1953 අගෝස්තු 12 වැනි දින පැවැති හර්තාල් අරගලයට 2015 අගෝස්තු 12 වැනි දිනට වර්ෂ 62 ක් සම්පූර්ණ වෙයි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
අගෝස්තු හර්තාලයේ අරගලයට මූලික වූ ආර්ථික හා දේශපාලන පසුබිම 1951 දී රුපියල් මිලියන 345 ක් වූ වෙළෙඳ අතිරික්තය 1953 වන විට රුපියල් මිලියන 200 ක හිඟයක් බවට පත්විය. 1952 පටන් රටේ විදේශ සම්පත් ක්ෂයවීමට මුල් වූ හේතු අනාවරණය කරමින් එවකට එ.ජා.ප. ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා වූ ඡේ. ආර්. ජයවර්ධන මෙසේ පැවැසීය. ලෝක යුද්ධ සමයේ ඉහළ ගිය ශ්‍රී ලංකාවේ විදේශ වත්කම් කොරියානු යුද සමයේ ඇති වූ වෙළෙඳ වාසි නිසා ක්ෂය වීමට ඉඩ නොදී රැක ගත හැකි විය. 1952 ජනවාරි වනවිට ශ්‍රී ලංකාව සතු විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 1209 ක් දක්වා ඉහළ ගිය අතර කොරියානු යුද සමයේ සෞභාග්‍යය කෙළවරවීමත් සමඟ රුපියල් මිලියන 30 බැගින් එම ශේෂය සිඳී ගියේය. 1953 ජූලි අය - වැය ඉදිරිපත් කරන විට එය රුපියල් මිලියන 676 දක්වා පහත වැටී තිබිණි.
ඒ අතර ධාන්‍ය සඳහා අප ගෙවූ මිල වැඩි වූ අතර රබර් වලින් අප ලද ආදායම අඩු විය. හුදෙක් සියලුම විදේශ සබඳතා බටහිරට යොමු වී තිබිණි. ඇමරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 50 ක ආධාර ලබා ගැනීමටත්, තේ හා රබර් වලට වැඩි මිලක් ලබා ගැනීමටත් ගත් පරිශ්‍රමයත් නිෂ්පල විය.
ලෝක බැංකුවේ උපදෙස්
ලංකාව 1950 සිට ලෝක බැංකුවේ සාමාජිකත්වය ගෙන තිබිණි. ලෝක බැංකුව විසින් මහජන සුබසාධන කටයුතු කපා හැර, සමාජ ආරක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කිරීම නතර කරන්න යෑයි ආණ්ඩුවට නිර්දේශ කරනු ලැබීය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1953 අය - වැය ලේඛනයෙන් පාසල් දිවා ආහාර වේල කපා හරිනු ලැබීය. අනාථ ආධාර දීමනා අඩු කරනු ලැබී ය. දුම්රිය ගාස්තු වැඩිකරනු ලැබී ය. තැපැල් ගාස්තු වැඩිකරනු ලැබීය. ආහාර සහනාධාර රුපියල් මිලියන 300 සිට 160 දක්වා 50% ක් පමණ අඩු කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සහල් සේරුවක මිල ශත 25 සිට ශත 70 දක්වා වැඩි විය. (මෙය ද ප්‍රමාණවත් නොවන බව ඡේ. ආර්. ජයවර්ධන මුදල් ඇමැතිවරයා පැවැසීය).
එකල දිවයිනට පැමිණ සිටි ලෝක බැංකු නියෝජිත පිරිසේ නායක සර් සිඩ්නි කේන් මෙම අය - වැය යෝජනා නිර්භීතව පිළියෙල කළ එකකැයි ප්‍රසංශා කරනු ලැබීය. එහෙත් මහජනතාවගේ ප්‍රතිචාරය මීට මුළුමනින්ම වෙනස් විය.
ප්‍රථම වතාවට ලෝක බැංකුවේ උපදෙස් අනුව සකස් කළ අය-වැය යෝජනා
පොදුවේ මේ කරුණු සියල්ලෙන් විශේෂයෙන් සහල් මිල වැඩිවීමට විරුද්ධව පුළුල් උද්ඝෝෂණ ඇති විය. ආහාර සලාකය ජාත්‍යන්තර වෙළඳ පොළේ මිල ගණන් වලට වඩා අඩුමුදලකට ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ පොරොන්දුවක් විය. 1952 අගෝස්තු 1 වැනි දින එක්සත් ජාතික පක්ෂ පුවත්පත වූ "සියරට" සඳහන් කළේ මේ ආණ්ඩුව පවතිනතාක් කල් හාල් සේරුව ශත 25 ක් බවයි. ලෝකයේ ආහාර තත්ත්වය කුමක් වුවත් ලක්වැසියා හාමතේ නොතබන බවයි. මේ සඳහන් හුදෙක් මැතිවරණ ජයග්‍රහණ සඳහා කරනු ලැබූ අතිශයෝක්ති ප්‍රකාශන වුවත් එම සහනාධාරය සදාකාලික නොවුවත් තව බොහෝ කලක් ඒ අයුරින්ම පවත්වාගෙන යනු ඇතැයි යන්න ජනතා විශ්වාසය විය.
වමේ වෘත්තීය සමිති විසින් කැඳවන ලද සාකච්ඡාවකින් පසු අය-වැය යෝජනාවලට ප්‍රථමයෙන් විරෝධයට එක්වූයේ සංවිධානය වූ කම්කරු පිරිසයි. අනතුරුව ලිපිකරු හා ගුරුවරුන්ද සහනාධාර ලැබූ ගොවියන් ද, ධීවරයන් ද ඇතුළු සියලුම ජන කොටස් මෙම විරෝධතාවයට එක් වූහ. ගම්සභා. සුළු නගර සභා, මහ නගර සභා, ආයතනවල නියෝජිතයන් ද අය-වැය යෝජනාවලට විරෝධය පෑහ. ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලපිටිය, ගාල්ල, මාතර, අනුරාධපුරය, බදුල්ල, යාපනය, මඩකලපුව, ඇතුළු රටේ ප්‍රධාන නගර වල විරෝධතා ව්‍යාපාර පැවැත්වීය. මෙයට විරුද්ධව ජූලි 21 වැනි දින වරාය කම්කරුවන් පැය 3 ක් සංකේත වර්ජනයක යෙදුනාහ. රත්මලානේ දුම්රිය කම්කරුවෝ ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය වටලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළහ. සමහර ප්‍රදේශවල ජනතාව තම පෙදෙස්වල මන්ත්‍රී නිවාස වටලා විරෝධය පෑහ. හැට දහසකගේ අත්සනින් යුතු පෙත්සමක් අග්‍රාමාත්‍යවරයා වෙත පෙළපාලියෙන් ගොස් බාර දුන්හ.
අයවැය විවාදයට ගනු ලැබූ ජූලි 23 වැනි දින වමේ පක්ෂවල මෙහෙයවීම යටතේ විරුද්ධ පක්ෂ විසින් සංවිධානය කළ විරෝධතා රැලියක් පාර්ලිමේන්තුව අබියස ගාලු මුවදොර පැවැත්විණි. අහුන්ගල්ලේ ද මෙවැනි විරෝධතා රැලියක් විය. ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා විප්ලවකාරී සම සමාජ පක්ෂය යන වමේ පක්ෂ විසින් මෙහෙය වූ වෘත්තීය සමිති එම ව්‍යාපාරය සංවිධානය කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එය අනුමත කළ ද ක්‍රියාත්මක සහායක් දෙනු නොලැබීය. ලංකා ඉන්දියානු සංගමය හර්තාලයට සහභාගිවීම ප්‍රතික්ෂේප කළ ද විරෝධතා රැස්වීම්වලට සහභාගි වන බව දැන්වීය. මේ අතර අගෝස්තු මස 7 වැනිදා 1953/1954 අය-වැය යෝජනා පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අතර වැඩි ඡන්ද 23 කින් දෙවැනි වර කියවා සම්මත කර ගැණිනි.
හර්තාල් දිනය
1953 අගෝස්තු 12 වැනි දින හර්තාලය පැවැත්විණි. විවිධ වෘත්තීය සමිති එක්ව හර්තාලය මෙහෙයවනු ලැබීය. වමේ පක්ෂ එය සංවිධානය කරනු ලැබීය. පුළුල් සහායක් ලැබුණි. දුම්රිය, බස්රිය ධාවනය ඇන හිටිනි. දොම්පෙ, අම්බලන්ගොඩ, බලපිටිය, කොස්ගොඩ, නුගේගොඩ ප්‍රදේශවල ජනතාවගේ ක්‍රියාකාරී සහාය විශේෂයෙන් කැපී පෙණුනි. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල හර්තාලය අතිශයින් සාර්ථක විය. නැගෙනහිර පළාතේ හැර දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ උද්ඝෝෂණ ව්‍යාපාර පැවැතුණි. කැබිනට් මණ්ඩලය හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇඳිරි නීතිය පැනවීමේ තීරණය ගනු ලැබුවේ ද වරායෙන් ඈත නවතා තිබූ එච්.එම්. එස්. නිවුපවුන්ස් නම් යුද නැවේදී ය. රජය හර්තාලයට මුහුණ දෙනු ලැබුවේ ප්‍රචණ්ඩකාරී ස්වරූපයෙනි. පොලිස් රාජ්‍යයක ස්වරූපයෙනි. එහි ප්‍රතිඵලය වූයේ මහජනතාව ද ප්‍රචන්ඩකාරී ස්වරූපයකින් ඊට මුහුණ දීමය. එහෙයින් මහජන දේපළ, රජයේ ගොඩනැඟිලි හා ප්‍රවාහන දේපළවලට දැඩි ලෙස අලාභහානි සිදු කළහ. රජය හා රජයට හිතවාදී පුවත්පත් මෙය දුටුවේ දාමරිකකම් පුළුල් ලෙස පැතිරීමක් ලෙසිනි. එහෙත් හර්තාලය නියම ජනතා නැගිටීමක් විය. ආණ්ඩුව මැතිවරණ පොරොන්දු කඩකිරීමට එරෙහිව, ජනතාවගේ නැගීසිටීම තුට්ටුවකට මායිම් නොකිරීම හේතු කොට ගෙන කෝපාවිශ්ඨ වූ ජනතාවගේ සැබෑ විරෝධය පළ කිරීමක් වූහ.
12 වැනි දා පැවැති හර්තාලය 13 වැනිදා තෙක් පැවැතුණි. නිදහසින් පසු පත්වූ ආණ්ඩුව ප්‍රථම වතාවට ජනතාවට වෙඩි තැබීමට නියෝගය දුනි. නව දෙනෙකු පොලිස් වෙඩි පහරින් මිය ගියහ. හදිසි නීතිය හා මහජන ආරක්ෂක පනත යටතේ හර්තාලයට සම්බන්ධ ක්‍රියාකාරී කොටස් අත්අඩංගුවට ගැනුණි. දේපළ රජයට පවරා ගැනීම් සෝදිසි කිරීම් සිදු කෙරුණි. තැන තැන ඇඳිරි නීතිය පැනවුණි. වාමාංශික පුවත් පත් තහනම් කෙරුණි. ආණ්ඩු පක්ෂ පුවත්පත් පමණක් පළවුණි. එම පුවත්වල ප්රවෘත්ති සියල්ලම පාහේ හර්තාල් විරෝධී විය. හර්තාලය තවදුරටත් ඉදිරියට ගෙන යැම අනතුරක් වශයෙන් දුටු ඇන්. ඇම්. පෙරේරා (ල.ස.ස.ප.) පිලිප් ගුණවර්ධන (වි.ල.ස.ස.ප.) පීටර් කේනමන් (කො.ප.) යන මහතුන් විසින් හර්තාලය නවත්වන ලෙස ආයාචනය කරනු ලැබීය. ඒ ආයාචනය මෙසේය. 1953 අගෝස්තු මස 12 වැනිදා හර්තාල පවත්වන ලෙස කරන ලද ඇයෑදුමට අනුව අනර්ඝ අන්දමින් ක්‍රියා කිරීම ගැන අපි ලංකාවේ බහු ජනතාවට ප්‍රශංසා කරමු. සහල් ඇතුළු සහනාධාර ඉවත් කිරීම ගැන විරෝධය දැක්වීමේ දී ජනතාවගේ ශක්තිය හා සමඟිය පළ කිරීමට අපට පුළුවන් විය. ආණ්ඩුව බියෙන් තැති ගෙන හදිසි අවස්ථාවක් පැන නැගී ඇති බව ප්‍රකාශයට පැමිණවීමෙන් රට පාලනය කිරීමට ස්වකීය අසමත් බව ප්‍රකාශ කළේය. පොලිසියේ හා ආණ්ඩුවේ ප්රකෝපකිරීම් වලට හසු නොවන ලෙස හැම දෙනාගෙන් ම ඉල්ලා සිටිමු. මුලින් නිවේදනය කළ පැය 24 ක හර්තාලය (අද බ්‍රහස්පතින්දා) උදේ අවසන් විය. එබැවින් නැවත වැඩට ගොස් තම තමන්ගේ කටයුතු කරගෙන යන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු.
එහෙත් සේවාවන් යථා තත්ත්වයට ගෙන ඒමට දින ගණනාවක් ගත වනු දැකිය හැකිය. වැඩ වර්ජන ජනතාවට අලුත් දෙයක් නොවීය. හර්තාලය ජනතාවට අලුත් දෙයක් විය. හර්තාලයේ දී වැඩ නැවැත්වීම වැදගත් ස්ථානයක් ගන්නේ වී නමුත් එය ප්‍රධාන වශයෙන් වැඩ වර්ජන සටනක් නොවී ය. කම්කරු ජනතාවට පිටින් සිටින පළාත්වල ජනතාව සහභාගී කරවා ගෙන කළ සටනක් විය. කවදාවත් මෙවන් විරෝධයක් අත් නුදුටු ජනතාව මෙම විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දුන් වමේ ව්‍යාපාරයට මහජන විශ්වාසයත් ප්‍රසාදයත් පළ කළහ.
හර්තාලයේ දොaංකාරය
අනෙක් අතට හර්තාලය ඉක්මනින් අවසන් වුවද හර්තාලයේ දොaංකාරයෙන් රජය දෙදරා ගියේය. මෙහි ප්‍රතිඵල බලාපොරොත්තු වූවාට වඩා බරපතළ විය. හර්තාලයෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටතත් හඬක් නැඟීමට වාමාංශික කොටස් සමත් වූහ. 1953 අගෝස්තු 18 වැනි දා මහජන ආරක්ෂක පනත් විවාදයේ දී රජයට විරුද්ධව දැඩි ප්‍රහාරයක් එල්ල කළ වාමාංශික නායකයන් හර්තාලයේ දී සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා හමුදාවේ හා පොලිසියේ ප්රකෝපකාරී ක්‍රියා වලට විරුද්ධව ආත්ම ආරක්ෂාව පතා මහජනතාව දැක් වූ ප්‍රතිචාරයක් ලෙස හඳුන්වා දෙනු ලැබීය. හර්තාලයට හේතු වූ කරුණු පිළිබඳව විවාදයක් සැප්තැම්බර් පළමු වැනි දින පැවැත්විණි. එහි දී පොලිස් හා හමුදා වෙඩි පහරින් මිය ගිය ජීවිත වලට රජය වගකිව යුතු බවත්, 1915 මෙපිට සිදු වූ විශාලතම මිනිස් ඝාතනය එය බවත් හඳුන්වා දෙනු ලැබීය. අගමැතිවරයා ද දැඩි ලෙස දොaශ දර්ශනයට භාජන කරනු ලැබීය. 1953 හර්තාලය කම්කරු පංතියේ ආර්ථික අරගලය දේශපාලන අරගලයක් දක්වා වර්ධනය වූ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැක. එහි ප්‍රතිඵලය වූයේ අග්‍රාමාත්‍යවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමයි. සර් ජෝන් කොතලාවල මහතා අගමැති තනතුරට පත් විය. ඔහු විසින් මුදල් ඇමැතිවරයාව සිටි ඡේ. ආර්. ජයවර්ධන මුදල් ඇමැති ධුරයෙන් ඉවත් කරනු ලැබූ අතර ඔහු කෘෂිකර්ම අමාත්‍ය ධුරයට පත් කළේය. ඔක්තෝබර් 13 වැනිදා සිට ශත 75 ක් වූ හාල් සේරුව ශත 55 දක්වා අඩු කරනු ලැබීය. 1956 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ පරාජයට මග පෑදුනේ අගෝස්තු හර්තාලයයි.
එස්. සුදසිංහ
Lanka Journalist's Admin
පවතින දේශපාලන වාතාවරණය පිළිබදව සත්‍ය දැනගැනිම ජනතාවගේ අයිතියකි එය ජනතාවට වාර්තා කිරීම මාධ්‍යවේදීන්ගේ අයිතියක්.
Subscribe to:
Post Comments (Atom)
-
ආර්ට් ගැලරි එකක් කරන කෙනෙක් විදියට මාව තෝරා ගත්තට Thank you ඉරාජ් -මගේ බුද්ධිමය දේපළ කොල්ලකෑවාට ඉරාජ්ට එරෙහිව අනිවාර්යෙන් නඩු පවරනවා ...
-
උපාලි ජයසිංහ - ඔබ මෙි කතාව දැනටමත් මෙි සමාඡඡාලයෙන් අහල බලල ඇති. එත් අපි ඒක නැවත ලියන්නෙ යමි මිනිහෙකුගේ සුලු ක්‍රියාවකින් එක් දුක්විදින ඡ...
-
Sanka Kirindiwela | සංඛ කිරිඳිවැල boondi.lk "ගරිල්ලා" යනු යුධමය අර්ථයෙන් ජනප්‍රිය වූ වචනයකි. කලාකරුවෙකු "ගරිල්ලෙක්" ...

web Archive
-
▼
2016
(114)
-
▼
July
(36)
- දුමින්දගේ ආටක නාටක
- ලේ සුවඳට ඉව ඇල්ලීම (කැනහිලෙක්ගේ නීච ප්‍රකාශය)
- රට කැළඹූ බොරු පොරොන්දු දේශපාලනය.
- සහල් මිල හා ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට එරෙහිව ඇරඹ...
- අවුරුදු ගාණක් තිස්සෙ දෙවැනි නවකතාව වටේ කැරකෙමින් හ...
- 1948 පෙබරවාරි 04 දා පැවති ප්‍රථම නිදහස් දින උත්සව...
- වසර 33 කට පෙර සිදු වු කළුජූලිය සියෑසින් දුටුවෙමි
- ජනාධිපති ප්‍රේමදාස වාරණය කළ මැතිව් පීරිස් නඩු වි...
- චිං චිං නෝනා ගියා ටොම් පචයා ආවා
- ඒ පාද යාත්‍රාවයි මේ පාද යාත්‍රාවයි - උපුල් ජෝශප් ප...
- ගඳගහන තරමට කුණුවී සිටියදීත් රටට එපා නොවූ සරත් සිල්...
- බණ්ඩාරනායක ඝාතනයට තල්දුවේ සෝමාරාම එල්ලා මරන්නට කල...
- ලිවීම ලෙඩකි; කැසිල්ලකි; දැවිල්ලකි! - උපුල් ශාන්ත ...
- එන්.එම්.ගේ. කකුල බලා කියූ ශාස්ත්‍රය
- එදා ඉරාකයේ සදාම් හුසේන්ගෙ පිලිරුව බිද දාපු කෙනා දැ...
- කලාවැවේ ගොවියකුගෙන් ප්‍රේමදාසට උපදෙසක්
- 2001 දී පොදු පෙරමුණු ජ.වි.පෙ. පරිවාස ආණ්ඩුව බිඳ ව...
- 1983 සිට ශ්‍රී ලංකා පාලන තන්ත්රයේ මන්ත්‍රීන් සංඛ්...
- රනිල් සහ අර්ජුන් කරපු සෙල්ලම....(කාටුන් ඇනිමේෂන්)
- නඩුවනම් හරි, ගහපු බදුවලට මොකද වෙන්නේ!
- සත්හඬ මාධ්‍යවේදී දයා නෙත්තසිංහට කළ මැර පහරදීම
- කොටකෙතන නන්දගේ ජීවිතය සමාජයක් විසින් විනාශ කළ වගයි...
- බැඳුම්කර මගඩියේ සම්පූර්ණ වාර්තාවක් සිරස හෙළි කරය...
- 2006 මහින්දයි 2016 මෛත්‍රියි - උපුල් ජෝශප් ප්රනාන...
- මහින්දානන්දගේ කැත
- ‘ලෙස්ටර් කපුටු බෝගහක්’ කියලා ලිව්වා | ඞී.බී. වර්ණස...
- පාර්ලිමේන්තුවේ පරිහානිය හා කුණුවීම -- වික්ටර් අයි...
- දේශපාලනය හරියට කොමඩු ගෙඩියක් වගෙයි උඩින් කොළපාට...
- මහ බැංකු අධිපති ගෙදර යවපු සංඝ සේනාපතිගේ සිංහ සරය -...
- මෙතෙක් ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකයෝ
- සෝමාරාමට මරණ දඬුවම ලබාදුන් බණ්ඩාරනායක ඝාතනය
- රට හොල්ලන කතා මවන මොකක්ද මේ කෝප් කමිටුව
- කළුවා මාරපන ගිය දේශපාලනය
- යහපාලනය ඇවිත් වසර 1 1/2 යි ....තාජුඩීන්, රවිරාඡ්ට ...
- අකාලයේ අතුරුදන් වූ ලංකාවේ ෆේස් බුක් වීරයා
- කොළඹ නගරයේ තාවකාලික ලැගුම්හල් සොයා ගිය ගමනක්
-
▼
July
(36)

Popular Post
-
Sunday,26 Jul 2015 වික්ටර් අයිවන් ශ්‍රී ලංකාවේ ආයතන ක්‍රමය සමග එම ආයතන ක්රමයේ මුදුනේ සිටින බොහෝ නාමධාරී පුද්ගලයන් කුණුවී තිබෙන තරම ...
-
නීතිඥවරුන් සහ විනිසුරුවරුන්ගේ පැටිකිරිය නීතිඥවරියක් වන සුගන්ධ්කා වර්ණකුලසූරිය විසින්ම කළ හෙලිදරව්ව
-
1977 පරාජය වෙලා ආසන 8ට බැහැල බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවට ආවේ නිකම්ම නිකන් අත්තනගල්ල මන්ත්‍රිවරිය ලෙසය. ඇයට විපක්ෂ නායක ධුරය හිමි නො...
-
කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක නිකං සුරංගනා කතාවක් වගේ එකක් කියලා. බප්පාදිත්‍ය බන්දෝපාද්‍යන් කියලා අධ්යක්ෂවරයෙක් හිටියා බෙංගාලයේ. ඔහු මගේ ...

Popular Posts
-
Sanka Kirindiwela | සංඛ කිරිඳිවැල boondi.lk "ගරිල්ලා" යනු යුධමය අර්ථයෙන් ජනප්‍රිය වූ වචනයකි. කලාකරුවෙකු "ගරිල්ලෙක්" ...
-
ඩොනමෝර් සාමිවරයා ප්රමුඛ ඩොනමෝර් කොමිෂන් සභාවේ යෝජනා අනුව ප්‍රථම මැතිවරණය 1931 ජුනි මාසයේදී පවත්වනු ලැබීය. ඒ තුළින් මන්ත්‍රීවරුන් 50 ක් ස...
-
බැන්ක්සි! එම නාමය බොහෝ රටවල් තුළ මතභේද, විවාද, සංවාද මෙන්ම කුතුහලයද එක සේ අවුුලූවා තබයි. බැන්ක්සි යනු වීදි කලාකරුවෙකුගේ පටබැඳි නාමයකි. ...
-
ඌව ඡන්දයට දින තුනකට පසුව හාලිඇළ පොලිස් මුරපොල ළඟදී ලංකාදීප ඇටැම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට පහර දීමට විරෝධය පා අද දහවල් 12ට කොළ...
-
සිරස මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි ට හාළිඇලදී එල්ල කල මැර ප්‍රහාරය සහ පසුගිය දිනවල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ උපුල් ජයසූරියට ...
-
අනුර සොලමන්ස් ඝනිකවාදී චිත්‍ර බොහෝ විට ත්‍රිමාන ස්වරූපයක් ගත්තේය. එම චිත්රවල අඩංගු සෑම වස්තුවක්ම කිසියම් පෙට්ටි හැඩයකින් යුක්ත ව...
-
1945 නොවැම්බර් මස 09 වැනි දින රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් වූ ඩොමීනියන් තත්ත්වය පිළිබඳ විවාදය පැවැත්විණි. මේ තීරණාත්මක අවස්ථාවේ මේ රට මු...
-
"චිං චිං නෝනා" යනු 1977 ජූනි 24 දා තිරගත වූ සිංහල සිනමා සිත්තමකි. "ටොම් පචයා" යනුද එම වසරේම නොවැම්බර් 11 වැනි දින ති...
-
මම පොත් ප්රකාශකයින්ගේ සංගමයේ ආරම්භක සාමාජිකයෙක්මි. කොළඹ පොත් ප්‍රදර්ශනය ආරම්භයේ සිට ම එහි සංහිඳ වෙනුවෙන් කුටියක් වෙන් කෙරිණි . මෙවර මා ...

No comments: