ක්‍රියාත්මක නොවීම ය.

ඊයේ 'දිවයින' පුවත්පතේ මුල් පුවත වූයේ "බන්ධනාගාරයේ සිට වෙලේ සුදා මෙහෙයවූ කුඩු ජාවාරම මාට්‌ටු" යන්න ය. 2015 ඔක්‌තෝබර් 15 වැනිදා පුවත්පත් සියල්ලෙහිම ප්‍රධාන ශීර්ෂ පාඨය වූයේ වෙලේ සුදා පෝරකයට නියම වූ පුවතයි. ඊට පසු දින 'දිවයින' පුවත්පතේ කතුවැකිය වූයේ ''වෙලේ සුදා පෝරකයට...... කතාව ඉවරද?" යන්න ය. කතාව ඉවර නැති බවට අපි එදා කී දේ සියයට සියයක්‌ම නිවැරැදි බව දැන් ඔප්පු වී තිබේ. අප නිතරම කීවේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බුරුතුපිටින් අත්අඩංගුවට ගන්නා පමණින් ම කතාව අවසන් නො වන බව ය.

'කුඩු රජවරු' ලෙස උත්කර්ෂයට නංවන මෙම ජාවාරම්කරුවන් සියල්ලෝ ම සිපිරි ගෙයි ගාල් කළ ද 'බිස්‌නස්‌' නතර වන්නේ නැති වීම මහා පුදුමයට කාරණයක්‌ නොවේ. ඒ නිසාම කන්ටේනර් නැව්, සුපිරි කාර් ආදී කවරක වුවද ගෙන එන කුඩු තොග පිටින් අත්අඩංගුවට ගැනීමත්, ජාවාරම්කරුවන් සිරගත වීමත් තවදුරටත් අපට ප්‍රමෝදයට පත්වීමට තරම් කාරණයක්‌ නොවේ. තවත් වෙලේ සුදාලා සෑහෙන පිරිසක්‌ පිටත සමාජයේ යහමින් මත්කුඩු බෙදාහැරීමේ ජාලය ක්‍රියාත්මක කරති.

වෙලේ සුදා පමණක්‌ නොව සිපිරි ගෙයි ලැග සිටින තවත් බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ ජාලය තුළ ස්‌ථානගතව සිටියේ තනි ඒකකයක්‌ වශයෙන් නොවේ. පුරුක්‌ ලෙස ඊට සම්බන්ධ බොහෝ පිරිසකි. කෝටි ගණනින් අල්ලස්‌ ලබා ගනිමින් එම ජාවාරමට උදවු දුන් දේශපාලනඥයන්ගේ සිට පොලිස්‌, බන්ධනාගාර, වෙනත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද බොහෝමයකි. මෙම ජාවාරම්කරුවන් නිසා යෑපෙන පිරිස ද බොහෝ ය. වෙලේ සුදා හෝ කවරෙකු වේවා පෝරකයට නියම වූ පමණින් මේ ජාලගත ක්‍රියාවලිය නතර නො වන බව අමුතුවෙන් කිව යුතු නැත.

වෙලේ සුදා ජාවාරම මෙහෙයවා ඇත්තේ ජංගම දුරකථනය භාවිත කරමින් බවද 'දිවයින' පුවත්පතේ ප්‍රවෘත්තියෙහි සඳහන් ව තිබිණි. මේ කිසිවක්‌ අලුත් කතා නොවේ. කප්පම් ගනිමින්, පුද්ගල ඝාතන, කුඩු ජාවාරම් මේ ආදී සියල්ල බන්ධනාගාරය තුළ සිට මෙහෙයවීම, මිලියන ගණනින් ආදායම් ඉපයූ ඒ මුදලින්ම බොහෝ පිරිසක්‌ නඩත්තු කළ ජාවාරම්කාරයකුට සුළුÊදෙයකි. 'කුඩු රජවරුන්ගේ පැවැත්ම මෙහෙයවන 'යුවරජවරු' සමාජයේ තවමත් නිරුපද්‍රිතව සිටින බව ද අමුතුවෙන් කිව යුතු නැත.

රට පුරාම 'වෙලේ සුදා' කෙනකු වීමට සූදානමින් සිටින කිසිවකුත් එය අතහැර දමන්නේ ද නැත. ඒ නිසාම හිරේ ලැග සිටින සහ වෙනත් රටවලට පැන ගොස්‌ සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලුත්ම අලුත් 'ඩීලර්' කෙනෙක්‌ සොයා බිස්‌නස්‌ එක පවත්වා ගෙන යැම කොහෙත්ම අමාරු කාරණයක්‌ නොවේ.

රටේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කරන්නට නම්, අත්අඩංගුවට ගැනීමත්, දඬුවම් නියම කිරීමත් ප්‍රමාණවත් නො වන බව අපේ අදහසයි. දඬුවම ක්‍රියාත්මක කළ යුතු ය. අර්බුදය පටන් ගන්නා මුල සොයා එය විනාශ කළ යුතු ය.
divaina -

0 comments:

ඇමතිලාගේ සැප ගැන....


0 comments:

තොරතුරු දැන ගැනීමේ පනත මාධ්‍යවලට නොවෙයි... ජනතාවටයි...

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද පනත ලබන 23 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය දැන් සියල්ල සූදානම් කර අවසන්ය. මේ පනත පිළිබ`දව පසුගිය දිනවල රටේ ලොකු කතිකාවක්‌ද ඇතිවිය. විවිධ පාර්ශව විවිධ ආකාරයට මේ පනත අර්ථ දක්‌වන්නට වීම නිසා රටේ පොදු ජනතාව තුළ මේ ගැන නිරවුල් අවබෝධයක්‌ නොවීය. අප මෙරට සිටින අග්‍රගන්‍ය ව්‍යවස්‌ථා විශාරදයෙකු ලෙස සැළකෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හමුවූයේ මේ සම්බන්ධයෙන් සමාජයේ වූ අනවබෝධයන් සාකච්ඡා කිරීමටය. එහිදී අප ඇසූ ප්‍රශ්න හා ඊට ඔහු දුන් පිළිතුරු මේ ලිපියේ ඇතුළත්ය...

ප්‍රශ්නය - ඔබ කොහොමද මේ පනත අප හමුවේ හ`දුන්වා දෙන්න ප්‍රවේශයක්‌ ගන්නේ....

පිළිතුර - මේ ආණ්‌ඩුව බලයට පත්වීමෙන් පසුව ඇතිකරපු 19 වන ව්‍යවස්‌ථා සංශෝaධනයේ දී අපි මූලික වශයෙන් පිළිගත්තා 'තොරතුරු වලට ප්‍රවේශවීමේ අයිතිය' මහජනතාවට තිබෙනවාය කියන කාරණය. නමුත් මේක එදා සිටම ක්‍රියාත්මක වීම පටන් ගත්තේ නැහැ. ඒ මොකද... එහෙම දෙයක්‌ සමාජයේ බලාත්මක වෙලා ක්‍රියාත්මක වෙන්න නම් ඒකට පාර්ලිමේන්තුවේ වෙනම පනතක්‌ සකස්‌ කරලා සම්මත කරගත යුතුසි... අන්න ඒ ස`දහා වන පනත තමයි 'තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද පනත' ලෙස ලබන 23 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ...

ප්‍රශ්නය - මෙවන් පනතක්‌ පාර්ලිමේන්තුවට ගේන්න පෙර එය සම්පූර්ණ ම පනත හැටියට අපේ පුළුල් සමාජයේ සාකච්ඡාවට බදුන් වන්නට ඉඩ හැරිය යුතුයි... ඒක මේ සම්බන්ධයෙන් වුණාද කියන ප්‍රශ්නය අපට තියනවා...

පිළිතුර - මොකද නැත්තේ... අපි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද පනත මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා අවශ්‍ය අධ්‍යයන හා විමර්ශන කටයුතු ස`දහා... ඊළඟට අපි මෙය ජනමාධ්‍ය තුළින් මහජනතාව අතරට යෑව්වා. වෙබ් අඩවිවල පළ කරලා තියනවා. ජනතාව අතරට යෑව්වේ නැහැ කියන එක වැරැදියි. කොටින්ම ඔයගොල්ලන්ගේ පත්තරය 'දිවයින' ඊට එරෙහිව කතුවැකියක්‌ පවා ලිව්වා...

ප්‍රශ්නය - සම්පූර්ණ පනතම එහෙම ඉදිරිපත් කරලා තිබුණද...?

පිළිතුර - ඔව්... සම්පූර්ණ පනතම ජනතාව අතරට සාකච්ඡාව ස`දහා යෑව්වා... මම දන්නවා පුළුල් ලෙස සාකච්ඡාවට බ`දුන් වුණා....

ප්‍රශ්නය - ජනතාවට නිවැරැදි තොරතුරු ලබාදීම තමයි ජනමාධ්‍යයක වගකීම.. නමුත් මේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද පනත තුළින් අපේ වෘත්තියේ අභිවෘද්ධියට ඉහළ සේවයක්‌ සැලසෙනවා කියන එක අපි පිළිගන්නේ නෑ...

පිළිතුර - එහෙම පිළිගන්න අවශ්‍ය නෑ... මෙකද මේ පනත බලාත්මක වුණාම ඉන් සෙත සැලසෙන්නේ රටේ පොදු ජනතාවට. ඔයගොල්ලන්ට නොවෙයි... රටේ පුරවැසියන් විදියට ඔයගොල්ලන්ටත් මේ පනත තුළින් යම් ආවරණයක්‌ ලැබෙයි. ඒත් මෙයින් සෘජු සේවය සැලසෙන්නේ රටේ පොදු ජනතාවට... රාජ්‍ය මහජන සේවයේ පවතින, සාමාන්‍යයෙන් පොදු ජනතාවට නොලැබෙන තොරතුරු මහජනතාව ස`දහා විවෘත කිරීමක්‌ තමයි මෙතනින් වෙන්නේ. යහපත් ආණ්‌ඩුකරණයකට, පාරදෘශ්‍ය ආණ්‌ඩුකරණයකට රටකට මෙය අවශ්‍යයි. රජය විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යැමට මේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද පනත මහෝපකාරී වේවි.

අන්න ඒ මූලික අයිතිවාසිකම ක්‍රියාත්මක කරන්න තමයි මේ පනත ඉදිරිපත් කරන්නේ. මේ පනත රටේ සියලුම 'පොදු අධිකාරීන්' වලට බලපානවා. පොදු අධිකාරීන් කියන්නේ මූලිකවම ආණ්‌ඩුව, ආණ්‌ඩුවේ සියලුම ආයතන, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්‌ථා ආදී සියලු ව්‍යවස්‌ථාපිත ආයතන, පළාත් සභා, ප්‍රාදේශීය සභා වගේ පළාත් පාලන ආයතන. මහජන සම්බන්ධතා පවත්වාගෙන යනවා නම් පුද්ගලික ආයතන වුණත් ගැනෙනවා. ඒ වගේම රජයෙන් හෝ ජාත්‍යන්තර ආයතන වලින් අරමුදල් රැගෙන මහජන සේවය පවත්වාගෙන යනවා නම් රාජ්‍ය නොවන සංවිධාන වලට වුණත් මේ විෂය පථය අදාළයි. මේ පනතට අනුව මේ කියාපු ආයතන මූලික වශයෙන් බැඳී ඉන්නවා එම ආයතනවල පවතින තොරතුරු 'ඉල්ලන අයට' ලබා දෙන්න.

ප්‍රශ්නය - කාටද එතකොට මේ තොරතුරු ඉල්ලා සිටින්න අයිතිය තියෙන්නේ...?

පිළිතුර - පුරවැසියන්ට... පුරවැසි සංවිධානවලට මේ අයිතිය තියනවා. පනත් කෙටුම් පතක්‌ වුණත් අභියෝගයට ලක්‌ කරන්න පුරවැසියන්ට හා පුරවැසි සංවිධානවලට පුළුවන්නේ...

ප්‍රශ්නය - මාධ්‍යවලට නැද්ද...?

පිළිතුර - තියනවා... මාධ්‍යවලත් ඉන්නේ ඉතින් පුරවැසියොනේ...

ප්‍රශ්නය - රජයේ හා ඔබ ඉහත කී ආයතනවල නොයෙකුත් දූෂණ, අක්‍රමිකතා, වැරැදි, සොරකම් අනන්තවත් සිදුවන බව අපි දන්නවා... මාධ්‍ය වලටත් මෙතෙක්‌ ලොකු අයිතියක්‌ තිබුණා එම තොරතුරු හොයලා මහජනතාව වෙනුවෙන් හෙළිදරව් කරන්න. මේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද පනත තුළින් පොලීසියට හෝ වෙනයම් ආයතනයකට බලයක්‌ ලැබෙනවද එම තොරතුරු ලැබුණේ කොහොමද කියලා මාධ්‍යවලින් ප්‍රශ්න කරන්න...?

පිළිතුර - නැහැ... වැරැදියි... යම්කිසි කෙනෙක්‌ ඉල්ලා සිටියේ නැතත්, මහජන සුබ සිද්ධිය ස`දහා ඉවහල් වනවා කියලා මෙම පනත මගින් නම් කරලා තියන වර්ගයේ තොරතුරක්‌ කවුරු හෝ සොයාගෙන පළ කළාට කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. ඒ විතරක්‌ නොවෙයි. දැන් තියනවානේ නීතියක්‌ රාජ්‍ය ආයතනයක තොරතුරක්‌ පිටට දිය නොහැකියි කියලා. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද පනත ආවාම එහෙම ප්‍රශ්න නැහැ. පනත මගින් නම් කරලා තියන වර්ගයේ කාණ්‌ඩයට අයත් තොරතුරු මහජනයා ඉල්ලා සිටියේ නැතත් පිටට දීමට රාජ්‍ය සේවකයාට අයිතියක්‌ ලැබෙනවා මෙම පනත අනුව....

ප්‍රශ්නය - හො`දයි.... මොනවද ඔය තොරතුරු එළියට දිය හැකි කාණ්‌ඩ...?

පිළිතුර - ඊට ඉස්‌සර වෙලා මොනවද තොරතුරු පිටට දෙන්න බැරි කාණ්‌ඩයන් කියලා කතා කරලා ඉමු.

පළමුව රාජ්‍ය ආරක්‍ෂාවට, භෞමික අඛණ්‌ඩතාවයට, ජාතික ආරක්‍ෂාවට බරපතළ ලෙස අනතුරුදායක තොරතුරු දිය නොහැකියි. ඒ වගේම අන්තර් ජාතික ගිවිසුමක්‌ යටතේ හෝ ජාත්‍යන්තර නීතියක්‌ යටතේ ආරක්‍ෂා කළ යුතු රහසිගත තොරතුරු දිය නොහැකියි. ඒ වගේම යමෙකුගේ පුද්ගලික තොරතුරු වෙනත් අයෙකුට දිය නොහැකියි. රටේ ආර්ථිකයට අගතිගාමී ලෙස බලපෑ හැකි තොරතුරු දිය නොහැකියි. වෘත්තීය මට්‌ටමේ තොරතුරු දිය නොහැකියි. යම්කිසි අපරාධයක්‌ වැලැක්‌වීමට අගතිගාමී ලෙස මැදිහත් වේ යෑයි සිතිය හැකි තොරතුරක්‌ වේ නම් එය දිය නොහැකියි. අධිකරණයට අපහාසයක්‌ වනවා නම් හෝ පාර්ලිමේන්තු වරප්‍රසාදයක්‌ උල්ලංඝනය වනවා නම් නොදී සිටිය හැකියි. මේ වගේ විශේෂිත කාණ්‌ඩ කිහිපයක්‌ හැරුණාම අනිත් ඕනෑම ගනයේ තොරතුරක්‌ පිළිබ`දව ප්‍රශ්න කිසිවක්‌ම නැහැ. හැබැයි මේ පනතට වහං වෙලා රජයට හැමදාමත් තොරතුරු නොදී සිටිය නොහැකියි. අවුරුදු 10 කට පසුව මේ තොරතුරු දිය යුතුයි. එහෙම වත් දිය නොහැකි තොරතුරු වර්ග තියනවා ඔය පුද්ගලික තොරතුරු හා ආරක්‍ෂක තොරතුරු වගේ...

ප්‍රශ්නය - මොනවද ඔය තොරතුරු එළියට දිය හැකි කාණ්‌ඩ...?

පිළිතුර - ඔබ පාසලකට ළමයෙක්‌ ඇතුල් කරවන්න අයදුම් කරනවා. අල්ලපු ගෙදර ළමයා තේරෙනවා. ඔබේ ළමයා තේරෙන්නේ නෑ. මෙහිදී ඔබට පුළුවන් ඔබේ දරුවාට වඩා අනිත් දරුවා සුදුසු වුණේ කොහොමද කියලා ප්‍රශ්න කරන්න. දැන් ඒක කරන්න බැහැනේ... මේ පනත ආවාට පස්‌සේ පුළුවන්. ඒ වගේම තමයි ඔබ විභාගයකට ලියනවා. ඔබ රැකියාවකට අයදුම් කරනවා. ඔබ රජයේ ටෙන්ඩරයකට අයදුම් කරනවා.. මේ වගේ තැන් වලදී සමාජයේ හැම කෙනෙක්‌ ම සෑහීමකට පත් කරන්න අමාරුයි. ඒ මොකද අද සමාජයේ අයුතු බලපෑම්වලින් මේ දේවල් සිදුවන බව සමාජය දන්නවා. ඒවා වෙන්නේ සමාජයේ කිසිම තැනක විනිවිද බවක්‌ නැති නිසයි. මේ පනත ආවාට පස්‌සේ මහජනයාට ලැබෙනවා අයිතියක්‌ සියල්ල ප්‍රශ්න කරන්න. එවිට කිසිවෙකුට බෑ වැරදි කරන්න. කිසි තැනක්‌ නෑ අයථා මාර්ගවලින් ඉදිරියට යන්න ඉඩක්‌... අනිත් එක තමයි අසල්වැසි ඉන්දියාවේ, බංග්ලාදේශයේ පවා මේ පනත ක්‍රියාත්මකයි. අඩුපාඩු ඇති. ඒත් කොතනින් හෝ අපි පටන් ගන්නයි අවශ්‍ය....

ප්‍රශ්නය - මාධ්‍යවේදියා විවිධ ක්‍රම මගින් රජයේ හෝ රාජ්‍ය ආයතනවල තොරතුරු ලබා ගන්නවා. ජනතාවගේ දැනගැනීම ස`දහා පළ කරනවා. සමහර ප්‍රවෘත්ති නිසා සමහර විට මාධ්‍යවේදීන්ට විවිධ තර්ජන ගර්ජනවලට ලක්‌වන්නට වෙනවා.

පිළිතුර - ඔයගොල්ලන්ගේ එම කටයුතු වලට මේ පනතෙන් නම් කිසිදු බාධාවක්‌ නෑ.. රටේ පවතින නීතියට අනුව ඒවා බලාගන්නා එක ඔයගොල්ලන්ට අයිති වැඩක්‌.... මේ පනතෙන් ඒවාට බාධා නෑ...

ප්‍රශ්නය - පසුගිය කාලේ මේ රජයේ ඉන්න සමහර දේශපාලනඥයෝ කිව්වා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද පනත ආවාට පස්‌සේ මාධ්‍යවලටත් හො`ද දසාවක්‌ උදාවෙයි කියලා. නමුත් ඔබතුමා කියනවා මේ පනතින් මාධ්‍ය වලට සේවයක්‌ නෑ කියලා...

පිළිතුර - සම්පූර්ණයෙන්ම වැරැදියි. ඔබ වැරැදි විදියටම තමයි මම කියපු දේ අර්ථ නිරූපනය කරන්නේ. මම කියන්නේ මේ පනත මහජනයාටයි. මාධ්‍යවලටත් මෙයින් යම් වාසියක්‌ වෙයි. මේ පනතට පිටින් ගිහින් ඔයගොල්ලා සාමාන්‍ය විදියට තොරතුරු ලබාගෙන ප්‍රසිද්ධ කළාට මේ පනතින් ඊට කිසි බාධාවක්‌ එල්ල වන්නේ නෑ.

ප්‍රශ්නය - ඇයි මේකට 'තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද පනත' නොවෙයි, තොරතුරු වහං කිරීමේ පනත කියලා විපක්‍ෂය කියන්නේ...?

පිළිතුර - ඒක ඔබ විපක්‍ෂයෙන්ම අහන්න...මම කියන්නේ මෙච්චරයි.. මේ පනත සම්මත වෙලා ක්‍රියාත්මක වුණොත් අපේ රට තමයි ලොව රටවල් අතර 7 වන තැනට ගැනෙන ශක්‌තිමත්ම 'තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද පනත' ක්‍රියාත්මක වෙන රට. එච්චරයි.... රටක ආණ්‌ඩුකරණයක්‌ විවෘත කරන්න මේ වගේ පනතක්‌ අවශ්‍යයි.

සාකච්ඡා කළේ - බුලිත ප්‍රදීප් කුමාර
divaina -

0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

1977 පරාජය වෙලා ආසන 8ට බැහැල බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවට ආවේ නිකම්ම නිකන් අත්තනගල්ල මන්ත්‍රිවරිය ලෙසය. ඇයට විපක්‍ෂ නායක ධුරය හිමි නොවීය. ඒත් ඇය ඒ ගැන කම්පා වුණේ නැත. ලොව ප්‍රථම අගමැතිනිය සහ නොබැඳි ජාතීන්ගේ සභාපතිනිය ලෙස ගෞරවයට ලක් වී සිටි ඇය 1977 පරාජයෙන් පසු අත්තනගල්ල මන්ත්‍රිවරිය ලෙස ජේ.ආර්.ගේ ආණ්ඩුවට දැඩි ලෙස පහර ගැසුවාය. තුනෙන් දෙකක බලයක් නොව හයෙන් පහක බලයක් හිමි ජේ.ආර්.ගේ ආණ්ඩුව ඇයට වට කොට පහර ගහද්දීත් ඇය නොබියව නොසැලී සිටියාය. ජේ.ආර්.ගේ ආණ්ඩුවේ පළමු අය - වැය ඉදිරිපත් කරමින් රොනී ඩි මෙල් කීවේ මම අද ආවේ රත්වත්තේලාට රත්වෙන්න දෙන්න කියාය. මැතිනිය නොසැලී ඔහුගේ චෝදනා සහ කර්කශ ප්‍රහාර අසාගෙන සිටියාය. ඇය උත්තර දෙන වෙලාව ආ විට රොනීට වැටෙන්න ගැහුවාය.

ඇය පමණක් නොව ඇයත් සමඟ පාර්ලිමේන්තුවේ සිටි පුත් අනුර රොනීට ප්‍රේමදාසට ගැහුවේ වැටෙන්නය. අනුර පාර්ලිමේන්තුවේ සිය පළමු කතාව කරද්දී යූ.ඇන්.පී. ආණ්ඩුවම 'හූ' කීහ. ඒත් අනුර සැලුණේ නැත. හූ හඬ මැද්දේ ඔහු කතාව කරගෙන ගියේය. ජේ.ආර්. බණ්ඩාරනායක මැතිනියට එරෙහි ප්‍රජා අයිතිය අහෝසි කරන යෝජනාව ගෙන ආවේ ඒ කාලයේය. විශේෂ ජනාධිපති කොමිසමකින් ඇයට එරෙහි චෝදනා විභාග කරනු ලැබීය. ඇය කවදාවත් ජේ.ආර්.ට කතා කළේත් නැත. ජේ.ආර්.ට පණිවුඩ යැව්වේත් නැත. එලෙස පණිවුඩ යවනවා නම් ඇයට හොඳ චැනල් එකක් තිබිණි. ඇගේ සොහොයුරු සීවලී රත්වත්තේගේ දුව විවාහ වී සිටි උපාලි විජයවර්ධනය. උපාලි ජේ.ආර්.ගේ බෑනා කෙනකු විය. ඒත් මැතිනිය ජේ.ආර්.ට පණිවුඩ යැව්වේ නැත. ඇය ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාවට මුහුණ දුන්නාය. ඇය පාර්ලිමේන්තුවට සමුදෙන අවසන් දිනයේ එඩිතර කතාවක්ද කළාය.


"ඇයි එදා මැතිනිය වගේ අද මහින්ද පාර්ලිමේන්තුවේ සටන් නොකරන්නේ...?"
මැතිනිය සහ අනුර එදා කළ සටන හොඳ හැටි දන්නා ශ්‍රී ලංකාකාරයන් අහන්නේ ඔය ප්‍රශ්නයය.
"ඇයි මහින්ද විශ්වාසභංගයට ඡන්දය නොදී ජපන් ගියේ...?"
"ජපානයේ කොහෙන්ද ඡන්ද...?"
"ජපානයේ ලංකාවේ මිනිස්සුන්ට කතා කරලා කොහෙ ආණ්ඩු පෙරළන්නද...?"


ශ්‍රී ලංකාකාරයෝ මේ දවස්වල කටු කුටු ගාන්නේ ඔහොමය.
කතාව ඇත්තය. විශ්වාසභංගය දින මෛත්‍රිපාල ජනාධිපතිකම පැත්තක තියල පාර්ලිමේන්තුවට ඇවිත් තමන් හදපු ආණ්ඩුව ආරක්‍ෂා කරන්න වැඩ කළේය. එහෙනම් මහින්දත් හිටපු ජනාධිපතිකම පැත්තක තියලා ආණ්ඩුව වට්ටවන්න පාර්ලිමේන්තුවේ ගේම ගැසිය යුතුව තිබිණි. විශ්වාසභංගයට දින නියම වූ විට ඔහු කළ යුතුව තිබුණේ ආණ්ඩුවේ ශ්‍රී ල.නි.ප. ඇමැතිවරුන්ට පෞද්ගලිකවම කතා කරමින් ඔවුන් දිනා ගන්න එකය. රනිල් සමඟ ප්‍රශ්න තියෙන යූ.ඇන්.පී. මන්ත්‍රිවරුන්ට කතා කරමින් ඔවුන් දිනා ගන්න එකය. මහින්ද මේ කිසිත් කළේ නැත. ඔහු ජපන් යන්න ටිකට් ලෑස්ති කළේය. ඔහුගේ ලේකම් ලවා තානාපති වරප්‍රසාද ඉල්ලමින් සිටියේය. එක්කෝ මහින්ද මේ විශ්වාසභංගය තුනෙන් දෙකින් පරදින බව දැන සිටියේය. එහෙනම් විශ්වාසභංගය ගෙනාවේ ඇයිද යන ප්‍රශ්නය මතුවේ. 2014දී යූ.ඇන්.පී.ය මහින්දගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එද්දී මංගල එයට තදින්ම විරුද්ධ විය. ඔහු කීවේ මෙය මහින්දට ශක්තිය පෙන්වන්න යූ.ඇන්.පී.ය මහින්දගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමක් කියාය. කතාව ඇත්තය. ආණ්ඩුවක් ශක්තිමත්ව සිටියදී විශ්වාසභංග ගේන්නේ උපාය දන්නේ නැති මෝඩ විපක්‍ෂයක්ය.


"ඒ කියන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ විශ්වාසභංගයත් මෝඩ උපායක්ද...?"
ඒකාබද්ධ විපක්‍ෂය මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ ශ්‍රී ල.නි.ප. ඇමැතිවරුන් කඩන්නය. ඔවුන් හිතුවේ යූ.ඇන්.පී.යේ සජිත්ලා රවීව ආරක්‍ෂා කරන එකක් නැහැ කියාය. විශ්වාසභංගයෙන් පසු දිනේෂ් කීවේ මේ විශ්වාසභංගයට යූ.ඇන්.පී.යේ කොටසක් කැමැති වුණා කියාය. ඒත් විශ්වාසභංගයට එක ඡන්දයක් යූ.ඇන්.පී.යෙන් ගන්න බැරි විය. ඒ කියන්නේ මේ විශ්වාසභංගය ගෙන ඇවිත් තම ශක්තිය පෙන්වන්න යූ.ඇන්.පී.ය දිනේෂ්ලාව පාවිච්චි කර ඇති බවය. අන්තිමේදී සජිත් රවී රකින්න කතාවක්ද කළේ ඒකාබද්ධ විපක්‍ෂය අන්දමන්ද කරවමිනි. ඒකාබද්ධ විපක්‍ෂයට ශ්‍රී ල.නි.ප. මැති ඇමැතිවරුන් කඩන්න බැරි වුණා පමණක් නොව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් මෛත්‍රි කඩා ගත්තේය. ජ.වි.පෙ. නැතිනම් ඒකාබද්ධ විපක්‍ෂය පරදින්නේ ඇප නැතිවය.


මහින්ද එක්කෝ මෙය දැන සිටියේය. නැතිනම් මහින්ද මේ විශ්වාසභංගයේදී මොකක් හෝ පෙරළියක් වේ යැයි ජේ‍යාතිෂ ලණුවක් කාලා සිටියේය. එහෙමත් නැතිනම් මහින්ද, මෛත්‍රි හෝ රනිල් එක්ක ඩීල් එකක් දමා තිබුණේය. මහින්ද විශ්වාසභංගයට ඡන්දය නොදුන්නේ හිටපු ජනාධිපතිවරයකු මන්ත්‍රි තත්ත්වයකට පත් නොවිය යුතු නිසා යැයි දිනේෂ් බී.බී.සී. සේවයට කියා තිබිණි. එය මහ විහිළු කතාවකි. මහින්ද පාර්ලිමේන්තු ආවේ ආණ්ඩුව වට්ටන්න නම් හිටපු ජනාධිපති ලේබලය අමතක කරලා, ඒ ගේම ගැසිය යුතුය. එහෙම නැත්නම් හිටපු ජනාධිපති ලේබලය ආරක්‍ෂා කරගෙන ගෙදර සිටිය යුතුය. මහින්දට හමුදා ආරක්‍ෂාවත් ඕනාය. හිටපු ජනාධිපතිට දෙන නිල නිවෙසත් ඕනාය. නිල කාර්යාලයත් ඕනාය. වාහනත් ඕනාය. ඒ වරප්‍රසාදත් ඕනාය. විදේශගත වෙද්දී හිටපු ජනාධිපතිට දෙන තානාපති වරප්‍රසාදත් ඕනාය. මේ ඔක්කොමත් එක්ක ආණ්ඩු වට්ටන්න බැරිය. හොඳම නිදසුන මහින්ද උගන්ඩා යෑමය. උගන්ඩා වැනි රටවල රාජ්‍ය නායකයන් ඉන්නේ ආණ්ඩු බලය හිමි රාජ්‍ය නායකයෝ එක්කය. විපක්‍ෂය සමඟ එවැනි රටවල නායකයන්ට ගනුදෙනුවක් නැත. හොඳම නිදසුන චීනයය. මහින්ද චීනයට ඔච්චර කරලාත් පරාජය වූවාට පසු චීනයට යාගන්න බැරි විය. චීනය, උගන්ඩාව වැනි රටවල් ඉන්නේ ආණ්ඩු එක්කය. එවැනි රටවලට විදේශ රටවල විපක්‍ෂ එක්ක ගනුදෙනුවක් නැත. විපක්‍ෂයන්ට තම රටවල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න උදවු කරන්නේ බටහිර රටවල්ය. ලංකාවේ ආණ්ඩු පෙරළන්න නම් පළමුව ඉන්දියාවේ හොඳ හිත දිනා ගත යුතුය. එහෙත් මහින්දට බටහිර රටවල් සමඟ මිත්‍ර වීමට හෝ ඉන්දියාවේ හොඳ හිත දිනා ගැනීමට උපාය මාර්ග නැත. වත්මන් ආණ්ඩුව පෙරළන්න උපාය මාර්ගයක් නැත. මහින්ද තාමත් හිතන්නේ තමන් රටේ ජනාධිපති කියාය. පහුගිය කාලයම ඒකාබද්ධ විපක්‍ෂය සටන් කළේ මහින්දට හමුදා ආරක්‍ෂාව ලබා දෙන්නටය. නිල නිවාසය ලබා දෙන්නටය. වාහන ලබා දෙන්නටය. මේවාට මහින්දවාදීන් චූන් වුණාට සාමාන්‍ය ජනතාව චූන් වෙන්නේ නැත. චූන් කරන්නත් බැරිය.


දමිළ ජාතික සන්ධානය විශ්වාසභංගයේදී ආණ්ඩුවට පක්‍ෂව ඡන්දය නොදීම ආණ්ඩුවට රතු එළියකි. ජ.වි.පෙ. විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දීමත් ආණ්ඩුවට හොඳ නැත.
"ඉතින් ආණ්ඩුව පෙරළන්න කවුද ටී.එන්.ඒ. එකත් එක්ක කතා කරන්න ඉන්නේ..."?
මහින්දවාදීන්ගේ වැඩේ ටී.එන්.ඒ. එකට කොටි හංවඩුව ගහන එකය. ටී.එන්.ඒ. නැතිව ආණ්ඩු පෙරළන්නත් බැරිය. ජනාධිපතිවරණයක් දිනන්නත් බැරිය. මහින්දවාදීන් ජ.විපෙ. එක්ක මාර වෛරය. පසුගියදා විජිත හේරත්ගේ රිය අනතුරට ලක් වුණාම විජිතට මඩ ගැසුවේ ඔවුන්ය.
"ඉතින් ජ.වි.පෙ. එයිද ආණ්ඩු පෙරළන්න...?"
මහින්ද මේ ගැන හිතන පාටක් පේන්න නැත. මහින්ද ජනාධිපති හැව අත්හරින තෙක් මෛත්‍රිට සහ රනිල්ට රජ මඟුල්ය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

0 comments:

ගෝඨාභයට පාවාඩ එළීම නොහොත් නූතන සුභ සහ යස

- සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya -
රාජපක්ෂ සමයේ භීෂකයා වූ ගෝඨාභය රාජපක්ෂට ශ්‍රීලනිපයේ දෙවැනි නායකත්වය දිය යුතුයැයි ‘යහ පාලන’ ආණ්ඩුවේ ඇමැති ජොන් සෙනවිරත්න දෙවැනි වරටත් කියන්නට පටන් ගෙන තිබේ. සෙනවිරත්නගේ හොරණෑ හඩට ප්‍රතිචාර දක්වන ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තමන් දෙවැනියා පමණක් නොව පළවැනියාවීමට වුවත් සූදානම් බවයි.

රාජපක්ෂ මෙම ප්‍රකාශය කරන ලද්දේ අන්තවාදී බොදුබල සේනා මූලස්ථානයේදි බවද වාර්තාවේ. පණිවිඩය පමණක් නොව පණිවිඩකරුවාද වැදගත්ය. මෙම අවස්ථාවේදී පණිවිඩකරුවා වන්නේ අන්තවාදී කළහකරුවකු වන ගලබොඩ අත්තේ ඥාණසාරය.

එනයින් ගෝඨාභය කියා සිටින්නේ තමා දෙවැනියා හෝ පළවැනියා වන්නේ අන්තවාදී කළහකරුවන්ගේ නියෝජිතයා ද ලෙස බවයි.

සෙනවිරත්න මෙම ප්‍රකාශය මුලින්ම කරන ලද්දේ මේ වසරේ ජනවාරි මාසයේදීය. එම අවස්ථාවෙහිදී ඔහුට අත්වැල ඇල්ලීමට තවත් ඇමැතිවරු ගණනාවක්ම සිටියහ. දැන් ඔහු යළි එය පුනරුච්චාරනය කරන්නේ මුල් මුට්ටිය දැ බැලීම ජනාධිපති සිරිසේනට අනුව ජනාධිපතිවරණයෙන් ඔහු පරාජය වූයේ නම් අඩි හයක් යට මිහිදන් වන්නට තිබුනි. ඉන් ඔහු අදහස් කරන ලද්දේ රාජපක්ෂවාදි මිනීමරු බලකායන් විසින් තමන් ඝාතනය කරනු ඇති බවයි. එළෙස මෛත්‍රීපාල සිරිසේන ඝාතනය වූයේ නම් ඒ ඝාතනය පිටුපස ගෝඨාභය රාජපක්ෂ හැර අන් කවරකු සිටිනු ඇත්ද?

රාජපක්ෂ පාලනයේ අළුගෝසුවා වූයේ ගෝඨාභය රාජපක්ෂ බව නොදන්නේ කව්ද? හත් වසරකට පෙර පැහැර ගෙන ගොස් පහරදී මැරෙන්නට අතහැර දමා ගොස් සිටි මාධ්‍යවේදී පෝද්දල ජයන්ත කැදවා කට වසාගෙන නොසිටියහොත් තමාට පක්ෂපාත බලවේග විසින් මරා දමන්නට ඉඩ ඇතැයි මරණ වරෙන්තුව ලීවේ මේ ගෝඨාභය රාජපක්ෂය.

මහ දවල් මහමඟදී ඝාතනය කරන ලද මාධ්‍යෙව්දී ලසන්ත වික්‍රමතුංග කව්දැයි බීබීසී. වාර්තාකරුගෙන් අවඥාසහගතව ඇසූයේ මේ රාජපක්ෂය. එළෙසින්ම මහ දවල් දෙහිවලදී නිල ඇදුම් ලූ පොලිස් නිලධාරින් විසින් පැහැර ගෙන පහර දෙමින් සිටි මාධ්‍යවේදී විද්‍යාදරන් ත්‍රස්තවාදී සහායකයකු ලෙස හදුන්වා එම පැහැර ගැනීම ලුහු කරන ලද්දේද මේ රාජපක්ෂ විසිනි. (පසුව විද්‍යාදරන් නිදොස් කොට නිදහස් කරන ලදී.) ඩේලිමිරර් කතුවරියට තර්ජනය කොට නැගෙනහිර පළාතෙහි අතුරු හමුදා ගැන වාර්තාවක් ලියූ මාධ්‍යවේදිනියක මරා දැමෙනු ඇතැයි තර්ජනය කළේද මේ රාජපක්ෂමය.

රාජපක්ෂ මර්දනය, භීෂණය සහ දූෂණය අහෝසි කිරීමේ ජනවරමකින් බලයට පත් ජනාධිපති සිරිසේනගේ දේශපාලන දෙවැනියා බවට පත් කර ගන්නට ප්‍රසිද්ධියේ යෝජනා කැරෙන්නේ එවැනි භීෂකයෙකි. මෙම යෝජනාවට එරෙහිව කෙලින් කතා කළේ හිටපු ජනාධිපතිනි කුමාරතුංග පමණකි.

ජෝන් සෙනවිරත්නගේ ප්‍රකාශය රාජපක්ෂ සමයේ මෙරට සුලුතර ප්‍රජාවන් බියගන්වමින් භීෂක දේශපාලනයක් ගෙන ගිය අනතවාදි පිරිස් දිරි ගැන්වීමක් බවට දැන් පත්ව තිබේ.මන්ද යත් ඊට විරුද්ධව එතරම් හඬක් නැති නිසාය. ඔව්හු මහනුවරදී මුස්ලිම් ජනයාට එරෙහිව විදී බසින අතර කලුතරදී කතෝලික දේවස්ථාන වලට ප්‍රහාර එල්ල කරති. ජොන් සෙනවිරත්න ප්‍රසිද්ධියේත් තවත් මැති ඇමැතිවරුන් අප්‍රසිද්ධියේත් ගෝඨාභය රාජපක්ෂට පාවාඩ එළන විට රාජපක්ෂගේ සියලුම අන්තවාදී භිෂකයෝ උඩ පනින්නට පටන් ගෙන තිබේ.

යළි කෙසේ හෝ රාජය බලය ලබා නොගතහොත් සිය පවුලේ සහ හවුලේ බොහෝ දෙනෙකුට මහ උලුගෙදර කල්දේරම් බත් රස බලන්නට සිදුවන බව දන්නා රාජපක්ෂ නඩයේ එකම අපේක්ෂාව යළි බලයට පැන ගැනීමයි. මේ පාවාඩ එළීමත් එම කූටෝපායික මුලෝපායේ එක් පියවරක් නොවේ යැයි කියන්නේ කෙසේද? බලයට පැන ගැනීමට ඇති එකම ඉනිමඟ ලෙස රාජපක්ෂවරුන් දකින්නේ යුදවාදී දෙමළ මුස්ලිම් විරෝධී, ප්‍රජාතන්ත්‍රවිරෝධී අන්තවාදය යළි මතු කර ගැනීමය. බලය අල්ලා ගැනීමට නොහැකි නම් එම අන්තවාදය මත ජනබලයක් ගොඩ නඟා ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ ක්‍රියා පිළිවෙත බකල් කිරීම රාජපක්ෂවරුන්ගේ දෙවැනි කූටෝපාය විය හැකිය.

නැගෙනහිර මහ ඇමැති සහ නාවික හමුදාව අතර ඇතිවූ ප්‍රශ්ණය සිය යුදවාදී අන්තවාදී දේශපාලනය සඳහා රාජපක්ෂවරුන් වහාම යොදා ගන්නා ලදි. ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ විසින් නිකුත් කරන ලද නිවේදනය සඳහා යොදා ගෙන තිබුනේ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ රාජපක්ෂ ගමන් කරන ජායාරූපයකි.

කොස්ගම යුද හමුදා අවි ගබඩාව පුපරා යාම රාජපක්ෂවරුන් සැළකන්නේ සිය යුදවාදි අන්තවාදය පැතිරවීමේ තවත් අවස්ථාවක් ලෙසය. පාවඩ එළමින් පවතින ගොඨාභය රාජපක්ෂට අනුව යුද හමුදාපතිවරයා ඉල්ලා අස්විය යුතුය. මහින්ද රාජපක්ෂ කියන්නේ පිපිරුමට හේතුව යුද හමුදාවේ මානසික ජීව ගුණය බිදවැටීම විය හැකි බවය. (මෙම පිපිරීම ආණඩුවේ වස්වැදීමක් බව රාජපක්ෂ අනුගාමිකයකු වන වාසුදේව කියද්දී වීරවංශ කියන්නේ පිපිරීම යුද හමුදාව දුර්වල කිරීමේ බටහිර ක්‍රමන්ත්‍රණයක කොටසක් බවය.)

මේ අතර රාජපක්ෂගේ හිටපු විදේශ ඇමැති පීරිස් කියා තිබුණේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට යුද හමුදා පිරිස් අත් අඩංඟුවට ගැනීම වැරදි බවත් එය විශාල බටහිර සැලසුමක එක් පියවරක් විය හැකි බවත්ය. ජීරිස් තවදුරටත් කියන්නේ යුද සමයන්හි වූ අතුරුදහන්විම් සෙවීම සහ ප්‍රතිකර්ම යෝජනා කිරීමට ‘සොයාගත නොහැකි පුද්ගලයින් සඳහා කොමිසම’ පත් කිරීමට ආණ්ඩුවේ සැලසුමද යුද හමුදාවට විරුද්ධ පියවරක් බවය.

ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටින හමුදා පිරිස් සහ තජුඩීන් ඝාතනයට සැක පිට අත් අඩංඟුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක බැහැ දැකීමට මහින්ද රාජපක්ෂ සිරගෙදරට යන්නේ ඝාතකයින් වුව රුක ගැනීමට තමා සූදානම් බව සියල්ලන්ටම පෙන්වීමටය.

මෙකී සියළු කාරණා අපට පෙන්වන්නේ රාජපක්ෂවරුන් යළි බලයට පැමිණීමට ඔට්ටු අල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මත නොව ජාතිවාදය, යුදවාදය සහ ඝාතකයින් රුක ගැනීමේ අන්තවාදය උඩ බවය. දැන් ජනාධිපති සිරිසේනගේ දෙවැනියා වන ලෙස ජෝන් සෙනවිරත්න අතුළු පිරිස් ගෝඨාභය රාජපක්ෂට පාවාඩ එළන්නේ එවැනි මතවාදයක් යළි රජ කිරීමට නොවේද?

කවර හෝ රාජපක්ෂවරයකුට ජනපතිගේ දේශපාලන දෙවැනියා වීමට පාවාඩ එළිම වනාහී රාජපක්ෂ පාලනය පෙරළා දැමීමෙන් ලද සියළු ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගැනීම් පමණක් නොව අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාව අද දිනා ඇති සහයෝගය සහමුලින්ම ආපස්සට කර කැවීමේ උගුළකි.

එවැන්නක් සිදු නොවනු ඇතැයි යමකු කීමට පුලුවන. එසේ නමුත් මහින්ද රාජපක්ෂට ශ්‍රිලනිපයෙන් නාම යෝජනා ලැබෙනු ඇතැයි සිතූයේ කව්ද? රජපක්ෂට එය ලැබුණා නොව ඔහුගේ දේශපාලන බලය පෙන්වා බලයෙන් ලබා ගන්නා ලද එකකි. වැරදීමකින් හෝ රාජපක්ෂ අතුලු ශ්‍රීලනිපයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලැබුණේ නම් කුමක් වන්නට තිබුණිද?

ලබන වසරට නියමිත පළාත් පාලන මැතිවරණයන්ගෙන් සිය බලය පෙන්වීම රාජපක්ෂවරුන්ගේ සිහිනයයි. එළෙස බලය පෙන්වා ශ්‍රිලනිපයේ බලය අල්ලා ගැනීම ද එම සිහිනයේම කොටසකි. ගෝඨාභයට පාවාඩ එළීම මෙම සැළැස්ම සඳහා මුට්ටිය දා බැලීමක් වැන්න.

රාජපක්ෂ මතවාදය පරාජය කැරෙන දූෂණ සහ භීෂණ විරෝධී ප්‍රායෝගික පියවර අද අත්‍යවශය වන්නේ ඒ නිසාය. පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ චීනයේ හෝ ඉන්දියාවේ හෝ ඇමෙරිකාවේ හෝ නොවන මේ මහ පොළවේ බව රාජපක්ෂ දූෂණය සහ මර්දනය පැරද වූ සියලු බලවේග විසින් මතකයට නඟා ගැනීම ද වැදගත් වන්නේ ඒ නිසාය.

රාජපක්ෂවරුන්ගේ ජාතිවාදී දේශපාලනය මත සැළකිය යුතු බලයක් ගොඩ නැගී ගෝඨාභයට ජනපති සිරිසේනගේ දේශපාලන දෙවැනියා කිරීමේ බලවේග පෙළ ගැසුණ හොත් ඒ වනාහී නූතන සුභ සහ යස නාටකය රඟ දැක්වීමක් බවට පෙරළෙන්නට ඉඩ තිබේ. මන්ද යත් කොකා ගැස්සීමට සොයා ගත යුත්තේ අන්ත ජාතිවාදයෙන් මුසපත් එක් පුද්ගලයකු පමණක් නිසාය. දෙවැනියා පමණක් නොව පළවැනියා වීමට සුභ දැන නොසිටියේද?

මතක තියා ගන්න, රාජපක්ෂවරුන්ට මේ සෙල්ලම හොදට පුරුදුය.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya
vikalpa -

0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු