sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » මෙතෙක් ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකයෝ

පාර්ලිමේන්තු ක්‍රමය පවතින බ්‍රිතාන්‍යය වැනි රටවල විපක්‌ෂ නායක යනු මීළඟට පිහිටුවන ආණ්‌ඩුවේ අගමැතිවරයායි. ඡායා කැබිනට්‌ මණ්‌ඩලයක්‌ සහිතව විපක්‌ෂ නායක වරයා නායකත්වය දෙන්නේ ඊළඟ මැතිවරණයේදී රජයක්‌ පිහිටුවීම අරමුණු කර ගෙනය. 1947 සෝල්බරි ආණ්‌ඩු ක්‍රමය ආරම්භයේ පටන් ශ්‍රී ලංකාවේ ද පාර්ලිමේන්තුවේ විපක්‌ෂ නායක ධුරයට කැබිනට්‌ අමාත්‍යවරයකුට හා සමාන වරප්‍රසාද බලතල ව්‍යවස්‌ථා මගින්ම ලබාදී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ විපක්‌ෂ නායක ධුරය දරා අගමැති වූ අයද ජනාධිපතිවරු වූ අයද ඒ දෙකම නොලබා දේශපාලනය අවසන් කරගත් අයද දක්‌නට ඇත. සෝල්බරි ආණ්‌ඩු ක්‍රමය යටතේ 1947 ජුලි 23 සිට අගෝස්‌තු 20 දක්‌වා දින 19 තිස්‌සේ පැවැති ප්‍රථම මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‌ෂය වැඩි ආසන ගණනක්‌ දිනා ආණ්‌ඩුවක්‌ පිහිටුවන විට විපක්‌ෂ නායක ධුරය හිමි වූයේ ඊළඟට වැඩිම මන්ත්‍රී ආසන ගණනක්‌ වූ 10 දිනූ ලංකා සමසමාජ පක්‌ෂයේ නායක ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාටය. ඒ අනුව ආචාර්ය එන්. එම්. පෙරේරා 1947 සිට 1952 දක්‌වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්‌ෂ නායක ධුරය දරන ලද්දේය.

1952 මැයි 24 සිට 30 දක්‌වා දින 04 කදී පැවැති මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‌ෂය මන්ත්‍රීධුර 95 න් මන්ත්‍රීධුර 54 ක්‌ ලැබ ආණ්‌ඩු බලය ලබා ඩඩ්ලි සේනානායක මහතා අගමැති ලෙස පත්වූ අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයත් ලංකා සමසමාජ පක්ෂයත් මන්ත්‍රීධුර 09 බැගින් ඊළඟට වැඩිම මන්ත්‍රී ධුර ලැබූ පක්‌ෂ දෙක විය. නමුත් ලැබූ ඡන්ද අනුව ශ්‍රීS ල.නි. පක්ෂයට ඡන්ද 361250 ක්‌ ලැබී තිබුණ අතර ලංකා සමසමාජ පක්‍ෂයට ලැබී තිබුණේ ඡන්ද 305133 කි. ඒ අනුව මන්ත්‍රී ධුර සමාන වුවත් ඡන්ද සංඛ්‍යාව බහුතරය ලැබූ ශ්‍රීලනිපයේ නායක එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා විපක්‌ෂ නායක ලෙස කථානායක විසින් තෝරා ගන්නා ලදී. බණ්‌ඩාරනායක මහතා 1952 සිට 1956 දක්‌වා විපක්‌ෂ නායක විය. 1947 මැතිවරණයේදී විපක්‌ෂ නායක වූ ආචාර්ය එන්. එම්. පෙරේරාට මේ අනුව 1952 දී එම ධුරය අහිමි විය.

1956 මැතිවරණයේදී විපක්‌ෂ නායක බණ්‌ඩාරනායක වමේ බලවේග සමග එක්‌ව පාර්ලිමේන්තුවේ ආසන 95 න් 51 ක්‌ ජය ලබා අගමැති ධුරයට පත්වූ අතර පාලන බලය හිමිව තිබූ එ.ජා. පක්‍ෂයට අයත් වූයේ ආසන 08 කි. ආණ්‌ඩු පක්‍ෂය හැරුණුවිට ඊළඟට වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක්‌ හිමිවූයේ ලංකා සමසමාජ පක්‍ෂයට වූ බැවින් මන්ත්‍රී ධුර 14 ක්‌ ලැබූ එහි නායක ආචාර්ය එන්. එම්. පෙරේරා නැවත විපක්‍ෂ නායක වශයෙන් පත්විය. ඔහු 1956 සිට 59 දක්‌වා විපක්‍ෂ නායක ධුරය දැරීය.

බණ්‌ඩාරනායක ඝාතනයෙන් පසුව 1960 මාර්තු 19 වැනි දින පැවැති මහ මැතිවරණයේදී කොට්‌ඨාස 151 වූ මුළු ඡන්ද කොට්‌ඨාසවලින් ආසන 50 ජය ලැබූ එ. ජා. පක්‍ෂය ආණ්‌ඩු බලය ලබා ඩඩ්ලි සේනානායක මහතා අගමැති වෙද්දී ආසන 46 ලැබූ ශ්‍රී ල. නි. පක්‍ෂයේ නායකයා වූ සී. පී. ද සිල්වා විපක්‍ෂ නායක ධුරයට පත් විය. ඔහු 1960 මාස කීපයකට පමණක්‌ විපක්‍ෂ නායක විය.

1960 ජුලි 20 පැවැති මහ මැතිවරණයේදී ශ්‍රී ලනි පක්‍ෂය සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් තරඟ කර මැතිවරණ කොට්‌ඨාස 151 න් 75 ක්‌ ලබා සෙසු වමේ පක්‍ෂ සමග ආණ්‌ඩුවක්‌ පිහිටුවා අග්‍රාමාත්‍ය ලෙස සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය දිවුරුම් දෙද්දී ආසන 30 ලැබූ එ.ජා. පක්‍ෂය මීළඟ වැඩිම මන්ත්‍රී ධුර ලැබූ පක්‍ෂය වූයේ එහි නායක ඩඩ්ලි සේනානායක මහතා විපක්‍ෂ නායක ලෙස පත් විය. ඔහු 1960 සිට 1964 දක්‌වා විපක්‍ෂ නායක ධුරය හෙබවීය.

1965 මාර්තු 22 පැවැති මහ මැතිවරණයේදී ඡන්ද කොට්‌ඨාස 151 න් 66 ක්‌ ජයග්‍රහණය කළ එ. ජා. පක්‍ෂය සෙසු පක්‍ෂ ගණනාවක්‌ එකතු කර ගනිමින් සභාග (හත් හවුල් ආණ්‌ඩුව ලෙස නම් වූ) ආණ්‌ඩුවක්‌ ඇති කළ අතර ඩඩ්ලි සේනානායක මහතා එහි අගමැති වෙද්දී ශ්‍රී ලනි පක්‍ෂය තනි කර මන්ත්‍රී ධුර 41 හා සමගි පෙරමුණක්‌ ලෙස ඒකාබද්ධ වී විපක්‍ෂ නායක ධුරය සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට ලැබිණ. 1965 සිට 1970 දක්‌වා කාලය ඒ අනුව සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය විපක්‍ෂ නායක ධුරය දැරීය.

1970 මැයි 27 පැවැති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මන්ත්‍රී ධුර 151 න් 90 ක්‌ ලැබූ අතර සමගි පෙරමුණ ලෙස අනෙක්‌ වමේ පක්‍ෂ සමඟ ගත් විට මන්ත්‍රී ධුර 118 ක්‌ හිමි විය. මේ අනුව සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙද්දී විපක්‍ෂ නායක ලෙස පත්වීම් ලැබුවේ මන්ත්‍රී ධුර 17 හිමි වූ එ. ජා. පක්‍ෂයේ නායක ඩඩ්ලි සේනානායක නොව ඔහු විසින් නම් කළ එම පක්‍ෂයේ ඡේ. ආර්. ජයවර්ධන මහතා ය. ඡේ. ආර්. ජයවර්ධන මහතා 1970 සිට 1972 දක්‌වාත් 1972 ශ්‍රී ලංකාව ජනරජයක්‌a වූ පසු එතැන් සිට 1977 දක්‌වාත් එක දිගටම විපක්‍ෂ නායක ධුරය දරනු ලැබීය.

1977 ජුලි 21 පැවැති මහ මැතිවරණය වනවිට ඡන්ද කොට්‌ඨාස සංඛ්‍යාව 168 දක්‌වා වැඩි වූ අතර එම මැතිවරණයේදී එ.ජා. පක්‍ෂය මන්ත්‍රී ධුර 140 ක්‌ ජය ලැබීය. දෙවනුවට වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාව වූ මන්ත්‍රී ධුර 18 ලැබූ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණට විපක්‍ෂ නායක ධුරය හිමි විය. බලයේ සිටි ශ්‍රී ල. නි. පක්‍ෂයට හිමිවූයේ ආසන 08 කි. ඒ අනුව ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ ඒ. අමිර්තලිංගම් මහතා විපක්‍ෂ නායක ධුරයට පත් විය. ඔහු 1977 සිට 1978 දක්‌වාත් 1978 විධායක ජනාධිපති ආණ්‌ඩු ක්‍රමය යටතේ 1978 සිට 1983 දක්‌වාත් විපක්‍ෂ නායක ධුරය දරන ලද්දේය. ලංකාවේ සුළු ජාතික පක්‍ෂයකට විපක්‍ෂ නායක ධුරය හිමි වූ ප්‍රථම අවස්‌ථාව මෙය විය.

1977 බලයට පත් එ.ජා.ප. ආණ්‌ඩුව පාර්ලිමේන්තුවේ නිල කාලය අවසානයේ මැතිවරණයක්‌ පැවැත්වීම වෙනුවට 1982 දී ජනමත විචාරණයක්‌ මගින් පාර්ලිමේන්තු නිල කාලය තවත් අවුරුදු 06 ක්‌ දීර්ඝ කර ගන්නා ලදී. ඒ අනුව 1977 පත්වූ මන්ත්‍රීවරුම තවත් අවුරුදු 06 සඳහා වලංගු විය. නමුත් 1983 අගෝස්‌තු 05 වැනිදා ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත සිටින කිසිම ශ්‍රී ලාංකිකයකු රට දෙකඩ කිරීමට කටයුතු කිරීම ආධාර හෝ අනුබල දීම එවැනි ව්‍යාපාරවලට මුදල් ලබාදීම දඬුවම් ලැබිය යුතු වරදක්‌ කරමින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ගෙන එන ලද 06 සංශෝධනය සම්මත වූ අතර ඒ අනුව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ආරක්‍ෂා කරන බවට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු 1983 අගෝස්‌තු මාසයේදී යළිත් දිවුරුම් දිය යුතු විය. එසේ දිවුරුම් දීම ප්‍රතික්‍ෂේප කළ විපක්‍ෂ නායක ඇතුළු ද්‍රවිඩ එක්‌සත් පෙරමුණේ මන්ත්‍රීවරු 16 දෙනාම පාර්ලිමේන්තුව වර්ජනය කළ අතර මාස 03 ක්‌ නිවාඩු නොලබා මැති සබයට නොපැමිණීමකින් මන්ත්‍රී ධුර අහිමි විය. ඒ හේතුවෙන් විපක්‍ෂ නායක ධුරය ශ්‍රී ලනිපයේ එවක ජ්‍යෙෂ්ඨ නායකයකු වූ අනුර බණ්‌ඩාරනායක මහතාට හිමි විය. (සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතීන් අහිමි කර පාර්ලිමේන්තුවෙන් නෙරපනු ලැබීය.) අනුර බණ්‌ඩාරනායක මහතා 1983 සිට 1988 දක්‌වා විපක්‍ෂ නායක ධුරය දරනු ලැබීය.

1989 පෙබරවාරි 15 පැවැති මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂය ඒ වෙනුවට පැවැති මන්ත්‍රී්‍ර ධුර 225 න් (අනුපාත ක්‍රමයට පැවැති මැතිවරණය) 125 ක්‌ ජය ලබා පාර්ලිමේන්තු බලය ලබා ගත් අතර මන්ත්‍රී ධුර 67 ලැබූ ශ්‍රී ලනි පක්‍ෂය එහි නායිකා සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය විපක්‍ෂ නායිකාව ලෙස තෝරා පත් කර ගන්නා ලදී. (ප්‍රජා අයිතිය නැවත ලබා දුන්නීය) ඇය 1989 සිට 1994 දක්‌වා විපක්‍ෂ නායක ධුරය දැරීය.

1994 අගෝස්‌තු 16 දින පැවැති මහ මැතිවරණයේදී ශ්‍රී ලනි පක්‍ෂය ප්‍රමුඛ පොදු පෙරමුණ බලයට පත්වූ අතර මන්ත්‍රී ධුර 225 න් 105 ක්‌ පොදු පෙරමුණට ලැබිණි. එ. ජා. පක්‍ෂයට මන්ත්‍රී ධුර 94 ලැබිණි.

එ.ජා. පක්‍ෂයේ නායකත්වය ගාමිණී දිසානායක මහතාට හිමිව තිබූ අතර ඔහු විපක්‍ෂ නායක ලෙස තෝරාගනු ලැබීය. නමුත් 1994 ඔක්‌තෝබර් 24 වැනි දින කොළඹ තොටළඟදී ජනාධිපතිවරණ රැස්‌වීමක්‌ අමතන අතර සිදුවූ බෝම්බ පිපිරීමකින් මරණයට පත්වූයෙන් එජා පක්‍ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්‍ෂ නායක ධුරයට පත් විය.

2000 ඔක්‌තෝබර් 10 දින පැවැති මහ මැතිවරණයේදී පොදු ජන එක්‌සත් පෙරමුණ මන්ත්‍රී ධුර 107 හිමිවී බලයට පත්වූ අතර අග්‍රාමාත්‍ය තනතුරට රත්නසිරි වික්‍රමනායක මහතා පත් විය. විපක්‍ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරාපත් කර ගත් අතර එ. ජා. පක්‍ෂයට මන්ත්‍රී ධුර 89 හිමිව තිබිණ.

2001 දෙසැම්බර්Ê05 වන දින නැවත මහ මැතිවරණයක්‌ පැවැත්වීමට සිදු වූයේ ආණ්‌ඩුවේ බල තුලනය වෙනස්‌ වීම නිසාය. ඒ අනුව 2001 දෙසැම්බර්Ê05 දා පැවැති මහ මැතිවරණයේදී එ. ජා. පක්‍ෂයට ආසන 109 හිමි වූ අතර පොදු ජන එක්‌සත් පෙරමුණට හිමිවූයේ මන්ත්‍රී ධුර 77 කි. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ අතර රත්නසිරි වික්‍රමනායක මහතා විපක්‍ෂ නායක ධුරයට පත් විය.

2004 අප්‍රේල් 02 දින නැවත මහ මැතිවරණයක්‌ පැවැත්වීමට සිදුවූයේ ජනාධිපතිනිය හා එ. ජා. පක්‍ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති අතර පැවැති ගැටුම් සහගත තත්ත්වයයි. ඒ අනුව 2004 මහ මැතිවරණයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට මන්ත්‍රී ධුර 105 ක්‌ ද එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පෙරමුණට මන්ත්‍රි ධුර 82 හිමි විය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා නැවත විපක්‍ෂ නායක ධුරයට පත්විය. 2004 සිට 2010 දක්‌වාම විපක්‍ෂ නායක ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා 2010 මැතිවරණයේදී ලබාගත්තේ මන්ත්‍රී ධුර 45 කි. සන්ධානයට මන්ත්‍රී ධුර 115 හිමිවූ අතර මේ අනුව විපක්‍ෂ නායක වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා 2010 අප්‍රේල් 08 දින පැවැති මහ මැතිවරණයෙන් පසුව නැවත වරක්‌ තෝරාපත් කරගන්නා ලදී. 2015 ජනවාරි 09 දක්‌වා ඔහු විපක්‍ෂ නායක ලෙස කටයුතු කළේය.

සමරසේන මුදලිගේ

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply