කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (වැඩබලන) චන්ද්‍රා ලියනආරච්චි මහතා ඉදිරියේදී හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්විණි.
මරදාන ට්‍රිපොලි යුද හමුදා කඳවුරේ රහසිගතව පවත්වාගෙන ගිය මෙම කණ්ඩයේ සැකකාර මේජර් ඇතුළු හය දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරනු ලැබුවේ තවත් 48 ක් සමග ය.
එහි දී නාමල් පෙරේරා විසින් දෙවැනි සැකකරු වූ කෝප්රල් හේමචන්ද්‍ර පෙරේරා සහ තෙවැනි සැකකරු වූ කෝප්රල් ප්‍රභාත් දුමින්ද වීරරත්න හඳුනා ගනු ලැබිණ.
ඔවුන් දෙදෙනා ලබන 26 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ලංකා ජයරත්න මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර. පෙරට්ටුවේදී හඳුනා නොගත් මේජර් ප්‍රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්ත, ලසන්ත විමලවීර, නිශාන්ත ජයතිලක සහ නිශාන්ත කුමාර යන සැකකාර කෝප්‍රල්වරු ඇප මත මුදා හරිනු ලැබුවා ය.
No comments:
Post a Comment