sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

මේ ඛේදවාචකයට නිශ්චිතවම වගකියන්න ඹ්න දේශපාලන තන්ත්‍රය - පුබුදු ජයගොඩ

මේ ඛේදවාචකයට නිශ්චිතවම වගකියන්න ඹ්න දේශපාලන තන්ත්‍රය - පුබුදු ජයගොඩ
අපෙු්ල් 21 ඇතිවුණ මහා ඛේදවාචකය සම්බන්ධයෙන් පක්ෂයේ අදහස ප්‍රකාශ කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 2019 අප්‍රේල් 25 දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව...
මෙම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා විසින් සිදුකළ අතර පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයාද මේ සඳහා සහභාගි විය.

2001 දී පොදු පෙරමුණු ජ.වි.පෙ. පරිවාස ආණ්ඩුව බිඳ වැටුණු අන්දම

2000 ඔක්‌තෝබර් 10 දින පැවැති ශ්‍රී ලංකාවේ එකොළොස්‌වැනි මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව සමානුපාතික ක්‍රමය යටතේ පොදුජන එක්‌සත් පෙරමුණ වැඩිම මන්ත්‍රීධුර සංඛ්‍යාවක්‌ ලැබුවද ආණ්‌ඩුවක්‌ පවත්වාගෙන යැම සඳහා එය ප්‍රමාණවත් නොවීය.

ලැබුණ ප්‍රතිඵල අනුව ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග විසින් 2000 ඔක්‌තෝබර් 13 වැනි දින අග්‍රාමාත්‍යධුරයට රත්නසිරි වික්‍රමනායක මහතා පත්කර නව අමාත්‍ය මණ්‌ඩලයක්‌ද පත්කරන ලද්දේ සුළු පක්‍ෂ කීපයක සහයෝගය ලබා ගනිමිනි. එකොළොස්‌වන පාර්ලිමේන්තුවේ කථානායක ලෙස එක්‌සත් ජාතික පක්‍ෂයේ අනුර බණ්‌ඩාරනායක මහතා පත්කිරීමට අග්‍රාමාත්‍යවරයා කරන ලද යෝජනාව විපක්‍ෂ නායකවරයා ස්‌ථිර කළේය. එය අලුත් ආදර්ශයක්‌ විය. නියෝජ්‍ය කථානායක ලෙස ජනරාල් සරත් මුණසිංහ මහතාත් කාරක සභා උප සභාපති ලෙස ලලිත් දිසානායක මහතාත් පත්වූයේද නිතරඟයෙනි. පාර්ලිමේන්තු සභානායක ලෙස රිචඩ් පතිරණ මහතාත් ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස රෙජී රණතුංග මහතාත් විපක්‍ෂ ප්‍රධාන සංවිධායක ලෙස වි. ජ. මු. ලොකුබණ්‌ඩාර මහතාත් පත්විය.

ආණ්‌ඩුව පිහිටුවා ඉතා කෙටිකලකින්ම අභ්‍යන්තර ආරවුල් ඇති වූ අතර ඒ නිසා විවිධාකාර දේශපාලන දෙදරීම් ඇතිවිය. අභ්‍යන්තර හා අන්තර් ජාතික වෙළඳ වාණිජ කටයුතු හා නාවික සංවර්ධන හා මුස්‌ලිම් ආගමික කටයුතු අමාත්‍ය ධුරය දැරූ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා 2001 ජුනි මාසයේදී අමාත්‍ය ධුරයෙන් ඉවත්කිරීම අර්බුදයේ ආරම්භය විය. ඒ සමඟම මුස්‌ලිම් කොංග්‍රසයේ හා ජාතික සමඟි පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔවුන් දැරූ තනතුරු වලින් ඉවත්ව විපක්‍ෂයේ අසුන් ගත්තේය. මේ නිසා විපක්‍ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 115 දක්‌වා වැඩි වූ අතර ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 109 දක්‌වා අඩුවිය. 2001 ජුලි 10 දින විපක්‍ෂ මන්ත්‍රීවරුන් 115 දෙනකු අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාවක්‌ කථානායක අනුර බණ්‌ඩාරනායක මහතාට භාර දුන්නේය. මේ තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු සැසිවාරය එදිනට අවසන් කළ ජනාධිපතිනිය මීළඟ සැසිවාරය සැප්තැම්බර් 07 දින කැඳවන බවට නිවේදනය කළේය. මේ කාලයේ ඇති වූ තවත් කතා බහක්‌ වූයේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමයි. ඒ සඳහා ජනමත විචාරණයක්‌ පැවැත්වීමට අගෝස්‌තු 21 දිනට නියම විය. පසුව එය ඔක්‌තෝබර් 18 දක්‌වා කල් තබනු ලැබීය. මේ අතර අගෝස්‌තු 25 වන විට ජනතා විමුක්‌ති පෙරමුණ හා ජනාධිපතිනිය සමඟ පරිවාස ආණ්‌ඩුවක්‌ පිහිටුවීම පිළිබඳව සාකච්ඡා ඇතිවිය. මේ අනුව පාලක පොදුජන එක්‌සත් පෙරමුණ හා ජනතා විමුක්‌ති පෙරමුණ අතර දේශපාලන සහයෝගීතාවක්‌ ඇතිවී එය මුහුකුරා ගොස්‌ 2001 සැප්. 05 දින දෙපාර්ශ්වය අතර පරිවාස ආණ්‌ඩුවක්‌ ඇති කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කෙරිණ. ඒ අනුව කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයක්‌ද සිදුවිය. ගිවිසුම් ප්‍රකාරව විසිදෙනකුගෙන් සමන්විත කැබිනට්‌ මණ්‌ඩලයන් පත්කර 2001 සැප්. 14 වැනිදා ජනාධිපතිනිය ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාවද 20 කට සීමාවිය. මෙම කැබිනට්‌ සංශෝධනය සමඟ එතෙක්‌ ඇමැතිවරුන් ලෙස ක්‍රියාකළ ආණ්‌ඩුවේ ප්‍රබලයින් කීප දෙනකු නියෝජ්‍ය ඇමැතිවරු ලෙස පත්කිරීමත් කීපදෙනෙක්‌ දෙන ලද ඇමැති ධුර භාර නොගැනීමත් නිසා ආණ්‌ඩුවේ අභ්‍යන්තර දේශපාලන අර්බුදය වර්ධනය විය. පරිවාස ආණ්‌ඩුව නිසා පාර්ලිමේන්තුවේ බහුතර බලය හේතුවෙන් රජය පවත්වා ගැනීමට හැකිවිය.

පරිවාස ආණ්‌ඩුවේ අමාත්‍ය මණ්‌ඩලය

1. චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මිය - ජනාධිපතිනි, මුදල් හා ක්‍රමසම්පාදන, සමෘද්ධි, ව්‍යවස්‌ථා කටයුතු, විද්‍යා හා තාක්‍ෂණ, ජනමාධ්‍ය.

2. රත්නසිරි වික්‍රමනායක - අග්‍රාමාත්‍ය, බුද්ධශාසන, සංස්‌කෘතික හා ආගමික කටයුතු, වැවිලි කර්මාන්ත.

3. රොනී ද මැල් මහතා - වෙළඳ කර්මාන්ත සංවර්ධන හා ග්‍රාමීය කර්මාන්ත.

4. දි. මු. ජයරත්න මහතා - කෘෂිකර්ම. වනසම්පත්, ආහාර.

5. මහින්ද රාජපක්‍ෂ මහතා - වරාය, නාවික හා ධීවර කටයුතු.

6. රිචඩ් පතිරණ මහතා - රාජ්‍ය පරිපාලන, ස්‌වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන හා දක්‍ෂිණ සංවර්ධන.

7. අමරසිරි දොඩංගොඩ - මානව සම්පත් සංවර්ධන, කාර්මික හා වෘත්තීය අධ්‍යාපන.

8. නිමල් සිරිපාල ද සිල්වා මහතා - සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා සමාජ සේවා.

9. මංගල සමරවීර මහතා - නාගරික සංවර්ධන මහජන උපයෝගිතා, නිවාස සහ ක්‍රීඩා.

10. අනුරුද්ධ රත්වත්ත මහතා - ඉඩම් වාරිමාර්ග හා බලශක්‌ති.

11. ඉන්දික ගුණවර්ධන මහතා - තැපැල් හා විදුලි සංදේශ.

12. ඒ. එච්. එම්. µවුසි මහතා - මහාමාර්ග හා මුස්‌ලිම් ආගමික කටයුතු.

13. ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතා - විදේශ කටයුතු.

14. මෛත්‍රීපාල සිරිසේන මහතා - මහවැලි සංවර්ධන හා පාර්ලිමේන්තු කටයුතු.

15. බැටී වීරකෝන් මහතා - අධිකරණ, ජනවාර්ගික කටයුතු හා ජාතික ඒකාබද්ධතා.

16. සරත් අමුණුගම මහතා - අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන.

17. ඩග්ලස්‌ දේවානන්දා මහතා - උතුර පළාත් සංවර්ධන පුනරුත්ථාපන හා ප්‍රතිසංස්‌කරණ.

18. දිනේෂ් ගුණවර්ධන මහතා - ප්‍රවාහන සහ පාරිසරික ආරක්‍ෂණ.

19. ෙෆ්රියල් අෂ්රොප් මිය - නැගෙනහිර සංවර්ධන පුනරුත්ථාපන හා ප්‍රතිසංස්‌කරණ ග්‍රාමීය නිවාස සංවර්ධන හා වනිතා කටයුතු.

20. ආතාවුද සෙනවිරත්න මහතා - කම්කරු තරුණ කටයුතු හා ඛනිජ සම්පත් සංවර්ධන.

අමාත්‍ය ධුර 44 ක්‌ 20 දක්‌වා අඩුකිරීම මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරු 35 ක්‌ 20 දක්‌වා අඩුකිරීම පරිවාස ආණ්‌ඩු කැබිනට්‌ සංශෝධනය තුළින් සිදුවිය. එතෙක්‌ ඇමැතිවරුන් වශයෙන් ක්‍රියා කළ ආණ්‌ඩුවේ ප්‍රබලයන් කීපදෙනකු නියෝජ්‍ය ඇමැතිවරු ලෙස පත්කිරීමත් නියෝජ්‍ය ඇමැතිවරු ද 20 පමණක්‌ පත්කළ නිසා 35 ක්‌ වූ නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාවෙන් විශාල පිරිසකට තනතුරු අහිමිවීමත් අභ්‍යන්තර අර්බුද උග්‍ර කිරීමට හේතුවිය. 2001 ඔක්‌තෝබර් 08 වැනිදා ශ්‍රීලනි පක්‍ෂ ලේකම් ධුරයෙන් එස්‌. බී. දිසානායක මහතා ඉවත්කර ඒ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කිරීම සිදුවිය. ඔක්‌තෝබර් 09 වැනිදා පොදු පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්‌සත් පෙරමුණේ බන්දුල ගුණවර්ධන මහතා විපක්‍ෂයේ අසුන් ගත්තේය. ඊට පසුවදා එනම් 2001 ඔක්‌තෝබර් 10 වැනිදා එස්‌. බී. දිසානායක, මහාචාර්ය ජී. එල්. පීරිස්‌, මහින්ද විඡේසේකර, විඡේපාල මෙන්ඩිස්‌, බන්දුල පරාක්‍රම ගුණවර්ධන, එදිරිවීර ප්‍රේමරත්න, ජයසුන්දර විඡේකෝන් හා ආනන්ද මුණසිංහ යන පොදු පෙරමුණු මන්ත්‍රීන් 08 දෙනා විපක්‍ෂයට එක්‌විය.

ඒ අතර ආණ්‌ඩුවේ ප්‍රබල බලකණුවක්‌ වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්‌ඩමන් මහතා ආණ්‌ඩුවෙන් ඉවත්විය. ඔක්‌තෝබර් 12 වැනිදා ලක්‍ෂ්මන් කිරිඇල්ල සහ සරත් මුණසිංහ යන මන්ත්‍රීවරු ආණ්‌ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයේ වාඩිවිය. ඒ අතර ඔක්‌තෝබර් 16 වැනිදා කථානායක අනුර බණ්‌ඩාරනායක මහතා එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වී පොදුජන එක්‌සත් පෙරමුණට එක්‌විය.

මේ තත්ත්වය තුළ තවදුරටත් ආණ්‌ඩුව පවත්වාගෙන යැමට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද ප්‍රමාණයක්‌ නොමැති වූයෙන් ජනාධිපතිනිය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය 2001 දෙසැම්බර් 05 වැනි දිනට දින නියම විය. 2001 දෙසැම්බර් 05 දින පැවැති 12 වැනි පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පොදුජන එක්‌සත් පෙරමුණ පරදා එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජාතික පෙරමුණ බලයට පත්විය. නමුත් ඔවුනට හිමිවූයේද පාර්ලිමේන්තු බහුතර බලයක්‌ නොව මන්ත්‍රීධුර 109 පමණි. අනෙකුත් සුළු පක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් ආණ්‌ඩුව පවත්වාගෙන යැමට ඔවුහු උත්සාහ කළහ.

සමරසේන මුදලිගේ

ඉරාජ් බුද්ධිමය දේපළ හොරකම් කළාට මම නඩුවක් දානවා. ඒක ස්ථිරයි. - උපුල් ශාන්ත සන්නස්ගල

ආර්ට් ගැලරි එකක් කරන කෙනෙක් විදියට මාව තෝරා ගත්තට Thank you ඉරාජ්
-මගේ බුද්ධිමය දේපළ කොල්ලකෑවාට ඉරාජ්ට එරෙහිව අනිවාර්යෙන් නඩු පවරනවා
උපුල් ශාන්ත සන්නස්ගල
ලක්ෂ සංඛ්‍යාත තරුණ ප්‍රජාවගේ ආදරණීය සිංහල ගුරුවරයා වූ උපුල් ශාන්ත සන්නස්ගලයන්, සිය විශ්‍රාම දිවිය මේ වනවිට ගෙවමින් සිටින්නේ විජේරාම පිහිටි 'රෝයල් ත්‍රැප්‍රොබේනියන්' කලාගාරය තුළ සිය අදහස්, අත්දැකීම් හා මතවාද තරුණ ප්‍රජාව සමග බෙදාහදා ගනිමිනි.
දේශපාලන, ආගමික හා කලා ක්‍ෂේත්‍රය පිළිබඳව නිරන්තර සවිඥානික භූමිකාවක් හොඹවන ඔහු, සිය මතවාද නො බියව සමාජය ඉදිරියට ගෙන යන්නේ ඉන් ඔහුට ලැබෙන ගල් හෝ මල් පිළිබඳ තැකීමක් නො කරමිනි.
මෙවන් පසුබිමක ඉරාජ් වීරරත්න විසින් සිය නවතම මියුසික් වීඩියෝව උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ 'අම්මා ' පිළිබඳව අදහස් උපුටා දක්වමින් හා සන්නස්ගලයන්ගේ නිර්මාණවලින් කොටස් උපුටා ගනිමින් එළිදක්වා තිබේ. මේ හරහා සමාජ මාධ්‍ය තුළ මෙන්ම, සන්නස්ගලයන්ගේ ශිෂ්‍ය ප්‍රජාව තුළ ඊට එරෙහිව දැවැන්ත මතවාදයක් නිර්මාණය වෙමින් පවතියි.
මේ සම්බන්ධව සන්නස්ගලයන් කෙබඳු අදහසක් දරන්නේද යන්න පිළිබඳව අපි විමසා බැලුවෙමු.
ප්‍රශ්නය:- ඉරාජ්, ඔබව මාර්කට් කිරීමේ උත්සාහය ගැන දකින්නේ කොහොමද?
ඕක පටන් ගන්නේ ටිකක් ඈත කතාවකින්. වික්‍රමසිංහගේ' භවතරණය ' නවකතාව ආපු කාලේ ඒ වෙනුවෙන් පෙනී සිටි පිරිසට, පෙනී සිටීමේ පෞරුෂයක් තිබුණා. ඊට පස්සේ මංජුල වෙඩිවර්ධනගේ 'මේරි නම් වූ මරියා'පොතයි, කේ.කේ.සමන් කුමාරගේ 'නේරංජනේ ස්නානේ' පොත එන කාලය වනවිටත් ඒ පෞරුෂය ඒ විදියටම තිබුණා.
හැබැයි ‘සත්තික සත්කුමාරගේ කෙටි කතාව නැත්නම් ඩොකියුමන්ට්‍රි එක දක්වා එනවිට ඒ තත්ත්වය වෙනස් වෙනවා. මෙතැනදී සමහර කිව්වා අපි මේ කලා කෘතිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ, අපි සත්තිකගේ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. සත්තික සත්කුමාර රිමාන්ඩ් කළේ ඔහු සත්ථික නිසාවත්, සිංහල බෞද්ධයෙක් නිසාවත්, සංවර්ධන නිලධාරියෙක් නිසාවත්, කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් නිසාවත්, විවාහක නිසාවත්, දරුවෝ දෙන්නෙක් ඉන්න නිසාවත්, පෞද්ගලික හේතුවක් නිසාවත් නෙවෙයි යන්න තමයි මගේ අදහස. ඔහු රිමාන්ඩ් කළේ ඔහුගේ කලා කෘතිය නිසයි.
මෙතැනදී කලා කෘතිය අතහැරලා සත්තික වෙනුවෙන් පෙනී සිටිනාව නම්; හොඳ නීතිඥයෙක් අල්ලලා නඩුවට උදව් කරලා, අලුත් අවුරුද්දට ඔහුගේ ගෙදරට ගිහින්, දරුවෝ දෙන්නා බලලා සත්තිකට ශක්තියක් වෙලා, උසාවි දවසට ගිහින් එන්න පුළුවන්. හැබැයි ඔහුව රිමාන්ඩ් කරලා තියෙන්නේ කලාකෘතියක් නිසා. ඒ නිසා එය අතහැරලා ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට බැහැ කියන එක තමයි මගෙ නම් අදහස. එනිසා මම මේ කලා කෘතිය වෙනුවෙන් පෙනී සිටිනවා.
මේ ජෙනරේෂන් එක ලියන්නේ එහෙම තමයි. මේ ජෙනරේෂන් එක සිද්ධාන්ත කඩනවා තමයි කියලා මම මේකට විචාර විධික්‍රමයක් හොයා ගෙන, මෙය කලා කෘතියක් කියලා පෙනීසිටින්න පුළුවන්. මොකද, පසුගිය කාලේ එවැනි කලා කෘති නොවන බොහෝ දේවල් කලා කෘති කරලා තියෙනවා.
මේ නිසා ආගමික දේවල් විවේචනය කරන්න පුළුවන් තමයි. පරිකල්පනයට දෙවියන් වහන්සේටවත් බාධා කරන්න බැහැ. ඒක ආර්ටිස් කෙනෙක්ගේ අයිතියක්. ඒ වෙනුවෙන් පෙනී සිටිනවාද? නැද්ද? යන්න ආර්ටිස්ගේ පෞරුෂයේ ප්‍රශ්නයක්.
මීළඟට මට ප්‍රශ්නයක් එනවා. මම ලිව්වා කෘති පණහක් පමණ ප්‍රමාණයක්. ඒ එකක්වත් තහනම් කරලා නැහැ, ඒවාට වාරණ නැහැ. මම අන්තිමට ලිව්වා 'භික්ෂු පරිච්ඡේදය'පොත ගත්තම අඩුම තරමින් ෆේස්බුක් එකේ එක පෝස්ට් එකක්වත් නැහැ, එය විවේචනය කරපු. ඒ නිසා මට විශේෂ රුදාවක් එන්න විදිහක් නැහැ මට වාරණයක් ඇවිත් නැති නිසා. නමුත් මම පෙනී සිටලා, කෑගලා තියෙන්නේ අනිත් අයගේ කලා කෘති වෙනුවෙන්; අනික් අයගේ අදහස් ප්‍රකාශ කිරීම වෙනුවෙන්. මේක තමයි පසුබිම් කතාව.
මෙවැනි පසුබිමක තමයි ඉරාජ්ගේ 'සුරත'වීඩියෝව එන්නේ. මේ වීඩියෝවේ රටේ රාජ්‍ය නායකයාගේ (මෛත්‍රීපාල සිරිසේනගේ නොව, රටේ රාජ්‍ය නායකයගේ) කට හඬ භාවිත කරලා තියෙනවා. මම දන්න විදිහට රටේ රාජ්‍ය නායකයෙක්ගේ හඬ රයිට් එකක්. මේ වීඩියෝවට අනුව කාටහරි කියන්න පුළුවන් ගීතය ගායනා කරන ඊළඟ ගායනය මෛත්‍රීපාල සිරිසේනගේ කියලා. මොකද ඔහුගේ හඬත් ඒ ගීතයේ තියෙනවා. අනික මෛත්‍රීපාලගේ හඬ, අමරබන්දු රූපසිංහ ගීත කණ්ඩය වීඩියෝවෙත් ඇහෙනවා. ඒ අනුව ඉරාජ්ගේ හවුල් ගායකයා රාජ්‍ය නායකයා. ඒක දැනගෙනද කළේ. එතැන රයිට් ගැන ප්‍රශ්නයක් තියෙනවා.
මේ වීඩියෝවේ ජෝන් අමරතුංගෙත් ගොසිප් වීඩියෝ කොටසක් දාලා තියෙනවා. මේ සිදුවීම් එක්ක අපට තොරතුරු අහන්න දකින්න ලැබිලා තියෙනවා, ඉරාජ්ට විරුද්ධව ආණ්ඩුව පියවර ගන්න හදනවා කියලා. මේ තියන්නේ අපි පත්කළ යහපාලනය ආණ්ඩුව. ඒ අනුව මට සිද්ධ වෙනවා ලබන සතිය වනවිට ඉරාජ් වෙනුවෙන් පෙනී සිටින අපි පත්කරපු ආණ්ඩුවට විරුද්ධව. ඒ ඉරාජ්ගේ රයිට් එක වෙනුවෙන්.
නමුත් ඉරාජ් පෙනී සිටින්නේ ඒ වෙනුවෙන් නෙවෙයි. ඔහුගේ Face book එක ගත්තාම පේනවා ඔහුත් සමග ඉන්න රාජ්‍ය නායකයෝ කවුද, ඔහුත් එක්ක දෙපැත්තේ ඉන්නේ කවුද, ඔහු ආශ්‍රය කරන භික්ෂූන් වහන්සේලා කවුද කියලා. හැබැයි මම හිතන්නේ නැහැ ඔහුත් රයිට්ස් වෙනුවෙන් ඔය කවුරුවත් පෙනී හිටියි කියලා. ඒ නිසා ඉරාජ් වෙනුවෙන් පෙනී සිටින්න වෙනවා.
ඊළඟට ඉරාජ්, රෝයල් ත්‍රැප්‍රොබේනියන් එක, මෙහි එන පිරිස් සහ මට සමාන රූපයක් තියෙන කෙනෙක් පාවිච්චි කරලා තියෙනවා. ඒක මම හිතන්නේ රෝයල් ත්‍රැ‘ප්‍රොබේනියන් වෙනුවෙන් කළ ප්‍රොපගැන්ඩා එකක්; ප්‍රමෝෂන් එකක්. ලංකාවේ ආර්ට් ගැලරි විශාල ප්‍රමාණයක් තියෙද්දී, ආර්ට් ගැලරි කරන කෙනෙක් විදියට මාව තෝරා ගත්තට Thank you ඉරාජ්.
ඊළඟට ඒ ආර්ට් ගැලරි එක කෑම්ප් එකක් කියලා ඔහු කියනවා. ඒකත් මරු, මොකද කැම්ප්වලින් තමයි මිනිස්සු පුනරුත්තාපනය කරන්නේ. ඒ අනුව මේක ආර්ට් කෑම්ප් එකක්. එතුළින් මිනිස්සුන්ව පුනරුත්තානය කරන්න පුළුවන්. ඒ කාරණා සම්බන්ධව මම කිපෙන්න යන්නෙ නැහැ.
හැබැයි ඔහු මගේ අම්මා පොතේ ඡේදයක් අරගෙන තියෙනවා. එහි අකුරෙන් අකුර මගේ රයිට් එක. එහෙම මිනිස්සුන්ගේ බුද්ධිමය දේපළ කොල්ල කන්න බැහැ.
මගේ වස්සාන සිහිනය නවකතාවේ කවරය මේ වීඩියෝවට භාවිත කරනවා. ඒ කවරය නිර්මාණය කළේ කේ.කේ.සමන් කුමාර. ඒ අනුව මගේ පමණක් නොව, කේ.කේ.සමන් කුමාරගේත්, පොත කියවපු පාඨකාගාරයෙත් අයිතිය මංකොල්ල කාලා, ඔහු එය භාවිත කරනවා. ඉරාජ් මට කෝල් එකක් දාලා කිව්වා නම් මම මේක වීඩියෝවට පාවිච්චි කරනවා කියලා මම ඒකට ඉඩ දෙනවා. මෙහි රයිට් ඉල්ලගෙන යන්නෙ නැහැ. පාවිච්චි කරනවාට විරුද්ධ වෙන්නෙ නැහැ.
මේ මංකොල්ලයට දැන් ඉඩ දුන්නොත් අනාගතයේ දවසක ගෙවල් දොරවල් පවා මංකොල්ල කයි. ඒ අයිතිය හැදෙන්නෙ මෙහෙමයි. කාටහරි කියන්න පුළුවන් භාෂාව හැමෝටම අයිතිය, අපි හැමෝම භාවිත කරන්නේ භාෂාව කියලා. ඒක ඇත්ත. ඒ වගේම මේ මහපොළවේ තියෙන පස්, කළුගල් අපි ඔක්කොටම අයිතියි, ඒකත් ඇත්ත. හැබැයි මහ පොළවේ තියෙන පස් අරගෙන මාවනැල්ලේ මිනිස්සු වළං හදනවා. අපිට නුවරඑළියේ ගිහින් එද්දී ඒ වළං අපේ වාහනේ දාගෙන එන්න බැහැ; මෙහේ දීපන්, අපිටත් ඔවා අයිති කියලා ඒ වළං ඒ මිනිස්සුන්ගේ. මැටියෙන් වළං හැදුවේ ඒ මිනිස්සුයි. එහෙම නම් සමාධි පිළිමයත් ට්‍රැක්ටරයක අරගෙන එයි කළුගල් අපටත් අයිතිය කියලා. කළුගල් හැමෝටම අයිතිය වෙන්න පුළුවන්. හැබැයි කළුගල්වලින් පිළිමය හදපු ආර්ටිස්ගේ කොපිරයිට් මංකොල්ල කන්න බැහැ. ඉරාජ් කරන්නේ අන්න ඒ බුද්ධිමය දේපළ මංකොල්ල කන එක. එහි කෙළවර මහා විනාශයකින් අවසන් වෙන්න පුළුවන්. ඒ නිසා ඉරාජ්ගේ අයිතිය වෙනුවෙන්, හැකියාවන් සම්බන්ධව ටැලන්ට් එක ගැන පෙනී සිටින ගමන්ම, ඔහුගේ අශීලාචාරකම්වලට විරුද්ධ වෙනවා. ආචාර ධර්ම නැතුව සිදුකරන මාංස වෙළෙඳාමට මම විරුද්ධයි.
ආර්ට් ඇතුළේ අපිට ආචාර්ය ධර්ම බිඳින්න පුළුවන් දෘෂ්ටිවාදයක් එක්ක. මහාචාර්ය සරච්චන්ද්‍ර මනමේ හදන්නේ ජාතක පොතේ කතාවකින් තමයි. නමුත් ඔහුගේ දෘෂ්ටිවාදය ඒ තුළ තියෙනවා.
සිංහබාහු කතාවත් ජාතක කතාවක් වුණාට සරච්චන්ද්‍ර එය ප්‍රතිනිර්මාණය කරනවා. ප්‍රේමසිරි කේමදාස මානසවිල කරන්නේ 'බක'ජාතකයෙන්. ඒ අනුව ඒ නිර්මාණවල අයිතිය තිබෙන්නේ දෘෂ්ටිවාදයත් එක්කයි.
කුරාණයේ තියෙන බොහෝ ඡේදවලට නව අර්ථකථන දීලා තමයි සල්මන් රුෂ්ඩ් තම පොත ලිව්වේ. ඒක රයිට් එකක්. හැබැයි මංකොල්ල කන්න බැහැ. ඒ නිසා ඉරාජ්ට නීතිමය දඬුවමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
ආර්ටිස්ලට සියලු නීති කඩන්න බැහැ. ඔවුන්ට ආර්ට් එකේ දේවල් කඩන්න පුළුවන්. ඔහුට පුටුව කඩලා මේසයක් හෝ වෙනස් විදිහේ පුටුවක් හදන්න පුළුවන් වුණාට, ඔහුට ඒ පුටුව උස්සගෙන ගිහින් හන්දියේ ඉන්න කෙනෙකුට ගහන්න බැහැ. පොලිස් කාරයෙක් ඇල්ලුවම කියන්න බැහැ ඇයි මම කවි ලියලා තියෙනවා, ඒවා කියවලා නැද්ද කියලා. අපි එළියේ සිවිල් නීති රකින්න බැඳිලා ඉන්නවා.
ආර්ටිස්ලට තුන්වෙනි ඇහැ කියලා චාන්ස් එකක් දීලා තියෙනවා. ඒ තුන්වෙනි ඇස තුළින් රිංගලා තමයි ආර්ටිස්ලට යන්න පුළුවන්. ඒ රයිට් එක කිසිම මනුස්සයෙකුට නැහැ. ඒක මාර අයිතියක්. ඒකෙන් රිංගලා යන්න බැරිනම් ඔහු ආර්ටිස් කෙනෙක් නෙවෙයි. අපිට ව්‍යාංගය, උත්ප්‍රාසය, සෝපාහාස ආදී ලෙසින් ආර්ට්වල පෙළගස්වලා තියෙනවා. මේ තුළින් රිංගලා තම නිර්මාණවල යෙදිලා තමයි ආර්ටිස් වෙන්නෙ, හැබැයි වෙනම ඇහැක් තියෙනවා කියන්නේ වෙන එවුන්ගේ ඇස් ගලවන්න දෙන ලයිෂන් එකක් නෙවෙයි.
ඒ නිසයි මම ඉරාජ්ට් පෝස්ට් එකක් දාලා කිව්වේ ඉරාජ්, උඹට ටැලන්ට් එකක් තියෙනවා. ඒක ලස්සනට පාවිච්චි කරන්නකියලා. ශිෂ්ට විදිහට පාවිච්චි කරන්න කියලා.
ප්‍රශ්නය :- UNP ය විසින් ඇත්තටම ඔබව නොමග යැව්වද?
මම බබා කියලා කවුරුහරි හිතාගෙන ඉන්නවා නම්, මම කැමතියි එයාව නළවලා සුප්පුවක් කටේ ගහන්න. මම බබා නෙමෙයි.
මම UNPයෙන් ඡන්දය ඉල්ලුවට ඡන්දය ඉල්ලන රැස්වීම්වල මගේ ප්‍රකාශනවල පවා තිබුණේ UNP අදහස් නෙවෙයි. UNP දෘෂ්ටිවාදය නෙවෙයි. UNPයේ UNPකාරෙයෝ බොහෝ දෙනෙක් මිථ්‍යා දෘෂ්ටිකයි. මම මගේ ඡන්ද රැස්වීම්වලදී ඒවට හෝ ගාලා ගැහැව්වා. මේ නිසා මම UNP ප්‍රකාශනයක් නෙවෙයි. සන්නස්ගල, සන්නස්ගලගේ ප්‍රකාශනයක්.
මම මිනිස්සු දහස් ගණනක් ඉන්න වේදිකාවල මගේ අදහස් කියන්න අවස්ථා ලැබුණා. මගේ අදහස ඔවුන් පිළිගත්තේ නැහැ. මොකද මේ රටේ බහුතරය මෝඩයෝ කියලා මම දන්නවා. ඒ නිසා ඡන්දය පරදි කියන්නේ; සන්නස්ගල පරදි කියන එක නෙවෙයි. ඒ නිසා කවුරුහරි සිතනවා නම්, අන්දලා ඡන්දයට දාන්න පුළුන් තරම් බබෙක් මම ළඟ හිටියා කියලා, මම බබෙක් නෙවෙයි. මම ටිකක් මෝරා වැඩුණු පුරුෂයෙක්.
ප්‍රශ්නය:- ත්‍රැප්‍රොබේනියන් කියන්නේ ඇත්තටම කඳවුරක්ද?
තැප්‍රොබේනියන් කඳවුරක් කියලා කියන්නේ ඉරාජ් වීරරත්න. ඔහු ඒක කඳවුරක් කියලා හිතන්නේ ඇයි කියලා මම කල්පනා කළා. කඳවුරුගත ජීවිතය තුළ තමයි පුනරුත්තාපනය වෙන්නේ. හැබැයි වෙන කඳවුරුවල වගේ මේකේ මුරකාරයෝ, වෙඩි තියනඋන්, සුදු වෑන්වලින් උස්සන් යනවුන්, නීතිරීති නැහැ. මේ කඳවුර තුළ තියෙන්නේ එක් මානුෂවාදී රීතියක්. ඒ පොඩි ශිෂ්ට හැසිරීමක් තියෙන්න ඕනේ. ඒ හැසිරීම සම්බන්ධව කවුරුහරි පුනරුත්තාපනය වෙනවා නම්, මේක කඳවුරක් ලෙස හඳුන්වනවාට මම විරුද්ධ වෙන්නෙ නැහැ. මේක හරි නිදහස් කඳවුරක්. මේ කඳවුරේ ඉන්න උන් නිදහස් කරන්න බයයි, මට එළියේ තියෙන්නේ පිස්සන් කොටුවක් නිසා. එළියෙ තියෙන පිස්සන් කොටුවට වඩා, මේ බබල් එක ඊට වඩා හොඳයි කියලයි මට හිතෙන්නේ.
ඔබ මේ වකවානුවේ ජීවත් වෙන්නේ බබල් එක ඇතුළෙ නේද?
ඔව්, මොකද මම කැමති නැහැ; මම ජීවිත් වෙන වයිබ් එක එළියෙ පිස්සො අතින් කුඩුපට්ටන් වෙනවට. මේක මගේ රිටයවන්ට් ප්ලෑන් එක. කාටහරි පුළුවන් නම් තමන් රිටයවන්ට් වෙනකොට ආර්ට් ගැලරියක් දාගෙන ඊළඟ ජෙනරේෂන් එකත් එක්ක කයියක් ගහගෙන ඉන්න. හොඳ සින්දුවක් අහන්න, හොඳ ෆිල්ම් බලන්න, ඒ මිනිසා අපේ රටේ ඉපදුන හරි වාසනාවන්ත කෙනෙක්. ඒ වාසනාව සැපය කියන එක එළියෙ පිස්සන් කොටුවේ එවුන් දන්නේ නැහැ. විශ්‍රාම ගිහිල්ලා කැමති දෙයක් උයාගෙන කාලා, කැමති වෙලාවක නැගිටලා, කැමති අදහසක් ප්‍රකාශ කරගෙන, මගේ ජෙනරේෂන් එකේ නොවන ඊළඟ ජෙනරේෂන් එකේ එවුන් එක්ක සින්දුවක් දාගෙන ෆිල්ම් එකක් බලාගෙන, පොතක් කියවාගෙන පැදුරු පාටියක් දාගෙන, කයියක් ගහගෙන පුළුන් මිනිහෙක් මේ රටේ කවුරුවත් නැහැ. ජනාධිපතිවරයාටවත් බැහැ. ඒ නිසානේ ඔහු පාසල්වලට ගිහින් තබ්ලා, සර්පිනා ගහලා අමරබන්දු රූපසිංහ කියන්නේ. ඊට වඩා මම හරි ලකී මිනිහෙක්නේ.
ඇත්තටම ඔබ ගත කරන්නේ ඔය කියන තරම්ම තෘප්තිමත් ජීවිතයක්ද?
මම හැමදාම කළේ මට සතුටු වෙන්න පුළුවන් දේවල්. මම අවුරුදු 30ක් විතර ලංකාවේ හොඳ සල්ලි හොයපු මිනිහෙක්. කවුරුහරි ඇහැව්වොත් ඒකෙන් තෘප්තිමත් නැද්ද කියලා, නැත්තෙ මොකද? ගෙවල් දොරවල්, මේ බිල්ඩින් හැදුවේ, වාහන ගත්තේ, රට රටවල ගියේ ඒ සල්ලිවලින්නේ. ඒ වගේම දැන් ගත කරන ජීවිතෙනුත් මම තෘප්තිමත්. මේ ජීවිතේ තෘප්තිමත් නොවන වෙලාවක් ආවොත් ඊළඟ තත්පරේදී මම රෝයල් තැප්‍රොබේනියන් මම වහනවා.
හැබැයි මතක තබාගත යුතු දේ තමයි, මම දොරක් වහන්නේ තවත් දොරක් ඇරගෙන කියන දේ. ඒනිසා මට සතුටු නැත්නම්, මට මේ දොර වහලා වෙන දොරක් ඇරගන්නවා, ඒකට කැමැති අයට ඇතුළු වෙන්න පුළුවන්.
ඔබ පවතින ආණ්ඩුව හදන්න මැදිහත් වූවෙක් ලෙස බොහෝ අවස්ථාවල එහි යම් යම් මතවාදවලට එරෙහි වෙන අයුරු අපිට දුටුවා. මේ ගෙවන කාලය ගැන අද දැනෙන්නේ කොහොමද?
මගේ විරුද්ධවීම පටන් ගත්තේ අද ඊයේ නොවෙයි. මට ජනාධිපතිවරයා, අගැමැතිවරයා හා වත්මන් කැබිනට් එකත් එක්ක වැඩකරන කාලේ. ගොන්කම්වලට, මිථ්‍යා දෘෂ්ටික කෑලිවලට, කැපී පෙන්න හදපුවට, ඇජන්ඩාවලට විරුද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාව පුරා පැවැති රැස්වීම්වලට අගමැතිවරයා යනකොට ඔහුට පෙර කතාව කළේ මම. ඕනෑම දිස්ත්‍රික්කයක මැතිවරණ, ඇමතිවරු, ඡන්දය ඉල්ලන්න එක්ක ඉන්න අය ආදී විශාල පිරිසක් ඉස්සරහාට වෙලා ඉන්නවා. අගමැති එක්ක ෆොටෝ එකක් ගන්න. ඒ රැස්වීම් හැම එකකම මට අගමැති ගාව වාඩිවෙන්න පුටුවක් තිබුණා. ඔහු පෝඩියම් එකට ඇවිත් ආචාර කරන කොට මමයි කතා කරකර ඉන්නෙ. හැබැයි ඒ බොහෝ ඡායාරූපවල මම නැහැ. අගමැති පෙර කතාව කරපු, ඔහු ළඟ ආසනයෙන් වාඩිවෙලා හිටපු, ඔහු පිරිසට ආචාර කරන්න එද්දී පෝඩියම් එකේ හිටපු මම ඒ ෆෝටෝවල නැත්තේ ඇයි? බොහෝවිට ඒ පළාතේ ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක් පළාත් සභාවේ කෙනෙක්. මාව තල්ලු කරගෙන ඉස්සරහට එනවා ෆොටෝ එකට පෙනී හිටින්න. මම බොහෝ විට පස්සට වෙලා ඉඩ දෙනවා. මොකද අගමැති එක්ක ෆොටෝ ගහන මේනියාවක් මට නැහැ.
දවසක් කැලණිය පන්සලේදී ෆොටෝ එකට මුහුණ දනේන මහා උස මහත මිනිහෙක් මාව තල්ලු කළා. ඒ රවී කරුණානායක. ඒ වෙලේ මම ඔහුට කිව්වා ෆොටෝ ගහන්න ආවනම් මාව තල්ලු කරන්නේ නැතුව ඉස්සරහට පලයන්, තව පාරක් කළොත් කනපැළෙන්න ගහනවා කියලා, ඔහු කොළඹ දිස්ත්‍රික් නායකයා වුණ කියලා ඔහුට කියන්න ඕනි දේ මම නොකියා හිටියේ නැහැ. ඒ, මම බය නැති හින්දා.
වසර 30ක ටියුෂන් ජීවිතේ තුළ හමුවූ තාරුණ්‍ය හා මේ මොහොතේ තැප්‍රොබේනියන් තුළ ඔබ සමග ගනුදෙනු කරන තාරුණ්‍ය‘යේ පරම්පරා ගැටුම අත්විඳින්නේ කොහොමද?
කිසිම වෙනසක් නැහැ. මම පන්ති පටන් ගන්නකොට මං ළඟට ආව ළමයට අවුරුදු 20ක් නම්, මම පන්ති නවත්වන කොට ඔහුට අවුරුදු 50යි. හැබැයි මම පන්ති නවත්වන කොට පන්තියේ හිටපු ළමයින්ගේ වයස අවරුදු 18යි. ලංකාවේ අවුරුද්දෙන් අවුරුද්ද අප්ඩේට් වෙච්ච එකම මිනිසා මං විතරයි. හැමදාම හිටියේ උන් එක්ක. මම දැන් ඉන්නෙත් උන් එක්ක. මම සියවස් භාගයකට වැඩිය ජීවත් වෙච්ච මිනිහෙක්. මේ ආයතනයට එන එවැනි වයස් සහිත එකම පුද්ගලයා ඩබ්.ජයසිරි විතරයි. ඒ නිසා මම විශ්වාස කරනවා ඩබ්.ජයසිරි තරුණයෙක් කියලා.
මේ ඇත්තෙන්ම ජපුර කැම්පස් එක තියෙනවා. ඒකට අවුරුද 70,80,90 හැරමිටියෙන් නොන්ඩි ගහන එවුනුත් එනවා. මොකද අවුරුදු 20 ගණන්වල සිටියත් උන් තරුණ නැහැ. උන් එක්ක සාපේක්ෂව ගත්තම, මට ලෙස්ටර් තරුණයි. මොකද, පට්ට මොඩර්න් කතානේ කිව්වේ. අවුරුදු 70 පැන්න ජයසිරිට මෙතන කොල්ලො කොල්ලො එක්ක ඉන්න පුළුවන්.
මෙතැනට එන තරුණ පරම්පරාවක් වයසට ගියාහම සමහර විට මෙතැනින් යයි. මොකද %නාකි කියන්නේ නොහැකියි යන්නයි. නොහැකි එවුන්ට මාත් එක්ක ඉන්න බැහැ. එවිට යන්ග් බ්ලඩ් ආපහු එයි. මට හැමවිටම යංග් බ්ලඩ් විශ්වාස කරනවා. නාකින්ගේ කුණු ලේ විෂ වෙලා තියන්නේ. යන්ග් බ්ලඩ් හරි ෆ්‍රෙෂ්. ඒකේ ජවයක් හා වෙනසක් තියෙනවා, එය පිරිසුදුයි.
ඔය ජවය තුළින් ඔබ කරන්න හදන්නෙ මොකක්ද?
මම මුකුත් කරන්නෙ නැහැ. හැබැයි සමහර වෙලාවට මම මුකුත් කරන්නෙ නැහැ කියන්නෙ හුඟක් දේවල් කරමින් සහ කෙරෙමින් පතිනවා වගේ දෙයකුත් තියෙනවා. එක පාරක් මම ලිව්වා විසිල් නෑ - බල්ටි විතරයිකියලා. දැන් සන්නස්ගලට විසිල් නෑ- බල්ටි විතරයි සද්දෙ නැත්තෙ ඒකයි.
ආපහු ඉරාජ් සම්බන්ධ කාරණයට ආවොත් නීතිමය පියවර ගන්නවා යැයි කීම හුදු ප්‍රකාශයක් විතරද?
මම මෙච්චර කල් මිනිස්සුන්ගෙන් බැනුම් අහලා ගුටිකාලා තියෙන්නේ, අනික් එවුන්ට ගහයි කියලා වැටක් හදන්න ගිහිල්ලා. හැබැයි සන්නස්ගලට ගහලා තියෙන්නෙ වැටේ පොලු ගලවලා. මම අනිත් එවුන්ට වැටවල් හැදුවට මට ගහද්දී කවුරුත් එන්නෙ නැහැ කියලා මම දන්නවා.
එහෙම කියලා උන්ට ප්‍රශ්නයක් ආව වෙලාවට මම පැත්තකට වෙලා ඉන්නෙ නැහැ. ඒ නිසා තමයි මම ඉරාජ්ගේ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ. හැබැයි ඉරාජ් බුද්ධිමය දේපළ හොරකම් කළාට මම නඩුවක් දානවා. ඒක ස්ථිරයි.
නිරෝෂාන් ප්‍රේමරත්න
ඡායා - මිහිර බණ්ඩාර

තරුණයා පුවත්පත -



අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය - උපුල් ශාන්ත සන්නස්ගල (2019.04.04 )

ජාතිකත්වය දේශපාලනය හා කම්කරු ව්‍යාපාරය – ආචාර්ය කුමාරි ජයවර්ධන

මධ්‍යස්ථවාදීන් වශයෙන් නම් කොට ඇති අය තම ආර්ථික අතිරික්තය පරිභෝජනය කරනු වෙනුවට යළි ආයෝජනය කරන ඡායමාන ධනපති  පන්තියකට සුපුරුදු ධනවාදී  ආකල්ප ඇති පුද්ගලයෝය. එක්තරා  ප්‍රමාණයක ආර්ථික සමෘද්ධියක් අත් කර ගැනීමෙන් පසු මොව්හු දේශපාලන  බලය ලබා ගැනීම සිය අරමුණ කොටගත්හ.

එහෙත් ඔව්හු, පරිපාලන  සේවා ක්‍ෂේත්‍රයේ  උසස් තනතුරු දරමින් මෙරට පාලනය කළ එමෙන්ම වාර්ගික වශයෙන් තනිකරම බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන්  සෑදුණ පාලන පද්ධතිය විවර කිරීමේ කාර්යයට මුහුණ පෑහ. ලංකාවේ  ජාතික ව්‍යාපාරයේ  ඉතිහාසයෙන්  ලාංකීය  මධ්‍යම පන්තිය දේශපාලන බලය අත්පත් කොට ගැනීමේ ක්‍රියා විස්තර කැරෙයි. හැම අවධියකදීම  ව්‍යවස්ථානකූල ක්‍රම  මගින් කර ගෙන යන ලද, දේශපාලන  නියෝජිතත්වය,  අදහස් පළ  කිරීමේ නිදහස හා වාර්ගික  තුල්‍යතාව යනාදී ප්‍රජාතන්ත්‍රවාදී  අයිතිවාසිකම් සඳහා වූ   මේ සටන මධ්‍යස්ථවාදීන් විසින් මෙහෙය වන ලදී. රැඩිකල්වාදීහු ඊට සහයෝගය දුන්හ.

එහෙත් මධ්‍යම පන්තියේ රැඩිකල්වාදී කොටස දේශපාලන හා කම්කරු ප්‍රශ්න සම්බන්ධයෙන් දැරූ මතය  මධ්‍යස්ථවාදීන්ගේ මතයට වඩා වෙනස් විය. මධ්‍යස්ථවාදීන්ගේ ප්‍රතිපත්තිය පෙරට වඩා දේශපාලන  බලයක් ලබා මධ්‍යම පන්තියට දෙන යම්යම් ප්‍රතිසංස්කරණවලට සීමා වූ අතර. රැඩිකල් වාදීහු සටන ඉන් ඔබ්බට ගෙන යමින් සම්පූර්ණ ස්වරාජ්‍යයද, පූර්ණ වෘත්තීය සමිති අයිතිවාසිකම් ද, සර්වජන ඡන්ද බලය ද ඉල්ලා සිටියහ. 1915 ට පෙර කාලයේ වුව, මේ ප්‍රවණතා දෙක වෙන් වශයෙන්  දක්නට තිබුණ ද, ඒ වර්ෂයෙන් පසුව භේදය  ඊට වඩා  බොහෝ පැහැදිලි විය.1915 ට කලින් කම්කරු ව්‍යාපාරය හා සම්බන්ධ  ප්‍රශ්නවලට පටලැවී  සිටි මධ්‍යස්ථවාදීන්   සහ රැඩිකල්   වාදීන් යන මේ දෙකොටසම, ආගම ද, අමද්‍යප ව්‍යාපාරයද, ප්‍රාරම්භක ජාතිකවාදී   ඉල්ලීම්ද හා සම්බන්ධ වූ සටන් ව්‍යාපාරවල ක්‍රියාශීලී වූහ. ලංකාවේ  ප්‍රථම වෘත්තීය සමිතියේ  ආරම්භකයන් වූ ඒ. ඊ. බුල්ජෙන්ස් සහ දොස්තර ලිස්බෝ පින්තු ක්‍රිස්තු භූක්තිය හැරදා  ඊට විරුද්ධව  සටන් කළ අය වූහ. බෞද්ධ පුනර්ජීවනයේ   ප්‍රමුඛ පුද්ගලයන් වූ අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර සහ ඒ. ඊ. බුල් ජෙන්ස් කම්කරු පන්ති උද්ඝෝෂණයේ ආධාරකරුවෝ වූහ. දොස්තර ලිස්බෝ  පින්තු හා ජෝන් කොතලාවල ඇතුළු මේ සියලු නායකයෝ විවිධ අමද්‍යප  සංවිධානවලට අයත් වූහ. 1912 දී පවා සී. බටුවන්තුඩාවේ, ආතර් වී දියෙස් සහ ඩී. සී. සේනානායක ආදී අලුත්  මධ්‍යස්ථවාදී කම්කරු නායකයෝ අමද්‍යප  හා සමාජ සේවා ව්‍යාපාරවල ක්‍රියාශීලී වූ ජාතිකවාදීහු වූහ.

1915 සහ 1933 අතර කාලයේදී දේශපාලනය හා ආගම අතර වූ සම්බන්ධකම් ලිහිල් වීමට පටන් ගනී. ආගම ලාංකීය දේශපාලනයේ  සදා පැවති හා වරින් වර ඉස්මතු වූ සාධකයක්  බැව් නොකිවමනාය. එහෙත්  1915 කල කෝලාහලවලින් පසු ආගමික උද්ඝෝෂණ පසු බිමට තල්ලු වී ආගමික නොවූ ජාතිකවාදය ඒ තැන ගත්තේය. ජාතිකවාදීන්ට සිය දේශපාලන  දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම සඳහා ආගමික වාග් සම්ප්‍රදායක්  පාවිච්චි කිරීම තව දුරටත් අවශ්‍ය නොවීය. අමද්‍යප  උද්ඝෝෂණය තරමක් යල් පැන ගිය දේශපාලන සටන්ක්‍රමයක් බවට පත්විය. ක්‍රිස්තියානි විරෝධී උද්ඝෝෂණවල  යෙදීම තව දුරත් ජාතිකවාදී මත ඉදිරිපත් කිරීමේ  ප්‍රධාන ක්‍රමය නොවීය.  1915 දී සියලු දේ  අනිත්‍යය යන බෞද්ධ  මතය පළ කරමින් පාසල් ශිෂ්‍යයකු විසින් සඟරාවකට ලියන ලද ලිපියක් බ්‍රිතාන්‍ය පාලනයට  විරුද්ධ ප්‍රහාරයක්  ලෙස ‍පොලීසිය විසින් සලකන  ලද නමුත්, නව සිය විසි ගණන් වන  විට ජාතික වාදී සිසුන්ට ආගමික  පාඨවල සහාය  නොමැතිව තම දේශපාලන මත ප්‍රකාශ  කිරීමට පුළුවන්කම තිබිණ.

නවසිය විසි ගණන්වලදී ලංකාවේ  බටහිර පන්නයට හැඩ ගැසුණු මධ්‍යම පන්තියේ රැඩිකල්වාදී හා මධ්‍යස්ථවාදී කොටස් අතර නිරන්තර ගැටුමක් පැවතිණ. ලංකාවේ ජාතිකවාදී ව්‍යාපාරය  තුළ රැඩිකල්වාදීන්. සංඛ්‍යාව අතින් කුඩා වූ බැවින්ද ප්‍රධාන බලවේගයක් නොවූ බැවින්ද, මුලදී ඔවුන් කෙරෙහි  දක්වන ලද්දේ අල්ප අවධානයකි. ඔවුන්ගේ වැදගත්කම පැහැදිලි වන්නේ කම්කරු ව්‍යාපාරය ගැන අධ්‍යයනය කිරීමේදී පමණකි. ඔවුන්ගේ සංඛ්‍යාව සුළු වුවද, අනුගාමිකත්වය කුඩා වුවද, ඔවුන්ගේ බල පෑම තම සංඛ්‍යා ශක්තියට වඩා බෙහෙවින් විශාල විය. 19 වැනි ශත වර්ෂයේදී   රැඩිකල්වාදීන් සහ මධ්‍යස්ථවාදීන් යන දෙගොල්ලෝ ම දේශපාලන තීරණ ගැනීමේ   ක්‍ෂේත්‍රයෙන්  පිට මං කරනු ලැබ සිටියහ. එසේ වුවද, නව සිය විසි ගණන් වන විට  මධ්‍යස්ථවාදීන් හා රැඩිකල්වාදීන් අතර ප්‍රධාන වෙනස වූයේ,  මධ්‍යස්ථවාදීන් ක්‍රමයෙන් පාලක පන්තියේ කොටසක් බවට පත් වෙමින් සිටීමයි. රාජ්‍ය මන්ත්‍රණ  සභාවට තේරී පත් වුණු  මන්ත්‍රීවරුන් අතරෙන් මධ්‍යස්ථවාදී  දේශපාලනඥයන්ගෙන් සමන්විත ලාංකීය  ඇමැති මණ්ඩලයක් තෝරා ගන්නා ලද 1931 දී ඔවුහු අර්ධ වශයෙන් එම තත්ත්වය අත් පත් කොට ගත්හ. බ්‍රිතාන්‍යයන්  සමග සමගි සම්මුතියකට එළඹීමේ ප්‍රතිපත්තිය තුළින් පාලක පන්තියේ  කොටසක්  බවට පත්  වීම මධ්‍යස්ථවාදීන්ගේ  අපේක්ෂාව වූ බැවින් රැඩිකල්වාදීන් හා මධ්‍යස්ථවාදීන් අතර භේද උත්සන්න වීම අනිවාර්ය විය.

1915 න් පසු දේශපාලන ප්‍රශ්න හා වෘත්තීය සමිති ව්‍යාපාරය පිළිබඳව   රැඩිකල්වාදීන් හා මධ්‍යස්ථවාදීන් අතර මත භේද  වර්ධනය වී නවසිය විසි ගණන් වන විට පරතරය උග්‍ර විය. මධ්‍යස්ථවාදීන් එවකට විශාලම දේශපාලන සංවිධානය වූ ලංකා ජාතික  සංගමය මෙහෙය වූ අතර රැඩිකල්වාදීහු  ප්‍රධානම කම්කරු  සංවිධානය වූ ලංකා කම්කරු සංගමය  තුළ ප්‍රබල වූහ. ඒ අතර මධ්‍යස්ථවාදීන්ට ලංකා කම්කරු සම්මේලනය නමින් තමන්ගේම  වූ  වෘත්තීය සමිති සංවිධානයක් තිබිණ. රැඩිකල්වාදීහු  තරුණ ලංකා සංගමය සහ ලංකා කම්කරු පක්ෂය වැනි කුඩා නමුත් සංක්ෙෂප වශයෙන්  සටන්කාමී දේශපාලන කණ්ඩායම්වලට අයත් වූහ. ප්‍රතිසංස්කරණ සඳහා වූ  දේශපාලන ව්‍යාපාරයත්, නාගරික කම්කරුවන්ගේ උද්ඝෝෂණ සහ වැඩ වර්ජනත්, සම්බන්ධයෙන් මේ කොටස් දෙක අතර නිතර නිතර ගැටුම් ඇතිවිය. මත භේද ඇති වූයේ සටන් ක්‍රම මුල් කර ගෙනය. මධ්‍යස්ථවාදීහු “ඉවසීම, සන්සුන් පැවතුම්, අවංක භාවය හා සකසුරුවම්කම” යනාදීයෙහි යහපත්කම ගැන කම්කරුවන්ට කියා දෙමින් ප්‍රවේසමෙන් යුතුව හා හික්මීමෙන් යුතුව ක්‍රියා කරමින් දේශපාලන හා කම්කරු  ප්‍රශ්න සමාදානයෙන් විසඳා ගත යුතු බැව් කියා සිටියහ.  ඒ අතර රැඩිකල්වාදීන්ගේ වෑයම වූයේ  සටන්කාමී ජාතිකවාදී උද්ඝෝෂණ හා කම්කරුවන්ගේ බලගතු ආක්‍රමණික සටන් වර්ධනය   කිරීමයි. දේශපාලන  කටයුතුවලදී මධ්‍යස්ථවාදීන් සීමාසහිත  ඡන්ද බලය මත පදනම් වූ ප්‍රතිසංස්කරණ ටිකින් ටික ලබා ගැනීමට බලා‍පොරොත්තු වූ  අතර රැඩිකල්වාදීහු වහාම  සර්ව ජන ඡන්ද බලය සහිත ස්වරාජ්‍ය  ඉල්ලා සිටියහ.  තීරණාත්මක දේශපාලන උරගා බැලීම  කෙරුනේ  සර්වජන ඡන්ද බලය පිළිබඳ ප්‍රශ්නය  උඩයි. මේ ප්‍රශ්නය මුල් කරගෙන රැඩිකල්වාදීහු ලංකා ජාතික සංගමයෙන් කැඩී වෙන් වී  ලංකා කම්කරු පක්ෂය  පිහිටු වූහ. කම්කරු  ප්‍රශ්න ගැනද  මත භේදය  ඒ සමානම තියුණු විය.

තමන් ආභාෂය ලැබුවේ කුමන විදේශීය ව්‍යාපාරයන්ගෙන්ද යන්න මධ්‍යස්ථවාදීන් හා රැඩිකල්වාදීන් අතර පැවැති තවත් වෙනසකි.  මධ්‍යස්ථවාදීන්  බ්‍රිතාන්‍ය  ලිබරල්වාදය හා ඉන්දීය ජාතිකවාදී ව්‍යාපාරයේ ගතානුගතික  අංශය ගුරු කොට  සැලකූ අතර රැඩිකල්වාදීහු  ඉන්දීය “සීමාන්තිකයන්”  හා බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය  ගුරු කොට ගත්හ. ඇත්ත වශයෙන්, තම දේශපාලන හා වෘත්තීය  සමිති වැඩකටයුතුවලදී පමණක් නොව තම මුළු දෘෂ්ටිය සම්බන්ධයෙන්ද ලාංකීය   රැඩිකල්වාදීන් කෙරෙහි බලපෑවේ බ්‍රිතාන්‍ය  කම්කරු පක්ෂය   සමග වූ මේ  සම්බන්ධයයි. ආසියාවේ   බොහෝ ප්‍රදේශවල  මාක්ස්වාදයට අනුගාමිකත්වයක් වැඩි වැඩියෙන් ලැබෙමින් පැවති වකවානුවකදී නව සිය විසි ගණන්වල ලාංකීය රැඩිකල්වාදීහු ප්‍රධාන වශයෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදීමය දර්ශනයක රැඳී සිටියහ. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සමග වූ සිය සබඳකම් ලංකාවේ කම්කරු  ව්‍යාපාරයට  හා එහි නායකයන්ට ප්‍රයෝජනවත් විය.

නව සිය විසි ගණන්වල රැඩිකල්වාදී වෘත්තීය සමිති නායකයන්  ඊට පෙර කාලයේ එබඳු නායකයන්ට වඩා වෙනස් වූයේ මොන අන්දමින්ද? එක් කැපී පෙනෙන වෙනසක්  නම්, දේශපාලනය පමණක් නොව දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය ද ආගම වෙන් කිරීමයි. නව සිය විසි ගණන් වන විට, ඊට කලින් වකවානුවකදී  නාගරික  කම්කරු ව්‍යාපාරයේ පුරෝගාමීන් වූ බෞද්ධ  නායකයන්ගේ ස්ථානය  අලුත් පරම්පරාවක  රැඩිකල්වාදීන්  විසින් ගෙන තිබුණි. ඒ. ඊ. ගුණසිංහ සහ ජෝර්ජ් ඊ. ද සිල්වා වැනි ඉන් ඇතැමෙක් බෞද්ධයෝ වූහ. එහෙත් වික්ටර් කොරෙයා, සී. එච්. ඉසැඩ්  ප්‍රනාන්දු  සහ වැලන්ටයින්  පෙරේරා වැනි  තවත් අය ක්‍රිස්තු  භක්තිකයෝ වූහ. අපරදිග නොවන ආගම තව දුරටත් දේශපාලනයේ රැඩිකල්වාදය පිළිබඳ එක් මිනුම් දණ්ඩක් නොවූ වද එය ශක්තිමත්   ගාමක බලයක් ලෙස පැවතිණ. නව සිය  විසි ගණන්වල කම්කරු ව්‍යාපාරයේ  ඉතාම ජංගමශීලී පුද්ගලයා වූ ඒ. ඊ. ගුණසිංහ බෞද්ධ අධ්‍යාපනික  පසුබිමක් තිබූ තැනැත්තෙකි. ඔහු කම්කරු  සටන්වල   උග්‍ර අවස්ථාවල දී පවා නගරබද  කම්කරුවන්ගේ බෞද්ධ හැඟීම් ඇවිස්සුවේය. නවසිය  විසි ගණන්වල වතුකරයේ කම්කරු නායකයා ද හින්දු ආගමික නැඹුරු වීමක් ඇතිව සිටි පුද්ගලයෙකි. එහෙත් තම නායකත්වය අනුගමනය කළ කම්කරුවන්ගේ ආගම්වලට අනුරූපි වූ ආගමික විශ්වාසයන්  ඇතිව සිටි ඒ. ඊ. ගුණසිංහ සහ කේ. නාකේස් අයියාර්, ප්‍රධාන වශයෙන්ම ආගමික  අභිවෘද්ධියට හෝ ක්‍රිස්තියානි විරෝධී ප්‍රචාරයට වඩා ජාතිකවාදී  දේශපාලනය හා වෘත්තීය සමිති ව්‍යාපාරය ගැන සැලකිලිමත්වූ, ලෞකික නායකයෝ වූහ.

ඉඩම් හිමියන් වූද, වෘත්තීය බුද්ධීමතුන් වූද,  එමෙන්ම බ්‍රිතාන්‍යයන්ගේ අයිතිවාසිකම  සමග නොගැටුණු  ආර්ථික අයිතිවාසිකම් ඇතිව සිටියා වූද,  ලාංකීය මධ්‍යස්ථවාදීන්  බොහෝ විට රැඩිකල්වාදීන්ට විරුද්ධව පාලන අධිකාරීන්ගේ පැත්ත ගත් බැව් සඳහන් කිරීම ප්‍රයෝජනවත්ය.  සටන්කාමී වෘත්තීය සමිති කටයුතුවලට විරුද්ධව තම අදහස් පළ කළ මධ්‍යස්ථවාදී නායකයෝ “වගකීමෙන් තොර” රැඩිකල්වාදීන්  ගැන චෝදනා  මුඛයෙන් කථා කළහ.

එසේ වුවද, අධිරාජ්‍යවාදය කෙරෙහි වූ ආකල්ප අතින් මත භේද  තිබුණද රැඩිකල්වාදීන් සහ මධ්‍යස්ථවාදීන්  යන දෙගොල්ලන්ම ධනවාදී   රාමුව පිළිගත් බැව් සඳහන් කළ යුතුය. රැඩිකල්වාදීහු විකල්ප  සමාජ සංවිධානයක්   වශයෙන් සමාජවාදය  ඉදිරිපත් නොකළහ. ලංකා කම්කරු පක්ෂය  කිසිදාක සමාජවාදී   පක්ෂයක් ලෙස ඉස්මතු නොවීය. 1930  ගණන් දක්වා   ධනවාදී  ක්‍රමය බිඳහෙළිය  යුතුය යන්න කම්කරුවන්ට අවබෝධ  නොවූයේ එතෙක්  ඔවුන්ගේ පන්ති හැඟීම දියුණු නොවී තිබූ නිසාය.  එහෙත් මේ  කාලයේදී,  ධනවාදීන්ගේ වුවමනාවනට පටහැනිව තම පන්ති අයිතිවාසිකම් වෙනුවෙන්  නැගී සිටීම අතින් නගරබද  කම්කරු පන්තිය විශාල ඉදිරි පිම්මක් පැන්න බැව් සැලකිල්ට ගැනීම වැදගත්ය.

1933 දක්වා වූ කාලයේදී පන්ති හැඟීම  ප්‍රදර්ශනය වූයේ කෙසේද? 1933  දක්වා අවුරුදුවලදී හටගත් වැඩවර්ජන හා සටන්, පන්ති හැඟීම අනුව තේරුම්  කළ නොහැකි  හුදකලා සිද්ධීන් යයි පෙන්වීමට අද ඇතැම් ප්‍රතිගාමී  ඉතිහාසඥයෝ වෑයම් දරති. ලංකාවේ කම්කරු  පන්තිය, ජාති, භාෂා, ආගම් හා කුල අනුව බෙදී සිටි බැව්ද, එම නිසා  ඔවුනොවුන් සමග ප්‍රතිඵලදායී   ලෙස එක්සත් වීමට හෝ වෙනත්  ජාතියක නැත්නම් කුලයක   පුද්ගලයකුගේ  නායකත්වය යටතේ එක්සත්   වීමට හෝ නුපුළුවන් වූ බැව් ද  ඔව්හු  තර්ක කරති.  නමුත් සත්‍යය කුමක්ද? කම්කරු  පන්තියට මේ සියලු භේද  අබිභවා ගෙන වෘත්තීය සමිති තුළ  එක්සත් වීමට පුළුවන් වූ විශිෂ්ට අන්දම  ඒ මුල් කාලයේ  කම්කරු පන්ති ව්‍යාපාරයේ  ඉතිහාසයෙන් වුව පෙන්නුම් කරන බවයි.

ලබා ගත හැකි හැම සාක්ෂියකින්ම ඔප්පු කැරෙන්නේ විසි ගණන්වලදී කම්කරු පන්ති සහයෝගිතාව හා පන්ති හැඟීම පුදුමාකාර  ලෙස සංවර්ධනය  වූ  අන්දමයි. මේ කාලයේදී, පුද්ගලික අංශයේත් රාජ්‍ය අංශයේත්  සියලු ජාතීන්ට  අයත් නාගරික  කම්කරුවෝ විශාල සංඛ්‍යාවක්  ලංකා කම්කරු සංගමයට   බැඳුනෝය. ආර්ථිකයේ ප්‍රධාන අංශවල, එනම් (දුම්රිය, ට්‍රැම්රථ, මෝටර්කාර් යනාදී) ප්‍රවාහන සේවයේත්, වරායේත් කොළඹ නගරයේ ප්‍රධාන කර්මාන්ත ශාලාවලත් කම්කරුවන් අතර බලගතු  සමිති ව්‍යාපාරයක් වර්ධනය වනු දක්නට තිබිණ. එමෙන්ම, ඉංජිනේරු කම්කරුවන්, මුද්‍රණ  කම්කරුවන් හා හෝටල්  සේවකයන්ද, ආණ්ඩු දෙපාර්තමේන්තුවල, නගර සභාවේ හා පුද්ගලික  අංශයේ ෙදෙනික වැටුප් ලබන කම්කරුවන්ද, යනාදීන් අතරට වෘත්තීය සමිති ව්‍යාපාරය පැතිරෙනු දක්නට තිබිණ.

කම්කරුවන් අතර පන්ති හැඟීම වර්ධනය කිරීමෙන් ඔවුන්ගේ  අයිතිවාසිකම් දිනා  ගැනීම  සඳහා පන්ති සංවිධාන  ගොඩ නැගීම් අවශ්‍යතාව අවබෝධ  කර ගැනීමට ඒ. ඊ. ගුණසිංහ සමත් වූ බවයි. මේ අනුව බලන කල කම්කරු පන්තිය විසින්  ඓතිහාසික ජයග්‍රහණ රැසක් ලබා ගන්නා ලද විසි ගණන්වල ආර්ථික අරගල  සාර්ථක ලෙස මෙහෙය වීමට ඔවුන් සමත් වී ඇත. කම්කරු පන්තියේ  වර්ධනයේ  එක්තරා මට්ටමකදී. එනම් තමන් ධනපති පන්තියේ වුවමනාවනට පටහැනි පන්තියක්ය  යන්න කම්කරුවන් අවබෝධකර ගන්නා අවධියේ දී ඔහු කම්කරු  පන්තියේ අපේක්ෂාවන්   සාර්ථක ලෙස නියෝජනය කළේය.

එහෙත් ඔහු සමත් වූයේ මේ අවධිය  කරා සටන ගෙන යාමට පමණකි. පැවති තත්ත්වය වෙනස් වූ විට කම්කරුවන් විප්ලවීය ශක්‍යතාවක් දැක්වීමට  පටන් ගත් විට හා ධනවාදී ආර්ථික  අර්බුදය  කරණ කොට ගෙන රට දරිද්‍රතාවට මුහුණ පෑ විට – නිවැරදි න්‍යායික  නායකත්වය සැපයීමට ගුණසිංහ අ‍පොහොසත්  විය. තම පීඩනයට  නිධාන වූ මූලික හේතුව  කුමක්ද  යන්නත්, අධිරාජ්‍යවාදයට  හා ධනවාදී  සූරාකෑමට විරුද්ධ අරගලයේදී තමන්ගෙන් ඉටු විය යුතු ද්විත්ව  කාර්යය කුමක්ද යන්නත් කම්කරුවන්ට පෙන්වා දීමට ඔහු  අසමත් විය.  අර්බුදයකට මුහුණ පෑ  ඔහු ඉන් මිදීමට  තැත් කළේ කම්කරුවන්  ජාතිභේදවාදී  මගකට යොමු කිරීම මගිනි.  මේ වැරදි ප්‍රතිපත්තියේ ඵලවිපාක  භූක්ති වීඳීමට  ඔහුට සිදු විය. සූරාකෑමෙන් යුතු ආර්ථීක ක්‍රමයක් බිඳ හෙලීම සඳහා දේශපාලනමය වශයෙන් කම්කරුවන් සංවිධානය කිරීමට ඔහු අසමත් විය. එමෙන්ම ඔවුන්ට   සමාජවාදය සඳහා සටන්  කිරීමේ අවශ්‍යතාව  පෙන්වා දීමට ද ඔහු අසමත් විය.

කම්කරු හා දේශපාලන ව්‍යාපාරවල මුල් කාලයේ සංවර්ධනයක් පසු කාලයේ සිද්ධීන්ගේ රටාව කෙරෙහි   තීරණාත්මක ලෙස බල පා ඇත.  නිදසුනක් වශයෙන්. අට සිය අසූ ගණන්වල ආගමික පුනර්ජීවය, බෞද්ධ අධ්‍යාපන ව්‍යාපාරය  සහ නව සිය විසි ගණන් වල දේශපාලන හා වෘත්තීය සමිති අරගල  යන මේවා ඉන් පසු වකවානුවලදී නොයෙකුත් ප්‍රථිඵල බිහි කළ සිද්ධීන් විය.  දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයනට හුරුපුරුදු වීම, දේශපාලන හා වෘත්තීය   සමිති සටන් ව්‍යවස්ථානුකූල, මාර්ග  ඔස්සේ කර ගෙන යෑම, ලිබරල්වාදී දෘෂ්ටියේ බලපෑම, ආගම හා දේශපාලනය  අතර සමීප සබඳකම්  යන මේවා. 1930  න් පසු කාලයේ ශ්‍රී ලංකාවේ   දේශපාලන ඉතිහාසයේ ලක්ෂණයන්ගෙන් කීපයකි.  එබැවින් වඩා සමකාලීන  ඉතිහාසය ලියැවෙන දිනෙක, ආගම, දේශපාලනය හා කම්කරු ව්‍යාපාරය අතර අන්තර්  සම්බන්ධය  පිළිබඳව කලින් වකවානුවකදී පැවති රටාවන් කිසියම් වැදගත්  කමකින් යුතු වනු ඇත.

ආචාර්ය කුමාරි ජයවර්ධන
kumari jayawardena

මඩු වලිගය ගත යුත්තේ පරිසරය විනාශ කරන උන්ටය

1854 දී ඇමෙරිකානු ජනාධිපතිවරයාව සිටියේ ෆ්රෑන්ක්ලීන් පියර්ය. මේ කාලයේ යුරෝපීයන්ගෙන් ස්වදේශික ඇමෙරිකානුවන්ට මහත් හිරිහැර අත්විය. මෙම තත්ත්වය පාලනය කිරීමට පියර් ජනාධිපතිවරයා පියවර ගත්තේය. ස්වදේශික රතු ඉන්දියානුවන් සතු ඉඩම් සුදු මිනිසුන්ට විකුණන ලෙස රතු ඉන්දියානු නායක සියැටෙල් වෙත හසුනක් එවන ලදී. ඊට රතු ඉන්දියානු නායක සියැටෙල් යවන ලද ලිපිය පරිසරය පිළිබඳ ඉදිරිපත්ව ඇති සාරගර්භම ලේඛනය ලෙස හැඳින්විය හැකිය. මෙහි පරිසරයත්, මිනිසාත් අතර ඇති සමීප අන්තර් සම්බන්ධතාව පිළිබඳව ගැඹුරු විවරණයක් ඉදිරිපත් කර ඇත.

අපි පෘථිවියේ කොටසකි. මුවෝ, රාජලියෝ හා අශ්වයෝ අපේ සොහොයුරෝය. ගිරි මුදුන්වල සිට තණබිම් අතරින් ගලා බස්නා ගංගාද, අශ්වයාගේ හා මිනිස් සිරුරේ උණුසුම මේ හැමදේම එකම පවුලකි.*
එදා ඇමෙරිකාවේ ස්වදේශික ජනතාවට සුදු මිනිසුන්ට තමන්ගේ ඉඩම් ලබා දීමට සිදු විය. අවසානයේදී පරිසර පද්ධති සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය. අද ලංකාවේ තත්ත්වයද එසේමය. මේ දිනවල රටේ පරිසරය ගැන බොහෝ කතාබහක් ඇති වී ඇත. ඒ අමාත්‍යවරු දෙදෙනෙකු නකල්ස් රක්‍ෂිතයේ ඇති ඉඩම් අක්කර 21,000ක් සංවර්ධන ව්‍යාපෘති සඳහා සමාගමකට මෙන්ම තම හිතවතුන්ට මුදා හැරීමට කටයුතු කිරීමය. මෙසේ නකල්ස් රක්‍ෂිතයෙන් සංවර්ධනය සඳහා හෝ ජනතාවට බෙදා දීමට ඉඩම් මුදා හරින්නේ නම්, එම දේශපාලඥයන් දෙදෙනාට මොළේ කලඳක්වත් නැති බව කිව යුතුය.

ලෝකයේ පරිසර සංරක්‍ෂණය ගැන කතා කරන්න පටන් ගත්තේ 70 දශකයේ මුල්භාගයේ සිටය. අපේ රට පාලනය කළ ඉංග්‍රීසි කළේද, වන ගහනය විනාශ කර දැමීමය. ඉංග්‍රීසින් යාල සහ විල්පත්තුව පවත්වාගෙන ගියේ තමන්ට දඩයම් කිරීමට වූ දඩයම් භූමි ලෙසය. වනජීවී දෙපාර්තමේන්තුව පවත්වාගෙන ගියේ දඩයමේ යන සුද්දන්ට අවශ්‍ය පහසුකම් සැපයීමටය. එමෙන්ම සුදු ජාතිකයන්ගේ සංවර්ධන ක්‍රම නිසා අපේ රටේ වන ගහනය එන්න එන්නම අඩු වන්නට විය. යටත් විජිත රටවල වන සම්පත විනාශ විය. එම කාලය වන විට විදේශිකයන් පරිසර සංරක්‍ෂණය ගැන කතා කළේ නැත. විශේෂයෙන්ම කාර්මික විප්ලවයත් සමග පරිසර දූෂණය එන්න එන්නම වැඩි විය. පරිසරය සංරක්‍ෂණය කළ යුතු බව විදේශිකයන්ට දැනෙන්නේ අධිකව සම්පත් ක්‍ෂය වන විටය. එමෙන්ම ජීවීන් වඳ වීම, වනාන්තර විනාශ වීමත් සමගය. විදේශිකයන් පරිසර සංරක්‍ෂණය කරන්න උත්සාහ කරන විට තවමත් ලංකාව ගමන් කරන්නේ විදේශිකයන්ගේ පරිසර විනාශ කරන සංවර්ධන ක්‍රම සමගය.

නකල්ස් රක්‍ෂිතය සංවර්ධන ව්‍යාපෘතිවලට ලබා දෙන්න යෑමද එවැනි අඥාන කටයුත්තකි. මෙරට දේශපාලඥයන්ගේ මොළගෙඩි කෙතරම් ළාමකද යන්න ඉන් තේරුම්ගත හැකිය. ඕනෑම රටක හදවත බඳු වන්නේ කඳුකර වනාන්තරයි. ලංකාවේ හදවත බඳු වන්නේ මධ්‍යම කඳුකරයයි. ජල මූලාශ්‍රයන්, දේශගුණික හා කාලගුණය තීරණය කරන මුඛ්‍යතම සාධකය මධ්‍යම කඳුකරයයි. මේ හදවත බඳු මධ්‍යම කඳුකරය විනාශ කිරීම තුළින් මුළුමහත් ජනතාවටම හානි සිදු වන බව නොදන්නා දේශපාලඥයන් කරන්නේ රටටත්, ජනතාවටත් මහත් වූ විපතකි. මධ්‍යම කඳුකරය විනාශ කිරීමත්, ගංගාධාර වනාන්තර විනාශ කිරීමත් නිසා අද වන විට ලංකාව ස්වාභාවික අනතුරුවලින් ඉහළ රටක් බවට පත්වෙමින් ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. ප්‍රථම වරට ලංකාවට පොකුරු ගංවතුර හා පොකුරු නායයෑම්වලට ලක්වන්නට සිදු වූයේ මේ සිදු කරන පරිසර විනාශය නිසාය. ලංකාවේ ගංගාධාර වනාන්තර දැන් නැත. ගංගා දෙපස දැන් වැඩියෙන්ම ඇත්තේ හෝටල්ය. නැතිනම් නිවාසය.

දේශපාලඥයන්ගේ රැකවරණයෙන් පරිසර නීති තුට්ටුවකට හෝ මායිම් නොකරමින් ඇතැම් පිරිස් ගංගා අවට ඉඩම් මංකොල්ල කති. ව්‍යාපාර ආරම්භ කරති. එමෙන්ම නිවාස හදති. අද වන විට කැලණි ග‍ඟේ ගඟ රක්‍ෂිතයක් නොමැත. ඒවායෙහි ප්‍රතිඵල දැන් ජනතාව භූක්ති විදිති. ගඟ රක්‍ෂිත විනාශ කිරීමෙන්, පාංශු ඛාදනය වැඩි වීමෙන් ගඟේ ධාරිතාව අඩු වී සුළු වර්ෂාවකදී පවා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරය තවත් විනාශ වුවොත් ලැබෙන ප්‍රතිඵල තවත් දරුණු වනු ඇත.

මුළු ලෝකයම වනාන්තර ආරක්‍ෂා කර ගනිමින් වන වගාව වැඩි කිරීමට කටයුතු කරද්දී මෙරට පිරිස් කරනු‍යේ තිබෙන වනාන්තරද නැති කර ගැනීමය. 1930 වන විට ලංකාවේ වන ගහනය 52%කි. අද වන විට එය 17%ක් දක්වා අඩු වී ඇත. තවත් දෙයක් සඳහන් කළ යුතුය. ඕනෑම වනාන්තරයක ප්‍රේරක කලාපයක් (Buffer zone) ඇත. අද වන විට මේ ප්‍රේරක කලාපයද මිනිසුන් ආක්‍රමණය කර ඇත. ප්‍රේරක කලාප අල්ලාගෙන ඉන්න පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් දේශපාලඥයන් හෝ ඔවුන්ගේ ආධාරකරුවන්ය. මෙහිදී එක් කරුණක් මතක් කළ යුතුය. සිංහරාජ වනාන්තරයේ ප්‍රේරක කලාපය තවත් කිලෝමීටර් 05ක් ඉස්‍සරහට ගෙනාවේ එවකට ඉඩම් ඇමති රාජිත සේනාරත්නය. ඔහු කළ ක්‍රියාව ඇගයිය යුත්තකි.

මෙරට පරිසර අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීය. මෛත්‍රී ජනාධිපතිවරයා මේ දවස්වල ටිකක් සැරය. මේ සැර පාවිච්චි කර පරිසර හිතකාමී දෙයක් කරන්නට පුළුවන් නම් තවත් හොඳය. මෛත්‍රී කීවේ, ලංකාවේ වන ගහනය 35%ක් දක්වා වැඩි කරන බවය. කසළ තේ අපනයනය කර ලෝකයේ නම විනාශ කරගත් පසු ලංකාවේ තේ ඉල්ලුම අඩු විය. ඒ නිසාවෙන් තේ වතු අක්කර ලක්‍ෂයක් පමණ තේ වගා නොකර අත්හැර දමා ඇත. මේ අක්කර ලක්‍ෂය වනාන්තර ලෙස වගා කළ හැකිය. ලෙහෙසි කටයුත්තක් ලෙස ෆයිනස් ගස් සිටුවනවා වෙනුවට වඩා වැදගත් ශාක සිටුවීමට හැකිනම් එය ඉතා වැදගත්ය. එමෙන්ම කැබිනට් අනුමැතිය සඳහා නකල්ස් විනාශ කරන ව්‍යාපෘතිවලට අනුමැතිය ගැනීමට පැමිණයහොත් ජනාධිපතිවරයා මෙන්ම පරිසර ඇමතිවරයා ලෙස මෛත්‍රී කළ යුත්තේ එවැනි පත්‍රිකා ගෙන ඒමෙන් පරිසරය විනාශ වුවහොත් රටට අවැඩක් වෙනවා යැයි තේරුම් ගත නොහැකි ළාමක මොළ ඇති ඇමතිවරුන්ට මඩු වලිගයෙන් තලා එම කැබිනට් පත්‍රිකා විසිකර දැමීමය.

අප්‍රිකාවේ %Banana Republic^ (බනානා රිපබ්ලික්) ලෙස හඳුන්වන රාජ්‍ය ඇත. එහි අගමැතිවරු මෙන්ම කැබිනට් මණ්ඩල තිබුණද, රට පාලනය කරනුයේ කෙසෙල් වතු හිමියන්ය. අපට තව Banana Republic එකක් වන්නට වුවමනා නැත. විවිධ බහුජාතික සමාගම්වලට, දේශපාලන හිතවතුන්ට අභිමත අයුරින් නැටීමට දිය නොහැකිය. එබැවින් මෛත්‍රී පරිසර ඇමති මෙන්ම ජනාධිපතිවරයා ලෙස මැදිහත්ව පාරිසරික විනාශය වැළැක්වීමටත්, වනාන්තර වගාව ආරම්භ කිරීමටත් පුළුවන. පරිසර විනාශ කරන පිරිස්වලට මඩු වලිගය අතට ගතහොත් ඔහුට ජනතාවගේ ආදරයද හිමිවනු ඇත. සියැටෙල් පැවසුවාක් මෙන් පරිසරයට හානි කිරීමෙන් අපි නැතිකර ගනුයේ අපේම පවුල බව සිහි තබා ගත යුතුය.

නිපුන් ඒකනායක

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..