sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » » » ජනමාධ්‍ය ශීලාචාර කිරීම - විද්‍යුත් ජනමාධ්‍ය ආයතන වෙත කරනු ලබන ඉල්ලීමකි. - ව්ක්ටර් අයිවන්

ජනමාධ්‍ය ශීලාචාර කිරීම.....ඊලග ජනාදිපති වරනය යන හිසින් මා ලියන ලද සටහනට ප්‍රතිචාර දක්වන්නන් අතර ක්‍රමයේ විපර්යාසයක් සදහා තෝරාගතයුතු ව්කලප ක්‍රමය පැහැදිලි කරන ලෙස saman wagaarachie ප්‍රස්න කර තිබුනා.ඉදිරි ජනාදිපත්වරනය මහජන විවස්තා වක් ඇතිකරගැනීමේ මැතිවරණ යක් පත්කර ගත හැකි ආකාරය පැහැදිලි කරන ලෙස Kumarage Perera ඉල්ලා තිබුනා.
 මා ඉදිරිපත් කරන්න යන්නෙ රිජු පිලිතුරක් නෙමෙයි වක්‍ර පිලිතුරක්. සමස්ත ක්‍රමයේ විපර්යාසයක් ලේ වැගිරීමක් හෝ දේපල විනාශයක් නැතිව සාමාකාමි ලෙසත් නීති ගරුක හා විනය ගරුක ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙසත් දිනාගැනීමේ ඇත්ත හැකියාවක් රටේ පවතී.
ඒ ක්‍රියාවලිය තුලම සමාජයද කිසියම් ව්ශාල ප්‍රමානයකට නවීන කරගැනීමේ හැකියාවක් ද පවතී.එම වැඩ සටහන තුලම නූතන ජාතිය ගොඩනගාගැනීමේ හැකියාවද පවතී * ඒ සදහා තේරුම් ගත යුතුව තිබෙන වැදගත්ම දේ වනුයේ ක්‍රමයේ පූර්න විපරයාසයක් අවශ්‍ය නම් දේසපාලන තලය විපර්යාසයකට ලක්කරන්නට පෙර ජනමාධ්‍ය තලය විපර්යාසයකට ලක්කිරීම අත්‍යාවශ්‍ය වන බවය. * ජනමාධ්‍ය තලය විපර්යාසයකට ලක්වු වහාම සමස්ත ක්‍රමය වෙන්ස්වීම ද ආරම්බවී එය වේගයෙන් ගලා යන දෙයක් බවට පත් වේවී. විශේෂයෙන්ම වෙනස් කිරීම අවශය වෙන්නෙ විද්‍යුත් මාද්‍ය.විකාශන සන්කියාත වල අයිතිය තිබෙන්නෙ මහජනයාට.එය පිලිගත් දරම තාවක්.ඒ නිසා ඒවාට බලපෑමේ නිත්‍යානුකූල අයිතියක් මහජනයාට තිබෙනවා . ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩු ක්‍රමයක් තිබෙන හැම රටකම පාහේ විද්‍යුත් ජනමාධ්‍ය සදහා පිලිගත් ජාතික ප්‍රතිපත්ති රාමුවක් තිබෙනවා.ඒ වා සකසා තිබෙන්නෙ මුලදරම ගනනාවක් මත.එවාහි මූලික පද්නම වන්නෙ මහජන සුබසිද්දිය.මහජනයාගෙ දැනුම,විචාර බුද්දිය හා රසවින්දන හැකියාව දියුනු කිරීම. එවැනි රාමුවක් ලන්කාව සදහා අපටද අ හදාගන්න පුලුවන්. ඒ රාමුව මත පදනම් වී රූපවාහිනී හා ගුවන් විදුලි ආයතන වලට මහජනයාට පොදු යහපත සදහා වන ඉල්ලීමක් ඉල්ලීමක් ඉදිරිපත් කරන්න පුලුවන්. , එය මෙවැනි අහින්සක ඉල්ලීමක්. මහජනයා වශයෙන් අපි ඔබලාට වැඩ සටහන් තීරනය කිරීමේදී හා ව්කාශන යේදී සැල්කිල්ලට ගත යුතු ප්‍රතිපත්ති රාමුවක් ඉදිරපත් කරනවා.ඒ ප්‍රතිපති රාමුව පිලිගන්නා තෙක් අපි අපේ නිවෙස් වල තිබෙන රූපවාහිනී හා ගුවන් විදුලි යන්ත්‍ර වසාතබනවා. එවැනි වැඩ සටහනක් ක්‍රියාතමක් කිරීට අවශ්‍ය වාසිදායක වට පිටාවක් රටේ ගොඩනැගිලා තිබෙනවා.මහජනයා අතර ගම් වල පවා ලොකු ව්වේචනයක් තිබෙනවා.මහජනයා දැනුවත් කිරීම සදහා ඒ සදහාම හදාගන්නා සන්වදාන ජාලයක් අවශය වෙතත් එවැනි වැඩ සටහනක් මහජනයා ඉක්මනින් වැලද ගනීවී. සාර්තක වර්ජනයක් කරලියට ගැනීමට සමත් වෙතොත් ඊට ජනමාධ්‍ය වේදින්ද ලොකු පිරිසක් එකතු වෙන්න පුලුවන්.සතියක් දෙකක් තරම් කාලයක් සාර්තක වර්ජනයක් පවත්වාගෙන යාමට සමත් වෙතොත් විද්‍යුත් මාද්‍ය බාවිතයේ ලොකු ව්පර්‍යාසයක් ඇති කරන්න පුලුවන් .එසේ වෙතොත් එය ජනතාව තුලද ලොකු ආස්වාදයක් ඇතිකරන සන්සිද්දියක් වේවී.එ වැනි අත් හදාබැලිමකින් තමන්ට තිබෙන බලය තේරුම් ගනීවී මාද්‍ය වල එවැනි වෙනසක් දිනාගත හැකිනම් ඒ ජයග්‍රහණය ත් සමගම සමස්ත ක්‍රමය වෙනස් වීමත් ආරම්බ වේවි.එය ලොකු පරවර්තන වැඩ සටහනක පලමු අදියරය ලෙස ක්‍රියාකරාවී.


 ජනමාධ්‍ය සීලාචාර කරගැනීම යන හිසින් ලියනලද සටහනට ලොකු ප්‍රතිචාරයක් ලැබුනා.
මා පලකල අදහසට හාස්‍ය පලකල කිහිප දෙනෙකුත් හිටියා.ඉන් එක අයෙකු මා හදුනවා තිබුනෙ පිස්සකු ලෙස. මගේ අදහස් පලකිරීම් වල අරමුන වනුයේ රටේ පවතින කාලකන්නිබාවය ජයගැනීමට උනන්දුවක් දක්වන අයගේ දැනුම පෝශනය කිරීමය. මට අවදාරනය කිරීමට අවශ්‍ය වූයේ ඇත්ත පරිවර්තනයක් සදහා දේසපාලන තලයට අතගසන්නට පෙර ජනමාධ්‍ය තලයට අතගසා පලමුවෙන් එය වෙනස් කර ගතයුතුයි.එය කල හැක්කේ මහජනයාටම පමනයි.ජනමාධ්‍ය වෙනස් කරගත හැකිනම් අන්සියල්ල වෙනස් කරගැනීම පහසු දෙයක් බවට පත්වෙන වා.ඒ නිසා අන් දේවල් කෙරෙහි නොව ජනමාධ්‍ය කෙරෙහි ප්‍රදාන අවදානය යොමු කිරීම අවශ්‍ය වෙනවා. එහෙත් එය කුමන්ත්‍රණයක් හෝ බලහත් කාරී දෙයක් නොවිය යුතුයි .කරන හැම දෙයක්ම ව්ද්‍යුත් මාද්‍ය වලට හා ඒ වාහි හිමිකරුවන්ට ඒ කිසිවක් රහසක් නොවිය යුතු ය. ඒ සදහා කරන සියලු ක්‍රියා මහජනයා කෙරෙහි යහප්ත් ලෙස බල පෑ යුතුය.ඔවුනගෙ ප්‍රජාතන්ත්‍රවාදී පුරවසි ක්‍රියාකාරිතවය ඔප් නැන් වීමට හේතු වියයුතුය.කරන හැම දෙයක්ම නීතියට අනුකූල වියයුතු අතර සාදාරන හා යුක්ති සහගතද විය යුතුය.විනය ගරුක හා ප්‍රජාතන්ත්‍රවාදී ද විය යුතුය.. අපි විද්‍යුත් මාද්‍ය ඉදිරියට ගොස් උදිගෝශන නොකල යුතුය. අපි ඔවුන් ගෙන් ඉල්ලා සිට්නුයේ මහජනයාට අයත් ව්ද්‍යුත් තරන්ග පාවිච්චිකරන්නන් වශයෙන් මහජනයා ගේ හා රටේ පොදු යහපතට හේතුවන ප්‍රතිපත්තියකට මාරුවන ලෙසය.එසේ කරන තෙක් එම මතය දර්න මහ ජනයා තමන් ගේ නිවෙස් වල තිබෙන රූපවාහිනී හා ගුවන් ව්දුලි යන්ත්‍ර වසා තබනු ඇති බවය මහජනය වශයෙන් ඔවුන් ගෙන් ඉල්ලා සිටිය හැකි වෙනස් කම් පිලබද මා විසින් සකස් කරන ලද සටහනක් ඇමිනුම් අන්ක 1 වශයෙන් දෙවැනි ලේකනයක් වශයෙන් ඉදිරි පත් කරන්නේය.එය වෙනස් කලහැකි ආදර්ශ සටහනක් ලෙස සලකන්න.මේ ව්ශයෙහි ව්ද්වතුන් ලෙස සැලකිය හැකි අය සිටින අතර සන්ස්කරනයක් අවශ්‍ය නම් ඔවුනට එය කලහැකිය. මෙවැනි වැඩ සටහනක් සාරතක කරගැනීමට නම් සනවදාන ශක්තියක් හා ජවයක් තිබෙන කිහිප දෙනෙකු මේ වැඩ සටහන ඔවුන් ගේ අතට ගතයුතු ය.ඒ කිහිප දෙනා අතර ජනමාධ්‍ය වේදින් කීප දෙනෙකු හෝ සිටින්නේ නම් කදිමය. 1.ඔවුන් එම අරමුන වෙනුවෙන් එකතු කරගත හැකි සියලු සන්විදාන එකතු කරගනිමින් ඒ කටයුතු මෙහෙයවීම සදහා ජාතික මද්‍යස්තානයක් ඇති කරගත් යුතු ය 2.මහජනයා දැනුවත් කරන අතර වරජන වැඩ සටහනට දින නියම කරගනිමින් එය මෙහෙයවන මද්‍යස්තානය ලෙස ක්‍රියා කලයුතුය. අප ජීවත් වන්නේ එක දිගට දීර්ග කාලයක් රටේ පැවති අසීලාචාර සමාජ වටාපිටාව තුල ව්කුර්තිවු හා රෝගි වූ සමාජයකය.ඒ සමාජය සුවපත් කල්ශැක්කේත් ඔවුන් නවීන සමාජයක් බවට පත්කල හැකිවනු ඇත්තේත් මෙවැනි සාමකාමි මජන සටන් ක්‍රියමාර්ග මගිනි.අනාගතයට අවශ්‍ය පරිනත නායකයින් ගොඩනැගෙනු ඇත්තේද එවැනි මහ්ජන සටන් ක්‍රියාමාර්ග ඔස්සේය


ඇමිණුම (1)

විද්‍යුත් ජනමාධ්‍ය ආයතන වෙත කරනු ලබන ඉල්ලීමකි.

1. ගුවන් විකාශන තරංග සලකනු ලබන්නේ රටේ මජනයාට අයත් ඉතාමත් වටිනා සීමිත සම්පතක් වශයෙන් වන නිසා විද්‍යුත් ජන මාධ්‍යවලට රටේ පොදු මහජනයාගේ සුභසිද්ධිය සඳහා ක්‍රියා කිරීමේ වගකීමක් එම ආයතනවලට තිබෙනවා සේම එම වගකීම නිසියාකාරව ඉටු නොකරන අවස්ථාවල දී එම ආයතන කෙරෙහි සාමකාමී ලෙසත්, විනය ගරුක ලෙසත්, නීතියට අනුකූලවත් බලපෑමේ අයිතියක් ද මහජනට තිබෙන්නේය.

2. මහජනයා ගේ පොදු සුභසිද්ධිය සඳහා පහත දක්වා තිබෙන වෙනස් කම් ඇති කරන ලෙස මහජනයා වෙනුවෙන් ඉල්ලා සිටිනු ලැබේ.

3. එම වෙනස් කම් ඇති කරන තෙක් අපි අපේ නිවෙස්වල තිබෙන රූපවාහිනී හා ගුවන් විදුලි යන්ත්‍ර වසා තබනු ඇත. එම ක්‍රියාව ඉතා සාමකාමී ලෙසත් විනය ගරුක හා නීතියට අනුකූලවත් සිදුකරනු ඇත.

4. අපගේ ඉල්ලීම් මෙසේය.

(I) විකාශන කාලයෙන් හරි අඩක් පොදු යහපත අරමුණු කරගත් වැඩ සටහන් සඳහා වෙන් කළ යුතුය.

(II) එහි ප්‍රධාන අරමුණ විය යුත්තේ මහජනයාගේ දැනුම, සවිඥානකත්වය, විචාර බුද්ධිය හා රසවින්දනය දියුණු කිරීමය.

(III) එම ගණයට වැටෙන වැඩ සටහන් උසස් ප්‍රමිති තත්ත්වයක තිබිය යුතුය.

(IV) එ මගින් ප්‍රකාශ කෙරෙන කරුනු නිවැරදි හා අපක්ෂපාත තත්ත්වයක තිබිය යුතුය.

(V) මත බේදාත්මක දේවලට අදාල සංවාද හා වාර්තාකරණවලදී සියලු වැදගත් දෘෂ්ඨිකෝණයන් නරඹන්නන්ට හා අසන්නන්ට දැනගන්නට සැලැස් විය යුතුය.

(VI) ලිංගිකත්වය, කුලය හා වර්ගය අනුව හෝ ආගම අනුව සමාජයේ පවත්නා බෙදීම් වර්ධනය කිරීමට හෝ ඒ කවර සමාජ කන්ඩායමක් කෙරෙහි හෝ අමනාපයක්, පිළිකුලක් හෝ ද්වේශ සහගත හැගීමක් ඇති කිරීමට හේතු වන දේවල් විකාශනය නොකළ යුතුය.

5. මහජන සුභසිද්ධිය යන අදහසට පහත සඳහන් කාරණා ප්‍රධාන වශයෙන් අදාලය.

(i) ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම.

(ii) ජාතික ආරක්ෂාව සහතික කිරීම.

(iii) ලිංග, කුල, වර්ග හා ආගම් බේදයන්ට තිබෙන පිළිගැනීම නැති කොට ජාතික සංහිඳියාව හා ජාතික ඒකාග්‍රතාව අරක්ෂා කොට වර්ධනය කිරීම.

(iv) මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම.

(v) සමාජයේ සත්‍යගරුකභාවය හා බහුත්වවාදය වර්ධනය කිරීම.

(vi) විද්‍යාත්මක දැනුම වර්ධනය කිරීම.

(vii) පරිසරය ආරක්ෂා කිරීම
(viii) ජන ජීවිතය හා රටේ පැවැත්ම කෙරෙහි බලපාන ප්‍රශ්න ගැන සමාජය හා රජය දැනුම්වත් කිරීම.

(ix) රටේ සිදුවන බරපතල වැරදි ගැන සමාජය හා රජය දැනුම්වත් කිරීම.

6. ඉහත 4 සහ 5 යන ඡේදවල ඇතුළත් කාරණා සමස්ථයක් වශයෙන් ගෙන මහජනයාට ද පිළිගත හැකි ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගෙන එය ප්‍රසිද්ධ කළ යුතුය. ඒ ඒ ආයතන විසින් ප්‍රසිද්ධ කරන ප්‍රතිපත්ති රාමු මහජනයා පිළිගන්නේ නම් එම ආයතනයේ නාලිකාවලට එරෙහිව කරන වර්ජනයද ඒ සමග අවසන් කෙරෙනු ඇත.

Victor Ivan - facebook

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..