හුසේන් බෝල්ට් සහ හැරි කුමරු හමුවේදී

 https://www.youtube.com/watch?v=CJprm9TPYH8

0 comments:

මෛත්‍රි-රනිල් වෙන් වෙන තැන


1947 මහ මැතිවරණයට එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක එ.ජා.ප. යෙන් තරග කළේ එ.ජා.ප. නායක ඩී.ඇස්. සේනානායක සමඟ එකඟතාවයකින්ය. බණ්ඩාරනායක හිතුවේ ඩී. ඇස්. මහලු නිසා ඩී.ඇස්. පළමුව අගමැති වී පසුව තමාට අගමැති ධුරයට හිමිකම් කියන්න පුළුවන් වෙයි කියාය. ඩී. එස්. ගෙන් පසු බණ්ඩාරනායක අගමැති වූවා නම් ඩී. ඇස්. ගෙන් පසු එ.ජා.ප. නායකත්වයට පත් වන්නේ බණ්ඩාරනායකය. එහෙම වුණා නම් ශ්‍රී ල.නි.ප.ය කියා පක්‍ෂයක් බිහි වන්නේ නැත. ඒත් ඩී.ඇස්. අගමැති වූවාට පසු තම පුත් ඩඩ්ලි අගමැති ධුරයට පත්කර ගන්න හීන මැව්වේය. ඔහු බණ්ඩාරනායක වගේම ජේ‍යෂ්ඨයන් වූ අගමැති ධුරයට හිමිකම් කී සර් ජෝන්ව බණ්ඩාරනායකට ගහන්න පාවිච්චි කළේය. බණ්ඩාරනායකට වැඩේ තේරී කලින්ම ආණ්ඩුවෙන් ඉවත් විය.


මේ ඓතිහාසික කතාව මතකයට එන්නේ 2005 ජනාධිපතිවරණයේදී මහින්ද පරාජය කරන්න එකට එක් වූ මෛත්‍රි සහ රනිල් ඊළඟ ජනාධිපතිවරණය හෝ ව්‍යවස්ථාව වෙනස් කොට එන මහ මැතිවරණයේදී කුමක් කරයිද යන්න ගැන හිතන විටදීය.


1947 ඩී. ඇස්. සහ බණ්ඩාරනායක එකට එක් වූයේ සුද්දගෙන් ආණ්ඩුව ගන්නටය. 2015 මෛත්‍රි සහ රනිල් එකට එක් වූයේ මහින්දගෙන් ආණ්ඩුව ගන්නටය. ජනාධිපතිවරණයට පෙර මෛත්‍රි ශ්‍රී ල.නි.ප. නායකත්වය ගන්න බලාපොරොත්තුවක් තිබුණේ නැත. මෛත්‍රිට ශ්‍රී ල.නි.ප. නායකත්වය ගන්න සිද්ධ වූයේ ජනාධිපතිවරණයට පසු ශ්‍රී ල.නි.ප. ජේ‍යෂ්ඨයන් කළ ඉල්ලීමක් නිසාය. මෛත්‍රි ශ්‍රී ල.නි.ප. නායකත්වය නොගත්තා නම් එක්කෝ ව්‍යවස්ථාව වෙනස් කොට මෛත්‍රි බල රහිත ජනාධිපති ධුරය දරන්න ඉඩ තිබිණි. ව්‍යවස්ථාව වෙනස් කළ නොහැකි නම් මෛත්‍රි සිය නිල කාලය අවසන් වූ විට විශ්‍රාම යෑමට ඉඩ තිබිණි. ඔහු ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන දිනයේ තමා යළි ජනාධිපතිවරණයට තරග නොකරන බව කීවේ එහෙයිනි. ඒත් එතකොට ඔහු ශ්‍රී ල.නි.ප. නායකත්වයට පත් වී තිබුණේ නැත. ඔහු ශ්‍රී ල.නි.ප. නායකත්වයට පත් වූයේ එම ප්‍රකාශයට පසුවය. ඒත් මෛත්‍රි මෑතකදීත් තමා යළි ජනාධිපතිවරණයකට තරග නොකරන බව කීවේය. හැබැයි ව්‍යවස්ථාව වෙනස් වුවහොත් ජනාධිපතිවරණයක් එන්නේ නැත. එන්නේ මහ මැතිවරණයකි. තමා මහ මැතිවරණයට තරග නොකරන බව මෛත්‍රි කියා නැත.


ඒ කියන්නේ ඊළඟ මහ මැතිවරණයට මෛත්‍රි - රනිල් අගමැති සටනට එයිද...?
මෛත්‍රි සහ රනිල් 2015 ජනාධිපතිවරණයට ජනාධිපති ධුරය සහ අගමැති ධුරය බෙදා ගන්න ගිවිසුම් ගහන විටම දින්නා නම් ඊළඟ මැතිවරණයට මුහුණ දිය යුත්තේ කෙසේ දැයි සාකච්ඡා නොකළා නම් පුදුමය. හැබැයි මෛත්‍රි ශ්‍රී ල.නි.ප. නායකත්වය භාර ගැනීමේ බලාපොරොත්තුවක් නොතිබූ ඒ වේලාවේ දෙදෙනා අතර එකඟතාව වන්නට ඇත්තේ ව්‍යවස්ථාව වෙනස් කොට මෛත්‍රි බල රහිත ජනාධිපති වී රනිල් බලතල සහිත විධායක අගමැති වී ඊළඟ මහ මැතිවරණයටත් තරග කරන්නටය. දැන් ඒ තත්ත්වය වෙනස් වී ඇත.
මෛත්‍රි ඊළඟ ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට තරග කරනවා නම් මෛත්‍රිගේ පළමු කාර්යය රාජපක්‍ෂලාගේ දේශපාලනය අවසන් කොට ඒකාබද්ධ විපක්‍ෂය විනාශ කිරීමය. එවිට ඔහු ශ්‍රී ල.නි.ප.ය ශක්තිමත් කරගත හැකිය. එලෙස නැතිව මෛත්‍රි ශ්‍රී ල.නි.ප.යෙන් තරග කරද්දී මහින්ද හෝ ඔහු නම් කරන අයෙක් ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉල්ලුවොත් ඡන්ද කැඩෙයි. මෛත්‍රි රනිල්ගේ ආණ්ඩුව විසුරුවා හැර අගමැති ධුරයට ශ්‍රී ල.නි.ප.යෙන් අයෙක් පත්කර ශ්‍රී ල.නි.ප. ආණ්ඩුවක් හැදුවොත් රාජපක්‍ෂලාගේ දේශපාලනය එතැනින් ඉවරය. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු බහුතරයක් මෛත්‍රි පිටුපස සිට ගන්නවා ඇත. එවිට රාජපක්‍ෂලා යූ. ඇන්. පී. වේදිකාවට නැග්ගත් පුදුම විය යුතු නැත.


බැසිල් 1983 මහ මැතිවරණයේදී ඒ වැඩේ කළේය. 1982 ජනාධිපතිවරණයට අනුර අපේක්‍ෂකයා කර ගන්න මහින්ද සහ බැසිල් ලොකු උත්සාහයක් ගත්හ. ඒත් විජය - චන්ද්‍රිකා පිල ජයගෙන කොබ්බෑකඩුව අපේක්‍ෂකයා කර ගත් විට මහින්ද සහ බැසිල් කොබ්බෑකඩුව පරද්දන්න බැහැලා වැඩ කළහ. කොබ්බෑකඩුවට අත ලකුණ නොලැබෙන තත්ත්වයක් ඇති වී තිබුණේ අත ලකුණට මැතිනිය සහ මෛත්‍රිපාල අතර නීතිමය සටනක් තිබූ නිසාය. කොබ්බෑකඩුවට අත ලකුණ නොලැබුණහොත් දිනේෂ්ගේ රෝදය ලකුණෙත් තරග කරන්නට විජය - චන්ද්‍රිකා සහ ඉලංගරත්න කථිකා කරගෙන සිටියහ. කොබ්බෑකඩුවට රෝදය ලකුණ දෙන්න එපා කියා දිනේෂ්ට බලපෑම් කරන්න අනුර දිනේෂ් ළඟට යැව්වේ මහින්දවය. 1982 ජනාධිපතිවරණයට රාජපක්‍ෂලා රුහුණු පෙරමුණ කියා සංවිධානයක් අටවා ගෙන ජේ. ආර්. දිනවන්න කොබ්බෑකඩුවගේ කකුලෙන් ඇද්දේය. ජේ.ආර්. ජනාධිපතිවරණය දින්න විගස රුහුණු පෙරමුණ එ.ජා.ප. - ශ්‍රී ල.නි.ප. ජාතික ආණ්ඩුවක් යෝජනා කළේය. ඒ වේලාවේ මහින්දලා බැසිල්ලා බැලුවේ අනුරවත් අරගෙන ජාතික ආණ්ඩුවකට යන්නටය. අනුර ගියේ නැත. අනුර ගියේ නැති නිසා මහින්ද ගියේත් නැත. හැබැයි 1982 ජනමත විචාරණයේදී එ.ජා.ප. පාලන කාලය වසර හයකට දික් කර ගන්න සහාය දෙන්න බැසිල් එ.ජා.ප.යට එක් විය. බැසිල් එ.ජා.ප. වේදිකාවේද කතා කළේය. මහවැලි ඇමැති ගාමිණී එයට කෘතගුණ දක්වන්න බැසිල්ට අමාත්‍යාංශයේ තනතුරක් දුන්නේය. බැසිල් ඒ ගේම ගැහුවේ මහින්ද එක්ක කතා කරගෙනය. ඉතින් මෛත්‍රි ශ්‍රී ල.නි.ප.ය එක්සේසත් කළොත් රාජපක්‍ෂලා එ.ජා.ප.යට යෑමට තියෙන ඉඩ කඩ වැඩිය.


ඒත් මෛත්‍රි රනිල්ගේ ආණ්ඩුව විසුරුවයි කියලා හිතන්න බැරිය. මෛත්‍රිට රනිල් එක්ක ආණ්ඩු කරන්න බැරි නම් මෛත්‍රි කරන්නේ ජනාධිපති ධුරය අහෝසි කර ගත්තාට පසු විපක්‍ෂයේ ගිහින් වාඩි වීමය. එතකොටත් රාජපක්‍ෂලාගේ දේශපාලනය ඉවරය. මෛත්‍රි විපක්‍ෂයේ වාඩි වුවහොත් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රි බහුතරයක් මෛත්‍රිට දිනාගත හැකිවනු ඇත. විධායක ජනාධිපති ධුරය අහෝසි කර ඇති නිසා ඊළඟ මහ මැතිවරණයේදී රනිල්ගේ ආණ්ඩුව පරද්දන්න වැඩ කිරීම මෛත්‍රිට අසීරු නොවනු ඇත. එවිට රනිල් සහ එ.ජා.ප. යේ පිහිටෙන් ජනාධිපති වී රනිල් සහ එ.ජා.ප. ආණ්ඩුව විනාශ කළා කියන චෝදනාවෙන් මෛත්‍රිට ගැලවෙන්න පුළුවන.


ඒත් රනිල් මෛත්‍රිව තරහ කර ගන්න කිසිවක් කරනු ඇතැයි සිතිය නොහැකිය. ඔහු හංසයා ලකුණින්ම ඊළඟ මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය ජය ගන්න වුවද සූදානම් බව පෙනේ. ඒත් මෛත්‍රිව තරහ කර නොගෙන මේ ගේම ගහන්න නම් එක්කෝ මෛත්‍රි හෝ එක්කෝ රනිල් දේශපාලනයෙන් ඉවත් විය යුතුය. දේශපාලනයෙන් ඉවත් වී ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් පසු හැදෙන බල රහිත ජනාධිපති ධුරයට දෙදෙනාගෙන් එක් අයකුට පත් වීමට හැකියාව ලැබේ.


යූ.ඇන්.පී. කාරයන් නම් හිතන්නේ මෛත්‍රි බල රහිත ජනාධිපති වී රනිල්ට ඊළඟ මහ මැතිවරණයේදී විධායක අගමැති වෙන්න උදවු කරයි කියාය. ඒත් ශ්‍රී ල.නි.ප.යේ මෛත්‍රිවාදීන් හිතන්නේ මෛත්‍රි මහ මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී ශ්‍රී ල.නි.ප.යට ආණ්ඩුවක් හදලා දෙයි කියාය.


මේ දෙන්නා ගන්න තීරණය කුමක් වුවද එම තීරණයට විදේශ රටවල්ද මැදිහත් වීමට ඇති ඉඩකඩ වැඩිය. හේතුව ඇමෙරිකාවටයි ඉන්දියාවටයි චැලේන්ජ් කොට ලංකාව චීනයේ කොලනියක් කරන්න ගිය රාජපක්‍ෂලාට යළි හිස ඔසවන්නට ඇමෙරිකාවයි, ඉන්දියාවයි ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැකි නිසාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

0 comments:

ඒ මහින්ද කෝ? -- උපුල් ජෝශප් ප්‍රනාන්දු

1992 ජනවාරියේ එවකට ජනාධිපති ප්‍රේමදාස අතුරුදන් වූවන් ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කළේය. එදා ප්‍රේමදාස අතුරුදන් වූවන් ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කළ විට එවකට විපක්‍ෂ මන්ත්‍රි මහින්ද රාජපක්‍ෂ කීවේ එම කොමිසම අතුරුදන් වූවන් වෙනුවෙන් තමන් ගෙන ගිය සටනේ ප්‍රතිඵලයක් කියාය.


අතුරුදන් වූවන් ගැන හොයන්න මානව හිමිකම් කොමිසමක් පත් කරන්න ප්‍රේමදාසට බලපෑම් කරන්න කියලා ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් නොහොත් ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනයට බලපෑම් කළේ මහින්දය. ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනයේ බලපෑමට යටත් වෙන්න කියලා ප්‍රේමදාසට එරෙහිව රට පුරා හඬ නැඟුවේ මහින්දය. ඒ දකුණේ පමණක් නොව උතුරේ අතුරුදන් වූවන් වෙනුවෙනි. ප්‍රේමදාස කොමිසම පත් කළාට පසු මහින්ද 1992 පෙබරවාරි 02 යුක්තිය පත්තරේට සම්මුඛ සාකච්ඡාවක් දුන්නේය. එහිදී ඔහු උතුරේ මානව හිමිකම් කඩ කිරීම් සහ අතුරුදන්වීම් සම්බන්ධයෙන් හමුදාවට එරෙහිව තමන් සටන් කරන බව ප්‍රකාශ කෙළේ මෙසේය.

ආණ්ඩුව මේ වන විට ඇමිනෙස්ට් සංවිධානයේ යෝජනා පිළිගෙන ක්‍රියාවට නඟනවාය කියනවා. මේ පිළිබඳ තත්ත්වය කුමක්ද?
මේ යෝජනා ආණ්ඩුව පිළිගත්ත නෙවි. ජාත්‍යන්තර බලපෑම් නිසා රජයට ඒ යෝජනා පිළිගන්න වුණා. ආධාර ලබා ගැනීමට තමයි මේ සේරම උනන්දුව. මානව අයිතිවාසිකම් කොමිසම්, ජනවාර්ගික ප්‍රශ්න විසඳීමට උනන්දු වීම් වගේ මේ කලබල ඔක්කොම ජාත්‍යන්තර බලපෑම් නිසාත්, ආධාර ලබා ගැනීමටත් කරන ප්‍රෝඩාවන්. ව්‍යවස්ථාවෙන් මානව අයිතීන් ආරක්‍ෂා වෙලා තියෙනවා. නමුත් ව්‍යවස්ථාවට පමණක් මානව අයිතිවාසිකම් හිරවෙලා තියෙනවා. ඇමිනෙස්ට් යෝජනා පිළිගත් බව පත්තරේ ගියදා තමයි මාකන්ඩ මාදව කුමාර් දෙමටගොඩදී පැහැර ගත්තේ. උදාහරණ තවත් ඕනෑ තරම්.


ලක්‍ෂ්මන් සිල්වා, ධනපාල ද සිල්වා නැත්නම් ජයරත්න, සමන්ත බණ්ඩාර පැහැර ගෙන ගියේ මේ යෝජනා පිළිගත්තාය කීවට පස්සේ. මාකන්ඩු මාදව, කුමාර් තිරුක්කෝවිල්වල එස්.ටී.එෆ්. කඳවුරේ ඉන්නවා කියලා දැන් කවුරුත් දන්නවා. නමුත් මේ ගැන අහපු වෙලේ ආරක්‍ෂක ලේකම් පවා කිව්වේ එයාල දන්නේ නෑ කියලා. ආණ්ඩුව දැනුවත්ව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඇමිනෙස්ට් යෝජනා පිළිගන්නවා නම් මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැනේ.


මෙයින් පැහැදිලි වෙන්නෙ ආණ්ඩුවෙ බය තියෙන්නෙ ජාත්‍යන්තර හඬවලට විතරයි. ඒකයි මේ කාලෙ වෙනකොට ඔක්කොම අයිතිවාසිකම් ගැන, කොමිසම් ගැන කතා කරන්නෙ. අපේ රටෙත් ජනතාව දැනුවත් විය යුතු වෙනවා තමන්ගේ අයිතිවාසිකම් මොනවද? ඒවා ආරක්‍ෂා කරගත යුතුය කියා. ජනතාව මානව අයිතීන් ගැන දැනුවත් වෙනවා නම් රජයටත්, අනෙකුත් පක්‍ෂවලටත් සිදුවෙනවා තමන් මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කරනවාය කියන්න. එවැනි දැනුවත් තත්ත්වයකට ජනතාව පත්කරන්න ඕනෑ. ඒ තුළ තමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නෙ. ඒ තුළ තමයි ජනතා අයිතීන් තියෙන්නේ.

ඔබ දකුණේ මානව අයිතීන් ගැන කතා කළ අයෙක්. දකුණේ මානව අයිතීන් උල්ලංඝනය වීමට පෙර සිටම උතුරු නැඟෙනහිරේත් දැන් කඳුකරේත් එබඳු ප්‍රශ්න තියෙනවා. මේ ගැන...
උතුරු නැඟෙනහිර ජනතාවගෙ මානව අයිතීන් දකුණෙදි වගේම උල්ලංඝනය වුණා. ලංකාවෙ කොහේ වුණත් මානව අයිතීන් උල්ලංඝනය වෙනවාට අපි විරුද්ධයි. දකුණේ භීෂණ තත්ත්වයන් දැනුණ නිසාවෙන් දැන් අපිට උතුරේ භීෂණයන්ගෙ හැඩරුව, තත්ත්වයන් දැනෙනවා. අවාසනාවන්ත ලෙස උතුරු නැඟෙනහිර සිදුවීම් පිළිබඳ ලැබෙන තොරතුරු අඩුයි. එහේ හමුදාවෙන් විතරක් නෙවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන්ද මානව අයිතීන් උල්ලංඝනය වීම් සිදුවෙනවා. ඒක අමතක නොකළ යුතුයි. උතුරු නැඟෙනහිර ජනතාවට අද හැම අංශයකින්ම මානව අයිතීන් උල්ලංඝනය වීම් සිදුවෙනවා. විදුලිය, ජලය, ආහාර වගේ මූලික අවශ්‍යතාවන්ද ඔවුන්ට අද සීමාවයි ලැබෙන්නෙ.


අපට දන්වන, දැන ගන්න ලැබෙන හැම සිදුවීමක් ගැන අපි වහා ක්‍රියාත්මක වෙනවා. මාකන්ඩ මාදව කුමාර්ගෙ සිද්ධිය එක උදාහරණයක්. මැගසින් බන්ධනාගාරයේ රඳවාගෙන ඉන්න දෙමළ තරුණයන්ගෙ ප්‍රශ්නය තව එකක්.

ගියවර ආධාර දෙන කණ්ඩායම්වලට ඔබ මේ ආණ්ඩුවේ මානව අයිතීන් උල්ලංඝනය කිරීම් ගැන කියා සිටියා. මෙවරත් ඔබ එසේ කටයුතු කරනවාද? ගියවර ලබපු ප්‍රතිඵලය කවරෙක්ද?
මානව අයිතිවාසිකම් කොමිසම පෙබරවාරි මාසෙ රැස්වෙනවා. මෙවරත් අපි එයට සහභාගි වෙනවා. ඒ වගේම අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවලටත් අපි කියා සිටිනවා, සිටියා මේ ආණ්ඩුව දැඩි ලෙස මෙරට මානව අයිතීන් උල්ලංඝනය කරනවාය කියලා.


ගියවර මානව අයිතිවාසිකම් කොමිසම හමුවෙ කරුණු ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි හදිසි නීතියෙ 5 වැනි වගන්තිය වෙනස් කිරීම මානව හිමිකම් කොමිසම් වගේ දේවල් පත් කරන්නෙත් එහි ප්‍රතිඵල හැටියට. මේ බලපෑම්වලට ලෝකෙට පේන්නවත් ආණ්ඩුවට යටත් වෙන්න වෙනවා.


මේ රටේ හැම ප්‍රධාන තනතුරකටම වගේ සිංහල බෞද්ධයන් පත්විය යුතු යැයි යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
"රටේ ප්‍රධාන තනතුරුවලට සිංහල බෞද්ධයන්ට විතරක් පත්විය හැකිය යන අදහස තුළින් අන්‍ය ජාතිකයන්ගේ, ආගමිකයන්ගේ මානව අයිතීන් උල්ලංඝනය වෙනවා. මෙම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනියි. මේක බොළඳ යෝජනාවක්. ඔහොම යෝජනා ගෙනෙන කට්ටියගෙ නෑදෑයොම ඇති සමහර විට අන්‍ය ජාතිකයො. අන්‍ය ආගමිකයො. මේක මිනිසුන්ගෙ මානව අයිතීන් උල්ලංඝනය කරන යෝජනාවක්."

එපමණක් නොවේ.
2008 ජූලි 22දා බි්‍රතාන්‍යයේ බී.බී.සී. සන්දේශයට කතා කරමින් ලංකාවේ හිටපු බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් අපූරු කතාවක් කීවේය.
"ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ආණ්ඩු කාලයේ වත්මන් ජනාධිපති මහින්ද මගේ හොඳ මිත්‍රයෙක්. නිතරම එනවා මාව හමුවෙන්න. මාව හමුවෙන අවස්ථාවල කියන්නේ උතුරේත් දකුණේත් අතුරුදන් වෙන තරුණයන් හොයල දෙන්න ආණ්ඩුවට බලපෑම් කරන්න කියල. එතුමා ඔවුන්ගේ දුක ලොවට කියන්න අතුරුදන් වූවන්ගේ මවුපිය දූ දරු සංගමයක් හදන බව මට කීවා. මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයටයි ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනයටයි කතා කරන්න කියල මගෙන් ඉල්ලුවා"
ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් එදා මෙහෙම කීවා
මහින්ද පසුගිය සතියේ අතුරුදන් වූවන් ගැන සොයන්න මෛත්‍රි-රනිල් ආණ්ඩුව කාර්යාලයක් අරින්න යනවා කියල, ඒක රට පාවා දීමක්, රණවිරුවන් පාවා දීමක් කියා නිවේදනයක් නිකුත් කර තිබිණි.
"එතකොට මහින්ද අතුරුදන් වූවන් ගැන කතා කරනකොට රට පාවාදීමක්, රණවිරුවන් පාවා දීමක් නෙවෙයිද?"
ඇත්තටම මහින්ද අතුරුදන් වූවන්ගේ මවුපිය දූ දරු සංගමයක් හදල එයට උතුරේ අතුරුදන් වූවන්ගේ මවුපියන් එකතු කර ගත්තේ රිචඩ් ඩී සොයිසාගේ මව මනෝරාණි සරවනමුත්තු වැනි අය හරහාය. උතුරේ අයත් මෙයට එකතු කරගත්තොත් සංවිධානය ප්‍රබල වේ යැයි මහින්ද හිතුවේය. සරවනමුත්තුත් ඒ සඳහා උදවු කළාය. උතුරේ දකුණේ අතුරුදන් වූවන්ගේ මවුපිය දූ දරු රැස්වීමක් කොළඹ ගෝල්ෆේස් පිට්ටනියේ පැවැති අතර එයට එවකට විපක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනියද සහභාගි වූවාය. එම රැස්වීමේ කැඳවුම්කරු මහින්ද වූ අතර උතුරෙන් ආ නියෝජිතයෙක් එම රැස්වීමේ කතාවක්ද කළේය. එකල ප්‍රේමදාස ආණ්ඩුවේ ලේක්හවුස් පත්තර මෙම රැස්වීම කාටූනයකට ඇඳ තිබුණේ බණ්ඩාරනායක මැතිනියගේ ඔසරියට යටින් කොටි වලිගයක් මතුවන විදියටය.
ඉතින් එහෙව් මහින්ද දැන් ඇයි අතුරුදන් වූවන්ට කාර්යාලයක් අරිනවට විරුද්ධව මහ හයියෙන් කෑ ගහන්නේ....?'
මහින්ද එදා ප්‍රේමදාසගේ කොමිසම විවේචනය කළේ එහි පත්වීම් නිසි පරිදි කරලා නැහැ, එයට නිසි බලතල දීලා නැහැ කියාය. මේ 1991 ජනවාරි 25 වැනිදා මහින්ද පාර්ලිමේන්තුවේදී ඒ ගැන කී කථාවය.

"අද තවත් දෙයක් කරනවා. එක එක දවසට කොමිෂන් පත් කරනවා. තමුන්නාන්සේලා මානව අයිතිය පිළිබඳ ක්‍රියා කරන්නය කියා 'ඊචඵඬ ටධපජඥ' කියලා එකක් පිහිටෙව්වා. කවුද, ඕකෙ ඉන්නේ? විශ්වාසයක් නැති නිසා එක මිනිහෙක්, එක අම්මා කෙනෙක් එතැනට ලිව්වේ නැහැ. දැන් කොමිසමක් පත් කර තිබෙනවා. මම වැරැදියි කියන්නේ නැහැ. කොමිසම ස්වාධීනයි කියන්නේත් නැහැ. ස්වාධීන නැහැ කියන්නේත් නැහැ. දෙන්නෙක් පිළිබඳ අපේ විශ්වාසය තිබෙනවාය කියන එක නම් කියනවා. මොනවද බලතල? මොකක්ද ලිපිනය? කාටද ලියන්නේ? නමට. නමට කොමිෂන් පත් කරලා වැඩක් නැහැ. ප්‍රශ්න යට ගහන්න කොමිෂන් පත් කරලා වැඩක් නැහැ. සුදු හුනු ගාන්න කොමිෂන් පත්කරලා වැඩක් නැහැ. බලතල දෙන්න."

දැන් මහින්ද සහ ඔහුගේ ගෝලයෝ කියන්නේ අතුරුදන් වීම් හොයන්න කාර්යාලයක් අරින එකත් දේශද්‍රෝහි ක්‍රියාවක් කියාය.
'එතකොට එදා හිටපු මහින්ද දැන් අතුරුදන් වෙලාද...?'

උපුල් ජෝශප් ප්‍රනාන්දු

0 comments:

“නිරුවත” දුන් මා ශත පහක් නොලබත් දී විචාරකයකු ලක්ෂ 50 ක වන්දියක් ලැබීම කෘතියේ නිළියට වඩා විචාරකයා උසස් ලෙස සලකනු ලැබීමක් ද...?

මම පුදුමයටත් කළකිරීමටත් පත් වුණා. මේ නඩුවත් එහි තීන්දුවත් ඇසීමෙන් දැකීමෙන් කියැවීමෙන්.හඳගමගේ අත්සනින් උපුල් නිෂ්පාදකයා හැටියට මෙවැනි ලිපියක් අජිත් වැනි පුද්ගලයකුගෙන් "තනි තටුවෙන් පියාඹන්න" වාගේ චිත්‍රපටයකට විචාරයක් ලියන්න ඉල්ලීම ගැන.
 ප්‍රශස්ථ ඝණයේ සිනමාවක් ගොඩ නඟන්න යන ගමනේ අපේ එක තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් "තනි තටුව".එහි ප්‍රබල දායකත්වය තිර රචකයා/අධ්‍යක්ෂකවරයා හැටියට හඳගම ත් , අර්ථපතීත්වය ලබා දෙන්නා හැටියට උපුල් ශාන්ත සන්නස්ගලත් , ප්‍රධාන චරිතය රඟපාන්නිය හැටියට අනෝමා ජනාදරී වන මමත් එම කාර්ය භාරයට මුල් ගල තියනවා.උපුල් මගේ විශ්ව විද්‍යාල සමයේ කිට්ටු මිතුරෙක්.හඳගමට ඔහුව හඳුන්වා දෙන්නෙත් මේ යෝජනාව ගෙන යන්නෙත් මා විසින්. ශ්‍රී ලාංකීය සිනමාවේ ස්ත්‍රී ශානරය විප්ලවීය ගති ලක්ෂණයෙන් පුපුරුවා හරින්නේ "තනි තටුවෙන්".ඒකට චිත්‍රපට වෙළඳ පොළේ ධනපති වෙළඳ දැන්වීම් සමාගම් වල කුළියට දැන්වීම් කරණයේ නියැළෙන ලුම්පන් විචාරකයින් කොහෙත්ම අවශ්‍ය නැහැ.මේ රටේ කලාත්මක ධාරාවේ සිනමා විචාරකයින් සහ සිංහල / බෞද්ධ අන්තවාදී ආචාර්ය මහාචාර්යවරු ටිකම ප්‍රමාණවත් ඒ වෙනුවෙන්.




මම දැන් විස්තර කළ දේවල් ඒ ආකාරයෙන්ම සිදු වූ බව මේ ලිපිය කියවන අපි හැමෝම දන්නවා.මේ චිත්‍රපටයේ සාර්ථකත්වයට වඩාත් හේතු භූත වුණේ මම අර කලින් කිව්ව පුද්ගලයින් මිසක වෙනත් කිසිවකු නෙවෙයි.එහෙම නම් එහි ප්‍රතිලාභ ලැබිය යුත්තේත් එම පුද්ගලයින්මයි.එයයි මේ කර්මාන්තයේ නියමය.නිරුවත් ජවනිකා කිහිපයක් (රඟපෑමට පවා අසීරු) තිබෙන මෙහි අධ්‍යක්ෂකවරයාට ගෙවන වෘත්තීය ගෙවීම (වෙන රටක නම් ඊටත් වඩා)ට පසුව වඩාත් අධික වෘත්තීය මිල නියම විය යුත්තේ ප්‍රධාන චරිතය රඟපාන නිළියටයි. එහෙත් සිදු වී ඇත්තේ කුමක් ද...? චිත්‍රපටයට ප්‍රබල දායකත්වයක් දුන් මා ශත 5 ක හෝ වේතනයක් නිෂ්පාදකගෙන්(අධ්‍යක්ෂකවරයා නිෂ්පාදකයාට මට ගෙවන ලෙස අද දක්වාම නිර්දේශ කිරීමක් හෝ කර නොමැත) නොලැබීමත් ඒ වෙනුවට චිත්‍රපටයේ ප්‍රචාරණය වෙනුවෙන් කියා ලිඛිත ඉල්ලීම් කර (මේ චිත්‍රපටයට එවැනි විශේෂ ප්‍රචාරණයක් අවශ්‍ය නැති බව නැවතත් අවධාරණය කරමි) අත පුච්චාගෙන ඔවුනට දඩ මුදල් ගෙවීමට මිලියන ගණනින් වැය කිරීම චිත්‍රපටයේ තේමාවටත් මටත් කරනු ලබන නින්දිත අසාධාරණයක් නොවේ ද...?  
හඳගම,උපුල් ඔබ දෙදෙනා මගේ වෘත්තීය ශ්‍රමයට කරණ ලද අසාධාරණය වෙනුවෙන් පසුගිය දශකය තුළ උගත් පාඩම් සැළකිල්ලට ගෙන මගේ ගෞරවය සහ වැටුප ලබා දෙන මෙන් ඉල්ලමි.එසේ නොවන තාක් ඔබ දෙදෙනාටම සිදු වනු ඇත්තේ කඩප්පුලි විචාරකයින්ගෙන් පවා අවමානයට පත් වීමටයි.

අනෝමා ජනාදරී

0 comments:

ඉමක් නැති විල්පත්තුවේ නිමක් නැති දැව ජාවාරම (PHOTOS)

වනෝද්‍යානය අප රටේ මහත් ප්‍රසිද්ධියක් දරා ඇති බව කිව යුතුව තිබේ. එයට හේතු සාධක රැසක් තිබීම් නිසාවෙනි. එක් පසෙකින් ජෛව විවිධත්වය, තවත් පසෙකින් ලංකාවේ විශාලතම වනෝද්‍යානය වීම නිසාවෙනි.

නමුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට නිරන්තරයෙන් එල්ලවන නොයෙකුත් කෙනිහිලිකම් නිසාවෙන් විල්පත්තුවට අත්ව ඇති ඉරණම කෙසේද යන්න කිවහොත් එය සුළු පටු නොවේ.

අප පසු ගිය දින වල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් විල්පත්තුව තුල සිදු වෙවිම් පවතින මහා පරිමාණ වංසාරය පිළිබද වැඩි අවාදානය යොමු කල බව අමුතුවෙන් සදහන් කල යුතු නොවේ. ඒ පසු ගිය රජයේ මෙන්ම මෙම රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ නොමිස් ක්‍රියාකාරකම් හද පොදි බැද ගනිමන් විල්පත්තුව වනනෝද්‍යානය තුල සිදු කෙරෙමින් තිබූ මහා පරිමාණ වන සංහාරය මනාව සාක්ෂි සනිටුහන් කර තිබූ නිසාවෙනි.

නමුත් එයට හාත්පසින්ම වෙනස් ආකාරයේ තවත් නොමිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් දැවැන්ත පාරිසරික හානියකට නුදුරේදීම විල්පත්තුව අතවනමින් සිටින බව සාක්ෂි සාධක සහිතවම ඔප්පු වී හමාරය.

එයට සමානව ඉමක් නැති විල්පත්තුවේ නිමක් නැති මහා පරිමාණ දැව ජාවාරම නැවතත් හිස ඔසවමින් විල්පත්තුවට විනකටිමින් සිටින බව එහි සංචාරයේ යෙදුන අපට මැනවින් දැක ගත හැකි විය.

ප්‍රෞඩ දුලභ ඉතිහාසයකට උරුමකම් කියන විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල වසර සිය ගනණක් ඉක්මවූ අති විශාල දුර්ලබ ගණයේ ඉහළ වටිනාකමකින් යුත් පලු, වීර, බුරුත, කළුවර, කළුමැදිරිය, ඇතුළු තවත් ගස් රැසක් කාර්යක්ෂම ජංගම කියත් ආධාරයෙන් කපා බිම හෙළමින් වනය තුලම එම දැව ජංගම පට්ටල ආධාර කරගනිමින් ඉරා රහසේ මහා පරිමාණ දැව ජාවාරමක්ද සිදු වෙමින් පවතින බවට සාකිෂි හෙළිදරව් වී තිබේ.

තවද ඝණ වනයට ඇතුළු වන මෙම නොමිනිස් හොර දැව ජාවාම් කරුවන් වනෝද්‍යානයට පිවිසීම සදහා ගම්මාන වල ඉදිකර ඇති විදුලි අලි වැට බිදලමින් අත්ට්‍රැක්ටර්, කුඩා ප්‍රමාණයේ ලොරි රථ, කරත්ත රැගෙන යන අතර වනෝද්‍යානය තුලද දැවැන්ත මාර්ග ඉදිකර වටිනාකමකින් ඉහළ අගයක් ගන්නා පළු. බුරුත වැනි දැව ඉරූ කදන් මාර්ග සදහා යොදා ගෙන තිබීම පුදුම දනවන්නක්ව තිබේ.

තවද ජාතික වනෝද්‍යානයට ඇතුළු වන මෙම හොර දැව ජාවාරම් කරුවන් දින ගණනක් එහි නවාතැන් ගෙන සිටින අතර, වනයේ සිටින වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ මුවන්, ගෝනන්, වල් ඌරන් වැනි සතුන් දඩයම් කිරීම බදින තුවක්කු ආධාර කර ගන්නා බවත්, වනය තුල විශාල ප්‍රමාණයේ ගිනි මැල ගසා තිබූ අයුරු අප කැමරා කාචයේ මෙසේ සටහන් විය.

මෙම දැව ජාවාරමට අමතරව සත්ත්ව දඩයම සීග්‍රයෙන් ව්‍යාප්තව තිබීම කණගාටුදායකය. මහ පොලොව නුහුලන අයුරින් විල්පත්තුව ජාතික වනෝදානයට නිරන්තරයෙන් එල්ලවන මෙම කෙනිහිලිකම් නිසාවෙන් විල්පත්තුව නම් වන කොමලිය නුදුරේදී සාපාරාධී හොර දැවැජාවාරම්කරුවන්ගේ සින්නක්කර ඉඩමක් කර ගන්නා බව අනුමානය.

මෙම හොර දැව ජාවාරම විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සමීපතම රකෂිත තුල සිදු වෙමින් පවතින්නේ කගේ උවමනාවකට දැයි වන සතුන්ට පමණක් ගැටළුවක්ව තිබුණද එහි පාලකයන්ට කිසිදු ප්‍රශ්ණයක් මේ වන තෙක් පැන නැගී නොතිබීම සැක සහිතය.

විලත්තුවට ඇතුළු වන හොර දැවජාවාරම් නඩය සතියක් පමණ කාලයක් එහි ලැගුම් ගනිමින් විශාල වනසංහාරයකට දායක වීමෙන් ඉරණ ලද හොර දැව තොගය කර පින්නා ගත් මොවුන් ආපසු ගම්බිම් බලා පිටව යන්නේ විදුලි අලි වැට බිදලමිනි.

මේ හේතුව නිසාවෙන් වන අලි ග්‍රහණය ගම්වැදීම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ.

සටහන සහ සේයාරූ - පුත්තලම කේ. ප්‍රියංකර  - sathhanda





























0 comments:

කිරි බත් කකා ඇල්ලෙන් නාන ඇමතිගෙ කෙරුවාව ! සුනිල් පෙරේරා කියයි

 https://www.youtube.com/watch?v=_pRAw-BcV6o


0 comments:

පාලකයින්ට පොරොන්දු සිහිකැඳ වූ ...මාධ්‍යයක භූමිකාවෙන් ඔබ්බට ගිය ගම්මැද්ද

ජනතාවගේ දුක දැක ඒ සදහා වන පිළිසරණක් සදහා යොමු වීම සැබෑ මාධ්‍යයක අත්‍යන්ත අවශ්‍යතාවයකි. ජනමාධ්‍යයට ජනතාවගේ පාර්ශවයෙන් නොසිතා තනි ගමනක් යා නොහැකිය. ඒ සදහා වන බැදීමක් ජනමාධ්‍යයට ඇත.

මන්ද යත් ජනතාව ජනමාධ්‍ය යෙහි සහෘදයා වන අතරම ඔහු නොමැතිව තම නිපැයුමෙන් කිසිදු ඵලක් නොවන නිසාවෙනි.

එහෙත් බොහෝ මාධ්‍යයන් මෙකී කාර්යය ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට රටේ පාලක පැලැන්තිය වෙනුවෙන් පෙනී සිටින බව පමණක් දක්නට ලැබේ.

මෙවන් තත්වයක් තුළ සිරස ගම්මැද්ද එවැනි ජනතාවගේ අත්‍යන්ත අවශ්‍යතාවයන් හදුනාගත් වැඩසහනකි.

පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් රිසාස් මොහොමඩ් ලියූ කෙටි පැහැදිලි කිරීමකි.

ගම්මිරිස් ඇටයක්වත් නැතිව ගම්මැද්ද ට යාම තරමක අසීරු වෑයමක්. ඊට හේතුව මේ ගම් බොහෝමයක දුක නිදන්ගතව තිබීම යි.

ඒ දුක විමසන්නේ නම් මේ ජනතාවට යමක් දිය යුතුයි. යමක් දීම හෝ යමක් සිදු කිරීම පිළිබඳව සිහියේ තබා ගෙන නිවුස් ෆස්ට් කණ්ඩායම් ගම්මැද්ද මහජන ‍සේවා ක්‍රියාන්විතය සමග අති දුෂ්කර ගම්මානවලට පාතැබුවා. මේ ගම්මාන බොහෝමයකට අවසන් වරට ජනතා නියෝජිතයෙකු එසේ නැතිනම් මන්ත්‍රීවරයෙකු පැමිණ තිබුණේ ඡන්ද සමයේ. ඒ ගැන නම් ගම්වල ජනතාවට හිතේ තරහක් තිබුණු බව අපට අපට පසක් වූයේ ඔවුන් කී තොරතුරුවලට අනුවයි.

ඇතැම් ගම්වල ගෙට පහලින් ගංඟා ගලා ගියත් බීමට පිරිසිදු ජලය තිබුනේ නැහැ. වතුරේ සීතලට හිරිගඩු පිපෙනවා. ඒත් මලකඩ හා කිවුලෙන් වකුගඩු හැකි‍ළෙනවා.

සමහර ගම්වල පවුල් පනහකට හෝ හැටකට වැසිකිළි පහසුකම් ඇත්තේම නැහැ. පහසුකම්වලට වඩා අපහසුකම්වලින් පිරුණු පාසල් බොහෝමයක් අපි දුටුවා.බොහෝ ගම්වල ගුරු ගෙදර පාලුවට ගිහින් තිබුණේ, ගුරු මෙන් ම දරු ගෙදර නැවතීම නිස යි. සමහර ගම්වල පාර තෝරගන්න නැහැ. අලි ගම් වදින තැන්වල අලි වැට නැතත් අලි වැටෙන වළවල් පිරී පැවතුනා.දුක ම ජීවිතය කොටගත් මේ ජනතාවගේ හැඟීම්, මැසිවිලි, ප්‍රශ්න අප විමසුවා.

ame> අපි ඔවුන්ට කන් දුන්නා. සියල්ල සටහන් කර ගත්තා. නමුත් ඔවුන්ට පිටුපෑ මහජන නියෝජිතයින් ගැන මතුව තිබෙන තරහ සහ කලකිරීමට කුමක් කළ යුතු ද ? අපි ඒගැන හිතුවා. ඒ නිස යි යළිත් අපට රටපුරා ජනතාව අතරට යාමට සිදුවූයේ, යලිත් සිතන්න ඔවුන්ව පෙළඹවීමට. ජනතාව දුන් ඡන්දයට වටිනාකමක් ලැබී තියේ ද? අපි ඇසූ ප්‍රශ්නයට ජනතාවගෙන ලැබුණේ දීර්ඝ පිළිතුරු. හද කකියන පිළිතුරු. හැබැයි එම පිළිතුරු ඔවුන්ගේ දුකට ගැලපුණා මිසක ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් ලෙස පෙනුණේ නැහැ.

මේ හැම කෙනෙකුටම ප්‍රායෝගිකව උදව් කිරීම අසීරු යි. නමුත්හැම කෙනෙකුට ම එක් අයෙකුට හෝ උදව් කළ හැකියි. මේ සිතුවිල්ල ක්‍රියාන්විතයක් බවට පත්වූයේ, ගම්මැද්ද දින සීයයත් සමග යි. අප සටහන් කරගත් දුක.. ඒ දුකට හේතුව සොයා ජනතාව දුකින් මුදා ගැනීමට නිවුස් ෆස්ට් තීරණය කළා. යළිත් සිතන්න මහජන සේවා ක්රිමයාන්විතයේදී අප ජනතාවට අවධාරණය කලේ, ඔබ වෙනුවෙන් ඔබම පෙනී සිටින ලෙසයි. අප නියෝජනය කරන්න්නේ ද ඔබයි. ඒ නිසා අපි ජනතාව සමග ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කළා.

දුකට උණු වන සිත් ඇති ජනතාවගේ මූල්‍ය පරිත්‍යාගයෙන් ජූලි විසි වෙනිදා සිට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ව්‍යාපෘති රැසක් ක්‍රියාවටට නැංවෙනවා. පළමු දිනයේ දඹුල්ල, දමනයායේ මාර්ගයක්,වැලිගම,බොරාලේ ජල ව්‍යාපෘතියක් සහ කිලිනොච්චියේ ‍පෙරියපරන්දන් රජයේ විදහෙලේ ජල ව්‍යපෘතියක් ක්රිමයාත්මක කරනවා. එතැන් සිට දින සියය පුරාවට ව්‍යාපෘති ක්‍රියාත්සක කොට ජනසතු කිරීම ගම්මැද්ද මහජන සේවා ක්‍රියාන්විතයේ අපේක්ෂාවයි. එය අපේකෂාවකට වඩා බැරූරුම් වගකීමක් ලෙස අපි විශ්වාස කරනවා.

රිනාස් මොහොමඩ්

0 comments:

මා ගිය අධ්‍යයන චාරිකාවක්‌ (රුසියාවට ගිය පළාත් සභා දේශපාලනඥයකුගේ රචනාව)

පළාත් පාලන ආයතනයන්හි දේශපාලනඥයන්ගේ දීමනා හා වරප්‍රසාද සම්බන්ධයෙන් වරින්වර කතා බහ ඇති වේ. මේ කතාබහට සමීප පුවතක්‌ ඊයේ 'දිවයින' පුවත්පත වාර්තා කර තිබිණි. ඒ 'යහපාලන රජයේ තහනම බිඳ බස්‌නාහිර මන්ත්‍රීහු 30 ක්‌ රට සවාරියක' යන ශීර්ෂයෙනි. පුවතෙහි සංක්‍ෂිප්තය මෙසේය.

වත්මන් යහපාලන රජය මන්ත්‍රීවරුන්ට අනවශ්‍ය විදෙස්‌ සංචාර නතර කර තිබේ. එසේ තිබියදීත් බස්‌නාහිර පළාත් මහ ඇමැතිවරයා විසින් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරු 30 දෙනකු රුසියාවට හා බල්ගේරියාවට විදෙස්‌ සංචාරයකට යවනු ලැබ තිබේ. බස්‌නාහිර මහ ඇමැතිවරයා මෙම සංචාර හඳුන්වා දී ඇත්තේ 'අධ්‍යයන චාරිකා' ලෙස ය. දේශපාලනඥයන්ගේ විදෙස්‌ගත වීම් ගැන අපට අමුතු අමාරුවක්‌ නැත. එසේ අමාරුවක්‌ තිබුණ පලියට මේ රටේ දේශපාලනඥයන් තමන් යන ගමන් නවතා දමන්නේ ද නැත. ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණය කර, රට පුරා සම්මන්ත්‍රණ පැවැත්වුව ද, මේ රටේ දේශපාලනඥයන් එහෙමටම බය කරන්නට බැරි බව දේශපාලනය ගැන දන්නා කවරෙකු වුව කියනු ඇත.

'අධ්‍යයන චාරිකා' කතාව විහිළුවක්‌ ලෙස අප සලකන්නේ නැත. එහෙත් අපට තේරෙන හැටියට පාසල් අධ්‍යයන චාරිකාවක්‌වත් බස්‌නාහිර මහ ඇමැතිවරයා කියන තරම් ලෙහෙසියෙන් සංවිධානය කරන්නට හැකියාවක්‌ නැත. යන්නේ කොහේද? අධ්‍යයනය කළ යුත්තේ කුමක්‌ද? ඒ ගැන තොරතුරු සොයා ගන්නේ කෙසේද? චාරිකා අවසානයේ වාර්තාවක්‌ සැපයීම වැනි කාරණා බොහෝ ය. එහෙත් මේ කියන පළාත් සභා දේශපාලනඥයන්ට තමන් ගිය අධ්‍යයන චාරිකාව ගැන වාර්තා තබා රචනාවක්‌වත් ලියා ගන්නට බැරි බව අපට විශ්වාස ය. මීට පෙර ද උතුරු මැද පළාත් සභාවේ දේශපාලනඥයන් පිරිසක්‌ ද විදෙස්‌ගත වී තිබුණේ අධ්‍යයන චාරිකාවක්‌ සඳහා බව කියමිනි. එහෙත් ඒ අධ්‍යයන චාරිකාව ගැන කිසිවෙකුත් වාර්තාවක්‌ වගකිව යුත්තෙකුට භාරදුන් බවක්‌ අප දැක්‌කේ නැත.

බස්‌නාහිර මහ ඇමැතිවරයා කියන පරිදි මේ 30 දෙනාම ගොස්‌ ඇත්තේ 'අධ්‍යයන චාරිකාවක්‌' සඳහා නම්, ඒ සියල්ලෝ ම එකවර යෑවිය යුතු මට්‌ටමේ බරපතළ චාරිකාවක්‌ ද යන වග අපි අසන්නෙමු. කාණ්‌ඩ වශයෙන් බෙදා මේ පිරිසට එම අධ්‍යයන විදෙස්‌ චාරිකාව ලබා දීමට හැකියාවක්‌ තිබුණේ නැද්ද? රටේ ජනතාව තම ප්‍රදේශයේ ඇති බොහෝ ප්‍රශ්න විස¹ ගැනීම සඳහා නිතර යන්නේ පළාත් සභාවට ය. එවැනි තැනක පළාත් පාලන නියෝජිතයන් 30 දෙනෙකුම එකවර නැති වුවහොත් ඇති වන තත්ත්වය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

ජනාධිපතිවරයාට, අගමැතිවරයාට විදෙස්‌ රටවල සංචාරය කිරීම අත්‍යවශ්‍ය කරුණක්‌ වී තිබේ. එහෙත් එම දෙපළම සිය සංචාරයන් සඳහා අවම වියදමක්‌ දරාගත හැකි ආකාරයෙන් අවම පිරිසක්‌ රැගෙන යැම නිරන්තරයෙන් ම කරන්නකි. එසේ තිබියදී විශාල වියදමක්‌ දරමින් මෙවැනි සංචාර සංවිධානය කිරීම කොතරම් ගැලපෙනවා ද යන්න තවදුරටත් කල්පනාd කළ යුතු ය.

මෙවැනි අධ්‍යයන චාරිකා උනන්දුවක්‌ අනෙකුත් පළාත් සභාවලටත්, ප්‍රාදේශීය සභා වලටත් ඇති වීම තරමක්‌ නරක ය. මේ රටේ ආර්ථිකය හොඳ නැති බව ආණ්‌ඩුවම කියන මොහොතක මේ සියලුම ආයතන 'අධ්‍යයන චාරිකා' සංවිධානය කළහොත් තත්ත්වය කොහොමට හිටීවිද?

0 comments:

ඒකාබද්ධ විපක්ෂයේ නැන්දිලා මාමිලා පාර්ලිමේන්තුවේ ගත්ත ආතල් එක..

 https://www.youtube.com/watch?v=YwEf9Yfo4kQ&feature=youtu.be
ඒකාබද්ධ විපක්ෂයේ නැන්දිලා මාමිලා පාර්ලිමේන්තුවේ ගත්ත ආතල් එක..

0 comments:

අගමැතිතුමෙනි, එය ඔබට තරම් නොවේ.

  -
ආණ්ඩුව අදහස් පළ කිරීමේ නිදහසට ඉඩ ලබා දී තිබේ ද යන ප‍්‍රශ්නය ඇසුවහොත්, සර්ව අශුභවාදී, අන්තවාදී අදහස් දරන්නකු මිස කිසිවෙක් නැතැ’යි නොකියනු ඇත.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ රටේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට එල්ල වී තිබුණු බාධාවන් ගැන වූ බිහිසුණු මතක පිළිබඳව නැවතත් කතා කළ යුතු නැත. මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ව ඒ බොහෝ බාධාවන් නැති වූ බව ද, මරණ බියක් නැති ව අදහස් පළ කිරීමට අවකාශයක් නිර්මාණය වූ බව ද ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිවලට ගෞරවය පිණිස කිව යුතු ය.

එහෙත්, ඒ යහපත් දේ සිදුවන අතර මෙවැනි ආණ්ඩුවකින් කිසිසේත් බලාපොරොත්තු නොවන දේ ද තවමත් එලෙස ම පවතින බව සටහන් කර තැබිය යුතු ය. ඒකාබද්ධ විපක්‍ෂයේ මෙහෙයවීමෙන් පැවැති පා ගමනට ආණ්ඩුව පැත්තෙන් එල්ල වූ බාධා ඊට ඇති ආසන්නතම උදාහරණ යි. ආණ්ඩුව පොලිසිය යොදාගෙන කිහිප අවස්ථාවක දී ම විපක්‍ෂයේ පාගමනට බාධා කරන්නට සැලසුම් කළේය. ඒ ඒ නගරවල මහේස්ත‍්‍රාත් අධිකරණවලට පොලිසිය ලවා ඉල්ලීම් ඉදිරිපත් කරවමින් තහනම් නියෝග ගන්නට උත්සාහ කළේ ය. ඒ උත්සාහයන් අපට සිහිපත් කළේ, මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ ම ලජ්ජාසහගත ක‍්‍රියා පිළිවෙතයි. ඒ කාලයේ පොලිස්පතිවරු කටයුතු කළෝ රාජපක්‍ෂ ආණ්ඩුවේ අන්තේවාසිකයන් ලෙසිනි. මනුෂ්‍ය ඝාතන හදිසි අනතුරු ලෙස සටහන් කොට ඒවා වසං කිරීමේ සිට, ඝාතන සිදු වූ විට නිසි විමර්ශන නොකිරීම හරහා මහජන උද්ඝෝෂණවලට පොලිසිය ලවා පහරදීම, හමුදාව ලවා වෙඩිතැබීම හා අධිකරණ වාරණ නියෝග ලබාගැනීම දක්වා ම ඒ කාලයේ පොලිස්පතිවරු හා පොලිස් නිලධාරීහු මහින්ද චින්තනය අනුව කටයුතු කළහ. එහෙත් දැන් ඒවා සිදුවිය යුතු නොවේ.


වර්තමාන පොලිස්පතිවරයාද පසුගිය දවස්වල අඩුවැඩි වශයෙන් පෙන්නුම් කළේ මහින්ද රාජපක්‍ෂ කාලයේ පොලිස්පතිවරුන්ගේ හුරුපුරුදු ය. ඔහුද සිය පහළ නිලධාරීන් ලවා මහේස්ත‍්‍රාත් අධිකරණවලින් පාගමනට එරෙහි ව අධිකරණ වාරණ ගන්නට පියවර ගත්තේ ය. සාමාන්‍යයෙන් පොලිසිය කියන ඕනෑ ම දෙයක් පිළි ගෙන නියෝග නිකුත් කරන්නට සූදානම් ව සිටින සමහර මහේස්ත‍්‍රාත් අධිකරණ ද ඉල්ලූ සැණෙන් එවැනි නියෝග නිකුත් කර නීතිය අපයෝජනය කළේ ය. එහෙත්, ඒ අතර සැලකිය යුතු ප‍්‍රමාණයක් මහේස්ත‍්‍රාත්වරුන් එවැනි නියෝග නිකුත් කිරීම ප‍්‍රතික්‍ෂෙප කළෝ ය. එය ගරුකටයුතු තත්ත්වයකි.

විරුද්ධ පක්‍ෂ හෝ වෙනත් ඕනෑම දේශපාලන හෝ එසේ නොවන බලවේගයක් ආණ්ඩුවට විසම්මුතික අදහස් ඉදිරිපත් කරන විට ඊට සන්සුන් ව මුහුණ දීම ආණ්ඩුවේ වගකීමකි. ඒ අදහස් ප‍්‍රකාශ කිරීමේ අවකාශ නැති කිරීම සඳහා නීතිය හෝ අධිකරණ පාවිච්චි කිරීමේ මහින්ද චින්තන වැඩපිළිවෙළින් මේ ආණ්ඩුව සපුරා වෙනස් විය යුතු ම ය.

ඒ අතර, අගමැති රනිල් වික‍්‍රමසිංහ ද තෝරාගත් මාධ්‍යවලට වාග් ප‍්‍රහාර එල්ල කිරීම දිගට ම කර ගෙන යයි. මීට පෙර ද පාර්ලිමේන්තුවේ දී ඔහු සමහර මාධ්‍ය තෝරා ගෙන ප‍්‍රහාර එල්ල කළේ ය. අනුන් විවේචනය කිරීමට මාධ්‍යවලට ඇති අයිතිය, අගමැතිවරයාට ද එලෙස ම ඇති බවට විවාදයක් නැත. එහෙත්, එය ප‍්‍රතිවිවේචනයෙහි සීමාවේ තබා ගැනීමේ වගකීම අගමැතිවරයා සතු වෙයි. එය ප‍්‍රතිවිවේචනයක සීමාවෙන් ඔබ්බට ගොස් මාධ්‍යවලට පාඩම් උගැන්වීම සම්බන්ධ තර්ජනයක් වන විට අපට කියන්නට ඇත්තේ, අගමැතිතුමෙනි, මේ ඔබගෙන් බලාපොරොත්තු වන යහචර්යාව නොවේ ය, එය ඔබට තරම් නොවේ ය යන්න ය. මාධ්‍ය හා මාධ්‍යවේදීන්ද විවේචනයට, විචාරයට හා විමර්ශනයට විවෘත ය. එහෙත්, මාධ්‍යවලට පාඩම් උගන්වන්නට කිසිවකුට අයිතියක් නැත. දුර්දාන්ත ආණ්ඩුවක් පලවා හැරි දේහපාලන බලවේගයකට වුවද එවැනි අයිතියක් කිසිසේත් ලැබෙන්නේ නැත.

අගමැතිවරයාගේ ක‍්‍රියාවෙන් තමන් රිසි පල නෙලාගන්නට සිතූ සමහර මාධ්‍ය කළේ, අගමැතිවරයාගේ තර්ජනයට බිය වී සමහර පුවත්පත් කතුවරුන් විදෙස්ගත වී පවා ඇතැ’යි කියන තරමට බොරු ගොතා ප‍්‍රචාරය කිරීම යි. ඒ බොරුව ප‍්‍රචාරය කරන විටත්, අදාළ පුවත්පත් කතුවරුන්, කර්තෘ සංසදය විසින් සංවිධානය කර පැවැත්වූ සම්මාන උළෙලේ අසුනක වාඩි වී සිටින අයුරු දැකගත හැකි විය.

මහජනතාවගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය කා විසින්වත් බන්දේසියක තබා පිළිගන්වන ලද්දක් නොවේ. එය කවුරුවත් විසින් මහජනතාවට දුන් දානයක් ද නොවේ. එය මහජනතාව විසින් විශාල වන්දි ගෙවා දිනා ගත් දෙයකි. ඒ වෙනුවෙන් දිවි පිදූවන් මෙන් ම අතපය කඩාගත්තාහු ද, අතුරුදන්වූවාහු ද, මරණ තර්ජනයට ලක්වූවාහු ද බොහෝ වෙති. එනිසා, මාධ්‍ය මගින් හෝ වේවා, වෙනත් උද්ඝා්ෂණ ක‍්‍රියාමාර්ග මගින් හෝ වේවා මහජනතාවගේ අදහස් පළ කිරීමේ නිදහසට බාධා ඇති කිරීමට කිසි ම ආණ්ඩුවක නායකයන්ට හෝ වෙනත් පුද්ගලයන්ට හෝ බලපත‍්‍ර ලැබෙන්නේ නැති බව මතක තබා ගත යුතු ය.

  -

0 comments:

අස්‌වැන්න පැත්තක තබා ගොඩනැගිල්ලකින් වල් නෙලන කෘෂිකර්ම අමාත්‍යාංශය

යහපාලන ආණ්‌ඩුව කරන යහපාලනයට "නොගැළපෙන වැඩ" ගැන ලියන විට කියනවිට බොහෝ දේශපාලනඥයෝ තදින් කේන්ති ගන්නාහ. ආණ්‌ඩුව පත්වී වසරක්‌වත් ගත වීමට පෙර කරන මේ "නරක විවේචන" නවත්වා තවත් වසරක්‌ දෙකක්‌ ආණ්‌ඩුවට කල් ලබා දෙන ලෙස ඔව්හු ඉල්ලා සිටිති. දැන් අපට අහන්නට ප්‍රශ්නත් තිබේ. අවුරුද්දක්‌ තිස්‌සේ මේ කරන සමහර නොහොබිනා වැඩවල තරම මෙබඳු නම් අවුරුදු දෙක තුනක්‌ ගත වනවිට තත්ත්වය කොහොම හිටීවිද?

මේ නොගැළපෙන වැඩ ගැන දෙන්නට තිබෙන හොඳම උදාහරණය ශ්‍රී ලනිප මහලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකගේ කෙරුවාවය. කෙරුවාවේ ස්‌වභාවය තේරුම් ගැනීමට කතාවේ අතීතය ගැන දැන සිටිය යුතුය.

කෘෂිකර්ම අමාත්‍යාංශයට
අලුත් ගොඩනැඟිල්ලක්‌

දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ල රජමල්වත්තේ පිහිටි ගොඩනැඟිල්ල පාර්ලිමේන්තු කාරක සභා පවත්වා ගෙන යැම සඳහා පාර්ලිමේන්තුවට ලබාදීමට නියමිතය. එය හැඳින්වෙන්නේ ගොවිජන මන්දිරය ලෙසය. එහි වනජීවී අමාත්‍යාංශය, විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය ද ස්‌ථාපිතව තිබිණි. පාර්ලිමේන්තුවට ගොඩනැඟිල්ල බාරදී වෙනත් රජයේ ගොඩනැඟිලි සොයා ගන්නා ලෙස දැනුම් දුන් විට ආසන්නතම යෝජනාව වූයේ "සෙත්සිරිපායයි". අනෙක්‌ අමාත්‍යාංශ දෙක ඒ යෝජනාවට එකඟව සෙත්සිරිපායේ සිය අමාත්‍යාංශ ස්‌ථාපිත කිරීමට ක්‍රියා කළ නමුත් කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැඟිල්ලට යැම ප්‍රතික්‍ෂේප කළේ එහි ප්‍රමාණවත් ඉඩකඩක්‌ නැති බව කියමිනි. කෘෂිකර්ම ඇමැතිවරයාගේ වාසනා මහිමයට ගොඩනැඟිල්ලක්‌ හමු වන්නේ එය අතරවාරයේය. එහෙත් එය රජයේ ගොඩනැඟිල්ලක්‌ නොවිණි. පෞද්ගලික සමාගමකට අයත් එම ගොඩනැඟිල්ල රාජගිරියේ පාර්ලිමේන්තු පාරේ අංක 288 දරන ස්‌ථානයෙහි පිහිටා තිබිණි. කෘෂිකර්ම ඇමැතිවරයා වහාම ක්‍රියාත්මක වී මෙම ගොඩනැඟිල්ල සිය අමාත්‍යාංශය වෙනුවෙන් ලබා ගැනීමට කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කළේය. මුල්වරට යෝජනා වන්නේ එම ගොඩනැඟිල්ල මිලදී ගැනීමටය. ඒ 2015 දෙසැම්බර් මාසයේදීය. එහෙත් ඒ මොහොතෙහි ඊට කැබිනට්‌ අනුමැතිය හිමිවන්නේ නැත. එම ඉල්ලීම සලකා බැලීම සඳහා කැබිනට්‌ අනු කමිටුවක්‌ පත් කරන ලද මුත් ඊට පසු සිදුවූ දෙයක්‌ ගැන වාර්තා වන්නේ ද නැත. 2016 පෙබරවාරි 17 වැනිදා මේ කාරණය වෙනුවෙන් අමාත්‍ය මණ්‌ඩලයට යෝජනාවක්‌ ඉදිරිපත් වී තිබිණි. ඒ කුලී පදනම මත එම ගොඩනැඟිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා ගැනීම සඳහාය. 2016 මාර්තු 02 වැනිදා ඒ සඳහා කැබිනට්‌ මණ්‌ඩලය අනුමැතිය ලබාදී තිබිණි. එහෙත් "සිහිබුද්ධිය තිබෙන අතළොස්‌සක්‌ හෝ සිටින නිසා මේ ගැන බරපතළ සැකසංකා මතුව තිබිණි. එහිදී වඩා වැදගත් වන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණ වාර්තා දැක්‌වීම මේ සම්බන්ධයෙන් අතිශය වැදගත්ය. විගණකාධිපතිවරයාගේ නිගමනයට අනුව මේ ගනුදෙනුව ප්‍රසම්පාදන පටිපාටියේ නීතිරීතිවලට පටහැනිය. ඒ මෙසේය.

* ටෙන්ඩර් පටිපාටිය අනුව ගොඩනැඟිල්ල මිලදී ගැනීමට කටයුතු කර නැත.

* වර්ග අඩියකට රුපියල් 167.50 කට මාසික කුලියක්‌ අය විය යුතු යෑයි කියන ගොඩනැඟිල්ල හිමිකරුගේ කතාව කෘෂිකර්ම අමාත්‍යාංශය (හෝ ඇමැතිවරයා) කිසිදු වගවිභාගයකින් තොරව පිළිගෙන තිබේ.

* තක්‌සේරු වාර්තා දක්‌වන්නේ වර්ග අඩියක මිල රුපියල් 150 ක්‌ බවය. (වැඩිපුර රුපියල් 17.50 ක්‌ ගෙවීමට අමාත්‍යාංශය කැමැත්ත පළ කර තිබේ.)

* ගොඩනැඟිල්ල මිලදී ගැනීමෙන් වසර තුනකට පසුව සියයට පහළොවක මාසික කුලිය වැඩිවීමක්‌ සිදු වේ.

* දෙවසරක්‌ සඳහා කුලී අත්තිකාරමක්‌ ද අවශ්‍ය බව ගිවිසුමේ කොන්දේසි අතර වේ.

කෙසේ හෝ විගණකාධිපති වරයාගේ නිගමනය වී ඇත්තේ එම ගොඩනැඟිල්ල කුලියට ගැනීමේදී විචක්‍ෂණයකින් තොරව කටයුතු කර ඇති බවය. මේ සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණයේ නිරීක්‍ෂණ ඇතුළත් අංක ඒජීඑල් /සී/15/ඒකිව්/ 21 (AGL/C/15/AQ/21) විගණන විමසුමෙහි මේ කරුණු දක්‌වා තිබේ.

මේ ගැන මාධ්‍ය මගින්ද අනාවරණය කෙරිණි. අප්‍රේල් මස 20 කැබිනට්‌ ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමැතිවරයා කියා තිබුණේ ගොඩනැඟිල්ල මිලදී ගැනීම අත්හිටු වූ බවය. එහෙත් ඇත්ත වශයෙන්ම සිදුව තිබුණේa විගණන වාර්තාවට ද කොකා පෙන්වමින් ඒ වනවිටත් එනම් මාර්තු 8 වැනිදා වනවිට ගොඩනැඟිල්ලේ හිමිකරුගේ කොන්දේසි ප්‍රකාරව දෙවසරක කුලී අත්තිකාරම් සමග අප්‍රේල් මාසයේ කුලිය ගෙවා අවසන් කර තිබීමය. ඒ අනුව රුපියල් දෙකෝටි දශලක්‍ෂයක්‌ (රු. 2,10,00,000) වූ මාසික කුලිය දෙවසරකට රුපියල් පනස්‌ කෝටි හතළිස්‌ ලක්‍ෂයක්‌ ලෙස කුලී අත්තිකාරම් ද සමගින් ගෙවා අවසන් කර තිබිණි. එම මුදල් ගෙවීම් කර තිබෙන්නේ අංක 138/4 සහ 139/4 යන වවුචර මගිනි.

පැහැදිලිවම මේ සිදුව තිබෙන්නේ අදාළ බලධාරීන්ට සේම රටේ ජනතාවටත් කොළේa වසා ගැහිsල්ලකි. මේ තක්‌කඩි ගනුදෙනුව අනුව මසකට එම ගොඩනැඟිල්ලට ගෙවිය යුතු මුදල රුපියල් කෝටි එකහමාරකි. ඊට අඩුවෙන් තැනක්‌ සොයා ගැනීමට හැකියාවක්‌ තිබුණේ නැතැයි කියන බොරුව රටේ ජනතාව හිස්‌ මුදුනින් පිළිගත යුතුය.

නොගිය ගොඩනැඟිල්ලට කුලී

ඒ කතාව මාස හතරක්‌ පමණ පරණය. මෙතැන් සිට ඔබ කියවන කතාව සිහිබුද්ධියෙන් කියවිය යුතුය. ඊට හේතුව මේ රටේ ජනතාව (ඔබ) ගොනාට ඇඳ ඇතැයි සිතන දේශපාලනඥයන්ගේ කෙරුවාව කෙසේදැයි විස්‌තර කරන්නට මීටත් වඩා උදාහරණ නැති නිසාය. ඒ තරම් හීන් නූලෙන් වැඩ කළ කෘෂිකර්ම ඇමැතිවරයා මේ වනවිට එම ගොඩනැඟිල්ලේ පදිංචියට ගොස්‌ ඇතැයි ඔබ සිතන්නේ නම් ඔබ වැරදිය. තවමත් කෘෂිකර්ම අමාත්‍යාංශය තිබෙන්නේ බත්තරමුල්ල රජමල්වත්තේය. එහෙත් පොරොන්දු ප්‍රකාරව දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ සිහින ගොඩනැඟිල්ල වෙනුවෙන් කුලිය ගෙවා තිබේ. නිවැරැදිව කීවොත් ගෙවුණු මාස හතරට ගෙවිය යුතු රුපියල් අටකෝටි හතළිස්‌ ලක්‍ෂයක කුලිය ගෙවන්නට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේ නව ගොඩනැඟිල්ලට යාම පමා වන්නේ දුමින්ද දිසානායක ඇමැතිවරයාට "නැකතක්‌" aහරි ගියේ නැති නිසා නොවේ. ඒකාබද්ධ විපක්‍ෂයේ උදවියට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නට කාලය වැය වන නිසාද නොවේ. එම නව ගොඩනැඟිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යැම සඳහා කොතරම් යෝග්‍ය ද යන්න පිළිබඳව ලබාදී ඇති වාර්තාව නිසාය. සරලව කිවහොත් 2016 මැයි 05 දින ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය කෘෂිකර්¨ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉදිරිපත් කර ඇති වාර්තාව අනුව, වාණිජ සාප්පු සංකීර්ණයක්‌ ලෙස නිර්මාණය කර ඇති ගොඩනැඟිල්ල කාර්යාලයීය කටයුතු සඳහා භාවිත කිරීමට නම් එහි වෙනස්‌කම් සිදු කළ යුතුය.

එහි වැදගත්වන කාරණා කිහිපයක්‌ පමණක්‌ සටහන් කරන්නේ මේ අවලස්‌සන ගනුදෙනුව යහපාලනයට කොතරම් නොගැළපෙන්නේ දැයි තේරුම් ගැනීමටය.

අදාළ වාර්තාවට අනුව මේ ගනුදෙනුව සඳහා පාදක වූ ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා එම ගොඩනැඟිල්ල පිහිටි මුළු ඉඩමම භාවිත කර තිබේ. ඒ නිසා කසළ එකතු කිරීමට අපජලය, මළ ජලය පිළිසකර යන්ත්‍රාගාරයක්‌ සඳහා යෝජනා ඉදිරිපත් කර තිබේ. එමෙන්ම එම ගොඩනැඟිල්ලේ ගිනි ආරක්‍ෂණ ක්‍රියාදාමය , ගිනි නිවන දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂා කිරීම්වලට ලක්‌ විය යුතු බවත්, හදිසි පිටවීම් සඳහා අතිරේක පඩිපෙළක්‌, විදුලි සෝපානයක්‌, හදිසි තත්ත්වයකදී රැස්‌වීමේ ස්‌ථානයක්‌ හා ගිනි නිවීම් රථ ප්‍රවේශවීමේ හැකියාව තිබිය යුතු බවත් එම යෝජනා නිර්දේශවලින් පෙන්වා දී තිබේ.

එම වාර්තාවේ සඳහන් වන පරිදි ගොඩනැඟිල්ලේ එහි එක්‌ මහලකට ඇත්තේ ඇම්පියර් 100 ක තෙකලා විදුලි ධාරිතාවක්‌ පමණි. ඉන් වැඩි ප්‍රමාණයක්‌ එනම්, ඇම්පියර් 95 ක පමණ ප්‍රමාණයක්‌ වැය වන්නේ වායු සමීකරණ යන්ත්‍ර සඳහාය. ඉතිරි ඇම්පියර් පහක ප්‍රමාණයෙන් මුළු මහලේ ඉතිරි විදුලි අවශ්‍යතා පිරිමැසිය නොහැකි නිසා අමතර ඇම්පියර් 60 ක විදුලි ධාරිතාවක්‌ අවශ්‍ය වන බව එම වාර්තාවේ සඳහන් ය.

(මේ කියන්නේ අමාත්‍යාංශයක නොව ඕනෑම කුඩා කාර්යාලයක වුව භාවිත කෙරෙන පරිගණක, මුද්‍රණ යන්ත්‍ර, ෙෆාටෝ කොපි යන්ත්‍ර වැනි දැ ගැනය.) එමෙන්ම එහි ක්‍රියාත්මක පරිදි තට්‌ටු හතක ගොඩනැඟිල්ලේ 500 ක පමණ පිරිසකට යැමට ඒමට ඇත්තේ එක්‌වර හත්දෙනකුට පමණක්‌ යා හැකි විදුලි සෝපාන යන්ත්‍ර දෙකකි. එම විදුලි සෝපානද අලුත්වැඩියා කළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් වී තිබේ. ප්‍රශ්නය වන්නේ ගොඩනැඟිල්ලේ ගනුදෙනුව සිදුවන විට විදුලි සෝපානයක ගමන් කළ හැකි ගණන 16 ක්‌ ලෙස සඳහන්ව තිබීමත්, එහෙත් ඇත්ත වශයෙන්ම එහි ගමන් කළ හැකි ප්‍රමාණය 07 (හතක්‌) පමණක්‌ වීමත් ය. ගොඩනැඟිල්ලේ නොසුදුසු බව ගැන කියන්නට තවත් උදාහරණ බොහෝය.

ගොඩනැඟිල්ල කුලියට ගැනීමට පෙර මේ කිසිදුq කාරණයක්‌ ගැන සැළකිල්ලක්‌ නොදක්‌වා ඇති බව ඉන් ඉඳුරාම පැහැදිලිය. මේ ගනුදෙනුවේ අතිශය දූෂිත, නාස්‌තිකාර "වත්මන් කතාව" තවත් දරුණුය.

නොගිය ගොඩනැඟිල්ලට
තවත් රුපියල් මිලියන 402 ක්‌

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් අදාළ ගොඩනැඟිල්ල කාර්යාල පරිශ්‍රයක්‌ සඳහා සකස්‌ කිරීමටත් ඊට අවශ්‍ය ගෘහ භාණ්‌ඩ ලබා ගැනීම සඳහාත් රුපියල් මිලියන 402 ක්‌ වැය වන බවට නිර්දේශ කර ඇත.

විශාල මුදලක්‌ එම ගොඩනැඟිල්ල සඳහා මේ වනවිටත් වැය කර තිබියදීත්, මාස්‌පතා කුලී ගෙවමින් තිබියදීත්, කිසිදු හිsරිකිතයක්‌ නොමැතිව එම රුපියල් මිලියන 402 සඳහා ද දුමින්ද දිසානායක ඇමැතිවරයා කැබිනට්‌ මණ්‌ඩලයට යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබේ. මෙහි වඩාත්ම අවධානයට යොමු විය යුතු කාරණය වන්නේ එම මුදල ලබාගත් පසු එය කාර්යාලයීය කටයුතුවලට ගැළපෙන ලෙස සකස්‌ කිරීමට "ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්යාංශයට" වසරක කාලයක්‌ ගතවන බව පවසා තිබීමය. ගතවන කාලය අඩු කර ගැනීමට එය පෞද්ගලික අංශයට දීමට තීරණය කළ ද, පෞද්ගලික අංශයේ ම පවා ඒ සඳහා මාස ගණනාවක්‌ ගත විය හැකි බව විෂයය ප්‍රාමාණිකයෝ පෙන්වා දෙති. ඉන් අදහස්‌ වන්නේ "නිකං කුලී ගෙවීම" තවත් මාස ගණනාවක්‌ හෝ වසරක්‌ ඇදෙන්නට නියමිත බවය.

මේ ලිපිය මුල සිට අගට කියෑවූ අයෙකුට මේ නාස්‌තිකාර මුදලේ ප්‍රමාණය ගැන නැවත මතක්‌ කර දිය යුතු නැත. ගොඩනැඟිල්ල කුලියට ගැනීමට පෙර විගණකාධිපතිවරයා සඳහන් කළ කාරණය වැදගත්ය. බත්තරමුල්ල ප්‍රදේශයේ හෙක්‌ටයාරයක පමණ භූමි භාගයක්‌ කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව තිබේ.

කෘෂිකර්ම ඇමැතිවරයාට මෙතරම් මුදලක්‌ වියදම් කිරීමට තරම් "උණක්‌" තිබේ නම් එම මුළු මුදලම නොව ඉන් යම් ප්‍රමාණයක්‌ යොදවා අදාළ ඉඩමෙහි සියලු පහසුකම් සහිත ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට හැකියාව තිබිණි. අප විශ්වාස කරන්නේ මෙවැනි මගඩි වැඩක්‌ සිදුවන්නේ කවුරුන් හෝ ව්‍යාපාරිකයකුගේ සාක්‌කු පිරවීමටම බවය. නැතිනම් රජයේ ගොඩනැඟිලි සොයා යැමත් තමන්aගේම ඉඩමක ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමත් මෙතරම් අමාරු කාරියක්‌ වන්නට බැරිය.

පසුගිය ආණ්‌ඩුව කළ අලුගුත්තේරු වැඩ නිසා ආර්ථිකය දුවන්නේ රිම් එකින් බව කියන්නේ දුමින්ද දිසානායක ප්‍රමුඛ යහපාලන ආණ්‌ඩුවේම සමහර උදවියයි. ඒ අයම දූෂණයට, නාස්‌තියට අනුබල දෙන පිළිවෙතක්‌ අනුගමනය කරන විට රටේ අපි ගොනාටම අඳිමු. නැතිනම් ආණ්‌ඩුවට හොඳටෝම හිත රිදෙන්නට පුළුවන.

උදේශ සංජීව ගමගේ

0 comments:

මදැයි පයින් ගියා මදැයි ඔයින් ගියා - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අයියෝ මහින්ද මහත්තයාට මොකෝ මේ වෙලා තියෙන්නේ....
මේ පාරවල් හන්දි ගාණේ ඇවිදින්නේ...
යුද්ධෙ දිනපු ගෞරවයත් තියාගෙන රජෙක් වගේ ඉන්න පුළුවන් මිනිහෙක්නේ...
ඇයි මෙහෙම බලය ඉල්ලලා පාරට වැටෙන්නේ...
මේ මහින්ද පාද යාත්‍රාවේ යනවා දැකල මිනිස්සු කියන කතාය. මේ රටේ මිනිස්සු හිටපු ජනාධිපතිවරයෙක් මෙලෙස මහ පාරේ බලය හිඟනවා දැක නැත. ජේ.ආර්. වසර 11ක් රට පාලනය කළේය. 1988 විශ්‍රාම ගොස් පාරවල් හන්දි ගාණේ සටන් කරන්න ගියේ නැත. ලංකාවේ පා ගමන්වල ආරම්භකයා ජේ.ආර්. ය. ඔහු බණ්ඩාරනායක ආණ්ඩු කාලයේ නුවරට පා ගමන් ගියේය. 70 - 77 කාලයේ රට පුරා සත්‍යග්‍රහ පැවැත්වීය. හැබැයි ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගියාට පසු ආයේ පාරට බැස්සේ නැත.


ජේ.ආර්. ට පසු ජනාධිපති වූ ප්‍රේමදාස නම් ඝාතනය විය. ඉන් පසු ජනාධිපති වූ විජේතුංග විශ්‍රාම ගියාට පසු උන්නද මළාද කියා හොයන්න බැරි විය. චන්ද්‍රිකාත් එසේය. වසර 10ක් පමණ නිහඬව සිට ඇය එළියට ආවේ මෛත්‍රි දිනවන සටනට එක් වෙන්නටය. එහෙව් ජනාධිපතිවරු හිටින රටක මහින්දට වසර 11ක් ජනාධිපතිකම කරලාත් ආයේ පාරට බහින්න ඕනෑ වෙලා තියෙන්නේ ඇයි කියන එක මිනිස්සුන්ට ප්‍රශ්නයකි.
මහින්ද පාරවල් ගාණේ ඇවිදිද්දී ඇමෙරිකාවේ අපූරු සිදුවීමක් සිදුවිය. ඇමෙරිකානු ජනාධිපති ඔබාමා, හිලරි ක්ලින්ටන්, ඩිමොක්‍රටික් පක්‍ෂ අපේක්‍ෂකත්වයට නම් කරන විටදී අපූරු කතාවක් කළේය. ඔහු කීවේ හිලරි ඇමෙරිකානු ජනාධිපති ධුරයට තමාට වඩා සුදුසු අයෙක් බවය. ඔහු ඒ කතාව කළේ පක්‍ෂය ජයග්‍රහණය කරන්නටය. හිලරි ඔබාමාත් සමඟ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය ගන්න තරග කළ අයෙකි. ඒ තරගයේදී දෙදෙනා එකිනෙකාට චෝදනා නඟා ගත්හ. නමුත් ඔබාමා පක්‍ෂ අපේක්‍ෂකත්වය ලබා ගත් විට හිලරි ඔබාමාට සහාය පළ කළාය. ඔබාමා ජනාධිපති වූ විට හිලරිව රාජ්‍ය ලේකම්වරිය කර ගත්තේය.


මහින්දත් 2015 ජනාධිපතිවරණයට තරග නොකොට මෛත්‍රිට අපේක්‍ෂකත්වය දුන්නා නම් අද තියෙන්නේ ශ්‍රී ලනිප ආණ්ඩුවකි. මෛත්‍රිට අපේක්‍ෂකත්වය දීම පසෙක තිබියදී මෛත්‍රිට අගමැති ධුරයවත් දුන්නා නම් අද මහින්ද රටේ ජනාධිපතිය. එහෙම වුණා නම් අද මහින්ද අර මෛත්‍රි කියන්නා වගේ පාරවල් ගාණේ හන්දි ගාණේ දිය පට්ටා එන තෙක් ඇවිදින්න ඕනෑ නැත.


ඇත්තටම 2015 ජනාධිපතිවරණයේදී මහින්දව පරාජය කළේ මෛත්‍රි නොව, මහින්ද මහින්දවම පරාජය කර ගත්තේය. ඒ වගේම පාද යාත්‍රාව ශ්‍රී .ල.නි.ප. මූලස්ථානය ඉදිරිපිට යද්දී 'හූ' කියමින් මෛත්‍රිගේ ආප්ප කඩේ කියමින් යෑමද වැරැදිය. මන්ද ශ්‍රී .ල.නි.ප. මූලස්ථානය මෛත්‍රිට භාර දුන්නේ මහින්දය. මෛත්‍රි බලෙන් පක්‍ෂ නායකත්වය භාර ගත්තේ නැත. තමන් පක්‍ෂ නායකත්වය මෛත්‍රිට පවරනවා කියා මහින්ද නිවේදනයක් කොට පක්‍ෂ නායකත්වය දුන්නේය. ඕනෙ නම් මහින්දට පක්‍ෂ නායකත්වය නොදී සිටිය හැකිව තිබුණි. අනුර හෝ විජය කැරැලි ගසන විට මැතිනිය පක්‍ෂ නායකත්වය කාටවත් දුන්නේත් නැත. ජේ.ආර්. කැරැලි ගහන විට ඩඩ්ලි පක්‍ෂ නායකත්වය දුන්නේ නැත. ලලිත් සහ ගාමිණී කැරැලි ගහන කොට ප්‍රේමදාස පක්‍ෂ නායකත්වය දුන්නේ නැත. කරුලා සජිත්ලා කැරැලි ගහනකොට රනිල් පක්‍ෂ නායකත්වය දුන්නේත් නැත. මහින්ද පැනල පක්‍ෂ නායකත්වය දුන්නේය. දුන්නේ පවුලේ වැරැදි වහගන්න කියල කියන්නේ පක්‍ෂයේ ජේ‍යෂ්ඨ නායකයන්ය. එහි ඇත්ත නැත්ත කුමක් වුවත් තමන් විසින්ම ජනාධිපති ධුරය අහිමි කර ගෙන පක්‍ෂ නායකත්වය තමන් විසින්ම අතහැර අද ඒ ජනාධිපතිකමයි පක්‍ෂ නායකත්වයයි ගන්න මහින්ද පාද යාත්‍රා යෑම දේශපාලන අප්‍රභංශයකි.


මේ පාර මහින්ද ගිය පාද යාත්‍රාවට වඩා දස දහස් ගණනක් මිනිස්සු 2005 එජාප ජනබල මෙහෙයුම පා ගමනට එක් විය. එජාපය 2005 ජනබල මෙහෙයුම පා ගමන පැවැත්වූයේ දෙවුන්දර තුඩුවේ සිට කොළඹටය. ඒ, 2005ට ජනාධිපතිවරණය පවත්වන්නටය. එය දින 10ක පා ගමනක් විය. එජාපය පා ගමන ගියේ මහින්ද එක්ක කථිකා කරගෙනය. එතකොට මහින්ද අගමැතිය. 2005ට ජනාධිපතිවරණය ගන්න රනිල්ටත් වඩා ඕනෑකමක් මහින්දට තිබිණි. දෙදෙනා හොරෙන් හමු වී සාකච්ඡා කරන්නේ හිටපු පාර්ලිමේන්තු මහලේකම් සෑම් විජේසිංහගේ ගෙදරය. එජාපය පා ගමන යන විට හෙළ උරුමයෙන් 2005ට ජනාධිපතිවරණය ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් විය. පා ගමනේ හයිය අරගෙන අගවිනිසුරු සරත් සිල්වා 2005ට ජනාධිපතිවරණය තියන්න තීන්දුව දුන්නේය. ඒත් සරත් සිල්වා තීන්දුව දුන්නේ මහින්දගේ වුවමනාවට බව එජාපය දැන සිටියේ නැත. 2006ට ජනාධිපතිවරණය තියනතාක් ඉවසන්න යැයි චන්ද්‍රිකා රනිල්ට පණිවුඩ එව්වාය. රනිල් මහින්දගේ ලණුව කෑවේය. දස දහස් ගණනින් මිනිස්සු කොළඹට ආහ. එය ලංකාවේ සාර්ථකම පා ගමනය. පා ගමන ආවේ දකුණෙන්ය. මැතිවරණ කොමසාරිස් ජනාධිපතිවරණයට දින නියම කළේය. රනිල් ජනාධිපතිවරණයට ගියේ පා ගමනින් ජන බලය පෙන්වලාය. මහින්දට එවැනි ජන බලයක් පෙන්වන්න අවස්ථාවක් ලැබී තිබුණේ නැත. අනෙක රනිල් ජන බලය පෙන්වූයේ මහින්දගේ බලකොටුව වන් දකුණෙනි. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් විය. රනිල් අන්තයටම පැරදුණේ දකුණෙනි. දකුණ රනිල් දින්නා නම් අද රනිල් ජනාධිපතිය.


'එතකොට කෝ ජන බල මෙහෙයුමේ හයිය...?'
දවස් 10ක් ජන බලය පෙන්නලත් දකුණ වෙනස් වූයේ නැත. ජනබල මෙහෙයුම්වලට පාද යාත්‍රාවලට ජන මනස වෙනස් කරන්න බෑ කියන්න මෙයිටත් වඩා අටුවා ටීකා අවශ්‍ය නැත. ජනාධිපතිවරණය පරාජය වුණාම එවකට පක්‍ෂ නියෝජ්‍ය මහ ලේකම් තිස්ස කීවේ බලන්නකෝ අපි මෙච්චර සෙනඟක් පෙන්නලත් දකුණ හොල්ලන්න බැරි වුණානේ කියලාය. ඒ ජන බල මෙහෙයුම ගියේ චන්ද්‍රිකාගේ පාලන කාලයේ අවසානය වුවත් ආණ්ඩුව අලුත හදපු ආණ්ඩුවකි. ආණ්ඩුව හැදුවේ 2004දීය. 2004 මහ මැතිවරණය පැරදිලා අවුරුද්දෙන් ජනාධිපතිකම ගන්න එජාපයට හදිසියක් තිබුණට ජනතාවට හදිස්සියක් තිබුණේ නැත.


මහින්දගේ පාද යාත්‍රාවටත් වුණේ ඒකය. හැමෝම හිතුවේ පාද යාත්‍රාව ආණ්ඩුව හොල්ලයි කියාය. පාද යාත්‍රාවෙන් ආණ්ඩුව වැටෙයි කියා දත කට මැද ගෙන හිටි අයත් සිටියහ. ඒත් එය මහින්දගෙයි මහින්දගේ කට්ටියගෙයි පා ගමනක් පමණක් විය. නුවරින් පටන් ගත්තේ ශ්‍රී ලනිප පා ගමන් කියාගෙනය. කොළඹට එද්දී එය ශ්‍රී .ල.නි.ප.ය දෙකඩ කරන පා ගමනක් බව ඔප්පු කොට පෙන්වීය. ඩාර්ලි පාරේ පක්‍ෂ මූලස්ථානයට හූ කීවේ ඒ නිසාය.


'මැදැයි පාද යාත්‍රා ගියා'
පුංචි ඡන්දයේ ප්‍රතිඵල එනකොට මහින්දම මහින්දට කියා නොගතහොත් පුදුමය. මහින්දට ජනාධිපති මන්දිරයට යන්න හදිස්සිය තියෙන්න පුළුවනි. බැසිල්ට ආණ්ඩුව තම මතයට ගෙන යන්න හදිස්සිය තියෙන්න පුළුවනි. ගෝඨාභයට හමුදාවට පොලිසියට අණ දෙන්න හදිස්සිය තියෙන්න පුළුවනි. ඒත් ජනතාවට හදිස්සියක් නැත. පාද යාත්‍රාවට ආණ්ඩුව හොල්ලන ජන ගඟක් ආවේ නැත්තේ ඒකය. ජනතාව ආණ්ඩුවට බනී. ඒත් ආණ්ඩුවට තව කල් තියෙන බව ජනතාව දනී. එතෙක් ඉවසන්න බැරි නම් මහින්දලාට කවදාවත් සැනසීමක් නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

0 comments:

සුද්දෙක්ව අන්දන්ඩ හදපු ලංකාවේ කාක්කෙක්.... ලංකාවේ නමත් කාපු සිද්ධියක් සුද්දෙක් අන්තර්ජාලයට දාලා

 https://www.youtube.com/watch?v=WcLCOqWYCl8
මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙකු ඔහුට මුහුණ දීමට සිදු වූ සිදුවීමක වීඩියෝවක් අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.

ලෝකය හමුවේ ලාංකීය ප්‍රතිරූපයට හානි කරවිය හැකි මෙය සිදු වී ඇත්තේ කොළඹ නගරයේ යි.

කොළඹ නගරයේ ඇවිද යන අතරතුර ඔහු වෙත පැමිණෙන පුද්ගලයෙකු පවසන්නේ එම ස්ථානයේ සිට කිලෝමීටර දෙකක් පමණ දුරින් පෙරහැරක් පවතින බව යි.

එය නැරඹීමට යන මෙන් අදාළ පුද්ගලයා විදේශිකයාට දිගින් දිගටම පවසන අතර එම ස්ථානයේ තිබූ ත්‍රිරෝද රියක් පෙන්වන ඔහු විදේශිකයාට පවසන්නේ එය රජයට අයත් රථයක් බව යි.

එය ඔප්පු කිරීම පිණිස ත්‍රිරෝද රථයේ අංක තහඩුවේ මුද්‍රණය කර ඇති රාජ්‍ය ලාංඡනය පෙන්වා අදාළ විදේශිකයාව රැවටීමටයි ඔහු උත්සහ කරන්නේ.

කෙසේ වෙතත් මෙම විදේශිකයා තම යහළුවෙකු තමන් එනතුරු බලා සිටින බව පවසා ඉහත කී පුද්ගලයාව මගහැර යනවා.

 https://www.youtube.com/watch?v=WcLCOqWYCl8


0 comments:

දොරවල් කඩාගෙන මිනිස්සු ආපු අතීතයට ගමනක් ....චින්තන ජයසේන ගැන අතීත මතක

විමලනාත් වීරරත්න

මම දැන් පදිංචිය දෙල්ගොඩ සියඹලාපෙ කියන හරියෙ. මීට ටික කාලෙකට කලින් දවසක් ඔන්න මම ? බෝවෙලා අඩියකුත් ගහලා බස් නැතුව පයින්ම ගෙදර යනවා. මගදි තව දෙගොඩහරියෙ වයසෙ මනුස්සයෙක් හම්බ වුණා. මිනිහත් ටිකක් බීලා හිටියෙ. කයියක් ගහගෙන යමු කියලා දෙන්න එක්ක දැන් වැනි වැනී එනවා. නොයෙක් දේවල් කතා කර කර යන ගමන් මිනිහා මගෙන් නම ඇහුවා. මං කිව්වා චින්තන ජයසේන කියලා. මිනිහා එකපාරටම ගමන නවත්තලා, මගේ කමිස කොළරයෙන් අල්ලලා ‘අඩෝ බිව්ව පළියට ඉන්ටර්නැෂනල් බොරු කියන්න එපා’ කියලා මගේ කනට එකක් දුන්නෙ නැද්ද තරු විසිවෙන්න. මං ගුටිකාලා නිකම් හිටියා මිසක් ගමට එනතුරු මොකුත් කියන්න ගියේ නෑ’
චින්තන ජයසේන අමුතු ලෙස නම පතළ වූයේ එක ජාතියක වැඩකාරයකු වූ නිසාය. චින්තන උපන්නේ රණාලේදීය. තාත්තා විදුහල්පතිවරයෙකු ලෙස සේවය කළ නිසා පාසල් දහයක දොළහක ඉගෙන ගන්නට චින්තනට සිදු විය. ඔහු දෙමාපියන් සමග වැඩි කාලයක් ජීවත් වූයේ පානදුර පල්ලිමුල්ලේය. චින්තන කියන පරිදි ඔහුගේ උපහාස ලිවීම, සමාජ විචාරය, තීරු රචනා ආදියෙහි පදනම කාලයක් තිස්සේ බොහෝ තන්හි ඇවිදීම හා බොහෝ පිරිසක් ඇසුරු කිරීමය. ඔහුට ස්වරූප ගණනාවක පත්තර කරන්නට හැකියාව ලැබුණේ තමන් ලද අත්දැකීම්වල විවිධත්වය නිසා විය හැකිය. කොලම, අද, සිත්තර, හෙට, විලාසිතා ආදී එකිනෙකට මුළුමනින් වෙනස් අන්තර්ගතයන් සහිත ඔහුගේ නිමැවුම් හැම එකක්ම පාහේ ලංකාවේ ඉහළම ජනපි‍්‍රයත්වය ලද ඒවාය. චින්තනගේ කොලම හා සිත්තර චිත‍්‍රකතා පත‍්‍රය පළමුවැනි කලාපයේ සිටම මිලදී ගැනීමට පාඨකයන් ආවේ පත්තර කඩවල දොරවල් බිඳගෙනය. චින්තන මුලින්ම සම්බන්ධ වී සිටියේ උදය පුවත්පතටය. ඒ පාසල් යන අවධියේදීය. මුලින්ම අම්මා ගැන කවියක් ලියාගෙන තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා හමුවන්නට ගිය චින්තන උදයට ලියන්නට පටන් ගත්තේය. අවුරුදු නිවාඩුවට පත්තරේ කට්ටිය ගම්බිම් බලා යන විට චින්තන එහි සෝදුපත් බැලීම භාරගත්තේය. චින්තන කැවුම් කන්න නැවතුණා එහෙනම් කියා සෙස්සෝ සිනාසුණහ. එහෙත් චින්තන ක‍්‍රම ක‍්‍රමයෙන් පත්තර කලාවේ පුංචි පුංචි දේවල්වල සිට ලොකු දේවල් දක්වා වැඩ ඉගෙන ගත්තේය.
ඊට ටික කාලෙකට පස්සේ තමයි මං ‘කොලම’ පටන් ගත්තේ. ඒක තනි තීරුවක්. මිල ශත 10යි. එ්කත් අරගෙන මම ගියා තුම්මුල්ලෙ පත්තර කඬේ ලියනගේ මුදලාලි හම්බවෙන්න. මිනිහා මේ තීරුව දැක්ක ගමන් මගේ ඇඟට ගොඩවෙලා මොකක්ද මේ, ඕවා කොහේ විකුණන්නද කියල අහපි. මං ඉතිං ටිකක් යාප්පුවෙලා කොලම මිනිහා ළඟට දාලා ආවා. ඊට පස්සෙ ලියනගේටත් හරි පුදුමයි. කොලම මිනිහා ගාව එක වතාවකට දෙසිය පනහක් විකිණෙන්න පටන් ගත්තා. කොලම නැද්ද කියලා පාඨකයො ඒක අහගෙන එන පත්තර කඩයක් බවට ලියනගේගෙ කඬේ පත්වුණා. ඔයින් මෙයින් මුදලාලිත් මාත් එක්ක හුඟක් යාළුවුණා.’ කොලම නමැති නම එම තීරුවේ සඳහන්ව තිබෙන්නේ අකුරු වර්ග තුනකිනි. ‘ල’ යන්න අනෙක් අකුරු දෙකට වඩා බොහෝ සෙයින් විශාලය. ‘කො’ යන්න පුංචිය. ‘ම’ යන්න කො යන්නට වඩා ටිකක් ලොකුය. ‘මේක ගැහුවෙ ලෙටර් ප්‍රෙස් ක‍්‍රමයට. නමට අකුරු අමුණන්න බලනකොට එකම ජාතියෙ අකුරු එතන නොතිබුණු නිසයි අකුරු ප‍්‍රමාණ තුනකින් කොලම කියන නම හදන්න වුණේ. හැබැයි ඒක අලූත්ම වැඩක් වගේ පෙනුණා.
චින්තන සිය තීරුවෙන් දේශපාලනය, කලාව හා සමාජ අගතීන් තදින් විවේචනය කළේය. එනිසා ඇතැම්හු කොලම සමග වෛර බැඳගත්තා. මේ අරෝව පිළිබඳව චින්තන එක් කොලමක ලියන්නේ මෙබන්දකි.
‘එකමත් එක රටක කිරි බරෙන් තන බුරුල්ල පිරුණු එළිච්චියක් සිටියාය. කිරි බර නිසා එළිච්චි යනවිට තන පොකුරු ඒ අතටත් මේ අතටත් වැනෙමින් බිමට කඩා වැටෙන්නට තතනයි. මේ දුටු එක් මෝඩ නරියෙක් තන වැටුණු පසු එළුමස් කන ලොබින් එළිච්චි පසුපස හති වැටෙන තුරු ගියේය. එහෙත් තන බිම වැටුණේ නැත. එමෙන්ම කොලම පළවීම පමාවනු දුටු ඇතැම් මෝඩ නරි කොලමට කෙළවී ඇතැයි උදම් ඇනූහ. කටමැත දෙඩූහ. තන බිම වැටුණත් කොලමට කෙළවෙන්නේ නැත. කොලම පළවන්නේ කොලමට වුවමනා වූ විට පමණය’ චින්තන ලියූ එකම කොලමක්වත් ඔහු ළඟ තිබුණේ නැත. එහෙත් දෙතුන් පළකින් ඉරීගිය එකම එක තීරු ලිපියක් ඔහුගේ බිරිඳ වන චාන්දනී සුරැුකිව තබාගෙන සිටියාය. එහි පිටුපස තිබුණේ චින්තන ලියූ අහස් ගව්ව චිත‍්‍රපටය පිළිබඳ විචාරයකි. අහස් ගව්වේ නළුවන් කිහිප අවස්ථාවකදීම යට ඇඳුම් ඇඳගෙන සිටීමත් පතී එ්වා සමීප රූප ලෙස පෙන්වීමත් එහිදී චින්තනගේ විවේචනයට බඳුන් වී තිබුණි.
එ්ක විවේචනය කළාට මම බොරු සදාචාර විරෝධියෙක් නෙවෙයි. දන්නැද්ද සමහර දේවල් අනවශ්‍ය ප‍්‍රවණතා බවට පත්වෙනවනෙ. ඒකයි.
චින්තන 1970 දි පමන අද පත්තරය පටන් ගත්තේ අනුර බණ්ඩාරනායකගේ ආරාධනයෙනි. මේ කාලයේ ඇත්ත පුවත්පතේ බී.ඒ. සිරිවර්ධන, රිචඞ් විජේසිරි වැනි අය හමුවන්නටත් ආ ගිය චින්තනට ඇත්තේ සිරා උපදෙස් දී තිබුණේ කොතන වැඩ කළත් කෙළින් වැඩ කරන්න යනුවෙනි. එහෙත් අද පත්තරයේ අවශ්‍යතාව අනුර නමැති චරිතය ගොඩනැංගවීම විය. චින්තන ඒ කොන්ත‍්‍රාත්තුව භාරගෙන නිර්මාණාත්මක වැඩ කොටසක් ඉටු කළේය. හොඳ වැටුපක්ද ලැබුණි.
‘අද පටන් ගන්නා කොට අපිට ටෙලිෆෝන් එකක්වත් තිබුණේ නැහැ. දවසක් අනුර මගෙන් ඇහුවා බෙලිඅත්තෙ අලූත් මන්තී‍්‍ර හොඳ කොල්ලෙක්. මිනිහට අපි සපෝට් එකක් දෙමුද කියලා. මිනිහා ඔෆිස් එකට ටෙලිෆෝන් එකකුත් දෙයි කියලත් අනුර කිව්වා. මම හා කියලා එවකට ළාබාලම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා වෙච්ච මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්ටර්වීව් එකක් පත්තරේ දැම්මා. 28635 කියන එයාගෙ දුරකතනයත් අපේ ඔෆිස් එකට දුන්නා. ඕං තව දවසක් උදේ පාන්දරම අනුර මට කතා කරලා චින්තන අද ලොකු වැඩක් නැත්නම් ගමනක් යමුද ඇහුවා. මං හා කිව්වා. සත්වෝද්‍යානයට. එතන ලොක්කා නීල් ද අල්විස් කියලා කෙනෙක්. අපි යනකොට එ්කෙ හිටියා පූස් පැටියෙක් වගේ හුරතල් කොටි පැටියෙක්. අනුර මූව දැක්ක ගමන් ඉල්ලූවා. අගමැතිනිගෙ පුතාගෙ ඉල්ලීමනෙ. සතුන් වත්තෙ ලොක්කත් හා ගන්න කියලා දුන්නා. අරලියගහ මන්දිර්යට ගෙනත් මට කිව්වා චින්තන මූට නමක් කියන්නකො කියලා. මං කිව්වා නිකං ගෙනාපු එකානෙ එ්නිසා බිංදු කියලා නම දාන්න කියලා. හැබැයි මේ බිංදුව මාසෙන් දෙකෙන් සීය දෙසීය සයිස් එකට හැදුණා. අනුර දැන් මූව ගෙදර පැත්තක තියාගෙන හුරතල් කර කර හදනවා. හැබැයි චන්ද්‍රිකා එහෙම වැඩිය ඔය කොටි හුරතලයට ආවේ නැහැ. එ් දවස්වල ජාත්‍යන්තර සමුළුවක් ලංකාවේ තිබුණා. රාජ්‍ය නායකයො, වෙනත් විශේෂ නියෝජිතයො සෑහෙන පිරිසකුත් ලංකාවට ආවා. අගමැතිතුමිය මේ කට්ටියට දවසක් අරලියගහ මන්දිරයෙ කෑමකට ආරාධනා කළා. ඔන්න දැන් රාජ්‍ය නායකයො කෑම මේසෙ කියමු. මෙන්න බොලේ බිංදුවා එකපාරටම ඇවිත් මේසෙ ගාවට පැන්නා. ඌ නිකං සෙල්ලමට වගේ දාපු සද්දෙට රාජ්‍ය නායකයො ටික බයවෙච්ච පාර සේරම මේසෙ උඩට පැන්නා. මැඩම් දුවගෙන ඇවිත් අනුරට බැන්නා මම මේ රටේ මිනිස්සු ටික බලාගන්න මහන්සි වෙනවා. උඹ මේ කැලේ ඉන්න කොටි ගෙට දාගෙන. අරන් පලයන් මේකව කියලා මැතිනි එවෙලේම ලොරියක් ගෙන්වලා කොටියා රිටර්න් කළා’
චින්තනට හැරිස් හුළුගල්ල සමීපවන්නේ 1975දීය. චින්තනගේ සමහර පත්තර නැවතී තිබුණු එවකදී හැරිස් කීවේ අලූත් වැඩක් කළ හැකි නම් මුදල් ටිකක් වියදම් කළ හැකි බවකි. නව ආරක චිත‍්‍ර කතා පත්තරයක් පිළිබඳ අදහස ඒ වනවිටත් චින්තන තුළ මතු වී තිබුණි. හෙතෙම සිත්තර චිත‍්‍රකතා පත‍්‍රය පටන් ගත්තේ කච්චේරියේ වැඩ කරමින් සිටි කැමිලස් පෙරේරාත් සම්බන්ධ කරගෙනය. එ් වන විට පළවෙමින් තිබුණු එකම චිත‍්‍රකතා පත‍්‍රය වූයේ ලේක්හවුස් ප‍්‍රකාශනයක් වූ සතුටය. සිත්තරට කැමිලස් ගජමෑන්, දොංසේතං, ලපයා, සිමෝනා වැනි චරිත ඇසුරින් හාස්‍ය හා සමාජ විචාරාත්මක චිත‍්‍ර කතා දෙකක් එක් කළේය. සරත් කවිරත්න හිතට වහල්වීමි කතාව ගෙනාවේය. ලිීලාරත්න ස්පාටකස් එකතු කළේය. සරත් මධු ඉතිං ඊට පස්සේ ඇන්දේය. එ් නං දැම්මේත් චින්තනය. යුනිිකෝ ටෝගා මෙන්ම සල්ෆා වැනි විද්‍යා ප‍්‍රබන්ධයක් ද චිත‍්‍ර කතාවක් ලෙස සිත්තරෙන් එළියට ආවේය. පළවිය යුතු චිත‍්‍ර කතා කුමන ආකාරයේ ඒවාද යන්න හා සංයුතිය ගැන මුළුමනින් සැලසුම් සකස් කළේ චින්තනය.
චිත‍්‍රකතාවක් නිව්ස්වලදි වගේ මොකටද කාටද කොහොමද කොහේද ඇයි එහෙම වුණේ කියනා හේතුඵල සම්බන්ධය මත ගොඩනැගීමටයි මම උපදෙස් දුන්නෙ. මොකටද කාටද කියන එකෙන් තොරව චිත‍්‍ර කතාවක් වුණත් පළකරන්න මම කැමති වුණේ නැහැ. හැරිස් ඇහුවා පළමුවැනි පත්තරේ කීයක් පි‍්‍රන්ට් කරන්නවද කියලා. මං කිව්වා 25,000ක් ගහමු කියලා. හැරිස් කිව්වා තව අවුරුදු දහයකින් නම් මං විසිපන්දාහට අනුමැතිය දෙන්නම් කියලා. එයා වැඬේ පහළට දාලයි හිතුවෙ. හැබැයි මම කොහොමහරි විසිපන්දාහක් ගැස්සෙව්වා. පළමුවැනි පත්තරේ ගන්න තුම්මුල්ලෙ කඬේ දොරවල් කඩාගෙනයි මිනිස්සු ආවේ. සිත්තර ඉතා ඉක්මනට සතියක සෙල්ස් ලක්ෂ දෙකහමාර පැන්නා. හැරිස් හුළුගල්ල හොල්මං වෙලයි මේ වැඬේ දිහා බලාගෙන හිටියෙ. හැරිස් එ් පාර මට රේසිං කාර් එකකුත් තෑගි දුන්නා. පඩිය රුපියල් 2500යි. 75 දී එ්ක ලොකු ගාණක්. සතිපතා සේල්ස් ප‍්‍රමෝෂන් බලන්න අපි රට පුරා යනවා. මාත් හොඳට කෑවා බිව්වා. තිඹිරිගස්යායෙන් ගේකුත් ගත්තා. ඞී.එස්. සේනානායක පාවිච්චි කරපු වොල්වෝ කාරෙකත් පස්සෙ කාලෙක රු. 1500කට ගත්තා.’
ඒ කාලයේදී චින්තන කවි පොත් දෙකක් ලිව්වේය. එ් හතරේ වාට්ටුව (කවි/කෙටිකතා* සහ මල් සතක් සේ හිරු නැගෙන්නා යන කෘති දෙකය. එ් හැරුණු විට අනුකරණවාදී සිනමාවට එරෙහිව විචාරයෙහි ද පෙරමුණ ගත්තේය. විලාසිතා නමින් සඟරාවක්ද සංස්කරණය කළේය. විලාසිතා කන්තෝරුව තිබුණේ ස්ටුඩියෝ එකකය. එ් සංගීතවේදී ආර්.එ්. චන්ද්‍රසේන මාස්ටර්ගේ ගෙවල් ඉදිරිපිටය. චින්තන, ජෝති, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි වැනි මිතුරන් හඳුනා ගන්නේ එහිදීය. එපමණක් නොව මරදානේ චොප්පෙ අයියා, හැටේ වත්තේ නිහාල්, ගෝනවල සුනිල් වැනි අය දැන හඳුනා ගත්තේත් ඒ අහළ පහළ කරක් ගැසීමෙනි. බන්දු මුණසිංහ, සේනක පෙරේරා, වික්ටර් රත්නායක චින්තනගේ ගජමිතුරන් වන්නේ මරදානේ බජාර් එකේදීය.
’73 දී විතර වික්ටර් දවසක් කිව්වා මම ෂෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා ඒකට නමක් දාමුද කියලා. මමයි, ආර්.ආර්. සමරකෝනුයි තවත් කීපදෙනෙකුටයි නම දාන එක වික්ටර් භාර දුන්නා. අපි ඉතිං හවස් වරුවල වික්ටර්ගෙ මහරගම ගෙදර ගිහින් නම ගැන සාකච්ඡුා කරනවා. ගිය හැම දවසකම ගල් බෝතල් දෙකක් විතර ඉවර කරනවා. ගල් එකක් එ් සවස්වල රු.12යි. හවස කතාව පටන් ගත්තම අපි සමහරදාට එන්නේ උදේ. දවස් ගාණක් ඔහොම ගතවුණා. එ්ත් නමක් නෑ. අන්තිමට මට ඔය ‘ස’ කියන අකුර ඔළුවට ඇවිත් වික්ටර්ට කිව්වා. වික්ටර්ටත් වඩා එයාගෙ නෝනා ‘ස’ නමට කැමති වුණා. සමහරු ඇහුවා තනි අකුරෙන් පෝස්ටර් ගහන්න පුළුවන්ද වගේ වැඩකට නැති ප‍්‍රශ්න. අන්තිමට ලූම්බිණියෙ ‘ස’ පටන් ගත්තු දවසෙ දොරවල් කඩාගෙන සෙනග ආවේ.’
චින්තන නම් පට බැඳීමට රුසියෙකි. ඔහු තබන නම් අතිශයින්ම ජනපි‍්‍රය වන අතර ඒවා ආයාසයෙන් තොරව චින්තනගේ සිත තුළ ජනිතවීම විශේෂත්වයකි. ලංකාවට කොන්ඩෝම ආපු අලූත එය ප‍්‍රචාරය කිරීමේ කාර්යය භාරගෙන තිබුණේ ඞී. අල්විස් ඇඞ්වර්ටයිසින් ආයතනයයි. එහි හිමිකරු ආනන්ද තිස්ස ද අල්විස් මහතාය. චින්තන කොල්ලූපිටියේ නැවතී සිටින සමයේ දහවල් එකොළහ වෙද්දී බීර එකක් බීමට රේණුකා හෝටලයට යන පුරුද්දක් තිබුණි. දිනක් ආනන්ද තිස්ස ද අල්විස් චින්තනගේ මිතුරෙකුත් සමග එහි ඇවිත් සිටියේය. මිතුරා ආනන්ද තිස්ස ද අල්විස් මහතාට චින්තන හඳුන්වා දුන්නේ මෙයාට කියලා අරකට නමක් දාගන්න පුළුවන් කියාය.
‘ඒ පාර ආනන්ද තිස්ස ද අල්විස් මට කොන්ඩොම් එක ගැන කියලා ඒක පාවිච්චි කිරීමේ අවශ්‍යතාව, අරමුණ විස්තරාත්මකව පැහැදිලි කළා. ඊට පස්සෙ කිව්වා මේක මිනිස්සු අතරෙ ජනපි‍්‍රය කරන්න ගැළපෙන නමක් දාගන්න ඕනෙ කියලා. මං කිව්වා ඕක ඉතිං වැඩිය කල්පනා කර කර ඉන්න දෙයක් නෙවෙයි. කවුරුත් සතුටින් ඉන්න වෙලාවනෙ. එ් නිසා ඕකට පී‍්‍රති කියලා දාමු කියලා.’
චින්තන කියන්නේ තමන් හොඳ රත්තෙකු විය යුතුය කියා සිතූ මිනිසෙකු බවය. කොළ කොහොමටත් පෙන්නන්න බැහැ කියූ හෙතෙම අනුර බණ්ඩාරනායකගේ මැදිහත් වීමෙන් ‘අඳ පත්තරේ ගැසුවේය. ඊට පසු චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ඉල්ලීමකට අනුව ‘හෙට’ පත්තරේ ගැසුවේය. මේ තත්ත්වය තුළ චින්තන අවසානයේදී නිල් වූවාද යන්න මගේ අවසාන ප‍්‍රශ්නය විය. චින්තනගේ උත්තරය වුණේ එහෙම වුණේ නැහැ යන්නය. ඔහුගේ අදහස මේ සියල්ලන් මැද තමන් කළේ කිසියම් නිර්මාණාත්මක කටයුත්තක් යන්නය. සමහරවිට බීලා පයින් ගිය අමුත්තා තමන් සමග වැනි වැනී යන අනෙකා චින්තන ජයසේනගේ නමට කැළලක් කරන්නට සැරසෙනවා යන අදහසින් රොස්ව ගොස් කනට එකක් දුන්නේ චින්තන ජයසේන නාමය පිළිබඳව නොනැසී පවතින භක්තිමත් හැඟීමනිසා විය හැකිය.

විමලනාත් වීරරත්න

0 comments:

චින්තනගෙන් සමු ගනිමු

ශ්‍රී ලංකාවේ පුවත්පත් කලා ඉතිහාසයේ සිය නම සටහන් කළ අමුතු ආකාරයේ පත්තර කාරයකු අද (03) සිය සහෘදයන්ගෙන් සමු ගත්තේය.
ඔහු චින්තන ජයසේන.
1960 දශකයේ අග භාගයේ පටන් පත්තර ලෝකයේ අමුතු අමුතු වැඩ කළ චින්තන ජයසේන විකල්ප සහ තීරු පුවත්පත් කලාවේ දැවැන්තයකු වෙයි.
වරෙක උපහාසයෙන් යුතු වාග් මාලාවකින් සිය ඉලක්කය කරා යොමු වූ චින්තන තවත් ලිපියකින් තමාට අවශ්‍ය පුද්ගලයන් කරා සමීප වූයේ නිර්දය සහ නිර්භීත රචනා ශෛලියකිනි.
වෙළෙඳ ප්‍රචාරණ පාඨ නිර්මාණකරණයේ නිසග කුසලාතවයකින් යුක්තව සිටි චින්තන ජයසේනයන් විසින් නිර්මාණය කරන ලද ඇතැම් යෙදුම් වසර ගණනාවක් ගතවීත් තවමත් ජනතාව අතර රැඳී පවතින්නේ අමරණීය ආකාරයටයි.
අලුත් කෝණයකින්
චින්තන ජයසේන සම්බන්ධයෙන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකදී ඉරුදින ප්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න සඳහන් කළේ චින්තන සාම්ප්‍රදායික මට්ටමින් මිදී අලුත් අදහස් මගින් කියවන්නා තැති ගැන්මකට ලක් කළ බවයි.
බොහෝ පුවත්පත් තවත් තීරුවක් හැටියට 'කොලම්' පළ කළත් චින්තන සිය 'කොලම' නමැති පුවත්පත් තීරු ලිපිය මගින් නව මානයක් දිසාවට ගමන් ගත් බවයි සම්මානලාභී තීරුලිපි රචයකු වන විමලනාත් වීරරත්න පවසන්නේ.
ඒ අතරම චින්තන ජයසේනයන් සිනමා නාට්‍ය සහ සංගීත ක්‍ෂේත්‍රයේ සිදු කළ අගැයුම් සහ විවේචන පාඨක ඇස් ඇරවීමක් වූ බවයි ඉරුදින කතුවරයාගේ විග්‍රහය වන්නේ.

0 comments:

1962 හමුදා කුමන්ත්‍රණය හා එහි ප්‍රධාන හවුල්කරුවෝ

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ව්‍යqහය දැඩි තර්ජනයකට මුහුණ පෑ අවස්‌ථාවක්‌ වශයෙන් 1962 අසාර්ථක වූ හමුදා කුමන්ත්‍රණය හැඳින්විය හැක. 1959 බණ්‌ඩාරනායක ඝාතනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකත්වයට පැමිණි 1960 ජූලි මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධුරයට පත් ලෝකයේ ප්‍රථම අගමැතිණිය වූ සිරිමාවෝ ආර්. ඩී. බණ්‌ඩාරනායක මැතිනියගේ පාලන බලය පෙරලා දැමීම කුමන්ත්‍රණ කරුවන්ගේ අරමුණ විය. කුමන්ත්‍රණ නායකයන් සියලු දෙනාම සිංහල ක්‍රිස්‌තු භක්‌තිකයන්, හින්දු හෝ ක්‍රිස්‌තියානි දමිළ නැතිනම් බර්ගර් ජාතිකයන් විය. කුමන්ත්‍රණයට සම්බන්ධව සිටි එකම සිංහල බෞද්ධයා ස්‌ටැන්ලි සේනානායක නම් (පසුව පොලිස්‌පති) පොලිස්‌ නිලධාරියා විය. 1962 ජනවාරි 27 දින කුමන්ත්‍රණ සැලසුම්කරුවන් කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට දිනය වශයෙන් යොදාගෙන තිබූ අතර ඒ තුළින් රජයට සම්බන්ධ හා විපක්‍ෂයේත් ඇතැම් දේශපාලනඥයන් අත්අඩංගුවට ගැන්මට කටයුතු යොදා තිබිණි. විශේෂයෙන් අගමැතිනිය අත්අඩංගුවට ගෙන ගාලුමුවදොර වෙඩි බෙහෙත් ගබඩාවේ රඳවා තබා රාජ්‍ය බලය මාරුවූ බවට එතුමියගෙන් ප්‍රකාශනයට අත්සන් ගැන්ම කුමන්ත්‍රණ කරුවන්ගේ සැලැස්‌ම විය. මේ තත්ත්වය දැනසිටි ස්‌ටැන්ලි සේනානායක තම බිරිඳට 27 දින කුමන්ත්‍රණය ක්‍රියාත්මක වීමට ප්‍රථම සිදුවන දේ පිළිබඳවත් කුමන්ත්‍රණයෙන් පසුව ඔහු තනතුරින් උසස්‌ වන අන්දමත් ප්‍රකාශ කිරීම මුළු රටේම යහපතට බලපෑ හේතු සාධකය විය. ඔහුගේ බිරිඳ වනාහි අධ්‍යාපනඥයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ද ඇස්‌ කුලරත්න මහතාගේ දියණියයි. ගරු මැතිණිය හා දේශපාලනයේ නිරතවූ කුලරත්න මහතාට දුවණිය විසින් තම සැමියාගේ ප්‍රකාශය කන තැබූ වහාම එම පණිවිඩය සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය වෙත ලබාදෙන ලදී. ඒ වනවිට කුමන්ත්‍රණය ක්‍රියාත්මක වීමට තිබුණේ පැය කීපයකි. 27 මධ්‍යම රාත්‍රියට පෙර කුමන්ත්‍රණකරුවන් ස්‌ථානගතව සිටියේ තම තමන්ට පැවරුණු රාජකාරි අනුව ඒ ඒ දේශපාලනඥයන් හා ඇතැම් හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහාය. දිවයිනේ නිරිත දිගත් ගිණිකොන දිගත් කුමන්ත්‍රණකරුවෝ විහිදී සිටියහ. කුමන්ත්‍රණ එළිවීමෙන් පසු කුමන්ත්‍රණකරුවන් කුමන්ත්‍රණ අත්හිටුවා නිවෙස්‌වලට ගාල්වුණත් ඈත ප්‍රදේශවල  නියෝජිතයිනට කුමන්ත්‍රණය අත්හිටවූ බව ප්‍රකාශ කළ නොහැකි විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස බද්දේගම සමසමාජ පක්‍ෂ මන්ත්‍රී නීල් ද අල්විස්‌ මහතාව අත්අඩංගුවට ගැනීමට අදාළ කුමන්ත්‍රණ නායකයා ක්‍රියා කළේය. කොළඹ කුමන්ත්‍රණකරුවන් එකිනෙකා සොයමින් අත්අඩංගුවට ගනිද්දී බද්දේගම කුමන්ත්‍රණකරු ලෙස සමසමාජ මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගෙන තිබීමම කුමන්ත්‍රණයේ සැලැස්‌ම අනාවරණය වීමට හේතු විය. අරලියගහ මන්දිරයේ ඉහළ මාලයට කුමන්ත්‍රණකරුවන් රැගෙන විත් ප්‍රශ්න කිරීම සඳහා පරීක්‍ෂණ ඒකකයක්‌ ඇතිකළ බව "අරලියගහ මැදුරේ ස්‌පන්දනය" පොතේ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා එහි 111 පිටුවේ සඳහන් කර ඇත. මේ වන විට අගමැතිනිය ආරක්‍ෂාව පතා රොස්‌මීඩ් නිවසේ සිට අරලියගහ මන්දිරය වෙත යුද්ධ ටැංකිවල ආරක්‍ෂාව සහිතව රැගෙන ආ බවත් අරලියගහ මන්දිරයට යුද ටැංකි ආරක්‍ෂාව සැලසූ බවත් පුවත්පත් වාර්තා කර තිබිණි. කුමන්ත්‍රණකරුවන් කවුද ඊට සම්බන්ධ නොවුවන් කවුද යන්න පිළිබඳ මේ වන විට හඳුනා ගැන්මට නොහැකි වූ නිසා 1962 ජනවාරි 27 දින රාත්‍රිය පුරාම කොළඹට දැඩි ආරක්‍ෂාවක්‌ යෙදවීමටත් සෙසු ප්‍රදේශ හා ගුවන්විදුලි සම්බන්ධතා අත්හිටුවීමටත් රජය කටයුතු කළේය. වැදගත් සාක්‌කිකරුවන්, සැකකරුවන් වැඩි දෙනාගෙන් ප්‍රශ්න කරන ලද්දේ රාජ්‍ය ආරක්‍ෂාව හා විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු ලේකම් (අද නියෝජ්‍ය අමාත්‍ය තනතුර හා සමානවූ) ෆීලික්‌ස්‌ ආර්. ඩයස්‌ බණ්‌ඩාරනායක මහතා විසිනි. පොලිස්‌පතිවරයා, නියෝජ්‍ය පොලිස්‌පතිවරයා (අපරාධ පරීක්‍ෂණ) පොලිස්‌ අධිකාරි (අපරාධ පරීක්‍ෂණ) ඉදිරිපිට කරනලද මේ ප්‍රශ්න කිරීම් පටිගත කළ අතර ලේඛන ගත කරන ලදී.

මෙම කුමන්ත්‍රණයේ හමුදාවට භාරවූ වැඩ කොටස මෙහෙයවීමට නියමිත වූයේ කර්නල් මොරිස්‌ ද මැල් හා කර්නල් එෆ්. සී. ද සේරම්ටය. පොලිසියේ කටයුතු විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු වූ සිඩ්නි ද සොයිසා හා සී. සී. දිසානායකට පැවරුණි. (පොලිස්‌ අධිකාරි) නාවික හමුදාවේ කපිතාන්වරයකු වූ රොයිස්‌ ද මැල් කුමන්ත්‍රණයේ සවිස්‌තර සැලසුම්කරු විය. මේ වන විට රජයට නිශ්චිතවම විශ්වාස වන්ත ඉහළ නිලධාරීන් වූයේ පොලිස්‌පති, වැඩබලන නාවික හමුදාපති රාජන් කදිරගාමර් හා නියෝජ්‍ය පොලිස්‌පති (අපරාධ පරීක්‍ෂණ) එස්‌. ඒ. දිසානායකත් පමණි. මෙම නිලධාරීන් අරලියගහ මැදුරට කැඳවාගත් අතර සෙසු ඉහළ හමුදා නිලධාරීන් එදින රාත්‍රියේ කිසියම් වේලාවකින් පසුව ඔවුනගේ නිවාස වලින් පිටවීම වැලැක්‌වීමට බණ්‌ඩාරනායක මහතා විසින් අවශ්‍ය කටයුතු යොදන ලදී.

කොළඹදී අත් අඩංගුවට ගත් සැකකරුවන් කෙටි ප්‍රශ්න කිරීම්වලින් පසුව හමුදා මූලස්‌ථානයේ වෙඩි බෙහෙත් ගබඩාවේ රඳවන ලද අතර එය අර්ධ වශයෙන් පොළව යටට වෙන්නට සකසා තිබූ ශක්‌තිමත් කොන්ක්‍රීට්‌ ගොඩනැඟිල්ලක්‌ විය. පිටපළාත් වලදී අත්අඩංගුවට ගත් අය එම පෙදෙස්‌වල මූලස්‌ථාන පොලිසිවල වැඩිදුර උපදෙස්‌ ලැබෙන තෙක්‌ රඳවා ගන්නට නියම කෙරින. මේ කිසිත් නොදත් මෙරට ජනතාව නින්දේ පසුවෙද්දී ජනවාරි 27 මැදියම් රැයේ ගුවන්විදුලි සබඳතා සහිත පොලිස්‌ රථවලට ශබ්ද විකාශන යන්ත්‍ර සවිකොට කොළඹ නගරයපුරා යවමින් වහාම ක්‍රියාත්මක වනපරිදි ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමට කටයුතු යොදන ලදී.

ප්‍රශ්න කිරීම් පිළිබඳව "අරලියගහ මැදුරේ ස්‌පන්දනය" පොතේ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා මෙසේ දක්‌වා ඇත.

"...තරුණ නිලධාරීන් සමාවක්‌ බලාපොරොත්තුවෙන් දීර්ඝ පාපොච්චාරණ කරන්නට වූයෙන් කුමන්ත්‍රණය පිළිබඳ වඩ වඩා තොරතුරු හෙළිවන්නට විය. එහෙයින් ෆීලික්‌ස්‌ වඩවඩාත් ආරක්‍ෂාව තරකරමින් අරලියගහ මන්දිරය වටා ආරක්‍ෂක වළල්ලක්‌ යෙදවීය. නිල් පැහැ නාවික හමුදා නිල් ඇඳුමින් සැරසුනු නියෝජ්‍ය නාවික හමුදාපති රාජන් කදිරගාමර් ආරක්‍ෂාව සපයමින් අර්ධ මැෂින් තුවක්‌කුවක්‌ වනමින් ඉදිරිපස කොරිඩෝවේ එහා මෙහා යනු මට දක්‌නට ලැබිණ. ඔහු පැමිණ තිබුණේ ඒ වනවිට කවුරුන් ඇතුළතද කවුරුන් පිටතද කුමන්ත්‍රණය ක්‍රියාත්මක වනවාද කියා කිසිවකු හරිහැටි දැන නොසිටි හෙයිනි. පරිසරය දැඩි නොසන්සුන් තාවයක ගිලී තිබිණ...."

මේ වන විට කුමන්ත්‍රණය අසාර්ථක වූ බව කුමන්ත්‍රණ කරුවන් එකිනෙකා දැන ගත් අතර කුමන්ත්‍රණය බිඳ වැටී තමා අමාරුවේ වැටෙන්නට යන බව දැනගත් යුද හමුදාවේ තරුණ කැප්ටන්වරයකු වූ පෝලියර් නමැත්තා තම රිවෝල්වරයෙන් හිසට වෙඩි තබාගෙන මිය ගිය බැව් වාර්තා විය. ක්‍රමාණුකූලව කුමන්ත්‍රණය මැඩ පැවැත්වූ අතර 1962 පෙබරවාරි 12 හා 13 වැනිදා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධ විවාදයක්‌ පවත්වන ලදී. ඊට ප්‍රථම ෆීලික්‌ස්‌ ආර්. ඩයස්‌ බණ්‌ඩාරනායක මහතා දීර්ඝ ප්‍රකාශයක්‌ තුළින් අග්‍රාණ්‌ඩුකාර ඔලිවර් ගුණතිලක, සර් ජෝන් කොතලාවල හා ඩඩ්ලි සේනානායකයන් කුමන්ත්‍රණයේ ඉහළ සැලසුම් කරුවන් වූ බව අල්ලාගත් ඉහළ පොලිස්‌ නිලධාරීන් ප්‍රකාශ කළ බව වාර්තා කරන ලදී.

පරීක්‍ෂණ කටයුතු අවසන් වනවිට විත්තිකරුවන් 29 දෙනකු සිටි අතර පළමු විත්තිකරු වූයේ සිවිල් නිලධාරියකු වූ ඩග්ලස්‌ ලියනගේ නමැත්තාය. ගැටලුව ඇතිවූයේ මේ වනවිට මෙරට නීති පද්ධතිය තුළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක වැරදි කරුවනට දෙන දඬුවම් පිළිබඳ නිශ්චිත පිළිවෙතක්‌ නොවීමය. එසේම මෙම විත්තිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම පිළිබඳ සාමාන්‍ය නීතිය ඉක්‌මවා කටයුතු සිදුකර තිබූ බැවින් ඒ පිළිබඳවද සලකා බැලීමට සිදුවිය. මේ නිසා කුමන්ත්‍රණ සැකකරුවන්ට විරුද්ධ නඩු විභාගය සඳහා විශේෂ නීතියක්‌ සම්මත කිරීමට රජය කටයුතු කළේය. 1962 අංක 1 දරන අපරාධ නීති විශේෂ විධිවිධාන පනතක්‌ සම්මත කරන ලදී. එහි ඞෂ අනුව නඩු විභාගයට පෙර හෝ පැවැත්වෙන අතර වාරයේ කවර අවස්‌ථාවක හෝ කිසියම් වැරැදි කරුවකුගේ සාක්‌කිය ලබා ගැනීමේ අරමුණින් ඔහුට හෝ ඇයට සමාව දීමට ඇටර්නි ජනරාල් ට හැකිවන සේ විධිවිධාන ඇතුළත් කෙරිණ.

"රැජින එරෙහිව ඩග්ලස්‌ ලියනගේ හා තවත් අය" යනුවෙන් නඩු පවරන ලද අතර ප්‍රධාන විත්තිකරුවන් සියලු දෙනාට වැරැදි කරුවන් වී දේපළ රාජසන්තක කිරීමටත් ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම්ද නියම විය. නමුත් එවකට ලංකාවේ අවසාන අධිකරණය බ්‍රිතාන්‍ය ප්‍රිවිකවුන්සලය වූ අතර මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට එරෙහිව විත්තිකරුවන්ගේ අභියාචනා පිළිගත් බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සලය හෙවත් ඇපැල් උසාවිය මෙම නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් නව නීති පැනවීම එනම් අතීතයට බලපැවැත්වෙන නීති පැනවීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි බව ප්‍රකාශ කරමින් විත්තිකරුවන් සියලු දෙනා නිදහස්‌ කරන ලදී.

ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල යන අය කුමන්ත්‍රණයේ සැලසුම් කිරීම සම්බන්ධ සාක්‍ෂි අනුව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළත් මේ පිළිබඳව ඉදිරි පරීක්‍ෂණ සිදුනොවූයේ උසාවියේදී මේ අයගේ නම් ඉදිරිපත් නොවීමයි. නමුත් පසු කාලයේ මේ පිළිබඳව වාර්තා වූයේ කුමන්ත්‍රණයේ සැලසුම් කරුවන් අතර මෙම දෙදෙනාද සිටි බවයි. ඒ පිළිබඳව ෙ-. ආර්. ජයවර්ධන චරිතාපදානයේ මෙසේ සඳහන්වේ.

"....කොළඹට නුදුරු රත්මලානේ කඳවල පිහිටි සර් ජෝන් කොතලාවලගේ නිවසේදී ඔහු බැහැදැකීමට ෙ-. ආර්. ගිය අවස්‌ථාවේදී එනම් 1966 අප්‍රේල් 13/14 ජාතික අලුත් අවුරුදු සමයේදී ඔහුත් (සර් ජෝන් කොතලාවල) ඩඩ්ලි සේනානායකත් කුමන්ත්‍රණය සැලසුම් කිරීමට සම්බන්ධව සිටි බව ෙ-. ආර්. ප්‍රථම වරට දැනගත්තේය. සර් ජෝන්ගේ මුවින් එය හෙළිදරව් විය.

"....අප තවමත් අවදානමෙන් ගැලවී නැහැ"යි පවසමින් ඒ රහස ෙ-. ආර්.ට හෙළිකිරීම ගැන ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවලට එම අවස්‌ථාවේදී තදබල ලෙස චෝදනා කළේය. (1979.10.15 දින ෙ-. ආර්. සමඟ සාකච්ඡාවේදී)

තවදුරටත් මේ බව දක්‌වන ෙ-. ආර්. ජයවර්ධන චරිතාපදානය (197/198 පිටු) මෙසේ ප්‍රකාශ කරයි. "....1979 සැප්. 15 දින සර් ජෝන් කොතලාවල සමඟ සම්මුඛ සාකච්ඡාව පැවැත් වූ අවස්‌ථාවේදී කුමන්ත්‍රණ නායකයන් සර් ජෝන් හමුවී ඔවුන්ගේ සැලසුම් ගැන කථා කළ ආකාරය ඔහු සමඟ පැවැති දීර්ඝ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු පැහැදිළි කළේය... කුමන්ත්‍රණය පිළිබඳ කටයුතු අවසාන වශයෙන් තීරණය කිරීම පිණිස වූ රැස්‌වීම ඩඩ්ලි සේනානායකගේ නිවසට ආසන්නව පිහිටි බොරැල්ලේ කිතුල්වත්ත ගබඩාව නමැති අත්හැර දමනලද මිනිරන් ගබඩාවකදී ඩඩ්ලි සේනානායකගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. කුමන්ත්‍රණ නායකයනුත් ඩඩ්ලි සේනානායකත් ඊට පසු නැවතවරක්‌ රැස්‌වූ බව පෙනේ. එවර ජනවාරි 26 වැනිදා රාත්‍රි ඔවුන් රැස්‌වී ඇත්තේ කඳවල පිහිටි සර් ජෝන් කොතලාවලගේ නිවසේය. එයද ඩඩ්ලි සේනානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. කුමන්ත්‍රණය සාර්ථක වූයේනම් ඩඩ්ලි සේනානායක නිදහස්‌ චතුරශ්‍රයේ දී කුමන්ත්‍රණ නායකයන් ඇමතීමට නියමිතව තිබිණි. ඇත්ත වශයෙන්ම ජනවාරි 27 වැනිදා රෑ ඩඩ්ලි සේනානායක කුමන්ත්‍රණයේ සාර්ථකත්වය පිළිබඳ සංඥ බලාපොරොත්තුවෙන් නිදහස්‌ චතුරශ්‍රයට සමීප කොළඹ කෞතුකාගාරයට ආසන්නව පිහිටි තම ඥති සොහොයුරු ඩබ්ලිව්. සේනානායකගේ නිවසේ රැඳී සිට ඇත. කුමන්ත්‍රණය අත්හැර දමා තිබුණ හෙයින් එවැනි සංඥ කිසිවක්‌ ලැබුණේ නැත. ඒ බව නොදත් ඔහු අරමුණක්‌ නැතිව කුරුඳුවත්ත අවට රිය ධාවනය කරමින් සිට කඩවූ බලාපොරොත්තු ඇතිව පෙරලා නිවස බලා ගොස්‌ ඇත...." ෙ-. ආර්. ජයවර්ධන - චරිතාපදානය වෙළුම II 1956 - 1977- කේ. ඇන්. ද සිල්වා සහ හවඩ් රිගින්ස්‌ (203/204 පිටු)

මින් පැහැදිලි වන්නේ 1962 රාජ්‍ය විරෝධී හමුදා කුමන්ත්‍රණය හුදෙක්‌ හමුදා කුමන්ත්‍රණයක්‌ම නොවූ බවයි. කුමන්ත්‍රණයේ සැලසුම්කරුවන් අතර සර් ජෝන් කොතලාවල හා ඩඩ්ලි සේනානායකද සිටි බවට දැක්‌වෙන මෙම ප්‍රකාශ සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ අද තොරතුරු ගවේෂණය කිරීමට මේ කිසිවකු ජීවතුන් අතර නැත.

සමරසේන මුදලිගේ

0 comments:

1955 ලංකාවේ ජන ජීවිතය (පැරණි හා දුර්ලභ දර්ශන )

 https://www.youtube.com/watch?v=DJXuV3bwxUg


0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු