sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » » » මාක්‌ස්‌වාදී දේශපාලනය නන්නත්තාර කළ 1977 මහ මැතිවරණය

1960 දශකයේ අගභාගයේදී ජනතා විමුක්‌ති පෙරමුණ ක්‍රියාකාරී පක්‌ෂයක්‌ බවට පරිවර්තනය වන විට එතෙක්‌ 1935 සිට වාමාංශික දේශපාලනයේ නිරත වූ පක්‍ෂ හා කණ්‌ඩායම් "සාම්ප්‍රදායික" වම ලෙස හැඳින්වීමේ ප්‍රවණතාවක්‌ ඇතිවිය. ජ. වි. පෙ. හෙවත් "ෙච් ගුවේරා ව්‍යාපාරය" විප්ලවවාදී ව්‍යාපාරයක නිරත වන ශ්‍රී ලංකාවේ සැබෑ සමාජවාදී විප්ලවයකට නායකත්වය දෙන පක්‌ෂය ලෙස හඳුන්වා දීම ඉහත මතවාදයට ප්‍රධාන හේතුව විය.

1970 මැයි 27 මහ මැතිවරණය පවත්වන විට මේ අනුව ජ. වි. පෙ. ඊට අනුගත නොවූ විප්ලවවාදී පක්‌ෂයක්‌ ලෙස ක්‍රියාත්මක වූ අතර සාම්ප්‍රදායික වමේ පක්‌ෂ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සමඟ සන්ධානගත වී සමඟි පෙරමුණක්‌ ලෙසින් පෙනී සිටියේය. ඒ අනුව සමඟි පෙරමුණේ පක්‌ෂ නිතරග ගිවිසුම් මත අපේක්‌ෂකයින් ඉදිරිපත් කරන ලදී.

එම මැතිවරණයේදී සමඟි පෙරමුණ විශිෂ්ට ජයක්‌ ලැබූ අතර ප්‍රතිඵල මෙසේ විය.

තරග කළ ජයගත් ලැබූ ඡන්ද ආසන ආසන ප්‍රමාණය

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය 105 90 1812849

ලංකා සමසමාජ පක්‌ෂය 23 19 433224

එක්‌සත් ජාතික පක්‌ෂය 127 17 1876956

පෙඩරල් පක්‌ෂය 19 13 245747

කොමියුනිස්‌ට්‌ පක්‌aෂය 09 06 169229

ද්‍රවිඩ සංගමය 12 03 115567

ස්‌වාධීන 87 02 225559

මහජන එක්‌සත් පෙරමුණ 04 00 46571

සිංහල මහජන පක්‌ෂය 51 00 20429

කොමියුනිස්‌ට්‌ පක්‌ෂය (චීන පිල) 01 00 3485

මෙම මැතිවරණයේදී අප්‍රියෙල් 23 වැනිදා වැලිමඩ ආසනයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කළ ආර්. එම්. බණ්‌ඩාර මහතා නිතරගයෙන් තේරී පත්විය.



සාම්ප්‍රදායික වමේ දේශපාලන පක්‌ෂවල ඉහළම වර්ධනය දක්‌නට ලැබෙනුයේ මෙම මැතිවරණයේ ප්‍රතිඵල සමඟය. ලංකා සමසමාජ පක්‌ෂය ශ්‍රී ලංකාවේ දෙවැනි තැනට මන්ත්‍රී ධුර සංඛ්‍යාවක්‌ ලබාගන්නේ එ. ජා. පක්‌ෂයේ මන්තිS්‍ර ධුර සංඛ්‍යාවත් ඉක්‌මවමිනි. ලංකා සමසමාජ පක්‌ෂය මන්ත්‍රී ධුර 19 ලබන විට ප්‍රධාන විපක්‌ෂය වූ එ. ජා. පක්‌ෂයට ලබාගත හැකිවුයේ මන්ත්‍රී ධුර 17 කි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‌ෂයද මන්ත්‍රී ධූර 06 ලැබීය. කොමියුනිස්‌ට්‌ පක්‌ෂ ඉතිහාසයට ලැබුණු වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවද මෙය විය. මේ අනුව සමඟි පෙරමුණු ආණ්‌ඩුවට තුනෙන් දෙකේ බලයක්‌ ලැබීමට හැකිවූ අතර වමේ පක්‌ෂ වලට අමාත්‍ය ධුර ගණනාවක්‌ ද හිමි විය. විශේෂයෙන් මුදල් අමාත්‍ය ධුරය සමසමාජ පක්‌ෂ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාට හිමි වූ අතර නව ආණ්‌ඩු ක්‍රමයක්‌ සකස්‌ කිරීම සඳහා වැවිලිකර්මාන්ත හා ව්‍යවස්‌ථා සම්පාදක අමාත්‍ය ධුරය ආචාර්ය කොල්වින් ආර්. ද. සිල්වාට හිමිවිය. කොමියුනිස්‌ට්‌ පක්‌ෂයේ පීටර් කෙනමන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරය දැරීය. නමුත් 1975 වන විට ආණ්‌ඩුවේ පක්‌ෂ අතර අර්බුද මතුවීම නිසා සමඟි පෙරමුණ දෙදරා ගියේය. එහෙත් 1972 ජනරජ ආණ්‌ඩුක්‍රමය සකස්‌ කිරීමට ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා විශිෂ්ට කාර්යභාරයක්‌ ඉටු කළ අතර මුදල් අමාත්‍ය ආචාර්ය එන්. එම්. පෙරේරා ආර්ථිකය එකලස්‌ කිරීම සඳහා සුවිශේෂ කාර්යභාරයක්‌ ඉටු කළේය. මේ අතර 1971 අප්‍රියෙල් කැරැල්ල නමින් හැඳින්වූ ජ. වි. පෙරමුණු තරුණ නැඟිටීම මැඬපැවැත්වීමට රජය අනුගමනය කළ ඇතැම් ක්‍රියාමාර්ග විවේචනය කරමින් 1971 ඔක්‌තෝබර් මාසයේ දී හබරාදුව මන්ත්‍රී ප්‍රින්ස්‌ ගුණසේකර මහතා සමඟි පෙරමුණ හැරදා විපක්‌ෂයට ගියේය. 1972 රජය ඉදිරිපත් කළ අපරාධ යුක්‌ති විනිශ්චය සභා පනතට පක්‌ෂව ඡන්දය නොදීම නිසා ලංකා කොමියුනිස්‌ට්‌ පක්‌ෂයේ නායක දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහ, සරත් මුත්තෙට්‌ටුවේගම, ඊලියන් නානායක්‌කාර හා ඇම්. ජී. මැන්දිස්‌ යන මන්ත්‍රීවරුන් 04 දෙනා ආණ්‌ඩු පක්‌ෂයෙන් ඉවත් කරන ලදී.

කොමියුනිස්‌ට්‌ පක්‌ෂයෙන් අමාත්‍ය ධුර දැරූ පීටර් කෙනමන් හා බී. වයි. තුඩාව යන මන්ත්‍රීවරු ආණ්‌ඩුව තුළ තවදුරටත් රැඳී සිටි අතර නිවාස උපරිම සීමා පනත මේ වන විට සම්මත වී තිබිණ. ආරක්‌ෂක තත්ත්වය පිළිබඳ ප්‍රශ්න මත හිටපු හමුදාපතිවරයකු වූ මාතලේ මන්ත්‍රී රිචඩ් උඩුගම මහතා 1974 දී ආණ්‌ඩු පක්‌ෂයෙන් ඉල්ලා අස්‌විය.

1975 වන විට මුදල් අමාත්‍ය ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාගේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව ශ්‍රී ල. නි. ප. නායකයින්ගෙ විවිධ විරෝධතා පැමිණි අතර ඒ පිළිබඳව වාද විවාද අවසානයේ 1975 සැප්. 03 වැනිදා අගමැතිගේ උපදෙස්‌ මත ජනාධිපතිවරයා විසින් ලංකා සමසමාජ පක්‌ෂයේ අමාත්‍යවරුන් 03 දෙනා ආණ්‌ඩුවෙන් ඉවත් කරන ලදී. එසේ ඉවත් කරන ලද්දේ මුදල් අමාත්‍ය ආචාර්ය එන්. එම්. පෙරේරා ප්‍රවාහන අමාත්‍ය ලෙස්‌ලි ගුණවර්ධන, වැවිලි කර්මාන්ත හා ව්‍යවස්‌ථා සම්පාදක අමාත්‍ය ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා යන අමාත්‍යවරුන්ය.

මේ නිසා ලංකා සමසමාජ පක්‌ෂයේ මන්ත්‍රීවරුන් 19 දෙනාගෙන් 17 දෙනෙක්‌ සමඟි පෙරමුණු ආණ්‌ඩුවෙන් ඉවත් වී විපක්‌ෂයට ගියේය. එකවර විශාල මන්ත්‍රීවරු ප්‍රමාණයක්‌ විපක්‌ෂයට ගිය මුල්ම අවස්‌ථාව මෙයයි.

ඉවත්ව නොගියේ බද්දේගම ලංකා සමසමාජ පක්‌ෂ මන්ත්‍රී නීල් ද අල්විස්‌ හා බුලත්සිංහල මන්ත්‍රි මංගල මුණසිංහ මහතා පමණි. 1976 වන විට ආණ්‌ඩුවේ තවත් ප්‍රගතිශීලී මන්ත්‍රිවරු වන දෙවිනුවර රොනී ද මෙල්, අවිස්‌සාවේල්ල බොනී ජයසූරිය, රත්නපුර නාලන්ද එල්ලාවල, මස්‌කෙළිය ගාමිණී ආරියතිලක, තිස්‌සමහාරාම ටෙනිසන් එදිරිසූරිය, කැකිරාව ඒ. එම්. ජිනදාස යන අයවලුන්ද ආණ්‌ඩුව හැරදා විපක්‌ෂයට එක්‌විය.

1977 ආරම්භ වනවිට මෙතෙක්‌ ආණ්‌ඩුව තුළ රැඳී සිටි කොමියුනිස්‌ට්‌ පක්‌ෂයේ පීටර් කෙනමන් හා බී. වයි. තුඩාව යන මහත්වරු ආණ්‌ඩුවෙන් ඉවත් වී විපක්‌ෂයට එක්‌විය. මේ අතර කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍ය කටුගම්පළ ටී. බී. සුබසිංහ මහතාද සමඟි පෙරමුණ ආණ්‌ඩු හැරදා විපක්‌ෂයට එක්‌විය.

මේ අනුව ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රගතිශීලී මන්ත්‍රිවරු 31 දෙනෙක්‌ ආණ්‌ඩුව හැරදා ගොස්‌ තිබිණි. මේ තත්ත්වය තුළ තවදුරටත් ආණ්‌ඩුව පවත්වාගෙන යැම දුෂ්කර තත්ත්වයට පත් වූයෙන් අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපති විලියම් ගොපල්ලව මහතාට උපදෙස්‌ දෙන ලදින් 1977 මැයි 18 වැනිදා ජාතික රාජ්‍ය සභාව විසුරුවා හරින ලදී. මීළඟ මැතිවරණය සඳහා නාම යෝජනා ගැනීම 1977 ජුනි 06 වැනිදා නියම වූ අතර මැතිවරණය 1977 ජුqලි 21 දිනට නියම විය.

ඉහත තත්ත්වයන් යටතේ මෙරට වාමාංශික ව්‍යාපාරය සමඟි පෙරමුණෙන් ඉවත්ව තනි තනි වශයෙන් තම සංවිධාන ශක්‌තිය ගොනු කරමින් මැතිවරණයට මුහුණ දෙන්නට උත්සාහ කළේ තම ප්‍රධාන හතුරා සමඟි පෙරමුණු ආණ්‌ඩුව ලෙස සලකමිනි. මේ නිසා මහ මැතිවරණයට ඔවුහු ඉදිරිපත් වූයේ තනි තනි බලවේගයන් හැටියටය.

මේ වන විට පාර්ලිමේන්තුවේ ඡන්ද කොට්‌ඨාස සංඛ්‍යාව 151 සිට 168 දක්‌වා වැඩිකර තිබුණු අතර මන්ත්‍රී කොට්‌ඨාස නවයක්‌ අළුතෙන් බිහිවී තිබුණි. කඩුවෙල, හාරිස්‌පත්තුව, පාතදුම්බර, උඩුදුම්බර, මහනුවර, මනිපායි, හාලිඇල, දැරණියගල හා ඇහැළියගොඩය. ඉහත සියලු කොට්‌ඨාස හා සමඟ බහු මන්ත්‍රී කොට්‌ඨාසද සමඟින් මන්ත්‍රිවරු 168 ක්‌ තෝරාගැනීම සිදුවිය.

1977 මැතිවරණය වනවිට පිළිගත් දේශපාලන පක්‌ෂ ලෙස තහවුරු වී තිබුණේ පක්‌ෂ 07 කි. නමුත් පක්‌ෂ ලෙස පිළිගන්නා ලෙස ඉල්ලීම් 28 ක්‌ මැතිවරණ කොමසාරිස්‌ වෙත ලැබී තිබුණ බව වාර්තා විය. අපේක්‌ෂකයින් 756 දෙනෙක්‌ නාමයෝජනා ඉදිරිපත් කළ අතර 461 දෙනෙක්‌ විවිධ දේශපාලන පක්‌ෂ වලිනුත් 295 දෙනෙක්‌ ස්‌වාධීන අපේක්‌ෂකයින් ලෙසත් ඉදිරිපත් විය.

එහෙත් පැවැති සියලු මැතිවරණ වලට වඩා ඉහළ ප්‍රතිශතයක්‌ 1977 මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කර තිබූ අතර සංඛ්‍යාත්මකව එය 87.7% ක තරම් ඉහළ අගයක්‌ ගත්තේය.

1977 මැතිවරණ ප්‍රතිඵල

පක්‌ෂය තරග කළ ජයගත් ලැබු ඡන්ද

ආසන ආසන සංඛ්‍යාව

එක්‌සත් ජාතික පක්‌ෂය 154 140 3179221

ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ 23 18 339043

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය 147 08 1855331

ලංකා කම්කරු සංගමය 02 01 62707

ශ්‍රී ලංකා කොමියුනිස්‌ට්‌ පක්‌ෂය 25 - 123856

ඉලංගෙයි තමිල් අරසුකච්චි 01 - 22443

ලංකා සමසමාජ පක්‌ෂය 82 - 225317

මහජන එක්‌සත් පෙරමුණ 27 - 22639

ස්‌වාධීන 295 01 353014

756 168 6243517

ඉහත ප්‍රතිඵල අනුව සියලුම වාමාංශික හා ප්‍රගතිශීලි පක්‌ෂවලට එකදු ආසනයක්‌ හෝ ජයගත නොහැකි විය. හාරිස්‌පත්තුව ආසනයට ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්‌ට්‌, ම. එ. පෙරමුණ සියලු දෙනා තරග කරත්දිත් ස්‌වාධීනව තරග කළ ආර්. පී.

විඡේසිsරි මහතා වැඩි ඡන්ද 272 කින් ජයගත්තේය. 1970 මැතිවරණයේදී සම්ප්‍රදායික වාමාංශික පක්‌ෂ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හා සන්ධාන ගතවී තම දේශපාලන ඉතිහාසයේ ස්‌වර්ණමය යුගය උදාකර ගත්තත් 1977 මැතිවරණයේදී තනි තනිව සටන් කර නන්නත්තාර වූ අන්දම මෙයින් පැහැදිලිවේ. එකම පක්‍ෂ් නායකයකුටවත් අවම වශයෙන් ජයගත නොහැකි වීම විශේෂ ලක්‌ෂණයකි. මැතිවරණයට පක්‌ෂ වලින් ඉදිරිපත් වූ 135 දෙනකුගේ හා ස්‌වාධීන 270 කගේ ඇප මුදල් පවා රාජසන්තක විය.

සාම්ප්‍රදායික වමේ දේශපාලන පක්‌ෂවල ඉහළට වර්ධනය දක්‌නට ලැබෙනුයේ මෙම මැතිවරණයේ ප්‍රතිඵල සමඟය. ලංකා සමසමාජ පක්‌ෂය ශ්‍රී ලංකාවේ දෙවැනි තැනට මන්ත්‍රී ධුර සංඛ්‍යාවක්‌ ලබාගන්නේ එ. ජා. පක්‌ෂයේ මන්තිS්‍ර ධුර සංඛ්‍යාවත් ඉක්‌මවමිනි. ලංකා සමසමාජ පක්‌ෂය මන්ත්‍රී ධුර 19 ලබන විට ප්‍රධාන විපක්‌ෂය වූ එ. ජා. පක්‌ෂයට ලබාගත හැකිවුයේ මන්ත්‍රී ධුර 17 කි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‌ෂයද මන්ත්‍රී ධූර 06 ලැබීය. කොමියුනිස්‌ට්‌ පක්‌ෂ ඉතිහාසයට ලැබුණු වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවද මෙය විය.

සමරසේන මුදලිගේ

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply