sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » » » සිංහල ජනතාවගේ මුස්‌ලිම් නායකයා

 https://www.youtube.com/c/LankaJournalistමුස්‌ලිම් සංගම් සමුළුවේදී සිංහල රජ බස කරවීම සඳහා විශාල සටනක්‌ කළේය. සිංහල රාජ්‍ය භාෂාව විය යුතු බව ප්‍රථමවරට නගර සභාවකින් යෝජනාවක්‌ සම්මත කළේ බාකීර් මාකාර් නගරාධිපතිතුමාය. ඔහුගේ ඒ අරගලය සිංහල රජ බස කරවීම සඳහාය.

බේරුවල මරදාන ගමේ "හකීම් විලා" නිවසේ විසූ අභිමානවත් වෙද පරපුරෙන් බේරුවල ජනතාවට සිදු වූ සේවාව සුළු පටු නොවේ. ජාති ආගම් භේදවලින් තොරව කළ මහජන සේවාව නිසා මේ පවුලේ අය සියලු ජාතීන්ගේ ජන ප්‍රසාදයට පත් විය. වාර්ගික- ආගමික- සහජීවනය වෙනුවෙන් අප කැප වූ ජන නායකයකු මේ පවුලෙන් බිහි වූයේ "හකීම් විලා" නම් වූ මේ මහා වෙද ගෙදරදීය. 1917 මැයි 12 වැනි දින උපත ලැබූ මොහු බාකීර් මාකාර් නම් විය.

තමා හමුවේ ඇති දහසකුත් එකක්‌ දුක්‌ කම්කටොලු අගහිඟකම් කිසි විටකත් බාධකයක්‌ කර නොගත් මොහු දැනුමෙන් අධ්‍යාපනයෙන් පිරිපුන් පුද්ගලයකු ලෙස තම වෘත්තීය දිවියේ මෙන්ව දේශපාලන ගමන් මගේ හිනිපෙත්ත කරා පිය නැඟූ ආකාරය හැදෙන වැඩෙන පරපුරට මහඟු ආදර්ශයකි.

1950 වර්ෂයේදී නීතිඥයකු වශයෙන් දිවුරුම් දුන් මොහු කළුතර උසාවියේ සිය සේවාව ආරම්භ කළේය. තම නීතිඥ වෘත්තිය මුදල් ඉපයීමේ මාර්ගයක්‌ කර නොගත් මොහු එය හුදෙක්‌ මහජන සේවාවක්‌ වශයෙන් කරන ලදී. ඔහු මිනිසුන්ගෙන් ගිනි අයකර කළු සල්ලිවලින් සාක්‌කුව පුරවා ගත්තේ නැත. උදයට ඔහුගේ කාර්යාලය මහජනයාගෙන් පිරී තිබුණත් හවසට ඔහුගේ සාක්‌කුව කවදාවත් මුදලින් පිරී තිබුණේ නැත.

දරුවන් දෙතුන් දෙනා කරේ එල්ලා ගෙන නඩත්තුව ඉල්ලා උසාවියට එන අසරණ කාන්තාවන්ගේ මුදල් අය කිරීම වරදක්‌ බව ඔහු කල්පනා කළේය. නඩත්තු නඩුවලට පෙනී සිටීම සඳහා ඔහු කිසිදු මුදලක්‌ අය කළේ නැත.

1951 වර්ෂයේදී බාකීර් මාකර් මහතාට කළුතර නීතිඥ සංගමයේ සභාපති තනතුරට පත්වීමේ වාසනාව උදා විය.

බාකීර් මාකාර් මහතාගේ පියා, සීයා ඇතුළු පරම්පරාගත මේ පවුලෙන් බේරුවල ජනතාවට සිදු වූ සේවාව ඉතා විශාලය. මේ පවුලෙන් ජනතාවට සිදුවූ සේවාවට ප්‍රති උපකාර කිරීමට බේරුවල ජනතාවට අවස්‌ථාවක්‌ උදා නොවිණ. මෙවැනි අවස්‌ථාවක මේ පවුලෙන් ජනතා ඉල්ලීම මත බාකීර් මාකාර් දේශපාලනයට ආගමනය විය.

1947 වර්ෂයේදී බේරුවල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු වශයෙන් පත් වූ බාකීර් මාකාර් මහතා පසුව බේරුවල නගර සභාවේ නගරාධිපති ධුරයට පත් විය. 1960 වර්ෂයේදී බේරුවල පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් පත් වූ මොහු නියෝජ්‍ය කථානායක, කථානායක හා කැබිනට්‌ අමාත්‍යවරයකු වශයෙන්ද, ආණ්‌ඩුකාරවරයකු වශයෙන්ද බේරුවල ජනතාවටත් මේ රටටත් විශාල සේවාවක්‌ කළේය.

ජාතික සංහිඳියාවේ ඇති වැදගත්කම අද කරළියට පැමිණ තිබේ. මේ සඳහා වත්මන් රජය ප්‍රමුඛත්වයක්‌ ලබාදී කටයුතු කිරීම පැසසිය යුතු කරුණකි. ජාතික සංහිඳියාව ගැන කථිකා වෙන මෙවන් යුගයක ජාතික සමගිය වෙනුවෙන් සටන් කළ නායකයන් පිළිබඳ පසු විපරම් කර බැලීම වැදගත් වනු ඇත.

ජාතීන් අතර එකමුතුකම තහවුරු කිරීමේ අරමුණින් සටන් කළ නායකයින් පශ්චාත් නිදහස්‌ ශ්‍රී ලංකා දේශපාලනය තුළ නැත්තේ නොවේ. එවැන්නන්ගේ ලැයිස්‌තුවක්‌ පිළියෙල කළහොත් මහත්මා දේශපාලඥයකු වූ බාකීර් වාකාර් මහතාට හිමි වන්නේ සුවිශේෂි ස්‌ථානයකි.

බාකීර් මාකාර් මහතා "මෙරට රාජ්‍ය භාෂාව සිංහල භාෂාව විය යුතුයි" යන හඬ රට වටා ගෙන ගියේය. මේ සඳහා "ඇයි අපට සිංහල" යන පොත ඔහුගේ වියදමින් මුද්‍රණය කර රට වටා මුස්‌ලිම් ජනතාව අතර බෙදා හැරියේය. මේ නිසා ඔහුට එදා කිසිම දෙමළ පුවත්පතකින් දැන්වීමක්‌වත් පළ කිරීමට අවස්‌ථාවක්‌ නොලැබුණි. මුස්‌ලිම් සංගම් සමුළුවේදී සිංහල රජ බස කරවීම සඳහා විශාල සටනක්‌ කළේය. සිංහල රාජ්‍ය භාෂාව විය යුතු බව ප්‍රථමවරට නගර සභාවකින් යෝජනාවක්‌ සම්මත කළේ බාකීර් මාකාර් නගරාධිපතිතුමාය. ඔහුගේ ඒ අරගලය සිංහල රජ බස කරවීම සඳහාය.

ඔහු ගහට පොත්ත මෙන් සිංහල ජනතාව සමඟ බද්ධව සිටියේය. මේ නිසා මොහු "සිංහල බාකීර් මාකාර්" යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනු ලැබිණි.

1977 පැවැති මහා මැතිවරණයේදී 70% ක බහුතරයක්‌ සිංහල ජනතාව ජීවත් වන බේරුවල අසුනෙන් වැඩි ඡන්ද 27000 ක්‌ ඔහු ලබා ගත්තේය. බේරුවල සිංහල ජනතාවගේ මුස්‌ලිම් නායකයා ඔහු විය. ජාති ආගම් භේද නොතකා සේවය කළ මොහු බේරුවල බහු අසුනේ පළමු මන්ත්‍රීවරයා වීමේ වාසනාව උදා කර ගත්තේ ජාතික සමගියේ ඇති වැදගත්කම මුළු රටටම පෙන්වා දෙමිනි.

බේරුවල ජාතිවාදී ගැටුම් මීට පෙරද ඇතිවූ අවස්‌ථා තිබිණි. එවැන්නක්‌ දැනගත් මොහොතේම බාකීර් මාකාර් මහතා එම ස්‌ථානයට පැමිණියේය. ඒවා දුරදිග යන්නට ඔහු කිසි විටකත් ඉඩ තැබුවේ නැත. ඔහු ඒක පාක්‌ෂික තීන්දු තීරණ ගත්තේ නැත. ඒවාට සාධාරණ විසඳුම් ලබා දුන්නේය. අඩ සියවසකටත් වඩා අධික වූ ඔහුගේ දේශපාලන දිවිය තුළ ජාතිවාදී ගිනිදැල් ඇවිළීමට ඉඩ නොතබා ජාතික සමගිය රැකගත් ආකාරයත්, ඔහු කළ ජනතා සේවාවත් බේරුවල ජනතාවට අමතක කළ නොහැක. බාකීර් මාකාර් පරපුරටත්, බාකීර් මාකාර් නාමයටත් බේරුවල ජනතාවට අදත් ගරු බුහුමන් කරන්නේ ඒ නිසාය.

දෙවියන් වහන්සේ විසින් මෙලොවට දායාද කළ මේ සුවÄති, දැත් පිරිසිදු ජනනායකයා 1997 සැප්තැම්බර් 10 වැනි දින දැයෙන් සදහටම සමුගනිමින් නැවත දෙව් තුරුලට ගියේය.

ජිනසේන වේලාරත්න

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..