sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » » එන්.එම්.ගේ. කකුල බලා කියූ ශාස්‌ත්‍රය

දේශපාලනයයි, ජ්‍යෙdතිෂයයි අතර පුදුමාකාර බැඳීමක්‌ තියෙන්නේ. නාම යෝජනා දෙන්නෙත් නැකතට. ප්‍රථම ජන රැලියක්‌ නැකතට. දේශපාලන කාර්යාලය විවෘත වන්නෙත් නැකතට. මැතිවරණ දින වකවානු යොදා ගන්නෙත් ජ්‍යෙdතිෂ්‍ය මතය විමසලා. ඒ විතරක්‌ද? දිනුවට පස්‌සේ මන්ත්‍රී මණ්‌ඩලයට යන්නෙත් නැකතට. ඇමැතිගේ දිවුරුමත් නැකතට. වැඩ භාර ගැනීමත් නැකතට.

නමුත් මේ නැකැත්වලට වැඩ කරල දිනුවොත් රාජ්‍ය සම්මාන, පැරදුණොත් නින්දා අවමන් එමටයි. අවසානයේදී පරාජිත අපේක්‍ෂකයාගේ සියලු දුක්‌ඛ දෝමනස්‌සයන් නැකැත්කරුගේ ගිණුමට බැර කරල දේශපාලන ඇත්තෝ ෂේප් වෙනවා.

සාමාන්‍යයෙන් අතබලා ශාස්‌ත්‍ර කියන්නෙ අත අල්ලාගෙන අත දිහා බලලනෙ. නමුත් එයින් පිටස්‌තරව අත නැතුව වෙනත් ශරීරාංග දිහා බලල ශාස්‌ත්‍ර කියපු ඇත්තොත් ඉඳල තියෙනවා. අහමු ඒ කතාව මොකක්‌ද කියල?

වසර 1956 සැප්. 24 දින එවකට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකතුමා වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා සිය දිවා ආහාරය රැගෙන මඳක්‌ විවේකයෙන් පසු වූ මොහොතක්‌. මේ වෙලාවෙ අපූරු අමුත්තන් දෙදෙනෙක්‌ එන්. එම්.ව මුණ ගැහෙනවා. එක්‌ අයෙක්‌ එන්. එම්. ගෙ ඉන්දියානු මිතුරෙක්‌ අනෙකා ඔහුගේ බ්‍රාහ්මණ තරුණ මිත්‍රයෙක්‌.

ඉන්දියානු මිතුරා හඬ අවදි කළා.

* අද මම ප්‍රසිද්ධ ශාස්‌ත්‍රකරුවෙක්‌ එක්‌කර ගෙන ආවා. මෙයාගෙන් එන්. එම්. ට පිළිවන් ශාස්‌ත්‍රයක්‌ අහල බලන්න"

* මම ශාස්‌ත්‍ර විස්‌වාශ කරන්නෙ නෑනෙ. එන්. එම්. ගෙ ක්‍ෂණික පිළිතුර වුණා.

* කමක්‌ නෑ. ආපු එකේ ශාස්‌තරයක්‌ බලන්න කියමු" ඒ වෙලාවෙ එන්. එම්. ගේ නිවසට පැමිණ සිටි විවියන් සහෝදරියගෙන් ලැබුණේ තල්ලුවක්‌.

* කෝ දෙන්න ඔබතුමාගෙ කේන්දරේ මම කිරි ගහට ඇන්න වගෙ කියන්නම්" ශාස්‌ත්‍රකරුගේ ඉල්ලීම විය.

* මට කේන්දරයක්‌ නැහැ. මම හත් මාසෙන් උපන් දරුවෙක්‌. අනෙක මට ශාස්‌තර ගැන විශ්වාසයක්‌ නෑ. එන්. එම්. ගේ විරෝධය

* කෝ එහෙනම් අත දෙන්න" ශාස්‌ත්‍රකරුත් ඇරියෙ නෑ.

* අත පෙන්නන්න මම සතුටු නෑ. ඕනම නම් මගෙ කකුල බලල ශාස්‌තරයක්‌ කියන්න" එන්. එම්.ගෙ සිනාව දෝරෙ ගලනව"

ඇන්නෑවයි" කිව්ව වගෙ ශාස්‌ත්‍රකරු ලත් අවසරයෙන් එන්. එම්. ගෙ එක්‌ කකුලක්‌ පෙරළමින් විමසිලිමත් වුණා. ඇස්‌. උඩ ගියා නළලේ ඉරි ටික අලුත් වුණා. මුහුණ බැරෑරුම් වුණා.

ෆ තමුන්නාන්සෙලාගෙ ආණ්‌ඩුවට තව එක දවසයි ආයුෂ තියෙන්නෙ. ආණ්‌ඩුව කඩා වැටෙනවා. මුළු රටම වැළපෙනවා. ඒත් තමුන්නාන්සෙලාට බලය ලැබෙන්නෙ නැහැ. වෙනත් පැත්තකට යනවා" ශාස්‌ත්‍රකරු කියාගෙන කියාගෙන ගියා.

නැවතත් එන්. එම්. ගෙ සිනා දොළ උතුරනවා. ඔය වාගෙ ශාස්‌තර මම හැමදාම අහල තියෙනවා." එන් එම්. ගෙ නෝක්‌කඩුව

යහළුවාත් සමග ශාස්‌ත්‍රකරුගෙ කාර්යය අවසන් වූයෙන් ඔහු යාළුවාත් සමග එන්. එම්. ගෙ නිවසින් සමුගත්තා. එන්. එම්. පාර්ලිමේන්තු ගියා. අගමැති බණ්‌ඩාරනායක එන්. එම්. ළඟට පැමිණ "බලනවකො මට වෙච්ච කරදරේ සභානායක කියනවා. ගෙදර යන්න එපාලු" බණ්‌ඩාරනායක මහතා අස්‌වැසූ එන්. එම්. මම මෙහේ ඉන්නම්. ඔබතුමා හවස්‌ යාමේ ගෙදර යන්න.

එන්. එම්. හමුවෙන්න ආ ශාස්‌ත්‍රකරු බණ්‌ඩාරනායක මහතාද හමු වී තිබුණි. සැප්තැම්බර් මාසය අපල බැවින් ලංකාවෙන් බැහැරවන ලෙස උපදෙස්‌ දී තිබුණි. අයවැය විවාදය පසු දිනට යෙදී තිබුණන් බණ්‌ඩාරනායක මහතා පසු වූයේ දෙගිඩියාවෙනි.

මෙදින රාත්‍රියේ එන්. එම්. ලෙස්‌ලි, විවියන් යුවළ සහ තවත් මිතුරන් කිහිප දෙනකු සමග එන්. එම්. ගේ සහෝදරියගේ නිවසේ සාදයකට සහභාගි වූහ.

සාදය අතරතුරදී රාත්‍රි 12 පසුවිය. " කෝ ශාස්‌ත්‍රකාරයාගෙ අනාවැකිය බොරු වුණානේ විවියන්ගෙ ඉහවහා ගිය සතුට වාන් දැම්මා. කාටත් ප්‍රශ්නයක්‌ වුණේ ශාස්‌ත්‍රය කුමක්‌දැයි කියලා. ශාස්‌තරය ලුණු ඇඹුල් ඇතිව විවියන් හැමෝටම බෙදුවාය.

ශාස්‌ත්‍රකරුගේ අනාවැකිය සැබෑ කරවමින් 1956 සැප්. 25 දින උදේ 10 ට බණ්‌ඩාරනායක මහතාට වෙඩි තැබූ පුවත පාර්ලිමේන්තුවේ ලේකම් වරයාගෙන් එවකට කථානායකවරයා වූ එම්. එස්‌. ඉස්‌මයිල් මහතාට දැන ගන්නට ලැබිණි.

නිහාල් විදානගේ
මුලාශ්‍රය - රතු සෙන්පතිනි විවියන්

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..