සේනාරත්න අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සාවද්‍ය බව එයට පසුදිනම නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සඳහන් කර තිබුණි.
අදාළ ව්‍යාපෘතියේ ආයෝජකයා පිළිබඳව තමන් කල් තබාම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කළ බවත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරුන් දෙදෙනාගේ ප්‍රකාශ පරස්පර වීම පිළිබඳව බිබීසී සිංහල සේවය බදාදා කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න ගෙන් විමසීමක් කළේය.
එයට ප්‍රතිචාර දැක් වූ අමාත්‍ය රාජිත සේනාරත්න තමන් මුලින් කළ ප්‍රකාශය නිවැරදි බව යළිත් වරක් සඳහන් කළේය.
"මේ නන්දන කියල දන්නවා. මේ නන්දන කවුද කියල දැනගෙන හිටියේ නැහැ කියලයි මම කිව්වේ."
අදාළ ආයෝජකයා දූෂණ චෝදනා එල්ල වී තිබුණු පුද්ගලයකුය යන්න අගමැතිවරයා නොදැන සිටි බව අමාත්‍ය සේනාරත්න යළිත් වරක් පැවසීය.
පසුගිය 25 වෙනි දින සහ අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න කළ ප්‍රකාශ ඉහත වීඩියෝවෙන් නරඹන්න.
No comments:
Post a Comment