sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» »Unlabelled » ලංකා ඉතිහාසයේ මන්ත්‍රී ධුර දෙකක්‌ අහිමි කළ ඡන්ද පෙත්සම

1931 ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය යටතේ දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය 1936 මාර්තු මාසයේ දී පැවැත්වුණි. ලංකා ඡන්ද කොට්‌ඨාස 50 බෙදා පැවැති අතර ඒ සඳහා සර්වජන ඡන්ද බලය යටතේ මන්ත්‍රීන් තෝරා ගැනීම සිදුවිය. මෙම මැතිවරණයේ දී මන්ත්‍රීවරු 07 දෙනකු නිතරගයෙන් පත්වූ අතර හිටපු මන්ත්‍රීවරු 18 දෙනෙක්‌ පරාජය වූහ. නිතරගයෙන් පත්වූ 07 දෙනා නම්

1. ඩී. එස්‌. සේනානායක - මිනුවන්ගොඩ

2. සර් ඩී. බී. ජයතිලක - කැලණිය

3. එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක-වේයන්ගොඩ

4. ඩබ්ලිව්. දොරේසාමි - කයිට්‌ස්‌

5. ඡේ. එල්. කොතලාවල - කුරුණෑගල

6. ජී. සී. එස්‌. කොරයා - හලාවත

7. එච්. ආර්. ප්‍රීමන් - අනුරාධපුර

දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් පසුව අතුරු මැතිවරණ 24 ක්‌ පවත්වා ඇත. මෙසේ වීමට එක්‌ හේතුවක්‌ වූයේ 1941 දී කාලය අවසන් විය යුතු වූ නමුත් දෙවැනි ලෝක යුද්ධය නිසා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිල කාලය 1947 ජුලි දක්‌වා දීර්ඝ කිරීමයි.

1936 දී උතුරු කොළඹ ආසනය සඳහා ඉදිරිපත් වූ නේසම් සරවනමුත්තු මහත්මිය වැඩි ඡන්ද 4943 කින් ජයගෙන තිබුණි. රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත් වූ ප්‍රථම සහ එකම ද්‍රවිඩ මන්ත්‍රීවරිය වූයේ ඇයය. පක්‌ෂ දේශපාලනයන් නොවූ බැවින් පුද්ගලයෝ තනි තනිව තරග කළත් යටින් විවිධ බලවේග ක්‍රියාත්මක විය.

ඡන්ද

නේසම් සරවනමුත්තු - - 9752

ජෝෂප් ද සිල්වා - " - 4809

ඇස්‌. සී. පෝල් - " - 2858

ඇස්‌. ඇµa. ආර්. රුද්‍රිගෝ - " 2424

වැඩි ඡන්ද - " - 4943

නේසම් සරවනමුත්තු මහත්මිය 1941 දී මියගිය අතර ඒ වෙනුවෙන් අතුරු මැතිවරණයක්‌ පැවැත්විණි. දේශපාලන වශයෙන් එදා ජනප්‍රියව පැවැති ලංකා ජාතික සංගමයේa කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේත් බලය උරගා බැලීමේ සටනක්‌ වූ මේ සඳහා ජාතික සංගමයේ අපේක්‌ෂකයා ලෙස ඒවන විට කොළඹ නගරාධිපති වූ දොස්‌තර සරවනමුත්තු මහතා ඉදිරිපත් කළේය. කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතා තම මස්‌සිනා වන එම්. ඡේ. ද සිල්වා මහතා තරගයට ඉදිරිපත් කළේය. එදා දේශපාලන පොරපිටියේ ප්‍රබලයන් වූ ඩී. ඇස්‌. සේනානායක, සර්. ජෝන් කොතලාවල, ඡේ. ආර්. ජයවර්ධන, ඩඩ්ලි සේනානායක වැන්නවුන් දොස්‌තර සරවනමුත්තු මහතා වෙනුවෙන් සහයෝගය දැක්‌වූ නමුත් ජයගනු ලැබුවේ ඒ. ඊ. ගුණසිංහ මහතාගේ මස්‌සිනා වූ ඇම්. ඡේ. ද සිල්වා මහතාය. ජයග්‍රහණය සමඟම ඊට විරුද්ධව තවත් ඡන්ද පෙත්සමක්‌ ඉදිරිපත් කරන ලදී. ඇම්. ඡේ. ද සිල්වා මහතා සහ ඔහුගේ ආධාරකරුවන් මැතිවරණ දූෂණවල යෙදුණු බවට ඉන් චෝදනා කෙරිණ. 1941 දෙසැම්බර් 22 වැනි දින මැතිවරණ පෙත්සම පිළිබඳ තීන්දුවක්‌ ලබාදුන් ඇම්. ටී. අක්‌බාර් විනිශ්චයකාරතුමා ජයග්‍රාහී අපේක්‌ෂක ඇම්. ඡේ. ද සිල්වා මහතා සහ ඔහුගේ ආධාරකරුවන් මැතිවරණ දූෂණවල යෙදී ඇති බව ඔප්පු වන බැවින් උතුරු කොළඹ මන්ත්‍රී ධුරය අහිමි කරන ලදී. දූෂණ කටයුතුවල යෙදීමට ඔහුට ආධාර අනුබල දුන් පුද්ගලයකු ලෙස ඒ. ඊ. ගුණසිංහ මහතා වැරදිකරුවකු කරනු ලැබූවෙන් මැද කොළඹ වැඩි ඡන්ද 2934 ක්‌ ජයගෙන තිබූ මන්ත්‍රී ධුරය ඒ. ඊ. ගුණසිංහ මහතාට අහිමි විය.

ඡන්ද

ඒ. ඊ. ගුණසිංහ - 16011

ටී. බී. ජයා - " 13077

වැඩි ඡන්ද - " 2934

මන්ත්‍රී ධුරය අහිමි වූවා පමණක්‌ නොව අවුරුදු 07 කට සිවිල් අයිතිවාසිකම්ද ඒ. ඊ. ගුණසිංහ මහතාට අහිමි විය. මෙසේ තම මස්‌සිනාට උතුරු කොළඹ ආසනය දිනවා දීමට තැත්කිරීමට ගොස්‌ තාවකාලිකව තමන්ගේ දේශපාලන කටයුතු ද අත්හිටුවා ගැනීමට ඔහුට සිදුවිය. උතුරු කොළඹ වෙනුවෙන් ඊළඟ අතුරු මැතිවරණය පවත්වන විට දෙවැනි ලෝක සංග්‍රාමයද ආරම්භ වී පැවැති බැවින් යුද බිය කොළඹටද දැනී තිබිණි. ඒ නිසා කොළඹ ජනතාව පිට ප්‍රදේශවලට සංක්‍රමණය වීමද සිදුවිය. එවක කොළඹ උප නගරාධිපති වූ ජොර්ඡ් ඊ. ද සිල්වා මහතා ජාතික සංගමයෙන්ද, නන්දාවතී ද සිල්වා මහත්මිය කම්කරු පක්‌ෂයෙන් ද ඉදිරිපත් වූ අතර මුළු ඡන්ද 1908 ක්‌ ලැබූ ජෝර්ඡ් ආර්. ද සිල්වා මහතා ඉන් ජයග්‍රහණය කළේය.

මෙසේ එක ඡන්ද පෙත්සමකින් ආසන 2 ක මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ මන්ත්‍රී ධුර අහිමි වූ එකම අවස්‌ථාව මෙය විය.

සමරසේන මුදලිගේ



«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..