ඊළාම්වාදීන් නොදුටු, යාපනය රාජ්‍යයේ අවසාන ජවනිකාව

* සංකිලි රජු ගැන ඇත්ත කතාව හංගලා
* මීගපුල්ලේ ආරච්චි දොන් ලුවිස්‌ නමින් බෞතිස්‌ම වෙයි
* උඩරට රජුට යාපනයේ උරුමය ලැබුණු හැටි

පෙරියපිලි රජු මහ බණ්‌ඩාර විසින් මන්නාරමට පහර දීමෙන් පෘතුගීසීන් පරාජය කිරීමට උත්සාහ කළත් අවසානයේ පරාජය හිමි වූයේ පෙරියපිලි රජුටයි. ඔහුගෙන් අනතුරුව ඔහුගේ බාල පුත් එදිරිමානසිංහ රජකමට පත් විය. සටන් බිමේ වැටී සිටි මෙම බාල කුමාරයා ගෞරව සම්ප්‍රයුක්‌තව පිළිගෙන රජ බවට පත් කිරීමට පෘතුගීසීන් කටයුතු කළහ. 1591 දී සිදු වූ මෙම අභිෂේකය යාපනයේ දෙවැනි සංගිලි (සේතුව, පාලම) බලය උදුරා ගන්නා තෙක්‌ පැවතුනි. 1616 දී රජු මිය ගිය අතර ඔහුට දාව උපන් කුමාරයා වයස අවුරුදු 03 ක ළදරුවෙකි. සංගිලි පාලන බලය උදුරා ගත්තේ කුමරුත් රාජ්‍යයත් බලා ගැනීමට පත් කළ අර්ෂකේශරී බණ්‌ඩාරගෙනි. ඔහුත් අවුරුදු හතරක්‌ පමණ බලයේ සිටිමින් අර්බුද මැද කටයුතු කළ අතර 1620 දී පෘතුගීසීන් යාපනය යටත් කර ගත්හ. මේ ඈ¹ ගැනීම යාපනය රාජ්‍යය උඩරට රජුගෙන් උදුරා ගැනීමක්‌ ලෙස යුරෝපීය ලේඛකයන් ද දෙමළ ලේඛකයන්ද සඳහන් කළ අවස්‌ථා ඇත. එයින් පළමුවැන්නා පිලිප් කන්ජමනාදන් නමැති ලංකා රේගුවේ සරප්වරයකුව සිටිමින් විනියා ත්‍රැප්‍රොබෝනියා නම් පොතක්‌ ලියමින් සටහන් කළ පුද්ගලයාය. ඊළ`ගට ලන්දේසි ලේඛක පිලිප්පුස්‌ බැල්දියස්‌ය. එසේ නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. එම්. ද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ යාපනයේ ස්‌වාධීන දෙමළ රාජ්‍යයක්‌ තිබූ බවයි. එහෙත් ඒ සඳහා කිසිදු සාක්‍ෂියක්‌ ඔහු සඳහන් කර නැත. මෙය ඉන්දු ලංකා ගිවිසුමේදී උතුරු නැගෙනහිර දෙමළ නිජබිම ලෙස සලකා ඊට අත්සන් කළ ඡේ.ආර්. ජයවර්ධන මහතාගේ සිත සැනසීමට ලියන ලද්දක්‌ ලෙස මම කල්පනා කරමි.



ඉහත කී පරිදි 1616 දී එදිරිමානසිංහ රජු මිය ගිය අතර ඔහුගේ ළදරු පුත් ලෙව්කේ බණ්‌ඩාර කුමාරයා රාජ්‍යයේ උරුමක්‌කාරයා විය. ඔහුව රැකබලා ගැනීමට පවරා තිබුණේ ඉහත කී පරිදි අර්ෂකේශරී බණ්‌ඩාර (වීර සුන්දර බණ්‌ඩාර) වෙතටයි. මේ පිළිවෙළට පෘතුගීසීන් ද එකඟව සිටියත් මිය ගිය රජුගේ බෑනා කෙනකු වන සංගිලි විසින් සිය කණඩායමක්‌ රැස්‌ කර රාජ්‍ය බලය පැහැර ගැනීමට කටයුතු කරන ලදී. සංගිලි තරුණයෙකි. අර්ෂකේශරී වයස්‌ ගත දුර්වල පුද්ගලයෙකි. මෙම සිද්ධියේදී හර්ෂකේශරී බණ්‌ඩාර මරා දමා ඇත. සංගිලි බලය ලබා ගෙන 03 වැනි දිනයේ ඔහු හා ඔහුගේ පිරිස්‌ මාළිගාවට ඇතුළු වී දිවා කාලයේ විවේකීව සැතපී සිටි මාළිගාවේ කුමාරවරුන් මරා දැමීමට නියෝග කර ඇත. ඔවුන් ඇතුළු වන විට මිගපුල්ලේ ආරච්චි (ජ්‍යෙෂ්ඨ) කුමාරයාගේ පා පිරිමදිමින් සිටි බව සඳහන් වේ. මේ අවස්‌ථාවේ මිගපුල්ලේ ආරච්චි මරණයට පත් කර ඇත. කනිටු මිගපුල්ලේ ආරච්චි සංගිලිට පරිභව කරමින් මාළිගයේ ගේට්‌ටුව අසලට පැමිණිය ද තත්ත්වය අවදානම් බව දැන මන්නාරමට පලා ගියේය. එහිදී දොන් ලුවිස්‌ නමින් බෞතීස්‌ම ලැබ ඇත. දින කිහිපයක්‌ ගත වෙද්දී සියල්ල සන්සුන් යෑයි සිතූ සංගිලි පන්සලට යැමට සූදානම් වෙද්දී ඔහුගේ විශ්වාසවන්තම මුදලිවරයා වූ අමරකෝන් මුදලි කෑ ගසා රජුට කියා ඇත්තේ කොටියකු මාලිගාව තුළ සිටිද්දී බැහැර නොගොස්‌ මාළිගයේ රැඳී සිටින ලෙසයි. රජු වහාම ආපසු හැරී කුඩා කුමාරයා මරා දැමීමටත් ලොකු කුමාරයාගේ ඇස්‌ උගුල්ලා දැමීමටත් නියෝග කර ඇත. ලොකු කුමාරයාගේ ඇස්‌ උගුල්ලා දැම්මත්, හදිසියේ සිත වෙනස්‌ කර ගත් සංගිලි ළදරු කුමාරයාගේ ජීවිතය බේරන ලදී. ඒ ඔහුට සිය ආරක්‌ෂාව සඳහා කුඩා කුමරු පළිහක්‌ ලෙස යොදා ගැනීමටයි.

මෙලෙස මාස කිහිපයක්‌ ගත වෙද්දී දිනක මුදලිවරුන්ගේ රැස්‌වීමක්‌ කැඳවා මාලිගය අසල ඇති කඩු හරඹ පුහුණු කරන පාසලකට මෙම රැස්‌වීම මාරු කරමින් මුදලිවරුන්ට එහා මෙහා යැමට සලසන ලදී. ඔහු එසේ කර ඇත්තේ බොරු වළක්‌ කපා මුදලි වරු ඊට වැටෙන්නට හැර මරණයට පත් කිරීමටයි. මුදලිවරු කෙසේ හෝ එම මර උගුලෙන් බේරී තිබුණි.

මේ අතරතුරු නල්ලුර් නගරය පුරාම ළදරු කුමාරයා මරා දමා ඇතැයි රාවයක්‌ පැතිර ගොස්‌ තිබුණි. කලබල ඇතිවීමේ වාතාවරණයක්‌ ඇති වෙමින් තිබුණි. මියගිය අර්ෂකේශරී බණ්‌ඩාරගේ රාජ්‍ය භාරකාරත්වය පෘතුගීසිSන් විසින් අනුමත කර තිබුණි. ඒත් සංගිලිගේ පත්වීම සම්බන්ධයෙන් තීරණයක්‌ ගැනීමට මියගිය රජුගේ අන්තිම කැමති පත්‍රයේ පිටපතක්‌ පෘතුගීසීන් වෙත ඉදිරිපත් කරන ලෙස දැන්වීය. මන්නාරමේ කපිතන්ගේ අණ පරිදි පණිවිඩය ගෙන ආ පුද්ගලයා නල්ලුර්වලට ගොස්‌ මුදලිවරුන්ට ද ඒ බව දන්වා ඇත. මේ ආරච්චිවරු අතර කොම්පදරාජා, බ්‍රන්කෝ, චූල එලිගේරා, තනුරා, පුයිනසිංහ හා ආරච්චි අමරතුංග ද සිටි බව ක්‌වෙරෝස්‌ සඳහන් කර ඇත. පෘතුගීසීන් නම් සඳහන් කිරීමේදී යම් විකෘතියක්‌ ඇති බව එම පොත් කියවීමේදී දක්‌නට තිබේ. අසවේදුගේ නියෝගය අනුව සංගිලිගේ පත් වීම සඳහා අන්තිම කැමති පත්‍රය ඉදිරිපත් කරන ලෙස නැවත නැවතත් ඔහුට දන්වා ඇත. එසේ නොවුවහොත් ඔහු බලයෙන් රාජ්‍ය උදුරා ගත් පෘතුගාලයේ රජුට විරුද්ධව ක්‍රියා කරන කැරලි කාරයකු ලෙස සැලකීමට සිදුවන බව ඔහුට දන්වා ඇත.

එහිදී ඔහු දන්වා ඇත්තේ තමන්ට අන්තිම කැමති පත්‍රයක්‌ නොමැති බවත්, ඒ හැර පෘතුගීසීන් ඉදිරිපත් කරන අනෙකුත් කොන්දේසි සියල්ලට එකඟව ක්‍රියා කිරීමට තමන් සූදානම් බවයි. මෙහිදී සංගිලිට නියම කර ඇත්තේ යාපනය තුළ උඩරට ගමන් කරන යොගීන්ට හෝ මුස්‌ලිම් අයටද ඔහුගේ ෙද්‍රdaහීන් වන ඕනෑම අයකුට ද ලන්දේසීන්ට ද පදිංචි වීමට හෝ එහා මෙහා යැමට ඉඩ නොසලසන ලෙසයි. මෙම කොන්දේසි කඩකලහොත් ඔහුට රාජ්‍ය අහිමි කරන බව අන්ෙද්‍රa පූටාඩෝ ඩි මැන්ඩෙසා නම් කපිතාන් වරයා දන්වා ඇත.

ගෝවේ ප්‍රතිරාජයා විසින් සංගිලි ගේ පාලනය අනුමත කිරීමක්‌ හෝ නොකිරීමක්‌ සිදු නොවූ අතර නිරීක්‍ෂණය කරමින් කාලය ගත වෙමින් පැවතුනි. මේ අතර ළදරු කුමාරයා මරා දැමුවේ යෑයි කථාව පැතිර යමින් යාපනය මහත් කලබලයක්‌ ඇති ප්‍රදේශයක්‌ බවට පත් විය. කලබල වූ ජනයා ආයුධ රැගෙන මාළිගය වටලා ඇත. මෙහිදී සංගිලි ළදරු කුමාරයා සියතට ගෙන ජනේලයකින් එබී බලමින් කුමාරයා උද්ඝෝෂකයන්ට පෙන්වා ඇත. කුමරු දුටු උද්ඝෝෂකයෝ බිම දිගා වෙමින් රජුට ගෞරවය පිරිනමා ඇත. මෙහිදී උද්ඝෝෂකයින් කිරුළ හිමි ළදරු ලෙව්කේ කුමාරයා තමන්ට ලබා දෙන ලෙස හඬ නගමින් ඉල්ලා ඇත. එය ඉටු නොවුණ අතර ටික දෙනකු මාළිගය අවට සැ`ගවී සිටි අතර තව කොටසක්‌ මාළිගයේ දොරකඩ අවහිර කරමින් රැඳී සිට ඇත. මෙහිදී ලොකු කුමාරයාගේ ඇස්‌ උදුරා දැමීමට වග කිවයුතු අමරකෝන් මුදලි උද්ඝෝෂකයන්ට හසු වී ඇත. උද්ඝෝෂකයන් ඔහුට නින්දා පරිභව කරමින් පහර දෙමින් ගෙල ලනුවකින් ගැට ගසා අස්‌වයකු ලවා නල්ලූර් නගරය වටා ඇදගෙන යමින් මරණයට පත් කර ඇත. මේ මගින් සංගිලි ගේ විශ්වාසවන්තම මුදලි මරා දැමීමට උද්ඝෝෂකයන්ට හැකි විය.

මෙහිදී සංගිලි තන්ජෝරයේ රජුගේ ආධාර පැතූ අතර වර්ණකුලාට්‌ නම් කෞරව කුමාරයකුගේ නායකත්වයෙන් හමුදාවක්‌ එවා ඇත. ඔවුන්ගේ ආධාරයෙන් කැරලි කරුවන් මර්දනය කර ඇත. මේ අතර සත්කෝරළයේ සිටි නික පිටියේ බණ්‌ඩාර ද යාපනයට පැමිණි බව පෘතුගීසීන්ට දැන ගන්නට ලැබුණි. මේ අතර මලවරයන්ගේ බෝට්‌ටු යාපනයට තර්ජනය කරමින් අවට මුහුදේ සැරිසරන බවටද පෘතුග්‍රීසීන්ට දැන ගන්නට ලැබුණි. ඒ අතර ලන්දේසීන් යාපනයට පැමිණෙතැයි සැකයක්‌ ද පෘතුගීසීන් අතර තිබුණි. සංගිලි උඩරට සෙනරත් රජුගේ සහයද පැතූ අතර විශාල අල්ලස්‌ දෙමින් පෘතුගීසීන්ට ගෙවිය යුතු කප්පම් වලක්‌වා ගැනීමට ද උත්සාහ දරා ඇත.

මේ අතර ඩි ඔලිවේරා යටතේ හමුදාවක්‌ යවා පෘතුගීසීන්ට ලැබියු යුතු කප්පම් ලබා දෙන ලෙස සංගිලි ට දන්වා ඇත. මතුපිටින් එසේ පෙන්නුවද සංගිලි අත්අඩංගුවට ගන්නා ලෙසට ඊට එරෙහිව ක්‍රියා කලහොත් මරා දැමීමට ද රහසින් උපදෙස්‌ දී තිබුණි. එහිදී සංගිලි දක්‌වා ඇත්තේ ඉල්ලා යෑවූ හි`ග මුදලට වඩා අඩු මුදලක්‌ ගෙවීමට සංගිලි සූදානම් බවයි. ඉන්පසු පෘතුගීසීන් වන්නාර් පොන්නෙයි වෙත ගමන් කළ අතර හදිසියේ වෙල් එළියක සංගිලිගේ හමුදාව දුටු අතර ඔවුන් කීප විටක්‌ වෙඩි තබා නොපෙනී පලාගොස්‌ ඇත. මේ අතර පෘතුගීසීන්ට දැනගන්නට ලැබුණේ සංගිලි බෝට්‌ටුවකින් පලා යන බවයි. එහෙත් සුළං ප්‍රතිවිරුද්ධ අතට හමා ඒම නිසා ඔහු පරිට්‌ටිතුරෙයි වෙත ගසා ගෙන විත් ඇත. එහිදී පෘතුගීසීන්ට සංගිලි අත්අඩංගුවට ගැනීමට හැකි විය. එහිදී දේවිය, කුමරිය හා කුමාරයින් ද සේවිකාවන් ද මුදලින් පතාග අටදාහක්‌ ද අල්ලා ගැනීමට හැකිවී ඇත. මෙහිදී කුමර කුමරියන්ගේ ආභරණ ගැනීමට කන් කපා දැමූ බවද දැන ගන්නට ඇත. මෙහිදී සංගිලිගෙන් විමසා ඇත්තේ ඔහු සමග සම්බන්ධකම් පැවැත්වූ පෘතුගීසීන් කවුදැයි යන්නයි. එහිදී සම්බන්ධ කම් පැවැත්වූ අයගේ නම්ද ඔවුන් ට දුන් අල්ලස්‌ ද සඳහන් කළ අතර ඒ නම් අතර අත්අඩංගුවට ගත් කපිතාන්ගේ නමද තිබී ඇත. හොරු ඇල්ලීමට ගොස්‌ තමන්ද අමාරුවේ වැටී ඇති බව කපිතාන්ට වැටහුනේ එවිටයි. අද දේශපාලනයේ සිදුවන්නේද ඊට සමාන දෙයකි.

අත්අඩංගුවට ගත් සංගිලි කොළඹට යවා කොළඹින් ගෝවට යවා ඇත. ගෝවේදී ඔහුව මරණයට පත් කර ඇති බව සඳහන් වේ. මේ අතර කනිටු මිගපුල්ලේ ආරච්චි රජුගේ දූවරුන් දෙදෙනා තන්ජෝරයට ගෙන යන ලද අතර ටික කලක්‌ එහි රඳවා මඩකලපුව හරහා උඩරටට ගෙන ගොස්‌ උඩරට රජුගේ පුතුන් දෙදෙනාට විවාහ කර දී ඇත. මේ කුමාරවරුන් දෙදෙනා ඌවේ කුමාරසිංහ සහ මාතලේ විජයපාල වේ. මේ විවාහයෙන් පසු උඩරට රජුට යාපනය රාජ්‍යයේ උරුමය තවදුරටත් තහවුරු විය.

1626 දී සෙනරත් රජු යාපනය ආක්‍රමණය කරන ලදී. මේ ආක්‍රමණයට පදනම් වී ඇත්තේ රජුට ඇති අලුත් හිමි කමයි. පෘතුගීසීන් යාපනය කොල්ල කමින් සිටින අවස්‌ථාවක සෙනරත් රජුගේ හමුදාව යාපනයේ ජනයාට ආශිර්වාදයක්‌ වේ. සෙබලුන් දහදාහක හමුදාවක්‌ සමග අතපත්තු මුදලි අලංමංකඩින් වැල්වැටිතුරයට පැමිණ එතනින් පුත්තූර් වලට හා අච්චුවේලි වලට ළ`ගා වී ඇත. රජුගේ හමුදාව යාපනය යටත් කර සිවු මසක්‌ පමණ සිටිමින් බදු අය කිරීමට ද කටයුතු කරන අතරේ පෘතුගීසීන් විසින් උඩරට හමුදාවට ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සූදානම් වී ඇත. එහි පළමු පියවර වූයේ මහ`ඵ කාන්තාවක්‌ යොදා ගනිමින් හමුදා ශක්‌තිය හා හමුදාව විසිරී සිටින ආකාරය පිළිබඳ තොරතුරු ලබාගැනීමයි. එම ඔත්තු කාරිය අකුරටම රාජකාරිය කර ඇත. සතුරු භූමිය අධ්‍යයනය කර ගැනීමෙන් පසු පෘතුගීසීන් ප්‍රහාරය ආරම්භ කර සටන් පටන් ගත් අතර උඩරට හමුදාවට එලවා එලවා පහර දීමට ඔවුන්ට හැකි විය. මෙහිදී අතපත්තු මුදලි සටන් බිමේදීම මරණයට පත් වී ඇත. ඔහු හොඳ රණකාමියකු ලෙස විස්‌තර කරතත් පෘතුගීසීන්ගේ උගුලට හසු විය. මේ අනුව උඩරට රජුට හිමි යාපනය පෘතුගීසීන් උදුරා ගත් බව අපට තේරුම් ගත හැක. එහෙත් ඊළාම් වාදීන් එම ජවනිකාව තවමත් දැක නැත.

පියසිරි අමරකෝන්
ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමයේ හිටපු සභාපති

0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු