sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » 1983 සිට ශ්‍රී ලංකා පාලන තන්ත්‍රයේ මන්ත්‍රීන් සංඛ්‍යාව වැඩිවූ ආකාරය

ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට 19 වන සංශෝධනය සමග අනුපාතික ඡන්දක්‍රමය ප්‍රතිශෝධනය ලෙස ගෙන ඒම පිළිබඳ සංවාදයක්‌ පවතින අතරතුර පාර්ලිමේන්තුවේ දැන් සිටින මන්ත්‍රීන් සංඛ්‍යාව 225 සිට 250 දක්‌වා වැඩි කිරීමේ යෝජනාවක්‌ද සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී. මැතිවරණ ක්‍රමය පිළිබඳව මැතිවරණ කොමසාරිස්‌තුමාගේ යෝජනා 3 ක්‌ රජයට ඉදිරිපත් කර ඇති බවද මේ සමග වාර්තා විය.

ශ්‍රී ලංකාව පෘතුගීසි ලන්දේසි පාලන යුගවලින් පසුව 1815 මාර්තු 02 දින සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි යටත් විජිතයක්‌ බවට පත්වූ අතර ඉංග්‍රීසි ආණ්‌ඩුකාරයන් බ්‍රිතාන්‍ය රඡ්ජුරුවන් වෙනුවෙන් මෙරට පාලනය කරන ලදී. 1833 කෝල් බෲක්‌ පාලනය විසින් ප්‍රථම වරට ආණ්‌ඩුකාරයාට අමතරව නිලලත් මන්ත්‍රීන් 9 හා නිල නොලත් මන්ත්‍රීන් 06 යුත් 15 සමන් විත වූ ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ පත් කළේය. නිලධාරි 09 අමතරව සිංහල, ද්‍රවිඩ හා බර්ගර් ජාතීන් වෙනුවෙන් එක්‌ එක්‌කෙනා බැගින් 3 දෙනෙක්‌ද යුරෝපා ජාතීන් වෙනුවෙන් එක්‌ එක්‌ කෙනා බැගින් 03 දෙනෙක්‌ද යුරෝපා ජාතීන් වෙනුවෙන් 3 වශයෙන් 6 දෙනා පත් විය.

15 යුත් මන්ත්‍රීවරු ප්‍රමාණය නැවත 1910 කෲ මැකලම් ප්‍රතිසංස්‌කරණයෙන් පසුව 21 දක්‌වා වැඩිවී නිලලත් මන්ත්‍රී 10 හා නිල නොලත් මන්ත්‍රීන් 10 සහිත 21 යුත් මන්ත්‍රීවරු සංඛ්‍යාවක්‌ පත්විය. පළමුවරට සිටිති. ඡන්දයෙන් උගත් ලාංකික 01, යුරෝපීය 02 හා බර්ගර් 01 එක්‌ අයෙක්‌ වශයෙන් 04 දෙනෙක්‌ තෝරා ගන්නා ලදී.

මෙම මන්ත්‍රීන් සංඛ්‍යාව නැවත වැඩි වූයේ 1920 මැකලම් ආණ්‌ඩු ප්‍රතිසංස්‌කරණයත් සමගය. නිලලත් මන්ත්‍රීන් 14 හා නිලනොලත් මන්ත්‍රී 23 සහිත 37 දෙනකු මේ අවස්‌ථාවේ තෝරා ගත් අතර 16 දෙනෙක්‌ ඡන්දයෙන් තෝරා ගන්නා ලදී.

ආණ්‌ඩුකාරයා සහ නිලධාරීන්ගේ බලයට වඩා වැඩිබලයක්‌ දේශීය නියෝජිතයනට ඉල්ලා කරන ලද අරගල වල ප්‍රතිඵලයක්‌ වශයෙන් 1924 දී මැණිං ආණ්‌ඩුක්‍රමය ආරම්භ වූ අතර එහි මුළු මන්ත්‍රීන් 49 වී නිලලත් මන්ත්‍රීන් 12 හා නිල නොලත් මන්ත්‍රීන් 37 ක්‌ පත්විය. එම 37 න් 23 ක්‌ ප්‍රදේශ මුල ඡන්දයෙන්ද 11 ජාතීන් අනුවද තෝරා ගන්නා ලදී. 1924 මැණිං ආණ්‌ඩුක්‍රමය ක්‍රියාත්මක වන විට මෙරට ඡන්දය හිමි මුළු ඡන්ද දායක සංඛ්‍යාව 204957 තරම් වූ සුළුÊපිරිසකි. දේපල හා උගත්කම මෙන්ම ස්‌ත්‍රී පුරුෂ භාවය ද ඡන්දය හිමිවීමේ සාධක ලෙස සැලකීම මෙසේ ඡන්ද අඩුවීමට හේතුවයි.

ශ්‍රී ලංකාවේ ජනතාව සර්වජන ඡන්ද බලය ලැබුණ 1931 වන තෙක්‌ මෙරට ජනතාව අතරින් ව්‍යවස්‌ථාදායක ක්‍රියාවලියට සම්බන්ධ වූ මන්ත්‍රීන් සංඛ්‍යාව මේ අනුව 49 කි. 1833 දී 15 දෙනෙක්‌ වූ මන්ත්‍රීන් ගණන අවුරුදු 91 කට පසුව 1924 දී 49 ක්‌ වීම මේ අනුව දැකිය හැක.

1931 ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය සමග සර්වජන ඡන්ද බලය ජනතාවට හිමි වූ අතර 1936 ඩොනමෝර් ආණ්‌ඩුවේ දෙවැනි අවස්‌ථාව වන විට ඡන්ද දායක සංඛ්‍යාව ලක්‍ෂ 21 තරම් විය. එසේම පිහිටුවන ලද රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීන් 61 තෝරා ගත් අතර ඉන් 50 සර්ව ජන ඡන්දයෙන් තෝරා ගැනීම සිදු විය.

මෙලෙස රටේ ජන සංඛ්‍යාව මෙන්ම ඡන්ද සංඛ්‍යාවද වැඩිවෙද්දී මහජන නියෝජිතයන් සඛ්‍යාවද වැඩිවීම අවශ්‍ය සාධකයකි. මේ අනුව 1947 සෝල්බරි ව්‍යවස්‌ථාව යටතේ පැවැති මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුව යටතේ මන්ත්‍රී ධුර 101 දක්‌වා වැඩි විය. මහජන ඡන්දයෙන් 95 හා ආණ්‌ඩුකාරයා විසින් (පසුව අග්‍රාණ්‌ඩුකාර වරයා) 06 අගමැතිගේ උපදෙස්‌ මත පත් කරන ලදී. මේ අනුව 1947 වන විට මුළු ඡන්ද දායක සංඛ්‍යාව 3048145 දක්‌වා වැඩිවී තිබිණි.

1952 මෙන්ම 1956 මහ මැතිවරණයේදීත් මෙලෙස මන්ත්‍රී 95 ඡන්දයෙන් යුත් හා 06 අග්‍රාණ්‌ඩුකාරවරයා පත්කරන ලද්දේය. නිදහසින් පසුව ආණ්‌ඩුකාර පාලනය අහෝසි වූ අතර නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයේ මන්ත්‍රීන්ගේ බහුතරය දිනා ගන්නා පක්‍ෂයේ නායකයා අගමැති වශයෙන් පත්වී සුදුසු ඇමතිවරුන් තෝරා ගෙන කැබිනට්‌ පාලනයන් පවත්වා ගෙන යැම සිදු විය.

මෙලෙස 1956 මැතිවරණයේදීද පාර්ලිමේන්තු මහජන නියෝජිත සංඛ්‍යාව 101 ක්‌ වූ අතර එම සංඛ්‍යාව වැඩි වූයේ 1960 මාර්තු 19 පැවති මැතිවරණයත් සමගය. එම මැතිවරණයේදී තෝරාගත යුතු වූ මන්ත්‍රීන් සංඛ්‍යාව 151 වූ අතර ඡන්ද කොට්‌ඨාස 145 කින් බහු ආසනද සහිතව 151 මන්ත්‍රීන් තෝරා ගත යුතු විය. මැතිවරණයෙන් පසුව 6 දෙනෙක්‌ අගමැතිගේ උපදෙස්‌ මත අග්‍රාණ්‌ඩුකාරවරයා පත්කරනු ලැබූ අතර ඒ අනුව මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 157 ක්‌ විය.

එක්‌ එක්‌ අවස්‌ථාවේදී මුළුÊමන්ත්‍රීන් සංඛ්‍යාව හා මුළු ඡන්ද සංඛයාව වැඩිවූ අයුරු. (වගුව බලන්න)

දක්‌වා ඇති සංඛ්‍යා ලේඛන අනුව 1989 දී පළමුවරට අනුපාත ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක වූ මැතිවරණයේදී මන්ත්‍රීවරු 196 ක්‌ අනුපාත ඡන්දයෙන් තෝරා ගත් අතර 29 ජාතික ලැයිස්‌තුවෙන් පත්කර මුළු සංඛ්‍යාව 225 ලෙස තෝරා ගන්නා ලදහ. 1989 දී ඒ වන විට ඡන්ද දායක සංඛ්‍යාව 9375742 ක්‌ වූ අතර 2010 අප්‍රියෙල් 8 වන දින අවසාන මහ මැතිවරණ අවස්‌ථාව වන විට ඡන්ද දායක සංඛ්‍යාව 14088500 ක්‌ තරම් විය. නමුත් තෝරා ගත යුතු මන්ත්‍රීන් සංඛ්‍යාව 225 කි. අවසාන ජාතික මැතිවරණය වූ 2015 ජනවාරි 8 පැවැති ජනාධිපතිවරණය වන විට ශ්‍රී ලංකාවේ ඡන්දදායක සංඛ්‍යාව 15044490 ක්‌ වී ඇති අයුරු පෙනේ. ඒ අනුව ඊළඟ මහ මැතිවරණ අවස්‌ථාව වන විට මෙයට තවත් ලක්‍ෂ කීපයක්‌ එකතු වනු ඇත. නමුත් 1989 මෙපිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව වැඩිවී නැත. අවුරුදු 25 ක්‌ තිස්‌සේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව වෙනස්‌ නොවුවද ඡන්ද දායකයින් සංඛ්‍යාව ලක්‍ෂ 57 කින් වැඩිවී ඇත. ඊළඟ මැතිවරණය වන විට මෙය තවත් වැඩිවේ. ඒ අනුව මැතිවරණ ක්‍රමය වෙනස්‌වීම සමග මන්ත්‍රීධුර සංඛ්‍යාවේද වැඩිවීමක්‌ සිදුවීම තර්කානුකුල තත්ත්වයකි.

සමරසේන මුදලිගේ

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..