lanka Journalist - Sri Lanka Reporters and Sri Lankan journalists political news

sinhala

  • Breaking News

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    facebook

    Wednesday, July 13, 2016

    නඩුවනම් හරි, ගහපු බදුවලට මොකද වෙන්නේ!

    ඊයේ (12 දා) සියලුම පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂ පාඨය වී තිබුණේ ශේ්‍රෂ්ඨාධිකරණය විසින් වැට්‌ බද්ද අත්හිටුවනු ලැබූ ප්‍රවෘත්තියයි. වැට්‌ බද්දට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක්‌ ගොනුවී තිබිණි. ඒවා ඉදිරිපත් කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු තවත් තිදෙනකුය.

    ඒ අනුව රටේ විශාල කලබගෑනියක්‌ ඇතිකරන්නටත්, ජනතාවට විශාල පීඩනයක්‌ ඇතිකරන්නටත් පටන්ගෙන තිබූ වැට්‌ බද්ද අදාළ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නාතුරු අත්හිටුවීමට ශේ්‍රෂ්ඨාධිකරණය කටයුතු කළේය. අප විශ්වාස කරන්නේ මෙය ආණ්‌ඩුවට යමක්‌ හිතන්නට තරම් දෙයක්‌ ඉතුරු කළ තීන්දුවක්‌ බවය. ආණ්‌ඩුව පසුගිය කාලයේ ගන්නා ලද තීන්දු තීරණ බොහොමයක්‌ විවාද සම්පන්නය. කොටින්ම කීවොත් හිතුවක්‌කාරය.

    නිවැරැදිව කීවොත් ජනවාරි අටවැනිදාට පෙර රටේ ජනතාවට දී තිබූ පොරොන්දුවලට පයින් ගැසීමක්‌ය. කොළේ වසා ගැහීමක්‌ය. අධිකරණය විසින් වැට්‌ බද්ද සහ ජාතිය ගොඩනැඟීමේ බද්ද අත්හිටුවීමට අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබ ප්‍රකාශ කළ දේ වැදගත්ය. එය ආණ්‌ඩුවට සිහිකැඳවීමක්‌ කරන ලද්දකි. ඒ අනුව "යහපාලන රජයක්‌ වුවද සිය කටයුතු කිරීමේදී නීතියේ හතර කොන ඇතුළත ක්‍රියාත්මක විය යුතු බවත් නීතියෙන් බාහිරව කටයුතු නොකළ යුතු බවත්" අධිකරණය ප්‍රකාශ කර තිබිණි.

    ආණ්‌ඩුව හිටිහැටියේ කරන අයවැය සංශෝධන ජනතාවට තේරෙන්නේ නැත. 2016 අයවැය ඉදිරිපත් කළ මොහොතේ සිටම සිදුවූයේ එයයි. ආණ්‌ඩුව ඉදිරිපත් කරන මිල සූත්‍ර පිළිබඳව ජනතාව දැනුම්වත් නැත. වැට්‌ බද්ද පැනවූ පසු ගොඩනැඟුණු ජනතා විරෝධය නිසාම සමහර භාණ්‌ඩ හා සේවාවලට වැට්‌ බදු අයනොකරන්නේ යෑයි ආණ්‌ඩුව කීවේය. එහෙත් වෙළෙඳපොළේ එවැනි වැට්‌ අඩු කළ භාණ්‌ඩයක්‌ ගැන රටේ ජනතාව දැන සිටියේ නැත. ජනතාවටත් වඩා එය වඩාත්ම හොඳින් දැනී තිබුණේ ව්‍යාපාරික ප්‍රජාවටය. ව්‍යාපාරික ප්‍රජාව සිය කඩ සාප්පු වසා දමමින් වැට්‌ බද්දට එරෙහිව උද්ඝෝෂණය කරන්නට පටන්ගත්තේ ඉන් පසුවය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පනත ජුලි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් අනතුරුව ජුලි අවසානය වන විට එය ක්‍රියාත්මක කරන බව ආණ්‌ඩුව ස්‌ථිරවම කියන්නේය. එයින් පෙනෙන්නේ ආණ්‌ඩුව "වැට්‌ ගේම" අතහරින්නට සූදානම් නැති බවය. ඇත්ත වශයෙන්ම ආණ්‌ඩුව මේ සටනට සැරසෙන්නේ ජනතාව සමඟය. කලින් ආණ්‌ඩුව පෙරළන්නට කතා කළ වත්මන් ආණ්‌ඩුවේ උදවිය ඒ දිනවල ගැසූ බදු ගැන ඇඟේ මවිල් කෙලින් වන කතා කීහ. ඒ කියපු කතා අනුව මේ වන විට "බදු" යන වචනය ඉතිහාසයට එකතු විය යුතුය.

    කරුමෙකට මෙන් ඒ ආණ්‌ඩුවේ වැට්‌ බදුවලට එරෙහිව ජනතාව තබා විපක්‍ෂයවත් පාරට බැස්‌ස බවක්‌ කාටත් මතක නැති වීමය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 148 වගන්තිය අනුව පාර්ලිමේන්තුවට ඊට අදාළ පනතක්‌ ඉදිරිපත් කර එය සම්මත කර ගැනීමකින් තොරව වැට්‌ බදු පැනවීම නීති විරෝධී යෑයි පෙත්සම්කරුවන් කියන විට ආණ්‌ඩුව පාර්ශ්වයෙන් කීවේ වැට්‌ බදු අයකිරීම 2002 වර්ෂයේ සිට කළ බවය. එතරම් දුර අතීතයක වැට්‌ බද්දට එරෙහිව පෙළ නොගැසුණු ජනතාව දැන් උද්ඝෝෂණය කරන්නේ ඇයි දැයි යන්න වගකිව යුත්තන් අවබෝධ කරගත යුතුය.

    දැන් රටේ ජනතාවට ප්‍රශ්න කිහිපයක්‌ මතුව තිබේ. මෙම වැට්‌ බද්ද (පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත නොකළ) ක්‍රියාත්මක වූයේ පසුගිය මැයි දෙවැනිදා සිටය. බද්දේ තරම පසුගිය මාසයකුත් දින දහයක කාලය තුළ ජනතාව හොඳින්ම අත්වින්දේය. දුරකථන ගාස්‌තුවේ සිට තමන් පරිභෝජනය කළ සියලුම භාණ්‌ඩ හා සේවාවලට එය ඇතුළත්ව තිබිණි. කාපු බීපු දේ ගැන අමතක කරමු. දුරකථන බිල්පත් ගාස්‌තුවෙන් හෝ ඒ කොල්ලකෑ මුදල අඩු කරන්න වගකිවයුත්තන් සූදානම්ද?

    divaina -

    No comments:

    Post a Comment

    facebook

    Video

    lakdiva news

    root

    Culture