sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

ලයනල් වෙන්ඩ්ට්‌ගේ කලා ලෝකය

මෙරට කලා රසිකයන් විසින් වසරක්‌ පාසා උත්කර්ෂයෙන් අනුස්‌මරණය කරනු ලබන සාහිත්‍ය කලාකරුවන් ස්‌වල්ප දෙනා අතර ලනල් වෙන්ඩ්ට්‌ ද එක්‌ අයෙකි. ඔහුගේ ජන්ම දිනය එළඹෙත්ම හැම වසරකම ලයනල් වෙන්ඩ්ට්‌ කලාගාරයේ මේ කලාකරුවා සිහිපත් කොට නොයෙකුත් වැඩසටහන්, සංගීත - නර්තන ප්‍රසංග හා චිත්‍ර - ඡායාරූප ප්‍රදර්ශනාදිය පැවැත්වෙයි. ඒ දිනයන්හි මෙරට සිංහල, ඉංග්‍රීසි දෙබසින් ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රවෘත්ති පත්‍රවල ද ඔහු පිළිබඳ විශේෂ ලිපි පළවෙයි. මෙයින් පැහැදිලි වන්නේ ලයනල් වෙන්ඩ්ට්‌ මෙරට බුද්ධිමත් රසිකයන්ට පහසුවෙන් අමතක කළ නොහැකි චරිතයක්‌ බවට පත්ව ඇති බවය.

1900 වර්ෂයේ දෙසැම්බර් මස තුන්වැනි දින බර්ගර් ජාතික ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකුට දාව සිංහල ප්‍රභූ කාන්තාවකගේ කුසින් මෙලොව එළිය දකින ලයනල් වෙන්ඩ්ට්‌ තරුණ වියට පා තැබීමත් සමග එංගලන්තය බලා ගොස්‌, නීතිය හදාරා නීතිවේදියකු බවට පත් වුවද ඔහු සිය ජීවිත කාලයම කැප කරන්නේ කලාව වෙනුවෙනි. සංගීතඥයකු, ඡායාරූප ශිල්පියකු, සිනමාවේදියකු හා කලා විචාරකයකු වශයනේ පමණක්‌ නොව, කලා ක්‌ෂේත්‍රයේ ස්‌ථාපිතව පැවති ගතානුගතික ප්‍රවණතාවන්ට පටහැනිව යමින් කලාකරුවන් සංවිධානගත කළ අදීන බුද්ධිමතෙකු වශයෙන්ද ඔහු දිවයිනේ කීර්තිමත්ව සිටියේය. එමෙන්ම නිර්මාණාත්මක සාහිත්‍යය විෂයෙහිද ඔහු තුළ මහත් උනන්දුවක්‌, අවබෝධයක්‌ හා රසඥතාවක්‌ විය. 1944 වර්ෂයේ සිදු වූ ලයනල් වෙන්ඩ්ට්‌ගේ අභාවය නිමිත්තෙන් ඉංග්‍රීසි පුවත්පතකට ලිපියක්‌ සපයමින් සුප්‍රකට පුවත්පත් කලාවේදියකු වූ ටෝරි ද සූසා සඳහන් කළේ ඔහුගේ ගැඹුරු, අනලස්‌ උද්යෝගයට පාත්‍ර නොවූ ඔහුට හුරුපුරුදු නොවූ එකද කලාංගයක්‌ හෝ නොවූ බවය. (Rediscovering Lionel Wendt - Manel Fonseka) සාහිත්‍යය හා සංගීතයද, චිත්‍ර, මූර්ති, ඡායාරූප හා සිනමා යන කලා මාධ්‍යයන්ද ඉහළම ප්‍රමිතියකින් දැන සිටි ශ්‍රී ලාංකිකයා වූයේ ලයනල් වෙන්ඩ්ට්‌ යෑයි ලෙස්‌ටර් ෙ-ම්ස්‌ පීරිස්‌ ද වරක්‌ සඳහන් කළේය. (දිනමිණ - මංසල අතිරේකය, 2006 දෙසැම්බර් 19)

අටළොස්‌ හැවිරිදි වියට පත් වන විටම ඔහු ලෝකයේ සම්භාව්‍ය සංගීතඥයන් පිළිබඳව දැන සිටියේය. 1919 වර්ෂයේ එංගලන්තය බලා ගොස්‌ නීතිය හදාරමින් සිටින අතරතුර ඔහු රාජකීය විද්‍යායතනයට බැඳී සංගීතය හදාළේය. පෙරළා දිවයිනට පැමිණීමෙන් පසුව ඔහු සංගීත ප්‍රසංග ගණනාවක්‌ පැවැත්වීය. ශූර පියානෝ වාදකයකු වූ ඔහු ජීවිතාන්තය දක්‌වාම සංගීතය අත් නොහළ බවද, සංගීත ශාස්‌ත්‍රය ඉගැන්වීමෙහි පවා නියෑලුණ බවද කියෑවේ. එසේ වුවද ලයනල් වෙන්ඩ්ට්‌ සංගීත ප්‍රසංග පැවැත්වීමෙන් කිසිවිටෙකත් අර්ථ ශූන්‍ය ජනප්‍රියත්වයක්‌ ඇති කර ගැනීමට අපේක්‍ෂා නොකළ බව 1946 වර්ෂයේ නොවැම්බර් මාසයේ "ලංකා" සඟරාවට ඔහු පිළිබඳ ලිපියක්‌ සපයමින් වීරකුමාර නමැත්තා සඳහන් කළේය.

අනතුරුව ඔහු ප්‍රගුණ කළේ ඡායාරූප ශිල්පයයි. ඔහුගේ ඡායාරූප යුරෝපයේ ප්‍රධාන නගරවලද, ආසියානු රටවල හා දකුණු අප්‍රිකාවේ ද ප්‍රදර්ශනය කෙරිණ. 1940 පෙබරවාරි මාසයේ කොළඹ කලා භවනෙහි පවත්වන ලද ඔහුගේ ඡායාරූප ප්‍රදර්ශනයද කලා විචාරකයන්ගේ මහත් පැසසුමට පාත්‍ර විය. (Rediscovering Lionel Wendt -
Manel Fonseka) ලයනල් වෙන්ඩ්ට්‌ කොළඹ හතේ ප්‍රභූ සමාජයට අයත් වූවකු වුවද, ඔහු විසින් කැමරාවට නඟන ලද්දේ ගොවීන්, ධීවරයන්, පොල්ගෙඩි අහුලන මිනිසුන්, කිරිබණ්‌ඩලා, රාමන්ලා හා ලීලාවතීලා වැනි සාමාන්‍ය පන්තියේ ජනයා යෑයි ලෙස්‌ටර් ෙ-ම්ස්‌ පීරිස්‌ ප්‍රකාශ කළේය. (දිනමිණ, 2006 දෙසැම්බර් 19) සෞන්දර්ය ග්‍රහණය කිරීමෙහිලා විශ්මය දනවනසුලු නිපුණතාවක්‌ හා නිරවද්‍ය සහජාසයක්‌ ඔහු තුළ වූ බවද ඔහු ජාත්‍යන්තර කීර්තිධර ඡායාරූප ශිල්පියකු බවට පත්වූයේ එහෙයිනැයි ද ලයනල් වෙන්ඩ්ට්‌ මියගිය අවස්‌ථාවේ ටෝරි ද සූසා සඳහන් කළේය.

1934 වර්ෂයේ ලංකා තේ ප්‍රචාරක මණ්‌ඩලය වෙනුවෙන් වාර්තා චිත්‍රපට මාලාවක්‌ නිපදවීම සඳහා ලංකාවට පැමිණීමට නියමිතව සිටි බැසිල් රයිට්‌ නම් වූ සිනමා අධ්‍යක්‍ෂවරයාට සහාය වන මෙන් දන්වා බ්‍රිතාන්‍ය ජාතික වාර්තා චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ ජෝන් ගියර්සන් ලයනල් වෙන්ඩ්ට්‌ හට ඇරැයුම් කළේය. බැසිල් රයිට්‌ සිය සහායකයා වූ ජෝන් ටේලර්ද සමග ලංකාවට පැමිණියේ චිත්‍රපටය සඳහා තිර රචනයක්‌ පවා නොමැතිවය. චිත්‍රපටයට අවශ්‍ය වූ දර්ශන තෝරා ගැනීම සඳහා ඔවුන් අදාළ ස්‌ථානයන්ට කැඳවාගෙන යන ලද්දේත්, ලාංකේය ජන ජීවිතය වටහා ගැනීමට ඔවුනට ගුරු හරුකම් දෙන ලද්දේත් ලයනල් වෙන්ඩ්ට්‌ විසිනැයි ලෙස්‌ටර් ෙ-ම්ස්‌ පීරිස්‌ පෙන්වා දෙයි. ඔහු තවදුරටත් දක්‌වන අන්දමට ලයනල් වෙන්ඩ්ට්‌ අප සංස්‌කෘතියේ බාහිර විචිත්‍රත්වය විනිවිද ගොස්‌ එහි අභ්‍යන්තරය ස්‌පර්ශ කළ කෙනෙකි. Song of Ceylon (ලංකා ගීතය) නම් වූ මේ චිත්‍රපටයේ රූපයක්‌ රූපයක්‌ පාසා සෞන්දර්යයක්‌ පිළිබිඹු වේ. "ලංකා ගීතය" නරඹන විට එහි ඇතුළත් සමහර රූප හා ලයනල් වෙන්ඩ්ට්‌ගේ මෙරට ජීවිතය පිළිබිඹු කෙරෙන ඡායාරූප අතර සාම්‍යයක්‌ විද්‍යමාන වේ. මෙරට ගැමියන්, ධීවරයන්, නර්තන ශිල්පීන් හා ගෘහ කාර්මිකයන් නිරූපණය කෙරෙන අමතක නොවනරූප මාලාවක්‌ "ලංකා ගීතය" පුරා විසිර ඇත. "ලංකා ගීතය" මේ තත්ත්වයට පත්වූයේ සංස්‌කරණයේ දීය. (චිත්‍රපට මාධ්‍යය, 1964 සැප්තැම්බර් කලාපය,පිටු 12-15) බැසිල් රයිට්‌ දක්‌වන අන්දමට ලයනල් වෙන්ඩ්ට්‌ "ලංකා ගීතයේ" සංස්‌කරණ කටයුතුවලටද සහාය විය. (බැසිල් රයිට්‌ගේ සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනය ( පණ්‌ඩුල ගොඩවත්ත, "කැමරා", 2007 වසන්ත කලාපය, පි.45) මේ චිත්‍රපටයට අවශ්‍ය වූ අමුද්‍රව්‍ය බොහොමයක්‌ සපයන ලද්දේ ලයනල් වෙන්ඩ්ට්‌ විසිනැයි සඳහන් කරන නෙවිල් වීරරත්න ඔහු නොවීනම් "ලංකා ගීතයක්‌" ද නොවීයෑයි පළකරයි. (43 Group Neville
Weereratne, pp.38- 39)


මේ චිත්‍රපටයට 1935 වර්ෂයේ බ්‍රසල්ස්‌හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ප්‍රථම ස්‌ථානය හිමිවිය. "ලංකා ගීතය" මේ වන තෙක්‌ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත හොඳම චිත්‍රපටය ලෙස රොජර් මැන්වෙල් හැඳින්වීය. ලංකා ගීතය පුරා ප්‍රචලිතව පැවති සෞන්දර්යය අතින් ගත්කල එය රුසියාවෙන් මෙපිට බිහිවූ අසමසම නිර්මාණයක්‌ වශයෙන් සැලකිය හැකි බව ඔහුගේ අදහස විය.

ශ්‍රී ලංකාවේ නිර්මාණය කෙරුණු පසුකාලීන වාර්තා චිත්‍රපට ගණනාවක මෙන්ම "රේඛාව" හා "ගම්පෙරළිය" වැනි වෘත්තාන්ත සිනමා පටවල පවා "ලංකා ගීතයේ" ආභාසය පිළිබිඹු වෙතැයි විචාරකයෝ පෙන්වා දෙති.

ලයනල් වෙන්ඩ්ට්‌ බොහෝ පතපොත පරිශීලනය කළ අයෙකි. බටහිර සාහිත්‍යය පිළිබඳ පුළුල් දැනුමක්‌ ඔහුට විය. එවක "කේශරී" නමින් වමට බර සඟරාවක්‌ පළවූ අතර එහි පසුපස සිටියේ ලයනල් වෙන්ඩ්ට්‌ ය. ලයනල් සතුව මාහැඟි පුස්‌තකාලයක්‌ වූ අතර එවකට ලංකාවේ චිලී කොන්සල්වරයාව සිටි පැබ්ලෝ නෙරුඩා පවා කියෑවීමට පොත් ලබා ගත්තේ ඔහුගෙනි. (Rediscoverin Lionel Wendt - Manel Fonseka) ලයනල් ප්‍රියකළ ලේඛකයන් අතර ස්‌ටීන්බර්ග්, ඔස්‌කා වයිල්ඩ්, ආනෝල්aඩ් බෙනට්‌, එච්. ජී. වෙල්ස්‌, බර්නාඩ් ෂෝ හා ඩී. එච්. ලෝරන්ස්‌ ද වූහ. යුරෝපා සංචාරයන්හි යෙදී පෙරළා මව්බිමට පැමිණෙන විට ඔහු නොයෙක්‌ පතපොත රැගෙන ආවේය.

ප්‍රතිභාසම්පන්න අංකුර කලාකරුවන්ට මාර්ගෝපදේශකත්වය සැපයීමට ලයනල් හැම විටම සැදී පැහැදී සිටියේය. ගැටවර වියෙහිදී ලයනල්ගේ ඇසුරට පත් ලෙස්‌ටර් ෙ-ම්ස්‌ පීරිස්‌ ස්‌වකීය ජීවිතය කෙරෙහි ඔහුතරම් බලපෑ අන් අයෙකු ගැන සිතා ගැනීම පවා දුෂ්කර යෑයි සඳහන් කොට ඇත. සිනමා ක්‌ෂේත්‍රයට අවතීර්ණ වීමට පෙර ලෙස්‌ටර් රචනා කළ කෙටිකතා සහ සිනමා විචාර ලිපි "කේශරී" සඟරාවේ පළකර දුන්නේ ලයනල් ය. (දිනමිණ, 2006 දෙසැම්බර් 19)

මුලදී කාව්‍යකරණයෙහි නියෑලී සිටි ජෝර්ඡ් කීට්‌ගේ සහජ කලා කුසලතා හඳුනාගත් ලයනල් ඔහු චිත්‍ර කලාව කෙරෙහි යොමු කරවීය. සිය ජීවිතය චිත්‍ර කලාව වෙනුවෙන් කැප කිරීමෙහිලා බලපෑ මුල්ම සාධකය වූයේ ලයනල් වෙන්ඩ්ට්‌ යෑයි ජෝර්- කීට්‌ සඳහන් කොට ඇත. ජෝර්- කීට්‌ ප්‍රංශ චිත්‍ර කලාවේ නවරැල්ල හඳුනාගත්තේ ලයනල් විදේශයන් ගෙන් ගෙන ආ පතපොත කියෑවීමෙනි. එමෙන්ම ඔහු සමග යෙදුණු කථෝපකථනයන් මාර්ගයෙනි. (සිළුමිණ, 2007 ජූලි 29)

ලයනල් වෙන්ඩ්ට්‌ උපතින් රෙපරමාදු ක්‍රිස්‌තියානි ආගමට අයත් වුවද බෞද්ධ චිත්‍ර කලාව හා උඩරට නැටුම එකසේ ප්‍රිය කළේය. උඩරට නර්තන ශිල්පීන්ට ඔහුගෙන් මහත් ධෛර්යක්‌ සැපයුණි. "ලයිකා" කැමරාවේ ප්‍රචාරය සඳහා අර්නස්‌ට්‌ ලීට්‌ස්‌ සමාගම විසින් ලොව පුරා බෙදාහරින ලද්දේ ලයනල්ගේ කැමරාවට හසුවූ භේරි තූර්ය වාදක සුරඹා ගුරුන්නාන්සේගේ ඡායාරූපයකි. "ලංකා ගීතයේ" කටයුතු නිමවා බැසිල් රයිට්‌ ප්‍රමුඛ සිනමාකරුවන් ලන්ඩනය බලා පිටත්ව ගිය පසුව උක්‌කුවා සහ සුරඹා යන නර්තන ශිල්පීන් සමග ලයනල් ද එහි ගියේය. එහිදී ඔහු මේ ශිල්පීන් දෙදෙනාගේ නිරවද්‍ය නර්තන විලාසයන් හා හඬ ද චිත්‍රපටයේ අවසාන සංස්‌කරණ කටයුතුවලට එක්‌ කිරීමට කටයුතු කළේය. උඩරට බෙර වාදනයන්හි හා ජන ගීවල නාදමාලා "ලංකා ගීතයෙහි" සුලබව භාවිත කොට ඇත. චිත්‍ර කලාකරුවන් එක්‌රැස්‌කොට 43 කණ්‌ඩායම (43 ඨරදමච) පිහිටුවීමට පුරෝගාමී වූයේ ලයනල් වෙන්ඩ්ට්‌ ය. එතෙක්‌ චිත්‍ර කලා ක්‌ෂේත්‍රයෙහි ආධිපත්‍යය දැරුවේ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවේ අනුග්‍රහයට පාත්‍ර වූ ලංකා කලා සංගමයයි. සිරි ගුණසිංහ සඳහන් කරන අන්දමට මේ කලා සංගමය ශාස්‌ත්‍රීය අංශයට බර වෙමින් නව මත පළකිරීමට පෙළඹුණු බව සැබෑය. එහෙත් මේ නව මතවලින් ප්‍රකාශයට පත් වූයේ අනවශ්‍ය ප්‍රමාණයෙන් සරල භාවයට නඟමින් ස්‌වභාවය ප්‍රතිරූපණය කිරීමේ කලාව ය. ලංකා කලා සංගමය නව අත්හදා බැලීම් ප්‍රතික්‌ෂේප කළේය. (ලංකා කලා මණ්‌ඩලයේ කලා සඟරාව, 1962 සැප්තැම්බර් කලාපය, පිටු 25)

43 කණ්‌ඩායමට අයත් වූ හැරී පීරිස්‌, අයිවන් පීරිස්‌, ජස්‌ටින් දැරණියගල, ඕබ්‍රි කොලට්‌, ජෝර්- කීට්‌, ජෙෆ් බෙලිං, රිචඩ් ගේ්‍රබියල් හා ජෝර්- ක්‌ලාසන් ආදී කලාකරුවෝ බටහිර නවීනවාදී චිත්‍ර කලාවෙන් ආභාසය ලබමින් නිර්මාණකරණයෙහි නියෑලුණහ.

දකුණු ආසියාවේ ප්‍රථමයෙන්ම බිහි වූ නූතනවාදී කණ්‌ඩායම්වලින් එකක්‌ ලෙස 43 කණ්‌ඩායම හැඳින්විය හැකිය. දෘශ්‍ය කලාවේ නූතනවාදී හරයන් ශ්‍රී ලාංකේය සන්දර්භයෙහි බහා යළි ප්‍රකාශ කළ මුල් ම චිත්‍ර ශිල්පීන් 43 කණ්‌ඩායමට අයත් වෙතැයි ජගත් වීරසිංහ සඳහන් කරයි. මේ චිත්‍ර කලාකරුවන් නූතනවාදීන් ලෙස නිර්මාණකරණයෙහි නියෑලීමට පෙළඹීම යටත් විජිත යුගයේ අධිරාජ්‍ය විරෝධී අර්ථයන්ගෙන් සංයුක්‌ත වූවක්‌ ලෙස නිරීක්‌ෂණය කළ හැකි යයි ද ඔහු පෙන්වා දෙයි. (දිවයින - සරසවිඋයන, 2006 දෙසැම්බර් 21)

ලෙස්‌ටර් ෙ-ම්ස්‌ පීරිස්‌ දක්‌වන අන්දමට 43 කණ්‌ඩායම ගොඩනැඟීමට මුල් වූවෝ නම් හැරී පීරිස්‌ හා අයිවන් පීරිස්‌ යන දෙදෙනාය. එහෙත් අවශේෂ චිත්‍ර ශිල්පීන් ද එක්‌රැස්‌ කොටගෙන එය ආරම්භ කළේ ලයනල් වෙන්ඩ්ට්‌ ය. චිත්‍ර හා මූර්ති ශිල්පීන් මෙසේ ඒකරාශි කිරීම ලයනල් වෙන්ඩ්ට්‌ හැරණු විට අන් කිසිවෙකුටත් කළ නොහැකි විය. ඔහුගේ පෞරුෂය හා කොයි කවුරුන් තුළත් ඔහු කෙරෙහි පැවති ගෞරවය ඒ සඳහා හේතු විය. ඒ හැකියාව තිබූ එකම පුද්ගලයා වූයේ ඔහු ය. ඔහු නොවී නම් 43 කණ්‌ඩායම ද බිහි නොවනු ඇත. (සිළුමිණ 2007 මාර්තු 4)

ලයනල් වෙන්ඩ්ට්‌ගේ අභාවයෙන් දෙවසකරට පසුව ඔහුගේ සේවය අගයමින් ලංකා සඟරාවට සැපයූ ලිපියෙහි වීර කුමාර මෙසේ සඳහන් කළේය.

වෙන්ඩ්ට්‌ වැනි මිනිස්‌සු හැමදාම නූපදිති. ඔහු හා සමාන කිසිවෙකු අද ලංකාවේ නැත. හේ කලා ලෝකයේ යෝධයා විය. සෙස්‌සෝ ඔහුගේ අයිනෙහි සිටි කුරුමිට්‌ටෝ වූහ. ඔහු කලා භවනක්‌ ගොඩනැඟීම සඳහා කුරුඳු වත්තේ පිහිටි සිය සුන්දර නිවසද ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කළේය.

තතු මෙසේ හෙයින් ලයනල් වෙන්ඩ්ට්‌ මියගොස්‌ වසර 66 ක්‌ ගතවී තිබුණ ද කලා රසිකයන් උත්කර්ෂවත් අයුරින් ඔහු අනුස්‌මරණය කිරීමට පෙළඹීම මවිතයට කරුණක්‌ නොවේ.

මහාචාර්ය ජිනදාස දනන්සූරිය

ඔබගේ දෑස් ඉදිරියේ අප මියගොස් ඇත... - Mahesh Hapugoda

 https://www.youtube.com/c/LankaJournalist
ධනවාදයේ සැබෑ ස්වරුපය වෙන්නේ එය අතට හසුවන ඕනෑම දෙයක් පරිභෝජන වස්තුවක් බවට පත් කිරීම. එහෙම නොවුනොත් ඒක ධනවාදය නෙවෙයි වෙන මොකක් හරි වෙන්න ඕනි. ඔබේ සියළු ආශාවල් ('වල්' ආශාවල් වුනත්) ලාභය හමුවේ එයාට විකුණන්න පුළුවන් දෙයක් බවට පත් වෙනවා. පත් කර ගන්නවා. එයා පවතින්නේ එහෙම විකුණලා තමයි. වෙන විදියක් නැහැ පවතින්න. ඉතිහාසය, සංස්කෘතිය, සදාචාරය, නොස්ටැල්ජියාව මේ ඔක්කොම ද්‍රව (liquid) බවට පත් කරනවා කියල අර පරණ මාක්ස් කිව්වේ ඒකයි. එහෙම දෙයක් කිව්ව එයා පරණයි කියල හැමෝම කිව්වට එයා පරණ ම නැහැ. අදටත් වැඩ සිද්ද වෙන්නේ එයා කිව්ව විදියට තමයි. වෙනස් වෙච්ච දෙයක් තියනවා නම් ඒ විගලිත බවත් මේ යුගයේ විකුණන්න පුළුවන් වීම.

ඉතිං කියන්න පුළුවන් එකම දේ ඔහුගේ ඇස තුල අප මියගොස් සිටීමයි (We are dead in the eyes of Hegel කියල තමයි ජිජැක් එක තැනක කියන්නේ). පරණ ලෝකයෙන් ඛණ්ඩනය වෙනකල් සහ එහෙම ඛණ්ඩනය වෙලා අලුත් ලෝකයක් වෙත අප යනතුරු දෑස දල්වා ගෙන බලා සිටිය ඔහුගේ දෑස් ඉදිරියේ අප නිකම් ධනවාදයේ පහන් දැල්ල ඉදිරියේ නර්තනයේ යෙදෙන මියගිය ආත්ම විතරයි. මිය ගිහිල්ලා තියෙන්නේ එයා නෙවෙයි, එයා මියගියා කියල පාරම් බෑව අපියි.

මේ ලඟදි චන්දිමාල් ජයසිංහ කියල කෙනෙක් උපන් දිනයක් සමරලා තියනවා දැක්ක මුහුණු පොතේ. ඒ පාටි එක නම් කරලා තියෙන්නේ (theme) 'රෝයල් පාටියක්' හැටියට නිසා ඔක්කොමල ඇඳුම් ඇදල තියෙන්නේ රජ වරු, නිලමේ වරු, ගම්මුලාදෑනි වරු, වෙල් විදානේ ල, ළමා තැනීල, ලොරන්සෝ ද අල්මේදා, වසකෝ ද ගාම, ක්ලියෝ පැට්රා වගේ පෞරාණික (exotic) විදියට. මේ විදියට නිරුපණය විම මේ යුගයේ එක්තරා ආශා ප්‍රවර්ගයක් (category of desire). අපේ අවිඥාණයේ තැන්පත් වෙලා තියන 'යටපත් කල ඉතිහාසය' සහ එහි රූපක නව වටයකින් අප වෙත කඩා පනිනවා. කුඩ සේසත්, මාල වළලු, තුප්පොට්ටි, රෙදි හැට්ට, මුල් ඇඳුම්, කඩු කස්තාන, අංගම් පොර අප වෙත කඩා පැනල කියනවා අපි මැරිලා නැහැ..මේ බලපල්ලා...අපේ අවතාර කොළඹ නගරය මැද්දේ සැරිසරන හැටි කියල.

'කෝ දැන් තොපේ මාක්ස් මුත්තා කිව්වනේ ධනවාදය සියලු අතීත කාමයන් වාෂ්ප කරනවා කියල. දැන් කෝ ඒ විශ්ම කර්ම බලය? බලපල්ලා දැන් අපි ඉන්න හැටි...අපි තුල පැළපදියම් වෙලා ඉන්නව යකෝ ඒ වැඩවසම් අවතාර... කුල වාදයෙන් තොපි පාර්ලිමේන්තු චන්ද කරනවා නම් යකෝ අපිට බැරිද රජවරු වගේ අඳින්න. බලපල්ලා අපි දිහා. පුළුවන් දෙයක් කරපියව්'. මේ ඔවුන්ගේ හඬ. ඒ කියන්නේ මේ එයාල කතා කරන්නේ සියල්ල ඉවසන සුළු ධනවාදයට නෙවෙයි. අපට.

උන් එහෙම ඉන්නවා නම් අපිත් මෙහෙම ඉන්නවා කියන අසම්පාතය (parallax) තමයි මේ තියෙන්නේ. දෙකම පවතිනවා. කවුරුත් කාටවත් වෙනස් වෙන්න කියන්නේ නැහැ. ඉතින් දේශපාලඥයෝ කිහිප දෙනෙකුත් ඇවිත් තියනවා මෙතනට. එයාලගේ සඥා ඔස්සේ මෙයාල ලකුණු දා ගන්නවා. මෙයාලගේ සඥා අස්සේ එයාල ලකුණු දා ගන්නවා. ඒ මදිවට අපෙන් අහනවා මොකද දැන් උඹලා කියන්නේ කියල.

ඔවුන්ගේ ලිබරල් පියා නපුංසක නිසා මේ හිස්ටරික ප්‍රශ්නය ඔවුන් අහන්නේ අපෙන් කියලයි මම කියන්නේ. ඒක නිසයි වමේ අයගේ මුහුණු දමල සමහරු ෆේස් බුක් එකේ පොඩි වැඩක් දැම්මේ. 'මෙන්න බලපල්ලා උඹලගේ නපුංසක බව. ඒ කියන්නේ පරණ ලෝකය ඉවර නැහැ. අපි තුල අවතාර ලෙස හොල්මන් කරනවා ඒ පරණ ලෝකය. පුළුවන් නම් ඒ අවතාර එළවලා දමපල්ලා' කියන එක තමයි ඔවුන්ගේ ඉල්ලීම. හිස්ටරිකයා ඉල්ලනවා පීතෘ මූලික කප්පාදුවක් නැත්නම් යාගයක් අර පරණ අවතාර එලවන්න කියල.

දැන් වෙලා තියන අපූරු වැඩේ තමයි මේ අලකලංචි නිසා මේවා පැහැදිළි කරලා දෙන්න විචාරක සෙට් එකක් අරක්ගෙන සිටීම. ඔවුන් කරන්නේ මේ මඩ ගොහොරුව අර්ථකතන කරන එක. ඒ අර්ථකතනය ඔස්සේ තම පැවැත්ම ස්ථාපිත කරගන්න එක. ඉතින් දේශපාලනය කරනවා වෙනුවට (වෙනස් කරනවා වෙනුවට) මේ තත්වය දිගින් දිගට අර්ථකතනය වෙමින් පවතිනවා කෙළවරක් නැතුව. අනික් අතට දැන් මේ අර්ථකතනය සිදු වෙන්නේ නියම පශ්චාත් නූතන විදියකට. ඒ කියන්නේ විචාරකයෝ යනවා ට්‍රි හට් (tree hut) වලට. ඩ්‍රෝන් කැමරා ඒ ට්‍රී හට් හඹා යනවා. විඩියෝ ෂූට් එක යනවා. විචාරකයා හෝ ගාල කතා කරනවා. චන්දිමාල් ගේ සාදයයි මේ ට්‍රී හට් වැඩෙයි අතර වෙනසක් මම දකින්නේ නැහැ. දෙකම postmodern. මුල් ඇඳුමක් අන්දලා ම විචාරක වැඩේ පටන් ගත්ත නම් සියල්ල සම්පුර්ණ වෙනවා. දෙකම මාකට් වැඩක්. පරස්පර වගේ පෙනුනට පරස්පර බවක් නැහැ. එකම සඥා ගොඩක් එකම විදියට ගමන් කරනවා අනන්තය දක්වා.

එකම දේ අද චන්දිමාල්ල (ප්‍රපංචය හඳුන්වන නමක් විතරයි) වගේම විචාරකයෝ කියන්නෙත් වෙනම ම බල ධුරාවලියක් (social hierarchy). ඉරාජ් ල, හංසමාලි ල විතරක් නෙවේ මැද පෙරදිග ඉදන් ආව කුමාරි අක්ක වුනත් මම හිතන්නේ වැටෙන්නේ මේ නව ධූරාවලියට (populist category). පවත්නා බල පද්ධතිය තවත් ස්ථාපිත කරනවා ඔවුන්. ඔවුන් නව පරම්පරාවක් මේ ක්‍රමය තුලින් ම ඉස්මතු උන. විගලිත බව විපරීතකරණය උන (perverted alienation) අලුත් සමාජ පංතියක්. වේදනාව විනෝදයක් කරගෙන තියනවා ඔවුන් (enjoy the pain). විගලිත බව මේ අනුව විප්ලවයක් ජනනය කරන්නේ නැහැ. ඔවුන් වෙනසක් ඉල්ලන්නේ නැහැ. ඒ වෙනුවට පවත්නා පිළිවෙලට ගැට ගැහිලා පිළිවෙලේ තියන විපරීත බව තව තව ස්ථාවර කරනවා ඔවුන්. ඇත්තට ගත්තොත් ඔවුන් නිෂ්ක්‍රිය ආත්ම. ජෝඩන් පීටර්සන් සහ ජිජැක් අතර සංවාදයේ හරය ලෙසට අපට ගත හැක්කේ මේ ධනවාදයේ පරස්පරතා ඉස්මතු කරගන්න වේදයක් නැති කම (lack of method). වේදයක් නැති නිසා විප්ලවීය ක්‍රියාවක් සිදු වන්නේත් නැහැ (revolutionary act). මන්ද චන්දිමාල් වගේම ඔහුගේ විචාරකයෝ ඉන්නෙත් එකම ප්‍රාග්ධන සිහිනයේ. එකම නපුංසක බවක් ඇතුලේ දියබුං ගසමින්.

අසම්පාතය ඇතුලේ ගත්තත් ඔක්කොමල ඉන්නේ එකම දෛවයක් ඇතුලේ. මේ දෙගොල්ලම කරන්නේ මාක්ස් - හේගල් ගේ ඇස් ඉදිරියේ අප මියගොස් ඇති බව හඬ නගා කියන එක. ඒත් අපේ දුක්ඛිත හඬ අහන්න එයාල ආයේ කවදාවත් එන්නේ නැහැ.

Mahesh Hapugodaගේ ෆේස්බුක් සටහනකින් 

56 විප්ලවයට මඟපෑදූ දස පනත

 https://www.youtube.com/channel/UCUlKtJeAWHlvdyY-YR7dINg?view_as=subscriberඅපරාජිතයෙකු ලෙස මහජනතාව තුළ ආකල්පයක්‌ ගොඩ නඟාගෙන තිබූ පක්‍ෂයත් ඉන් වසර හතරකට පසුව පැවති මහ මැතිවරණයේ දී ආසන 8 කට සීමා වූයේ ඇයි?

1956 අප්‍රේල් මස පැවති මහ මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය පරාජයට පත්වන තුරු බොහෝ දෙනා විශ්වාස කොට ඇත්තේ එම පක්‍ෂය කිසිදා පරාජය කළ නොහැකි බලවේගයක්‌ බවයි. 1952 දී පැවති මහ මැතිවරණයට එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් තරග කළත් ඒ මහතාට ජයගත හැකිවී ඇත්තේ ආසන 09 ක්‌ පමණි. එම මැතිවරණයට තරග කළ ලංකා සමසමාජ පක්‍ෂයටත් ආසන 09 ක්‌ හිමිවී ඇති අතර බණ්‌ඩාරනායක මහතාට විපක්‌ෂ නායකකම හිමිවී ඇත්තේ ලංකා සමසමාජ පක්‍ෂයට වඩා වැඩිපුර ඡන්ද සංඛ්‍යාවක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හිමිවී තිබුණ බැවිනි. බණ්‌ඩාරනායක මහතාට විපක්‌ෂ නායක ධුරය හිමි වුවත් එවකට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ අලුවිහාරේ මහතා 1952 දී මැතිවරණ පරාජයෙන් පසු යළිත් එක්‌සත් ජාතික පක්‍ෂයට සංක්‍රමණය වී ඇත. එක්‌සත් ජාතික පක්‍ෂය කිසිදා පරාජය කළ නොහැකි බලවේගයක්‌ යන ආකල්පය වර්ධනය වීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මෙන්ම ලංකා සමසමාජ පක්‍ෂයත් 1952 මැතිවරණයෙන් ලැබූ පරාජය බොහෝ දුරට හේතු වන්නට ඇත.


අපරාජිතයෙකු ලෙස මහජනතාව තුළ ආකල්පයක්‌ ගොඩ නඟාගෙන තිබූ පක්‍ෂයත් ඉන් වසර හතරකට පසුව පැවති මහ මැතිවරණයේ දී ආසන 8 කට සීමා වූයේ ඇයි? ඒ සඳහා හේතුවී ඇත්ත් 1956 පෙබරවාරි 04 වැනිදා නිකුත් කරන ලද බෞද්ධ තොරතුරු පරීක්‍ෂණ සභාවේ වාර්තාවේ නිර්දේශ කිරීමට අමතරව 1956 මාර්තු 03 වැනි දින එක්‌සත් භික්‍ෂු පෙරමුණ විසින් සම්මත කර කොළඹ නගර ශාලාවේදී බෞද්ධ මහජනතාව ඉදිරියේ තැබූ "දස පනත" ක්‍රියාත්මක කිරීමට බණ්‌ඩාරනායක මහතා එකඟ වීමය.

එම සභාවේ මුලසුන පූජ්‍ය මොට්‌ටුන්නේ ඉන්ද්‍රසාර හිමියන් විසින් උසුලා ඇති අතර දස පනත අන්තර්ගත වූ යෝජනාව පූජ්‍ය හේන්පිටගෙදර ඥණසීහ හිමියන් සභාවට ඉදිරිපත් කර ඇති අතර යෝජනාව ස්‌ථිර කර ඇත්තේ මැදගොඩ සුමනතිස්‌ස හිමියන් විසිනි. එම යෝජනාව ස්‌ථිර කිරීමෙන් අනතුරුව සුමනතිස්‌ස හිමියන් ඉල්ලා ඇත්තේ එම යෝජනාව පිළිගන්නා අයට ඉදිරි මහ මැතිවරණයේ දී ඡන්දය ලබාදෙන ලෙසයි.

කොළඹ නගර ශාලාවේ පැවති එම රැස්‌වීමට පිලිප් ගුණවර්ධන මහතා, ඒ. ඊ. ගුණසිංහ මහතා සහ බණ්‌ඩාරනායක මහතාද සහභාගි වී ඇත. දස පනත අන්තර්ගත යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සභාව ඇමතූ බණ්‌ඩාරනායක මහතා ප්‍රකාශ කර ඇත්තේ දස පනත මහජන එක්‌සත් පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පිළිගන්නා බවයි.

බණ්‌ඩාරනායක මහතාගේ ජයග්‍රහණයට හේතුවූ දස පනත මෙසේය.

1. සියලු ක්‍රියාවන්හි අවිහිංසා ප්‍රතිපත්තිය අනුගමනය කිරීම.

2. කවර ස්‌වරූපයකින් හෝ පැමිණෙන අධර්මයට හෝ මැර බලයට විරුද්ධව ක්‍රියා කිරීම.

3. බෞද්ධ කොමිෂන් සභා වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කිරීම

4. රටේ රාජ්‍ය භාෂාව සිංහල විය යුතු හැටියට වහාම නීති සම්පාදනය කිරීම හා එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය හැම මඟක්‌ම ගැනීම

5. ප්‍රජාතන්ත්‍රවාදයේ දියුණුවත්, ආරක්‍ෂාවත් සැලසීම හා පැසිස්‌ට්‌ ඒකාධිපති ආණ්‌ඩුවක්‌ හෝ කොමියුනිස්‌ට්‌ ඒකාධිපති ආණ්‌ඩුවක්‌ ඇති කිරීමට අදාළ වන දේ වැළැක්‌වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සකස්‌ කිරීම සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ ආණ්‌ඩුව කර තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී සංවිධානද, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ද වෙනස්‌ කිරීම

6. ජාතික කලා ශිල්ප, ආයුර්වේද හා අනිකුත් ජාතික උරුමයන්ට අයත් සකලාංග පුනර්ජීවයට පත් කිරීම හා චාම් ජීවිත අනුගමනය කිරීම

7. තම තමන්ට අභිමත ආගමක්‌ විශ්වාස කිරීමට හා ඇදහීමට ඇති සම්පූර්ණ නිදහස දීමටද ආගම් භේදයක්‌ නොමැතිව සියලු දෙනාට සමාන ලෙස සැලකීමද සහතික වන අතර මේ රටේ වැඩි

ජනතාවගේ ආගම වන බුද්ධාගමට මේ රටේ හිමි තැන පිළිගැනීම

8. රටේ සියලු තරාතිරමේ අයට සතුටුදායක ජීවන තත්ත්වයක්‌ ලබාදීමට නොවරදින සේ කටයුතු පිළියෙල කිරීම

9. ධනය හැම දෙනකුම අතර වඩා සාධාරණව බෙදී යන සේ කටයුතු පිළියෙල කිරීම

10. ජාතිමමත්වයේ දියුණුවට බාධාවන පරිදි ජාතිභේද විදහාපාන සේ දියුණු කරන එමෙන්ම ජාතීන් අතර අසමගිය හා අසමානකම් ඇති කරවන කිසිම සංස්‌ථාවකට ආණ්‌ඩුවේ ආධාර නොදීමට වගබලා ගැනීම

දස පනතේ අඩංගු වූ කරුණු කාරණා අතරින් බණ්‌ඩාරනායක මහතාගේ ජයග්‍රහණය සඳහා ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට එකඟවීමය.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය

ප‍්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදීම

 https://www.youtube.com/channel/UCUlKtJeAWHlvdyY-YR7dINg?disable_polymer=true
රටේ නීති හා ප‍්‍රතිපත්ති සම්පාදනයේ ප‍්‍රධාන බලධාරියා ලෙස ක‍්‍රියා කරන්නේ පාර්ලිමේන්තුවය. රටේ පොදු දේපළවල භාරකාරයා ලෙස ක‍්‍රියා කරන්නේද පාර්ලිමේන්තුවය.

පාර්ලිමේන්තුවේ හා මැති ඇමතිවරුන් හා මන්ත‍්‍රීවරුන් තමන් භාරයේ තිබෙන පොදු දේපළ නීතියට පටහැනිව අයථා ලෙස පරිහරණය කරයි නම්, එය පිළිගත් ප‍්‍රතිපත්තියක් බවට පත්කර ගනිමින් පොදු දේපළ විෂයෙහි වැරදි කරන මන්තී‍්‍රවරුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මකවීම පාර්ලිමේන්තුව විසින් වළකාගෙන සිටින්නේ නම්, රජයට ආදායම් උපයා දෙන හොඳම ආර්ථික මාර්ග පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් ඍජු ලෙස හෝ අනියම් ලෙස අත්පත් කරගෙන සිටින තත්ත්වයක් යටතේ රජයට ලැබෙන ආදායම් හීනවී රජය බංකොළොත් තත්ත්වයකට පත්වීම නිසා රට අධික ලෙස විදේශ ණය මත යැපෙන තත්ත්වයකට පත්කිරීමට හේතුවී තිබේ නම් පාර්ලිමේන්තුව විසින් දිගින් දිගට කරගෙන යමින් තිබෙන එම වරද නිවැරදි කළ යුතුව තිබෙන්නේ කෙසේද?

ආණ්ඩු පෙරළියක් මේ ප‍්‍රශ්නයට විසඳුමක් වන්නේ නැත. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් පොදු දේපළ අයථා ලෙස පරිහරණය කිරීම ලංකාවේ රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් ලෙස සැලකිය හැකි අතර එය 1978 ආරම්භ වී දැන් වසර 40කට වැඩි කාලයක් තිස්සේ බලයට පත්වන හැම පාලක පක්ෂයක් විසින්ම අඛණ්ඩව පවත්වාගෙන යන ක‍්‍රමයක් ලෙස ද සැලකිය හැකිය. ඒ නිසා ආණ්ඩු වෙනස් කිරීම මේ ප‍්‍රශ්නයට තිබෙන පිළියමක් ලෙස සැලකිය නොහැකිය.

මෙය ඉක්මන් විසඳුමක් ලැබිය යුතු රටේ පැවැත්ම කෙරෙහි බලපාන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. මේ සම්බන්ධයෙන් කතානායකවරයාට ගතහැකි ක‍්‍රියාමාර්ගයක් ඇතැයි විශ්වාස කරමින් ප‍්‍රශ්නයේ ස්වභාවය හා එහි ඇති බරපතළකම විස්තර කරමින් 2019 මැයි 19 වැනිදා ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළෙමි. ඊට කතානායකවරයා දෙන ලද පිළිතුර වූයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර යම් යම් දූෂණයන් හෝ වංචාවන් සිදුවන්නේ නම් ඒ පිළිබඳව නෛතික පියවර ගැනීමේ හැකියාව තිබෙන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හා නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට බවය. මෙය පුද්ගලයන්ගේ හෝ පුද්ගලයන් කිහිපදෙනකුට අදාළ ප‍්‍රශ්නයක් නොව, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අදාළ පොදු ප‍්‍රශ්නයකි. පුද්ගලයන්ට අදාළ ප‍්‍රශ්නයක් මිස ආයතනයකට අදාළ පොදු ප‍්‍රශ්නයක් ගැන කරුණු සොයා බැලීමේ හැකියාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඇතැයි අපි විශ්වාස නොකරමු. එසේම මන්ත‍්‍රීවරුන්ට අදාළව එම කොමිසමට ලැබුණු පැමිණිලිවලදී ඵලදායී ක‍්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට එම කොමිසම සමත් වී නැත.

එම තත්ත්වය පැහැදිලි කරන ලිපියක් කතානායකවරයා වෙත අප විසින් යොමු කරන ලද අතර (2019.05.10) කතානායකවරයා ඊට දෙන ලද පිළිතුර වූයේ (2019.05.24) ව්‍යාපාර කරන මන්ත‍්‍රීවරුන්ට එරෙහිව ක‍්‍රියාකිරීමේ බලයක් කතානායක වශයෙන් තමන්ට ව්‍යවස්ථාවෙන් ලබාදී නැති බවය.

නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කරන මන්ත‍්‍රීවරුන් ගැන සොයා බලා ක‍්‍රියාකිරීමේ හැකියාවක් පාර්ලිමේන්තුවේ කතානායකට නැත්නම් පුරවැසියන් වශයෙන් රටේ සියලූ මහජනතාවටද රටේ පැවැත්මටද බලපාන එම ප‍්‍රශ්නය කිව යුතුව තිබෙන්නේ කාටද?

පුරවැසියන් වශයෙන් අපේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන්නට තිබෙන එකම තැන ලෙස සැලකිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. අවසානයේ අපි අපේ දුක්ගැනවිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන්නට තීරණය කොට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ආයාචනාත්මක පැමිණිල්ලක් ලෙස 62කගේ අත්සනින් යුතුව එම ආයාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළෙමු. එම ආයාචනයට අත්සන් කළ හැටදෙදෙනා විවිධ වෘත්තීන්ට අයත් කිසියම් විශාල ප‍්‍රමාණයකට ලංකා සමාජය පිළිබිඹු කරන එකතුවක් ලෙස සැලකිය හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ල මෙසේය.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අගවිනිසුරුතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලූ විනිසුරුතුමන්ලා වෙත රටේ පොදු යහපත පිණිස කරන ආයාචනයකි.

1. මෙම ආයාචනයේ අන්තර්ගත ප‍්‍රශ්නය කෙටියෙන් මෙසේ සම්පිණ්ඩනය කළ හැකිය. මහජන ඡන්දයෙන් විධායකයට, ව්‍යවස්ථාදායකයට, පළාත් සභාවලට සහ ප‍්‍රාදේශීය සභාවලට තේරී පත් වන මහජන නියෝජිතයින්, තමන් වෙත මහජනතාව තැබූ විශ්වාසය සාපරාධී ලෙස උල්ලංඝනය කරමින්, නීතියට පටහැනි ලෙස රජයේ දේපළ මිල දී ගන්නා, රජය සමග ව්‍යාපාර කරන, ආර්ථික වටිනාකමක් ඇති ව්‍යාපාර අවස්ථා සඳහා අවශ්‍ය බලපත් නීති විරෝධීව අත්පත් කරගන්නා, රජයේ ටෙන්ඩර ප‍්‍රසම්පාදන ක‍්‍රම උල්ලංඝනය කරමින් ප‍්‍රදානය කරවා ගන්නා, තම සංවර්ධන ව්‍යාපෘති නීති විරෝධීව අනුමත කරගන්නා ක‍්‍රමයක් දීර්ඝ කාලයක් තිස්සේ ක‍්‍රියාත්මක වේ. එම නීති විරෝධී ක‍්‍රමය සමස්ත රාජ්‍යය ම දුෂිත කිරීමටත්, රජය උපයන ආදායම් හීන කිරීමටත්, සමස්ත පරිසර පද්ධතිය විනාශ කිරීමටත්, රට විදේශ ණය මත යැපෙන තත්වයට බංකොළොත් කිරීමටත්, නීති විරෝධී අනුග‍්‍රහයන් නොලබන වෙනත් ස්වාධීන ව්‍යවසායයන්ට තරගකාරීව ඉදිරියට යාම වැළැක්වීමටත්, රටට වැඩදායී විදේශ ආයෝජන ගලා ඒම අඩපණ කිරීමටත්, මහජනතාව මත අධික බදු බර පැටවීමටත්, ශ‍්‍රම වෙළෙඳ පොළ දුර්වල කර විරැකියාව වැඩි කිරීමටත්, උගතුන් රට හැර යාමටත්, දුප්පතුන් වඩාත් දුප්පත් කරවීමටත්, නීතියේ ආධිපත්‍යයට යටත් නොවන ව්‍යාපාර බිහි කිරීමටත්, නීතියේ ආධිපත්‍යය දුර්වල කිරීමටත්, ආණ්ඩු ක‍්‍රමය විකෘති කිරීමටත්, මහජන නියෝජිතයින්ගේ යොමුව සහ ස්වභාවය විකෘති කිරීමටත් යනාදී වශයෙන් සමස්ත ශ‍්‍රී ලංකාව ම සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික හා පාරිසරික, යන සෑම අංශයකින් ම ගෝලීය ප‍්‍රජාව තුළ පිළිගත් නිර්ණායක අනුව පසුගාමී සහ ආපස්සට යන රටක් බවට පත් කිරීමටත්, එමගින් සමස්ත ශ‍්‍රී ලංකා වාසීන්ගේ මූලික අයිතිවාසිකම් උග‍්‍ර ලෙස නිරන්තර උල්ලංඝනය කිරීමටත් හේතු වී තිබේ.

2. අප මෙම මහජන වැදගත්කමක් ඇති ප‍්‍රශ්නය මහජන සුභසාධන නඩුකරයක් ලෙස ඉදිරිපත් නොකර ශ්‍රේෂ්ඨාධිකරණයට මහජන පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කරන්නේ ප‍්‍රශ්නයට තිබෙන වැදගත්කම හා බැරෑරුම්කම අනුව බලන විට එසේ කිරීම වඩා සුදුසු නිසාය. තවද අතිවිශාල ජාතික වැදගත්කමක් ඇති මෙම ප‍්‍රශ්නය සියතට ගෙන එය විසඳා දීමට අවශ්‍ය කරන බලය හා හැකියාව ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා එසේ කරන ලෙස අපේ නීති උපදේශකයින් අපට උපදෙස් දෙන ලද නිසාත්, එම මග පෙන්වීම අප සියලූ දෙනාගේ ද පිළිගැනීමට හා විශ්වාසයට හේතු වී තිබෙන නිසාත්ය.

3. මහජන ඡන්දයෙන් විධායකයට හා ව්‍යවස්ථාදායකයට තේරී පත් වී පාලන බලයේ සුක්කානම හසුරුවන්නන් රජය සමග ව්‍යාපාරික ගනු-දෙනුවල නොයෙදිය යුතුය යන්න මුලූමහත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකය ම පිළිගත් මූලික ධර්මතාවක් ලෙස සැලකිය හැකිය. ඒ සඳහා සෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ම පාහේ දැඩි නීති තිබෙන අතර, ලංකාවේ ද 1977 දක්වා ඒ සඳහා වන දැඩි ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක විය. එහෙත් 1977න් පසුව ඒ සඳහා තිබෙන නීති ක‍්‍රියාත්මක වීම අඩපණ කරන ක‍්‍රමයක් අද දක්වා ම ක‍්‍රියාත්මක වන අතර, එ නිසා නීතිය ගැන ඇති කර ගන්නා බියකින් තොර ව මහජන නියෝජිතයින් මෙම විෂයයට අදාළව කරනු ලබන නීති උල්ලංඝන මහා පරිමාණයෙන් සිදු වන දෙයක් බවට පත් ව තිබෙන්නේය.

4. විශාල නිල බලයක් තිබෙන මහජන නියෝජිතයින් තමන්ගේ බාරයේ තිබෙන වටිනා පොදු සම්පත් සිය පවුලේ අයට, සිය පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට හා ගජ මිතුරන්ට නාමික මිලකට ලබා දෙන දූෂිත ක‍්‍රමයක් ස්ථාපිත වී තිබේ. ඒ ක‍්‍රමය තුළ මහජන මන්ත‍්‍රීවරුන්ගෙන් විශාල පිරිසක් ද නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කරන ව්‍යාපාරිකයෝ බවට පත්ව සිටිති. මෙම නීති විරෝධී ක‍්‍රියාදාමය බහුල වශයෙන් ම සිදු වෙමින් තිබෙන්නේ රජයේ ඉඩම්, රජයේ ටෙන්ඩර, රජයේ ව්‍යාපාරික බලපත‍්‍ර යන අංශවලය.

5. මහජන නියෝජිතයින් රජය සමග ව්‍යාපාර කිරීම බරපතළ නීති උල්ලංඝනයක් ලෙස සැලකිය හැකි වුව ද 1977න් පසුව අද දක්වා ම එය සිදු වෙමින් පවතින්නේ රාජ්‍ය නායකයින් ද පලප‍්‍රයෝජන ලබන ඔවුන්ගේ ද අනුදැනුම හා ආශීර්වාදය ඇති ව සිදු වන ක‍්‍රියාදාමයක් ලෙසය.

6. ඒ සඳහා දැක්විය හැකි නිදර්ශන මෙසේය.

(අ) ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන, තමන්ට මාදම්පේ තිබුණු නිසරු පොල් ඉඩමක්, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමට දී, එම කොමිසම සතුව තිබුණු සරුසාර පොල් ඉඩමක් තමන් වෙත හිමි කරගත්තේය. ඒ සමග ම එම කොමිසම සතුව තිබුණු ඉඩම් හා වටිනා ගොඩනැගිලි නාමික මිලකට අත්පත් කර ගැනීමට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ට හා ගජ මිතුරන්ට ඉඩ ලබා දුන්නේය. ඒ ආදර්ශය අනුව යමින් අනුප‍්‍රාප්තික ජනාධිපතිවරු ද එම කොමිසමේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් තමන්ගේ පවුලේ අයට හා පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට ද, ගජ මිතුරන්ට ද, නාමික මිලකට අත්පත් කර ගන්නට ඉඩ දුන්නෝය. එ නිසා පමණක් රජයට සිදු වූ අලාභය රුපියල් ටි‍්‍රලියන ගණනක් විය හැකිය.

(ආ) රූපවාහිනී හා ගුවන්විදුලි විකාශනය සඳහා යොදා ගනු ලබන ගුවන් තරංග සැලකෙනුයේ මහජන හිමිකමක් ඇති, අති විශාල ආර්ථික වටිනාකමක් සහිත, ඉතාමත් සීමිත සම්පතක් ලෙසය. ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටවල ඒවා විකුණනු ලබන්නේ මහජන යහපත සඳහා පාවිච්චි කරන බවට සහතික කෙරෙන දැඩි කොන්දේසිවලට යටත් ව, වෙන්දේසි කරන ක‍්‍රමයකටය. ඒවා විකිණෙන්නේ අති විශාල මිලකටය. ගුවන් තරංග විකිණීම ආරම්භ වන්නේ රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපති වරයාගේ පාලන කාලයේ සිටය. එ තැන් සිට අද දක්වා ම සියලූ ජනාධිපතිවරුන් ඒවායේ හිමිකම ලබා දී තිබෙන්නේ නාමික මිලකට සිය ගජ මිතුරන්ටය. ඒවා හිමි කර ගත් ගජ මිතුරන් එම විකාශන බලපත‍්‍ර තුන්වැනි පාර්ශ්වයකට විකිණීමෙන් උපයා ගෙන තිබෙන ආදායම අති විශාලය. එ මගින් පමණක් රජයට අහිමි වී තිබෙන ආදායම රුපියල් බිලියන සිය ගණනක් විය හැකිය.

(ඇ) මත් පැන් වෙළඳ සැල් ක‍්‍රමය ඕනෑ ම රටක රජයට ආදායම් උපයා දෙන වැදගත් මාර්ගයකි. එහෙත් ලංකාවේ මත්පැන් බලපත‍්‍ර ලබා දෙන්නේ ද රජයට උපයා ගත හැකි ආදායම් විශාල ප‍්‍රමාණයකට අහිමි කෙරෙන ආකාරයට, නාමික මිලකටය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග පාලන කාලයේ දී මත්පැන් බලපත‍්‍ර දහසකට වැඩි සංඛ්‍යාවක් නිකුත් කරන ලද්දේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් මාර්ගයෙනි. එ නිසා එම ආණ්ඩු පක්ෂයේ කිසියම් විශාල පිරිසක් සෘජු හෝ අනියම් ලෙස තැබෑරුම් පවත්වා ගෙන යන තැබෑරුම්කරුවෝ බවට පත් වූහ. මහා පරිමාණයේ ඉස්කාගාර හිමියන් ද මන්ත‍්‍රීවරු අතර සිටිති. ප‍්‍රති අපනයන, වැලි, ගල්, පස්, දැව හා මගී ප‍්‍රවාහන බලපත‍්‍ර ලාභීහු මන්ත‍්‍රීවරුන් අතර සිටිති.

7. 1977න් පසු කාලයේ දී ද රජය සමග ව්‍යාපාර කිරීමේ හේතුව මත අවස්ථා දෙකක දී මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුගේ (ඇල්බට් සිල්වා සහ රාජිත සේනාරත්න) මන්ත‍්‍රී ධූර අධිකරණය විසින් අහිමි කරන ලදී. ඒ අවස්ථා දෙකේ දීම එම අධිකරණ තීන්දු දෙකේ තීන්ත වේලෙන්නටත් පෙර පක්ෂ නායකයින් විසින් වෙනත් ක‍්‍රමවලට ඔවුන් පාර්ලිමේන්තුවට පත් කරන ලදී. ජනාධිපති ජේ.ආර් ජයවර්ධන විසින් මන්ත‍්‍රී ධූරය අහිමි වී සිටි ඇල්බට් සිල්වා තුණ්ඩු ක‍්‍රමයට කඹුරුපිටිය ආසනයට පත් කරන ලදී. රනිල් වික‍්‍රමසිංහ විසින් මන්ත‍්‍රී ධූරය අහිමි වී සිටි රාජිත සේනාරත්න ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලදී. රටේ දේශපාලන නායකයින් මෙම විෂයට අදාළව අධිකරණය දෙනු ලබන තීන්දුවලට ගරු කිරීමට සූදානම් නැති බවත්, නීතියට පටහැනිව අයථා ලෙස ධනය උපයා ගැනීම සඳහා පවත්වා ගෙන යන ක‍්‍රමය ආරක්ෂා කර ගැනීම ඔවුන්ගේ පරම අභිලාෂය වන බවත්, එම නිදර්ශන දෙක හොඳින් පෙන්නුම් කරයි.

8. රටේ පොදු දේපළවල තාවකාලික බාර කරුවන් ලෙස ක‍්‍රියා කරන මහජන මන්ත‍්‍රීවරුන් ද ඇතුළත් රාජ්‍ය පාලකයින්, තමන් බාරයේ තිබෙන පොදු දේපළ අයථා ලෙස පරිහරණය කිරීම මගින් දීර්ඝ කාලයක් තිස්සේ රජයට අතිවිශාල අලාභයක් ඇති කර තිබෙන බවත්, එම තත්ත්වය රජයට ලැබෙන ආදායම් හීන කර රට විදේශ ණය මත යැපෙන තත්ත්වයකට පත් කිරීමෙන් නොනැවතී සමස්ත රාජ්‍යය දූෂිත කිරීමට හේතු වී තිබෙන බවත්, එ මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙන, මෙම පෙත්සම ඉදිරිපත් කරන අප සියලූ දෙනාගේ පමණක් නොව, රටේ සමස්ත ජනතාවගේ ම මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස හා අඛණ්ඩව උල්ලංඝනය කර තිබෙන බවත් ප‍්‍රකාශ කර සිටිමු.

9. මෙම ප‍්‍රශ්නයේ ඇති බැරෑරුම්කම හා ඊට ලැබෙන ජාතික වැදගත්කම සලකා,

(අ) ඒ ගැන අධිකරණ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්,

(ආ) මහජන නියෝජිතයින්, ඔවුන් විසින් ම හෝ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් මගින් හෝ වෙනත් පුද්ගලයින් මගින් හෝ රජය සමග ව්‍යාපාර කිරීම ගැනත්, ඔවුන්ට නීතියට පටහැනිව හා රජයට අලාභයක් ඇති කෙරෙන ආකාරට දේපළ පවරාදීම ගැනත්, නියම කරන ලද කාල රාමුවක් ඇතුළත ඉක්මන් විගණනයක් සිදු කර අදාළ තොරතුරු අධිකරණයට වාර්තා කරන ලෙස විගණනකාධිපතිට නියෝග කරන ලෙසත්,

(ඇ) මන්ත‍්‍රීවරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබී තිබෙන පැමිණිලි අතරින්, විමර්ශනයට ගෙන තිබෙන පැමිණිලි, විමර්ශන අවසන් කර ඇති එහෙත් නඩු පවරා නැති පැමිණිලි සහ විමර්ශන අවසන් නොකළ පැමිණිලි පිළිබඳ වාර්තාවක් අධිකරණයට ලබා දෙන ලෙස එම කොමිසමට නියෝග කරන ලෙසත්,

(ඈ) මැතිවරණවලට නාම යෝජනා බාර ගන්නා විට අපේක්ෂකයින්, ඔවුන් විසින් ම හෝ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් මගින් හෝ වෙනත් පුද්ගලයින් මගින් හෝ රජය සමග ව්‍යාපාර නොකරන බවට දිවුරුම් ප‍්‍රකාශ ලබාගැනීම අනිවාර්ය කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙසත්,

(ඉ) නීතියට පටහැනිව රජය සමග ව්‍යපාර කර තිබෙන හෝ රජයේ දේපළ හිමි කර ගෙන තිබෙන හෝ මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රී ධූර අහෝසි කර, නැවත මැතිවරණ සඳහා තරග කිරීමේ අයිතිය ද සුදුසු කාල සීමාවක් සඳහා තහනම් කරන ලෙසත්, වැරදිකරුවන් වන එම පුද්ගලයින් විසින් නීතියට පටහැනිව කර තිබෙන ගනු-දෙනුවලින් රජයට අලාභයක් සිදු වී තිබේ නම් ඒවා අය කර ගැනීම සඳහා ඔවුන්ට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිට නියෝග කරන ලෙසත්,

(ඊ) අධිකරණයට පෙනීයන වෙනත් සුදුසු ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසත්,
පහත අත්සන් කරන අපි සියලූ දෙනා ගරු අගවිනිසුරුතුමාගෙන් ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු ගරු විනිසුරුවරුන්ගෙන් ද ගෞරව පූර්වකව ඉල්ලා සිටිමු.

2019 අගෝස්තු 02 දින දීය.

මෙම පැමිණිල්ලට අත්සන් තබන ලද 62 මෙසේය.

01. ජනමාධ්‍යවේදී එම්.කේ. වික්ටර් අයිවන්
02. හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ටී.එම්. පේ‍්‍රමවර්ධන
03. පූජ්‍ය දියකඩුවේ සෝමානන්ද ස්ථවිර
04. ඉංජිනේරු තිලක් ද සිල්වා
05. ලේඛිකා සුනේත‍්‍රා රාජකරුණානායක
06. සිනමා අධ්‍යක්ෂ අශෝක හඳගම
07. ජනමාධ්‍යවේදිනී සීතා රංජනී
08. ප‍්‍රවීණ ඡුායාරූප ශිල්පී ලාල් හෑගොඩ
09. මහාචාර්ය හේමන්ත සේනානායක
10. ජ්‍යෙෂ්ඨ නීතීඥ නීල් රාජකරුණා
11. ප‍්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ
12. ප‍්‍රධාන ලේකම් (සීඑම්යූ) සිල්වෙස්ටර් ජයකොඩි
13. හිටපු විගණකාධිපති එස්.සී. මායාදුන්නේ
14. සිනමා අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර
15. සම්මානිත මහාචාර්ය පියදාස අතුකෝරළ
16. සම්මානිත මහාචාර්ය ක‍්‍රිෂාන් දෙහෙරගොඩ
17. ජ්‍යෙෂ්ඨ නීතීඥ ජයන්ත දොලවත්ත
18. හිටපු විදුහල්පති ජී.ඞී. දහනායක
19. වෛද්‍ය සයිෆුල් ඉස්ලාම්
20. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්.එච්.එම්. ෆලීල්
21. නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ පරාක‍්‍රම නිරිඇල්ල
22. හිටපු විදුහල්පති සිරිල් එ‍ඩේරමුල්ල
23. බී.ටී. සරත් ඉද්දමල්ගොඩ පියතුමා
24. මහචාර්ය ඇන්ටන් මීමන
25. අලෙවි විධායක නොයෙල් ප‍්‍රනාන්දු
26. ධීවර සමූපාකාර සමිතියේ සභාපති ඒ. සුනිල් ප‍්‍රනාන්දු
27. මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා
28. මහාචාර්ය එස්.බී.එස්. අබයකෝන්
29. කායික විශේෂඥ වෛද්‍ය යූ.ටී. විදානගම
30. මහාචාර්ය ලියනගේ අමරකීර්ති
31. මහාචාර්ය මොහොමඞ් ඉස්මයිල් මොහොමඞ් මව්ජූඞ්
32. සම්මානිත මහාචාර්ය වෛද්‍ය එම්.ඒ.එම්. සිද්දීක්
33. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.අයි.එම්. තව්ෆීක්
34. ඉංජිනේරු ගුෆ්රාන් ඉස්මයිල්
35. ආචාර්ය ඒ.ඞී. නිමල් චන්ද්‍රසිරි
36. ගීත රචක ධම්මික බණ්ඩාර
37. ප‍්‍රගතිශීලී ගොවිජන සම්මේලනයේ සභාපති එම්.කේ. ජයතිස්ස
38. ආචාර්ය රාජන් හූල්
39. සම්මානිත මහාචාර්ය රාජරත්නම් සිවචන්ද්‍රන්
40. භාෂා පරිවර්තක එස්. සිවගුරුනාදන්
41. නාට්‍ය සහ සිනමා අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක
42. ලේඛක මහින්ද හත්තක
43. ප‍්‍රවීණ ගීත රචක රත්න ශ‍්‍රී විජේසිංහ
44. ජනමාධ්‍යවේදී පී.කේ. කසුන් පුස්සෙවෙල
45. රාවය ප‍්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න
46. ජනමාධ්‍යවේදිනී ඉඳුනිල් උස්ගොඩ ආරච්චි
47. ජනමාධ්‍යවේදිනී වින්ද්‍යා ගමගේ
48. කාබනික පොහොර නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු ආර්.ඒ. ජයසූරිය
49. ජනමාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධන
50. ජනමාධ්‍යවේදී රසික ගුණවර්ධන
51. රාවය ප‍්‍රවෘත්ති කර්තෘ ප‍්‍රියන්ත ප‍්‍රදීප් රණසිංහ
52. ජනමාධ්‍යවේදී එන්.ඒ. නිමල් අබේසිංහ
53. රාවය නියෝජ්‍ය කර්තෘ ටිරන් කුමාර බංගගමආරච්චි
54. ජනමාධ්‍යවේදිනී දිනේෂිකා උදයංගි
55. ජනමාධ්‍යවේදී ටී. නඩරාසා
56. ආරක්ෂක නිලධාරී එන්.ඞී. වල්පොල
57. පොත් ප‍්‍රකාශක රංජිත් දිසානායක
58. දූෂණ විරෝධී ක‍්‍රියාකාරික විජය උඳුපිටිය
59. නිදහස සඳහා භාෂා සංගමයේ සභාපති පී.ආර්. උදය කුමාර
60. ව්‍යාපාරික එස්.ඒ. සුමිත් නේත්රංජන
61. රාජ්‍ය කළමනාකරණ සහායක එම්.එච්. රාසා මොහොමඞ්
62. ගීත රචක සහ මාධ්‍යවේදී උදය මානවසිංහ

ආගමික අන්තවාදය මිනිස් නිදහස සීමා කළා |රටින් පිටුවහල් කළ ශී‍්‍ර ලාංකික මුස්ලිම් ලේඛිකා ෂර්මිලා සෙයියිද්

අජිත් නිශාන්ත
ශ්‍රී ලාංකික මුස්ලිම් ලේඛිකාවන් ගැන අපට අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. එයට හේතුව ලේඛනයේ හෝ නිර්මාණකරණයේ යෙදෙන මුස්ලිම් කාන්තාවන් හිග වීමය. එහෙත්, ද්‍රවිඩ සහ ඉංගී‍්‍රසි බසින් මෙන්ම සිංහලෙන් ලියන මුස්ලිම් ලේඛිකාවන් ද අතළොස්සක් පමණ පිරිසක් හෝ අප අතර සිටීම සතුටට කරුණකි. ඒ කෙසේවූවද, ලංකාවේ එවැනි එක් මුස්ලිම් ලේඛිකාවක් මේ වන විට බරපතළ අර්බුදයකට මැදිව සිටින්නීය. ෂර්මිලා සෙයියිද් නම් වන ඇයට පසුගිය වසර කිහිපයක් තිස්සේ මෙරට මුස්ලිම් මූලධර්මවාදීන්ගෙන් දිගින් දිගටම එල්ල වෙමින් පැවැති තර්ජන ගර්ජන සහ තාඩන පීඩන නිසාම ඇයට ලංකාව අත හැර යන්නට පවා සිදුවී තිබේ.

ද්‍රවිඩ බසින් නිර්මාණකරණයේ යෙදෙන ශී‍්‍ර ලාංකික මුස්ලිම් ලේඛිකාවක, කිවිදියක සහ සමාජ කි‍්‍රයාකාරිණියක වන ෂර්මිලා මේ වන විට සැගවී ජීවත් වන්නියක බවට පත්ව සිටියි. එරාවුර් හි ප‍්‍රජා කටයුතු පිළිබද සංවිධානයක් වන සමාජ සංවර්ධන සංවිධානයේ නිර්මාතෘවරිය වන ඇය 30 හැවිරිදි, එක් දරු මවකි. සිවිල් යුද්ධය නිමා වීමෙන් පසු ගෙවී ගිය වසර තුනක කාලය පුරා ඇය නැගෙනහිර පළාතේ සුළු ජාතික කාන්තාවන් සමග සමීපව කටයුතු කළාය.

ඇය විසින් රචනා කරන ලදුව, 2012 වසරේදී පළ වූිසිරගු මුලයිත්ත පෙන්’ සහ 2015 වසරේදී පළ වූිඌව්ව’ යන කාව්‍ය සංග‍්‍රහයන් දෙකට මෙන්මිඋම්මත්’ නමින් 2014 වසරේදී පළ වූ ඇගේ ප‍්‍රථම නවකතාවට ද තමිල්නාඩුවේ ප‍්‍රගතිශීලී ලේඛක සහ කලා සංගමයෙන් සම්මාන පිරිනැමිණි.

‘පියාපත් වැඩුණු ගැහැනු’ යන අදහස සහිත ඇගේිසිරගු මුලයිත්ත පෙන්’ කාව්‍ය සංග‍්‍රහය පළ වීමෙන් පසුව, 2012 නොවැම්බර් 18 වැනිදා බී.බී.සී. ද්‍රවිඩ (BBC
Tamil) සේවය සමග ඇය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකින් පසුව ඇගේ ජීවිතය කණපිට පෙරැළිණි. කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබදව එම සම්මුඛ සාකච්ඡාවේදී අසන ලද ප‍්‍රශ්නයකට අවංකව පිළිතුරු දෙමින්, ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් ඔවුන්ට කිසියම් ආරක්ෂාවක් සැලසෙනු ඇතැයි ඇය කියා සිටියාය. ඇගේ එම ප‍්‍රකාශය මගින්, ඉස්ලාම් ආගමට අනුවිහරාම්’ හෙවත් තහනම් වෘත්තියක් ලෙස සැලකෙන ගණිකා වෘත්තිය පිළිගන්නා බවක් කියැවෙන්නේ යැයි කියමින් මූලධර්මවාදී කණ්ඩායම් හඩ නගන්නට වූහ. මේ සම්බන්ධයෙන් සමාව ගැනීමට සේයිද් එකග වූ නමුදු, මූලධර්මවාදී කණ්ඩායම් තරයේ කියා සිටියේ එම ප‍්‍රකාශය ඇය විසින් ඉල්ලා අස්කරගත යුතු බවය. එහෙත් ඇය එයට එකග වූයේ නැත.

ඇගේ එම ස්ථාවරය නිසා බරපතළ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත විය. ඇයත්, ඇගේ සොයුරියත් එක්ව පවත්වාගෙන ගිය ඉංගී‍්‍රසි අධ්‍යාපන ආයතනයකට පහර දී අලාභ හානි සිදු කළ මූලධර්මවාදී කණ්ඩායම් විසින් දිගින් දිගටම එල්ල කරන ලද බලපෑම් හේතු කොටගෙන ඇයටත්, ඇගේ පවුලේ සියලූ දෙනාටත් රටෙන් පිටවීමට සිදුවිය.
පසුගිය මාර්තු මාසයේදී පර්දාව නොමැතිව ඇය පෙනී සිටි ඡායාරූප කිහිපයක් මුහුණු පොතේ (Facebook) පළ වූ අතර, ඒවා ඉවත් කරගන්නැයි මූලධර්මවාදීන් විසින් ඇයට කරන ලද බලපෑම් ද ඇය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමෙන් පසුව, මූලධර්මවාදී මුස්ලිම් කණ්ඩායම් විසින් ඇගේ මරණය පිළිබද ප‍්‍රවෘත්තියක් ද සමග දූෂණය කර මරා දමන ලද’ ඇගේ සිරුර සේ පෙනෙන පරිගණක පොටෝෂොප් තාක්ෂණ යෙන් නිර්මාණය කළ පින්තූර ද ඇතැම් මාධ්‍ය ඔස්සේ පළ කර තිබිණි.
මේ සියල්ල මෙසේ සිදු වන අතර, ශී‍්‍ර ලංකාවේ මෙන්ම ඉන්දියාවේත් ඇයට සහාය පළ කිරීමට මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් පිරිස් සහ ලේඛක ලේඛිකාවන් පිරිසක් ද ඉදිරිපත්ව සිටිති.

The News Minute නමැති පුවත් සේවාව සමග පැවැති සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවකදී රටින් පිටුවහල්වීම, සිය බී.බී.සී සම්මුඛ සාකච්ඡාව සහ ප‍්‍රකාශන නිදහස ඇතුළු කරුණු පිළිබදව ඇය දැක්වූ අදහස් පෙළගැස්මකි මේ.

ඔබ උපන් රට හැර ගිහින් තිබෙනවා. නමුත් එයින් මේ ප‍්‍රශ්නයට කිසියම් හෝ විසදුමක් ලැබී තිබෙනවාද?

පුද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසියම් ආකාරයක සැනසිලි සහගත හැගීමක් නම් අපට දැනෙනවා. මට එරෙහිව දියත් කර තිබුණු ක්‍රෝධ සහගත පළිගැනීම් මාලාව විවිධ පැතිවලට පැතිරිලා යනවා කියලා හිතෙනකොට මට දැනුණු හැගීම වුණේ මම මගේ මුළු පවුලම ලොකු අර්බුදයකට දානවා කියන එකයි. ඒ වෙනකොට සාමාන්‍ය මුස්ලිම් ප‍්‍රජාව පවා මා වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. මම කියපු දේ වැරදි විදිහට වටහාගත්තු හුග දෙනෙක් කිව්වෙ මම ගණිකා වෘත්තිය හොද දෙයක් කියලා පිළිගන්නවයි කියලයි. හැබැයි මේ වෙනකොට ලෝකෙ පුරාම ජනතාව මගේ අවංක අදහස්වලට ගරු කරමින්, මගේ හඩ හරහා මතු වුණු කාන්තා ගැටලූ තේරුම් අරගෙන සිටීම ගැන මට සතුටුයි. ජීවිතය පිළිබද ඇති වුණු බිය නිසා රටෙන් පිටවෙන්න සිද්ධ වුණත්, ඒක වෙස් වළාගත්තු ආශීර් වාදයක් බවට පත් වෙලා තියෙනවා.

පර්දාව නැතිව ඔබ පෙනී සිටි ඡායාරූප මුහුණු පොතේ පළ කිරීම සම්බන්ධයෙන් ඔබට චෝදනා එල්ල වී තිබෙනවා. ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව අනවශ්‍ය තරමට දැඩියි හෝ සාම්ප‍්‍රදායිකයි කියා ඔබ සිතනවාද?

මම දන්න විදිහට නම්, අල්-කුරානයේ සුරා අන්නූරයේ 31 වැනි ගාථා පාඨය අනුව, බර්කාවක් අදින්න කියලා නියමයක් ඉස්ලාම් ආගමේ නැහැ. අවාසනාවකට වගේ පීතෘ මූලික සමාජයක ඉස්ලාම් ආගම කි‍්‍රයාත්මක වෙනකොට, සමහර පුද්ගලයො හෝ ඇතැම් කණ්ඩායම් කිහිපයක් මේක අර්බුදයක් හැටියට නිර්මාණය කරනවා. මුළු ලෝකෙ පුරාම විහිදිලා ඉන්න මුළු මහත් මුස්ලිම් ජනතාවම එකම අනන්‍යතාවක් යටතට ගේන්න ඉස්ලාමීය කණ්ඩායම් කිහිපයක් කටයුතු කරමින් සිටිනවා. ඒ අනුවයි මුළු ඇගම වැහෙන්න ඇදුමක් අදින්නයි, මුහුණු වැස්මක් පළදින්නයි බල කරන්නෙ. ශී‍්‍ර ලංකාවේ අරාබි පාසල්වල පවා මේක කි‍්‍රයාත්මක කෙරෙනවා. ඉස්ලාම් ආගම කිසියම් ඇදුමක් හෝ කිසිම ආකාරයක අනන්‍යතාවක් මත පදනම් වෙච්ච ආගමක් නෙවෙයි. ඉස්ලාම් ආගමට පදනම් වෙන්නේ ඉමාන් කියන සංකල්පයයි. ඒකෙන් කියැවෙන්නෙ කිසිම කෙනෙක් විසින් තවත් කෙනෙකුට කිසිම දෙයක් සම්බන්ධයෙන් බලපෑම් කරන්න බැහැයි කියන එකයි.

වසර තුනක් තිස්සේ ඇදී යන මේ ප‍්‍රශ්නය ඇති වුණේ බී.බී.සී සේවයේ සම්මුඛ සාකච්ඡාව සහ ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් ඔබ දැක්වූ අදහස් නිසාම පමණක්ද?

මම නම් එහෙම හිතන්නෙ නැහැ. ඒකත් එක හේතුවක් තමයි. කාන්තාවන්ට ස්වාධීනව කටයුතු කරන්න පීතෘමූලික සමාජයක් ඉඩ දෙන්නේ නැහැ. මගේ අදහස්වලින් කාන්තාවන්ගේ නිදහස ගැන සංඥා නිකුත් කෙරුණු නිසා තමයි ඒ අදහස් සමාජයේ උදහසට ලක් වුණේ. ඒකෙන් මාව දෝෂ දර්ශනයට ලක් වුණා. ඔවුන් මං ගැන විමසිල්ලෙන් බලන්න පටන්ගත්තා. මගේ ස්වාධීනත්වය, මගේ නිදහස, මම කතා කරන දේවල්, මම ලියන දේවල්, මම අදින ඇදුම සහ මම ජීවත් වෙන විදිහ කියන මේ හැමදෙයක්ම ඔවුන්ගේ කැමැත්තට අනුව සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඉතින් ඔවුන්ට ඕන වුණා මාව නැති කරලා දාන්න…

ගණිකා වෘත්තිය පිළිබදව ඔබේ අදහස කුමක්ද? එය නීතිගත කිරීමෙන් යහපතක් වෙයි කියා ඔබ සිතන්නේ ඇයි?

යුද්ධයේ බලපෑමට හසුවූ ප‍්‍රදේශවල කාන්තාවන්ගේ ජීවිත හා බැදුණු සැබෑ යථාර්ථයන් සම්බන්ධයෙන් සිදු කළ මගේ පර්යේෂණ අනුවයි මම අදහස් පළ කළේ. උතුරු නැගෙනහිර පළාත්වල ගම්මාන රාශියකට මම ගියා. පවතින තත්ත්වයන් යටතේ ගණිකා වෘත්තියට බලෙන් තල්ලූ කරනු ලබන කාන්තාවන් වගේම බාල වයස්කාර ළමයින් පවා මට හමු වුණා. ලිංගික සේවය නීතිගත කිරීම මගින් බලහත්කාරයෙන් ලිංගික වහල් සේවයට පිරිස් යෙදවීම නවත්වන අතරම, අමානුෂික කි‍්‍රයා කලාපයන්ට එරෙහිව කටයුතු කිරීම සදහා පියවර ගැනීම සදහා කාන්තාවන්ට සහාය ලබා දිය හැකියි. කාන්තාවන් සම්බන්ධයෙන් සිදු වන අපරාධ සහ ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඒ මගින් අඩු කරගන්න පුළුවන් වෙයි. පවතින තත්ත්වයන් නිසාම කාන්තාවන් ගණිකා වෘත්තියට ඇදී යෑමත් ඒ මගින් වළක්වාගන්න පුළුවන් වෙයි. ගණිකා වෘත්තිය නීතිගත කරපු රටවල් දිහා බැලූවාම පේනවා ඒකෙන් කාන්තාවන්ගේ සුභසිද්ධිය, අපරාධ අනුපාතය පහළ යෑම සහ එයින් සමාජයට ඇති වී තිබෙන බලපෑම මොන වගේද කියලා. අන්න ඒ නිසායි මම කිව්වෙ පූර්ණ වශයෙන් පරිණත ධනවාදී රටක් වන ශී‍්‍ර ලංකාවටත් ඔය කාරණය සම්බන්ධයෙන් ගැටලූවක් තිබිය යුතු නැහැයි කියලා.

‘උම්මත්’ නමැති ඔබේ නවකතාවෙන් කියැවෙන්නේ ශී‍්‍ර ලංකාවේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ප‍්‍රජාව තලෙයිබාන්කරණය වීම ගැනයි. අද ඒ සම්බන්ධයෙන් පවතින තත්ත්වය ගැන යමක් අපට කියන්න පුළුවන්ද?

‘උම්මත්’ නවකතාවෙන් කිසිසේත්ම තලෙයිබානු කරණයක් ගැන කියැවෙන්නේ නැහැ. ඒක පොත ලියපු කතුවරියට අපහාස කිරීමේ අරමුණ ඇතිව, නවකතාව විකෘති කරලා අදහස් පළ කරන අය පතුරන දුර්මතයක්. ඇත්තටමිඋම්මත්’ නවකතාවෙන් කියැවෙන්නේ ශී‍්‍ර ලංකාවේ සිවිල් යුද්ධය අත්විදිමින් ජීවත් වූ, වාර්ගික සහ ආගමික වශයෙන් සුළුතරයට අයත් කාන්තාවන්ගේ ඛේදවාචකය ගැනයි. මේ නවකතාව සදහා මම තලෙයිබානුකරණය කියන වචනය යොදාගත්තේ පහසුවෙන් තේරුම්ගත හැකි උදාහරණයක් විදිහටයි. ඇතැම් ආගමික අන්තවාදී සංවිධාන ආගමික නිදහස සීමා කිරීමට පසුබිම සැකසෙන ආකාරයේ මතවාද පතුරුවමින් සිටිනවා. ඉස්ලාම් ධර්මය සම්බන්ධයෙන් ඔවුන් පළ කරන මතවාද සමස්ත මුස්ලිම් ප‍්‍රජාව විසින්ම අනුගමනය කළ යුතු යැයි විශ්වාස කරන මුස්ලිම් කල්ලි ප‍්‍රමාණයත්් ක‍්‍රමයෙන් වැඩි වෙමින් සිටිනවා. ඒ මතවාදවලට පටහැනි අදහස් දරණ අයව හෙළා දකින යම් ක‍්‍රමවේදයකුත් කි‍්‍රයාත්මක වෙනවා. ඒක තරමක් දුරට තලෙයිබාන්වරු කරන දේටත් සමානයි.

රාවය  - 
අජිත් නිශාන්ත

ajith_vithana@yahoo.com

කුමාරි අක්කාගේ ඛේදවාචකය

 https://www.youtube.com/c/LankaJournalist
මේ සමාජය දැන් කුණු වී ඕජස් ගලන තුවාලයකි .
වැගිරෙන දුගඳ ඕජස් රස බලන , මැස්සන් කැලක් බවට මහා ජනයා පත්ව සිටී .
කුවේට් හී කුමාරි අසරණ කාන්තාවකි . ජීවිත කාලයක් තිස්සේ ඇය විඳ ඇති කටොර අත්දැකීම් විසින් මානසික පීඩනයකට ලක්ව
සිටින්නියකි .
ඇයට ගීත ගායනය කිරීමට නොහැකි වුවත් රිසි සේ හඬ නැගීමෙන් ඇගේ දුක නිවා ගනිමින් සිටියාය .
මිනිසුන් සමච්චලයට නගන ඝෝෂාව ප්‍රීති ඝෝෂාවක් සේ වරදවා වටහා ගත් ඇය ඉන් ප්‍රමෝදයට පත්ව ඉවක් බවක් නැතිව කෑ ගසන්නට පටන් ගති .
ඇගේ නොසරුප් වදන් වලින් සහ මුග්ධ ප්‍රකාශ වලින් කුණු රසයක් ලැබූ ඇතැමෙක් ඇයව උසි ගන්වමින් විනෝදයක් ලබන්නට පටන් ගත්තාය ,
ඒ සමගම සමාජයේ ඇතැම් දෙනෙකුගෙන් ඈ වෙත අනුකම්පාවක්ද හිමි විය . එය ඇයට මහඟු අස්වැසිල්ලක් විය .
ජනප්‍රසිද්ධිය ඈ වෙත හිමිවනු දුටු බොහෝ අවධානය දිනා ගැනීමට කැමති පිරිස් ඈ දඩ මීමා කොට ගෙන ප්‍රචාරයක් ලබා ගැනීමට පෙළඹුණි .
දැන් ඇය සමාජයට විහිලු සපයන විකාර රූපී මෙවලමකි .
ඇගේ ගීත අසා වින්දනයක් ලබන්නට නොහැකි හෙයින් බහුතරය විනෝදයක් ලබති .
සුළු ගණනක් දී කුමාරි අක්කා ගෙන්වා පෙන්වා එයින් ආතල් ගැනීමට බොහෝ දෙනා පුරුදුව ඇත .
සත්‍යයකි , නොබෝ දිනකින් ඇය මැතිවරණ වේදිකාවේ දැකිය හැකි වනු ඇත .
අම්බරු චන්ද දායකයන් වෙසෙන රටක ඔවුන් ගෙන්වා ගැනීමට තකතීරු දේශපාලකයින් ඈ භාවිත කිරීම තේරුම් ගත හැකිය .
එහෙත් ඇතැම් කළා කරුවන් ඇගෙන් ආතල් ගැනීම පිළිකුල් සහගතය .
පොඩි ඇවිස්සීමකින් අනතුරුව ඇගෙන් පිටවන ඉවක් බවක් නැති වදන් වලින් කුණු රසය ගලා යයි .
සමාජය ඒ දෙස බලා සිටින්නේ ටික කාලයකි . අනතුරුව මේ අහිංසක ගැහැණිය නුදුරු දිනයක දී කෙසෙල් ලෙල්ලක් මෙන් විසි කර දැමෙනු ඇත .
මේ නූගත් , අසරණ ගැහැණියගෙන් ආතල් ගැනීම දැනුම් තේරුම් ඇති මිනිසුන් ලෙස දැන්වත් නැවැත්විය යුතුය .
අතීතයේ ගම් වල , මානසික රෝගී ගැහැණුන් ගේ රෙදි කොණෙන් ඇද , ඔවුන් අවුස්සා කුණුහරප වැලක් අසා ගෙන විනෝද වූ නසරානි කොලු කුරුට්ටන්ගේ තත්වයට මුළු සමාජයම පත්ව සිටී .
likes සහ views මිනුම් දණ්ඩ ලෙස ගත්විට ඕනෑම කුණුගොඩක් සඳහා වටිනාකමක් ඇතිවේ .
හරය හෝ ඉහල රස වින්දනය තව දුරටත් නිර්නායකයන් බවට පත් නොවේ .
මේ පහත් රුචිකත්වය ඕපපාතික නොවේ . කලකට පෙර රියැලිටි වැඩසටහනකට පැමිණි අසරණ මන්ද මානසික තරග කරුවන් අවුස්සා ඔවුන්ගෙන් පිටවන නොසරුප් කථා සමාජයට මුදා හළ බවත් , ඒවායේ කුණු රසය සමාජගත වූ බවත් අපට මතකය .
ඊ ලඟට කුවේට් හී දිළිඳු , පීඩිත කාන්තාවක් දුරකථනයෙන් කියන කුණුහරුප රස විඳීමට මේ සමාජයට හැකි විය . එවැනි දේ සොයමින් සමාජගත කරණ අන්දමේ අවජාතක මානසිකත්වයක් බෝවී යමින් පවතී .
මෙහෙම ගියහොත් , වේදිකාව මත වීදුරු වැසිකිළියක් තනවා විවිධ කෝණ වලින් රු ගතකරමින් මළපහ කරන වේගය අනුව ජයග්‍රාහකයා තෝරණ රියැලිටි තරග වැඩි ඈතක නොවේ !

ඔබේ දරුවන් හැදෙන වැඩෙන සමාජයේ යතාර්ථය බෙහෙවින් පිළිකුල් සහගතය .
අපේ සමාජය අනුගමනය කරණ පුරුෂාර්ථ ලොව ම්ලේච්චම ශිෂ්ඨාචාරයක් ඇති ගෝත්‍රික සමාජයකටත් වඩා අන්ත පහත් තත්වයට පත් වී ඇත .
මේ ව්‍යසනයෙන් ජාතිය බේරා ගැනීමට දැඩි නීති රීති පද්ධතියක් සකසා සමාජය සහ මාධ්‍යය ආරක්ෂා කර ගත යුතුය .
විද්වතුන් ඉදිරියට පැමිණිය යුතුය .

නාරද විජයසූරිය  ෙෆ්ස්බුක් සටහනක්







ඔහු මුස්ලිම් ජාතිකයෙක් ශ්‍රී ලංකිකයෙක් නායකයෙක්.......මොහොතක් නැවතී ඔහුගේ හඩට සවන් දෙන්න

 https://www.youtube.com/watch?v=b7iSE4GPIHU

තුවක්කුකරුවනට බිළිවූ පේ‍්‍රමකීර්ති

 https://www.youtube.com/c/LankaJournalist
කට ගීත රචකයකු කවියකු මෙන්ම ප්‍රවීණ ජනමාධ්‍යවේදියකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් 1989 ජුලි 31 වැනිදා රාත්‍රියේ හෝමාගම කටුවානේදී සාහසිකයන්ගේ වෙඩි පහරට ලක්ව මිය ගියේය.

එවකට පැවැති භීෂණය හමුවේ ප්‍රේමකීර්තිට මරු කැඳවන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ කීප දෙනකු විසින් යැයි චෝදනා කෙරිණි. එහෙත් අධිකරණය ඉදිරියේ නඩුව විභාග වූයේ සමන් ප්‍රියංකර ගමගේ නමැති තරුණයා පිළිබඳව පමණි.

ඔහු 1989 ජුලි 31 වැනිදා මිලින්ද, ලක්ෂ්මන්, වික්‍රම සහ පැමිණිල්ල නම නොදත් අන් අය සමග එක්ව ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය කරන ලදැයි යනුවෙන් හදිසි නීති රෙගුලාසි යටතේ චෝදනා ලැබ සිටි්යහ.

1994 මාර්තු 18 වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ධර්මදාස ජයවික්‍රම මහතා විත්තිකරු වරදකරු යැයි තීරණය කරමින් ඔහුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

‘ආදරයේ උල්පත වූ අම්මා

මා ඔබගේ පුතු වූ

ඔබ මතු බුදු වන දවසේ

මා රාහුල කුමරුන් සේ

සෙවණ පතා අද මෙන්

පැමිණෙන්නෙමි

සුළැඟිල්ලේ එල්ලී . . . .

මෙවන් ගී රචනා කරමින් සුවහසක් ශ්‍රාවක හදවත් අමන්දානන්දයට පත් කළ ප්‍රේමකීර්ති අකාලයේ මිය නොගියා නම් අදටත් මේ දේශයට කලා ලොවට ඔහුගෙන් සිදු වන්නා වූ මෙහෙය මිල කළ නොහැකි වනු ඇත.

එහෙත් අවිගත් කුරිරු මිනිසුන්ට එම කලාකරුවාගේ වටිනාකම තේරුම් ගියේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ කිසිදු පදනමක් නොමැති චෝදනාවක් මත එම උතුම් මිනිස් ජීවිතය විනාශ කර දැමීම පමණි.
පූර්ණ පුතු හැමදාමත් පාසල් ගියේ තාත්තගේ
මේ ඡායාරූපයට වැඳ නමස්කාර කරලයි




1989 කාල පරිච්ඡේදය මේ රටේ සිය දහස් ගණනින් මිනිස් ජීවිත විනාශයට පත්වූ කාලයකි. එවකට පැවැති රජයත් ප්‍රචණ්ඩකාරී පිරිස් අතරත් පැවැතියේ දැඩි වෛරයකි. පවතින ආණ්ඩුව බිඳ දමා වෙනත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ප්‍රචණ්ඩකාරී තරුණයෝ සටන්කළහ.

මේ සටනේ ප්‍රතිඵලය වූයේ අහිංසක තරුණ ජීවිත තැන් තැන්වල මරා දමා ටයර් සෑ වල ගිනි ගැනීමයි. ප්‍රභූවරු මැති ඇමැතිවරු කලාකරුවෝ ඇතුළු පිරිස් මෙන්ම තරුණ ප්‍රචණ්ඩකාරීන්ට එරෙහිව කතා කරන වැඩි දෙනෙක් වෙඩි උණ්ඩයට බිලි වූහ.

පේ‍්‍රමකීර්ති ද අල්විස් නමැති උතුම් ගත්කරු කලාකරුවාට ද මෙලෙස වෙඩි උණ්ඩයකට බිලිවීමට සිදුවූ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.

1989 ජුලි 31 වැනිදා රාත්‍රියේ පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතා තම බිරිය නිර්මලා සහ පුංචි පුතු සමග හෝමාගම පිහිටි නිවසේ රූපවාහිනිය නරඹමින් සිටියහ.

ඒ අවස්ථාවේ නිවසේ පිටුපස දොරෙන් ඇතුළු වූ අවිගත් කණ්ඩායමක් මරණීය තර්ජන එල්ල කර නිවසේ සිටි සෙසු පිරිස කාමරයකට දමා පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතා නිවසින් පිටතට කැඳවාගෙන ගිය බව පැවසේ.

ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඔවුන් සමග නිවසින් පිටතට ගියේ කිසිදු කතා බහක් නොමැතිවය. ඇතැම් විට ඔවුන් තමාට යම් අපරාධයක් සිදු නොකරනු ඇතැයි ඔහු සිතන්නට ඇත.

ගන අඳුරේ හෝමාගම කටුවාන හන්දිය ආසන්නයට ගිය අවිගත් කණ්ඩායම එතැන නැවතී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට චෝදනාවක් එල්ල කළේය. එය ඔවුන්ගේ පෙරමුණ විසින්ම සාදා ගනු ලැබූ චෝදනාවකි.

එම පෙරමුණට එරෙහිව කතා කිරීම ඔවුන්ගේ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම පවතින ආණ්ඩුවට සහාය දැක්වීම ඇතුළු බොහෝ චෝදනා ඔවුහු එල්ල කළහ. ප්‍රේමකීර්ති අල්විස් මහතාගෙන් එම චෝදනාවට වැරදිකරු බව පිළිගන්නේ දැයි ද ඔවුහු විමසා සිටියහ.

එහෙත් ප්‍රේම කීර්ති මහතා නිහඬව අඳුරේ බලා සිටියා මිස පිළිතුරු දුන්නේ නැත. තවත් මොහොතක් හෝ බලා නොසිට සිත් පිත් නැති අවි ගත්තෝ පේ‍්‍රමකීර්ති අල්විස් නමැති ඒ උතුම් මිනිසාගේ ළය පසාරු කරගෙන යන පරිදි වෙඩි පහර කීපයක් එල්ල කර එතැනම මරා දමා පලා ගියහ.

ප්‍රේමකීර්ති අල්විස් මහතා මරා දමා ගිය ආරංචිය පසු දින රට පුරා පැතිර ගියේ මුළු රටක්ම කම්පාවට පත් කරවමිනි. රටක ජනතාවගේ සිත් සතන් නිවා සනසාලන්නට ගී පදවැල් ලියූ ඒ කලාකරුවාට මරණීය දණ්ඩනය නියම කිරීමට ඔහු කළ අපරාධය කුමක්දැයි අද වන තෙක්ම මේ රටේ ජනතාවට ගැටලුවකි.

ඒ 1994 ජූලි මස 31 වැනිදා ය. වේලාව රාත්‍රී අට පසුවී ඇත. අඳුරු සේයා අතරින් මතු වූ සිව්දෙනෙක් පිටුපස දොරින් නිවෙසට ඇතුළු වූහ. කළු මුහුණු ආවරණ සහිතව සිටි ඔවුන් අත වූයේ ගිනි අවිය.

‘කෝ...ප්‍රේමකීර්ති..”

ඔවුහු සාලයට ආහ.

‘ඇයි මල්ලියේ..”

‘අපි යන්න එපා කියද්දිත් මෙයා දවස් තුනක් වැඩට ගිහින් තියෙනවා... අපි නොකා නොබී රට වෙනුවෙන් වැඩ කරනවා... මේ අය ආණ්ඩුවට කත් අදිනවා...” එතැන සිටි

ප්‍රේම් මිය යන කොට පූර්ණ පුතා හරිම පුංචියි


එකෙක් කීය.

‘අපි මෙයාට සුළු දඬුවමක් දෙන්න තීරණය කරලා තියෙන්නේ...”

‘ඔයා මරන්න තරම් වරදක් කරල නැහැ. හැබැයි අපට ඔයා එක උදව්වක් කරන්න ඕනෑ... රැකියාවට ගියාට දඬුවම කියලා බෝඩ් එකක් තියාගෙන හෝමාගම හන්දියේ පැය විසිහතරක් ඉන්න ඕනෑ..” මරණය හමුවේ මෙය විහිළුවක්දැයි ප්‍රේමකීර්ති ට සිතෙන්නට ඇත.

‘දැන් දොරවල් වහලා ඉක්මනට යමු..”

ප්‍රේමකීර්ති නිවෙසින් එළියට බැස්සේ සියල්ලන්ගේම මුහුණු බලාය. ඒ ඔහුගේ අවසන් බැල්ම යැයි කිසිවෙක් නොසිතූහ.

ඝාතකයන් සමඟ ප්‍රේමකීර්ති පිටත්වූයේ රාත්‍රී 8.40 ටය.

‘මාව මරන්න එපා. ඕන දඬුවමක් දෙන්න පැය 24ක් නෙමේ මුළු මාසයක් පුරාම මම බෝඩ් ලෑල්ල අල්ල ගෙන ඉන්නම්...”

මරණය පිළිබඳ සැකයේ අන්තිම ඉඟිය දැනුණු ප්‍රේමකීර්ති වෙඩි උණ්ඩයට කලින් කීවේ ය. ඒ සමඟම ප්‍රේමකීර්ති ගේ ගමන ඉක්මන් විය.

හරියටම රාත්‍රී 9.21 ට ඈත රබර් මණ්ඩියෙන් නැඟුණු වෙඩි හඬ තුනක් ගුවන සිසාරා ගියේ ය.

ප්‍රේමකීර්ති ද අලිවිස් මහතා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලැබී තිබුණේ එවකට හෝමාගම ප්‍රදේශයේ එක්තරා දේශපාලන පක්ෂයක සන්නද්ධ අංශ නායකයා ඇතුළු පිරිසකටය. එම නායකයා ගෙන්වා පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව බාර දී තිබුණි.

එම ඉලක්කය සම්පූර්ණ කිරීම සඳහා ඝාතන කල්ලිය දින කීපයක් පුරා සැලසුම් සකස් කර තිබිණි. මුලින්ම යතුරු පැදියක ගමන් කළ ඔවුන් ප්‍රේමකීර්ති අල්විස් මහතාගේ නිවසට යන පාර අසා දැනගෙන තිබුණේ මහලු කාන්තාවකගෙනි.

ප්‍රේම් ප්‍රීතියෙන් උද්දාමයට පත්ව පුතු සහ නිර්මලා සමඟ
ඒ අනුව සැලසුම දියත් කළේ 1989 ජුලි 31 වැනිදා රාත්‍රියේදීය. එදින ඔවුන් රාත්‍රී දහයට පමණ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ නිවසට ඇතුළු වූයේ නිවස ඉදිරිපිටින් වැටී ඇති නීත්‍යානුකූල පාරෙන් නොව නිවසට පිටුපසින් ඇති කැලෑ පාරක් හරහා යමිනි.

ඔවුන් ගේ පිටුපස සිට බලන විට ප්‍රේමකීර්ති ද අල්විස් මහතා බිරිය පුතු ඇතුළු පිරිස රූපවාහිනිය බලමින් සිටියහ.

ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කළ ද එම ඝාතනය සිදු කළ අපරාධකරුවන් සොයා ගැනීම එතරම් පහසු නොවීය.



එහෙත් ඔත්තුකරුවකු දුන් තොරතුරු මත එවකට හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි රොහාන් ප්‍රනාන්දු මහතා ප්‍රේමකීර්ති ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත් අඩංගුවට ගත්තේය. එම සැකකරු අනතුරුව ඝාතනය සම්බන්ධ බොහෝ තොරතුරු පාපොච්ඡාරණය කර තිබිණි.

එවකට එම ප්‍රදේශය බාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී අනුර සේනානායක මහතා ඝාතනයට සම්බන්ධ සියලු තොරතුරු අගමුල ඇතිව සොයා ගත්තේය.

සැකකරු එම පාපොච්ඡාරණය කර තිබුණේ සිය කැමැත්තෙන් බව පසුව මහාධිකරණය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ හෙළිදරව් විය.

එවකට කොළඹ මහාධිකරණ විනිසකරු ඩී. ජයවික්‍රම මහතා ඉදිරියේ නඩුව විභාග විය.

හෝමාගම සමන් ප්‍රියංකර එහිදී චෝදනා ලැබ සිටියේය. මාස ගණනාවක් පුරා පැවැති නඩු විභාගයෙන් පසු විත්තිකරු වරදකරු යැයි නිගමනය කොට දඬුවම් නියම කෙරිණි. එම තීන්දුවේ මෙසේ සඳහන් වෙයි.

නඩුවේ සඳහන් කරුණු සියල්ල සැලකීමට ගැනීමේදී විත්තිකරුට එරෙහිව ඇති චෝදනාව විත්තිකරු විසින් කර ඇති පාපොච්ඡාරණයේ සඳහන්ව ඇති කරුණුවලින්ම

ප්‍රේමකීර්ති ද අල්විස් තම පුතු පූර්ණ සමඟ 
මර්සලින් ජයකොඩි පියතුමා හමු වූ මොහොතක්


තහවුරු වී ඇති බව තීරණය කරයි යනුවෙනි.

තවද විත්තිිකරුට එරෙහිව ඇති චෝදනාව සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බව තීරණය කරයි. ඒ අනුව විත්තිකරුට එරෙහිව ඇති චෝදනාවට ඔහු වරදකරු කරමි යනුවෙන් විනිශ්චයකාරවරයාගේ තීන්දුවේ සඳහන් වෙයි.

අනතුරුව විත්තිකරුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමින් විනිසුරු මෙසේ ද පැවසීය.

‘විත්තිකරු සම්බන්ධව විත්තියේ නීතිඥවරයා කියන ලද සියලුම කරුණු සැලකිල්ලට ගත්තා වූවත් මෙම අධිකරණයට නීතිය අනුව නියම කිරීමට ඇති දඬුවම් ඇත්තේ 2 ක් පමණි.

එනම් මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් යන දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමයි.

එයින් මරණ දඬුවම නියම කළා වූවත් එය ද දැනට ක්‍රියාත්මක නොවන දඬුවමකි. එබැවින් හදිසි නීති රෙගුලාසි යටතේ 24 (1) ‘අ’ වගන්තියේ නියමිත පරිදි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමි’ යනුවෙනි.

මෙසේ දඬුවම් ලැබූ සමන් ප්‍රියංකර ගමගේ තමා කළ වරදට වැලිකඩ සිර ගෙදර දඬුවම් විඳිමින් සිටියි.

ප්‍රේමකීර්ති එදා කළ කීදෑ මෙලෙස පොලීසිය හමුවේ කී සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩු විභාගයෙන් පසු ජීවිතාන්තය දක්වා සිපිරිගෙයට නියමවිය.

විජයානි එදිරිසිංහ

ධම්මික පෙරේරා බබාගේ කුණු ගොඩේ සම්පූර්ණ කතාව

 https://www.youtube.com/watch?v=zZLmA0bipqw

දෘශ්‍යමය ස්‌වප්නය සහ 'ඩාලි' ගේ සෞන්දර්ය රසඥතාව - [උදේෂිණි කුමාරි දයාරත්න]

ජීවිතය රසයකි. ජීවිතය රසයෙන් පිරුණු කලාවකි. කලාව ජීවිතයකි. කලාව ජීවිතයෙන් පිරුණු රසයකි. කලාව පිරුණු ජීවිතය රසවත්ය. කලාවෙන් ජීවිතය පුරවාගත් හදවත රසවත්ය. ලොවක්‌ රසවත් වන්නේ එවන් හදවත්වලිනි. ලොවක සුන්දරත්වය රැඳෙන්නේ එවන් හදවත්වලය. කලාව ජීවිතය බවට ඌනණය වෙමින් පවත්නා මොහොතක කලාවේ වටිනාකම අති මහත්ය. ජීවිතය පිළිබඳ පවසන, ජීවිතය පිළිබඳ කියාදෙන කලාව සතු අගය කිරීම් ඉමහත්ය. කලා කෘතියක්‌ අප අපගේ හැඟීම් නවතිනුයේ එනිසාය. දෑස ඉවතට ගැනීම අමතකව යන්නේ එනිසාය. කලා කෘතිය තුළ ජීවත් වූයේ අපේම ජීවිතය නිසාය. කලා කෘතියෙහි හැඟීමට අපට අවනත වීමට සිදුවේ. වර්ණ, රේඛාවලින් සැදි ජීවිතය සමීපයෙහි අපට නවතින්නට සිදුවේ.

ජීවිතයෙහි නොවක්‌ සුන්දරත්වයන් උකහා ගනිමින් නිර්මිත සිතුවම කලාවේ වර්ණවත් ජයග්රයහණයකි. සකල කලා පරාජය කිරීමේ සෞන්දර්යාත්මක පිරිපුන් බව දෘශ්යය කලාව සතුව පවත්නා හෙයිනි. නිර්මාණකරුගේ සිතැඟි කැන්වසයෙහි එක්‌තැන් වුවද දැනෙන රසවත් බවේ හිමිකම නිර්මාණකරුට පැවරිය නොහැකිය. රසය අනන්ය ය. වචන දහසකින් වුව විස්‌තර කළ නොහැකි රසය, රසවත් බවක්‌ම පමණකි. යුග යුග පරයමින් වෙනස්‌ ලකුණු දරමින් නිර්මිත සෑම දෘශ්ය්මය පතයක්‌ම එකී රසවත් බවට රසවත් බවක්‌ එකතු කර ඇත. යථා ලෝකයෙහි සංස්‌පර්ශය ලබන රසයකට වඩා කිසිදා නොදත් රසවත් බවක වෙළෙන්නට රසික සිත් නොතිත්ව ප්රි ය කරති. අමුත්ත නැවුම්ය. අමුත්ත පුදුම සහගතය. අමුත්ත රසවත්ය. සත්යද ජීවිතය හා සාම්යි නොවන පැවැත්ම ආශ්චර්යකි. තත්ය් ජීවිතයෙන් දූරස්‌ථත රසයක්‌ සොයන අධිතත්යඅ පථය මෙහිලා වෙසෙස්‌ වන්නේ එහෙයිනි. කාව්යාතත්මක ලෙස රූපකාත්මක බස්‌ වහරින් ජීවිතය පිළිබඳ ඉඟි කරන එය සෞන්දර්යාත්මක ප්රයහර්ෂයේ තෝතැන්නයි.

නූතනවාදී සලකුණු සමඟින් සංඥාර්ථවේදී එළඹුමකට පත් වූ දෘශ්යථ කලාව සෞන්දර්ය පිළිබඳ අධියථාර්ථවාදී ප්රඅවේශයකට එකතු විය. ධනේශ්වර සමාජ ක්ර‌මයෙහි පවත්නා සංස්‌කෘතියට අභියෝග කරමින්, කැන්වසය මත ගැඹුරු විශ්ව රූපීභාවයක්‌ චිත්රාගත කිරීමෙහිලා අධියථාර්ථවාදී ශිල්පියා පෙර නොවූ විරූ තේමා, රේඛා හා වර්ණ අමුතු ආකාරයෙන් හැසිරවීය. 'ආන්ද්රේ බ්රිගටොන්'ගේ (Andre Breton | 1896-1966) මූලිකත්වයෙන් ගොඩනැගුණු මෙකී නව දෘශ්ය, ප්රහවේශය, සහජාශය, අවිඥානය, ස්‌වප්නය කලාවට කැඳවා ගනිමින් මනෝවිද්යා ත්මක ප්රBවේශයකින් සෞන්දර්ය වර්ණනා කළේය. පියවි ලෝකයෙහි ජීවය සදිසි මිනිසුන් වෙනුවට අද්භූත ජීවීන් සොයමින් අද්භූත ලෝකයක්‌ වටා ගිය අධියථාර්ථවාදී ශිල්පීහු, විස්‌මිත් ජීවයක්‌ දුටු සැණින් එය තම කැන්වසයෙහි චිත්රජණය කළහ. 'සැල්වඩෝර් ඩාලි' (Salvador Dali | 1904-1989), 'රෙනේ මැග්රිnට්‌' (Rene Margritte 1898-1967), 'ජෝජියෝ චිරිකෝ' (Giorgio de Chirico |1888-1978), 'පෝල් ඩෙල්වෝ' (Paul Delvaux |1897-1994) ආදී ශිල්පීන් අතරඩාලි වෙසෙස්‌ කොට සැලකිය හැකි අයෙකි.


සැල්වඩෝර් ඩාලි (1904-1989)

තාත්වික ලෝකයෙහි පවත්නා සියල් සංස්‌කෘතික පුරුෂාර්ථ පසෙකලා යථාර්ථය හා ස්‌වප්නය යා කරමින් චිත්රරය හැසිර වූ'සැල්වඩෝර් ඩාලි', අධියථාර්ථවාදයේ ගැඹුරු විශ්ව රූපීභාවයක්‌ සාක්ෂාකත් කරගත් ලෝක ප්රලකට චිත්රෘ ශිල්පියෙකි.'ආන්ද්රෙ9 බ්රිාටොන්' හඳුන්වා දුන් අධියථාර්ථවාදී ප්රිවේශයෙහි ගමන් කරමින්, මුදල මත පදනම්වත්ම ධනේශ්වර පුද්ගල මානුෂිකත්වය විනාශ වන අයුරු නිරූපණය කළ ඔහු කලාවේ මෙතෙක්‌ පැවති සුසමාදර්ශ විනාශ කරමින් තාත්වික ලෝකයෙහි දර්ශනයන්ගෙන් සපුරා වියුක්‌ත වූ කාල්පනික ලෝකයක්‌ කැන්වසයෙහි රැඳවීය. ලොව පුරා රටවල් සමාජවාදී දේශපාලන උණුසුම වැළඳගනිමින් සිටි වකවානුවක ධනවාදී අර්ථ ක්රකමයෙහි සමාජ ප්රපතිරෝධයන්ට එරෙහි වූ ඔහු, චිත්රවය මතු නොව ඡායාරූප ශිල්පය, මූර්ති ශිල්පය, ලේඛන කලාව හා සිනමාව විෂයෙහිද අධියථාර්ථවාදී විය. අසාධ්යෝ ආත්ම කේන්ද්රීපයතාවයෙන් යුතු වුවත් 'ඩාලි'ගේ සිතුවම් කාව්යොමය පරිකල්පනාවන් හුවා දැක්‌වීමේ නිසග බලයකින් සමන්විත විය. අප ජීවත්වන සමාජය කෙරෙහි සිතැඟි පවත්නා නුරුස්‌සන ස්‌වභාවය සෞන්දර්යාත්මක ප්ර වේශයකින් කැන්වසය මත කැටි කර ඇති හෙයිනි. සමස්‌ත පඨිතයෙන් වචන දහසකින් විස්‌තර කළ නොහැකි තරම් වන සංකීර්ණ අදහසක්‌ නිර්මාණාත්මකව නිමහම් කිරීමට 'ඩාලි' සතු ප්රැතිභාව විශිෂ්ටය. ඔහුට අනන්යා සංඥාර්ථවේදී එළඹුමෙන් වුව බහු පාඨන ස්‌වරූපයක්‌ දෘශ්යිමය පඨිතයට එකතු කිරීමට සමර්ථ වූ හෙයිනි.


'ඩාලි'ගේ චිත්රක සිහින ආකෘතිවලට බෙහෙවින් සමානය. සිහිනයක පිළිබිඹු වන චෛතසික තත්ත්වය ඔහුගේ චිත්රේයෙන්ද මැනවින් විශද වන හෙයිනි. කලාත්මකව හෝ දේශපාලනිකව හෝ යථා ලෝකයෙහි දෘශ්යමමාන ස්‌වරූපය මහත් කොට නොසැලකූ ඔහු, අවිඥානික බලවේගයන්ට පණ පොවා එයින් යථා ලෝකයෙහි දෘශ්යුමානය අතික්රිමණය කළේය. ඔහුගේ නිර්මාණාත්මක බලවේගය වූ ස්‌වප්නය එම කාර්යට සහාය වුණු අතර එමගින් විශ්වීය සත්ය යක්‌ පිළිබ`ද දෘශ්යකමය පෙරළියක්‌ සිදු කිරීමට ඔහු සිය ප්රටතිභාව මෙහෙයවීය. 'The Persistence of Memory (1931) යනු'ඩාලි' එලෙස නිර්මාණය කළ අස්‌වාභාවික, අද්භූත ස්‌වප්නමය නිර්මාණයකි. ඔරලෝසු මුහුණතක්‌ තෙත තුවායක්‌ මෙන් මියගිය ගසක අත්තක වනා ඇත. තවෙකක්‌ අප්රාෘණික වූ මාළුවෙක්‌ මත වැගිරී ඇත. අනෙක්‌ දුර්වල ඔරලෝසුව කුහුඹුවන් විසින් ගිජු ලෙස කා දමනු පෙනේ. ඔරලෝසුවල දියවීම සටහන් කරන 'ඩාලි', ඔරලෝසුවෙන් මනිනු ලබන කාලය හා මනුෂ්යt සන්තානගත මතකය අතර තත්පර - විනාඩි - පැය - දින - වසර ආදී වශයෙන් වන සබඳතාව පිළිබඳ සම්මතය ඉක්‌මවා යමින්, නවීන මනුෂ්යායාගේ විඥානගත තලයෙහි අවිච්චින්නතාව මැනවින් නිරූපණය කොට දක්‌වයි. අසම්මත බවින් යුතු කල්පිත කාලයක්‌ නිර්මාණය කරන ඔහු අප දන්නා කාලය පිළිබඳ සියලු නිර්ණායක නිෂ්ප්රයභ කරයි.


Dream Caused by the Flight of a Bee Around a Pomegranate One Second Before Awakening (1944) සිතුවමෙන් 'ඩාලි' මෙකී සිහිනමය ස්‌වරය මැනවින් සංස්‌පර්ශ කළේය. අවදි වීමට තත්පරයකට පෙර දකින ලද සිහිනයක ස්‌වරූපයක්‌ ගත් සිතුවම රසිකයා සිහින ලොවට කැඳවයි. ඇයගේ සිරුර නිරුවත්ය. මුළුමනින්ම හිරුට නිරාවරණ වූ සමුදුර මත පාවෙන ගල් තලය ඇයට යහනක්‌ සදයි. හිසකෙස්‌ තෙත් බවින් යුතු වුවත්, තවමත් පාදයක්‌ ජලයෙන් සිසිල් වුවත් ඒ කිසිවක්‌ ඇයගේ නින්දට බාධාවක්‌ නොවේ. අතිශය දික්‌ වූ සිහින් පාද සහිත කුඩා හස්‌තියෙක්‌ ඇය අසලින් ගමන් කරයි. අනන්ත වූ ක්ෂිවතිජය සොයන මෙම හස්‌තියා සමුදුර තරණය කිරීමට වෑයම් කරයි. විශාල දෙළුම් ගෙඩිය පලාගෙන මත්සයෙකු එළියට එයි. මත්සයාගේ මුඛය විශාල කරමින් ඒ මතින් කොටියකු එළියට පනී. එයින් නොනැවත එම කොටියාගේ මුවින් තවත් කොටියකු ඇය සමීපයට පනී. කොටියා සිය අත රැඳී තුවක්‌කුවෙන් ඇයගේ දකුණු අත ස්‌පර්ශ කරයි. සිහිනයකදී හමුවන විකාර රූපී ස්‌වරූප සියල්ල කැටි කරමින් 'ඩාලි'මෙම සිතුවම චිත්රඳණය කර ඇත.


The Face of Mae West (1934-1935) හිදී 'සැල්වඩෝර් ඩාලි' මනුෂ්යම භාවය උපයෝගිතා භාණ්‌ඩයක්‌ බවට පත් කරයි. මිනිස්‌ පැවැත්ම ද්රෙව්යෙකරණය කරයි. පඨිතයෙන් රූපකාර්ථවත්ව ගම්යe කරගත යුතු බාහිර යථාර්ථයක්‌ සම්බන්ධයෙන් ආකෘතිකමය ඉඟියක්‌ මෙයින් සැපයේ. සිතුවම බැලූ බැල්මට කාන්තා මුහුණකි. එහි රතු පැහැති ස්‌ත්රීන දෙතොල සෝපාවකි. නාසය උදුනකි. දෙනෙත බිත්තියෙහි එල්ලූ පින්තූර දෙකකි. කාමරය වට අලංකාර තිර රෙද්දක්‌ ලෙස සිතුවම් වන්නේ ඇයගේ වරලසයි. 'ඩාලි' ස්‌ත්රී‍ මුහුණ කාමරයක්‌ බවට පරිවර්තනය කරයි. එනම්, ස්‌ත්රී ත්වය උපයෝගිතා භාණ්‌ඩයක්‌ බවට පත් කිරීමයි. කාමරය ස්‌ත්රි යගේ සිනහව, උණුසුම, දර්ශනය ආදී සියල්ල සහිත වූයෙන් එයින්, ලිංගිකමය වූත්, පුරුෂෝත්තමවාදී වූත් අර්ථයක්‌ සැපයේ. ස්‌ත්රිූය ද්රතව්ය‌කරණය වීම පිළිබඳ හඟින්නට සමාජය දරන තැත සිතුවම් කරමින් රූපකය හා රූපකාර්ථ මැනවින් සංයෝග කොට පැහැදිලි බුද්ධිමය යථාර්ථයක්‌ ගම්යයමාන කිරීමෙහිලා 'ඩාලි'ගේ මෙකී වෑයම ප්රාශස්‌තය.

එකම ශරීරය තුළ ස්‌ථානගත වී සිටින ස්‌ත්රි යගේ හා පුරුෂයාගේ ඒකමිතික රූපයක්‌ දැක්‌වෙන Auto sodomissed by his Own Inspiration චිත්රැයෙන් 'ඩාලි' ගැඹුරු දේශපාලන දර්ශනයක්‌ ගෙන එයි.


එකම පුද්ගල ශරීරයෙහි ස්‌ත්රි යද, පුරුෂයාද සිටියි. අඳුරු ලෝකයක සිටින ඔවුන් දෙදෙන වියරු වී සිටී. අඳුරු ලෝකයක එම පුද්ගලයා වියරු වී සිටී. තමා විසින්ම තමා සමගම එකම ක්රිැයාවක යෙදී සිටියි. හුදෙක්‌ දේශපාලනිකාර්ථ පමණක්‌ නොකියවෙන චිත්රුයෙන් ලිංගිකාර්ථමය අරුත්ද උපදවන්නට 'ඩාලි'ට හැකි විය. දෙවන ලෝක යුද්ධයෙන් හා ස්‌පාඤ්ඤ සිවිල් යුද්ධයෙන් ජීවය ලද 'ඩාලි', රේඛා, වර්ණ ඔස්‌සේ සිතුවම් කළේ තමන් අත්දුටු එකී යථාර්ථයයි. කාලය පිළිබඳ සම්මත අදහස්‌ බොඳව යන යුගයක තමන්ගෙන්ම ගලා එන රුධිරයෙන් සිතුවම්කරණයෙහි නියෑලෙන ඔහුගේ සහ ඇයගේ කාර්ය අස අපගේ හදවත සසල කරවන ‘ඩාලි‘, සුදු පැහැ සාමකාමී පරිසරයක වුව යුද්ධයෙහි බියකරු බව දැනවීමට තරම් සුදක්ෂුයකු විය. මෙලෙස, ගැඹුරු දේශපාලන සහ සමාජ ආස්‌ථාන මතු කරමින් සමාජ යථාර්ථය සංකේතානුසාරයෙන් පින්සලට ගත් 'ඩාලි' චිත්රිණය කළ විස්‌මිත නිර්මාණ සමුච්චය ප්රිශස්‌තය. සෞන්දර්යාත්මකය. රසවත්ය. සෞන්දර්ය පිළිබඳ රසවත් කියවීමක්‌ වෙනුවෙන් එකී දෘශ්යසමය සිහින සතු සුන්දරත්වය අපරිමිතය.

  උදේෂිණි කුමාරි දයාරත්න

මුල් පලකිරීම BOONDIONLINE
                           සිත්තර බූන්දි

ආණ්ඩුවේ මර්ධනය - මාධ්‍ය භූමිකාව (Parliament Speech) 2013 06 05 - Lanka Journalist

සිනහව සාක්‌කුවේ දමාගෙන යන මිනිසුන් ගැන කතා කරන ඉරාන කාටූන් කලාව

රුවන් තර්ස්‌වින්
ඈත අතීතයේ සිටම කලාත්මක බුමුතුරුණු පලස්‌, කැටයම් කලාවන්, විසිතුරු පිඟන් භාණ්‌ඩ, කිරිගරුඬ නිර්මාණ, කලාත්මක ගෘහ නිර්මාණ ආදියෙන් ප්‍රමුඛ ස්‌ථානයක්‌ ලබාගත් "පර්සියාව" අද හැඳින්වෙන්නේ "ඉරානය" යන නමිනි. චීනයේ සිට බිහිවූ පෙරදිග සිට අපරදිගට දිගු ගමනක්‌ ගිය සේද මාවත වැටී තිබුණේ මේ පර්සියාව හරහා ය. සේද මාවතේ ගිය වෙළෙන්දෝ පර්සියාවේ කලාත්මක භාණ්‌ඩ තම රටවලට ගෙන ගියහ. අතීතයේ සිටම කලාත්මක නිර්මාණවලට උරුමකම් කී පර්සියාව නොහොත් වර්තමානයේ ඉරානය නමින් හැඳින්වෙන මෙම රට අද කාටුන් කලාවෙන්ද ලොව පෙරමුණ ගෙන සිටී.

ඉරානයේ අද ජීවත්වන කාටුන් චිත්‍ර ශිල්පීන් කීප දෙනකුගේ උසස්‌ නිර්මාණ කීපයක්‌ සහ එම කාටුන් ශිල්පීන් ගැන විස්‌තර කීපයකි මේ.


පර්වින් කර්මනී ඉරානයේ ප්‍රථම කාටුන් චිත්‍ර ශිල්පිනියයි. පාසල් අධ්‍යාපනය ලබන අවධියේ ඉහළ පංතියේ ඉගෙන ගන්නා කාලයේදීම ඇය ක්‍රියාශීලී ලෙස කාටුන් ශිල්පය ප්‍රගුණ කළාය. එකල කාටුන් ශිල්පය සඳහා ඇයව දිරිමත් කරන ලද්දේ ඇයගේ පියා විසිනි.

ඉරානයේ පළවන සතිපතා කාටුන් සඟරාවක්‌ වන "ටොෆයිට්‌" (Tofight) සතිපතා සඟරාවේද 1991 සිට 1994 දක්‌වා "ගොල්ගා" සඟරාවේත් ඇය සේවය කළාය. ඇයගේ කාටුන් දිවියට මේ වන විට වසර 40 ක්‌ පමණ සපිරේ. ඇය වැඩිපුර ආශාව දක්‌වන්නේ ගුරුවරියක වශයෙන් චිත්‍ර නිර්මාණ ඉගැන්වීමටය. "ගොල්ගා" සඟරාවේ 1991 සිට 1994 දක්‌වා ඇය සේවයේ යෙදී සිටියේය. Molavvan, Tehran times, Kayhan Caricature, Zanerooz, Tanzeparsi,
Hadisedaneshamouz iy Az shoma Ba shoma වැනි ප්‍රකාශන සඳහා ද ඇය සම්බන්ධ වී සිටින්නීය. "සාතන්ගේ කුමන්ත්‍රණය" නම් ජාත්‍යන්තර කාටුන් තරගයේ සහ ප්‍රදර්ශනයේ කොටස්‌කරුවකු වශයෙන් ඇය කටයුතු කළාය.

පර්වින් කර්මනී විසින් අඳින ලද සරල කාටූනයේ දැක්‌වෙන්නේ කායවර්ධන ශිල්පියෙකි. ඔහු තම බලය පෙන්වන්නේ අතේ බාහුව පුම්බාය. මෙහිදී ශිල්පියා අතේ බාහුව පුම්බන විට එළියට එන්නේ මස්‌ ගොබ නොව පෑන් තලයකි. ඔහු එම පෑන් තලයෙන් ලියන ලද ලිපිය පුවත්පතක පළවී ඇත. ඔහු එම ලිපිය සඳහන් පත්තර පිටුවෙන් තොප්පියක්‌ සාදා ඔළුවේ දමාගෙන සිටී. තොප්පියක්‌ දැමූ විට තම ඔළුව ආරක්‌ෂා වේ. ඒ අතරම තොප්පිය කාටත් පෙනේ. මින් කාටුන් ශිල්පිනිය අදහස්‌ කර ඇත්තේ තම අදහස්‌ පෙන්වීමට පුවත්පත් කලාවේදියාට ඇති හැකියාවයි. බලයයි.

1958 දී ඉරානයේ ටෙහෙරාන් නුවර දී උපත ලැබූ මොසෙන් නජාµS ((Mohsen Najafi) නිර්මාණ ශිල්පියකු මෙන්ම ග්‍රැµsක්‌ මෝස්‌තරකරුවෙකි. ඉරානයේ පුවත්පත් කලාවේදී කාටුන් ශිල්පියකු වශයෙන් වසර ගණනාවක්‌ම සේවයේ නියුක්‌තව සිටි ඔහු එම වෘත්තියට පිවිසියේ වයස අවුරුදු 17 දීය. 1993 දී ජපානයේ පැවැත්වූ කාටුන් චිත්‍ර තරගයකදී විශේෂ ත්‍යාගයක්‌ දිනාගත් නජාµs එම වසරේදීම ඉතාලියේ පැවැති 17 th Biennial International Humor art තරගයේදී ද ත්‍යාගයක්‌ දිනා ගත්තේය. 1996 වර්ෂයේදී කොරියාවේ සෝල් නුවර පැවැති 6 එය 6 th Seoul International Festival තරගයේ දී ප්‍රථම ස්‌ථානය දිනාගනු ලැබුවේ නජාෆි විසිනි.

මෙහි ඇති ඔහුගේ කාටුනය ප්‍රබල උපහාසයක්‌ පෙන්වා දෙයි. පිස්‌තෝලයකි· ඇඟිල්ලකි· කිසියම් කෙනකු තම දබර ඇඟිල්ල කාට හෝ උලුක්‌ කිරීම නොහොබිනා ක්‍රියාවක්‌ බව ඔහු පෙන්වා දෙති. එම දබර ඇඟිල්ල කෙනකුට පෙනෙන්නේ භයානක ගිනි අවියක්‌ වන පිස්‌තෝලයක්‌ බව නජෆි මෙයින් පෙන්වා දෙයි.

ස්‌මයිල් අබාසි (Esmaeil Abasi) ඉරානයේ කලාගන්වලදී උපත ලැබීය. පුවත්පත් කලාවේදී කාටුන් චිත්‍ර ශිල්පියකු ලෙස වසර 40 කට වඩා අත්දැකීම් ඇත්තෙකි. ඔහු තනි සහ සාමුහික කාටුන් ප්‍රදර්ශන පවත්වා ඇත. "නිල් අහස" නමින් ඉරානයේ පැවැති කාටුන් තරගයේ ජූරි සභිකයකු වශයෙන්ද අබාසි කටයුතු කළේය. ඔහු විසින් අඳින ලද මෙම කාටුනයේ දැක්‌වෙන්නේ වැදගත් පෙනුමක්‌ ඇති පුද්ගලයකු හා කිඹුලෙකි. ගං ඉවුරේ සිටින පුද්ගලයා අත ටිෂූ කොළ පිරවූ පෙට්‌ටියකි. එම පුද්ගලයා "ටිෂූ" කොළයක්‌ කිඹුලාට දිගු කරයි. ඒ කුමටද? කිඹුලා සිටින්නේ කඳුළු සලමින්ය. මේ පුද්ගලයා කිඹුලාගේ කඳුළු පිසීමට ටිෂූ කොළ දිගු කරයි. පලක්‌ නොවන බොරු දෙයකට මහන්සි වීම මෙන්ම කිඹුල් කඳුළු පිස දැමීමට යැම පලක්‌ නොවන දෙයක්‌ බවත් අබාසි මෙම කාටුනයෙන් පෙන්වා දෙයි.


අලිසදේ ජවාඩ්  1953 දී ඉරානයේ ආදිබිල්හිදී උපත ලැබීය. ඉංග්‍රීසි පරිවර්තන පිළිබඳ උපාධිධාරියකු වන ජවාඩ් 1972 සිට තමා විසින්ම ප්‍රගුණ කරගත් කාටුන් ශිල්පයේ යෙදෙන තැනැත්තෙකි. ටෙහෙරානයේ පැවැති කාටුන් තරගවල ජූරි සභිකයෙක්‌ වශයෙන් සහභාගී වී ඇත. ජවාඩ් විසින් ලොව පුවත්පත් සඟරා ගණනකටම කාටුන් සැපයීම් යෙදී සිටින්නෙකි. Humor & Caricature නම් මාසික සඟරාවක්‌ 1990 වර්ෂයේ සිට ඔහු විසින් ප්‍රකාශයට පත් කරයි. 1989, 1991, 1993 වර්ෂවලදී ඉතාලියේත්, 1990 ප්‍රංශයේත්, 1994, 1995 ජපානයේත්, 1995 කොරියාවේත් පැවැති කාටුන් චිත්‍ර තරගවලින් ජයග්‍රහණය කර ඇත. 1993 දී ඉරානයේ ටෙහෙරාන් නුවරදී ඔහු වෙත "ජාතික සම්මාන ත්‍යාගය" ද පුද කරන ලදී. ජවාඩ් විසින් අඳින ලද කාටුනයෙන් පිළිබිඹු කර ඇත්තේ මිනිසා සහ සිනාවයි. මෙයින් සිනාවේ අවස්‌ථාවාදී බව ඔහු පෙන්වා දෙයි. මෙම කාටුනය දෙස බැලූ විට මෙවැනි මිනිසුන් අප සමාජයේ බහුලව ඇති බව අපට පෙනී යයි. ජවාඩි මේ කාටුනයෙන් දක්‌වා ඇත්තේ මිනිසකුගේ ආලේඛ්‍යය චිත්‍රයකි. එම මිනිස්‌ මුහුණේ සිනහවක්‌ නැත. බුම්මාගෙන සිටී. ඔහුගේ සිනහව ඇත්තේ ඔහු ඇඳ ඇති කබායේ උඩ සාක්‌කුවේය. කබා සාක්‌කුවේ ඇති සිනහව ඒ මිනිසා තමාට වුවමනා වේලාවට පමණක්‌ තම මුහුණේ ඇති කටට සවිකර ගනී. එවිටය ඔහු සිනාසෙනු දැක ගැනීමට හැකි වන්නේ එතෙක්‌ එය තියෙන්නේ සාක්‌කුවේය. මෙයින් මිනිසුන්ගේ අවස්‌ථාවාදී බව ජවාඩ් හොඳ හැටියට පෙන්වා දෙයි.

සියාඩ් මහමුඩ් ජවාඩි  1967 දී ක්‌වෙට්‌හිදී උපත ලැබීය. ක්‌වේට්‌හි උසස්‌ පාසලෙන් අධ්‍යාපනය අවසන් කළ ඔහු 1983 දී ඉරානයට පැමිණියේය. 1991 සිට පුවත්පත් සඳහා කාටුන් සපයන සියාඩ් ජාතික සහ ජාත්‍යන්තර ප්‍රදර්ශන සඳහා නිර්මාණ ඉදිරිපත් කර ඇත. "සාතන්ගේ කුමන්ත්‍රණය" නම් තරගයෙන් (1992) ඔහුට ඩිප්ලෝමා සහතිකයක්‌ හිමිවූ අතර දකුණු කොරියාවේ පැවැති කාටුන් තරගයකින් ඔහුට දිරිගැන්වීමේ කුසලතා සම්මානයක්‌ හිමිවිය.

සියාඩ්ගේ කාටුනයෙන් නිරූපනය වන්නේ බලවත් මිනිසකුගේ හා සාමාන්‍ය මිනිසකුගේ ආහාර ගැනීමේ අවස්‌ථාවකි. එක මේසයක එක්‌ පසෙක බලවත් මිනිසා වාඩිවී සිටී. සාමාන්‍ය මිනිසා තම දකුණතේ ඇති ගෑරුප්පුවේ අමුණා ඇති ආහාරය ගැනීමට ප්‍රථම බලවත් මිනිසා එය ඩැහැගනී. ඔහු එය ගන්නේ කෙසේද? එය අධම ම්ලේච්ඡ ක්‍රියාවකි. බලවතා දුර්වල සාමාන්‍ය මිනිසාගේ දකුණත තම පිහියෙන් කපා එම අතේ කොටස තම ගෑරුප්පුවට සවිකර අර කපාගත් අතේ ඇති ගෑරුප්පුවේ ඇති ආහාරය තම කටට දමා ගනී. මෙය පහත් ක්‍රියාවකි. මින් සියාඩ් අපට පෙන්වා දෙන්නේ බලවතා කිසිම හිරිකිතයක්‌, අනුකම්පාවක්‌ නොමැතිව පොඩි මිනිසා පෙළන බවයි.

ජෙරාන් සුල්µsගාරි 1971 දී ටෙහෙරාන් හිදී ඉපදුණු කාටුන් ශිල්පිනියකි. ඇය කාර්මික නිර්මාණ පිළිබඳව ටෙහෙරාන් විශ්වවිද්‍යාලයෙන් ඵA උපාධිය ලබාගෙන ඇත. ජාතික සහ ජාත්‍යන්තර ප්‍රදර්ශනවලට සහභාගි වී ඇත.

ටෙහෙරානයේ පැවැති කාටුන් තරගවලින් සම්මාන මෙන්ම ගෞරවනීය සම්මාන ලබා ඇත. ටෙහෙරානයේ "නිල් අහස" කාටුන් තරගයටද ඇය සහභාගි වී ඇත.

ජෙරන් විසින් ඇඳ ඇත්තේ සරල කාටුන් චිත්‍රයකි. උලක්‌ වැනි වූ උස්‌ කඳු ගැටයකි. එය ඉහළ වළාකුල්වලටත් වඩා උසින් පිහිටා ඇත. කඳු මුදුනේ ඇති පැද්දෙන ලෑල්ලක්‌ දෙපැත්තේ සිටින දෙදෙනෙකි. එය මිනිසකු සහ ගැහැනියක විය හැකිය. දකුණු පස සිටින මිනිසා වම්පස සිටිනා ගැහැනිය දෙසට සිනාසෙමින් දිව එයි. එම දෙදෙනාට මැදින් ආදරයේ සංකේතය නැවත පාවෙමින් තිබේ. ගැහැනු රූපය බයෙන් බිරාන්ත වී සිටී. ඇයි? දකුණත පැත්තේ සිටින මිනිසා වම් පැත්තට දිව ආවොත් එම දෙදෙනාම කන්දෙන් පහළට වැටී විනාශ වනු ඇත. මෙම කාටුනයෙන් පෙන්වා දෙන්නේ ආදරයට ඉක්‌මන් නොවී ප්‍රවේශමෙන් එයට ප්‍රවේශ වෙන ලෙසය. මොහොමඩ් අලි බානි අසාදි  1956 දී උපත ලැබූවෙකි. ටෙහෙරාන් විශ්වවිද්‍යාලයෙන් ප්ලාස්‌ටික්‌ චිත්‍ර නිර්මාණ සඳහා උපාධිය ලබා ඇත. පුවත්පත් ආයතන කීපයකම රැකියාව කර ඇති අසාදි ප්‍රංශය, ජපානය, රොමේනියාව, ඉතාලිය යන රටවල චිත්‍ර ප්‍රදර්ශන පවත්වා ඇත. ජපානයේ කාටුන් තරගයකින් ඩිප්ලෝමා ත්‍යාගයක්‌ ලබා ඇති අසාදි ටෙහෙරානයේ පැවැති "නිල් අහස" කාටුන් තරගයෙන් ගෞරවනීය සම්මානයක්‌ ලබාගෙන ඇත.

අසාදිගේ කාටුනයේ පෙන්නුම් කරන්නේ දේශනයකට සූදානම් වන තැනැත්තෙකි. ඔහු දේශපාලනඥයකු හෝ උගතෙකු හෝ විය හැකිය. පසෙකින් මයික්‍රෙµdaනයක්‌ සහ වතුර වීදුරුවක්‌ ඇත. දේශනයට සූදානම් වන තැනැත්තා තම දිව එළියට ගෙන දිවේ පෑනකින් යමක්‌ ලියයි. ඒ ඔහු කතා කිරීමට බලාපොරොත්තු වන දෙයයි. ඔහු කොළයක ලියා එය බලාගෙන කතා කිරීමට අකමැති පුද්ගලයෙක්‌ විය හැකිය. එම නිසා ඔහු තම කතාව තම දිවේ ලියා ගන්නේ එවිට ඔහුගේ මුවින් කතා කරන විට එම ලියාගත් වචන පිටවනු ඇති බවයි කාටුන් ශිල්පියා අපට කියා දෙන්නේ.

1977 ඉරානයේ ටෙහෙරාන් නගරයේදී උපත ලැබූ අලි දිරක්‌ෂි  ඉරානයේ අසඩ් විශ්වවිද්‍යාලයෙන් චිත්‍ර සන්නිවේදනය පිළිබඳ පාඨමාලාවක්‌ හදාරා තිබේ. 1995 දී ඔහුගේ කාටුන් නිර්මාණ ෙµdලිනෝ කාටුන් ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරිණි. "ඔක්‌ෙµdට්‌සික්‌ හි ඉයොම්පියුරී ෂම්බුක්‌ කාටුන් තරගයේදී දිකේෂිගේ කාටුනයකට තුන්වැනි ස්‌ථානය හිමිවිය.

ගොපලු චරිතය ඇමෙරිකාවට අතීතයේ සිටම උරුම වූවකි. පෙර අමෙරිකානුවා හැඳින්වූයේ ගොපල්ලකු ලෙසය. ඒ අනුසාරයෙන් වීරකතා, කවි, ගීත, නාට්‍ය, ටෙලිනාට්‍ය, චිත්‍රපට බිහිවිය. එම ඇමරිකානු ගොපලු චරිතයට නව අර්ථකතනයක්‌ දීමට අලිදිරක්‌ෂි සමත් විය. කාටුනය තුළ සිටින්නේ අමෙරිකානු ගොපලු චරිතය නිතරම ශුෂ්ක භූමි, අශ්වයා, පිස්‌තෝලය සමඟ සම්බන්ධ විය. පිස්‌තෝල එකක්‌ බොහෝ විට දෙකක්‌ තම ඉණෙහි එල්ලාගෙන සිටීමට අමෙරිකන් ගොපල්ලෝ පුදුරු වී සිටියහ. අලි නිමැවූ මේ කාටුනයේ දැක්‌වෙනුයේ අමෙරිකානු ගොපල්ලා සහ ඔහුගේ ඉණෙන් පහළ දෙකකුල් පිස්‌තෝල දෙකක්‌ ලෙසටය. ඔහු පිස්‌තෝල දෙක එල්ල කිරීමට ඒවා අත් දෙකෙන් ගැනීමට සැරසෙනු පෙනේ. ඔහුට පිස්‌තෝල දෙක තම දෑතට ගත හැකි වේවිද? පිස්‌තෝල දෙක යනු ඔහුගේ දෙකකුල්ය. ඒවා ඔවුන්ගේ ජීවිත හා තදින් බැඳී ඇත. දෙපයින් යන ගමනට ගොපල්ලාට මේ පිස්‌තෝල දෙක අවශ්‍ය වේ. ඒ සතුරාගෙන් බේරීමටය. පිස්‌තෝල දෙක අතට ගත්තොත් ඔහු බිම වැටේ. ඒ ඒවා ඔහුගේ දෙකකුල් නිසාය. මේ කාටුනය අමෙරිකානු අතීත ජන ජීවිතයට කරන ලද දරුණු උපහාසයකි.

රුවන් තර්ස්‌වින්

සිංහල ජනතාවගේ මුස්‌ලිම් නායකයා

 https://www.youtube.com/c/LankaJournalistමුස්‌ලිම් සංගම් සමුළුවේදී සිංහල රජ බස කරවීම සඳහා විශාල සටනක්‌ කළේය. සිංහල රාජ්‍ය භාෂාව විය යුතු බව ප්‍රථමවරට නගර සභාවකින් යෝජනාවක්‌ සම්මත කළේ බාකීර් මාකාර් නගරාධිපතිතුමාය. ඔහුගේ ඒ අරගලය සිංහල රජ බස කරවීම සඳහාය.

බේරුවල මරදාන ගමේ "හකීම් විලා" නිවසේ විසූ අභිමානවත් වෙද පරපුරෙන් බේරුවල ජනතාවට සිදු වූ සේවාව සුළු පටු නොවේ. ජාති ආගම් භේදවලින් තොරව කළ මහජන සේවාව නිසා මේ පවුලේ අය සියලු ජාතීන්ගේ ජන ප්‍රසාදයට පත් විය. වාර්ගික- ආගමික- සහජීවනය වෙනුවෙන් අප කැප වූ ජන නායකයකු මේ පවුලෙන් බිහි වූයේ "හකීම් විලා" නම් වූ මේ මහා වෙද ගෙදරදීය. 1917 මැයි 12 වැනි දින උපත ලැබූ මොහු බාකීර් මාකාර් නම් විය.

තමා හමුවේ ඇති දහසකුත් එකක්‌ දුක්‌ කම්කටොලු අගහිඟකම් කිසි විටකත් බාධකයක්‌ කර නොගත් මොහු දැනුමෙන් අධ්‍යාපනයෙන් පිරිපුන් පුද්ගලයකු ලෙස තම වෘත්තීය දිවියේ මෙන්ව දේශපාලන ගමන් මගේ හිනිපෙත්ත කරා පිය නැඟූ ආකාරය හැදෙන වැඩෙන පරපුරට මහඟු ආදර්ශයකි.

1950 වර්ෂයේදී නීතිඥයකු වශයෙන් දිවුරුම් දුන් මොහු කළුතර උසාවියේ සිය සේවාව ආරම්භ කළේය. තම නීතිඥ වෘත්තිය මුදල් ඉපයීමේ මාර්ගයක්‌ කර නොගත් මොහු එය හුදෙක්‌ මහජන සේවාවක්‌ වශයෙන් කරන ලදී. ඔහු මිනිසුන්ගෙන් ගිනි අයකර කළු සල්ලිවලින් සාක්‌කුව පුරවා ගත්තේ නැත. උදයට ඔහුගේ කාර්යාලය මහජනයාගෙන් පිරී තිබුණත් හවසට ඔහුගේ සාක්‌කුව කවදාවත් මුදලින් පිරී තිබුණේ නැත.

දරුවන් දෙතුන් දෙනා කරේ එල්ලා ගෙන නඩත්තුව ඉල්ලා උසාවියට එන අසරණ කාන්තාවන්ගේ මුදල් අය කිරීම වරදක්‌ බව ඔහු කල්පනා කළේය. නඩත්තු නඩුවලට පෙනී සිටීම සඳහා ඔහු කිසිදු මුදලක්‌ අය කළේ නැත.

1951 වර්ෂයේදී බාකීර් මාකර් මහතාට කළුතර නීතිඥ සංගමයේ සභාපති තනතුරට පත්වීමේ වාසනාව උදා විය.

බාකීර් මාකාර් මහතාගේ පියා, සීයා ඇතුළු පරම්පරාගත මේ පවුලෙන් බේරුවල ජනතාවට සිදු වූ සේවාව ඉතා විශාලය. මේ පවුලෙන් ජනතාවට සිදුවූ සේවාවට ප්‍රති උපකාර කිරීමට බේරුවල ජනතාවට අවස්‌ථාවක්‌ උදා නොවිණ. මෙවැනි අවස්‌ථාවක මේ පවුලෙන් ජනතා ඉල්ලීම මත බාකීර් මාකාර් දේශපාලනයට ආගමනය විය.

1947 වර්ෂයේදී බේරුවල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු වශයෙන් පත් වූ බාකීර් මාකාර් මහතා පසුව බේරුවල නගර සභාවේ නගරාධිපති ධුරයට පත් විය. 1960 වර්ෂයේදී බේරුවල පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් පත් වූ මොහු නියෝජ්‍ය කථානායක, කථානායක හා කැබිනට්‌ අමාත්‍යවරයකු වශයෙන්ද, ආණ්‌ඩුකාරවරයකු වශයෙන්ද බේරුවල ජනතාවටත් මේ රටටත් විශාල සේවාවක්‌ කළේය.

ජාතික සංහිඳියාවේ ඇති වැදගත්කම අද කරළියට පැමිණ තිබේ. මේ සඳහා වත්මන් රජය ප්‍රමුඛත්වයක්‌ ලබාදී කටයුතු කිරීම පැසසිය යුතු කරුණකි. ජාතික සංහිඳියාව ගැන කථිකා වෙන මෙවන් යුගයක ජාතික සමගිය වෙනුවෙන් සටන් කළ නායකයන් පිළිබඳ පසු විපරම් කර බැලීම වැදගත් වනු ඇත.

ජාතීන් අතර එකමුතුකම තහවුරු කිරීමේ අරමුණින් සටන් කළ නායකයින් පශ්චාත් නිදහස්‌ ශ්‍රී ලංකා දේශපාලනය තුළ නැත්තේ නොවේ. එවැන්නන්ගේ ලැයිස්‌තුවක්‌ පිළියෙල කළහොත් මහත්මා දේශපාලඥයකු වූ බාකීර් වාකාර් මහතාට හිමි වන්නේ සුවිශේෂි ස්‌ථානයකි.

බාකීර් මාකාර් මහතා "මෙරට රාජ්‍ය භාෂාව සිංහල භාෂාව විය යුතුයි" යන හඬ රට වටා ගෙන ගියේය. මේ සඳහා "ඇයි අපට සිංහල" යන පොත ඔහුගේ වියදමින් මුද්‍රණය කර රට වටා මුස්‌ලිම් ජනතාව අතර බෙදා හැරියේය. මේ නිසා ඔහුට එදා කිසිම දෙමළ පුවත්පතකින් දැන්වීමක්‌වත් පළ කිරීමට අවස්‌ථාවක්‌ නොලැබුණි. මුස්‌ලිම් සංගම් සමුළුවේදී සිංහල රජ බස කරවීම සඳහා විශාල සටනක්‌ කළේය. සිංහල රාජ්‍ය භාෂාව විය යුතු බව ප්‍රථමවරට නගර සභාවකින් යෝජනාවක්‌ සම්මත කළේ බාකීර් මාකාර් නගරාධිපතිතුමාය. ඔහුගේ ඒ අරගලය සිංහල රජ බස කරවීම සඳහාය.

ඔහු ගහට පොත්ත මෙන් සිංහල ජනතාව සමඟ බද්ධව සිටියේය. මේ නිසා මොහු "සිංහල බාකීර් මාකාර්" යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනු ලැබිණි.

1977 පැවැති මහා මැතිවරණයේදී 70% ක බහුතරයක්‌ සිංහල ජනතාව ජීවත් වන බේරුවල අසුනෙන් වැඩි ඡන්ද 27000 ක්‌ ඔහු ලබා ගත්තේය. බේරුවල සිංහල ජනතාවගේ මුස්‌ලිම් නායකයා ඔහු විය. ජාති ආගම් භේද නොතකා සේවය කළ මොහු බේරුවල බහු අසුනේ පළමු මන්ත්‍රීවරයා වීමේ වාසනාව උදා කර ගත්තේ ජාතික සමගියේ ඇති වැදගත්කම මුළු රටටම පෙන්වා දෙමිනි.

බේරුවල ජාතිවාදී ගැටුම් මීට පෙරද ඇතිවූ අවස්‌ථා තිබිණි. එවැන්නක්‌ දැනගත් මොහොතේම බාකීර් මාකාර් මහතා එම ස්‌ථානයට පැමිණියේය. ඒවා දුරදිග යන්නට ඔහු කිසි විටකත් ඉඩ තැබුවේ නැත. ඔහු ඒක පාක්‌ෂික තීන්දු තීරණ ගත්තේ නැත. ඒවාට සාධාරණ විසඳුම් ලබා දුන්නේය. අඩ සියවසකටත් වඩා අධික වූ ඔහුගේ දේශපාලන දිවිය තුළ ජාතිවාදී ගිනිදැල් ඇවිළීමට ඉඩ නොතබා ජාතික සමගිය රැකගත් ආකාරයත්, ඔහු කළ ජනතා සේවාවත් බේරුවල ජනතාවට අමතක කළ නොහැක. බාකීර් මාකාර් පරපුරටත්, බාකීර් මාකාර් නාමයටත් බේරුවල ජනතාවට අදත් ගරු බුහුමන් කරන්නේ ඒ නිසාය.

දෙවියන් වහන්සේ විසින් මෙලොවට දායාද කළ මේ සුවÄති, දැත් පිරිසිදු ජනනායකයා 1997 සැප්තැම්බර් 10 වැනි දින දැයෙන් සදහටම සමුගනිමින් නැවත දෙව් තුරුලට ගියේය.

ජිනසේන වේලාරත්න

අප්‍රේල් මහ නඩුවේ මතකය අප්‍රේල් මහ නඩුව වාර්තාකළ මධ්‍යවේදියෙකුගේ අතීතාවර්ජනයක්‌

නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ රජය පෙරළා දැමීම සඳහා සිදුකළ ප්‍රථම සන්නද්ධ නැගිටීම වශයෙන් 1971 කැරැල්ල මෙරට ඉතිහාසයට එක්‌වී ඇත. කැරැල්ල ආරම්භ වූයේ 1971 අප්‍රේල් 5 දා රාත්‍රියේ දිවයිනේ පොලිස්‌ ස්‌ථාන 74 කට එකවර පහර දීමෙනි. කැරලිකරුවන්ගේ ප්‍රහාරවලින් පොලිස්‌ ස්‌ථාන 57 කට බරපතළ හානි සිදු වූ අතර ඌරගහ, කතරගම, රාජාංගන, දෙනියාය හා වරකාපොල පොලිස්‌ ස්‌ථාන කැරලිකරුවන් විසින් අල්ලාගෙන තිබීම නිසා අතහැර දැමීමට සිදුවිය. දිවයිනේ පොලිස්‌ බල ප්‍රදේශ 35 ක්‌ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පැවති අතර උපක්‍රමික හේතු මත පොලිස්‌ ස්‌ථාන 43 ක්‌ අතහැර දමා යැමට පොලිසිය පියවර ගෙන තිබිණි. තවත් පොලිස්‌ ස්‌ථාන 57 කට ද කැරලිකරුවන් ප්‍රහාර එල්ල කළ නමුත් ඒවාට අලාභහානි සිදු වී තිබුණේ නැත.

මෙම කැරැල්ලේදී කැරලිකරුවන් විසින් සාමාන්‍ය වැසියන් 41 ක්‌, පොලිස්‌ නිලධාරීන් 37 ක්‌ සහ යුද ගුවන් හා නාවික හමුදා නිලධාරීන් 26 ක්‌ මරා දමන ලද අතර රජයේ ගොඩනැඟිලි රැසක්‌ විනාශ කොට තිබූ බව අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

කැරලිකරුවන් හා කැරලිකරුවන් යෑයි සැකකරන 8000 ක්‌ පමණ මෙම කැරැල්ලේදී මියගොස්‌ ඇතැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කොට තිබිණි. එහෙත් අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය 1971 ජුලි 20 වැනි දින පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්‌ කරමින්a කියා සිටියේ තමන්ට ලැබී තිබෙන සංඛ්‍යා ලේඛන අනුව පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවල අය ද ඇතුළු කැරැල්ලේදී මියගිය මුළු ගණන 1200 කට වැඩි නොවන බවයි.



කැරැල්ල සම්බන්ධයෙන් රජයේ අත්අඩංගුවේ පසුවන සම්පූර්ණ සංඛ්‍යාව 14,000 කි. එයින් 4200 ක්‌ දෙනා පොදු දේශපාලන සමාව යටතේ භාර වූ අය බව ද අගමැතිනිය එහිදී සඳහන් කළාය. මෙම සැකකරුවන් සියලු දෙනාම විෙද්‍යාදය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පරිශ්‍රයන්හි පවත්වාගෙන ගිය කඳවුරුවල රඳවා තබනු ලැබීය.

මෙම සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට පොලිස්‌ නිලධාරීන් මෙන්ම පරිපාලන නිලධාරීන්ගෙන් යුත් කණ්‌ඩායම් රාශියක්‌ යොදවන ලද අතර කැරැල්ලට කුමන අන්දමකින් හෝ සම්බන්ධ වී ඇති බවට පිළිගත හැකි සාක්‍ෂි තිබූ අයට විරුද්ධව නඩු පැවරීමට රජය තීරණය කළේය.

එහෙත් බොහෝ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට සාක්‍ෂි ලෙස යොදාගත යුතු වූයේ ඔවුන් විසින් දෙන ලද ප්‍රකාශයන් පමණි. මේ තත්ත්වය යටතේ ඔවුන් උසාවියක්‌ හමුවට ඉදිරිපත් කොට දඬුවම් දීමට සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් නොවීය. රජය පෙරළීමේ කුමන්ත්‍රණයකට හවුල්වීම හා කැරලි ගැසීම ආදී චෝදනාවන්ට සාමාන්‍ය නීතිය අනුව නඩු පැවරුවහොත් ඔවුන්ට විරුද්ධව චෝදනා ඔප්පු කිරීම බරපතළ ප්‍රශ්නයක්‌ වනු ඇති බව රජයේ නීති විශාරදයන්ගේ අදහස වී තිබිණි.

මේ නිසා 1972 අංක 14 දරන අපරාධ යුක්‌ති විනිශ්චය කොමිෂන් සභා පනත රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගන්නා ලදී.

ඒ අනුව අග්‍රාණ්‌ඩුකාර විලියම් ගොපල්ලව මහතා විසින් 1972 මැයි 17 වැනි දින අපරාධ යුක්‌ති විනිශ්චය සභාව පත්කරනු ලැබීය. හිටපු අග්‍රවිනිශ්චයකාර එච්. එන්. ජී. ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් වූ ඒ. සී. අලස්‌, වී. ටී. නාමෝදරම්, හෙක්‌ටර් දෙහෙරගොඩ සහ ටී. ඩබ්ලිව්. රාජරත්නම් යන මහත්වරුන්ය. කොමිසම පත්කොට ටික කලකට පසු රාජරත්නම් විනිසුරුවරයා අසනීප වීම නිසා ඒ වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩී. විමලසේන මහතා පත්විය.

මෙම කොමිෂන් සභාව පවත්වාගෙන යනු ලැබුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි 'ක්‌වීන්ස්‌ ක්‌ලබ්' නම් ගොඩනැඟිල්ලේය. කොමිසම 1972 ජුනි 12 දා ප්‍රථම වරට රැස්‌ වූ අවස්‌ථාවේ නීතිපති වික්‌ටර් තෙන්නකෝන් මහතා කැරැල්ල පිළිබඳ මූලික විස්‌තරයක්‌ කළ අතර පොලිස්‌පති ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද සිය වාර්තා ඉදිරිපත් කළහ.

අනතුරුව නීතිපතිවරයා 1972 ජුනි 13 දා අප්‍රේල් මහ නඩුවේ සැකකරුවන්ගේ නම් සහ ඔවුන්ට විරුද්ධව තිබෙන චෝදනා කොමිසම ඉදිරියේ ප්‍රකාශ කළේය.

රැජිනට විරුද්ධව යුද්ධ කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ලංකාවේ විවිධ ස්‌ථානවල යුද්ධ කිරීම හා එවැනි යුද්ධ කිරීම්වලට අනුබල දීම හා සාපරාධී බලහත්කාරයෙන් ලංකාණ්‌ඩුව බය ගැන්වීමට කුමන්ත්‍රණ කිරීම යන චෝදනා රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවන්ට විරුද්ධව ඉදිරිපත් කරන ලදී.

සැකකරුවන් 41 දෙනකුට විරුද්ධව මෙම චෝදනා නඟා තිබූ අතර ඔවුන්ගෙන් 32 දෙනකු 1972 ජුලි මස 22 වැනි දින කොමිෂන් සභාව ඉදිරියට පමුණුවනු ලැබීය.

එම සැකකරුවන් වූයේ 1. එස්‌. ටී. ඒ. පියතිලක, 2. ලයනල් බෝපගේ, 3. ඡේම්ස්‌ උයන්ගොඩ, 4. අනුර රංජිත් කුරුකුලසූරිය, 5. සුනන්ද දේශප්‍රිය හෙවත් අශෝක, 6. ඩබ්ලිව්. ඩී. නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුල, 7. එම්. කේ. වික්‌ටර් අයිවන් හෙවත් පොඩි අතුල, 8. නිමල් මහරගේ, 9. සෝමසිරි කුමානායක, 10. වසන්ත කනකරත්න, 11. ඩී. ඒ. ගුණසේකර, 12. ඩී. ඩී. සිල්වා, 13. රෝහණ විඡේවීර, 14. ඩබ්ලිව්. ඩී. සිසිල්චන්ද්‍ර, 15. පියසිරි කුලරත්න, 16. සුනිල් රත්නසිරි ද සිල්වා, 17. විරාඡ් ප්‍රනාන්දු, 18. එම්. විඡේපාල ද සිල්වා, 19. බී. එම්. නිහාල් ආනන්ද පෙරේරා, 20. එස්‌. ඩී. බණ්‌ඩාරනායක, 21. ඩබ්ලිව්. ඒ. ඩෙස්‌මන්ඩ් ද සිල්වා, 22. ඡේ. පී. පී. ධනපාල, 23. ලක්‍ෂ්මන් මහදුවගේ හෙවත් තඩි ලක්‍ෂ්මන්, 24. සුසිල් සිරිවර්ධන, 25. මහින්ද විඡේසේකර, 26. කෙලී සේනානායක, 27. පී. ඩී. තේමිස්‌ සිල්වා හෙවත් වටපොල අතුල, 28. ඇලඩින් සුබසිංහ, 29. ලක්‍ෂ්මන් සී. ප්‍රනාන්දු හෙවත් කලු ලකී, 30. ලක්‍ෂ්මන් මුණසිංහ හෙවත් පොඩි ලකී, 31. මෙරිල් පියසිරි, 32. එන්. ප්‍රේමරත්න හෙවත් චුක්‌කි, 33. විඡේසේකර විතාරණ හෙවත් සනත්, 34. සුසිල් වික්‍රම, 35. සරත් විඡේසිංහ, 36. මිල්ටන්, 37. ඩබ්ලිව්. ටී. කරුණාරත්න හෙවත් ඉන්කම් ටැක්‌ස්‌කරු, 38. ප්‍රේමපාල හේවාබටගේ, 39. නයනානන්ද විඡේකුලතිලක, 40. ඩී. පී. විමලගුණේ, 41. ඡේ. ඒ. ජී. ජයකොඩි යන අයයි.

මෙම සැකකරුවන් අතරින් 32 දෙනකු 1972 ජුලි 26 දා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කෙරිණි. 32, 33, 34, 35, 36, 38, 39, 40 හා 41 වැනි සැකකරුවන් එදින කොමිසම වෙත ඉදිරිපත් නොකළ අතර ඔවුන් එතෙක්‌ අත්අඩංගුවට ගෙන නැතැයි නීතිපතිවරයා පැවසීය. එහෙත් නඩු විභාගයේ අවසන් භාගයේදී 41 වැනි සැකකරු වන ඡේ. ඒ. ජී. ජයකොඩි අත්අඩංගුවට ගෙන කොමිසම හමුවට පමුණුවන ලද නමුත් ඔහු අප්‍රේල් මස මහ නඩුවෙන් ඉවත් කොට පොල්ගහවෙල පොලිසියට පහර දීමේ නඩුවේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබීය.

මෙම නඩු විභාගය ආරම්භයේදීම 6 වැනි සැකකාර නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුල, 9 වැනි සැකකාර සෝමසිරි කුමානායක සහ 12 වැනි සැකකාර ඩී. ඩී. සිල්වා යන තිදෙනා චෝදනාවන්ට වරද පිළිගත්හ.

සැකකරුවන්ට විරුද්ධව 1972 අගෝස්‌තු 10 දා ආරම්භ වූ නඩු විභාගය 1974 සැප්තැම්බර් 2 දා දක්‌වා පැවැත්විණි. මේ කාලය තුළ කොමිසම දින 306 ක්‌ රැස්‌විය. මෙය ශ්‍රී ලංකාවේ දීර්ඝතම නඩු විභාගය වශයෙන් ඉතිහාසයට එක්‌වී ඇත.

මෙහිදී පැමිණිල්ලේ සාක්‌කි විභාගයට දින 142 ක්‌ ගත වූ අතර විත්ති පක්‍ෂයේ සාක්‍ෂි ඉදිරිපත් කිරීමට හා හරස්‌ ප්‍රශ්න ඇසීමට දින 138 ක්‌ ගත විය.

මෙම නඩු විභාගය පැවැති මුළු කාලය පුරාම එය වාර්තා කිරීමට මට ද අවස්‌ථාව ලැබුණි. එවකට මා සේවය කළේ 'ඇත්ත' පත්‍රයේය. ඇත්ත වෙනුවෙන් ස්‌ටැන්ලි සමරසිංහත් මාත් අප්‍රේල් කැරැල්ලේ නඩු විභාගය වාර්තා කළෙමු. 'දිනමිණ' වෙනුවෙන් ඩී. සී. කරුණාරත්න, 'ජනතා' වෙනුවෙන් ඩබ්ලිව්. ජී. ගුණරත්න, ගුවන් විදුලිය වෙනුවෙන් ජනදාස පීරිස්‌, 'ලංකාදීප' වෙනුවෙන් ජයසේන විඡේනායක, 'දවස්‌ වෙනුවෙන් බෙනී ජයසුන්දර හා 'ජනදින' වෙනුවෙන් අබේසේන හේරත් යන මාධ්‍යවේදීහු ද නඩු විභාගය වාර්තා කිරීමට නිතිපතා පැමිණි අය අතර වූහ.

අප්‍රේල් කැරැල්ල පිළිබඳ නඩු විභාගය පැවැත්වුණු කාලය තුළ ඇති වූ විශේෂ සිදුවීම් රාශියකි.

කොමිෂන් සභාව 1972 අගෝස්‌තු 11 දා නඩු විභාගය සඳහා මුල්වරට රැස්‌ වූ අවස්‌ථාවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පිරිසක්‌ අපරාධ යුක්‌ති විනිශ්චය කොමිෂන් සභා පනතට විරෝධය පළ කරමින් අදහස්‌ දැක්‌වූහ. මෙහිදී මුලින්ම විරෝධය පළකරමින් කතා කළේ නීතිඥ බාලා තම්පෝ මහතාය. ඒ අනුව අනික්‌ නීතිඥවරු ද අදහස්‌ දැක්‌වූහ. එහෙත් කොමිෂන් සභාවේ සභාපති එච්. එන්. ජී. ප්‍රනාන්දු මහතා එම විරෝධය ප්‍රතික්‍ෂේප කළේය. එයට විරෝධය පාමින් නීතිඥවරුන් 7 දෙනකු කොමිසමෙන් නැගිට ගියහ. එහෙත් බාලා තම්පෝ මහතා නැගිට ගියේ නැත. කොමිසම විසින් එසේ නැගිට ගිය නීතිඥවරුන්ට කොමිසමට පැමිණීම තහනම් කරනු ලැබීය. මේ නිසා සැකකරුවන් බොහෝ දෙනකු වෙනුවෙන් පෙනී සිටීමට බාලා තම්පෝ මහතාට අවස්‌ථාව ලැබිණි.

මේ අතර එවකට නුවරඑළිය මන්ත්‍රීවරයාව සිටි නීතිඥ ගාමිණී දිසානායක මහතා 25 වැනි සැකකාර මහින්ද විඡේසේකර වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටීමට පැමිණියේ ඔහුගේ කනිෂ්ඨ නීතිඥයා වශයෙන් කටයුතු කළ (වර්තමාන අගමැති) රනිල් වික්‍රමසිංහ මහතා ද සමඟය. ගාමිණී දිසානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාට නඩුවේ කටයුතු භාරදීමට ගියේය. මහින්දගේ නීතිඥයා වශයෙන් ගාමිණී දිසානායක මහතා ගෙන්වාගෙන තිබුණේ මහින්දගේ පියා විසිනි. එහෙත් ගාමිණී දිසානායක මහතා තමා වෙනුවෙන් පෙනී සිටින බව දැනගත් මහින්ද විඡේසේකර තමන්ට නීතිඥ සහාය අවශ්‍ය නැති බව කියා සිටියේය. මේ නිසා රනිල් වික්‍රමසිංහ මහතා ද කොමිසමෙන් ඉවත්ව ගියේය.

අප්‍රේල් කැරැල්ලේ සැකකරුවන් නඩු විභාගය සඳහා ගෙන එනු ලැබුවේ බන්ධනාගාර 'බ්ලැක්‌මරියා' බස්‌රථ දෙකකිනි. ඒවාට ඉදිරියෙන් හා පසුපසින් පොලිස්‌ මෝටර රථයක්‌, යුද හමුදා සන්නද්ධ රථ දෙකක්‌ ද ගමන් ගත්හ. සැකකරුවන් බන්ධනාගාරයේ සිට කොමිසම වෙත පැමිණියේ විප්ලවීය ගීතද ගායනා කරමිනි.

කොමිෂන් සභා ශාලාවේ සැකකරුවන් සඳහා විශාල විත්ති කූඩුවක්‌ තනා තිබිණි. ඔවුන් සියලු දෙනාම එහි අසුන්ගෙන සිටි අතර චෝදනාවලට වරද පිළිගෙන සිටි ලොකු අතුල, ඩී. ඩී. සිල්වා සහ සෝමසිරි කුමානායක අසුන් ගත්තේ ශාලාවේ නීතිඥවරුන්ගේ අසුන්වලට වම් පැත්තෙන් ආසනවලය.

මෙම නඩු විභාගය නැරඹීම සඳහා එවකට මැද කොළඹ පළමුවැනි මන්ත්‍රීවරයාව සිටි ආර්. ප්‍රේමදාස මහතා ද වරින්වර පැමිණි අතර ඒ පැමිණි සෑම දිනකම ඔහු දවසේ නඩු විභාගය අවසන් වන තුරුම රැඳී සිටියේය.

නඩුවේ 24 වැනි සැකකරු සුසිල් සිරිවර්ධන මහතා වෙනුවෙන් රාජ නීතිඥ එස්‌. නඩේසන් මහතා ද ඔහුගේ කනිෂ්ඨ නීතිඥයන් වශයෙන් සූරියා වික්‍රමසිංහ මහත්මිය සහ එච්. ඒ. සෙනෙවිරත්න මහතා ද පෙනී සිටියේය. එස්‌. ඩී. බණ්‌ඩාරනායක මහතා වෙනුවෙන් පෙනී සිටියේ අධිනීතිඥ හරිස්‌චන්ද්‍ර විඡේතුංග මහතාය. පසුව එස්‌. ඩී. බණ්‌ඩාරනායක මහතා නීති උපදෙස්‌ නොතකා අදහස්‌ ප්‍රකාශ කිරීම නිසා විඡේතුංග මහතා නඩුවෙන් ඉවත් විය. නඩු විභාගය අවසන් භාගයේදී එනම් 1974 අගෝස්‌තු 1 දා නීතිඥ බාලා තම්පෝ මහතාට ද කොමිසමට පැමිණීම තහනම් විය. ඒ ඔහු කොමිසමට අපහාස වන අන්දමින් හැසිරීම නිසාය.

රෝහණ විඡේවීර, මහින්ද විඡේසේකර, වික්‌ටර් අයිවන්, ලොකු අතුල ඇතුළු සැකකරුවන් වැඩිදෙනෙක්‌ නීතිඥ සහාය නැතිව තමන් වෙනුවෙන් කොමිසම ඉදිරියේ සාක්‌කි දීම හා හරස්‌ ප්‍රශ්න ඇසීම මෙම නඩු විභාගයේ තවත් විශේෂ සිද්ධියකි.

මෙහිදී පැමිණිල්ලේ සාක්‌කිකරුවකු ලෙස 6 වැනි සැකකාර ලොකු අතුල දින 47 ක්‌ සාක්‌කි දුන්නේය. විත්තිය වෙනුවෙන් සාක්‌කි දුන් 3 වැනි සැකකාර රෝහණ විඡේවීරගේ සාක්‌කියට දින 31 ක්‌ ගතවිය. කොමිසම හමුවේ සැකකරුවන් වශයෙන් නම්කොට සිටි 32 දෙනාගෙන් 11 ක්‌ නඩු විභාගයේදී සාක්‌කි දුන්හ.

අප්‍රේල් කැරැල්ල පිළිබඳ නඩු විභාගය 1974 සැප්තැම්බර් 2 දා අවසන් විය. මෙහි නඩු වාර්තාව පිටු 12,500 කි.

නඩු විභාගයේ තීන්දුව 1974 දෙසැම්බර් 20 දා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක රෝහණ විඡේවීර මහතාට බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් නියම විය.

සුසිල් සිරිවර්ධන, එස්‌. ඩී. බණ්‌ඩාරනායක සහ ඩී. ඩී. සිල්වා යන මහත්වරුන්ට බරපතළ වැඩ ඇතිව අවුරුදු 2 බැගින් සිර දඬුවම් නියම වූ අතර එය අත්හිටුවූ සිර දඬුවමකි.

ඩී. ඒ. ගුණසේකර, ඡේ. පී. පී. ධනපාල, මහින්ද විඡේසේකර සහ ඩී. පී. විමලගුණේ යන මහත්වරු කොමිසම විසින් නිදහස්‌ කරන ලදී.

සැකකරුවන් 28 දෙනකුට බරපතළ වැඩ ඇතිව අවුරුදු 2 සිට අවුරුදු 12 දක්‌වා සිර දඬුවම් නියම කෙරිණි. වරද පිළිගත් ලොකු අතුල සහ කුමානායකට බරපතළ වැඩ ඇතිව අවුරුදු 5 සහ අවුරුදු 3 බැගින් සිර දඬුවම් නියම වූ අතර 7 වැනි සැකකාර වික්‌ටර් අයිවන්ට නියම කෙරුණේ අවුරුදු 5 ක සාමාන්‍ය සිර දඬුවමකි.

25 වැනි සැකකාර මහින්ද විඡේසේකර මහතාට විරුද්ධව චෝදනා ඔප්පු වී නැති බැවින් ඔහු නිදහස්‌ කිරීමට කොමිසම තීරණය කළ නමුත් ඔහු නිදහස්‌ කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයෙන් නියෝගයක්‌ නිකුත් කර නොතිබීම නිසා දඬුවම් නියම වූ සෙසු සැකකරුවන් ද සමඟ ඔහු බන්ධනාගාරය වෙත ගෙනයනු ලැබීය.

අප්‍රේල් මහ නඩුවට අමතරව අපරාධ යුක්‌ති විනිශ්චය කොමිෂන් සභාව මේ කාලය තුළ අප්‍රේල් කැරැල්ලේ අතුරු පරීක්‍ෂණ 134 ක්‌ ද විභාග කරන ලදී. එහිදී දිවයිනේ පොලිස්‌ ස්‌ථාන රාශියක්‌ ඇතුළු වැදගත් ස්‌ථානවලට පහරදීම හා යුද්ධ කිරීම සම්බන්ධයෙන් චෝදනා කොට සැකකරුවන් 291 දෙනෙක්‌ කොමිසම වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පරීක්‍ෂණ පවත්වා දඬුවම් නියම කරනු ලැබීය.

දයා ලංකාපුර

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..