sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » යහපාලනය ඇවිත් වසර 1 1/2 යි ....තාජුඩීන්, රවිරාඡ්ට තිබෙන සැලකිල්ල ලසන්තට නැත්තේ ඇයි..?

වත්මන් ආණ්‌ඩුව බිහි කෙරුණා වූ ඉකුත් 2015 ජනවාරි විප්ලවය ආරම්භයේදී රාජපක්‍ෂ පාලනයට පහර දෙන්නට සටන් පාඨ ලෙස මෙරට දේශපාලන වේදිකා මත දිගහැරුණු මාතෘකා ගණනාවක්‌ තිබිණි.

ඒ අතරින් පුවත්පත් කතුවරයකුද වන සැබෑ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාඡ් ඝාතනය මාධ්‍යවේදියකු යෑයි කියනා ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වීම සහ වසීම් තාජුඩීන්ගේ මරණය යන සිද්ධීන් මූලික තැනක විය. ඕනෑම රටක නීතියට පටහැනිව ඝාතනයක්‌ සිදුවේ නම් ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු විය යුතුය. එහි කතා දෙකක්‌ නැත. ඒ අනුව නියත වශයෙන්ම ඉහත සිද්ධින් පිළිබඳව ද විමර්ශන සිදු කළ යුතුමය.

එහෙත් එකී විමර්ශන යම් යම් දේශපාලන රාමුවන් තුළ සිර වූ ඒවා වන්නේ නම් හෝ මේ බිමට සතුරු වූ ඇතැම් එන්ජීඕකාරයන්ගේ වුවමනාව මත තලගොයා, කබරගොයා න්‍යායෙන් සිදු කරන ඒවා වන්නේ නම් ඉන් සමාජයට හා වින්දිත පාර්ශ්වයන්ට අත්වන සෙත කුමක්‌ද? ඒ පැනය අප විමසන්නේ වත්මන් යහපාලනයෙනි. එසේ කරන්නට සිදුව ඇත්තේ අද දවසේ ඉහත කී ලසන්ත වික්‍රමතුංග, රවිරාඡ් සහ එක්‌නැලිගොඩ සිද්ධීන් සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය සිදු කරන නල්ලමලේ විමර්ශන නිසාය.

රහස්‌ පොලිසිය එක්‌නැලිගොඩ විමර්ශනය ඇරඹීය. සාක්‍ෂි කිසිත් නැත. එහෙත් එයට සැකපිට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු සෙබළුන් නව දෙනකු අත්අඩංගුවට ගත් සීඅයිඩීය දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරුම් චෝදනා එල්ල කරමින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කළේය.

එයින් එක්‌ ලුතිනන් කර්නල්වරයකු මේ වන විට මෙරට ඉතිහාසයේ වැඩිම ඇප මුදල තබා ඇපමත නිදහස ලබා සිටිය ද සෙසු නිලධාරීහු අට දෙනා තවමත් බන්ධනාගාරගතව සිටින්නාහ. ඒ අතරින් අනෙක්‌ ලුතිනන් කර්නල්වරයා සහ තවත් දෙදෙනකු බන්ධනාගාරගත කර අදට හරියටම දින තුන්සිය පහළවක්‌ ගතවී ද අවසන්ය. මෙහිදී යහපාලනයට සහ පොලිසියට ඇසෙන්නට කිව යුතු තවත් ෙ€දනීය කතාවක්‌ද ඇත. එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් පසු පසුගියදා ඇප මත නිදහස හිමි වූයේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ප්‍රබෝධය සිරිවර්ධනටය. එහෙත් ඔහු ඇප ලබා සිය නිවසට යද්දී කුමක්‌ සිදුව තිබුණේද? යහපාලකයිනි, සීඅයිඩීයේ විමර්ශකයිනි නුඹලා දන්නේද?ඔහු නිවසට යනවිට රට දැය වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ මේ රණවිරුවාගේ කුඩා දරුපැටියා අනපේක්‍ෂිත ලෙස සිය පියාට අත්වූ ඉරණම හමුවේ කම්පනයට පත්ව රෝගියකු වී සිටියේය.

ඇතිවූ රෝග තත්ත්වය හමුවේ මේ මොහොතේත් එම දරුවාට ප්‍රතිකාර කෙරෙමින් තිබෙන්නේය. එයට වගකියන්නේ කවුද?

මේ ආකාරයෙන්ම රහස්‌ පොලිසිය පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාඡ් ඝාතනය සම්බන්ධයෙන්ද පසුගිය කාලයේ විමර්ශන ආරම්භ කළේය. එහිදීද සිදු කෙරුණු දේ බොහෝ විය. රවිරාඡ් ඝාතනය කළ තුවක්‌කුකරුවා, යතුරුපැදියක හිඳුවාගෙන එකී ඝාතනයට ගිය පොලිස්‌කාරයෙක්‌ රජයේ සාක්‌කිකරුවකු කළ පොලිසිය එම ඝාතනයට සැකපිට නාවික හමුදා නිලධාරින් තිදෙනකු අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කළේය. ඔවුන් තිදෙනා එම නඩු කටයුත්ත අවසන් වන තුරු රක්‍ෂිත බන්ධනාගාරගත කර නඩු විභාගය සිදු කරන්නටද පසුගියදා අධිකරණය තීන්දු කර තිබිණ.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් කරනු ලබන පොලිස්‌ විමර්ශන අද ඇත්තේද එවන්ම වූ තැනකය. තාජුඩීන්ගේ මරණය සිදුවන අවස්‌ථාවේ පටිගත වූ සීසීටීවී දර්ශන පෙළක්‌ තමන් සතුව තිබෙන බව රහස්‌ පොලිසිය පසුගිය කාලයේ කියන්නට වූයේ පේව්මන්ට්‌ වෙළෙන්දන් දෙක පනහට විකුණන අන්දම අපට සිහිපත් කරමිනි..

රහස්‌ පොලිසියේ මේ කතා මාධ්‍යයන්හිද පළ විය. එහිදී වත්මන් රජයේ සමහර ඇමැතිවරුන් අපූරු ප්‍රකාශද කළේය. එක්‌ ඇමැතියකු කීවේ ඒ සීසීටීවී දර්ශන පෙළේ රාජපක්‍ෂවරු සිටින අයුරු තමන් ඇස්‌ දෙකින්ම දැක්‌ක බවය. අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර මෙකී සීසීටීවී දර්ශන රහස්‌ පොලිසිය විසින් ඒ ඇමැතියාට පෙන්වූයේ දැයි අපි නොදනිමු. එහෙත් එකී දේශපාලනඥයා එම කරුණු සමාජය ඉදිරියේ කී ආකාරයෙන් අපට හැඟී ගියේ පොලිසිය උසාවියට පෙර එකී දර්ශන ඇමැතියාට දෙන්නට ඇතැයි කියාය.

කෙසේ වෙතත් අවසානයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු මේ සීසීටීවී දර්ශන පෙළ පරීක්‍ෂණ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට යොමු කෙරිණි. එහිදී කියෑවුණේ කුමක්‌ද? එකී සීසීටීවී දර්ශන පෙළේ කිසිවක්‌ම නිශ්චිතව හඳුනාගත නොහැකි බව විශ්වවිද්‍යාල විමර්ශකයෝ පැවසූහ. එසේනම් මේ සිද්ධිය හමුවේ ඉහත කී ඇමැතිවරයා රාජපක්‍ෂවරුන් යෑයි පවසමින් කියා සිටියේ මනසේ ඇඳී ගිය මනෝවිකාරයකදී දුටු දසුන් පෙළක කතාවක්‌ද? එය දන්නේ එකී කතාව කී ඇමැතියාමය. එහෙත් පොලිසිය විමර්ශන කරන අතරේ දේශපාලනඥයන් මෙවන් කතා කියද්දී ප්‍රීතියෙන් පිනා යමින් ආතල් ගන්නා පිරිසක්‌ද වූහ.

ඒ පසුගිය කාලයේ මෙරට රැඳී සිටිමින් සහ රටින් පලාගොස්‌ විජාතික කුමන්ත්‍රණකරුවන්ගේ අතකොලු ලෙස ක්‍රියා කළ එන්ජීඕ කුමන්ත්‍රණකරුවෝය. උන් කඩේ ගියේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට ය. ඒ ත්‍රස්‌තවාදය පරාජය කෙරුණු කල්හි ඔවුහු සියල්ලට වෛර කරන්නට වූහ. ඉහත කී සිද්ධීන්ට දේශපාලන මුහුණුවරක්‌ දුන්නේ ඔවුන්ය.

ඔවුන්ට අවැසිව ඇත්තේ එකී සිදුවීම් පිළිබඳ නිවැරදි විමර්ශනයක්‌ සිදුවනු දැකීමට නොව, ඒවා තුළින් ප්‍රභාකරන්ට ශෝචනීය ඉරණමක්‌ අත්කර දුන් රණවිරුවන් සහ දේශප්‍රේමීන් අඩපණ කර විජාතික වුවමනාවන් කෙසේ හෝ ඉටුකර දීමටය. සැබෑ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය මේ අන්දමින් පසුගිය කාලයේ රහස්‌ පොලිසිය ආරම්භ කළ තවත් එක්‌ විමර්ශනයක්‌ විය. එහෙත් පෙර කී එක්‌නැලිගොඩ, තාජුඩීන් සහ රවිරාඡ් විමර්ශනයන්හිදී කෙසේ හෝ එකකු දෙන්නකු වැලිකඩ මහ උළු ගෙදරට දක්‌කන්නට රහස්‌ පොලිසිය ක්‍රියා කළද ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනයේදී අද ඔවුන් සිදු කරමින් සිටින්නේ කුමක්‌ද? එකී ඝාතනය පිළිබඳ බොහොA තොරතුරු ඇත. එහෙත් පොලිසිය තවමත් වටේ යමින් සිටින්නේය. පොලිසියේ ඒ හැසිරීමට හේතු වී ඇත්තේ ඉහත කී එන්ජීඕ දේශෙද්‍රdaහීන්ගේ සතුරන් බවට පත්ව සිටි ඇතැමුන් අද මිතුරු පාර්ශ්වයන්හි කොටස්‌කරුවන් වී සිටීමද? මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ විමර්ශන ආරම්භ කළ සීඅයිඩීය පසුගිය රජය සමයේa යුද හමුදා බුද්ධි අංශයේ එක්‌තරා නිලධාරියකු අත්අඩංගුවට ගෙන වසරක්‌ පුරා රක්‍ෂිත බන්ධනාගාරගත කිsරීමට කටයුතු කරනු ලැබිණි. ලසන්ත ඝාතනය සිදු කෙරුණු අවස්‌ථාවේ ඝාතකයන් භාවිත කර තිබූ සැක සහිත ජංගම දුරකථන අංක කිහිපයක්‌ පිළිබඳ පරීක්‍ෂණ සිදු කළ රහස්‌ පොලිසිය එම සිම් කාඩ්පත් ලබාගෙන තිබූ පුද්ගලයාට අයත් ලිපිනය සොයා ඔහු හඳුනාගැනීමෙන් පසු එම පුද්ගලයා සමඟ සබඳතා පැවැත්වීමේ වරදට ඉහත කී යුද හමුදා බුද්ධි නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබීය.

එහෙත් පසුව එම හමුදා නිලධාරියා දැඩි කැපකිරීම් කරමින් අධිකරණය ඉදිරියේ තමන්ගේ නිර්දොaෂීභාවය ඔප්පු කිරීම හේතුවෙන් චෝදනාවෙන් නිදහස්‌ විය.

ඒ සමගම සීඅයිඩීය ලසන්ත ඝාතන විමර්ශන කඩේ වසා දැමූ බවක්‌ පෙනෙන්නට තිබිණි. ඒ පිළිබඳ කෙරෙන විමර්ශන ගැන කිසිදු කතාවක්‌ සමාජය ඉදිරියට ආවේද නැත.

බංකොලොත් වීම හමුවේ මේ අන්දමින් වසා දැමුණු බවක්‌ පෙනෙන්නට තිබූ රහස්‌ පොලිසියේ ලසන්ත ඝාතන විමර්ශන කඩේ යළි විවෘත කෙරුණේ යහපාලනය මතුවීමත් සමගය. එහෙත් එහිදීත් සිදු වූයේ සහ දැනුදු සිදු වෙමින් තිබෙන්නේ කුමක්‌ද? විමර්ශන අරඹා දවසින් දවස යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරින් කැඳවා ප්‍රශ්න කළේය. මේ වන විට එසේ ප්‍රශ්න කළ බුද්ධි අංශ නිලධාරින්ගේ ගණන හතළිහද ඉක්‌මවා ඇත. එහෙත් සොයාගත් කිසිදු සාධනීය දෙයක්‌ නැත. කෙටියෙන්ම කිවහොත් ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය යෑයි පවසමින් කන්දක්‌ විළි ලෑ පොලිසිය කෙන්දක්‌වත් වැදුවේ නම් නැත. එසේ වී තිබෙන්නේ කුමක්‌ නිසාද?

පොලිසියේ මේ කෙරුවාව දකිද්දී අපට උරුම එක්‌ ජන ක්‍රීඩාවක්‌ අපේ සිහියට නැගෙන්නේය. ඒ ක්‍රීඩාවට අප කුඩා කල කීවේ 'ගිනි සැඟවීම' යෑයි කියාය. කුඩා පන්දුවක්‌ ගෙන කොතැනක හෝ සැඟවීම මේ ක්‍රීඩාවේ ප්‍රධානම අංගය විය. එසේ සඟවන පන්දුව කණ්‌ඩායමේ එකකු සොයා ගත යුතුය. එසේ පන්දුව සොයන සගයා පන්දුව සඟවා තිබෙන ආසන්නයට ළඟා වන විට සෙසු අය 'ගිනි.. ගිනි..' කියා හඬ නගන්නාහ. ඔහු හෝ ඇය එයට සමීප වූ බව හැඟවීමට අපි එසේ කළෙමු.

ඒ අන්දමින් ලසන්ත ඝාතනය ගැන විමර්ශන කරන සීඅයිඩීය දෙස බලාද දැන් අපට නම් කියන්නට ඇත්තේ 'ගිනි.. ගිනි..' කියාය. එහෙත් එසේ හඬ නැගුවාට වැඩක්‌ නැත. මන්ද සිදු වෙමින් තිබෙන්නේ ඇල්වතුර වැඩය. කොළඹ අත්තිඩිය ආදර්ශ ප්‍රාථමික විදුහල අසලදී ඉකුත් 2009 වසරේ ජනවාරි අටවැනිදා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට හරියටම වසර හතකුත් මාස පහයි දින දහඅටක්‌ ගෙවී ගොස්‌ අවසන්ය. එහෙත් ඝාතකයෝ තවමත් නිදැල්ලේ සිටින්නාහ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූ එදා ඊනියා නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරය නම් වූ සංවිධානය අටවාගෙන සිටි ඇතැමුන් කියන්නට වූයේ කුමක්‌ද? එවකට නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ සුනන්ද දේශප්‍රිය මහතා වෙඩි වැදුණු ලසන්ත ප්‍රතිකාර සඳහා රැගෙන ආ කළුබෝවිල රෝහල අසලට පැමිණ කිsයා සිටියේ ලසන්තට වෙඩි තැබූ මැරයන් අත්අඩංගුවට ගෙන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ආණ්‌ඩුව කටයුතු කළ යුතු යෑයි කියාය.

ලසන්ත වැනි කීර්තිමත් මාධ්‍යවේදියෙක්‌ට මරා දැමීමේ සිද්ධියට වගකියන්නේ කවරෙක්‌දැයි යනුවෙන් එහිදී ප්‍රශ්න කළ ඔහු මේ මැරවර ක්‍රියාවලිය නතර නොකළහොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අස්‌ථාවර වන බවක්‌ද කීවේය.

එසේම සුනන්දලා සමඟ එදා සිටි තවත් සගයකු වූ පෝද්දල ජයන්ත කීවේ වෙඩි තැබුවේ ලසන්තට නොව මේ රටේ මාධ්‍ය නිදහසට සහ තොරතුරු දැනගැනීමේ නිදහසට යෑයි කියාය.

ඉකුත් 2015 ජනවාරි අට වැනිදා කරළියට පැමිණි "යහපාලනය" යන්න පෝද්දල ජයන්තලාගේ කටින් මුලින්ම එළියට පනින්නේද ලසන්ත ඝාතනය කෙරුණු ඒ දිනයේය. ලසන්ත මියගියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ගැන කතා කරන්නට ගොසින් යෑයි ඔහු එදා ප්‍රසිද්ධියේ සඳහන් කළේය. ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කෙරුණු දා කළුබෝවිල රෝහල අසලට පැමිණි වත්මන් විදේශ ඇමැති මංගල සමරවීර මහතා කියා සිටියේ භයානක ඒකාධිපතියකු බලයට ගෙනා තමන් ඇතුළු පිරිස එකී ඝාතනයට වගකිව යුතු යෑයි කියාය.

මේ පිරිස එසේ හඬ නගද්දී එදා මියගිය ලසන්තගේ දේහයට අවසන් ගෞරව දැක්‌වීමට එවකට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති රොබටෝ බ්ලේක්‌ මහතාද දේහය තැන්පත් කර තිබූ නිවසට ගියේය. මේ අන්දමින් ලසන්තගේ ඝාතනයේදී හඬ නැගූ සුනන්ද දේශප්‍රිය, පෝද්දල ජයන්ත වැනි ඇතැම් පිරිස්‌ පසුව මෙරට වාසය කළ නොහැකි බව පවසමින් විදේශගත වූහ. එසේ ගිය ඔවුහු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අහවර බවටත්, මාධ්‍යවේදීන් ඝාතනය කරන බවත්, පුද්ගල අතුරුදන් කිරීම් සිදුකරන බවත් සහ නීතිය වල්වැදී ඇති බවත් කියමින් එතෙර සිට එවකට ආණ්‌ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන්නට වූහ. මේ සෑම සියලු දේම තිබුණේ පැහැදිලි දේශපාලන රාමුවක සිරවීය.

කෙසේ වෙතත් දැන් ඒ යුගය නිමා වී ඇත. විසිය නොහැකි යෑයි කියමින් රට හැර ගිය සුනන්ද දේශප්‍රියලා අද යළිත් මෙරටට පැමිණ සිටිති. එහෙත් අද ඔවුන් එදා මෙන් ලසන්ත ඝාතකයන්ට එරෙහිව හඬක්‌ මතු නොකරන්නේ කුමක්‌ නිසාද? එසේ වී තිබෙන්නේ එදා කබරයා අද තලගොයා වී තිබෙන නිසාද?

මේ කාට කෙසේ වුවද මාධ්‍යවේදී ලේබලය අලවාගෙන එහෙ මෙහේ ගොස්‌ ආගිය අතක්‌ නැතිවූ උන් පිළිබඳ නොව, සැබෑ මාධ්‍යවේදියකු වූ ලසන්ත ගැන අපි එදාද කතා කළෙමු. ඒ ඝාතකයන්ට එරෙහි වීමු. එසේ වුවද ලසන්ත මරා දැමුවායෑයි කියා අපි රටට එරෙහි නොවූයෙමු. අපි ඒ පිළිබඳ අදත් කතා කරන්නෙමු. ඒ තුළ ඇතැමුන්ට මෙන් කිසිදු පටු අරමුණක්‌ අපට නැත. ලසන්ත ඝාතකයන් අල්ලාගත යුතුමය. දැන් තිබෙන්නේ සුනන්ද දේශප්‍රිය, පෝද්දල ජයන්ත වැනි අය ලසන්ත මියගියදා ලෝකයට හඬගා කියමින් පැතූ යහපාලනය ය. එසේ නම් ඒ යහපාලනයට ලසන්ත ඝාතකයන් කොටුකර ගත නොහැකිව ඇත්තේ කුමක්‌ නිසාද?

ලසන්ත ඝාතනය ගැන විමර්ශන සිදු කරන රහස්‌ පොලිසිය වටේ යමින් සිටින්නේ කාගේ වුවමනාවටද? එයට පිළිතුරු සොයන්නට අද සුනන්ද, පෝද්දල සහ ගෙවිඳු වැන්නවුන් ඉදිරියට පැමිණිය යුතුය. ලසන්ත මැරුවේ කවුද? උන් අද ඉන්නේ කොතැනද? කරන්නේ මොනවාද? කියා සොයන්නට සහ ඒ පිළිබඳ හඬක්‌ නඟන්නට එදා මෙන්ම අදත් ඔවුන්ට හැකි විය යුතුය. එහෙත් එවැන්නක්‌ සිදුවන බවක්‌ පෙනෙන්නට නැත. එසේම අද සෙවිය යුත්තේ ලසන්ත ඝාතකයන් පමණක්‌ද? නැත ඡේHෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකොන් මහතාට පහර දී තුවාල සිදු කළ වුන්ද සෙවිය යුතුය. එදා කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේදී උපාලි තෙන්නකෝන් මහතා ඉලක්‌ක කළ එල්ල වූ ඒ මැර ප්‍රහාරයෙන් ඒ මහතා දිවි ගලවා ගත්තේ අනූනවයෙනි. කෙස්‌ ගසක එහා මෙහාවක්‌ සිදු වූයේ නම් ලසන්තට අත්වූ ඉරණම ම එදා උපාලි තෙන්නකෝන් මහතාටද අත්වීමට ඉඩ තිබිණි. එහෙත් වාසනාවකට එවැන්නක්‌ සිදු නොවීය. එසේ වුවද මේ ප්‍රහාරය හමුවේ උපාලි තෙන්නකෝන් මහතාට උපන් රට හැරදා සිය ජීවිතය බේරා ගැනීම උදෙසා විදේශගත වන්නට සිදු විය. උපාලි තෙන්නකෝන් මහතාට එකී ප්‍රහාරය එල්ල කළ ඒ මැරයෝ කවරහුද? තවමත් එයටද පිළිතුරක්‌ නැත. ලෝකල් ෂර්ලොක්‌ හෝම්ස්‌ලා නිරුත්තරය. එයට හේතු වී තිබෙන්නේ දේශපාලනීකරණය වී ඇති පොලිස්‌ වමර්ශනවලට එකී මැරයන් නොපෙනීමද?

නාමික මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්ශනයට අනුව සාක්‍ෂි නැතත් යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ රණවිරුවන් පිරිසක්‌ සිරගතව දුක්‌ විඳිද්දී සහ රවිරාඡ් ඝෘතනයට සැකපිට නාවික හමුදා රණවිරුවන් තිදෙනකු මහ උළු ගෙදර කොටුවෙද්දී සැබෑ මාධ්‍යවේදීන් වූ ලසන්ත වික්‍රමතුංග ඝාතකයෝ සහ උපාලි තෙන්නකෝන්ට පහර දුන් මැරයෝ මේ මොහොතේත් නිදැල්ලේ සිටිනුයේ ඒ නිසා විය නොහැකිද? එහෙත් මේ පවතින්නේ ඉහතකී පිරිස්‌ ඇතුළුව එදා ලසන්තලාගේ නිසල දේහයන් ඉදිරිපිට සිට හොටු පෙරාගෙන හඬා වැටෙමින් ඇතැමුන් පැතූ යහපාලනය ය. ඉතින් ඒ යහපාලනය තුළ මෙසේ වන්නේ කෙසේද?

පවතින්නේ මළ මිනී මතින් ගමන නොගිය සැබෑ යහපාලනයක්‌ නම් ස්‌ථිර වශයෙන්ම ලසන්ත ඝාතකයන් කොටුවිය යුතුය. උපාලි තෙන්නකෝන්ට පහර දුන් මැරයන් මේ වන විටත් වැලිකඩ බෝඩිමේ කූරු ගණන් කළ යුතුය. යහපාලනය තවමත් කිරිකෝඩු වුවද මේ වැඩේ කිරි කජු බව අපේ වැටහීමය.

එහෙයින් මේ සියල්ල හමුවේ ආණ්‌ඩුව දෙස බලා දැන් අපට කියන්නට ඇත්තේ ද අර ජන ක්‍රීඩාවේ මෙන් ගිනි.. ගිනි.. ගිනි.. කියාය. මන්ද බඩු අත ළඟය. එහෙත් විමර්ශකයෝ සුදු සැරයටි අතින් ගත්තවුන් සේ සිටින්නාහ.

සමන් ගමගේ
divaina -

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply