ඒ මහින්දානන්ද අලූත්ගමගේ ටයිකෝට් හැඳ රටටම ටෙලිවිෂන් නාලිකාවක් හරහා තමාගේ හැදියාව පෙන්වූ අයුරුය. නාවලපිටිය වේදිකාවල ඡුන්ද ගැනීම සඳහා තම බිරිඳගෙන් වෙන්වීමට හේතුයැ’යි අශෝභන කතා ජනතාව ඉදිරියේ දුක් මුහුණක් දමාගෙන කියූ අලූත්ගමගේට මෙවැනි කතා අරුමයක්ද නොවේ. එහෙත් ඒවා තවදුරටත් අනුමත කළයුත්තේ ඇයි?
අලූත්ගමගේගේ කතාවට හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා දෙන පිළිතුරද මාධ්‍යයකින්ම අහුලා ගතහැකි විය. එය මෙසේය.
‘මගේ ආබාධිත තත්ත්වය උපතින්ම ආපු එකක්. මම අසූ අට අසූනවය කාලේ බෝම්බ ගහලා වෙච්ච දෙයක් නෙමෙයි. ඒ කාලේ මම ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්.
මගේ අත්දෙකේ තියෙන ආබාධිතකම කකුල් දෙකෙත් තියෙනවා. මේක උත්පත්තියෙන් තියෙන එකක්. සමහර ඇමතිවරු මාධ්‍ය සාකච්ඡුාවකදී මගේ ආබාධ ගැන හින්ට් එකට කියනවා. මේ මට උපතින් ලැබිච්ච හැටි. මම ඒ ගැන කම්පා වෙන්නෙ නෑ.’
මහින්දානන්ද සහ සුනිල් තෝරා බේරා ගැනීමට මේ කතා දෙක ඕනෑවටත් වඩා වැඩිය. එහෙත් අලූත්ගමගේගේ කතාවෙන් මැවෙනුයේ මේ රටේ දේශපාලකයන් මෙරට දේශපාලනය වැදි යුගයටත් අන්ත තැනකට රැුගෙන යන බව නොවේද? ආබාධිතකමටත් සමච්චල් කරන දේශපාලකයන් කුමකටද? ඔවුන්ගේ මුළු ශරීරයම ආබාධිතය. ඇත්ත එයය. එය වසා ගන්නට ඔවුහු අනුන්ගේ අත්ඔසවන්නැයි කියති. අලූත්ගමගේ හඳුන්නෙත්තිට කළ ප්‍රකාශයට ඔහු ප්‍රසිද්ධියේම සමාව ගත යුතුව ඇත. එසේ නොවන්නේ නම් අලූත්ගමගේ මන්ද මානසිකයකුයැ’යි ජනතාව සිතනු නියතය.
No comments: