lanka Journalist - Sri Lanka Reporters and Sri Lankan journalists political news

sinhala

  • Breaking News

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    facebook

    Sunday, July 21, 2019

    සිනහව සාක්‌කුවේ දමාගෙන යන මිනිසුන් ගැන කතා කරන ඉරාන කාටූන් කලාව

    රුවන් තර්ස්‌වින්
    ඈත අතීතයේ සිටම කලාත්මක බුමුතුරුණු පලස්‌, කැටයම් කලාවන්, විසිතුරු පිඟන් භාණ්‌ඩ, කිරිගරුඬ නිර්මාණ, කලාත්මක ගෘහ නිර්මාණ ආදියෙන් ප්‍රමුඛ ස්‌ථානයක්‌ ලබාගත් "පර්සියාව" අද හැඳින්වෙන්නේ "ඉරානය" යන නමිනි. චීනයේ සිට බිහිවූ පෙරදිග සිට අපරදිගට දිගු ගමනක්‌ ගිය සේද මාවත වැටී තිබුණේ මේ පර්සියාව හරහා ය. සේද මාවතේ ගිය වෙළෙන්දෝ පර්සියාවේ කලාත්මක භාණ්‌ඩ තම රටවලට ගෙන ගියහ. අතීතයේ සිටම කලාත්මක නිර්මාණවලට උරුමකම් කී පර්සියාව නොහොත් වර්තමානයේ ඉරානය නමින් හැඳින්වෙන මෙම රට අද කාටුන් කලාවෙන්ද ලොව පෙරමුණ ගෙන සිටී.

    ඉරානයේ අද ජීවත්වන කාටුන් චිත්‍ර ශිල්පීන් කීප දෙනකුගේ උසස්‌ නිර්මාණ කීපයක්‌ සහ එම කාටුන් ශිල්පීන් ගැන විස්‌තර කීපයකි මේ.


    පර්වින් කර්මනී ඉරානයේ ප්‍රථම කාටුන් චිත්‍ර ශිල්පිනියයි. පාසල් අධ්‍යාපනය ලබන අවධියේ ඉහළ පංතියේ ඉගෙන ගන්නා කාලයේදීම ඇය ක්‍රියාශීලී ලෙස කාටුන් ශිල්පය ප්‍රගුණ කළාය. එකල කාටුන් ශිල්පය සඳහා ඇයව දිරිමත් කරන ලද්දේ ඇයගේ පියා විසිනි.

    ඉරානයේ පළවන සතිපතා කාටුන් සඟරාවක්‌ වන "ටොෆයිට්‌" (Tofight) සතිපතා සඟරාවේද 1991 සිට 1994 දක්‌වා "ගොල්ගා" සඟරාවේත් ඇය සේවය කළාය. ඇයගේ කාටුන් දිවියට මේ වන විට වසර 40 ක්‌ පමණ සපිරේ. ඇය වැඩිපුර ආශාව දක්‌වන්නේ ගුරුවරියක වශයෙන් චිත්‍ර නිර්මාණ ඉගැන්වීමටය. "ගොල්ගා" සඟරාවේ 1991 සිට 1994 දක්‌වා ඇය සේවයේ යෙදී සිටියේය. Molavvan, Tehran times, Kayhan Caricature, Zanerooz, Tanzeparsi,
    Hadisedaneshamouz iy Az shoma Ba shoma වැනි ප්‍රකාශන සඳහා ද ඇය සම්බන්ධ වී සිටින්නීය. "සාතන්ගේ කුමන්ත්‍රණය" නම් ජාත්‍යන්තර කාටුන් තරගයේ සහ ප්‍රදර්ශනයේ කොටස්‌කරුවකු වශයෙන් ඇය කටයුතු කළාය.

    පර්වින් කර්මනී විසින් අඳින ලද සරල කාටූනයේ දැක්‌වෙන්නේ කායවර්ධන ශිල්පියෙකි. ඔහු තම බලය පෙන්වන්නේ අතේ බාහුව පුම්බාය. මෙහිදී ශිල්පියා අතේ බාහුව පුම්බන විට එළියට එන්නේ මස්‌ ගොබ නොව පෑන් තලයකි. ඔහු එම පෑන් තලයෙන් ලියන ලද ලිපිය පුවත්පතක පළවී ඇත. ඔහු එම ලිපිය සඳහන් පත්තර පිටුවෙන් තොප්පියක්‌ සාදා ඔළුවේ දමාගෙන සිටී. තොප්පියක්‌ දැමූ විට තම ඔළුව ආරක්‌ෂා වේ. ඒ අතරම තොප්පිය කාටත් පෙනේ. මින් කාටුන් ශිල්පිනිය අදහස්‌ කර ඇත්තේ තම අදහස්‌ පෙන්වීමට පුවත්පත් කලාවේදියාට ඇති හැකියාවයි. බලයයි.

    1958 දී ඉරානයේ ටෙහෙරාන් නුවර දී උපත ලැබූ මොසෙන් නජාµS ((Mohsen Najafi) නිර්මාණ ශිල්පියකු මෙන්ම ග්‍රැµsක්‌ මෝස්‌තරකරුවෙකි. ඉරානයේ පුවත්පත් කලාවේදී කාටුන් ශිල්පියකු වශයෙන් වසර ගණනාවක්‌ම සේවයේ නියුක්‌තව සිටි ඔහු එම වෘත්තියට පිවිසියේ වයස අවුරුදු 17 දීය. 1993 දී ජපානයේ පැවැත්වූ කාටුන් චිත්‍ර තරගයකදී විශේෂ ත්‍යාගයක්‌ දිනාගත් නජාµs එම වසරේදීම ඉතාලියේ පැවැති 17 th Biennial International Humor art තරගයේදී ද ත්‍යාගයක්‌ දිනා ගත්තේය. 1996 වර්ෂයේදී කොරියාවේ සෝල් නුවර පැවැති 6 එය 6 th Seoul International Festival තරගයේ දී ප්‍රථම ස්‌ථානය දිනාගනු ලැබුවේ නජාෆි විසිනි.

    මෙහි ඇති ඔහුගේ කාටුනය ප්‍රබල උපහාසයක්‌ පෙන්වා දෙයි. පිස්‌තෝලයකි· ඇඟිල්ලකි· කිසියම් කෙනකු තම දබර ඇඟිල්ල කාට හෝ උලුක්‌ කිරීම නොහොබිනා ක්‍රියාවක්‌ බව ඔහු පෙන්වා දෙති. එම දබර ඇඟිල්ල කෙනකුට පෙනෙන්නේ භයානක ගිනි අවියක්‌ වන පිස්‌තෝලයක්‌ බව නජෆි මෙයින් පෙන්වා දෙයි.

    ස්‌මයිල් අබාසි (Esmaeil Abasi) ඉරානයේ කලාගන්වලදී උපත ලැබීය. පුවත්පත් කලාවේදී කාටුන් චිත්‍ර ශිල්පියකු ලෙස වසර 40 කට වඩා අත්දැකීම් ඇත්තෙකි. ඔහු තනි සහ සාමුහික කාටුන් ප්‍රදර්ශන පවත්වා ඇත. "නිල් අහස" නමින් ඉරානයේ පැවැති කාටුන් තරගයේ ජූරි සභිකයකු වශයෙන්ද අබාසි කටයුතු කළේය. ඔහු විසින් අඳින ලද මෙම කාටුනයේ දැක්‌වෙන්නේ වැදගත් පෙනුමක්‌ ඇති පුද්ගලයකු හා කිඹුලෙකි. ගං ඉවුරේ සිටින පුද්ගලයා අත ටිෂූ කොළ පිරවූ පෙට්‌ටියකි. එම පුද්ගලයා "ටිෂූ" කොළයක්‌ කිඹුලාට දිගු කරයි. ඒ කුමටද? කිඹුලා සිටින්නේ කඳුළු සලමින්ය. මේ පුද්ගලයා කිඹුලාගේ කඳුළු පිසීමට ටිෂූ කොළ දිගු කරයි. පලක්‌ නොවන බොරු දෙයකට මහන්සි වීම මෙන්ම කිඹුල් කඳුළු පිස දැමීමට යැම පලක්‌ නොවන දෙයක්‌ බවත් අබාසි මෙම කාටුනයෙන් පෙන්වා දෙයි.


    අලිසදේ ජවාඩ්  1953 දී ඉරානයේ ආදිබිල්හිදී උපත ලැබීය. ඉංග්‍රීසි පරිවර්තන පිළිබඳ උපාධිධාරියකු වන ජවාඩ් 1972 සිට තමා විසින්ම ප්‍රගුණ කරගත් කාටුන් ශිල්පයේ යෙදෙන තැනැත්තෙකි. ටෙහෙරානයේ පැවැති කාටුන් තරගවල ජූරි සභිකයෙක්‌ වශයෙන් සහභාගී වී ඇත. ජවාඩ් විසින් ලොව පුවත්පත් සඟරා ගණනකටම කාටුන් සැපයීම් යෙදී සිටින්නෙකි. Humor & Caricature නම් මාසික සඟරාවක්‌ 1990 වර්ෂයේ සිට ඔහු විසින් ප්‍රකාශයට පත් කරයි. 1989, 1991, 1993 වර්ෂවලදී ඉතාලියේත්, 1990 ප්‍රංශයේත්, 1994, 1995 ජපානයේත්, 1995 කොරියාවේත් පැවැති කාටුන් චිත්‍ර තරගවලින් ජයග්‍රහණය කර ඇත. 1993 දී ඉරානයේ ටෙහෙරාන් නුවරදී ඔහු වෙත "ජාතික සම්මාන ත්‍යාගය" ද පුද කරන ලදී. ජවාඩ් විසින් අඳින ලද කාටුනයෙන් පිළිබිඹු කර ඇත්තේ මිනිසා සහ සිනාවයි. මෙයින් සිනාවේ අවස්‌ථාවාදී බව ඔහු පෙන්වා දෙයි. මෙම කාටුනය දෙස බැලූ විට මෙවැනි මිනිසුන් අප සමාජයේ බහුලව ඇති බව අපට පෙනී යයි. ජවාඩි මේ කාටුනයෙන් දක්‌වා ඇත්තේ මිනිසකුගේ ආලේඛ්‍යය චිත්‍රයකි. එම මිනිස්‌ මුහුණේ සිනහවක්‌ නැත. බුම්මාගෙන සිටී. ඔහුගේ සිනහව ඇත්තේ ඔහු ඇඳ ඇති කබායේ උඩ සාක්‌කුවේය. කබා සාක්‌කුවේ ඇති සිනහව ඒ මිනිසා තමාට වුවමනා වේලාවට පමණක්‌ තම මුහුණේ ඇති කටට සවිකර ගනී. එවිටය ඔහු සිනාසෙනු දැක ගැනීමට හැකි වන්නේ එතෙක්‌ එය තියෙන්නේ සාක්‌කුවේය. මෙයින් මිනිසුන්ගේ අවස්‌ථාවාදී බව ජවාඩ් හොඳ හැටියට පෙන්වා දෙයි.

    සියාඩ් මහමුඩ් ජවාඩි  1967 දී ක්‌වෙට්‌හිදී උපත ලැබීය. ක්‌වේට්‌හි උසස්‌ පාසලෙන් අධ්‍යාපනය අවසන් කළ ඔහු 1983 දී ඉරානයට පැමිණියේය. 1991 සිට පුවත්පත් සඳහා කාටුන් සපයන සියාඩ් ජාතික සහ ජාත්‍යන්තර ප්‍රදර්ශන සඳහා නිර්මාණ ඉදිරිපත් කර ඇත. "සාතන්ගේ කුමන්ත්‍රණය" නම් තරගයෙන් (1992) ඔහුට ඩිප්ලෝමා සහතිකයක්‌ හිමිවූ අතර දකුණු කොරියාවේ පැවැති කාටුන් තරගයකින් ඔහුට දිරිගැන්වීමේ කුසලතා සම්මානයක්‌ හිමිවිය.

    සියාඩ්ගේ කාටුනයෙන් නිරූපනය වන්නේ බලවත් මිනිසකුගේ හා සාමාන්‍ය මිනිසකුගේ ආහාර ගැනීමේ අවස්‌ථාවකි. එක මේසයක එක්‌ පසෙක බලවත් මිනිසා වාඩිවී සිටී. සාමාන්‍ය මිනිසා තම දකුණතේ ඇති ගෑරුප්පුවේ අමුණා ඇති ආහාරය ගැනීමට ප්‍රථම බලවත් මිනිසා එය ඩැහැගනී. ඔහු එය ගන්නේ කෙසේද? එය අධම ම්ලේච්ඡ ක්‍රියාවකි. බලවතා දුර්වල සාමාන්‍ය මිනිසාගේ දකුණත තම පිහියෙන් කපා එම අතේ කොටස තම ගෑරුප්පුවට සවිකර අර කපාගත් අතේ ඇති ගෑරුප්පුවේ ඇති ආහාරය තම කටට දමා ගනී. මෙය පහත් ක්‍රියාවකි. මින් සියාඩ් අපට පෙන්වා දෙන්නේ බලවතා කිසිම හිරිකිතයක්‌, අනුකම්පාවක්‌ නොමැතිව පොඩි මිනිසා පෙළන බවයි.

    ජෙරාන් සුල්µsගාරි 1971 දී ටෙහෙරාන් හිදී ඉපදුණු කාටුන් ශිල්පිනියකි. ඇය කාර්මික නිර්මාණ පිළිබඳව ටෙහෙරාන් විශ්වවිද්‍යාලයෙන් ඵA උපාධිය ලබාගෙන ඇත. ජාතික සහ ජාත්‍යන්තර ප්‍රදර්ශනවලට සහභාගි වී ඇත.

    ටෙහෙරානයේ පැවැති කාටුන් තරගවලින් සම්මාන මෙන්ම ගෞරවනීය සම්මාන ලබා ඇත. ටෙහෙරානයේ "නිල් අහස" කාටුන් තරගයටද ඇය සහභාගි වී ඇත.

    ජෙරන් විසින් ඇඳ ඇත්තේ සරල කාටුන් චිත්‍රයකි. උලක්‌ වැනි වූ උස්‌ කඳු ගැටයකි. එය ඉහළ වළාකුල්වලටත් වඩා උසින් පිහිටා ඇත. කඳු මුදුනේ ඇති පැද්දෙන ලෑල්ලක්‌ දෙපැත්තේ සිටින දෙදෙනෙකි. එය මිනිසකු සහ ගැහැනියක විය හැකිය. දකුණු පස සිටින මිනිසා වම්පස සිටිනා ගැහැනිය දෙසට සිනාසෙමින් දිව එයි. එම දෙදෙනාට මැදින් ආදරයේ සංකේතය නැවත පාවෙමින් තිබේ. ගැහැනු රූපය බයෙන් බිරාන්ත වී සිටී. ඇයි? දකුණත පැත්තේ සිටින මිනිසා වම් පැත්තට දිව ආවොත් එම දෙදෙනාම කන්දෙන් පහළට වැටී විනාශ වනු ඇත. මෙම කාටුනයෙන් පෙන්වා දෙන්නේ ආදරයට ඉක්‌මන් නොවී ප්‍රවේශමෙන් එයට ප්‍රවේශ වෙන ලෙසය. මොහොමඩ් අලි බානි අසාදි  1956 දී උපත ලැබූවෙකි. ටෙහෙරාන් විශ්වවිද්‍යාලයෙන් ප්ලාස්‌ටික්‌ චිත්‍ර නිර්මාණ සඳහා උපාධිය ලබා ඇත. පුවත්පත් ආයතන කීපයකම රැකියාව කර ඇති අසාදි ප්‍රංශය, ජපානය, රොමේනියාව, ඉතාලිය යන රටවල චිත්‍ර ප්‍රදර්ශන පවත්වා ඇත. ජපානයේ කාටුන් තරගයකින් ඩිප්ලෝමා ත්‍යාගයක්‌ ලබා ඇති අසාදි ටෙහෙරානයේ පැවැති "නිල් අහස" කාටුන් තරගයෙන් ගෞරවනීය සම්මානයක්‌ ලබාගෙන ඇත.

    අසාදිගේ කාටුනයේ පෙන්නුම් කරන්නේ දේශනයකට සූදානම් වන තැනැත්තෙකි. ඔහු දේශපාලනඥයකු හෝ උගතෙකු හෝ විය හැකිය. පසෙකින් මයික්‍රෙµdaනයක්‌ සහ වතුර වීදුරුවක්‌ ඇත. දේශනයට සූදානම් වන තැනැත්තා තම දිව එළියට ගෙන දිවේ පෑනකින් යමක්‌ ලියයි. ඒ ඔහු කතා කිරීමට බලාපොරොත්තු වන දෙයයි. ඔහු කොළයක ලියා එය බලාගෙන කතා කිරීමට අකමැති පුද්ගලයෙක්‌ විය හැකිය. එම නිසා ඔහු තම කතාව තම දිවේ ලියා ගන්නේ එවිට ඔහුගේ මුවින් කතා කරන විට එම ලියාගත් වචන පිටවනු ඇති බවයි කාටුන් ශිල්පියා අපට කියා දෙන්නේ.

    1977 ඉරානයේ ටෙහෙරාන් නගරයේදී උපත ලැබූ අලි දිරක්‌ෂි  ඉරානයේ අසඩ් විශ්වවිද්‍යාලයෙන් චිත්‍ර සන්නිවේදනය පිළිබඳ පාඨමාලාවක්‌ හදාරා තිබේ. 1995 දී ඔහුගේ කාටුන් නිර්මාණ ෙµdලිනෝ කාටුන් ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරිණි. "ඔක්‌ෙµdට්‌සික්‌ හි ඉයොම්පියුරී ෂම්බුක්‌ කාටුන් තරගයේදී දිකේෂිගේ කාටුනයකට තුන්වැනි ස්‌ථානය හිමිවිය.

    ගොපලු චරිතය ඇමෙරිකාවට අතීතයේ සිටම උරුම වූවකි. පෙර අමෙරිකානුවා හැඳින්වූයේ ගොපල්ලකු ලෙසය. ඒ අනුසාරයෙන් වීරකතා, කවි, ගීත, නාට්‍ය, ටෙලිනාට්‍ය, චිත්‍රපට බිහිවිය. එම ඇමරිකානු ගොපලු චරිතයට නව අර්ථකතනයක්‌ දීමට අලිදිරක්‌ෂි සමත් විය. කාටුනය තුළ සිටින්නේ අමෙරිකානු ගොපලු චරිතය නිතරම ශුෂ්ක භූමි, අශ්වයා, පිස්‌තෝලය සමඟ සම්බන්ධ විය. පිස්‌තෝල එකක්‌ බොහෝ විට දෙකක්‌ තම ඉණෙහි එල්ලාගෙන සිටීමට අමෙරිකන් ගොපල්ලෝ පුදුරු වී සිටියහ. අලි නිමැවූ මේ කාටුනයේ දැක්‌වෙනුයේ අමෙරිකානු ගොපල්ලා සහ ඔහුගේ ඉණෙන් පහළ දෙකකුල් පිස්‌තෝල දෙකක්‌ ලෙසටය. ඔහු පිස්‌තෝල දෙක එල්ල කිරීමට ඒවා අත් දෙකෙන් ගැනීමට සැරසෙනු පෙනේ. ඔහුට පිස්‌තෝල දෙක තම දෑතට ගත හැකි වේවිද? පිස්‌තෝල දෙක යනු ඔහුගේ දෙකකුල්ය. ඒවා ඔවුන්ගේ ජීවිත හා තදින් බැඳී ඇත. දෙපයින් යන ගමනට ගොපල්ලාට මේ පිස්‌තෝල දෙක අවශ්‍ය වේ. ඒ සතුරාගෙන් බේරීමටය. පිස්‌තෝල දෙක අතට ගත්තොත් ඔහු බිම වැටේ. ඒ ඒවා ඔහුගේ දෙකකුල් නිසාය. මේ කාටුනය අමෙරිකානු අතීත ජන ජීවිතයට කරන ලද දරුණු උපහාසයකි.

    රුවන් තර්ස්‌වින්

    No comments:

    Post a Comment

    facebook

    Video

    lakdiva news

    root

    Culture