පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවේ (The Committee on public Enterprises /Cope) නොඑසේ නම් කවුරුත් දන්නා පරිදි කෝප් කමිටුවේ බලය විපක්ෂ කණ්ඩායම් අතට පත්වූයේ පසුගිය 2015 නොවැම්බරයේය. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවේ (කෝප්) සභාපති ධුරයට ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති පත්විණි.
ඒ ආකාරයෙන් කෝප් සභාපති ධුරයට විපක්ෂ මන්ත්‍රීවරයකු පත් වූයේ වසර 9 කට පසුවය. වත්මන් ආණ්ඩුව පත්වීමට පෙර එහි සභාපති ධුරය උසුලමින් සිsටියේ ඩිව් ගුණසේකරය.
කෝප් කමිටුවේ හිටපු ඩිව් ඊයේ කෝප් කමිටුව ගැන බොහෝ කාලයකට පසු කතා කර තිබිණි. ඒ හොඳක් ගැන කියන්නට නොව ප්‍රශ්නයක් ගැන කියන්නට ය. ඊයේ 'දිවයින' පුවත්පත වාර්තා කර තිබුණේ "කෝප් සභාපති අස්වන බව පැවැසීම විශාල ප්‍රශ්නයක්" යෑයි ඩිව් ගුණසේකර කී බවය. ඩිව් ගුණසේකර ඒ කියන කතාව ඊට පෙර වාර්තා වූ තොරතුරු මගින්ද තහවුරුව තිබිණි. වැඩක් බාරගත් පසු ඒ දේ හරියටම කරනවා මිස වැනෙන ප්‍රතිපත්තියක් නැතැයි කියන ජවිපෙ මන්ත්‍රීවරයකු එසේa අස්වනවාය කීමම බරපතළය. ඒ බරපතළකම තව තවත් දෙගුණ තෙගුණ වන්නේ කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති සිය අස්වීමේ කතාවට දක්වන හේතුව අසන විටය. සුනිල් හඳුන්නෙත්ති කියන ආකාරයට කෝප් කමිටුවේ සාමාජිකයන්ට දේශපාලන පක්ෂවල බලපෑම් එල්ලවන නිසා තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
දැන් මෙතැනදී ප්‍රශ්න කිහිපයක් මතු වේ. පළමුවැන්න එවැනි බලපෑම් හේතුවෙන් කොන්ද කෙළින් තබාගෙන වැඩ කරනවා වෙනුවට ඉල්ලා අස්වීම සාධාරණ ද යන්නය. දෙවැන්න කෝප් කමිටුවට පාට් පෙන්නන දේශපාලන පක්ෂය හෝ දේශපාලනඥයා හෝ ඒ අය කරන ලද අක්‍රමිකතා මොනවාද යන්න රටට හෙළි නොකරන්නේ මන්ද යන්නය. තුන්වැන්න මෙතෙක් කරගෙන එන ලද පරීක්ෂණ / විමර්ශනවලට සිදුවන්නේ කුමක්ද යන්නය.
අප විශ්වාස කරන හැටියට ඩිව් ගුණසේකර මහතා කෝප් කමිටු සභාපති ධුරය දරන යුගයේ විමර්ශනය කරන්නට යෙදුණු ආයතන මෙන්ම ඊට සම්බන්ධ දේශපාලනඥයන් සහ නිලධාරීන් ද ඉතා "බලවත්ව" සිටි බවය. එබඳු තත්ත්වයක් යටතේ වුව ඩිව් ගුණසේකර ඒ කිසිවෙකුට හෝ සිය "කාරිය" සඳහා මැදිහත්වීමට බලපෑම් කිරීමට ඉඩ නොදී ස්වාධීනව කටයුතු කළේය. කෝප් කමිටු නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අදාළ දඬුවම්, විනය ක්‍රියාමාර්ග ගැනීම කෝප් කමිටුවට අයත් කාර්යයක් නොවේ. කෝප් ආරම්භයේ පටන් අද දක්වාම පවතින්නේ "ඇල්ලුවාට හපන්න බැරි" තත්ත්වයකය. එය වෙනමම කතාවකි. අපට අදාළ වන්නේ එතෙක් කළ යුතු කාර්යය හෝ නිමා නොකර එකවරටම කෝප් සභාපතිවරයා ඉල්ලා අස්වීමට තරම් හේතුපාදක වන කාරණය කවරක්ද යන්න විමසා බැලීමය.
කෝප් වාර්තා පිළිබඳව මුලින්ම අවධානයට යොමු වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය යටතේ එජාප ආණ්ඩුව කළ කාලයේය. එවකට කෝප් සභාපතිවරයා වූයේ විඡේදාස රාජපක්ෂය. ඔහු එකල එජාප මැති ඇමැතිවරු යටතේ ඇති රාජ්‍ය ආයතන රැසක දූෂණ වංචා හෙළි කළේය. එහෙත් කිසිවක් සිදු වූයේ නැත. අක්රමිකතාවලට සම්බන්ධ බොහෝ පිරිසක් නැවතුණේ මහින්ද රාජපක්ෂගේ සාක්කුවේය. ඒ අනුව එම කෝප් වාර්තාව හමස් පෙට්ටියට ගියේය. ඉන් අනතුරුව ගෙන එන ලද කෝප් වාර්තා සියල්ලටම සිදු වූයේ එයය. එහෙත් ඒ හැමවතාවකම කෝප් සභාපතිවරයා සිය වගකීම පූර්ණව ඉටු කර තිබුණු බව කිව යුතුය. වර්තමාන වනවිට බොහෝ රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා පිළිබඳව සමාජයේ විශාල කතාබහක් ගොඩනැඟෙන්නට එය හේතුවක් විණි.
සුනිල් හඳුන්නෙත්ති කෝප් සභාපතිත්වයෙන් අස්වන්නේ නම්? එතරම් දිගු කාලයක් පවත්වාගෙන ආ එම ක්‍රියාවලිය පවා බිඳ වැටීමට හේතු වන බව කිව යුතුය. කෝප් කමිටුව ක්‍රියා කරන්නේ අධිකරණයක් ලෙස බැවින් එය ආරක්ෂා කළ යුතු බවත්, පාර්ලිමේන්තු සම්ප්රදාය, ගෞරවය ආරක්ෂා කළ යුතු බවත් ඩිව් ගුණසේකර කියන්නේ ඒ නිසාය.
divaina -
Lanka Journalist's Admin
පවතින දේශපාලන වාතාවරණය පිළිබදව සත්‍ය දැනගැනිම ජනතාවගේ අයිතියකි එය ජනතාවට වාර්තා කිරීම මාධ්‍යවේදීන්ගේ අයිතියක්.
Subscribe to:
Post Comments (Atom)
-
ආර්ට් ගැලරි එකක් කරන කෙනෙක් විදියට මාව තෝරා ගත්තට Thank you ඉරාජ් -මගේ බුද්ධිමය දේපළ කොල්ලකෑවාට ඉරාජ්ට එරෙහිව අනිවාර්යෙන් නඩු පවරනවා ...
-
උපාලි ජයසිංහ - ඔබ මෙි කතාව දැනටමත් මෙි සමාඡඡාලයෙන් අහල බලල ඇති. එත් අපි ඒක නැවත ලියන්නෙ යමි මිනිහෙකුගේ සුලු ක්‍රියාවකින් එක් දුක්විදින ඡ...
-
Sanka Kirindiwela | සංඛ කිරිඳිවැල boondi.lk "ගරිල්ලා" යනු යුධමය අර්ථයෙන් ජනප්‍රිය වූ වචනයකි. කලාකරුවෙකු "ගරිල්ලෙක්" ...

web Archive
-
▼
2016
(114)
-
▼
June
(24)
- කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බ...
- කෝප් සභාපති ඉල්ලා අස්වන්නේ ඇයි?
- ආණ්ඩුවලට මාරාන්තික මහ බැංකු අපලය
- ජනවාරි 8 ජයග්‍රහණය කෙළෙසන්න එපා! -- වික්ටර් අයි...
- ලීඩර් කර්තෘ පස්සෙන් පැන්නූ යතුරුපැදි අංක ලියූ පොත ...
- අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම...
- ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්ෂිතයකි (කැල...
- මාධ්‍යවේදියෙකුගේ ගෙට පැනලා මරණ තර්ජන කරපු අපූරු සං...
- ගහෙන් වැටුණු මිනිහාට ගැමුණුත් අනී...
- ජෝර්ඡ් කීට් සහ ඇවන්ගාඩ්
- රට එක්සේසත් කළ රජවරු හා මහින්ද රාජපක්ෂ - වික්ටර් අ...
- වෙලේ සුදා පෝරකය අභියස (කතාව ඉවර නැත)
- ඇමතිලාගේ සැප ගැන....
- තොරතුරු දැන ගැනීමේ පනත මාධ්‍යවලට නොවෙයි... ජනතාවට...
- ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු
- ගෝඨාභයට පාවාඩ එළීම නොහොත් නූතන සුභ සහ යස
- ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකා...
- මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් වු තර්ජනාත්මක ප්‍රකාශයට S...
- ජනතා විමුක්ති පෙරමුණට යලි පණදුන් ෆීනික්ස් පක්ෂියා ...
- මාළඹේ නීති විරෝධී වෙෙද්‍ය උපාධි කඩයට, රජය පිළිග...
- මාධ්‍ය යනු.. මාධ්‍යවේදියා යනු..
- වැව අපේ සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයයි ඒ තුලින් අපි ආ...
- සිරස TV 18 වන සංවත්සරයට සමගාමීව මැදවච්චිය, තම්මැන්...
- මාධ්‍යවේදී ප්‍රෙඩී ගමගේ මහතාට පහර දීමක්
-
▼
June
(24)

Popular Post
-
Sunday,26 Jul 2015 වික්ටර් අයිවන් ශ්‍රී ලංකාවේ ආයතන ක්‍රමය සමග එම ආයතන ක්රමයේ මුදුනේ සිටින බොහෝ නාමධාරී පුද්ගලයන් කුණුවී තිබෙන තරම ...
-
නීතිඥවරුන් සහ විනිසුරුවරුන්ගේ පැටිකිරිය නීතිඥවරියක් වන සුගන්ධ්කා වර්ණකුලසූරිය විසින්ම කළ හෙලිදරව්ව
-
1977 පරාජය වෙලා ආසන 8ට බැහැල බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවට ආවේ නිකම්ම නිකන් අත්තනගල්ල මන්ත්‍රිවරිය ලෙසය. ඇයට විපක්ෂ නායක ධුරය හිමි නො...
-
කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක නිකං සුරංගනා කතාවක් වගේ එකක් කියලා. බප්පාදිත්‍ය බන්දෝපාද්‍යන් කියලා අධ්යක්ෂවරයෙක් හිටියා බෙංගාලයේ. ඔහු මගේ ...

Popular Posts
-
Sanka Kirindiwela | සංඛ කිරිඳිවැල boondi.lk "ගරිල්ලා" යනු යුධමය අර්ථයෙන් ජනප්‍රිය වූ වචනයකි. කලාකරුවෙකු "ගරිල්ලෙක්" ...
-
ඩොනමෝර් සාමිවරයා ප්රමුඛ ඩොනමෝර් කොමිෂන් සභාවේ යෝජනා අනුව ප්‍රථම මැතිවරණය 1931 ජුනි මාසයේදී පවත්වනු ලැබීය. ඒ තුළින් මන්ත්‍රීවරුන් 50 ක් ස...
-
බැන්ක්සි! එම නාමය බොහෝ රටවල් තුළ මතභේද, විවාද, සංවාද මෙන්ම කුතුහලයද එක සේ අවුුලූවා තබයි. බැන්ක්සි යනු වීදි කලාකරුවෙකුගේ පටබැඳි නාමයකි. ...
-
ඌව ඡන්දයට දින තුනකට පසුව හාලිඇළ පොලිස් මුරපොල ළඟදී ලංකාදීප ඇටැම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට පහර දීමට විරෝධය පා අද දහවල් 12ට කොළ...
-
සිරස මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි ට හාළිඇලදී එල්ල කල මැර ප්‍රහාරය සහ පසුගිය දිනවල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ උපුල් ජයසූරියට ...
-
අනුර සොලමන්ස් ඝනිකවාදී චිත්‍ර බොහෝ විට ත්‍රිමාන ස්වරූපයක් ගත්තේය. එම චිත්රවල අඩංගු සෑම වස්තුවක්ම කිසියම් පෙට්ටි හැඩයකින් යුක්ත ව...
-
1945 නොවැම්බර් මස 09 වැනි දින රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් වූ ඩොමීනියන් තත්ත්වය පිළිබඳ විවාදය පැවැත්විණි. මේ තීරණාත්මක අවස්ථාවේ මේ රට මු...
-
"චිං චිං නෝනා" යනු 1977 ජූනි 24 දා තිරගත වූ සිංහල සිනමා සිත්තමකි. "ටොම් පචයා" යනුද එම වසරේම නොවැම්බර් 11 වැනි දින ති...
-
අරක්කු සිගරට් නොව මත්ද්‍රව්‍ය යෑයි යමක් මේ රටේ ඇති බව දැන ගත් දා සිටම රටේ එදා සහ අද පරම්පරාව ඒවාට භාවිත කරන්නේ 'කුඩු' යනුවෙනි. ...

No comments: