sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » සිංහලය මත් වතුරේ දියකර දැමූ අරක්‌කු රේන්දය

ශ්‍රී ලංකාව පිළිබඳව ප්‍රාග් ඓතිහාසික යුගය දක්‌වා සඳහන් වුවද මහාවංශයට අනුව ශ්‍රී ලාංකික රාජාවලිය ආරම්භ වනුයේ ක්‍රි.පූ.543 විජය රජුගේ ලංකාගමනයෙනි. මෙම රාජාවලියේ අවසානය 1815 ශ්‍රී වික්‍රම රාජසිංහ අවධියෙන් අවසන් වනුයේ මහා ෙ€දවාචකයක්‌ ද සමගිනි. එදා විජයගෙන් ඇරඹි රාජ්‍යාවලියේ නොයෙකුත් විදේශීය ආක්‍රමණ හමුවේ දිවිහිමියෙන් සටන් කොට මෙම සුන්දර දිවයින ආරක්‍ෂා කර ගැනීමට හෙළයෝ සමත් විය. එහෙත් පළමුව තම යටත් විජිතයක්‌ බවට පහතරට අල්ලාගත් පෘතුගීසීන්ගෙන් (1505) ඇරඹි විදේශීය ආක්‍රමණ හමුවේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආදි කිසිවකුටත් උඩරට රාජ්‍ය අත්පත් කර ගැනීමට නොහැකි විය. ඉංග්‍රීසීහු 1815 දී උඩරට අහංකාර රදළයන්ගේ ආශිර්වාදය ඇතිව පෙබරවාරි 15 වනදා එකදු වෙඩිල්ලක්‌ හෝ නොතබා අල්ලා ගත්තේ සිංහලයේ රාජ්‍ය වංශයේ අවසන් රජු ලෙස ශ්‍රී වික්‍රමරාජසිංහ අත්අඩංගුවට ගැනීමෙනි. අවු. 2300 ක්‌ අඛණ්‌ඩව පවත්වාගෙන ආ රාජාවලිය අපේ රදළයන්ගේ අදූරදර්ශී ක්‍රියා
පිළිවෙත නිසා එයින් අවසන් විය. ක්‍රි. ව. 1780 උපත ලද 1798 රාජ්‍යත්වයට පත් ශ්‍රී වික්‍රම රාජසිංහ අවසානයේ කෲරතරයකු, කාමපිපාසිතයකු, බේබද්දකු ලෙස ඉතිහාසයට එකතුව එංගලන්ත ආණ්‌ඩුවේ රාජකීය සිරකරුවෙකු ලෙස වෙල්ලෝරයේදී අවුරුදු 51 ආයු වළඳා 1832 ජනවාරි 30 වනදා සිරභාරයේ සිටියදීම කළුරිය කළේය. ඔහුට එල්ල වූ ප්‍රධානම චෝදනාව වූවේ කෲරතර පළිගැනීම සහ අධික බීමත්කමය. මත්පැන් පානය බුදුන් දවසද තිබූ අතර ඒ නිසාම පන්සිල්වලටද එය අඩංගු විය. සතුන්ට පවා මත්පැන් පොවා කළ විපත්තීන් බුද්ධ චරිතය තුළ විද්‍යමාන වේ. එහෙත් ථේරවාදී බුදු දහම ඇදහූ ශ්‍රී ලාංකික ජනතාව තුළ මත්පැන් පානය නිසා සිදු වූ විපත්තීන් ඇත්තේ එකක්‌ දෙකක්‌ පමණි. එයින් වඩාත්ම අප්‍රසන්නම අවස්‌ථාව ශ්‍රී වික්‍රම රාජසමයේදී සිදු විය.

ක්‍රි. ව. 1505 දී පෘතුගීසීන්ගේ ලංකා ආක්‍රමණය රාජවංශයක අවසානයක ආරම්භය විය. දකුණු දිග ගාල්ලේ වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩබට පෘතුගීසිහු දුටු අපේ අය 'අමුතු මිනිස්‌සු ජාතියක්‌ වරායට ඇවිත් තිරිවානා ගල් කා රතු ලේ බොන' බව පැවසීය. ඒ වනවිට අපේ ජනයා පාන් සහ අරක්‌කු පිළිබඳව නොදැන සිටීම එයට හේතුවිය. මීට පෙරද අප ලාංකිකයා මද්‍යපානය කළද ඒ එකම පානය 'රා' විය. 'රා' කර්මාන්තය මෙන්ම 'පැණි හකුරු' කර්මාන්තයද ලංකාවේ තිබූ අතර ආගමික හේතු නිසා හෝ 'රාජ භය' නිසා හෝ එය එතරම් ප්‍රචලිත නොවීය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු 'හින්දු' ආගමික වඩුග පරපුරට අයත් වුවද සිංහලයේ රජු බෞද්ධයෙකු විය යුතුය යන සංකල්පය මත 'බෞද්ධයකු' බවට පත් විය.


ඉන්දියාව ලංකාව වැනි බටහිර ආක්‍රමණවලට මුහුණ දුන් රටවල් මද්‍යපානයට බොහෝ සේ ඇබ්බැහි විය. එම රටවල බටහිර සංස්‌කෘතියට යට වූ අය සහ පහත් කුලවල අය බොහෝ සේ මත්පැනට ඇබ්බැහි වූ අතර සමහර උසස්‌ කුලවල අයද සමාජයේ කැපී පෙනීම සඳහා මත්පැන් උපයෝගී කරගත්හ. මේ අනුව 1505 සිට අප ලාංකික ජන සමාජයට මත්පැන් කළ හානිය අතිවිශාලය.

අර්ථ ශාස්‌ත්‍රයට අනුව රජය සතු ස්‌කාගාරවල මද්‍යපාන පෙරිය යුතු යෑයි කියති. හාල්වලින් පෙරන බීම (මේදක) පිටි හා කුළු බඩුවලින් පෙරන බීම (ප්‍රසන්ත), ආසව හෙවත් දිවුල්පාන, මුද්‍රික පාන ද මැත්පැන් ලෙස සැලකේ. ලංකාවේ සහ ඉන්දියාවේ කිතුල් පොල් හා තල්වලින් පෙරන ලද මද්‍යපානය 'රා' ය. අර්ථ ශාස්‌ත්‍රයට අනුව ඉන්දියාවේ සුරාබදු අධ්‍යක්‍ෂක වරයකු ද සිටි අතර මත්පැන් බීම, විකිණීම සහ පරිපාලනය කිරීම ඔහුගේ වගකීම වේ. එහෙත් මත්පැන් පානයෙන් වැලකුණ සාමකාමි ජනසමාජයක්‌ ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිතව තිබිණ. එසේ තිබූ ජන සමාජය පෘතුගීසි ආක්‍රමණයත් සමඟම වෙනස්‌ විය. ඊට පසු පැමිණි ලන්දේසීන් ද පෘතුගීසීන්ගේ ක්‍රමයම ඉදිරියට ගෙන ගියහ. ලන්දේසි යුගයේ මෙරට පාලනයට නතුව සිටි (1726) දී 'අත්තෝනියෝ කවි' නමැත්තා අධික මත්පැනට ඇබ්බැහි වූ අයෙකි. කොළඹ අලුත් මාවතේ නිර්මාපකයා ද වූ ඔහු මද්‍යපානයෙන් පසු තම අරක්‌කැමියන් ලවා කුඩා ළමයින් මරා මස්‌ කෑවේ ය. කොළඹ අවට පොඩි ළමයි නැතිවීම සොයා බැලු ලන්දේසි ආණ්‌ඩුව ඒ අවට කඳු පාමුලක ලමයි මස්‌ පිණිස මරනු අසු විය. එම ප්‍රදේශය පසුව 'රාස්‌සමූල කන්ද නමින් හැඳින්විණ. පසුව රජය මොහුට දස වද දී මරා දමනු ලැබීය.

අන්තිම සිංහල රාජ්‍ය කාලය තුළ 'රා' හැරෙන්නට අරක්‌කු, අබිං, ගංජා, බ්‍රැන්ඩි, ජින් පිළිබඳව කිසිවක්‌ නොදැන සිටි උඩ රැටියනට එය හඳුන්වා දුන්නේ පෘතුගීසීහුය. ආරක්‍ෂා සහිතව මහත් ආඩම්බරයකින් තම අනන්‍යතාවය රැක සිටි උඩරට රාජ්‍ය නතුකර ගැනීම සඳහා උපක්‍රමශීලීව ඔවුන් කන්ද උඩරටට ආවේ බොහෝ දුෂ්කරතා විඳිමිනි. මේ වන විටත් පෘතුගීසීහු පහත රට ජනතාවට මත්පැන් හුරුකර තිබිණ. මේ අනුව උඩරට රජු හා රාජධානිය අතර සුහදතාව වර්ධනය කර ගැනීමට පැමිණි පෘතුගීසීහු රජුට ගෙන ආ ත්‍යාග අතර මත්පැන්ද විය. ඉන්පසු නොයෙක්‌ වර පැමිණි ලන්දේසිහුද නොවරදවාම රජුගේ සහ රාජ්‍යයේ නිලධාරීන්ගේ ප්‍රයෝජනයට මත්පැන් ගෙන ඒමට පුරුදුව සිටියහ. ක්‍රි. ව. 1800 මාර්තු 12 වනදා ඉංග්‍රීසීන්ගේ නියෝජිතයකු ලෙස උඩරට මහරජු හමුවීමට පැමිණි 'මැක්‌ඩොනල්ඩ් තානාපති' නිලධාරියා ප්‍රෙඩ්රික්‌ නෝර්ත් ආණ්‌ඩුකාරවරයා සහ බොයිස්‌ ගේ මැදිහත් වීමෙන් පිලිමතලව්වේ අදිකාරමගේ උපදෙස්‌ පරිදි විශාල ත්‍යාග රාශියක්‌ රැගෙන පැමිණියහ. එම ත්‍යාග අතර උඩුවියනක්‌ යටින් රජුට ඔප්පු කරන සංදේශයද, කාලතුවක්‌කු ආනයනික සළුපිළි, සහල් ආදිය අතර ආරක්‌කු පුරවන ලද කරත්තද විය. (ත්‍රි සිංහලය - පෝල් ඊ පීරිස්‌. 39 පිටුව) මේ අනුව උඩරට බලා පැමිණෙන ප්‍රභූහු රජුට අරක්‌කුද තෑගි කර ඇති බව පෙනේ. ඉතා ලාබාල තරුණයකුට මත් ද්‍රව්‍ය යනු උත්තේජකයකි. මේ නිසා මත්පැන් පිළිබඳව වඩාත් රජු සංවේදී විය. එමෙන්ම නොයෙකුත් අභිමතාර්ථයන් සපුරාගැනීම පිණිස උඩරට රදළ වරුද එකිනෙකාට රහසේ රජු මත්පැනට හුරුකරමින් 'කේලාම්' කීමටද පුරුදු විය. මෙයින් වඩාත්ම රජු මත්පැනට හුරු කරවූවේ නුවර කලාවියේ මහා දිසාව වූ පුස්‌සැල්ලේ නිලමේය. ඔහු රජු වෙනුවෙන් 'රතු අරක්‌කු' විශේෂයක්‌ නිෂ්පාදනය කළ බවත් එයට රජු ඇබ්බැහි කළ බවත් සඳහන් වේ. (සෙංකඩගල රාජධානිය ජී. එස්‌. බී. කරල්ලියද්ද) එමෙන්ම උඩරට රජුගේ අත් අඩංගුවට පත් වන සිරකරුවන් නිදහස්‌ කරගෙන යැමට පැමිණෙන ඉංග්‍රිසීන් ගෙනෙන පඬුරු පාඩුක්‌කම් අතර අරක්‌කු, ජින්, අබිං සහ කංසාද වූ බව තත්කාලීන ලේඛකයන්ගේ සටහන් වල සඳහන් වේ. (ඩේව්, ඩොයිලි, ලෝරි, කොරිංටන්) රජුගේ අත්අඩංගුවේ පසු වූ ඩෙව් තමා අසරණව සිටින බවත් තමාට පානය පිණිස අබිං ටිකක්‌ සහ අබිං දියකර සාදන මද්‍යපානය ජින් වයින්, බ්‍රැන්ඩි පානයක්‌ද එවන ලෙස ඩොයිලි ආණ්‌ඩුකාරවරයාට ලියා යවා ඇත. (ත්‍රි සිංහලය 134 පිටුව) මේ අනුව පුස්‌සැල්ලේ දිසාවගේ අනුදැනුම මත ඩොයිලි මද්‍යසාර ඩේවි වෙත යෑව්වද ඩෙව් වෙත ලැබුන වයින්වලින් විශාල ප්‍රමාණයක්‌ රජු තම පෞද්ගලික ප්‍රයෝජනය පිණිස ලබාගෙන ඇත. (ත්‍රි සිංහලය පෝල් පීරිස 134 පිටුව) ඩොයිලිගේ දිනපොත 11 පිටුව) මේ කාලය වන විට උඩරට රාජධානිය තුළ මත්පැනට ඇබ්බැහි වූ විශාල පිරිසක්‌ සිටි බව සඳහන් වේ. ඔවුන් පුනරුත්ථාපනය සඳහා බටුගෙදර රාජකීය ගම්මානය මූලස්‌ථානය කර ගනිමින් වැඩ සටහන් කළ බවත් එහිදී බුද්ධාගමේ ශික්‍ෂාවලට අදාළ නොවන අරක්‌කු පානය, සත්ව හිංසනය සහ ඌරන් ඇති කිරීමද තහනම් කර තිබුණි. එය එසේ වුවද අධික මත්පැනට ශ්‍රී වික්‍රම රජු ගොදුරු වන්නේ තමාටම විසදා ගත නොහැකි තරමට ප්‍රශ්න උද්ගත වූ බැවිනි. අධික ලෙස රජු මානසික පීඩාවට පත් කළෝ සාමාන්‍ය ජනතාව නොව රජුගේම දිසාවේ වරු සහ අදිකාරම් වරුමය.

උඩරට රාජධානියේ පිහිටීමට ආවේනික විශේෂ ලක්‍ෂණ නිසාම විදේශ ජාතියකට කවරමදාකවත් උඩරට රාජධානිය අත්පත් කර ගැනීමට නොහැකි වනු ඇතැයි එකල සිංහලයේ විශ්වාසය විය. එම විශ්වාසය බොරු කරමින් 1815 පෙබරවාරි 15 උඩරටට ඇතුළුව බෝමුරේදී රජු ඉංග්‍රීසි අත් අඩංගුවට පත් වනුයේ උඩරට රදළ වරුන්ගේ පූර්ණ ආශිර්වාදය මතය. පෙර පෘතුගීසි ලන්දේසීනට හා ඉංග්‍රිසීනට යටත් කරගත නොහැකිවූ උඩරට එකතු වෙඩිල්ලක්‌ හෝ නොතබා අත්කරගනු ලබනුයේ 1812 මෙරටට පත් වූ ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග්ගේ ක්‍රමවත් සැලැස්‌මක්‌ ක්‍රියාත්මක වීමෙනි. මේ අනුව ඉංග්‍රිසීන්ගේ මහ රැජිණගේ ලාංඡනය සහ උඩරට රජුගේ ලාංඡනය පැළඳවීමේ පළමු ගෞරවය එංගලන්තේ 3 වන ජෝර්ඡ් රජු විසින් බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයාට පවරා දෙනු ලැබීය.

මේ කාලය වන විට පෘතුගීසි සමයේ සිට වර්ධනය වූ මත්පැන් වෙළඳාම ඉහළම අගයකට යාම නිසා පහත රට අලුත් ප්‍රභූ පන්තියක්‌ද බිහිවිය. ඉතා කුඩා සුළු රැකියා කළ කුලවල ඔවුන් 1815 ට පෙර උඩරට රදළයෑයි කියාගත් සම්ප්‍රදායක ප්‍රභූ පන්තිය අභිබවා නවීන ප්‍රභූ පන්තියක්‌ ලෙස රජය හා එකතු විය. මෙය රටේ ආඩම්බරකාර ප්‍රභූ පන්තියට වැදුන මරු පහරක්‌ද විය. නව ප්‍රභූ පන්තියේ එම තත්වය හිමිකරගත් බොහෝ දෙනෙකු අරක්‌කු නිෂ්පාදනය හා වෙළඳාම අතින් ධනවතුන් බවටද ධනවාදී සමාජයක ප්‍රභූවරයන් ලෙසද වැජඹිණ. ඉංග්‍රීසි ආණ්‌ඩුව යටතේ මහනුවර ප්‍රධාන අරක්‌කු රේන්ද කරුවා මොරටුවේ අයෙකි. ඔහුට ගුරුදෙනිය ප්‍රදේශයේද ස්‌කාගාරයක්‌ පිහිටා තිබිණ. ඉංග්‍රීසීනට උඩරට අයත් වීමෙන් පසු රජයේ අරක්‌කු පමණක්‌ නොව හොර අරක්‌කු ජාවාරමද මහනුවර පැතිරිණ. 1818 කැරැල්ල සමයේදී සත්කෝරලය බාර මේජර් හුක්‌ විසින් මහනුවර දෙවැනි කොමසාරිස්‌ 'ගේ ' ට යෝජනා කළේ මහනුවර 'තැබෑරුම්' පිහිටුවන ලෙසය. සියලුම වර්ග මත්පැනට උඩරැටියෝ ඇබ්බැහිව සිටී.' 'බුද්ධිමත් ලෙස යොදන ලද අරක්‌කු වීදුරු කීපයක්‌ රහස්‌ එළිකරන යතුරක තැන ගනී.' එය මට නොයෙක්‌ විට දැනී ඇත.' යනුවෙන් ඔහු සඳහන් කළේය. උඩරැටියන්ගේ සිතුම් පැතුම් වෙනතකට හැරවීම සඳහා 1817 ජූනි 25 දින උඩරැටියන්ට අරක්‌කු අවශ්‍ය විට ලබා ගැනීම සඳහා මුදල් උපයා ගැනීම පිණිස වැඩකිරීමට ඔවුනට පෙළඹවීමේ මාර්ගයක්‌ ලෙස ඉංග්‍රීසිහු අරක්‌කු යෙදවීම ඔවුනගේ අභිලාෂය විය. එමෙන්ම 'අරක්‌කු' රාජ්‍ය රහස්‌ සහ ඔත්තු ලබා ගැනීම තවත් උපක්‍රමයකි. ආගමික පසුබිමක්‌ තුළ සදාචාරය රැකී උඩරට ජනයා සහ ඔවුනගේ යහගුණ විනාශ කර දැමීම උඩරැටියා බලාපොරොත්තු නොවූ දෙයකි. ජෝන් ඩොයිලි තම දිනපොතේ තැබූ සටහනකට අනුව ඉංග්‍රීසීහු අරක්‌කු දී ගුණගරුක නිළමේ වරු තමන් වෙත ඇද ගැනීම සඳහා චරපුරුෂයන් ලෙස ගොඩමුන්නේ උන්නාන්සේ, වත්තල අප්පුහාමි, පුස්‌සැල්ලේ නිළමේ යොදා ගැනීම බළලුන් ලවා කොස්‌ ඇට බෑමේ' න්‍යාය අනුගමනය කිරීමකි.

මේජර් හුක්‌ අනුදැනුම මත යටතේ 1815 දී බ්‍රිතාන්‍ය රජය යටතේ ක්‍රියා කළ ඇහැලේපොලට විරුද්ධව කේලාම් කියූ ඒ නිසාම ඇහැලේපොල පරපුරට මරණයට හිමිකල මොල්ලිගොඩ නිළමේ මේ සුරාව නිසාම අවසන් හුස්‌ම හෙලු අතර අවුරුදු 22 ක්‌ වූ එකම පුතා කනිෂ්ඨ මොල්ලිගොඩද මියගියේ අරක්‌කු නිසාමය. කේලාම් කියා කළ අපරාධයට දඬුවම ඔවුන් විසින්ම උදාකරගත්හ. උඩරට රාජධානියේ මත්පැන් බී වරදකළ සාමාන්‍ය ජනතාවද විශාල වූ අතර එකල බොරාවේ වීදියේ (මෙකල ඩී. එස්‌. සේනානායක වීදියේ ආරම්භය) විසූ පාරසික මිනිසෙක්‌ කංසා බී මත්ව බිළිඳු දැරියකට පිහියෙන් ඇන මැරීම නිසා ඉංග්‍රීසි ආණ්‌ඩුව මැරෙන තුරු කසෙන් තලා මිනිය අම්පිටියේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත.

උඩරට අත්පත් කරගත් ඉංග්‍රීසීහු තම බල ආධිපත්‍යය තහවුරු කර ගැනීම පිණිස මහාමාර්ග හා දුම්රිය මාර්ග වහ වහා ඉදිකළද ආගමික සමාජ හා සංස්‌කෘතික වශයෙන් විශාල පිරිහීමකට ලක්‌ විය. පහතරට අරක්‌කු, රේන්ද ව්‍යාපාරයත් මහනුවරටද සේන්දු වූ අතර ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුකාර ධූරයට පත් සර් රොබර්ඩ් බ්‍රවුන්රිග් 1816. 04. 17 දී කළ සංචාරයේදී කුණ්‌ඩසාලයේ නැවතී 1816 ජූනි 5 වන දා කුණ්‌ඩසාල ගුරුදෙනියේ අරක්‌කු නිෂ්පාදනාගාරය නැරඹීමට ගියේය. මෙම නිෂ්පාදනාගාරය කර්නල් සෝවර්ස්‌ ගේ සැළසුමකට අනුව පහත රට අරක්‌කු රේන්ද කරුවෙකු ඉදිකරමින් තිබිණ. මෙම ස්‌කාගාරයේ වැඩකටයුතු දැක බ්‍රවුන්රිග් වඩා සතුටට පත්ව, කුණ්‌ඩසාල රජුගේ උද්‍යානයේ 'මෙතරම් යහපත් කටයුත්තක්‌ ' සඳහා ඵලදායක ලෙස යොදාගැනීම ගැන සෝවර්ස්‌ට ස්‌තුතිය පළකළ ආණ්‌ඩුකාරයා හමුදා සෙබලුනටද අරක්‌කු නැතිවම බැරි දෙයක්‌ බවද පෙන්වා දුන්නේය. මේ අනුව බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා අරක්‌කු නිෂ්පාදනය සහ වෙළදාම යහපත් දෙයක්‌ ලෙස දුටු අයෙකි.

ක්‍රි. ව. 1828 නොවැම්බර් 11 වනදා ලංකාවේ ආණ්‌ඩුකාර සර් එඩ්වඩ් බාන්ස්‌ විසින් අරක්‌කු වෙළඳාම පිළිබඳ දැන්වීමක්‌ උඩරට ප්‍රසිද්ධ කළහ. ඒ අනුව 'සිංහලේ' අරක්‌කු ආදායම හොඳින් පවත්වා ගෙන යැමටත් එහි වර්ධනයටත් නියෝග ගණනාවක්‌ නිකුත් විය. අරක්‌කු සහ මත්වන බීමජාති ප්‍රවාහනයේදී ඒ සඳහා ආණ්‌ඩුවෙන් බලපත්‍රයක්‌ ලබාගත යුතුය. අරක්‌කු ගත් ස්‌ථානය හා විකුණන ස්‌ථානය එහි සටහන් විය යුතුය. හොර අරක්‌කු ළඟ තබා ගැනීම වරදකි. අසුවුවහොත් අරක්‌කු ගැලුමකට පතාග විසිපහ බැගින් දඩ සහ සිරගෙට නියම වේ. නියමිත සිරකාලය තුළම සිරගේ තුළ සිටගෙන දඬුවම් ලැබිය යුතුය. අරක්‌කු විකුණන තැනකින් ගෙන විකිණීමට අවසර ඇත ද එය ගැලුම් භාගයකට නොවැඩි විය යුතුය. මෙම නීති වල විශේෂත්වය වූවේ අරක්‌කු වෙනුවෙන් වූ වරදකට ගසන ලද දඩයෙන් භාගයක්‌ රජයට හිමිවන අතර ඉතිරිය ඒ පිළිබඳ ඔත්තුව දුන් අයට හිමි වේ.

1820 අප්‍රේල් 25 දා තවත් නියෝගයක්‌ නිකුත්කළ එඩ්වඩ් බාන්ස්‌ ආණ්‌ඩුකාරයා සිංහලේ රටවල්වල (දිසාවල) අරක්‌කු විකිණීමට අවසර ලබා දී ඇත. එමෙන්ම පිටපළාත්වලින් හෝ හොර අරක්‌කු විකිණීම තහනම් වේ. අවසර නොමැතිව අරක්‌කු විකිණීම, විකිණීම පිණිස ළඟ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. මේ අනුව අරක්‌කු හෝ කොයි යම් මද්‍යපානයක්‌ නිපදවන්නට විකුණනන්ට තහනම් කළ රජයේ නියෝගය නිසා මෙතෙක්‌ කලක්‌ සම්ප්‍රදායික ලෙස කිතුල් රා පෙරීමද වරදක්‌ වූ අතර, පාන් පිළිස්‌සීමට පමණක්‌ අවශ්‍ය රා නිපදවීමට එම නියෝග අතර අවසර ලැබිණ. (උඩරට මහ කැරැල්ල - වී තෙන්නකෝන්) මෙයට හේතුව ඉංග්‍රීසීන්ගේ ප්‍රධාන ආහාරය පාන් වීමය. මේ කාලය වන විට ආණ්‌ඩුවට ලැබුණ ප්‍රධාන ආදායම වූයේ අරක්‌කු සහ පුවක්‌ ඉන්දියාවට විකිණීමෙන් ලද මුදලය. (සං. ලංකා ඉතිහාසය - කොරිංටන් 166 පිටුව) කුරුඳු අපේ ප්‍රධාන ආදායම වූ අතර ලංකාවේ අරක්‌කු විදේශයට යෑවීමෙන් වාර්ෂිකව පවුම් 4000 කට පමණ ආදායමක්‌ ලැබීය. වසරකට ලංකාවේ නිෂ්පාදිත ආරක්‌කුවලින් අතිරික්‌තය අරක්‌කු ලීටර 5000 - 6000 ප්‍රමාණයක්‌ විදේශයට අපනයනය කළහ. එහෙත් අරක්‌කු හා මත්පැන් වෙනුවෙන් හඬක්‌ නගන්නට හෝ එයට විරුද්ධව ක්‍රියා කරන්නට උඩරට ආගමික ආයතන දුර්වලව සිටියහ. භික්‍ෂූන් වහන්සේලා සහ බෞද්ධ සිද්ධස්‌ථානද රජයට බියෙන් මන්දෝත්සාහි විය. උඩරට නිළමේලා බල රහිත විය. සිංහලය හෙවත් උඩරට රාජධානියේ අරක්‌කු හා මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම නිසා කනස්‌සලට පත් වූ, ඒ වෙනුවෙන් ඉංග්‍රීසි ආණ්‌ඩුවට විරුද්ධව දෝෂාරෝපණය කළ ඉංග්‍රීසීන් ද නැතුවා නොවේ. ලංකාවේ අවිචාර වැඩවලට බලවත් විරුද්ධතාවයක්‌ දැක්‌ වූ ජෝන් ඩොයිලිට සිංහල ජනයා කෙරේ සානුකම්පිත අනුකම්පාව තිබිණ. ඒ පිළිබඳ බොහෝ සටහන් ඩොයිලි තම දින පොතේ සටහන් කර ඇත. ඊටත් වඩා ඉහළ ගිය මානුෂික ගුණාංගයන්ගෙන් හෙබි මහත්මයකු ලෙස සර් එඩ්වඩ් බාන්ස්‌ ආණ්‌ඩුකාර කාලයේ ලංකාවේ සේවයට පැමිණ මේජර් ස්‌කිනර් හැඳින්විය හැක. 1819 දී යුද සේවයට බැඳී සිංහලේ පළාත් එළිපෙහෙළි කිරීමෙන් තම සේවය ආරම්භ කළ හෙතෙම ලාංකික ජනතාව වෙනුවෙන් විශේෂයෙන් උඩරට අහිසංක ජනතාව වෙනුවෙන් කටයුතු කළ උතුමකු විය. ඔහුගේ ලංකා සේවය සිංහල සභ්‍යත්වයේ අවසානයත් බ්‍රිතාන්‍ය ධනපතිවාදයේ ආරම්භයට අනුරූප විය. 1814 දී මාර්ග කොමසාරිස්‌ බවට පත්ව ශ්‍රී ලංකාවේ මහා මාර්ග පද්ධතිය සැලසුම් කර නිමා කළ ඔහු කොළඹ මහනුවර මහාමාර්ග සහ දුම්රිය මාර්ග සැලසුම් කළ අතර ඔහුගේ විශිෂ්ට නිර්මාණ අතර කැළණි පාලම කටුගස්‌තොට පාලම, සහ පේරාදෙණිය පාලම වේ. මේජර් ජෙනරාල් ජෝන් පෙෂර්ගේ සැළසුමකට අනුව ඉදි වූ ක්‍රි. ව. 1833 ඉදි කළ පේරාදෙණිය පාලම අතිවිශිෂ්ඨ නිර්මාණයකි. තනිකර බුරුත දැවයෙන් ආරුක්‌කු ක්‍රමයට ඉදිකළ මෙම පාලම සඳහා එකදු ඇණ මුරිච්චියක්‌ හෝ යකඩ පට්‌ටමක්‌ යොදා නොතිබිණ. අති විශිෂ්ට මේ ඉංජිනේරුවා, අතිමානුෂික මිනිසා, මේජර් බටහිර ශිෂ්ටාචාරයේ අනර්ථකාරි බලයට විශේෂයෙන් සුරාපානයට උඩරැටියා යටත් වීම පිළිබඳව කනස්‌සල්ලට පත්විය. ලංකාව යළිත් පුරාණ පාලන ක්‍රමයට පාලනය විය යුතු බව ඔහුගේ අදහස විය. මේ වන විට සුරා පුරුද්ද සිංහලය වෙලාගෙන තිබීම ඔහුගේ වේදනාවට හේතුවිය. මත්පැන් පිළිබඳව ඔහු පෞද්ගලිකව දැක්‌වූවේ අකැමැත්තකි. එක්‌ වරක්‌ තමා රෝගී වූ අවස්‌ථාවක උසස්‌ යුද නිලධාරියකු බෙහෙතක්‌ වශයෙන් දුන්නේ මත්පැන් වඩියක්‌ බවත් එය තම පළමු හා අවසාන අවස්‌ථාව බව ලංකාවේ පනස්‌ වසක්‌ නමින් ඔහු ලියූ ග්‍රන්ථයේ සඳහන් වේ. ඔහුගේ මෙම ක්‍රියාව දැඩි බෞද්ධ මතධාරියකුගේ හෝ සෘෂිවරයකුගේ ක්‍රියාවට සමාන බව පෙනේ. මේ අනුව ශ්‍රී ලංකාවේ අමද්‍යප ව්‍යාපාරයේ පළමුවැන්නා ඔහු ලෙස සැලකීම වරදක්‌ නොවේ. ස්‌කිනර්ගේ අභිලාසය කැමැත්ත හා ප්‍රාර්ථනය වූවේ සිsංහලේ වැසියන් භවබෝග සම්පතින් ආඪ්‍යව ඔවුනගේ ශේෂ්ඨතම ගුණධර්ම, නූතන යෑයි කියන කවර දෙයක්‌ සඳහා හෝ විශේෂයෙන් සුරාපානයට යටත් නොවිය යුතු බවය. ඔහු ලංකාවේ සුරා පානයේ අනර්ථකාරි විනාශය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ දැඩි ලෙස පෙන්වා දුන්හ. එය ඌරාගේ මාළු උගේ ඇඟමත තබා කැපීම' හා සමාන විය. මෙහිදී සිංහලේ සමාජ තත්ත්වය පිරිහීමට බලපෑ කරුණු එකින් එක විස්‌තර කළ ස්‌කිනර් කෝපි වගාව නිසා අතිවිශාල ධනස්‌කන්ධයක්‌ ලබා ගැනීමෙන් පොහොසත් වූ දඩබ්බර දාමරික පහතරට මිනිසුන් තව තවත් ධනය සොයා උඩරටට පැමිණීමත් ඔවුන් නිසා උඩරට අපරාධ සිදුවීම්, සුරාපානයට ඇබ්බැහිවීම මෙන්ම ලේවැගිරීම්ද සිදු වූ බව පෙන්වා දුන්හ. සුරාපානයේ අහිතකර බලපෑමත් විදේශයෙන් මෙහි පැමිණි ඉන්දීය කුලීකාරයන් නිසා සිංහලේ සභ්‍යත්වයටද හානි සිදු විය. මේ වන විට බෞද්ධ රජවරු හෝ භික්‌ෂූන් නොසිටීමද තවත් බැරූරුම් විය. මේජර් ස්‌කිනර් මේ අවස්‌ථාවේ කොමිසමට ඉදිරිපත් කළ කරුණු සමාජ තත්ත්වයේ කැඩපතක්‌ බඳු විය.

අරක්‌කු රේන්ද විකිණීමෙන් අවුරුදුපතා පවුම් 50000 - 60000 ආදායමක්‌ ලැබේ. අරක්‌කු පිළිබඳ රේන්ද කාරයෝ යම්කිසි දිස්‌ත්‍රික්‌කයක තැබෑරුම් පිළිබඳ තනි අයිතිය රජයෙන් මිලදී ගනී. අරක්‌කු ස්‌කාගාරයෙන් සිලිම් 1 යි පෑන්ස 2 කට මිලදී ගන්නා අරක්‌කු ගැලුමක්‌ සිලිම් 4 කට වඩා අඩුවෙන් නොවිකිණිය යුතුය. (මේ නිසා උග්‍ර තරඟයකින් යුතුව අරක්‌කු රේන්ද උපරිම මිලකට විකිණේ) එසේ රේන්ද මිලදී ගන්නා රේන්ද කාරයෝ එම තැබෑරුම් වලින් වැඩි හරියක්‌ තව අයට අතුරු බදු දෙති. මේ නිසා සෑම ගමකම තැබෑරුම් ඉදි වූ අතර මුලාදෑනිගේ විරෝධතා නොතකා හෝ පගාව මත විරෝධතා නොමැතිව ගැමියන්ට අරක්‌කු විකිණේ. ආරම්භයේ නොමිලේ අරක්‌කුද ඇබ්බැහි වූ පසු අධික මිලකට අරක්‌කු විකිණින. මේ නිසාම උඩරට අහිංසක ගැමියන්ගේ භවභෝග සම්පත්වලින් ලද ආදායම රේන්දකරුවන් උදුරාගත් අතර තම වස්‌තුව දේපළ පවා උගස්‌ තබා මත්පැන් පාවිච්චියට සිංහලේ මිනිසුන් පුරුදු වූහ. විශිෂ්ට ගුණධර්මවලින් හෙබි සිංහලේ වැසියා අශිෂ්ට වූ බවත් උඩරට ජනයාගේ ශ්‍රෝෂ්ටතම ගුණධර්මය වන තැම්පත්කම අරක්‌කු විසින් පැහැරගත් බවත් ඉංග්‍රීසීන් එය නොකළ යුතු කාර්යයක්‌ බවද කොමිසම ඉදිරියේ අභීතව මේජර් ස්‌කිනර් ප්‍රකාශ කළේය.

'රජය අරක්‌කු රේන්දවලින් ලැබෙන ආදායමට ගිජුව රටේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර එයට අනුබල දෙනවා. රජය උසස්‌ මිලක්‌ නියම කොට තමන් නිර්දෝෂ යෑයි ඔප්පු කිරීමට උත්සාහ කිරීම නොහොබිනා වැඩක්‌, කළ යුත්තේ සිල්ලරට විකිණීමේදී නියමිත මිලට අඩුවෙන් විකිණීම තහනම් කිරීම නොව, දයාබර රජයක යුතුමක විය යුත්තේ පිටිසර තැබෑරුම් සීමා කර රටවැසියන්ගේ කැමැත්තට විරුද්ධව ඔවුන් මත තැබෑරුම් නොපැටවිය යුතුවීමය.' මෙසේ ඉංග්‍රීසි ආණ්‌ඩුවේ රාජකීය කොමිසම ඉදිරියේ තම බලවත් කනගාටුව පළකළ ස්‌කිනර් බ්‍රිතාන්‍යයෝ ලක්‌ වැසියන් කෙරේ විශේෂයෙන් උඩරැටියන් සම්බන්ධයෙන් විශ්වාසය පළකළ බවට චෝදනා කළේය. 1849 දී බ්‍රිතාන්‍ය රාජකීය කොමිසම ඉදිරිපත් කළ මේ වාර්තාව උඩරට වැසියන් කෙරේ තම අව්‍යාජත්වය පෙන්වන කැඩපතක්‌ විය. කුලී වැඩක්‌ කර උපයාගත් හැම කාසියක්‌ම අරක්‌කු නිසා වියදම් කිරීම ඉතා කනගාටුදායකය. මේ වන විට උඩරට නිළමේවරුනටද මේ පිළිබඳව ක්‍රියා කිරීමට කිසිදු බලයක්‌ නොතිබිණ. 'පහත රට වැසියන් දුරාචාරය සම්බන්ධව නම් දරා සිටිනවා. ඉංග්‍රීසි රජයේ වරදින් ඔවුන් උඩරටට පැමිණ දූෂිත බලය යොදා පෙර තැම්පත් ශිෂ්ට අවංක ජීවිතයක්‌ ගත කළ මිනිසුන් අතර දූෂිත සිරිත් පැතිර වූහ. මෙයට පෙර කොපමණ ධනයක්‌ වුවද සියයට සියයක්‌ම එළියේ තැබූ උඩරට, හොරකම හා ලේ වැගිරීම් අති විශාල වූ බව පෙන්වා දුන්හ. මෙය වෙනස්‌ නොකළහොත් නීතිය, පෙරකදෝරුවන් හා බීමත්කම නිසා උඩරට වැදගත් පරපුරක්‌ විනාශ වනු ඇත යන්න මේජර් ස්‌කින්ර්ගේ ප්‍රකාශය විය. උඩරට අරක්‌කු ප්‍රචලිත කිරීම සඳහා ඉංග්‍රිසීන්ගේ අරක්‌කු රේන්දය මිලදී ගත්තේ බර කරත්ත කුලියට දීමෙන් ඉතා දුක්‌තව ජීවිතය ආරම්භ කළ පහත රට මොරටුවේ කරාවේ ක්‍රිස්‌තියානි ආගමිකයකු වූ ජෙරෝනිස්‌ද සොයියාය (1797-1862) පසුව ඔහු රටේ ජීවත් වූ නව ප්‍රභූ පන්තියේ ඉංග්‍රීසි ආණ්‌ඩුව නියෝජනය කළ ලංකාවේ ලොකුම ධනපතියා විය. මහනුවර දිස්‌ත්‍රික්‌කයේ අරක්‌කු රේන්දයේ ඒකාධිකාරය අයිතිකරගත් ඔහුට සිටියේ එකම පුතෙකි. චාල්ස්‌ හෙන්රි ද සොයිසා වූ ඔහුට අයත් ඉඩම් ප්‍රමාණය අක්‌කර 25176 කි. (අර්බුදයක අන්දරය - වික්‌ටර් අයිවන් 26 පිටුව) දැනුදු මහනුවර නගරයේ 'ද සොයිසා පටුමඟ' නමින් ඔහුගේ නාමයට අතුරු මාර්ගයක්‌ ඇත. අද ලංකාවේ නව ප්‍රභූ පන්තිය ලෙස වැජඹෙන බොහෝ පවුල් එදා ඉංග්‍රීසීන්ගේ අරක්‌කු රේන්ද නිසා ධනවත්ව ඉංග්‍රීසීන්ගේ තාන්න මාන්න ලබා අද ද වැජඹෙනුයේ මහා උජාරුවෙනි.

ක්‍රි. ව. 1819 මැයි මස 01 ආරම්භව 1820 අප්‍රේල් 31 අවසන් වන මුදල් වර්ෂය තුළ සිංහලේ පළාත්වලින් අපේක්‍ෂිත බලපත්‍ර ගාස්‌තු අතර සබරගමුවෙන් රික්‌ස්‌ ඩොලර් 1457 ක්‌, තුන්කෝරළයෙන් රික්‌ස්‌ ඩොලර් 5000 ක්‌ , සත් කෝරළයෙන් රික්‌ස්‌ ඩොලර් 550 ක්‌ අරක්‌කු බද්ද වශයෙන් ඇස්‌තමේන්තු කර 1819 සැප්තැම්බර් 11 දා එය ඉංග්‍රීසි ආණ්‌ඩුවේ අයබදු කොමසාරිස්‌ එස්‌. සෝවර්ස්‌ ඉංග්‍රීසි රජයට ඉදිරිපත් කර ඇත. දුක්‌ත ජීවිතයකට උඩරැටියා ඇද දමමින් 1815 උඩරට රාජ්‍ය තමනට නතු කරගත් ඉංග්‍රීසීහු උඩරට ශ්‍රෝෂ්ඨ බෞද්ධ ජනතාවට කළ හානිය සුලු

පටු නොවේ. එහි අහිතකර ප්‍රතිඵල අද ද අප සමාජය අත්විඳිමින් සිටිනුයේ සදා වේදනා විඳිමිනි.

බටුගොඩ එම්. එස්‌. රණතුංග


ආශ්‍රිත ග්‍රන්ථ:-

ලංකාවේ පනස්‌ වසක්‌ - ස්‌කිනර්

සංක්‍ෂිප්ත ලංකා ඉතිහාසය - කොරිංටන්

ඩොයිලි දිනපොත - ධර්ම ශ්‍රී ගුණපාල

බ්‍රොaගියර් හඳුනාගත් ලංකාව - අභය හේවාවසම්

උඩරට මහ කැරැල්ල - විමලානන්ද තෙන්නකෝන්

අර්බුදයක අන්දරය - වික්‌ටර් අයිවන්

ත්‍රි සිංහලය - පෝල් ඊ. පීරිස්‌

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..