වෙබ් මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක්

වඩාත් වගකීම් සහගත, සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් සම්පාදනය කරන ලද ආචාර ධර්ම පද්ධතිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද කොළඹ හිල්ටන් හෝටලයේ දී සිදු විය.

වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබූණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ වෙබ් මාධ්‍ය කලාව සඳහා හඳුන්වාදුන් මෙම ආචාර ධර්ම පද්ධතිය ඉතා වැදගත් විශිෂ්ට කාර්යයක් බවයි.

එමෙන්ම මෙය මාධ්‍ය ක්ෂේත‍්‍රයට පමණක් නොව දේශපාලන ක්ෂේත‍්‍රය සහ මුළු මහත් මානව සමාජය වෙනුවෙන් කාලීන අවශ්‍යතාවයක් ඉටුකිරීමක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

වෙබ් මාධ්‍යවේදින්ගේ ගැටලුු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් නුදුරු දිනකදීම ලබාදෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

අමාත්‍ය මංගල සමරවීර, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශණ ගුණවර්ධන යන මහත්වරුන් සහ වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩි ගමගේ, ලේකම් කැලුම් ශිවන්ත යන මහත්වරුන් ඇතුළු එහි සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - Manohari Hewawasam ගෙන්











0 comments:

හිට්‌ලර්ගේ අසල්වැසියා

එඩ්ගාර් මුල් වරට හිට්‌ලර් දකින විට ඔහු අවුරුදු පහක කුඩා දරුවෙකි . එය 1929 වර්ෂයයි . එඩ්ගාර් මියුනික්‌ හි පිහිටි ඔහුගේ නිවසේ ජනේලයකින් එබී බලන විට ඔහු දැක ඇත්තේ හිට්‌ලර් මෝටර් රථයකින් බසින අන්දමයි . හිට්‌ලර් ද මෙම දරුවා දැක තිබුණු අතර ඔහු දරුවා දෙස එක එල්ලේ බලා සිටිනු දුටු එඩ්ගාර් රැක බලා ගත් රෝසී තදින් ජනේලය වසා දමා දරුවා ඇඳට යවා ඇත .

 කීප දිනකට පසු එඩ්ගාර් රෝසී සමඟ ඇවිදින්නට යන විට, ගොඩනැඟිල්ලක්‌ තුළ සිට එළියට පැමිණ මෝටර් රථයට නඟින්නට සූදානම් වන විට හිට්‌ලර් නැවත වරක්‌ මෙම දරුවා දැක ඇත . එහිදී හිට්‌ලර් ඉතා මිත්‍රශීලී අයුරින් දරුවා දෙස බලා ඇත්තේ ඔහු යුදෙව් දරුවකු බව දැන ගැනීමට කිසිම සාධකයක්‌ නොතිබූ නිසා විය හැකි බව එඩ්ගාර් පවසයි. එම අවස්‌ථාවේදී ඒ අසල රැස්‌ව සිටි මිනිසුන් හිට්‌ලර් දිනේවා යයි ජය ඝෝෂා කළ ද ඔහු ඒ සඳහා ප්‍රතිචාරයක්‌ නොදැක්‌ වූ බව එඩ්ගාර් පවසයි . පැළඳ හුන් තොප්පිය මඳක්‌ ඉස්‌සු ඔහු මෝටර් රථයට නැඟ පිටත්ව ගොස්‌ ඇත.

 අකාරුණික අසල්වැසියකු සිටීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි . එඩ්ගාර්ගේ අසල්වැසියා වුයේ මිලියන හයක්‌ යුදෙව් ජාතිකයන් සමූලඝාතනය කළ ඝාතකයාය. එහිදී වඩාත්ම අවදානම් සහගත වුයේ කුඩා එඩ්ගාර්ගේ පවුල යුදෙව් ජාතිකයන් වීමය.

 1929 වන විට හිට්‌ලර්ගේ බලය වැඩි වෙමින් තිබිණි. ඒ වන විට ඔහු කාමර නවයකින් සමන්විත ඉතා සුඛෝපභෝගී ප්‍රින්ස්‌රිජන්ටන්ප්ලාට්‌ස්‌හි වාසය කර ඇත. එඩ්ගාර්ගේ කාමරයේ ජනේලයට ඔහුගේ නිවාස මනාව දර්ශනය විය. ඔහු ඉතා අකාරුණික පුද්ගලයකු බව කුඩා වුවද එඩ්ගාර්ට ඉතා හොඳින් වැටහී තිබිණි . එඩ්ගාර්ගේ දෙමවුපියන් දේශපාලන කටයුතු වල නිරතව සිටි අතර, පුවත්පත් කියවමින් හිට්‌ලර් ක්‍රියාත්මක කරන්නට සූදානම් වන ප්‍රචණ්‌ඩත්වය ගැන මනා අවබෝධයකින් පසු වී ඇත . එසේ වුවත් හිට්‌ලර් ලොව උඩු යටි කුරු කළ ආකාරය නම් කිසිම අයකුට කල් තියා උපකල්පනය කර ගැනීමට නොහැකි වන්නට ඇත .

 එදා කුඩා දරුවකුව සිටි එඩ්ගාර්, දැන් වයස 93ක්‌ පමණ වන වයස්‌ගත පුද්ගලයෙකි .හිට්‌ලර් ජීවමානව දුටු සහ නිතර දුටු දැනට ජීවත් වන අවසන් පුද්ගලයා ද ඔහු විය හැක .එඩ්ගාර් පසු කලෙක ලේඛකයකු සහ ඉතිහාසඥයකු ද වූ අතර දශක තුනක කාලයක්‌ එංගලන්තයේ සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කර ඇත. ඔහුගේ අධ්‍යයන කටයුතු බොහෝමයක්‌ කේන්ද්‍රගතවී ඇත්තේ යුරෝපීය අධිරාජ්‍යයන් පිළිබඳව වුවත් ඔහු මෑතකදී ලිවූ Hitler my neighbor(Memories of a Jewish childhood පොතෙහි අන්තර්ගත වන්නේ ඔහුගේ සමීප අත් දැකීම්ය . වසර 10 ක කාලයක්‌ දරුණු ඝාතකයකු අසල්වැසි නිවසේ සිටීම විඳ දරාගත් අයුරු එම පොත් වල විස්‌තර වේ.

 කෙටි දින පොත් සටහන් ඇසුරු කරගෙන ලියවුණු Hitler my neighbour පොත 1930 වන විට ජර්මනිය සහ හිට්‌ලර්ගේ අර්ධ පුද්ගලික ජීවිතය ගැන දරුවකු දුටු යථාර්ථය මෙන්ම ව්‍යක්‌ත ඉතිහාසඥයකුගේ අඟනා විස්‌තර කිරීම් වලින් වර්ණ ගැන්වී ඇත. පොත ආරම්භ වන්නේ යුධ සමයට පෙර සුවදායි ජර්මන් පරීසරයේ ගෙවුණු එඩ්ගාර් ගේ ළමා වියේ සොඳුරු සටහන් සමගය.

1930 වන විට කුඩා එඩ්ගාර් ඝන රැවුල ඇති මිනිසා බියකරු සත්වයකු ලෙස දකින්නට පටන් ගත්තේය . හිට්‌ලර් බලයට පත් වුවහොත් ඇති විය හැකි අවදානම් තත්ත්වය පිළිබඳව ඔහුගේ දෙමවුපියන් කතා කරනු ඔහුට ඇසී තිබිණි. එඩ්ගාර්ගේ පියා ඔහු හැඳින්වුයේ අවුල් වූ මනසක්‌ ඇති, අප්‍රසන්න, බිහිසුණු උන්මත්තකයකු ලෙසය. නවකතාකරුවකු සහ නාට්‍ය රචකයකු වූ ඔහුගේ මාමා ලියොන් අවධාරණය කරමින් කියා සිටියේ හිට්‌ලර් ජයග්‍රහණය නොකරන බවය . ඒ කෙසේ වුවත් ඔවුන් යුදෙව් පවුලක්‌ ක්‌ බව හිට්‌ලර් අනාවරණය කර ගනී යන බියෙන්, තැති ගැන්මෙන් ඔවුනට ජීවත් වන්නට සිදු වී ඇත . හිට්‌ලර් ගේ නිවසට නිතර ආ ගිය නාසි හිතවාදීන් එඩ්ගාර් නිතර ඔහුගේ ජනේලයෙන් දුටුවේය . නාසීන් සහ යුදෙව්වන් අතර මහා මාර්ග වල සිදු වුණු ගැටුම් ද ඔහු දැක තිබිණි.

 1933 වසරේදී හිට්‌ලෙර් රාජ්‍ය නායකයා බවට පත් විය . ජර්මන් පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගණනක්‌ නාසීන් විසින් අත්පත් කර ගෙන තිබිණි. නයුරම්බිරිග් නීතිය ක්‍රියාත්මක වුණි . එඩ්ගාර්ගේ දෙමවුපියන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් නැති විය. ඔහුගේ පියාට තව දුරටත් ඔහු සතු වූ මුද්‍රණාලය පවත්වා ගෙන යා නොහැකි විය. එඩ්ගාර්ට පාසලේදී ගණිත විෂය ඉගෙන ගනිමික්‌ නාසි ප්‍රචාරණ කටයුතු ඉගෙනීමට සිදු විය . අවසානයේදී කුඩා කල සිට එඩ්ගාර්ව ආදරයෙන් බලා ගත් රෝසී රඳවා ගැනීමද ඔවුන්ට තහනම් වුයේ ජර්මන් ලේ ඇති අයට යුදෙව්වන් යටතේ සේවය කළ නොහැකි යන නීතිය පැනවූ බැවිනි. ඇතැම් ස්‌ථානවලට යාම පවා ඔවුන්ට තහනම් විය. එම ස්‌ථානවල No dogs or jews යයි දැන්වීම් පුවරු තබා තිබිණි . 1938 දී එඩ්ගාර්ගේ පියා අත්අඩංගුවට ගැනිණි . ඔහු ඩකාවල සිරගත කෙරුණු අතර ඔවුන්ගේ සියලුම දේපල ඔවුන්ට අහිමි විය . ආශ්චර්යයක්‌ සිදුවූවාක්‌ මෙන් එම වසරේ දෙසැම්බර් මස ඔහු නිදහස්‌ විය . ඉන් වසරකට පසු 14 වියෑති එඩ්ගාර් තනිවම දුම්රියෙන් එංගලන්තය බලා ගොස්‌ ඇත. ඔහුගේ දෙමවුපියන්ද ඉතා ඉක්‌මනින් අවශ්‍ය ලියකියවිලි සකස්‌ කරගෙන එංගලන්තයට පලා ගොස්‌ ඇත්තේ හිට්‌ලර්ගේ ආධිපත්‍යයෙන් තොර නිදහස්‌ ජීවිතයක්‌ ගත කිරීම සඳහාය.

 මෙම පොත ලියවී ඇත්තේ ට්‍රම්ෆ් බලයට පත් වීමට පෙරය . නව නාසි මතවාද දරන සංවිධාන අමෙරිකාවේද දිරිමත්ව ඇති බව පිළිගත්තද , එඩ්ගාර් විශ්වාස කරන්නේ සුදු ස්‌වෝත්තමවාදීන්ට නාසිවරුන් මෙන් බලයට එන්නට බැරි බවය. ඔවුන් කුඩා කල්ලි වශයෙන් සිටින බවත් ඔවුන්ගේ බලපෑම රටට නොදැනෙන බවත් ඔහු විශ්වාස කරයි. ඔහුගේ මාමා වූ ලිඔන් , හිට්‌ලර් බලයට ඒ යයි විශ්වාස නොකළ අන්දමටම ඔහුද අමෙරිකානු ජනාධිපතිවරණය දිනන්නේ ටුම්ෆ් යයි විශ්වාස නොකළේය . ඇමෙරිකානු ජනතාව ඔහු පත් කර ගත්තේ කුමන අරමුණකින්දැයි නොතේරෙන බව එඩ්ගාර් පවසයි.

 මෑතකදී එංගලන්තයේදී පැවති බ්‍රේක්‌සිට්‌ මැතිවරණයේදී , එංගලන්තය සුළු ජාතිකයන් ගැන දැක්‌වු වූ බිය ඔහු නොසන්සුන්තාවයට පත් කර ඇත . රටේ පවතින ගැටලු සඳහා ප්‍රධාන හේතුව සංක්‍රමණිකයන් බව රජය පවසා සිටීම ඔහු නොසන්සුන්තාවයට පත් කරන්නට ඇත .

 එඩ්ගාර් ෆ්යිට්‌ගර් දැන් ලිවීම නතර කොට ඇත , නමුත් ඔහු සංචාරය කරමින් ඔහුගේ අත්දැකීම් ගැන කතා කරයි හිට්‌ලර්ගේ අසල් වැසියා වී ලබා ගත් අත්දැකීම් ගැන වසර 88කට පසු ඔහු සතුටින් කතා කරයි. ඔහු දැක ඇත්තේ අසාමාන්‍ය ඉතිහාසයකි. ඔහු එම අසාමාන්‍ය ඉතිහාසයේ විත්තිකරුවෙකි. තමා විසින්ම මුහුණ දුන් අත්දැකීම් තුළින් ලද දැනුම් සම්භාරයක්‌ ඔහුට ඇත. ඔහු ඒ ගැන මහත්සේ ආඩම්බර වේ. ඔහු සතුටින් පවසන්නේ තවම ජීවත්වෙමින් සිටින බවය.


 චාරුන්‍යා දෙහිගම

0 comments:

මාධ්‍ය නියාමන කොමිසමක් පිළිබඳ අපි දන්නෙත් නෑ – දයාසිරි ජයසේකර (සම්පූර්ණ විස්තරය මෙන්න)

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය සේවය කරන ඩෙන්මාර්කයේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් කෙටුම්පත් කරන මාධ්‍ය නියාමනය පිළිබඳ කොමිසමක් සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ තමන් ඒ පිළිබඳ කිසිවක් නිශ්චිතව නොදන්නා බවත් තමන් එවැනි දෙයක් පිළිබඳ දුටුවේ මාධ්‍ය තුළින් බවද කියා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් රංග කලංසූරිය කියා සිටියේ එම ආයතනය තෝරා ගත්තේ තමන් නොවන බවයි.

මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ සිරස සිය පුවත් අඩවියේ පළකල වාර්තාව පහතින්.

මාධ්‍යයට දඩ ගහන, මාධ්‍යවේදීන් හිරේ දමන හොර ලියවිල්ල හෙළි වෙයි


ජනවාරි 8 වෙනසත් සමග බලයට පැමිණි පුද්ගලයින් දුන් ප්‍රධාන ප්‍රතිඥාවක් වූයේ, මාධ්‍ය නිදහස සුරක්ෂිත කරන බවයි.
එහෙත් මේ පොරොන්දුවට සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රියාවලියක් මේ වන විට ආරම්භ කර ඇත.
මේ අනාවරණය ඒ පිළිබඳවයි,
ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත ලෙස නම් කළ ලියවිල්ලක් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
කැනේඩියානු බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන ටෝබි මෙන්ඩෙල් සහ ආචාර්ය ප්‍රදීප්. එන්. වීරසිංහ යන දෙදෙනාගේ මූලිකත්වයෙන් මේ ලියවිල්ල පිළිබඳව මේ වන විට විවිධ සාකච්ඡා සංවිධානය වෙමින් පවති.
වාර්තාවන ආකාරයට මෙම ලියවිල්ල කෙටුම්පත් කර ඇත්තේ, යුනෙස්කෝ සංවිධානයේ සංවර්ධන සන්නිවේදනය පිළිබඳව ජාත්‍යන්තර වැඩසටහනේ අධ්‍යක්ෂවරයෙකු වූ විජයානන්ද ජයවීර මහතායි.
මාධ්‍ය නිදහස තහවුරු කිරීමට යැයි පවසමින් සකසා ඇති ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත නමැති ලියවිල්ලේ කරුණු ගණනාවක් ඇතුලත් වේ.
ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳව ස්වාධීන මණ්ඩලයක් ඇති කිරීමට මේ මගින් යෝජනා කරන අතර එහි සභාපති ධූරයට නීතිඥවරයෙකු හෝ විශ්‍රාමික විනිසුරුවරයෙකු පත් කිරීමට යෝජනා කර තිබේ.
ප්‍රවෘත්ති මාධ්‍ය ප්‍රකාශන පිළිබඳව ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ඊට බලය පැවරෙන අතර මණ්ඩලයේ කටයුතුවලට එරෙහිව නඩු පැවරිය නොහැකි ය.
මණ්ඩලයට එරෙහිව අධිකරණයේ නඩු පැවරිය නොහැකි බවට මුක්තියක් ලබාදීමට යෝජනා කරන්නේ රටේ විධායක ජනාධිපතිවරයා පවා මුක්තිය ඉවත් කිරීමට යෝජනා කරන පසුබිමකයි.
ප්‍රවෘත්ති මාධ්‍ය ප්‍රකාශන මෙම මණ්ඩලයේ ලියාපදිංචි කළ යුතු අතර එහිදී ප්‍රකාශකයා සහ ප්‍රධාන සංස්කාරක අනාවරණය කළ යුතුව තිබේ.
ප්‍රවෘත්ති මාධ්‍ය මෙම මණ්ඩලයට ගාස්තුවක් ගෙවිය යුතු වීම විශේෂත්වයකි.
පනතේ කාර්යයන් ඉටු කිරීමට අවශ්‍යවන ප්‍රවෘත්ති මාධ්‍ය ආයතනවල ඕනෑම තොරතුක් ලබා ගැනීමට මේ පනතින් ඉඩ ලැබෙන අතර මාධ්‍යවේදීන් සතුව ඇති තොරතුරු සියල්ල ද ලබාගත හැකි ය.
ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳව ස්වාධීන මණ්ඩලයේ නියෝග ක්‍රියාත්මක නොකරන ප්‍රවෘත්ති ආයතනයකට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පවරා රුපියල් මිලියනයක් දක්වා දඩයක් පැනවිය හැකිවීම මේ ලියවිල්ලේ තව ත් පුදුමය දනවන යෝජනාවකි.
මෙම මණ්ඩලය දන්වන අවස්ථාවලදී එහි පෙනී නොසිටින මාධ්‍යවේදීන්ට මහේස්ත්‍රාත් නඩු විභාගයකින් පසුව මාස 3ක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂයක දඩයක් පැනවිය හැකියි.
මෙම ලියවිල්ල සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාකාරීව කටයුතු කරන ටෝබි මෙන්ඩෙල් මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, රංග කලන්සූරිය මහතා කලාපීය උපදේශකයෙකු ලෙස සේවය කරන ඉන්ට නැෂනල් මීඩියා සපෝර්ට් නැමැති ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය සමග සමීපව කටයුතු කරන අයෙකි.
මෙන්ඩෙල් මහතා නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහාවන සංවිධානය හෙවත් සී.එල්.ඩී නමැති තව ත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක විධායක අධ්‍යක්ෂවරයායි.
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කටයුතු කිරීම මේ සංවිධානයේ මූලික කාර්යය භාර්ය වේ.
ටෝබි මෙන්ඩෙල් මහතා අවස්ථා ගණනාවකදී රංග කලන්සූරිය මහතා සමග ද සමීපව කටයුතු කර තිබේ.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු – සුනන්ද දේශප්‍රිය,
අද සිද්ධ වෙන්නේ සම්පූර්ණයෙන්ම රහසිගත ක්‍රියාවලියක්. ඩෙන්මාර්කයේ තියෙන රාජ්‍ය නොවන සංවිධානයක් අයි.එම්. එස් කියන සංවිධානයේ මූල්‍ය පිටුබලය මත තමයි මේ සම්පූර්ණ ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ. මේ පනත තනි පුද්ගලයෙක් නැත්නම් දෙන්නෙක් හදපු එකක්. ඒ පනත රට හරහා ගෙනියන්නේ කුඩා කණ්ඩායමක්. ඒකට ජනමාධ්‍ය සංවිධාන කිසිම දෙයක් සම්බන්ධ නැහැ. නමුත් අනිත් අතට මේක ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු දෙපාර්තමේන්තුවෙන් කරනවා කියලා තමයි කියන්නේ. තොරතුරු දෙපාර්තමේන්තුවෙන් කරනවා නම් ඒ ගොල්ලෝ අපිට කෙලින්ම කියන්න ඕන ආණ්ඩුව මේක ආණ්ඩුවේ වැඩක් මේක ආණ්ඩුවෙන් කරන්නේ කියලා. නමුත් මෙතන වෙන්නේ මුටිට්ය දාලා බලනවා වගේ වැඩක්. මේක වෙන සංවිධානයක් හරහා දාලා බලනවා මේක ක්‍රියාත්මක කරගන්න පුළුවන්ද කියලා. දැන් මේ සඳහා සාකච්ඡා කරන්න පැමිණි ටෝබි මැන්ඩෙල් කියන්නේ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් වැඩ කරන විද්වත් මහත්මයෙක්. නමුත් ඔහු මෙහි පැමිණීමට පෙර මේ රටේ ජනමාධ්‍යකරුවන් සමග ජනමාධ්‍ය ආයතන එක්ක මේ ගැන සාකච්ඡාවක් කරන්න අවශ්‍යයි. මේක ආණ්ඩුවේ එකක් නම් මේක ආණ්ඩුව භාර අරගෙන සාකච්ඡා කරන්න. එතකොට ජනමාධ්‍ය ආයතනත් එක්ක කතා කරන්න කියන එකයි අපි කියන්නේ. මේක රහසිගතව මේ විදියට කරගෙන යන එකෙන් වෙන්නේ අපි දන්නේම නැතිව අන්තිමේට ජනමාධ්‍යකරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව වැටෙන පනතක් බවට මේක පත්වෙන්න පුළුවන්. පොඩි එන්. ජී. ඕ එකකින් තමයි මේක කරගෙන යන්නේ. මේ මාධ්‍ය මේ ආණ්ඩුවට මාධ්‍ය මර්දනය කරන්න වුවමනාවකුත් තියෙනවානේ ආණ්ඩුවේ සමහරුන්ට. ඉතිං ඒක ඒ ගොල්ලොන්ගේ අතට මේක ගියොත් මේක හරි භයානක වෙන්න පුළුවන්. මේ ක්‍රියාවලියේ තියෙන ගුප්ත භාවය තමයි මේ ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම සහය දීලා තියෙන්නේ ඩෙන්මාර්කයේ තියෙන ඉන්ටර්නැෂනල් මීඩියා සපොර්ට් කියන ආයතනය. මේ ආයතනය තමයි අද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වශයෙන් ඉන්න රංග කලන්සූරිය මහත්තයා වැඩ කටයුතු කළේ. ඉතිං මේ ක්‍රියාවලියම බැලුවහම රංග කලන්සූරිය වැඩ කරපු අයි. එම්. එස් ආයතනයට කීර්තිය සහ ඒ ආයතනයේ න්‍යාය පත්‍රය අනුව කෙරී ගෙන යන වැඩ කටයුත්තක් වගේ තමයි මේක පේන්නේ. ඉතිං මේ නිසයි අපි කියන්නේ මේක පැහැදිලිව විවෘතව මේ කාර්යය කවුද කරන්නේ කියලා කියන්න කියලා
ලසන්ත රුහුණගේ,
අපි දන්නේ නැහැ මේ කියන කෙටුම්පතේ යෝජනා මාලාවේ කතෘත්වය එහෙම නැත්නම් හිමිකාරිත්වය කවු ද කියලා. ඒවගේම ආණ්ඩුව පැත්තෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ ආණ්ඩුව තවම ප්‍රකාශයට පත් කරලා නැහැ තමන් එවැනි කෙටුම්පතක් හෝ කෙටුම්පත් යෝජනාවක් හදලා තියෙනවා ඒ පිළිබඳව අදහස් දක්වන්න කියලා අපිට ජනමාධ්‍යවේදීන් නියෝජනය කරන සංවිධාන විදියට අපිට දැනුම්දීමක් කරල නැහැ. ඒ හින්දා අපි බරපතළ ප්‍රශ්නයක් තියෙනවා පළමුවෙනුවෙන්ම මේ ලියවිල්ල කාගෙද. කාගේ උවමනාවට ද මේක හැදුවේ. අපිට තේරෙනවා මේ ලියවිල්ල පිටිපස්සේ ආණ්ඩුව ඉන්නවා කියන කාරණය. මොකද මේ ලියවිල්ලට අදාළ කාරණා සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා ඇති වෙනකොට අපිට යම් දැනුම්දීම් ජනමාධ්‍ය සංවිධාන විදියට සහ ජනමාධ්‍යවේදීන් විදියට කරලා තියෙනවා පහුගිය දවස්වල එහිදී අපිට ඒ දැනුම්දීම් සඳහා කතා කරන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පුද්ගලයින්. අපි දකිමින් තියෙන දේ තමයි මාධ්‍ය ප්‍රතිසංස්කරණයට අදාළ ලේකම් කාර්යාලය යැයි කියාගත් අටවාගත් රාජ්‍ය නොවන සංවිධානයක් මේක රටවටේම අරගෙන යනවා මේ පනතක් ගැන සංවාද කරමින්. කෙටුම්පතක් පිළිබඳව. මොන විදියටවත් රටේ නීතියක් පොදු මහජනතාවට බලපාන විශේෂයෙන්ම මේ කේෂ්ත්‍රයට ජනමාධ්‍යවේදීන්ට බලපාන නීතියක් රාජ්‍ය නොවන සංවිධානයක ව්‍යාපෘතියක් විය හැකි ද බරපතළ ප්‍රශ්නය අපිට තියෙනවා
මාධ්‍ය මර්දනය සඳහා මහින්ද රාජපක්ෂ පාලනය අවස්ථා ගණනාවකදී විවිධ උත්සාහයන් දරා ඇති අතර ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් ඇති කිරීමට ද එම කාලසීමාවේ යෝජනා කළ ත් ලසන්ත වික්‍රමතුංග මහතා ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවක් ඝාතනයට ලක් විය.
පොද්ද්ල ජයන්ත, කීත් නෝයාර්, සනත් බාලසූරිය ඇතුළු මාධ්‍යව්දීන් රැසකට මේ කාලසීමාවේ පහරදුන් අතර සිරස මාධ්‍ය ජාලයේ දෙපානම මැදිරි සංකීර්ණයට ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර විනාශ කළේ ය.
අවසානයේ සිදු වූයේ එම රජයට රාජ්‍ය බලය ද අහිමිවීමයි.
2015 ජනවාරි 8 වන දා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළ නව පාලනයක් වෙනුවෙන් රටේ බහුතර ජනතාව කැමැත්ත පල කළ අතර පසුව බලයට පත් දින සියයේ ආණ්ඩුව ද මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ කළේ ය.
19 වන සංශෝධනය සිදු කිරීමට ගිය මර්දනය වැළැක් වූයේ අප ගොනු කළ නඩුවක තීන්දුවට අනුවටයි.
දැන් යළි ත් පනත් කෙටුම්පතක් යැයි කියන ලියවිල්ලක් මුවාවෙන් විදේශිකයෙකු ද සම්බන්ධ කර ගෙන මේ උත්සාහ දරමින් සිටින්නේ මාධ්‍ය මර්දනයකට ද?

0 comments:

හැංගි හැංගි වෙස් බඳින ජනමාධ්‍ය නියාමනය

ජනමාධ්‍ය අයිතීන් හා ග්‍රාහක අයිතීන් යනුවෙන් වූ සම්මන්ත්‍රණයක් පසුගිය මැයි 05 වැනිදා සවස ජාතික පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය. ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව මණ්ඩල පනත එහිදී සාකච්ඡාවට ලක් කරන බව ඒ සම්බන්ධයෙන් ඊමේල් මගින් ලැබුණු ප්‍රචාරක ඇරයුමේ සඳහන්ව තිබුණි. දේශකයන් වශයෙන් සඳහන් වූයේ විජයානන්ද ජයවීර, වික්ටර් අයිවන්, ආචාර්ය ප්‍රදීප් වීරසිංහ, දීපාංජලී අබේවර්ධන හා දීප්ති කුමාර ගුණරත්නය. කෙසේ වෙතත් එම සම්මන්ත්‍රණයේදී වික්ටර් අයිවන් වෙනුවට අදහස් දක්වා තිබුණේ කේ.ඩබ්ලිව්. ජනරංජනය. මට ඇතුළු බොහෝ දෙනෙකුට එම සම්මන්ත්‍රණය පිළිබඳ ප්‍රචාරක ඇරයුම කර තිබුණේ ආචාර්ය ප්‍රදීප් වීරසිංහගේ ඊමේලය මගින්ය. එම ඊමේලයේ එම සම්මන්ත්‍රණය පිළිබඳ ප්‍රචාරක ඇරියුමට අමතරව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවට යැයි සඳහන් මීට පෙර අපට ලැබී තිබූ හා ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත්කර තිබූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරියගේ අත්සනින් යුතු ‘ජනමාධ්‍ය අයිතීන් හා ප්‍රමිතීන් මහජන උපදේශනයට ඇරයුමක්’ නම් වූ පත්‍රිකාවද, ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව මණ්ඩල පනත’ යනුවෙන් සඳහන් ලියවිල්ලක්ද ලැබෙන්නේය.
මෙම ඊමේල් පණිවුඩය ලැබී දින කිහිපයකට පසු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් යැයි ප්‍රකාශ කරමින් මා අමතන අයකු විමසන්නේ සිකුරාදා වැඬේට එනවාද යනුවෙනි. සිකුරාදා වැඬේ කුමක්දැයි මා ඇයගෙන් විමසන ලදුව ඇය පවසන්නේ ඉහත කී සම්මන්ත්‍රණයය. මා ඇයට පවසන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එවැනි සම්මන්ත්‍රණයක් ගැන මට දැනුම්දීමක් සිදුකර නැති බවත්ය. ඒ සමඟම මා ප්‍රශ්න කරන්නේ එම සම්මන්ත්‍රණය සංවිධානය කරන්නේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද යන්නය. එයට ඔව් යැයි ඇය පිළිතුරු දෙන්නීය. කෙසේ වෙතත් මා හට ලැබුණු ඊමේල් පණිවුඩයේ එම සම්මන්ත්‍රණය සංවිධානය කරන්නේ කවුදැයි සඳහන් වන්නේ නැත. එම ඊමේලය එවූ ආචාර්ය ප්‍රදීප් වීරසිංහ ඔහුව හඳුන්වා තිබුණේද ප්‍රධාන විධායක නිලධාරි මාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලය වශයෙන්ය. එමෙන්ම එම ඊමේලයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ අපගේ දැනගැනීම සඳහා හා අපගේ ප්‍රතිචාර දැක්වීම සඳහා එය යොමුකරන බවය. ඔහු එහිදී අදහස් කරන්නට ඇත්තේ සම්මන්ත්‍රණය ගැන නොව අදාළ ලියවිලි දෙක සම්බන්ධයෙන් විය යුතුය.
දැනගන්නට ලැබී ඇති පරිදි එම සම්මන්ත්‍රණයේදී විජයානන්ද ජයවීර මහතා විසින් ඔහු විසින් සකස් කළා යැයි කියනු ලැබූ කෙටුම්පත ගැන විස්තර කර ඇති අතර එයට සහභාගිවූවන් ගැන කරන ලද විමසීමකදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, දෙමළ මාධ්‍ය සංසදය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයන් ඊට සහභාගි වූ බව සඳහන් කර ඇත. රාවය කර්තෘ කේ.ඩබ්ලිව්. ජනරංජන සම්මන්ත්‍රණයේදී එම කෙටුම්පත ගැන අදහස් දක්වා ඇත. දීපාංජලී අබේවර්ධන පුවත්පත් කිහිපයක් සම්බන්ධයෙන් ඇය විසින් පවත්වාගෙන යන ෑඑයසජි ෑහැ නිරීක්ෂණ සම්බන්ධයෙන් හා කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර දීප්ති කුමාර ගුණරත්න ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ඔහුගේ අත්දැකීම් ප්‍රකාශ කර ඇත.
ෆේස්බුක්හි දැක්වෙන පරිදි මෙම සම්මන්ත්‍රණය රට පුරා සංචාරය කරන එකක් බවට පත්වී ඇති බව පෙනේ. ඒ අනුව මැයි 20 වැනිදා සබරගමු කථිකාව මැයෙන්ද, මැයි 21 වැනිදා ඌව කථිකාව වශයෙන්ද, එම ප්‍රදේශවලදී මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතයි. සබරගමු කථිකාව රත්නපුර දිස්ත්‍රික් වෘත්තීය ජනමාධ්‍යවේදී සංගමය හා රුවන්පුර මාධ්‍ය සංසදය සංවිධානය කරන බව ප්‍රචාරක ඇරියුමේ සඳහන් වන අතර ඌව කථිකාව ඌව පුස්තකාල සේවා මණ්ඩලය සංවිධානය කරන බව සඳහන් කර ඇත. ජනමාධ්‍ය අයිතීන් හා ග්‍රාහක අයිතීන් යන පොදු උද්ධෘතයේ වෙනසක් වී නැති අතර, ‘ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව මණ්ඩල සාකච්ඡා කෙටුම්පත’ යනුවෙන් මුල් සම්මන්ත්‍රණයේ සඳහන් වූ ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව මණ්ඩල පනත යන්න වෙනස් වී ඇත.
මෙම සම්මන්ත්‍රණ ක්‍රියාවලියෙන් පෙනෙන්නේ ජනමාධ්‍ය නියාමනය සඳහා ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව මණ්ඩල පනත හෝ වෙනත් නමකින් හැඳින්වෙන කෙටුම්පතක් ආණ්ඩුව විසින් සකස් කර ඇති බවය. ජනමාධ්‍ය නියාමනය සඳහා පනතක් ගෙනෙන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන අවස්ථා කිහිපයකදී අවධාරණයෙන්ම ප්‍රකාශ කළේ මෙම පනත ගැන විය යුතුය. ජනමාධ්‍ය සම්බන්ධයෙන් හෝ වේවා වෙනත් ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් හෝ වේවා යහපාලනය කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නම් සිදුවිය යුත්තේ ඊට අදාළ පාර්ශ්වකරුවන්ගේ දැනුවත්භාවයෙන් සහ ඔවුන්ද එම සාකච්ඡාවට සහභාගි කරගනිමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමය. එහෙත් මේ ආකාරයේ ජනමාධ්‍ය නියාමන නීතියකට අදාළ කෙටුම්පතක් පිළිබඳව ආණ්ඩුව තවම ජනමාධ්‍ය සමාජයේ පාර්ශ්වකරුවන් වන හිමිකරුවන්ට, කර්තෘවරුන්ට හා ජනමාධ්‍ය සංවිධානවලට දැනුම් දී නැත. එසේ වුවද ඒ ගැන රට පුරා සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිත බව පෙනේ. එක්කෝ එවැන්නක් තිබේ නම් එම සාකච්ඡා කෙටුම්පත නිල වශයෙන් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කර තිබිය යුතුය. නැත්නම් පනත් කෙටුම්පතක් වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ යුතුය. කිනම් හෝ සාකච්ඡාවකට මුලපිරෙන්නේ එවැනි නිල ප්‍රවේශයන් හරහා පමණය. එහෙත් යහපාලනය යැයි කියා බලයට පත්වූ ආණ්ඩුවක ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු සිදුවන්නේ ඊට හාත්පසින් වෙනස් ආකාරයකටය. සමහරවිට මෙම ජනමාධ්‍ය නියාමන මෙහෙයුමේ සිටින දේශපාලන පත්වීම්ධාරීන් සිතනවා විය හැක්කේ හොර රහසේම සිදුකරන ක්‍රියාන්විත මෙහෙයුම් යහපාලනය කියා විය යුතුය. කෙසේ වෙතත් ඔවුන්ට අවධාරණයෙන් කිවයුතුවන්නේ හැංගි හැංගි වෙස් බැන්දත් නටන්නට සිදුවන්නේ එළිපිට බවය.
මේ හැංගි හැංගි වෙස් බැඳීමට අදාළව පසුග ිය කාලයේ සිදුවූ සිදුවීම් හඳුනාගැනීම එය තේරුම් ගැනීමට තවදුරටත් ප්‍රයෝජනවත්ය. මේ සිදුවීම් ආරම්භවන්නේ ආචාර්ය රංග කලංසූරිය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් පත්වීම් ලැබීමෙන් පසුවය. මුලින්ම 2016 ජූලි මාසයේදී ජනමාධ්‍ය සංවිධාන ඔහු සාකච්ඡාවක් සඳහා කැඳවනු ලබන්නේය. එහිදී ඔහු කියන්නේ ඔහු තනතුර භාරගත් පසු හිසේ කැක්කුමක් බවට පත්වී ඇති කරුණු දෙකක් පිළිබඳව මාධ්‍ය සංවිධානවල අදහස් දැනගැනීමට එම සාකච්ඡාව කැඳවූ බවය. ඉන් එක් කරුණක් වන්නේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මාධ්‍ය හැඳුනුම්පත නිකුත් කළ යුත්තේ හා නිකුත් නොකළ යුත්තේ කාහටද යන්න පිළිබඳව තීරණයකට ඒමට ඔහුට අපගේ අදහස් යෝජනා ලබාදෙන ලෙසය. අනෙක් කරුණ මාගේ මතකයෙන් ගිලිහී ඇති අතර එය කෙසේවත් ජනමාධ්‍ය නියාමනයට අදාළ කරුණක් නොවීය. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එයට සහභාගි වූ මම රැස්වීම කැඳවීමේ ඔහුගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසු ප්‍රතිපත්තිමය කරුණක් පිළිබඳව අපගේ විරෝධය දක්වා එම රැස්වීමෙන් නැගිට ආවෙමි. පසුව මට දැනගන්නට ලැබුණේ ජනමාධ්‍ය නියාමනයට අදාළව යෝජනාවක් සකස් කිරීමට ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයන්ද ඇතුළත් කමිටුවක් පත් කළ බවය. එම කමිටුවට මාද ඇතුළත් විය යුතු බවට සාකච්ඡා වූ බවත් එම කමිටුව සඳහා පැමිණෙන ලෙසත් එයට සහභාගි වූ ධර්මසිරි ලංකාපේළි මට ආරාධනා කළේය. මා එම ආරාධනාව ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඊට හේතු වශයෙන් ප්‍රකාශ කළේ ජනමාධ්‍ය කොමිසමක් හෝ නියාමනයකට අදාළ ආයතනයක් පිළිබඳව අප විසින් පසුගිය කාලයේ කළ ඉල්ලීම් අතර නොතිබූ බවත් යහපාලන ආණ්ඩුව මුලින්ම සිදුකළ යුත්තේ අපගේ ප්‍රධාන ඉල්ලීම් ඉටුකරදීම බවය. එම අපගේ ප්‍රධාන ඉල්ලීම් වූයේ ජනමාධ්‍යයට එරෙහිව මර්දන අණපනත් අහෝසි කිරීමත්, ජනමාධ්‍යවේදීන් ඝාතනය, ජනමාධ්‍යවේදීන්ට පහරදීම, ජනමාධ්‍යවේදීන් අතුරුදන් කිරීම හා ජනමාධ්‍ය ආයතනවලට පහරදීම ඇතුළු ජනමාධ්‍යයට එරෙහිව එල්ල වූ සියලු අපරාධවල වගඋත්තරකරුවන්ට නීතිය හමුවේ දඬුවම් ලබාදී ජනමාධ්‍ය සමාජයට යුක්තිය ඉෂ්ට කිරීමත්ය. (ඒ වනවිටත් ඊට අදාළ ඉල්ලීම් අප සංගමය විසින් ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍යවරයාටත්, ජනමාධ්‍ය අමාත්‍යවරයාටත් යොමුකර තිබුණි.)
කෙසේ වෙතත් එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් ඉන්පසු පුවත්පත්වල පළවූයේ ස්වාධීන ජනමාධ්‍ය කොමිෂන් යෝජනා කෙටුම්පත් කිරීම සඳහා විජයානන්ද ජයවීරගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇති බවය. එහි සෙසු සාමාජිකයන් වශයෙන් දැක්වූයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් සීතා රංජනීද, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය වෙනුවෙන් ධර්මසිරි ලංකාපේළිද, දෙමළ මාධ්‍ය සංසදය වෙනුවෙන් ආර්. භාරතීද, විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් උපාලි අරඹේවෙලද පත්කර ඇති බවයි.
මෙම කමිටුවට ජනමාධ්‍ය සමාජයෙන් හෝ පිටස්තර සමාජයෙන් ලැබුණු යෝජනා මොනවාද හෝ එසේ යෝජනා ලැබුණාද යන්න වාර්තා නොවුණත් විජයානන්ද ජයවීර විසින් ඒ සම්බන්ධයෙන් සකස් කර ඇති වාර්තාවක් කමිටු සාමාජිකයන්ට ලබාදී ඇති බව දැනගන්නට ලැබුණි. මාස ගණනාවකට පසු එම කමිටුවේ ප්‍රගතිය පිළිබඳව කරන ලද විමසීමකදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් එය නියෝජනය කරන සීතා රංජනී පැවසුවේ එම කමිටුව රැස්වූයේ එක් වරක් පමණක් බවත්, ඉන්පසු රැස් නොවූ බවත්ය.
පසුව එම කොමිෂන් යෝජනාව පිළිබඳව නැවත සාකච්ඡා කෙරුණේ 2016 නොවැම්බර් මාසයේදී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය විසින් අමාත්‍යාංශ ලේකම් වෙනුවට අත්සන් කර අපට ලැබීමට සැලැස්වූ හා ජනමාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කරනු ලැබූ ‘ජනමාධ්‍ය අයිතීන් සහ ප්‍රමිතීන් මහජන උපදේශනයට ඇරයුමක්’ යන සංකල්ප පත්‍රිකාවත් සමඟය. ඊට අදාළ යෝජනා හා අදහස් එම වසරේ දෙසැම්බර් 31 දිනට ප්‍රථම ඉදිරිපත් කරන ලෙස ජනමාධ්‍ය හිමිකරුවන්ගෙන් හා ජනමාධ්‍ය ප්‍රකාශකයන්ගෙන්ද, ජනමාධ්‍යවේදීන්ගේ සමිති හා සංවිධානවලින්ද, සිවිල් සමාජ සංවිධානවලින්ද, මහජනයාගෙන්ද ඉල්ලා තිබුණි.
අවසාන වරට මේ පිළිබඳව සාකච්ඡාවක් ජනමාධ්‍ය අමාත්‍යාංශය කැඳවූයේ මීට මාසයකට පමණ පෙරය. එහිදීත් ඉහතින් සඳහන් කළ සංකල්ප පත්‍රිකාවම අපට ලබා දුන් අතර ස්වාධීන මාධ්‍ය කොමිසමක් පිහිටුවීම සඳහා අපගේ සහයෝගය ජනමාධ්‍ය ඇමතිවරයාද, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාද, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද ඉල්ලා සිටියෝය. එහෙත් කෙටුම්පත් කරන ලද යෝජනාවක් පිළිබඳ කිසිවක් ප්‍රකාශ කළේ නැත. මීට පෙර ප්‍රසිද්ධියට පත් කරන ලද කෙටුම්පත් කොමිටියේ සාමාජිකයන් හා ඔවුන් නියෝජනය කරන ජනමාධ්‍ය සංවිධානවල නියෝජිතයන් එහි සිටියද මෙවැනි කෙටුම්පතක් පිළිබඳව ඔවුන් කිසිවක් දැන සිටියේ නැත. ජනමාධ්‍ය නියාමනයට අදාළ කෙටුම්පතක් සකස් කර ඇති බව හෝ සකස් කරමින් තිබෙන බවද දැනුම් දුන්නේ නැත. තවදුරටත් ජනමාධ්‍ය සම්බන්ධ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරන බව නම් කීවේය.
එසේ වුවද දැන් කෙටුම්පතත් නොනිල ලෙස එළිදක්වා තිබේ. ඊට අදාළව සම්මන්ත්‍රණද පැවැත්වෙමින් තිබේ. පළමු සම්මන්ත්‍රණයේදී කෙටුම්පත සකස් කළා යැයි කියන විජයානන්ද ජයවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ එම කෙටුම්පත් කිරීම කමිටුවක් මගින් සිදුකළ බවය. ඔහු එහිදී කියා ඇත්තේ ඉහතින් සඳහන් කළ කමිටුව ගැනය. ඒ නිසාම ආණ්ඩුව මෙන්ම එම කමිටුව නියෝජනය කළා යැයි කියන සාමාජිකයන් හෝ ඔවුන්ගේ සංවිධානද සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන මෙම කෙටුම්පත ගැන සිය අදහස ප්‍රකාශ කළ යුතුමය. ඊට ඔවුන්ගේ ඇති සම්බන්ධය පැහැදිලි කළ යුතුමය. ස්වාධීන ජනමාධ්‍ය කොමිසමක් පිළිබඳ ඉදිරි සාකච්ඡා තීරණය වනු ඇත්තේ ඉන්පසුවය.■

ලසන්ත රුහුණගේ


0 comments:

"ශීලාචාර රටක වර්ගවාදී ප්‍රකාශ බැහැ"

සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට හෝ අයත් වර්ගවාදය පතුරවන පුද්ගලයන්ට එරෙහිව රජය දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි.
සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට හෝ අයත් වර්ගවාදය පතුරවන පුද්ගලයන්ට එරෙහිව රජය දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි.
ඔහු ඒ බව කියා සිටියේ මුස්ලිම් කඩසාප්පුවලට පහර දීම සම්බන්ධයෙන් පුනරුදය ව්‍යාපාරය විසින් ජාතික පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයේ බදාදා (මැයි 24) සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.
"ඉන්දියාවේ නම් වර්ගවාදී කතාවක් කළොත් ඒ පුද්ගලයව අත්අඩංගුවට ගන්නවා. දඬුවම් කරනවා. ලංකාවේ බලන්නකෝ රූපවාහිනියේ කතා කරන දේවල්. එහෙම කතා කරන්න පුලුවන්ද ශීලාචාර රටක" යනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් වැඩිදුරටත් සඳහන් කළේය.
"එහෙම කතා කරන්න බැහැ, සිංහල කෙනෙකුටත් බැහැ, දෙමළ කෙනෙකුටත් බැහැ, මුස්ලිම් කෙනෙකුටත් බැහැ. සංයමයක් තියෙන්න අවශ්‍යයි"


ඇතැම් ප්‍රදේශවල තෝරා ගත් මුස්ලිම් වෙළෙඳසැල් ගිනි තැබීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් ව්‍යාප්ත වන බව පෙනෙන්නට ඇති බව පවසන පුනරුදය ව්‍යාපාරය එම විනාශකාරී ක්‍රියාදාමය වර්ධනය වීමට ඉඩ දී බලා සිටියහොත් රටට සිදුවිය හැකි හානීය අතිවිශාල බව පෙන්වා දෙයි.

ඉහත කී මාධ්‍ය හමුවට විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
මේ අතර ජනවර්ග අතර සමඟියට බාධා වන ආකාරයේ සිදුවීම් සඳහා වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ බලධාරීන්ට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
එවැනි සිදුවීම් තම බල ප්‍රදේශය තුළ ඇති නොවීමට වගබලා ගන්නා මෙන් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දෙන ලෙස පොලිස්පතිවරයාට නියම කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.

0 comments:

ජනමාධ්‍ය විද්‍යාලයේ පාඨමාලා සම්බන්ධීකාරකට පහරදීමට හමුදාවේ දෙදෙනා 26දා තෙක් රිමාන්ඩ්

ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ පාඨමාලා සම්බන්ධීකාරකවරයාව සිටි මාධ්‍යවේදී නාමල් පෙරේරා මහතාට පහරදී පැහැරගෙන යෑමට තැත් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගත් සැකකාර යුද හමුදා සෙබළුන් දෙදෙනකු මෙම 26දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (12දා) නියෝග කළාය. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත දෙවැනි හා තෙවැනි සැකකරුවන් එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර හඳුනා නොගත් සෙසු සැකකාර යුද හමුදා සාමාජිකයන් සිවුදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මත මුදා හැරීමටද අධිකරණයෙන් නියම විය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (වැඩබලන) චන්ද්‍රා ලියනආරච්චි මහතා ඉදිරියේදී හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්විණි.

මරදාන ට්‍රිපොලි යුද හමුදා කඳවුරේ රහසිගතව පවත්වාගෙන ගිය මෙම කණ්ඩයේ සැකකාර මේජර් ඇතුළු හය දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරනු ලැබුවේ තවත් 48 ක් සමග ය.

එහි දී නාමල් පෙරේරා විසින් දෙවැනි සැකකරු වූ කෝප්‍රල් හේමචන්ද්‍ර පෙරේරා සහ තෙවැනි සැකකරු වූ කෝප්‍රල් ප්‍රභාත් දුමින්ද වීරරත්න  හඳුනා ගනු ලැබිණ.

ඔවුන් දෙදෙනා ලබන 26 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ලංකා ජයරත්න මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර. පෙරට්ටුවේදී හඳුනා නොගත් මේජර් ප්‍රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්ත, ලසන්ත විමලවීර, නිශාන්ත ජයතිලක සහ නිශාන්ත කුමාර යන සැකකාර කෝප්‍රල්වරු ඇප මත මුදා හරිනු ලැබුවා ය.

0 comments:

දෙරණ තහනමට චෝදනා 05 සහ දෙරණ දුන්න උත්තරය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයක් විකෘති කරමින්, වරින් වර වාර්තා කළ බව කියන සිද්ධියකට අදාළව දෙරණ මාධ්‍ය ජාලයට එරෙහිව සිදුකළ ස්වාධීන පරීක්ෂණයකින් එම මාධ්‍ය ජාලය චෝදනා 05කට වරදකරු බව තහවුරු වී තිබේ.

මේ නිසා ආයතනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පෙර නිදහසට දින 14කට පෙර කරුණු දක්වන්නැයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා විසින් දෙරණ ආයතනයේ ප‍්‍රධානියා වෙත ලිපියක් යොමු කරමින් දන්වා සිටී.

මේ අතර ඇතැම් අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරන්නේ සිදු වීම චෝදනාවට වරදකරු වීම හේතුවෙන් දෙරණ නාලිකාවේ විකාශණ බලපත‍්‍රය අවම වශයෙන් තුන් මසක කාලයකට තහනම් කිරීමට ඉඩ ඇති බවයි

දෙරණ මාධ්‍ය ජාලයට එල්ල වී ඇති අදාළ චෝදනා 05 පහත දැක්වේ.

ජනාධිපතිතුමා විසින් පවත්වන ලද එම කතාවේ හරය විකෘති වන ආකාරයෙන් එය සංස්කරණය කොට දෙරණ මාධ්‍ය ජාලය ඔස්සේ කිහිපවරක් ප්‍රචාරය කිරීම.
එම නීති විරෝධී ක්‍රියාව මගින් රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට හානි සිදු කිරීම.
ඒ සඳහා රටේ මහජනතාවට අයත් පොදු දේපළක් වන රූපවාහිනී සංඛ්‍යාත අවභාවිත කිරීම.
එසේ විකෘති කරන ලද ප්‍රවෘත්තිය අවස්ථා කිහිපයකදීම දෙරණ මාධ්‍ය ජාලය ඔස්සේ නීති විරෝධී ලෙස ප්‍රචාරය කිරීම තුළින් මහජන මතයට අනිසි බලපෑම් සිදු කිරීම.
එම සිද්ධිය සම්බන්ධයෙන් තම අමාත්‍යංශයට ලැබුණු පැමිණිලි මත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් නීත්‍යානුකූලව පියවර ගෙන තිබියදී ඔහුට එරෙහිව තම මාධ්‍ය ජාලය ඔස්සේ සාවද්‍ය මතයක් ප්‍රචාරය කරමින් ඔහුගේ කීර්ති නාමයට හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ කීර්ති නාමයට හානි කිරීම.
අදාළ චෝදනා සහිත ලිපිය පහතින් දැක්වේ.





































දෙරණ දුන්න උත්තරය -..........................................................

දෙරණ මාධ්‍ය ජාලය සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් පෞද්ගලිකව යොමුකළ  ලිපියක් ඊයේ සිරස රූපවාහිනියේ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ප්‍රමුඛ පුවත බවට පත්කර ගැනීම මවිතයට කරුණක් වී තිබේ.

එම පෞද්ගලික ලිපියට අදාළ  කරුණු මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝණය කරමින් තරගකාරී මාධ්‍ය ආයතනයක විකාශය කිරීම කාගේ කුමන අවශ්‍යතාවක් මත සිදුවූවාද යන්න සැක මතු කරන්නකි.

එල්.එම්.ආර් බී දත්ත වාර්තා අනූව දෙරණ අංක එකේ රූපවාහිනි නාලිකාව බවට පත්ව ඇති පසුබිමක  තරගකාරී මාධ්‍ය ආයතනයකින් අප කෙරෙහි පවතින මහජන විශ්වසනීයත්වය පළුදු කිරීම දරන උත්සහය හමුවේ මේ පිළිබද සියලු සත්‍ය ලිපි ලේඛන මහජනතාව හමුවේ තැබීමට අප විසින් තීරණය කරන ලදී.

2016 වසරේ ඔක්තෝබර් මස 12 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ජනාධිපතිවරයා විසින් පවත්වන ලද කතාවේ හරය විකෘති කර විකාශය කළ බවට  චෝදනා කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා මුල්වරට අප වෙත ලිපියක් යොමුකරනු ලැබුවේ එම වසරේම ඔක්තෝම්බර් මස 25 වැනිදාය.





එහි සඳහන් වූයේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමේ වුවමනාව මත ඔක්තෝබර් 12 වැනිදා විකාශය වූ සියලු ප්‍රවෘත්ති විකාශයන් හි සංයුක්ත තැටි පිටපත් ඔහු වෙත ලබා දෙන ලෙසය.

කෙසේ වෙතත් මෙම ලිපිය අප අතට පත්වන්නේ අදාළ පුවත වැරදි බව හෝ එය නිවැරදි කළ යුතු බවට වන දැනුම් දීමක් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් හෝ අදාළ කිසිදු පාර්ශ්වයකින් අප වෙත දැනුම්වත් නොකළ පසුබිමකය.

ඒ අනූව මෙම බෝපගේ මහතාගේ ලිපියට ප්‍රතිචාර දක්වමින් අදාළ පිටපත් ද සමග ඊට පසු දිනම අප විසින් පිළිතුරු ලිපියක් යොමුකරන ලදී.

එහිදී අප මූලිකව අවධානයට ලක් කරනු ලැබුවේ අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය යොමුකර තිබූ නිවේදනයට අනුකූලව එම පුවත සකස් කර විකාශය කිරීමට කටයුතු කළ බවයි.

2016- ඔක්තෝබර් 12 වැනිදා ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් යොමුකළ නිවේදනයේ මෙසේ දැක්විණි.


“කිසිදු අවස්ථාවක ආරක්ෂක අංශ දුර්වල කිරීමට සහ රණවිරුවන් අපකීර්තියට පත්වන සිදුවීම් සඳහා ඉඩ තැබීමට තමා කටයුතු නොකළ බවද පැවසු ජනාධිපති තුමා පසුගිය දිනවල හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙකු අධිකරණයට ගෙනගිය ක්‍රමවේදය පිළිබදව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමාට එකඟවිය නොහැකි බව කියා සිටියේය.“

එමෙන්ම අදාළ ඉහත උපුටා දැක්වීම ජනාධිපති නිල වෙබ් අඩවියෙහිද එදින ඒ අකාරයෙන්ම පළවී තිබුණි.

ඒ අනූව අප ඉදිරිපත් කළ ප්‍රවෘත්තියෙන් ජනාධිපතිවරයාගේ කතාවේ සමස්ත සංදර්භය සහ හරය විකෘති කිරීමක් සිතා මතා සිදුකර නොමැති බව මෙන්ම අදාළ ප්‍රවෘත්තිය විකාශය වූ දිනට පසුදින පුවත් පත් වලින් ද මේ අර්ථයට සමාන ආකාරයේ ප්‍රවෘත්ති පළ කර තිබුණු බවද කිව හැකිය.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් පැවැත්වූ කතාවට පසුව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් මාධ්‍ය හමුවේ කළ කරුණු පැහැදිලි කිරීම් ද ඒ අයුරින් ම ප්‍රචාරය කර ඇති බව පැහැදිලි විය.

ඒ අනූව අදාළ මෙම ප්‍රවෘත්තියට අප ඉතා සාධාරණයක් ඉෂ්ඨ කර ඇති බව අප හැඟීම වූ අතර එමගින් මාධ්‍යවේදීන්ගේ සද්භාවය භාවිතය තවදුරටත් තහවුරු වී ඇතැයි දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂවරයා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත යැවූ  පිළිතුරු ලිපියෙන් පැහැදිලි කර තිබුණි.

මෙවැනි කරුණු පැහැදිලි කිරීමකින් පසුව  2016 වසරේ නොවැම්බර් මස 11 වැනිදා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා තවත් ලිපියක් අප වෙත යොමුකරමින් පවසා තිබුණේ ඔහු විසින් සිදුකරන ලද පරීක්ෂණයකට අනූව අදාළ ප්‍රවෘත්තියේ දී ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ  කතාව දෙරණ මාධ්‍ය ආයතනය මගින් විකෘති කර විකාශය කර ඇති බවට කරුණු සනාථ වී ඇති බවයි.

ඒ අනූව මේ  සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට පෙර අප පාර්ශ්වයෙන් ඉදිරිපත් කිරීමට හේතු ඇත්නම් ලිපිය යොමුකර දිනසිට දින හතක් ඇතුළත කරුණු ඉදිරිපත් කරන ලෙසද  මේ ලිපියෙන් අවධානයට ලක් කර තිබුණි.

ඒ අනූව ලේකම්වරයා යොමුකළ ලිපියට අදාළව පැන නැඟී ඇති ගැටළු සහගත කරුණු පහක් අවධානයට ලක් කරමින් නැවතත් දෙරණ මාධ්‍ය ජාලය විසින්  2016 වසරේ නොවැම්බර් මස 21 වැනි දින ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත තවත් ලිපියක් යොමුකරන ලදී.

එහිදී අප පෙන්වාදී සිටියේ ප්‍රවෘත්තියක හරය වෙනස්කර පලකර ඇද්ද යන්න පිළිබඳ තීරණය කළ යුත්තේ ජනමාධ්‍ය සම්බන්ධ විශේෂඥ දැනුමක් අති අයෙක් හෝ කණ්ඩයාමක් මගින් ඊට අදාළ සියලු හේතු සැලකිල්ලට ලක් කර විනිවිද භාවයකින් යුතුව සිදුකළ විධිමත් පරීක්ෂණයකින් පසු එළැඹිය යුතු නිගමනයකින් බවයි.

එමෙන්ම අදාළ පරීක්ෂණයට කරුණු දැක්වීමට දෙරණ මාධ්‍ය ජාලයට අවස්ථාවක් නොලැබුණු අතර ඒකපාර්ශවීයව කරන ලද පරීක්ෂණයක් මත ස්වභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝණය කරමින් සාවද්‍ය නිගමනයකට එළැඹ ඇති බව ද අප යොමුකළ ලිපිය මගින් කරුණු සහිතව පෙන්වා දී තිබුණි.

තවද අප යම් ප්‍රවෘත්තියක් විකෘති කර ඇති බවට චෝදනා කළ ද,  කුමන ආකාරයේ විකෘති කිරීමක් සිදුකළාද යන්න පැහැදිලිව දක්වා නොමැති බවද අප එහිදී පෙන්වා දෙන ලදී.

ඒ අනූව යළිත් 2016 දෙසැම්බර්  01 දින ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා අප වෙත ලිපියක් යොමුකරමින් ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ නැවත  පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කළ බවයි.

එමෙන්ම පරීක්ෂණ කමිටුවක් සඳහා අප ආයතනයෙන් ද සාමාජිකයෙක් නම් කර සතියක් ඇතුළත දන්වන ලෙසද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් විය.

එයින්  අනතුරුව දෙරණ මාධ්‍ය ජාලය වෙනුවෙන් නීතිඥ සමන් සේනාධීර මහතා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ප්‍රතිචාර ලිපියක් යොමුකරන ලදී.

එම ලිපියෙන් අප නීතිඥවරයා විමසා සිටියේ 2016 වසරේ දෙසැම්බර් මස 1 සහ 14 වැනි දිනයන් හී තම සේවා දායකයාට යොමුකළ ලිපි දෙකට අනූව  ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සිදුකිරීමට සූදානම් වන පරීක්ෂණයට අදාළව  ලේකම්වරයාට පැවරෙන අධිකාරිමය බලය සහ ඒ වෙනුවෙන් පවතින නීතිමය ප්‍රතිපාදන පැහැදිලි කරන ලෙසයි.

ඒ පිළිබදව කරුණු පැහැදිලි කිරීමකින් තොරව තම සේවා දායකයාට නිසි ප්‍රතිචාර දැක්වීම අසීරු බවද දෙරණ මාධ්‍ය ජාලය වෙනුවෙන් නීතීඥ සමන් සේනාධීර මහතා එම ලිපියෙන් කරුණු පැහැදිලි කර තිබුණි.

කෙසේ වෙතත් නීතීඥ සමන් සේනාධීර මහතා යොමුකළ එම ලිපියට අදාළව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට කරුණු දැක්වීමක අවශ්‍යතාවක් පැන නොනැඟුණි.

එසේ තිබියදී ඉකුත් අප්‍රේල් මස පස් වැනිදා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා  තවත් ලිපියක් යොමුකරමින් සඳහන් කර තිබුණේ එල්ල කර ඇති චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ ත්‍රිපුද්ගල කමිටුවක් කරුණු පහකට අදාළව දෙරණ මාධ්‍ය ජාලය වරද කරු බවට තීරණය කර ඇති බවයි.

එම ලිපියෙන් ද වැඩිදුරටත් සඳහන් කර තිබුනේ අප ආයතනයට පැවසීමට යමක් වෙතොත් ලිපිය ලැබුණු දිනයේ සිට දින 14 ක් ඇතුළත ඔහු වෙත කරුණු ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනූව දින 14 ක් ඇතුළත නීතිඥ උපදෙස් මත ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ඊට ප්‍රතිචාර දැක්වීමට දෙරණ මාධ්‍ය ජාලය කටයුතු සකස් කරමින් සිටි අතර මෙම තත්ත්වය යහපාලන රජයේ නිදහස් මාධ්‍ය ප්‍රතිපත්තියට අහිතකර යැයි හැඟුණු බැවින් විෂය භාර අමාත්‍යවරයා සමගද සාකච්ඡා කිරීමට කටයුතු කරන ලදී.

එහිදී අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා සමග  ඉදිරි දිනක සාකච්ඡාවක් ලැබී තිබූ පසුබිමක මෙලෙස ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා අප වෙත යොමුකළ පෞද්ගලික ලිපිය සිරස ප්‍රමුඛ පුවත බවට පත්වීම  කවරකුගේ කුමන අවශ්‍යතාවක් මත සිදුවූවාදැයි සැක මතුවන කරුණකි.

මෙමගින් දෙරණ මාධ්‍ය ජාලයේ කීර්තිනාමයට සිදුවූ හානියට එම ලිපිය ජනමාධ්‍යයට යොමුකළ  පුද්ගලයින් නිල ‍වශයෙන් හෝ පෞද්ගලිකව වග කිව යුතු අතර ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීත්‍යානුකූලව කටයුතු කිරීමට අප විසින් බලාපොරොත්තු වේ.

12 වසරක් පුරා කිසිදු බලපෑමකට යටත් නොවී නිදහස් ප්‍රවෘත්ති වාර්තාකරණයක නිරත වෙමින් පුද්ගලික න්‍යාය පත්‍රයන්ගෙන් ඔබ්බට ගොස් සත්‍ය පුවත් වාර්තා කරන අප කෙතරම් සාධාරණ දැයි ජනතාව තීරණය කරනු ඇත.

අද මෙන්ම හෙටත් ලක්මාතාවගේ මෙන්ම ජාතීන් අතර සමගිය වර්ධනය කරමින් සත්‍ය තොරතුරු වාර්තා කරන දෙරණ ,නිබඳව මජහනතාවගේ අවශ්‍යතාව උදෙසා පමණක් කැපවෙන බව  ප්‍රේක්ෂකයා හමුවේ යළි යළිත් යළිත් තහවුරු කරන්නෙමු.


0 comments:

ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් CIDය සොයා ගනී

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සිදුකල කණ්ඩායම කවුදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ප්‍රකාශයක් පදනම් කරගනිමිනි.

මේ අනුව ලසන්ත ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එසේම මෙම විශේෂ කණ්ඩායම විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදියද සිදුකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇති අතර මාධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම් ඇතුළු හිරිහැර බොහොමයක් එකිනෙකට සම්බන්ධ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා ඇත.

මෙම කණ්ඩායම විසින් ජංගම දුරකථන සිම් කාඩ් පත් 5ක් භාවිතා කර ඇති බවත්, මෙම සිදුවීම් හා සම්බන්ධ සියලු ඇමතුම් ලබාගෙන ඇත්තේ එම සිම් කාඩ් යෙදූ දුරකථනවලින් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන ඇති අතර මෙම සිද්ධියට අදාළව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන්ද ප්‍රකාශයක් ලබාගත් බවත්, එවක කොළඹ හා තදාසන්න ප්‍රදේශ බාරව සිටියේ මේවන විට විශ්‍රාමික මේජර් ජෙනරාල් අජිත් පෙරේරා බවත්, ඔහු නිසි ලෙස රාජකාරි නොකළ බවත් ෆොන්සේකා මහතා ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම්දී ඇත.

එසේම අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ අධිකරණ නියෝග මත ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෘත දේහය ගොඩ ගෙන වෙනම වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර ඇති බවත්, එම වෛද්‍ය වාර්තාව මේ වන අධිකරණයට ලැබී ඇති බවත්, එම වාර්තාව අනුව මෙම මරණය විශේෂිත වු උල් ආයුධයකින් පහරදීමෙන් හිසට ඇති වු දැඩි තුවාලයක් හේතුවෙන් සිදුවු මරණයක් බව තහවුරු වී ඇති බවත්, වෙඩි තැබීමක් සිදුව නැති බවත් ය.

අදාළ නඩුව ජූනි මස 19 වන දා යලි විභාගයට ගැනීමට නියමිතය.

0 comments:

යුක්රේන් දොල පිදේනි හමුවේ ලංකා ලොජිස්ටික් දෙකට නැමේ..

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමග ජාත්‍යන්තර සම්බන්දතාවන්හි නව නැඹුරුවක් ඇති වූ අතර ඒ සදහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙන්ම විදෙස් ඇමති මංගල සමරවීර ඇමතිවරයාද මූලික විය. ඉන්දියාව, චීනය හා රුසියාව ඉතා සමීප මිතුරන් ලෙස ගොඩ නගා ගත් රාජ්‍ය සුහදත්වය මෙහි මූලික කරුණක් ලෙස දැක්විය හැකිවේ.
කෙසේ නමුත් මෙම රාජ්‍ය සම්බන්ධතා බිද දැමීම සදහා ක්‍රියාත්මක වන බලවේගයන්ද රට අභ්‍යන්තරයේ මෙන්ම බාහිරින්ද ක්‍රියාත්මකවේ. එවැනි එක් බලවේගයක් පිළිබද මේ වන විට තොරතුරු අනාවරණය වන අතර එමගින් රුසියානු සම්බන්ධතා බිද දැමීම ඒකයන අරමුණ වන අතර අනෙක් රාජ්‍යයන් වන ඉන්දියාව හා චීනය සම්බන්ධයෙන්ද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය එලෙසම පවතී.

මේ සම්බන්ධයෙන් වන තොරතුරුවලට අනුව යුක්රේන් මාශ් (ukraine mash) නැමැති සමාගම උදයංග වීරතුංග සමග එක්ව රහසිගත සැලසුම්කට අනුව මෙකී සම්බන්ධතා කඩාකප්පල් කිරීමට ලංකා ලොජිස්ටික් නැමැති සමාගමට මුදල් පොම්ප කොට ඇති බවයි.

අදාළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් ලියනගේ මේ සදහා හවුල් කොට ගෙන ඇති අතර ඒ සදහා ඔහු විදේශ කටයුතු සම්බන්ධයෙන් මෙකී බලපෑම සිදුකරන බවට වාර්තා පළවේ.
කෙසේ නමුත් මෙහි මුඛ්‍ය පරමාර්ථය වී ඇත්තේ අනෙකුත් රටවල් සමග පවත්වන සම්බන්ධතා කඩාකප්පල් කොට යුක්රේනය සමග වන විදෙස් සම්බන්ධතාවය පවත්වාගෙන යාමේ ඒකායන අරමුණ බවටද තොරතුරු හෙලිදරව්වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද යුක්රේනය සම්බන්ධයෙන් වන විදෙස් ප්‍රතිපත්තිය තරයේ විවේචනයට ලක් කොට සිටින අතර මෙවැනි සම්බන්ධතාවයක් ගොඩ නැගීම තුළින් අනෙකුත් රාජ්‍යයන් සමග වන සම්බන්ධතාවන්ගේ පළුදු බවත් නිර්මාණය වීම මෙකී සැලසුමේ අනෙක් පරමාර්තය බවටද තොරතුරු වාර්තාවේ.
පසුගිය යුද්දය පැවැති කාල වකවානුවේදීද මෙය දැඩි සේ ක්‍රියාත්මක වූ අතර එහිදී එහිදී ලංකාව සමග සම්බන්ධතා තර කර ගත් ඉන්දියාව රුසියාව හා චීනය සම්බන්ධතා බිද දැමීමට කටයුතු කළ අතර එක් අවස්ථාවක ඉන්දියාවෙන් ලැබුණු ගැණුම් 800ක් පමණ අවලංගු කිරීමට තරම් මෙකී යුක්රේන් මාෂ් සමාගමේ බලපෑමක්ද විය. එය සපිරීමට තරම් ඔහු අපොහොසත් විය.
මේ වනවිටද ලලිත් ලියනගේ හරහා සිදුකරමින් පවතිනුයේ එකී ක්‍රියාදාමයම වන අතර උදයංගට අමතරව මේ සදහා මුල් වී ඇති පිරිස් ඉදිරියේදී හෙළිකිරීමට ද අප බලාපොරොත්තු වෙමු.
යහපාලන ආණ්ඩුව මගින් ගෙන යනු ලබන විදෙස් ප්‍රතිපත්තියේදී ජනාධිපතිවරයා අගමැතිවරයා හා මංගල සමරවීර ඇමතිවරයා ඉහත කී චීනය රුසියාව හා ඉන්දියාව සමග වන සමීපතම විදෙස් ප්‍රතිපත්තියට මෙම සැලසුම්කරුවන්ගේ ක්‍රියාදාමයන් මගින් දැඩි බලපෑම් එල්ල වීමේ අවධානමක් පවතින බවටද තතු දත් ආරංචි මාර්ග හෙළිදරව් කොට සිටී.

0 comments:

ඉරුදින’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ විමලනාත් වීරරත්න මහතා නීතිවිරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීම

මහත්මයාණෙනි / මහත්මියනි,
‘ඉරුදින’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ විමලනාත් වීරරත්න මහතා නීතිවිරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පුවත්පතේ කර්තෘ මණ්ඩලය සියලූ රාජකාරි වලින් ඉවත් වීමට තීරණය කර තිබේ.
පෙබරවාරි 27 දින ස`දහන් කරමින් ඉරුදින පුවත්පත ප‍්‍රකාශයට පත් කරන ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ නලින් ජයතිලක විසින් නිකුත් කර ඇති ලිපියකට අනුව පෙබරවාරි 28 දින සිට විමලනාත් වීරරත්න මහතාගේ සේවය අවසන් කර ඇත. කිසිදු කරුණක් සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීමක් හෝ යම් විමර්ශනයක් හෝ සිදු නොකොට හදිසියේ මෙසේ ප‍්‍රධාන කර්තෘවරයා ඉවත් කිරීම නීතිවිරෝධී මෙන් ම අයුක්ති සහගත ද වේ. ආයතනයේ සේවකයන්ට හිමි විය යුතු ජනවාරි මාසයේ වැටුප පවා සම්පූර්ණයෙන් ලබා දී නැති සහ සේවය කළ කාලයට අදාළ සේවක අර්ථසාධක අරමුදල් හෝ සේවක භාරකාර අරමුදල් කොටස් ගෙවා නැති තත්ත්වයක් තුළ මාර්තු මාසයේ වැටුප පමණක් ගෙවීමේ පොරොන්දුව පිට මෙසේ සේවකයකු ඉවත් කිරීම තරයේ හෙළා දැකිය යුතුය.
මේ නිසා අදාළ නීතිවිරෝධී සහ අයුක්ති සහගත ලිපිය වහාම ඉවත් කර ගන්නා ලෙසත්, සේවක මර්දනය වහාම නවත්වන ලෙසත් බල කරමින් සහ එම පියවර ගන්නා තුරු පුවත්පතේ රාජකාරි වලින් ඉවත් වන බව ස`දහන් කරමින් ‘ඉරුදින’ කර්තෘ මණ්ඩලය ආයතනයේ කළමනාකාරිත්වයට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
ස්තූතියි.
‘ඉරුදින’ සේවක එකමුතුව

0 comments:

මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සහ පහරදීම් සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදය

පසුගිය කාලයේ සිදුවූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සහ පහරදීම් සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයේ ගැටලුවක් ඇති බව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේබව පැවසුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නෝයර් පැහැරගෙනයෑම සහ පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින බුද්ධි අංශ නිලධාරීන් ගැන අදහස් දක්වමිනි.
මෙම සිදුවීම් වලට හමුදාව සම්බන්ධ නම් ඔවුන්ට තරාතිරම නොබලා දඬුවම් දිය යුතු බව පැවසූ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා කෙසේ නමුත් එයට අදාළ ක්‍රමවේදය අනුගමනය කළ යුතු බව අවධාරණය කළේය.
මෙම බුද්ධිඅංශ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදී පනත යටතේ බවට චෝදනා කළ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා සාමාන්‍ය පහරදීමේ සිද්ධියක් ලෙස මෙය සැළකිය යුතු බවද ප්‍රකාශ කළේය.
එදා මෙන් අදත් මෙම ප්‍රහාර පිටුපස සිටින්නේ කවුදැයි තමන් නොදන්නා බව ඒ පිළිබඳව යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසීය.

0 comments:

''කීත් නොයාර්'' යුක්‌තිය ඉටුකිරීම

මේ රට පුදුමාකාර රටකි. හොරු අල්ලනවාය කීවාට අල්ලන හොරෙක්‌ නැත. ඝාතනවලට, පහරදීම්වලට අදාළ අය අත්අඩංගුවට ගන්නවාය කිSවාට තවමත් එහෙමටම කියනා සිද්ධ වෙච්ච දෙයක්‌ නැත. ඉතිං රටේ ජනතාවට හිතන්නට සිද්ධ වෙන්නේ කවුරු කවුරුත් එකතුව තරගෙට බොරු කියන බවය. වත්මන් යහපාලන ආණ්‌ඩුව කෙරෙහිද මේ තත්ත්වයෙහි වෙනසක්‌ නැත. එසේ වන විට ඉතාම ඉක්‌මනින් ජනතා විශ්වාසය බිඳවැටීම වැළැක්‌විය නොහැක.

''ද නේෂන්'' පුවත්පතේ සහකාර කර්තෘ ''කීත් නොයාර්'' පැහැරගෙන ගොස්‌ සිරකර තබාගෙන අමානුෂික ලෙස පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින හමුදා නිලධාරීන් පස්‌දෙනා සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ වඩා විධිමත්ව, අපක්‍ෂපාතීව සිදුකළ යුතු බවත් එය ආණ්‌ඩුව පාර්ශ්වයෙන් ගනු ලබන ඉතා වැදගත් තීන්දුවක්‌ බවත් අපි විශ්වාස කරන්නෙමු. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද පසුගිය දිනවල කියා තිබුණේ තරාතිරම නොබලා වැරදිකරුට දඬුවම් කරන බවය. එය යථාර්ථයක්‌ බවට පත්කර ගැනීම සඳහා කැපවීම, අදාළ වගකිවයුතු කාගෙත් වගකීම බවද අපි විශ්වාස කරමු. සිදුවීමට අදාළව බන්ධනාගාර ගතකර සිටින හමුදා නිලධාරීන් පස්‌දෙනාගේ වැඩ තහනම් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කී බව පෙරේදා (21දා) 'දිවයින' පුවත්පත වාර්තා කර තිබිණි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වීම, උපාලි තෙන්නකෝන්ට පහරදීම මේ ආදී වශයෙන් කියෑවෙන බොහෝ අනීතික, අවලස්‌සන වැඩ බොහෝමයක්‌ පසුපස මිලිටරි බලය තිබුණු බව අනාවරණය වී හමාරය. ප්‍රශ්නය වන්නේ ඒ පිටුපස තිබුණු අදිසි හස්‌තයයි. අනාවරණය කරගත යුත්තේ එයයි.

කීත් නොයාර්ට පහරදීම පිටුපස ප්‍රබල චරිතයක්‌ සිටින බවත් ඒ පිළිබඳව තොරතුරු මේ වනවිටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කරගෙන ඇති බවත් කියෑවේ. එහෙත් මෙවැනි ''ප්‍රබල චරිත'' ගැන කතා ඉතා ඉක්‌මනින් යටපත් වී පරීක්‍ෂණ කඩාකප්පල් වීම පසුගිය කාලයේ පැවැත්වූ පරීක්‍ෂණවලදී අප අත්දුටු දෙයකි.

නිවැරදිව කීවොත් මේ රටේ ජනමාධ්‍ය විෂයයෙහි මෙවැනි භිSෂණකාරී, වටපිටාවක්‌ පැන නැගුණු හැම අවස්‌ථාවකම ඊට අදාළ ''ප්‍රබලයන්'' ගැන කතාබහ යටපත් වීම නිරන්තරයෙන්ම සිදුවිය.

මහා දහවලෙහි රූපවාහිනිS සංස්‌ථාවට පැන යකා නැටූ මජර දේශපාලනඥයන් සම්බන්ධයෙන් නීතිය හරි හැටි ක්‍රියාත්මක වූයේ නැත. මේ රටේ නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියකුගේ හොම්බ කට සමතලා කරන විට ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත. එසේ තිබියදී කීත් නොයාර් සිදුවීමට අදාළ යෑයි කියන සැකකරුවන් පිළිබඳ සිද්ධියේ දී සිදුවන්නේ කුමක්‌දැයි රටේ ජනතාව උනන්දුවීම සාධාරණය.

මාධ්‍යවේදියා සම්බන්ධයෙන් ආණ්‌ඩු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව යහපත් චිත්‍රයක්‌ ඇති කිරීමට මෙය හේතුවේ යෑයි අප විශ්වාස කරමුq.

හිටපු ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු, ගත් කතුවරයකු වන ගුණදාස ලියනගේ විසින් රචනා කරනු ලැබූ ''ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම'' කෘතියට පසු වදනක්‌ ලියන හිටපු ජ්‍යෙෂ්ඨ කතුවරයකු මෙසේ සඳහන් කරයි.

''ලෝකය ජීවත්වීමට තරම් ආරක්‌ෂිත ස්‌ථානයක්‌ බවට පත්ව ඇත්තේ පුවත්පත් කලාවේදියාගේ සත්‍ය ගවේෂණය නිසා බව බොහෝ දෙනෙක්‌ අවබෝධ කර නොගනිති. මෙම කටයුත්ත සඳහා ඉදිරිපත්වන පුවත්පත් කලාවේදියාගේ ජීවිතය රෝසමල් යහනාවක්‌ නොවේ. වරෙක නොමසුරුව ඔහුට ප්‍රශංසා කරන දේශපාලනඥයා ගැන සත්‍ය කරුණු ඇතුළත් එහෙත් අප්‍රසාදජනක යමක්‌ ප්‍රකාශ කළ විට පත්‍ර කලාවේදියාගේ බොටුව කඩා ලේ උරා බීමට මුලින්ම ඉදිරිපත් වන්නේද එම දේශපාලනඥයන්මය. පළ කිරීමට සුදුසු ප්‍රවෘත්ති හැටියට ඔවුන් සලකන්නේ ඔවුන්ගේ පුරාඡේරුව සහ ඔවුන්ගේ ඉරි තැළී ගිය කණ්‌ණාඩිවලින් දකින ආකාරය අනුව ප්‍රවෘත්ති යෑයි ඔවුන් නිගමනය කරන දේ පමණකි.

ඇත්ත කතාව ඒකය. කීත් නොයාර් සිදුවීම සම්බන්ධයෙන් යුක්‌තිය ඉටුවන තුරු අපි බලා සිටිමු.

0 comments:

'ෂාරුක් ඛාන් මාව බාල්දු කළා' විමුක්ති ජයසුන්දර හෙළි කරයි

කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක නිකං සුරංගනා කතාවක් වගේ එකක් කියලා. බප්පාදිත්‍ය බන්දෝපාද්‍යන් කියලා අධ්‍යක්ෂවරයෙක් හිටියා බෙංගාලයේ. ඔහු මගේ ෆේස්බුක් මිත්‍රයෙක්. දවසක් අපි චැට් එකක ඉන්නකොට ඔහු මගේ චිත්‍රපට ගැන විස්තර ඇහුවා. ඒ වන විටත් මගේ චිත්‍රපටයක් බාගෙට නිෂ්පාදනය වෙලා තිබුණේ. ඔහු ක්ෂණිකව කිව්වා ඉන්දියාවට එන්න චිත්‍රපටයක් කරන්න කියලා. කොටින්ම කියනවා නම් දවස් 3 ක් ඇතුළත නිෂ්පාදකයෙකුත් හම්බ වෙලා ඉන්දියාවට එන්න ගුවන් ටිකට් පතකුත් ලැබුණා.

විමුක්ති ජයසුන්දර පසුගිය කාලය තුළ චිත්‍රපට සම්බන්ධයෙන් කොතරම් සක්‍රීය වූවා ද යන්න සිනමා ලෝලයෙකුට පැනයක් විය හැකිය. සම්භාව්‍ය සිනමාවේ සිටින තම වෘත්තීය සගයන් තම සිනමාපට තුළින් කතාබහක් ඇති කර ගනිද්දී කලක සිටම විමුක්ති සිටියේ ගුහාව තුළ හිඳීමේ ප්‍රතිපත්තියකය. ලාංකේය අග්‍රගණ්‍ය සිනමාකරුවා ලෙස්ටර් ජේම්ස් පීරිස් 50 දශකයේ 'රේඛාව' ද රැගෙන ලෝ ප්‍රකට 'කාන්' සිනමා උලෙළට ගිය පසු මීළඟට එම උලෙළ නියෝජනය කළේ විමුක්තිය. ඒ 'සුළඟ එනු පිණිස' ඔහුගේ චිත්‍රපටය සමඟය. ඉන් මත්තට 'අහසින් වැටෙයි', 'සුළඟ ගිනි අරන්', 'චත්‍රක්' නමින් චිත්‍රපට 3 ක් විමුක්ති නිර්මාණය කළත් ලාංකීය සිනමා ලෝලියාට ඒ ගැන අදහසක් ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබුණේ නැත. ප්‍රේක්ෂක සමූහයාට ඉදිරිපත් නොවූ චිත්‍රපට අතරින් 'චත්‍රක්' චිත්‍රපටයට එක්තරා සුවිශේෂත්වයක් ඇත.

එකක් වනුයේ එය විමුක්ති ඉන්දියාවට ගොස් බෙංගාල බසින් කරන ලද ඉන්දීය චිත්‍රපටයක් වීමයි. ඉන්දියාවේදී ප්‍රාන්ත බසකින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ එකම ලාංකික සිනමාකරු විමුක්ති ඉතිහාසයට එක් වෙයි. දෙවනුව එය කාන් උලෙළ නියෝජනය කිරීමට වරම් ලද විමුක්තිගේ දෙවන චිත්‍රපටය වීමයි. මේ සුවිශේෂතා මැද ඔහු ඉන්දියාව තුළදීත් ප්‍රංශයේ කාන් උලෙළ තුළත් නොමඳ ආකර්ෂණයක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව 'චත්‍රක්' ලාංකීය ප්‍රේක්ෂකයාට රූපවාහිනිය ඔස්සේ විවර කරන්නට විමුක්ති කටයුතු සලසා ඇත. එළැඹෙන පෙබරවාරි 24 වැනිදා රාත්‍රී 10.30 ට ටී. වී දෙරණ ඔස්සේ 'චත්‍රක්' විකාශය කරන්නට නියමිතයි. බෙංගාල බසින් 'බිම්මල්' යන අරුත දෙන මේ චිත්‍රපටය ගැන මෙතෙක් විමුක්ති නොකී කතා රැසක් සරසවිය හෙළි කරන්නේ මේ අයුරිනි.

විමුක්ති මට මුලින්ම දැනගන්න අවශ්‍ය චිත්‍රපටයට 'චත්‍රක්' නැත්නම් 'බිම්මල්' කියලා නම දාන්න හේතුව වුණේ මොකක්ද කියලා?

චිත්‍රපටයේ වටපිටාව තනිකරම සැකසෙන්නේ බෙංගාලයේ අගනුවර කොල්කටාය (යටත් විජිත සමයේ කල්කටාව) මත. එක කාරණයක් තමා බිම්මල් එහෙමත් නැත්නම් හතු පිපෙන්න නිශ්චිත වටපිටාවක් අවශ්‍ය නැහැ. ඒවට මුලක් නැහැ. අනෙක් කාරණය කල්කටාව පුරාම හතු පිපෙනවා වගේ හැදෙන මහ ගොඩනැගිලි. ඒකේ ඉවක් බවක් නැහැ. මිනිස්සුන්ගේ පාරම්පරික වාසස්ථාන වගේම විශාල කුඹුරු යායවල් යට කරගෙන තමයි මේ ගොඩනැගිලි හැදෙන්නේ. අනික යම් හතු ජාතියක් තිබෙනවා අමුවෙන් කෑවොත් මත් වෙලා උමතු ගතියට පත් වෙනවා. හරියට ගංජා ගැහුවා වගේ.

ඔබ ඉන්දියාව තුළ 'චත්‍රක්' ප්‍රදර්ශනය කරනවාද?

නැහැ. ඉන්දියාව තුළ කිසිම වාණිජ ප්‍රදර්ශනයක් අපි කළේ නැහැ.

ලාංකීය අධ්‍යක්ෂවරයකුට ඉන්දියාව වගේ දැවැන්ත තැනකින් චිත්‍රපටයක් කරන්න අරාධනා ලැබීම එක්තරා විදිහක විරළ සිදුවීමක්?

ඇත්තෙන්ම ඔව්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක නිකං සුරංගනා කතාවක් වගේ එකක් කියලා. බප්පාදිත්‍ය බන්දෝපාද්‍යන් කියලා අධ්‍යක්ෂවරයෙක් හිටියා බෙංගාලයේ. ඔහු මගේ ෆේස්බුක් මිත්‍රයෙක්. දවසක් අපි චැට් එකක ඉන්නකොට ඔහු මගේ චිත්‍රපට ගැන විස්තර ඇහුවා. ඒ වන විටත් මගේ චිත්‍රපටයක් බාගෙට නිෂ්පාදනය වෙලා තිබුණේ. ඔහු ක්ෂණිකව කිව්වා ඉන්දියාවට එන්න චිත්‍රපටයක් කරන්න කියලා. කොටින්ම කියනවා නම් දවස් 3 ක් ඇතුළත නිෂ්පාදකයෙකුත් හම්බ වෙලා ඉන්දියාවට එන්න ගුවන් ටිකට් පතකුත් ලැබුණා.

ඔබ යන්නේ චිත්‍රපටයටකට වස්තු බිජයක්වත් නොමැතිව, හිස් අතින්?

ඔව්. මම ගියේ කල්කටාවට. ඒ ගිහින් මම කල්කටාවේ සෑහෙන කාලයක් ගත කළා. කල්කටාවේ ඇවිදින්න පුළුවන් හැම තැනකම මම ඔහේ ඇවිද්දා. ඒ ඇවිදින අතරේ මම ශාන්ති නිකේතනනයට පවා ගියා. එහෙම ඇවිදලා මම එහෙදිම පිටපත ලියන්න පටන් ගත්තා.

ඉන්දියාවේ පිරිසක් එක්ක සමීපව වැඩ කරන්න ලැබීම ඔබට අලුත් අත්දැකීමක් වෙන්න ඇති නේද?

ඇත්තනේම ඔව්. විනෝද් ලානොටි තමයි චිත්‍රපටයේ නිෂ්පාදකවරයා. බප්පාදිත්‍යගේ හිතවත්කම මත මොහු තමයි නිෂ්පාදනයට සම්බන්ධ වුණේ. මට මුණගැහුණු බෙංගාලයේ පිරිස හරි අවංකයි. ඔවුන් කලාවටයි කලාකාරයන්ටයි ගොඩක් ගරු කරන පිරිසක්. කොච්චර ගරු කරනවාද කියනවා නම් නිර්මාණාත්මක වැඩවලදී මගේ අදහසකට ප්‍රතිවිරුද්ධ අදහසක්වත් දෙන්න මේ අය ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි මේගොල්ලෝ හරි කම්මැලියි. වෙලාවට වැඩක් කරනවා කියන්නේ මොකක්ද කියලවත් මේගොල්ලෝ දන්නේ නැහැ.

ඕනෑම සම්භාව්‍ය තරුණ සිනමාකරුවෙක් තමන්ගේ මුල් අවධියේ බෙංගාල සිනමාව සමඟ ප්‍රේමයෙන් බැඳීම ස්වභාවිකයි. ඔබත් එසේ ප්‍රේමයෙන් බැඳුණ කෙනෙක්ද?

අනිවාර්යයෙන්ම ඔව්. මම ලෝක සිනමාවට මුලින්ම සම්බන්ධ වෙච්ච තැන තමයි බෙංගාල සිනමාව. සත්‍යජිත් රේ වගේ සිනමාකරුවන්ගේ නිර්මාණ හින්දා තමයි මම සිනමාව ගැන උනන්දු වුණේ.

ඇත්තටම බෙංගාලය මොන වගේ තැනක්ද?

ඒක හරිම සෞන්දර්යාත්මක තැනක්. උදේට නැගිට්ටම මතක් වෙන්නේ අමරදේවයි නන්දා මාලිනීවයි. කොහොමත් කල්කටාව ඉන්දියාවේ පිළිගන්නේ බුද්ධිමතුන්ගේ නගරය කියලා. සියළු කලාවන් මෙහි ගැබ්වෙලා තියෙනවා. සාහිත්‍ය සහ කලාව කියන්නේ බෙංගාලයේ අංක එක.

සමහර ඉන්දීය මාධ්‍ය මේ ප්‍රශ්නය අරගෙන දෙපැත්තට බෙදිලා වාද කරන්න ගත්තා. ඒකට NDTV වගේ විශාල මාධ්‍යයත් හවුල්. සමහර විවාද මාසයක් විතර කාලයක් ඇදගෙන ගියා. ඒ කෙසේ වෙතත් මට පුළුවන් වුණා ඉන්දියවේ ස්වාධීන සිනමාකරුවන් රාශියකට සාර්ථක දොරක් ඇරලා දෙන්න. අද ඔවුන් කාන් උලෙළට යනවා. මට පස්සේ කාන් ගිය අධ්‍යක්ෂවරයා තමයි අනුරාග් කාශ්‍යප් කියන්නේ. බොලිවුඩ් එහෙම වුණාට ඉන්දියවේ අනෙක් ස්වාධීන සිනමාකරුවෝ මා සමඟ ඉතාමත් සුහදයි.

ඔබ ලංකාවෙන් ඉන්දියාවට ගිය පළමු අධ්‍යක්ෂවරයා නොවුණත් ඔබ විශාල අභිමානයක් අත්පත් කර ගන්නවා ඉන්දියාව තුළ?

මට පුළුවන් වෙනවා චත්‍රක් චිත්‍රපටය සමඟ නැවතත් 'කාන්' උලෙළට යන්න. කාන් උලෙලේ 'අධ්‍යක්ෂවරයාගේ දෙසතිය' කියන අංශයෙන් චත්‍රක් තෝර ගත්තා උලෙළ වෙනුවෙන්.

ඔබ ඉන්දියාවට අත්පත් කරලා දෙන නම්බුව සුළු පටු නැහැ?

1977 'ඔකා ඌරි කතා' කියන මිර්නාල් සෙන්ගේ චිත්‍රපටය කාන් උලෙළ නියෝජනය කළායින් අනතුරුව වෙන කිසිම ඉන්දීය චිත්‍රපටයකට කාන් නියෝජනය කරන්න බැරි වුණා. මගේ චිත්‍රපටය තමා ඉන්දියාව වෙනුවෙන් තේරුණේ. ඒක ඉන්දියාවට විශාල ගෞරවයක් වුණා. ඒ වගේම සමහර පිරිසකට ඒක දරාගන්න බැරි වුණා.

මොකක්ද ඒ කතාව?

වෙන රටකින් අධ්‍යක්ෂවරයෙක් ඇවිත් ඉන්දියාව ඇතුළේ වැඩක් කරලා නම්බුවක් උපයලා දීම ගැන බොලිවුඩය හිටියේ නොසතුටින්. බොලිවුඩය බොහොම එකමුතුයි. ඒක මාෆියාවක් වගේ. ඔවුන් කැමති වුණේ නැහැ ලංකාවේ මම ඉන්දියන් චිත්‍රපටයක් අරන් ලෝකය නියෝජනය කරනවට. විශේෂයෙන් කාන් උලෙළේදී ඒ බව මම අත්දැක්කා.

මොකක්ද ඒ සිදුවීම?

කාන් කියන්නේ ප්‍රංශයේ පොඩි නගරයක්. කාන් සිනමා උලෙළත් එක්ක කාන් නගරයේ සංදර්ශන බොහොමයි. සිනමා උලෙළ තිබෙන හැම රාත්‍රියක්ම සැණකෙළි රාත්‍රියක්. සිනමා උලෙළෙත් හැම රාත්‍රියකම සාද තිබෙනවා. මේ එක සාදයකදී මට හමු වුණා ඔය ජනප්‍රියයි කියන බොලිවුඩ් තරු. ඉන්දියාව උලෙළේ කතාබහට ලක්වුණත් ඔය කියන එක්කෙනෙක්වත් මාත් එක්ක භජනෙට ආවේ නැහැ. කෙටියෙන්ම කියනවා නම් ඒ එක්කෙනෙක්වත් මාව සත පහකට ගණන් ගත්තේ නැහැ.

ඉන්දියාව නියෝජනය කළේ ඔබ නම් අර බොලිවුඩ් තරු නියෝජනය කළේ කොහේද?

ඔවුන් එන්නේ ඉන්දියාව නියෝජනය කරන්න නෙවෙයි. කාන් උලෙළට අනුග්‍රහකත්වය දෙන අනුග්‍රහකයන්ව නියෝජනය කරන්න. අනුග්‍රාහකයන්ගේ යම් යම් ප්‍රඩක්ට්ස් වෙනුවෙන් මේ තරු පෙනී හිටිනවා. ඒවා ආවරණය කරන්න ඉන්දියාව ඇතුළු බොහෝ රටවල්වල විලාසිතා සඟරා ආදි මාධ්‍ය එදාට ප්‍රංශයට එනවා. හැම අවුරුද්දකම පාහේ බොලිවුඩ් තරු කාන් උලෙළට එන්නේ ඒ දේ වෙනුවෙන්.

ඔවුන් ඔබේ චිත්‍රපටය නැරැඹුවාද?

කියන්න කණගාටුයි, ඔවුන් ඒක බලන්න ආවෙත් නැහැ. කොටින්ම කියනවා නම් ෂාරුක් ඛාන් එක තැනක කියලා තිබුණා චත්‍රක් අධ්‍යක්ෂණය කළේ බංග්ලා දේශ් කාරයෙක් කියලා. ඔහු බංග්ලාදේශ් කියන වචනෙම පාවිච්චි කළේ මාව බාල්දු කරන්න.

කෙසේ නමුත් ඔබේ චිත්‍රපටය ඉන්දියවේ කතාබහ වෙනඑක නවත්වන්න කාටවත් බැරි වුණා?

සමහර ඉන්දීය මාධ්‍ය මේ ප්‍රශ්නය අරගෙන දෙපැත්තට බෙදිලා වාද කරන්න ගත්තා. ඒකට NDTV වගේ විශාල මාධ්‍යයත් හවුල්. සමහර විවාද මාසයක් විතර කාලයක් ඇදගෙන ගියා. ඒ කෙසේ වෙතත් මට පුළුවන් වුණා ඉන්දියවේ ස්වාධීන සිනමාකරුවන් රාශියකට සාර්ථක දොරක් ඇරලා දෙන්න. අද ඔවුන් කාන් උලෙළට යනවා. මට පස්සේ කාන් ගිය අධ්‍යක්ෂවරයා තමයි අනුරාග් කාශ්‍යප් කියන්නේ. බොලිවුඩ් එහෙම වුණාට ඉන්දියවේ අනෙක් ස්වාධීන සිනමාකරුවෝ මා සමඟ ඉතාමත් සුහදයි.

ඒ සම්බන්ධයෙන් බෙංගාලයේ ප්‍රතිචාරය මොන වගේද?

ඔවුන් විශාල වශයෙන් චිත්‍රපටයට උදව් කළා. මේ වෙනුවෙන් පෙනී හිටියා. අරුන්දති රෝයි වගේ චරිතත් මේ වෙනුවෙන් හඬ නැඟුවා.

කාන් උළෙලෙන් පස්සේ චිත්‍රපටය ලෝකයේ ප්‍රමුඛ සම්මාන උලෙළවල් නියෝජනය ලබා ගත්තා නේද?

ටොරොන්ටෝ, ටෝකියෝ, කොරියවේ සෝල් වගේ විශාල උලෙළවල් සංඛ්‍යාවකට චිත්‍රපටය ගියා.

ඔබ ඒ මොහොතේ චිත්‍රපටය කරන්න ඉන්දියාවට ගියත් ඔබේ කැමරා සගයා වෙන්නේ චන්න දේශප්‍රිය?

ඔව්. චන්න විශිෂ්ට විදිහට චිත්‍රපටයට දායක වෙනවා. ඒ වගේම ස්ලෝවේනියාවේදී චත්‍රක් වෙනුවෙන් හොඳම කැමරා අධ්‍යක්ෂණයට හිමි සම්මානයත් දිනා ගන්නවා.

මම ඔබෙන් අහන්නයි හිටියේ, ක්‍රිකට් කියන්නේ බෙංගාලයේ අංක 1 නෙවෙයිද?

කොහෙත්ම නැහැ. කලාව හා සාහිත්‍ය තමා බෙංගාලයේ අංක 1. ක්‍රිකට් කියන්නේ අංක 2.

මා එසේ ඇසුවේ ලෝකයේ විශාලතම ක්‍රිකට් ක්‍රිඩාංගණය වන ඊඩ්න් ගාර්ඩ්න් පිටිය කල්කටාවේ පිහිටා ඇති පසුබිමකය. විමුක්තිගේ තිරගත නොවූ අනෙක් චිත්‍රපටත් මෙවැනි ආකාරයකින් ප්‍රේක්ෂක සමූහයා වෙත ළඟා විය හැකි බවට යමෙක් බලාපොරොත්තුවක් තබා ගැනීම අසාධාරණ නොවේ.

සංවාදය - ෂෙනාල් එරාන් ජයසේකර  -සරසවිය

0 comments:

මාධ්‍යවේදීන් බුද්ධිමත් බව රාජිත පිළිගනී....

හොරණ ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් මුදල් ආයෝජනය කළේ කවුරුන් දැයි යන්න අගමැතිවරයා දැනගත්තේ කර්මාන්ත ශාලාවට මුල් ගල් තැබූ දින උදෑසන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පසුගිය ජනවාරි මස 25 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
සේනාරත්න අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සාවද්‍ය බව එයට පසුදිනම නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සඳහන් කර තිබුණි.
අදාළ ව්‍යාපෘතියේ ආයෝජකයා පිළිබඳව තමන් කල් තබාම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කළ බවත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරුන් දෙදෙනාගේ ප්‍රකාශ පරස්පර වීම පිළිබඳව බිබීසී සිංහල සේවය බදාදා කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න ගෙන් විමසීමක් කළේය.



එයට ප්‍රතිචාර දැක් වූ අමාත්‍ය රාජිත සේනාරත්න තමන් මුලින් කළ ප්‍රකාශය නිවැරදි බව යළිත් වරක් සඳහන් කළේය.
"මේ නන්දන කියල දන්නවා. මේ නන්දන කවුද කියල දැනගෙන හිටියේ නැහැ කියලයි මම කිව්වේ."
අදාළ ආයෝජකයා දූෂණ චෝදනා එල්ල වී තිබුණු පුද්ගලයකුය යන්න අගමැතිවරයා නොදැන සිටි බව අමාත්‍ය සේනාරත්න යළිත් වරක් පැවසීය.
පසුගිය 25 වෙනි දින සහ අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න කළ ප්‍රකාශ ඉහත වීඩියෝවෙන් නරඹන්න.

0 comments:

සයිටම් වෙඩිතැබීම ආණ්ඩුවේ සැලැස්මක්ද?, ගවේශණාත්මක මාධ්‍යවේදීන්ගේ කවය

පසුගිය පාලන සමයේ අපරාධ ලෙස කරළිගතවූ සිදුවීම් නැවත විගඩම් ලෙස සමාජය මත දිග ඇරෙමින් ඇත. විගඩමකට සීමාව ඉක්මවා ලබාදෙන ප‍්‍රචාරය මගින් කියවෙන්නේ එය දේශපාලන අපරාධයක පූර්ව සැලසුමක් බවය. සයිටම් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්නට වෙඩි තැබීම හෙවත් වෙඩි තබා ගැනීම දේශපාලන අපරාධයක් සදහා පූර්ව සැලැස්මක් සහිතව නටා පෙන්වන ලද විගඩමක් බව සිදුවීම් පෙලගැස්මට අනුව හදුනාගත හැකිය. එම වෙඩි තැබීමට අනුව එහි අපරාධයක් සිදුකිරීම සදහා තැත් කරීමකට අදල කිසිදු සලකුණක් මෙතෙක් අනාවරණය වී නැත.

මෙම වෙඩි තැබීම අපරාධයකට වඩා යම් අපාරාධයක් සිදුකිරීම සදහා උත්සහ කල බවට හගවා අවධානය දිනා ගැනීම හා සයිටම් ආයතනයට එරෙහි සමාජ මතය වෙනතකට හරවීමේ අරමුණ්න් ඇතිකල සිදුවීමක් බවට පොලිස් පරීක්ෂණ මගින් මතුවන පරස්පරතා වලින් හදුනාගත හැකිය.

අදාල වෙඩි තැබීමට සම්බන්ධයෙන් සමිර සේනාරත්නගේ ප‍්‍රකාශ වල බරපතල පරස්පරයක් පවතී. නෙවිල් ප‍්‍රනාන්දු පවසන්නේ මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ වාමාංශික පක්ෂයක් බවය. එමෙන්ම තර්ජනය කරන අවස්ථාවේ පොලිසියට පැමිණිල්ලක් නොකිරීම හා සමීර සේනාරත්න විසින් “මම ආසයි මාරයාව බලන්න” යනුවෙන් මරණ බවට තර්ජනය කරන පුද්ගලයා සමග විහිලූ කල බව කියන ප‍්‍රකාශය මෙම සිදුවීමට අදාල බොරුවේ දිග පලල හදුනා ගැනීමට ප‍්‍රමාණවත්ය. තමන්ට මරණ තර්ජන එල්ල කරන පුද්ගලයා සමග විහිළු කරන්නේ නම් ඔහු බරපතල මානසික රෝගියෙකු විය යුතුය. නැතහොත් මෙම තර්ජනය අමූලික බොරුවක් බව දැන සිටිය  යුතුය.

මෙම වෙඩි තැබීමට හේතුව පහත කරුණු නීරීක්ෂණය කිරීමෙන් වටහා ගත හැකිය.

1 සයිටම් ආයතනයට එරෙහිව සමාජ විරෝධය පෙලගැසුණු ආකාරය.

පීඨාධිපතිවරුන් සයිටම් ආයතනයට එරෙහි ස්ථාවරයක සිටීම.
වෛද්‍ය සභාවේ සයිටම් විරොධී ස්ථාවරය.
විශ්වවිද්‍යල ආචාර්යවරුන්ගේ පොදු මතය.
ශිෂ්‍ය ව්‍යාපාරය විසින් පවත්වන අඛන්ඩ අරගලය.
දේශපාන පක්ෂ, වෘත්තීය සමිති, හා සිවිල් බලවේග සයිටම් ආයතනයට එරෙහි ස්ථාවරයක සිටීම.
2 මෙම විරෝධය හමුවේ ආණ්ඩුවේ හැසිරීම

සිසුන්ගේ ආරගලයට දිගින් දිගටම ඇහැම්කන් නොදී පහරදීම අත්අඩංගුවට  හා ගැනීම.
උද්ඝෝශණ වලට එරෙහිව අධිකරණය මගින් වාරණ නියෝග ලබාගැනීම.
සයිටම් ආයතනයට පක්ෂව ලැබුණු අධිකරණ නියෝගය හා සයිටම් ආයතනය ඉදිරියට පවත්වාගත යුතුය යන මතය තුල සිටිමින් ආණ්ඩුව ප‍්‍රචාරක කටයුතු කිරීම.
ඇමතිවරුන් වන රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල හා එස් බී දිසානායකගේ ප‍්‍රකාශ
3 සමාජ විරෝධය හමුවේ සයිටම් ආයතනයේ හැසීරීම

මාධ්‍යවේදීන්ට අල්ලස් ලබාදීම.
සයිටම් ආයතනයේ විධායක නිලධාරී සමීරගේ සේනාරත්නගේ හැසිරීම හා ප‍්‍රකාශ වල පවතින පරස්පර තාවය.
වමේ පක්ෂයක් මෙම වෙඩි තැබීමක් සිටින බවට නෙවිල් ප‍්‍රනාන්දුගේ ප‍්‍රකාශය.
ලිපියක් මගින් අනතුරු අගවා අපරධයක් සිදුකරන බවට ඊටත් පෙර දැනුම් දී අනියමින් එහි වගකීම බාර ගැනීම හා එය ශිෂ්‍ය සංගමයට සම්බන්ධ කණ්ඩායමක් සිදුකරන බවට එම ලිපියෙන් ඇගවීම.
වෙඩි තැබීමට පෙර ගලකින් මොටර් රථයේ ඉදිරිපස වීදුරුවකට පහර දුන් බවට ඇති ලක්ෂණ.
විමර්ශණය සදහා රජයේ රස පරීක්ෂක වරයා පැමිණ රියදුරු අසුනට යාබද දොර විවෘත කිරීමේදී එහි වීදුරුව කඩාගන වැටීම. (වෙඩි තැබීමෙන් පසු එම දොර විවෘත කර නොමැති බව ඉන් තහවුරු වෙයි ඉන් ෙහලිවන්ෙන් වන්නේ වෙඩි තබන අවස්ථාවේ රියදුරු අසුන හිස්ව පැවති බවය,)
සමීර සේනාරත්නට සති දෙකක පමණ සිට මරණ තර්ජන කරන බවට පොලීසියට හෝ මාධ්‍යට එලිදරවු නොකිරීම.
ආයතනයේ විධායක නිලධාරීවරයා වශයෙන් එතරම් බරබපතල තර්ජනයක් තිබියදී තනිව ගමන් කිරීමට හේතුව අණාවරණය නොකිරීම.
දැනට වාර්තා වෙමින් පවතින ආකාරයට පොලිස් පරීක්ෂණ සිදු කරමින් පවතින්නේ සිද්ධියට අදාල ස්ථානිය තත්වය හා වෙඩි තැබීමේ සිදුවීම පමණක් පදනම් කරගන වන අතර මෙම පරක්ෂණයට ඕනෑම ආකාරයකට දේශපාලන අර්ථකතනක් ලබාදිය හැකිය. එබැවින් මෙම සිදුවීමට අදාල සබදතා ජාලය අනාවරණය කර ගැනීම මෙම සිදුවීමේ ඇති සැබෑ හේතුව හදුනාගත හැකිය.

සමීර සේනාරත්න පවසන ආකාරයට,
1තර්ජනාත්මක දුරකතන ඇමතුම් දුරකතන අංක මොනවාද එම දුරකන භාවිත කල පුද්ලයන් කවුද?
2 පලමු දුරකතන ඇමතුම ලැබුණ දිනය හා වෙලව.
3 සමීර සේනාරත්නට තර්ජනාත්මක දුරකතන කීයක් ලැබුනේ ද?
4 වෙඩි තැබීමට පෙර අවසන් වරට තර්ජනාත්මක දුරතන ඇමතුම ලැබුණු දිනය හා වෙලාව.
5 එම ඇමතුම් ලබාගත් සංඤා හුවමාරු කුලූණු පැවති ප‍්‍රදේශ.
6 වමේ පක්ෂයක් මෙම වෙඩි තැබීම සිදුකල බව නෙවිල් ප‍්‍රනාන්දු කරන චෝදනාව හා නෙවිල් ප‍්‍රනාන්දු එම තොරතුරු දන්නේ කෙසෙද යන්න වෙනම විමර්ශයක් සිදුකරීම.
8 සමීර සේනාරත්න වෙඩි තැබිමෙන් පසු කම්පනයෙනයට පත්ව ලබාගත් පලමු දුරකත ඇමතුම හා ඉන් පසු ඔහු ලබාගත් දුරකතන අැමතුම් පිලිඹද තොරතුරු හා එම පුද්ගලයන් කවුද යනවග හෙලිකර ගැනීම.
9 සමීර සේනාරත්නට ලැබුණු තර්ජනාත්මක ලිපියේ ඇගිලි සලකුණු පරීක්ෂා කිරීම.
10 එම ලිපියේ ඇති කරුණු සමීර සේනාරත්නගේ හා නෙවිල් ප‍්‍රනාන්දුගේ ප‍්‍රකාශ හා සසදා පරස්පරතා හදුනා ගැනීම.

සමීර ප‍්‍රනාන්දු පවසන ආකාරයට ඔහුට සති දෙකක පමණ සිට මරණ තර්ජන එල්ල වී ඇත. එමෙන්ම අදාල ලිපිය මගන් ඒත්තු ගන්වා ඇත්තේ මරා දැමීමට හේතුව සයිටම් ආයතනයට පක්ෂව ලැබුණු අධිකරණ තීන්දුව මූලික වන බවය. එහෙත් වෙඩි තැබීම සිදුවන්නේ අධිකරණ තීන්දුවෙන් සතියකට පමණ පසුවය. එසේ නම් මරණ තර්ජන එල්ල කල පුද්ගලයන් සති දෙකකට පෙර සිට තර්ජනය කර ඇත්තේ ඔවුන් අදාල තීන්දුව සයිටම් ආයතනයට පක්ෂව ලබාදෙන බවට, එම තීන්දුවට පෙර දැන සිට තිබේ. ඊට අනුව මෙම කරුණෙන්ම පමණක් අදාල වෙඩි තැබීම නිර්මාණය කරන ලද්දක් බව ඔප්පුවේ.

එබැවින් මේ සම්බන්ධය සත්‍ය අනාවරණය කර ගැනීමට නම් විමර්ශණය ආරම්භ කල යත්තේ වෙඩිතැබීමට අදාල ස්ථානීය සාධක වලින් නොව වෙඩි තැබීමට පදනම්ව ඇති සබදතා ජාලය පිලිබද විමර්ශණයකිනි.
එහෙත් දේශපාලන බලපෑම විසින් කිසිවිටෙත් මේ සම්බන්ධ සත්‍ය එලිදරවු කරන මට්ටමේ විමර්ශණයක් සිදුකරීමට පොලීසියට ඉඩ ලබා දීම සැක සහිතය. එසේ වසන් කරන සත්‍ය තුලින් එම ත‍්‍රාස ජනක විගඩම් පිටුපස ඇති අත් කාගෙදැයි තේරුම්ගත යුතුය.

fnewslanka

0 comments:

බදුර්දීන්ගේ මාධය හමුවේදී මාධ්‍යවේදීන්ට බූරුවෝ යැයි බැණ වදී (සංස්කරණය නොකළ දර්ශන)

විල්පත්තුවේ වන විනාශයක් සිදුවන්නේ නැතැයි පවසමින් ඇමති රිෂාඞ් බදියුදීන්ට පක්‍ෂව ඊටය් දිනයේ සූදානම් කර තිබූ මාධ්‍ය හමුවකදී දැඩි උණුසුම් තත්වයක් ඇති විය.

පුරවැසි බලය සංවිධානයේ සාමාජිකයින් වූ සමන් රත්නප‍්‍රිය, ගාමිණි වියන්ගොඩ ආදීන් මාධ්‍යවේදීන්ගේ නිර්ධය ප‍්‍රශ්න කිරීම් හමුවේ දැඩි අසීරුතාවයට පත් වනු පෙනින.

ඇමති බදියුදීන්ගේ කාර්ය මණ්ඩල පිරිස්ද එම අවස්ථාවට එක්ව සිටි අතර ඉන් ඉන් එක් පුද්ගලයෙකු හා මාධ්‍යවේදීන් අතර සිදුවන්නට ගිය ගුටිබැට හුවමාරුවක් වැලකී ගියේ අනූ නවයෙනි.


0 comments:

ලංකා මාධ්‍යවේදීන් වෙත රාජපක්‍ෂ පාලනය එල්ල කර තිබූ සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස්

ලංකා මාධ්‍යවේදීන් වෙත රාජපක්‍ෂ පාලනය එල්ල කර  තිබූ අභූත චෝදනා මීට සුළු වේලාවකට පෙර අධිකරණය විසින් ඉවත දමා මාධ්‍යවේදීන් තිදෙනා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ මස්සිනාට අයත් දෙනියාය, බෙවරලිය පෞද්ගලික වතුයායේ රජයේ සම්පත් යොදවමින්, සුපිරි මන්දිරයක් ඉදි කිරීම පිළිබඳව ගවේෂණාත්මක ලිපියක් සකස් කිරීම සඳහා 2009 වසරේ සැප්තැම්බර් මස 02 වැනි දින එහි ගොස් සිටියදී මාධ්‍යවේදීන් තිදෙනා පැහැර ගනු ලැබීය.
ඒ වන විට ලංකාපුවත් පතේ මාධ්‍යවේදීන්ව සිටි රවීන්ද්‍ර පුෂ්පකුමාර, ශාලික විමලසේන සහ දයා නෙත්තසිංහ පැහැර ගනු ලැබූ අතර, පසුව රාජපක්‍ෂ ආණ්ඩුව වෙත මාධ්‍යයෙන් එල්ල කරන ලද දැඩි බලපෑම හමුවේ පොලිසිය විසින් මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන සිටින බව පිළිගැනීමට සිදු විය.
පසුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ තබා ගැනීමට උත්සාහ කළද, එය ව්‍යර්ථ වී අයුතු ඇතුළුවීමේ චෝදනාව මත සමථ මණ්ඩලය හමුවට මාධ්‍යවේදීන් යොමු කර තිබිණි. නමුත්, එහි පෙනී සිටීම ප‍්‍රතික්‍ෂෙප කිරීම නිසා අයුතු ඇතුළුවීම යන චෝදනාව යටතේ ම මොරවක අධිකරණය හමුවේ නඩු පවරා මේ දක්වා විභාග කෙරෙමින් තිබිණ.

පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පු කිරීමට අසමත් වූ බැවින්, මාධ්‍යවේදීන් තිදෙනා නිදොස් කොට නිදහස් කරන බව මීට සුළු වේලාවකට පෙර මහේස්ත‍්‍රාත්වරයා විසින් තීන්දුව ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

ලංකා මාධ්‍යවේදීන් වෙත රාජපක්‍ෂ පාලනය එල්ල කර තිබූ අභූත චෝදනා මීට සුළු වේලාවකට පෙර අධිකරණය විසින් ඉවත දමා මාධ්‍යවේදීන් තිදෙනා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

0 comments:

මන්ත්‍රී බන්දුල ගුණවර්ධනට අමතක අතීතය මාධ්‍යවේදියා මතක්කර දුන්න හැටි......


0 comments:

මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර අටයි


සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ 8 වැනි ගුණානුස්මරණය බොරැල්ල කනත්තේ ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේ දී අද (8) පැවැත්විණි.
කථානායක කරු ජයසූරිය, ඇමැති හා නියෝජ්‍ය ඇමැතිවරුන් වන රවී කරුණානායක, මනෝ ගනේෂන්, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, මංගල සමරවීර ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.


0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු