sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » ජෝර්ඡ් කීට්‌ සහ ඇවන්ගාඩ්

අනුර සොලමන්ස්‌

ඝනිකවාදී චිත්‍ර බොහෝ විට ත්‍රිමාන ස්‌වරූපයක්‌ ගත්තේය. එම චිත්‍රවල අඩංගු සෑම වස්‌තුවක්‌ම කිසියම් පෙට්‌ටි හැඩයකින් යුක්‌ත විය. මේ කලාවෙහි කෙළපැමිණි යුරෝපියයා වූ කලී ස්‌පාඤ්ඤ ජාතික පැබ්ලෝ පිකාසෝය. මේ කලාවෙහි කෙලපැමිණි ආසියාතිකයා වූයේ ශ්‍රී ලාංකිකයකු වූ ජෝරඡ් කීට්‌ ය. ජෝර්ඡ් කීට්‌ගේ 115 වන උපන්දින සංවත්සරය යෙදී තිබුනේ ඉකුත් ඉරිදා (17) ටය. ඔහු ඉපදුණේ පිකාසෝ උපන් අවුරුද්දට අවුරුදු 20 කට පසු 1901 දීය. 1993 ජුලි මාසයේ 31 වැනිදා අභාවයට පත්වන තුරුම ඔහු දකුණු ආසියාවේ මිල අධිකතම චිත්‍ර ශිල්පියා විය.

ප්‍රංශ භාෂාවෙන් ඇවන්ගාර්ඩ් (Avant Guard) යනුවෙන් හඳුන්වන්නේ කලාව, සංස්‌කෘතිය සහ දේශපාලනය යන ක්‍ෂේත්‍රවල සිදුවූ පර්යේෂණතාමක හෝ ගවේෂණාත්මක දේවල් සහ ඒවා සිදු කරන අයටය. අපේ රටේ දැනට තිබෙන ආණ්‌ඩුව මේ රටේ ජනයා ඒ වචනයේ සැබෑ සෞන්දර්යාත්මක අර්ථකතනය දැන ගන්නට කලින් දේශපාලන වාසි කතා, Avant Guard යන්නෙහි තේරුම කාදැමීය. අද වනවිට මේ රටේ ජනතාවට ඇවන්ගාඩ් යෑයි කී විට මතක්‌ වන්නේ පාවෙන අවි ගබඩාවකි. 20 වන සියවසේදී යුරෝපීය කලා ලෝකය තුළ ඇවන්ගාඩ් කලා ව්‍යාපාරය නමැති වැඩපිළිවෙළක්‌ හට ගත්තේය. එය එතෙක්‌ පැවැති යුරෝපීය චිත්‍ර සහ ප්‍රතිමා කලාවෙහි ව පෙරැලියකි. මේ පෙරැලියෙහි නිරත වූවෝ Cubism හෙවත් ඝනිකවාදය නමැති නව සම්ප්‍රදායයකට අවතීර්ණ වෙමින් චිත්‍ර ඇඳීමට පටන් ගත්හ. ඝනිකවාදී චිත්‍ර බොහෝ විට ත්‍රිමාන ස්‌වරූපයක්‌ ගත්තේය. එම චිත්‍රවල අඩංගු සෑම වස්‌තුවක්‌ම කිසියම් පෙට්‌ටි හැඩයකින් යුක්‌ත විය. මේ කලාවෙහි කෙළපැමිණි යුරෝපියයා වූ කලී ස්‌පාඤ්ඤ ජාතික පැබ්ලෝ පිකාසෝය. ලෝකයේ දිගම නම හිමි චිත්‍ර ශිල්පියා වූ පිකාසෝ (Pablo Diego Jose Francisco de paula Juan Nepomnceno Maria de Los Remedios Cipriano de la Santisima Frinidad Rui' y Picsso) ස්‌වභාවික චිත්‍ර සම්ප්‍රදායෙහි කෙළපැමිණ එය අත්හැර දමා ඝනිකවාද සම්ප්‍රදායට ගිය අයෙකි. මේ කලාවෙහි කෙලපැමිණි ආසියාතිකයා වූයේ ශ්‍රී ලාංකිකයකු වූ ජෝර්ඡ් කීට්‌ ය. ජෝර්ඡ් කීට්‌ගේ 115 වන උපන්දින සංවත්සරය යෙදී තිබුනේ ඉකුත් ඉරිදා (17) ටය. ඔහු ඉපදුණේ පිකාසෝ උපන් අවුරුද්දට අවුරුදු 20 කට පසු 1901 දීය. 1993 ජුලි මාසයේ 31 වැනිදා අභාවයට පත්වන තුරුම ඔහු දකුණු ආසියාවේ මිල අධිකතම චිත්‍ර ශිල්පියා විය. මේ මොහොතේදීත්, Saffronart.com නමැති වෙබ් අඩවියෙහි ඔහුගේ චිත්‍ර විකිණීමට තබා ඇත. ඒවායින් මිල වැඩිම චිත්‍රය අඟල් 25 ක්‌ උස, අඟල් 26 ක්‌ පළල චිත්‍රයකි. ලංකාවේ මුදලින් එය රුපියල් දාහතර ලක්‍ෂ හතලිස්‌ දහසක්‌ විය. රුපියල් කෝටිය ඉක්‌මවා අලෙවි වූ චිත්‍රද කීට්‌ විසින් අඳිනු ලැබ ඇත. පිකාසෝ ද ලොව පහළ වූ මිල අධිකම චිත්‍රශිල්පියෙකි. එහෙත් මේ ලිපිය ජෝර්ඡ් කීට්‌ ගැන ලියෑවෙන්නක්‌ නිසා මෙතැන් සිට පිකාසෝ අමතක කරනු ලැබේ.

*   *  *   *  *  *  *  *  *

1901 අප්‍රේල් 17 වැනිදා නුවරදී උපදින ජෝර්ඡ් කීට්‌ ඉන්දු ඕලන්ද සම්භවයක්‌ ඇත්තෙකි. ඔහුගේ මව ඉන්දියානු කාන්තාවකි. පියා ඕලන්ද ජාතිකයෙකි. මේ වර්ගයේ පවුල්වල උපදින දරුවන් යුරේෂියානුවන් ලෙස ව්‍යක්‌ත ඉංගී්‍රසිය තුළ නම් කෙරෙන අතර එදිනෙදා කතා කරන ඉංගී්‍රසිය තුළ හඳුන්වන්නේ බර්ගර් ප්‍රජාව ලෙසිනි. කීsට්‌ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් උගනියි. ඉංගී්‍රසිය ඔහුගේ මවු භාෂාව මෙන්ම අධ්‍යාපන මාධ්‍යය ද වෙයි. ඔහු කුඩා කාලයේ සිටම චිත්‍ර ඇඳීමට සහ පොත් කියෑවීමට ඇබ්බැහි වූවෙකි. කීට්‌ පවුල ජීවත් වූයේ මහනුවර මල්වතු විහාරය කිට්‌ටුවය. ඔහු නිතර මල්වතු විහාරයට ගිය අතර බුදුදහමේ අරුණාලෝකය ඔහුගේ අධ්‍යාත්මය මත පතිත විය. බුදුදහම වෙත ඇදී ගිය ඔහු තරුණ වියට එළැඹෙන්නේ මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රාදේශීය මට්‌ටමින් එවකට ඇරඹි තිබූ බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ වැදගත් කොටස්‌කාරයකු බවට පත් වෙමිනි. ඔහු මේ කාලයේදී බෞද්ධ චින්තනය ඇසුරෙන් ගද්‍ය සහ පද්‍ය ලිවීමෙහි නිරත විය. ඒ සියල්ල සඳහා භාෂා මාධ්‍ය වූයේ ඉංගී්‍රසි ය. ඊට සමගාමීව ඔහු සිංහල භාෂාවද උගත්තේය. එසේම ඔහු බටහිර සංස්‌කෘතිය ප්‍රතික්‍ෂේප කරන පිළිවෙතකට තල්ලු විය.


Cubism අනුගමනය කළත් ජෝර්ඡ් කීට්‌ කිසි දවසක පිකාසෝ අනුගමනය කළේ නැත. පිකාසෝගේ කියුබිසම් සම්ප්‍රදාය රළු වූ අතර කීට්‌ගේ Cubism සම්ප්‍රදාය ඉතාම ලාලිත්‍යවත් විය. Cubism පැත්තෙන් කීට්‌ට බලපෑමක්‌ වූ එකම චිත්‍ර ශිල්පියා වූයේ ප්‍රංශ ජාතික හෙන්රි මැටිස්‌ ය. ඔහු කීට්‌ට වඩා දහඅවුරුද්දක්‌ පමණ වයසින් බාලය. ඔහුගේ චිත්‍රවල ඇති කව, චතුරස්‍ර සහ නැමිවල ඡායාව කීට්‌ගේ චිත්‍රවලද ඇත. තමා මැටිස්‌ගේ චිත්‍රවලට ප්‍රිය කළ ද. ඒවායේ බලපෑමක්‌ තම නිර්මාණවලට ඇති වූ බව කීsට්‌ පිළිගත්තේ නැත. ඉන්දියාවේ පිහිටි ඓතිහාසික බෞද්ධ නගරයක්‌ වූ නාගර්ජුන කොන්ඩයෙහි ඇති විහාරාරාමවල තිබෙන චිත්‍ර, සාන්චි සම්ප්‍රදායේ චිත්‍ර සහ ගාන්ධාර ප්‍රතිමා සම්ප්‍රදායයන් තම කලා නිර්මාණවලට බලපෑ බව කීමට ඔහු වඩාත් කැමැති විය. පසු කාලයේදී ඔහු සංස්‌කෘත භාෂාවෙහි ප්‍රාමාණික දක්‍ෂයෙක්‌ බවට පත් විය. ඉන්පසු ගීත ගෝවින්දය (ජයදේව නමැති බෙංගාලි කවියා 12 වැනි සියවසේදී ලියූ කවි පොතකි) ඉංගී්‍රසි බසට පරිවර්තනය කළේය. පසු කලෙක එම කවියෙහි සිංහල පරිවර්තනයක්‌ පළ විය. ඔහු මේ පොත්වල කවර නිර්මාණය කර ඇතුළත චිත්‍ර ද ඇන්දේය.

තරුණ වියේ මැද හරියට වනවිට ජෝර්ඡ් කීsට්‌ ක්‍රමයෙන් ඉන්දියානු සාහිත්‍යයට සහ හින්දු දේව කතා සාහිත්‍යයට ආසන්න වනු දක්‌නා ලදි. 1939 දී ඉන්දියාවට ගිය ඔහු එම ගමන ඇබ්බැහි කමක්‌ බවට පත් කර ගත්තේය. එතැන් සිට ඔහු එක්‌දහස්‌ නවසිය හැත්තෑ ගණන්වල අග වනතුරු ඔහු විටින් විට දෙරටෙහි ම ජීවත් විය. කීට්‌, රවින්ද්‍රනාත් තාගෝර්ට මහත්සේ ගරු කළ කෙනෙකි. 1930 දී ඔහු තාගෝර් හමුවී දීර්ඝ සාකච්ඡාවක්‌ කළේය. එකල කීssට්‌ ට වයස 19 කි.

තරුණ වියෙන් මැදි වියට ගමන් කරන කළ ජෝර්ඡ් කීට්‌ ගේ චරිතය මෙසේයá ඔහු සැප පහසුවට ජීවත් වූ තරු පහේ සුඛෝපභෝගී මිනිහෙකි. ශෘංගාරාත්මක චරිතයකි. ඔහු '43 කණ්‌ඩායම' නමැති කැරළිකාර කලා සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකි. 20 වැනි සියවසේ මේ රටේ පැවැති 'කොළඹ කලාවේ' ආධිපත්‍යය දැරුවෝ Ceහකදබ Sදජසැඑහ දෙ Aරඑs නමැති සංවිධානයයි. මෙහි බහුතරය වනුයේ සුද්දොaය. ඔවුන් දැන සිටි එකම කලාව වූයේ කාන්තාවන්ගේ මුහුණ හැර සෙසු සියලුම ශරීරාංග ලස්‌සන රෙදිවලින් වැසූ වික්‌ටෝරියන් කලාව ය. විශාල කන්දක්‌ සේ පැවැති එම සංවිධානයේ කලාව තැනිතලාවක්‌ වන සේ පයින් ගැසූ කීට්‌, ලයනල් වෙන්ඩ්ගේ නායකත්වය යටතේ 1943 දී 43 කණ්‌ඩායම සාදා ගත්තේය. එවකට මෙරට සිටි ප්‍රවීන චිත්‍රශිල්පීන් වූ හැරල්ඩ් පීරිස්‌, අයිවන් පීරිස්‌ (කීට්‌ගේ මස්‌සිනා) ඕබ්‍රි කොලට්‌, රිචඩ් ගේබ්‍රියෙල්, ජස්‌aටින් දැරණියගල, මංජුශ්‍රී භික්‍ෂූන් වහන්සේ (පසුව එල්. ටී. පී. මංජුශ්‍රී) මේ එකමුතුවේ ආරම්භක සාමාජිකයෝ ය. ඔවුන්ගේ අරමුණ වූයේ වික්‌ටෝරියන් කලාව කුඩු කර එවකට යුරෝපියේ වර්ධනය වෙමින් පැවැති ලිබරල් කලාව ලංකාවට ආදේශ කිරීමය.

*   *  *   *  *  *  *  *  *

1988 ජනවාරි මාසයේදී කොළඹ තිභිරිගස්‌යායේ පොලිස්‌ ක්‍රීඩාංගණය ඉදිරිපිට පිහිටි µ්‍රeන්ගිපානි නමැති හෝටලයේදී ජෝර්ඡ් කීsට්‌ හමුවීමේ දුර්ලභ අවස්‌ථාව මේ ලියුම්කරුට හිමි විය. සරමක්‌ සහ ඉන්දියානු ක්‍රමයේ කමිසයක්‌ ඇඳ සිටි ඔහු ඊට උඩින් අත් නැති බොත්තම් නැති කෙටි කබායක්‌ දමාගෙන සිටියේය. ඒ වනවිට ඔහු ඉතා දැඩි සේ ඉන්දියානු සංස්‌කෘතියට අවශෝෂණය වී සිටි කෙනෙකි. ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක්‌ කර ලිපියක්‌ ලිවීමට මේ ලියුම්කරුට උවමනා වූ නමුත් ඔහු එය එතරම් ගණනකට ගත්තේ නැත. ඔහු ඒ වනවිට සිටියේ ප්‍රසිද්ධිය ගැන කිසිදු උනන්දුවක්‌ නැති තැනකය. රටේ සිදුවන දේවල් සහ අනූ ගණන්වල චිත්‍ර කලාව ගැන කතා කිරීමට ඔහු ඊට වඩා කැමැති විය. තමා ඇඳි බොරැල්ලේ ගෝතමී විහාරයේ චිත්‍ර ගැන සිහිපත් කළ ඔහු නුදුරු දිනක ඒවා නැරඹීමට යන බව මට කීවේය.

අපේ කතාව එතැනින් නිම විය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..