sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » » දේශපාලනය හරියට කොමඩු ගෙඩියක්‌ වගෙයි උඩින් කොළපාටයි යටින් රතුපාටයි ...අදටත් ගැලපෙන එදා කොල්වින් කී කතාව -- හොරණ සමාජ දේශපාලන අන්දරය

අලියකු මුල්කර ගනිමින් 1967 දී සිදුවූ ආන්දොaලනාත්මක සිද්ධියක්‌ නිසා හොරණ මිල්ලෑවත් එවකට හොරණ මන්ත්‍රී රත්නසිරි වික්‍රමනායකයත් අතිශය චිර ප්‍රසිද්ධියට පත් විය. හොරණ සමාජ දේශපාලන පසුබිම තුළ එදා සුවිශේaෂවූ මෙම සිද්ධිය එදා මෙදා තුර රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේශපාලන වේදිකාවේත් කිහිප වරක්‌ම රාව ප්‍රතිරාව නැංවූ වග අපට මතකය.

අපි ඒ අලි ජරමරය ගැන අද සිහිපත් කරමු.

ගමේ ප්‍රභූ නායකත්වයකින් හෙබි වික්‍රමනායක පවුල සතුව සිටි අලි ඇතුන් සංඛ්‍යාව මුණිදාස වික්‍රමනායක මහතාගේ හදිසි වියෝවත් සමග කිසියම් අවපාතයකට ලක්‌ව තිබිණි. දේශපාලන හා සමාජ මෙහෙවරෙහි නියුක්‌තිව සිටි රත්නසිරි වික්‍රමනායක මහතාට කාර්ය බහුල විය. සොහොයුරු පියදාස වික්‍රමනායක මහතා සහ රත්නසිරි වික්‍රමනායක මහතා අතරද ඉඩ කඩම් දේපළ පිළිබඳව යම් යම් ප්‍රශ්න මතු වූ වගද රහසක්‌ නොවීය.

මිල්ලෑවේ මහ ගෙදර සිටි "
හස්‌ති රාජයා"
 මේ ගැටුම් ගැන දැන ගෙන සිටියේ නැත. රත්නසිරි වික්‍රමනායක මහතා සන්තකයේ සිටි "
හස්‌ති රාජයා"
 එක්‌තරා දිනයක අතුරුදන්වීමේ සිද්ධිය මුළු රට පුරා පැතිර ගියේ ලැව් ගින්නක්‌ මෙනි.

අද මෙන් එදා විද්‍යුත් තාක්‌ෂණය ව්‍යාප්ත වී තිබුණේ නම් තත්ත්වය කෙබඳු දැයි සිතා ගත යුතුය.

එවකට හොරණ මන්ත්‍රී රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රධාන ආරක්‍ෂක වූයේ ඔහුගේ ඥති සොහොයුරු චන්ද්‍රසිරි බැද්දගේ නොහොත් දෙවැනි මහත්තයාය. අද මෙන් එදා ඇත්ත වශයෙන් දේශපාලනඥයන්ට රජයෙන් වැටුප් දීමනා වරප්‍රසාද හිමි ආරක්‍ෂයින් සිටියේ නැත. තමන්ගේ ඉතාම හිතවත් සගයකු හෝ සමීපතම ඥතියකු එදා ආරක්‍ෂක රැකවලා විය.

රත්නසිරි වික්‍රමනායක හොරණ ආසනයේ බොහෝ අවස්‌ථාවල හුදෙකලාවම ගමන් කළ පුවත් එමටය. ඥති සොහොයුරු චන්ද්‍රසිරි බැද්දගේ ආරෝහ පරිනාහ දේහයකින් යුත් හැඩි දැඩි පුද්ගලයකු විය. "
අලි හොරකම"
 ගැන වැඩියෙන්ම සංත්‍රාසයට පත්වූයේ දෙවැනි මහත්තයා නොහොත් චන්ද්‍රසිරි බැද්දගේය. ඔහු ඔහුට හිතවත් සගයන් ඔස්‌සේ විශේෂ මෙහෙයුමක්‌ දියත් කළේය.

එවකට තිබුණු එජාප පෙඩරල් සභාග රජයෙන් විපක්‍ෂය නියෝජනය කළ රත්නසිරි වික්‍රමනායක මහතාට ඒ තරම් සහයක්‌ මේ අලි හොරකමට නොලැබුණු වග කිවයුතු නොවේ.

චන්ද්‍රසිරි බැද්දගේ මහතා සිය මෙහෙයුම් කටයුතු ඉතා සුපරීක්‍ෂාකාරීව ඉටු කළේය. හොරණ මන්ත්‍රී රත්නසිරි වික්‍රමනායක මහතාද සිය තීක්‍ෂණ බුද්ධියෙන් විශේෂ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර තිබිණි. මෙහෙයුම සාර්ථක විය. සිද්ධියට අදාළ අලියා බෙල්ලන්විල ප්‍රදේශයේ වත්තක ගැට ගසා තිබෙන ආරංචියත් සමග දෙවැනි මහත්තයා ඇත් ගොව්වන් කීපදෙනකු සහ සගයන් කිහිප දෙනෙකු සමග අදාළ ස්‌ථානයට හඹා ගියේය.

දෙවැනි මහත්තයා පෙරටු කර ගත් ඇත්ගොව්වන් ඇතුළු පිරිස අලියා ළඟට ගිය නමුත් කිසිදු බාධකයක්‌ නොවීය. අලියාගේ බැමි ලිහා දැමීය. හුරුපුරුදු ඇත්ගොව්වා සමීපයට පත්ව අලියා කුංචනාද නැගීය. ඔහු අලියාගේ පිට උඩට නැංගේය. තවත් ඇත්ගොව්වන් දෙදෙනකු අලියා දෙපසින් ගමන් ගත්හ. දෙවැනි මහත්තයාගේ වාහනය ඉදිරි පසිනි. බෙල්ලන්විල ප්‍රදේශයේ වත්තෙන් බෙල්ලන්විල මහරගම මහ පාරට පිරිස ගමන් ගත්හ. අලියා පිටුපසින් සියයක්‌ පමණ පිරිසකි. වාහන කිහිපයක්‌ද ඒ අතරය. ඉතා වෙහෙස මහන්සියෙන් එහෙත් බලාපොරොත්තු සඵල කර ගැනීමෙන් පිරිස උද්දාමයට පත්ව සිටියහ.

පැය කිහිපයකට පසු අතුරු මාර්ග ඔස්‌සේ මහරගම - හොරණ මාර්ගයේ දියගම ඇළ ළඟටද පිවිසියහ. දියගම ඇළෙන් අලියාට සාත්තුවක්‌ ලබාදීමද ඇත්ගොව්වා පියවර ගත්තේය. මග දෙපස ජනතාව කුතුහලයෙන් අලියා දෙසත් පිරිස දෙසත් විමසුම් ඇස්‌ යොමු කළහ. අලි සිද්ධියත් අලියා පෙරහැරෙන් රැගෙන ඒමත් මේ වන විට ප්‍රදේශය පුරා රාව ප්‍රතිරාව නැගෙමින් තිබිණි. දියගම සිට මොරගහහේනට ඇත්තේ තවත් ටික දුරකි. මොරගහහේන හන්දියට සැතපුම් භාගයක්‌ තිබියදී පොලිසියෙන් පාර හරස්‌ කර තිබුණි. පොලිස්‌ නිලධාරීන් කුළු පොලු රැගෙන පාර මැදය. අලියා මේ ජංජාලය නොදැන අසල ගසකින් කොස්‌ අත්තක්‌ කඩා ගෙන සපමින් සිටී.

ප්‍රදේශය භාර පොලිස්‌ නිලධාරියා අලියා ඉදිරියට තේජාන්විත විලාශයෙන් එත්ම පොලිස්‌ හමුදාවද සීරුවෙන් සිට ගත්හ.

දෙවැනි මහත්තයා සිංහ රාජයකුසේ එඩිතරව වාහනයෙන් බැස පොලිස්‌ නිලධාරියා දෙසට ගමන් කළේය.

වචන තුන හතරක්‌ දෙදෙනා අතර හුවමාරු විය. එකවරටම දෙවැනි මහත්තයා ඔහුගේ හැඩි දැඩි සුරතින් පොලිස්‌ නිලධාරියාගේ දකුණු කම්මුලට පහර දෙනවාත් සමගම දකුණු කකුලෙන් වේගවත් පහරක්‌ද එල්ල කළේය. පොලිස්‌ නිලධාරියා කෙසෙල් කඳක්‌ මෙන් මහපාර අයිනට ඇද වැටිණි. ඉතිරි නිලධාරීන්ට කළයුතු කුමක්‌දැයි නිශ්චිත නැත.

අලියා පෙරටු කර ගත් පිරිස ඉදිරියට ගමන් ගත්හ.

මෙම සිද්ධියත් සමග මොරගහහේන හන්දියේ රතිCඳ්C¹ හඬින් ගිගුම් දුනි.

බෙල්ලන්විල රාජ මහා විහාරස්‌ථානයේ වැඩ විසූ බෙල්ලන්විල සෝමරතන හිමියන්ට මෙම අලියා විකුණා ඇති බව දැන ගන්නට ලැබුණේ පහරදීමේ සිද්ධියත්a සමගය. එවකට රාජ්‍ය අමාත්‍ය ඡේ. ආර්. ජයවර්ධන මහතා සහ බෙල්ලන්විල සෝමරතන හිමිපාණන් අතර ශක්‌තිමත් දේශපාලන සම්බන්ධයක්‌ තිබුණු වගද අප අමතක කළ යුතු නොවේ.

1967 වන සමයේ මොරගහහේන ප්‍රදේශ භාරව තිබුණේ හොරණ පොලිස්‌ ස්‌ථානයටයි. පානදුර සහකාර පොලිස්‌ අධිකාරි කාර්යාලයේ පරිපාලන කාර්යයන් සිදු කෙරිණි. මෙබඳු සිද්ධියක්‌ අද වැනි දවසක සිදුවූයේ නම් මාධ්‍ය මගින් කොතරම් මාධ්‍ය සංදර්ශන පවත්වන්නේද?

මෙම සිද්ධිය පසු කලෙක මා සමග පැවසූ චන්ද්‍රසිරි බැද්දගේ මහතාගේ වැඩිමහල් සොහොයුරු හොරණ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී ධර්මසිරි බැද්දගේ මහතා ළඟ සිද්ධියට අදාළ ඡායාරූප කිහිපයක්‌ද තිsබිණි. ධර්මසිරි බැද්දගේ මහතා අද ජීවතුන් අතර නැත.

මෙම අලි සිද්ධියත් සමග දෙවැනි මහත්තයා ජනතාව අතර මහත් ජනප්‍රසාදයට ලක්‌විය. එසේම රත්නසිරි වික්‍රමනායක මහතාගේ පසුකාලීන දේශපාලන ප්‍රචාරක රැස්‌වීම්වලදීද "
අලි උස්‌සපු කථාව"
 පලිප්පු දමමින් විස්‌තර කරන්නට ප්‍රාදේශීය කථිකයෝ නිතරම උත්සාහ ගත්හ. මෙම අලියා පිළිබඳව සිද්ධිය වැඩිහිටියෝ රසබරව හරබරව අදත් පවසති.

කාලය ගෙවී ගියේය. එක්‌සත් ජාතික පක්‍ෂය බලයට පත් කරන්නට පෙරමුණගත් විශේෂයෙන් තරුණයෝ රැකී රක්‍ෂා ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා රට පුරා උද්ඝෝෂණ කරන්නට පටන් ගත්හ. එජාප පෙඩරල් හවුල් ආණ්‌ඩුවෙන් දිගුකාලීන සැලසුම් සකස්‌ වෙමින් නොතිබිණි. වගා ව්‍යාපාරයට මුල් තැනක්‌ ලබාදීමේ ප්‍රතිපත්තිය අනුව ගොවි හමුදාවක්‌ පිහිටුවන්නට සැලසුමක්‌ විය. ගොවි හමුදාව ආරම්භ කිරීමේ කාර්යයන් පවරා තිබුණේ එකල ඉඩම් වාරිමාර්ග හා විදුලිබල අමාත්‍යාංශයේ උප ඇමැති කැප්ටන් සී. පී. ඡේ. සෙනෙවිරත්න මහතාටය.

ඉන්ද්‍රදාස හෙට්‌ටිආරච්චි මහතාගෙන් රැකියාවන් ලබා ගැනීමට පැමිණෙන ගමේ පාක්‌ෂිකයන් ගොවි හමුදාවට බඳවාගෙන රජරට සංවර්ධනය උදෙසා යොමු කිරීම ප්‍රධාන ඉලක්‌කය විය. මෙම ප්‍රතිපත්තිය අනෙක්‌ ඡන්ද කොට්‌ඨාසවලද ක්‍රියාත්මක විය. මහවැලි සංවර්ධන සැලැස්‌ම ක්‍රියාත්මක කිරීමට ගොවි හමුදාව ඉලක්‌ක කර ගැනීම රජයේ අරමුණ විය. එහෙත් සුව පහසු ක්‍රමවේදයන් ඔස්‌සේ රජයේ හෝ සංස්‌ථාවක රැකියාවක්‌ වෙත පිවිසීම තරුණ බහුතරයේම ප්‍රධාන අපේක්‍ෂාව විය. ඒ අතර අවම අධ්‍යාපන සුදුසුකම් සහිත ගැමි තරුණයෝ ගොවි හමුදාවට සම්බන්ධ වූහ. තරුණයකුට ගොඩ මඩ ඉඩම් අක්‌කර පහක්‌ පමණ ලබාදීම රජයේ සැලසුම විය. එහෙත් මෙම අරමුණ සාර්ථක වූයේ ඉතා අවම මට්‌ටමෙනි.

ශ්‍රීලනිප රජයෙන් 1960-65 දක්‌වා කාලය තුළ ආරම්භ කරන ලද සංස්‌ථා සහ මණ්‌ඩල තුළ සේවක අතිරික්‌තයක්‌ සිටීමත් රජයේ මැති ඇමැතිවරුන් අයත් මැතිවරණ කොට්‌ඨාසවලට රජයේ රැකියා කෝටාවට ප්‍රමුඛස්‌ථානය ලබාදීමත් ඉතා සූක්‍ෂම ආකාරයෙන් ක්‍රියාත්මකව තිබිණි.

හොරණ ප්‍රධානතම කළුතර දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් බහුතරයම ශ්‍රීලනිප සහ ලංසසප අයත් වූ නිසා උගත් තරුණ තරුණියන්ගේ රැකීරක්‌ෂා ප්‍රශ්නය ඉතා උග්‍ර තත්ත්වයට පත්ව තිබිණි. 1967 වන විට උගත් තරුණයෝ නව දේශපාලන සංස්‌කෘතියක්‌ වෙත යොමුවෙමින් සිටියහ. හැටේ දශකයේ මැද භාගයේ රෝහණ විඡේවීරගේ නායකත්වයෙන් යුතුව ආරම්භ කළ ජනතා විමුක්‌ති පෙරමුණට අයත් බීජයක්‌ හොරණ ප්‍රදේශය තුළද රෝපණය වෙමින් තිsබිණි. ඉතා රහසිගත ආකාරයෙන් ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන පන්තිද හොරණ ප්‍රධානව කළුතර දිස්‌ත්‍රික්‌කය තුළ ක්‍රියාත්මක වෙමින් පැවතිණි. කලා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරා රැකියා වියුක්‌තියෙන් පෙළුනු උගත් තරුණ තරුණියෝ නව දේශපාලන ක්‍රමවේදයන් වෙත අනුගතවීම අරුමයක්‌ නොවේ.

1971 කැරැල්ල පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාවෙන් ඉහතකී කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු අනාවරණය වේ. ඇමරිකාවේ සැන්ඩිගෝහි පිහිටි කැලිපෝර්නියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගණනාථ ඔබේසේකර සුමිත්ද 1971 කැරැල්ල සම්බන්ධයෙන් කරන ලද විග්‍රහයෙන් ද ගැමි උගත් තරුණ පරපුර මුහුණ පෑ සංකීර්ණ ගැටලු ගැන අනාවරණය වේ. අපි මේ සම්බන්ධයෙන් ඉදිරි ලිපිවලදී කතාබහ කරමු.

එවකට අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය විසූ කොළඹ හත රොස්‌මිඩ් පෙදෙසේ නිවසට 1971 කැරැල්ලේදී පහරදීමට පැමිණි කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂිකාවන් තුන්දෙනාගෙන් එක්‌ ළමයකු ගෙදරක මෙහෙකාරියකගේ දුවෙකි. තව ළමයෙක්‌ ලංගම කාර්මික ශිල්පියෙකුගේ දියණියකි. අනෙක්‌ උපාධි අපේක්‍ෂිකාවගේ අම්මා හොරණ රබර් වත්තක කිරි කපන්නියකි. සිංහල භාෂාව සහ සාහිත්‍ය, භූගෝල විද්‍යාව, ඉතිහාසය, ආණ්‌ඩු ක්‍රම සහ බෞද්ධ සංස්‌කෘතිය ඔව්හු හදාරමින් සිටියහ. (1971 කැරැල්ල පිළිබඳව කොමිෂන් සභා වාර්තාව)

1971 මහ නඩුවේ විත්තිකරුවන් වූ සමන් පියසරි ප්‍රනාන්දු සහ කෙලී සේනානායක එකල හොරණ පදිංචිකරුවන් වූ බව සිහිපත් කරමු.

1967 වසර අවසානයත් සමග ශ්‍රීලනිප, ලංසසප, කො. ප. ප්‍රධානම යූ. ඇන්. පී. විරෝධී ප්‍රගතිශීලි බලවේගයන් ඉතා ශක්‌තිමත් ආකාරයෙන්a වර්ධනය වෙමින් පැවතිණි. එජාප පෙඩරල් හවුල් ආණ්‌ඩුවට එරෙහිව හොරණ ප්‍රධානව කළුතර දිස්‌ත්‍රික්‌කය තුළද සමගි පෙරමුණේ ජනබලවේගයන් පුළුල් වෙමින් පැවතිණි. 1965 මහා මැතිවරණයේදී අගලවත්ත ආසනය විජයග්‍රහණය කළ අනිල් මුණසිංහ (ලංසසප) මහතාට එරෙහිව ඉදිරිපත් කළ ඡන්ද පෙත්සම නිසා ඒ මහතාට මන්ත්‍රීධුරය අහිමිවුවා පමණක්‌ නොවේ. අවුරුදු හතක්‌ යන තෙක්‌ පාර්ලිමේන්තු ආසනයට තරග කිරීමද තහනම් විය. අගලවත්ත යළි ජයග්‍රහණය කිරීම සමගි පෙරමුණට අත්‍යාවශ්‍ය සාධකයක්‌ විය. ඒ අතර සමසමාජ පක්‍ෂයේ සාම්ප්‍රදායික බලකොටුවක්‌ වූ අගලවත්ත කෙසේ හෝ ජයග්‍රහණය කිරීමට එජාපයේ අත්‍යාවශ්‍ය බලාපොරොත්තුවක්‌ විය. පරාජිත එජාප අපේක්‍ෂක ඩේවිඩ් අප්පුහාමි 1965 දී අනිල් මුණසිංහට පරාජය වී තිබුණේ ඡන්ද පන්දහස්‌ එකසිය අනූ හතකිනි. ආණ්‌ඩුවේ බලයත් ශක්‌තියත් ඩේවිඩ් අප්පුහාමිට ලැබෙන හෙයින් ලංසපයෙන් ශක්‌තිමත් බුද්ධිමත් ජනප්‍රිය අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ යුතු විය.

සමගි පෙරමුණ විසින් අගලවත්ත ආසනයට තරග කරන්නට නම් කරන ලද්දේ ලංකා සම සමාජ පක්‍ෂයේ නියෝජ්‍ය නායක ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාය. තට්‌ටු මාරු ජයග්‍රහණයක්‌ සහිත දෙහිවල ගල්කිස්‌ස කොට්‌ඨාසයෙන් පරාජිතව සිටි ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා අගලවත්තට නාමයෝජනා ඉදිරිපත් කළේය.

සටන ඉතා තියුqණු විය. හොරණ, පානදුර, කළුතර, මතුගම, බේරුවල, බුලත්සිංහල බණ්‌ඩාරගම සමගි පෙරමුණු බල ආeණිය අගලවත්තේ කඳවුරු බැඳ ගත්හ. ඒ අතර එජාප නායක කාරකාදීහු තමන්ගේ අනුගාමිකයන් සමග අගලවත්තේ සටන් පෙරමුණ මෙහෙය වූහ. අගලවත්ත, බදුරලිය, පොලිස්‌ ස්‌ථානවල සී. අයි. බී. පොතේ පිටුවලටත් නිදහසක්‌ නොවීය.

අගලවත්තේ තිබෙන්නේ ඉදුණු කොමඩු ගෙඩියක්‌ වගේ සටනක්‌. උඩින් මහ ලොකුවට කොළපාට පේනවා. ඒ වුණාට යටින් සත්තකටම තිබෙන්නේ රතු පාට යෑයි ආචාර්ය කොල්වින් අඟර දඟර සහිත අභි රූපණ රංගනයෙන් චතුර කතාවෙන් නැති බැරි මිනිසුන්ගේ හදපතුලට පිවිසියේය. හොරණ විද්‍යාරත්නයේ යටිදැරියේ වජිර බුද්ධි හිමි අගලවත්ත සටනේ පුරෝගාමී මෙහෙවරක නියුක්‌ත වූහ.

ඉතා තියුණු සටනකට පසු ආචාර්ය කොල්වින් ආර්. ද අගලවත්ත ජයග්‍රහණය කළේය. ඒ ඡන්ද 343 කිනි.

ඒ සමගම ශ්‍රීලනිපයේ සාම්ප්‍රදායික බලකොටුවක්‌වූ බණ්‌ඩාරගම ඡන්ද පෙත්සම් අභියාචනා කීපයක්‌ මධ්‍යයේ යළිත් 1967-09-23 දා පැවැති අතුරු මැතිවරණ සටනෙන් කේ. ඩී. ඩී. පෙරේරා (ශ්‍රීලනිප) ජයග්‍රහණය කළේය. උසාවි නියෝගයක්‌ මගින් ශ්‍රී ලංකාවේ මන්ත්‍රී අසුනක්‌ (1989 දක්‌වා) හිමිකරගත් එකම දේශපාලනඥයා වශයෙන් හැඳින්වෙන්නේ (එජාප) ජෝර්ඡ් කොතලාවල මහතාය. හොරණ අල්ලපු වැටේ පිහිටි බණ්‌ඩාරගම සිදුවන දේශපාලන අලකලංචි ගැන හොරණ ජනතාව ඉතා විමසිලිමත්ව සිටියහ.

හොරණ මන්ත්‍රී රත්නසිරි වික්‍රමනායක මහතා විශේෂයෙන් බණ්‌ඩාරගම ආසනය ජයග්‍රහණය කරවීම සඳහා විශේෂ පරිශ්‍රමයක්‌ දැරීය. ගත්කතුවර කරුණාසේන ජයලත්, පුෂ්පකුමාර ප්‍රේමරත්න, උපාලි විතාන, නීතිඥ ලයනල් කරවිට, ආනන්ද රණතුංග ආදී ප්‍රාදේශීය කථිකයෝ බණ්‌ඩාරගම සටන තමන්ගේ සටනක්‌ ලෙස සලකමින් දිවා රෑ මෙහෙයුමට එක්‌වූහ. 1967 සැප්තැම්බර් 23 වැනිදා පැවැති අතුරු මැතිවරණ සටනෙන් වැඩි ඡන්ද පන්දහස්‌ පන්සිය දහතුනක්‌ ලබා කේ. ඩී. ඩී. පෙරේරා (ශ්‍රීලනිප) ජයග්‍රහණය කළේය.

හොරණ බණ්‌ඩාරගම පමණක්‌ නොව මුළු කළුතර දිස්‌ත්‍රික්‌කය පුරා ජය සක්‌ හඬ ගිගුම් දුනි. ප්‍රගතිශීලි පිලේ මෙම විශිෂ්ට ජයග්‍රහණයන් මධ්‍යයේ 1967 වසර ගෙවෙමින් තිබිණි.

බන්ධුල ආර්. ගුලවත්ත

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..