බිබිසි මාධ්‍යවේදී අසාම් අමීන්ට ආණ්ඩුවෙන් වාරණයක්..?

බිබිසි මාධ්‍යවේදි අසාම් අමීන්ට දේශපාලන සම්මුඛ සාකච්ඡා පැවැත්වීම හා මාධ්‍ය හමු වලට සහභාගි වීම වළකමින් වාරණයක් පැනවීමට ‘බිබිසි ආයතනය‘ තීරණය කර ඇතැයි වාර්තාවේ

සමාජ ජාලා හරහා බොහෝ දෙනා දන්නා හඳුනන මාධ්‍යවේදියෙකු වන අසාම් අමීන්ට මෙම තහනම පනවා ඇතැයි එම ආයතනයේ ඉහළ බළධාරීන් ඔහුට දන්වා ඇති බවද වාර්තාවෙයි

කෙසේ වෙතත් මෙම තහනම පැනවීමට නිශ්චිත හේතුවක් ඔහුට දන්වා නොමැති අතර,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පල නැවත එම තනතුරට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයක් සම්බන්ධයෙන් අසාම් අමීන් කළ ප්‍රකාශයක් මීට හේතුව වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳව වාර්තා කරන ‘‘colombo telegraph‘‘ වෙබ් අඩවිය සඳහන් කරන්නේ රජය සිය බලවතුන් ලවා  විදේශිය මාධ්‍ය වලට පවා බලපෑම් කරන තත්වයට පත්ව ඇති බවයි.
neth -



0 comments:

‘වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස’

‘වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස’
කලාකෘති වාරණයට එරෙහිව කලාකරුවෝ සහ සමාජ ක්‍රියාකාරීහු හඩ නගති!

වත්මන් ආණ්ඩුව විසින් කලා කෘති වාරණය කිරීම සහ ප්‍රකාශන නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරන මාධ්‍ය හමුවක් අද(23) කොළඹදී පැවැත්විණි.
අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍ය, ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව“ කෘතිය සහ මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය වාරණය කරමින් ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාදාමය සම්බන්ධයෙන් කලාකරුවෝ රැසක් එහිදී අදහස් පළ කළහ.
එසේම වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට ‘ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය‘ අහෝසි කරන බවට දුන් පොරොන්දුව ඉටු කරනවා වෙනුවට එම ආයකනය හරහා කලාකෘති වාරණය කිරීම පිළිබද කලාකරුවෝ දැඩි විරෝධයක් පළ කළහ.

‘වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස’ යන තේමාවෙන් කැදවන ලද මේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් ආණ්ඩුවේ වාරණයට විරෝෙධය දැක්වූ කලාකරුවන්, වාමාංශික ක්‍රියාකාරින් සහ විද්වතුන් මෙසේය
ප්‍රසන්න විතානගේ,
ධර්මසිරි බණ්ඩාරනායක,
ලූෂන් බුලත් සිංහල,
අශෝක හදගම,
උපුල් ශාන්ත සන්නස්ගල,
කේ.කේ. සමන් කුමාර,
නදීකා බණ්ඩාර,
විමුක්ති ජයසුන්දර,
රාජිත දිසානායක,
බූපති නලීන් වික්‍රමගේ,
ප්‍රියන්ත කොඩිප්පිලි,
මාලක දේවප්‍රිය,
ජෙහාන් ශ්‍රී කාන්ත,
අසංක සායක්කාර,
ශ්‍රීනාත් චතුරංග,
තුමිදු දොඩන්තැන්න,
ජගත් මනුවර්ණ,
සංජීව පුෂ්පකුමාර
විදර්ශන කන්නංගර
පුබුදු ජයගොඩ,
නිර්මාල් රංජිත් දේවසිරි
අතුලසිරි සමරකෝන්
එසේම මේ අවස්ථාවේදී ආණ්ඩුවේ කලා වාරණයට විරෝධය දක්වමින්
චාන්දනී සෙනෙවිරත්න,
දමයන්ති ෆොන්සේකා,
කත්‍යානා අමරසිංහ,
හෙන්රි වර්ණකුලසූරිය,
මොහන්රාජ් මඩවල
ජයන්ත අමරසිංහ
අජන්ත අලහකෝන්
සහන් කසීර වික්‍රමසිංහ
චන්දන සිරිමල්වත්ත
නදී වාසලමුදලිආරච්චි
මලිත් හෑගොඩ
කළණ ගුණසේකර
ආදි වශයෙන් තවත් කලාකරු, මාධ්‍යවේදී සහ සමාජ ක්‍රියාකාරිහු රැසක් සහභාගි වූහ.
“කලා කෘති වලට එල්ල කෙරෙන පාලකයන්ගේ මර්දන තර්ජන පරදවමු!“ සහ “කලාවේ නිදහස වෙනුවෙන් එක්වෙමු!“ යන තේමා පාඨ එහිදී ඉදිරිපත් කරණ ලදී.
























0 comments:

"බුදුන්ගේ රස්තියාදුව" නිසා සන්නස්ගල පොලිසියේ

2018 අගෝස්තු මස 03 වන දින දහවල් 11. 25 ට පමණ කසුන් චන්ද්‍රනාත් පතිරණ දුරකතනයෙන් කතා කළා.

"පොලිසියෙන් කියල කෙනෙක් මට කතා කළා, බුදුන්ගේ රස්තියාදුව පොතට විරුද්ධව හාමුදුරු කෙනෙක්ගෙන් පැමිණිල්ලක් ලැබිලා තියෙනව. ඒකට මොකද්ද කරන්න ඕනි කියල අහනව."

කසුන්ගේ දුරකතන සංවාදය නිමා වීමත් එක්කම ශ්‍රී ද දෙතුන් වරක් මට කතා කළා. මේ ආරංචියට කලණ ගුණසේකර, විහඟ විජේසේකර, කෞශල්‍ය මාධව, ශ්‍රීනාත් චතුරංග, වරංග ද සිල්වා ඇතුළු බොහෝ දෙනෙක් ඒ අවස්ථාවේම රෝයල් තැප්‍රොබේනියන් වෙත ආවා.

සවස 1.35 ට පමණ මිරිහාන පොලිසියේ CI ප්‍රියන්ත ඇතුළු නිලධාරීන් තුන් දෙනෙක් රෝයල් තැප්‍රොබේනියන් වෙත පැමිණියා. බත්තරමුල්ල තලාහේන බෞද්ධ තොරතුරු කේන්ද්‍රය නැමති ස්ථානයක ලිපි ශීර්ෂයකින් බුද්ධ ශාසන අමාත්‍යවරයාට "බුදුන්ගේ රස්තියාදුව" නමින් බුද්ධ චරිතයට නිගා දෙන කෘතියක් එළි දැක්වීමට සූදානම් වන බවත්, එය තහනම් කරන ලෙසත් ඉල්ලා ඇති ලිපියක ෆැක්ස් පිටපතක් ඉදිරිපත් කරමින් කෘතියේ කර්තෘ කවුදැයි විමසා සිටියා. කර්තෘව මේ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ යුතු බවත් මුද්‍රිත සියලුම කෘති පොලිස් භාරයට ගන්නා බවත් දන්වා සිටියා.අප සියලු දෙනා ඉතා ශිෂ්ට සම්පන්න ලෙස ඔවුන්ට කරුණු පැහැදිලි කර සිටියා.

CI ප්‍රියන්ත කෘතියේ අන්තර්ගතය කුමක්දැයි විමසා සිටිය විට එය කෘතිය කියවා තේරුම් ගත යුතු බව ශ්‍රී කියා සිටියා.

"ඕවා කියවන්න වෙලාව නෑ" යනුවෙන් උස් හඬින් පැවසූ CI ප්‍රියන්ත කෘතියේ නමට කීප වතාවක් ඇඟිල්ලෙන් අනිමින් "මේ තියෙන්නෙ අපහාස කරල... මේ තියෙන්නෙ අපහාස කරල...." යනුවෙන් සාහිත්‍ය කෘතිය ගැන ඔහුගේ අදහස පවසා සිටියා.

ශ්‍රී වත් මාවත් අත්අඩංගුවට ගැනීමට යම්කිසි නීතිමය ලියවිල්ලක් ඇත්දැයි මා විමසා සිටි විට ඔහු අතේ වූ ෆැක්ස් පත පෙන්වමින් මේක ප්‍රමාණවත් බවත් අපරාධයකට සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ලේඛන අවශ්‍ය නොවන බවත් පවසා සිටියා. අවසානයේ පොලිස් තර්ජනයටත් ඔවුන්ගේ ආක්‍රමණශීලී භාවයටත් යටත් වීමට අප හට සිදු වුණා.

විජයාරාමයේ සිට මිරිහාන පොලිසිය වෙත අප රැගෙන යන කෙටි කාලය තුළ අප මේ සිදුවීම පිළිබඳව හැකි උපරිමයෙන් මිතුරන් දැනුවත් කළා. මිරිහාන පොලිසිය අභ්‍යන්තරයේ පැයක පමණ කාලයක් මිනිස් අයිතිවාසිකම් පිළිබඳ අරගලයේ අවසන් ප්‍රතිඵලය ලෙස ඔවුන් මාවත් ශ්‍රී වත් නිදහස් කළා. යළිත් අප විජයාරාමයට පැමිණෙන විට ඔවුන් විසින් රැගෙන ගිය පොත් සියල්ල නැවත රෝයල් තැප්‍රොබේනියන් ගෙනැවිත් බාර දී තිබුණා.

"බුදුන්ගේ රස්තියාදුව" අපි ලෝන්ච් කළා.

Upul Sannasgala,‍ෆේස්බුක් සටහනක් -


















0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු