sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » ප්ලේටෝගේ දාර්ශනික විප්ලවය

 https://www.youtube.com/c/LankaJournalist
ඌවතැන්නේ සුමන හිමි
ඇතැන්ස්‌ පෞර රාජ්‍යය සම්බන්ධ වූ පෙලෝපොනීසියානු යුද්ධයේ අවසන් භාගයේ දී පමණ (ක්‍රි(වර්ෂ 427 දී පමණ) ප්ලේටෝ ගේ උපත සිදු වූයේ කුලීන ධනවත් පවුලක සාමාජිකයෙකු වශයෙනි. ඔහුගේ පෙළපත ප්‍රජා පීඩකයන් තිස්‌ දෙනාගේ පාලනයට සම්බන්ධ ව විසූ නොයෙක්‌ දෙනාට පංති සම්බන්ධයක්‌ තිබුණු ධනවත් රදළ පංතියට අයත් විණි. යුද්ධයෙන් ඇතැන්ස්‌ පෞර රාජ්‍යය පරාජය ලබන විට හෙතෙම තරුණයෙකි. පරාජයට පත් වූයේ රජය ප්‍රජාතන්ත්‍රවාදී නිසා යෑයි ඔහුට කිව හැකිව තිබුණි. ඔහුගේ සමාජ තත්ත්වය හා පවුල් සම්බන්ධතා ප්‍රජාතන්ත්‍රවාදී රජය හෙලා දැකීමට ඔහු පොළොඹවන සු`ඵ විය. සොක්‍රටීස්‌ ගේ ගෝලයෙක්‌ වූ ඔහු සොක්‍රටීස්‌ ට ගැඹුරු සෙනේහයක්‌ ද ගෞරවයක්‌ ද දැක්‌ වීය. සොක්‍රටීස්‌ මරණයට පත් කෙළේ ද ප්‍රජාතන්ත්‍රවාදී රජය විසිනි. එබැවින් හෙතෙම පරමාදර්ශී පොදු රාජ්‍යය පිළිබඳ ලේශමාත්‍ර දසුනක්‌ පිණිස ස්‌පාර්ටාව දෙසට හැරී බැලීම පුදුමයට කරුණක්‌ නොවේ. අනාගත යුගයන් රවටන අයුරින් ගමා ගේ හැඩි සැඩි යෝජනාවන් අලංකරණය කිරීමේ කලාවෙහි ඔහු ප්‍රවීණ විය. ඔහුගේ (REPUBLIC) සමූහාණ්‌ඩුව. කෘතිය උසස්‌ කොට සැලකූහ. හැම විටම ප්ලේටෝ ට ප්‍රශංසා කිරීම යෝග්‍ය සේ සලකන ලද නමුත් ඔහු තේරුම් ගැනීම් යෝග්‍ය බව නොසලකන ලදී. ශ්‍රේෂ්ඨ මිනිසුන් පිළිබඳ පොදු ඉරණ මෙය ය. එහෙත් තමා ගේ අරමුණ එහි ප්‍රතිලෝම යයි බර්ට්‍රන්ඩ් රසල් සාමි වරයා අවධාරණය කරයි.

ප්ලේටෝ ට ලැබුණු හුදු දාර්ශනික බලපෑම්ද, ස්‌පාර්ටාවට පක්‍ෂ ව ඔහුගේ ස්‌තෙහි ලැදි බවක්‌ ඇති කරවන සු`ඵ විය. පෘථුල වශයෙන් පවසන්නේ නම් මේ බලපෑම් නම් පෛතගෝරස්‌ පාමිනයිඩීස්‌, හෙරෙක්‌ලීටස්‌, හා සොක්‍රටීස්‌ ය. පෛතගෝරස්‌ කෙරෙන් ප්ලේටෝ තම දර්ශනයෙහි ඕර්නික මූලියන් ලැබීය. එනම්, ආගමික නැමියාව, අමරණීය භාවය ගැන විශ්වාසය, පරලොව පිළිබඳ හැ`ගීම, පුජකස්‌වරයා හා ලෙන පිළිබඳ උපමාවෙහි ඇතුළත් සියල්ල ද ගණිත විද්‍යාව ගැන ඔහුගේ ගෞරවය ද බුද්ධිමත් ධ්‍යාන යෝගයක්‌ පිළිබඳ ඔහු තුළ දක්‌නා ලැබෙන හෘදයාංගම සම්මිශ්‍රණය ද වේ.

තථ්‍යතාව ශාස්‌වත හා කාලමුක්‌තය කියාත් තර්කානුසාරී හේතූන් උඩ සියලු විපර්යාස මායාකාරීය කියාත් හෙතෙම පාමිනයිඩීස්‌ වෙතින් උගත්තේය.

මෙම ඉන්ද්‍රීය ගෝචර ලෝකයෙහි නිත්‍ය වූ කිසිවක්‌ නොමැත්තේය යන ප්‍රතිෂේධාත්මික සිද්ධාන්තය ඔහු හෙරාක්‌ලීටස්‌ කෙරෙන් උගත්තේ ය. මෙය හා සංයෝග වූ පාමිනයිඩීස්‌ ගේ සිද්ධාන්තය නිසා ඔහු, ඥානය ඉන්ද්‍රියයන් මගින් ව්‍යqත්පන්න වන්නේ නොව හුදෙක්‌ බුද්ධිය මගින් සාක්‍ෂාත් කරගත යුතුය යන නිගමනයට පැමිණියේය. අනික්‌ අතට මෙය පෛතගෝරියානු වාදය හා මැනවින් ගැලපුණේය.

සදාචාර ප්‍රශ්න පිළිබඳව ඔහුගේ චින්තාපරවශ බවත් ලෝකය පිළිබඳ ව යාන්ත්‍රික විවරණ නොව සාධ්‍යතා විවරණ සෙවීමෙහි ඔහු ගේ ප්‍රවණතාවන් ඔහු උගත්තේ සොක්‍රටීස්‌ කෙරෙන් බව පෙනේ යෑයි කියා සිටී. යහපත. ප්‍රාග් සොක්‍රටීසියානු චින්තනයෙහි බලපෑවාට වඩා ඔහුගේ චින්තනයෙහි බලපෑවේය. මෙයට හේතු වූයේ සොක්‍රටීස්‌ ගෙන් ලත් ආභාෂය නොවේ යෑයි සිතීම දුෂ්කරය.

මේ සියල්ලක්‌ දේශපාලන භූමියෙහි ඒකාධිපතිවාදය හා සම්බන්ධ වනුයේ කෙසේද?

01). යහපත් භාවය හා තථ්‍යතාව කාලමුක්‌ත බැවින්, ප්‍රශස්‌ථතම රාජ්‍යය වනුයේ අවම විපර්යාසයක්‌ හා උපරිම ස්‌ථාවර පාරප්‍රාප්තියක්‌ ද සිද්ධ කොට ගැනීමෙන් දිව්‍යමය ආදර්ශ හැකි තරම් ආසන්න ලෙස අනුකරණය කරන රාජ්‍ය යි. එහි පාලකයන් විය යුත්තේ ශාශ්වත යහපත ඉතාම හො`දින් අවබෝධ වන අය ය.

02). සෑම ධ්‍යානයෝගියකුගේ විශ්වාසයන් හි මෙන් ප්ලේටෝ ගේ ද විශ්වාසයන් හී, ජීවන විධාන ක්‍රමයක්‌ මගින් විනා ඒකාන්ත වශයෙන් ම අන් ලෙසකින් අන්‍යයාට දැනුම් දිය නොහැකි නියතතාවක සාරයක්‌ විය. පෛතගෝරියානු උපනීත යෝගීන්ගේ පාලනයක්‌ පිහිටු වීමට වෙර දරා තිබේ. යටි හිතින් ප්ලේටෝ ගේ අභිමතය වනුයේ ද මෙය යි. යමෙකු යහපත්

රාජ්‍යතාන්ත්‍රිකයෙකු වීමට නම් හෙතෙම යහපත දත යුත්තේය. ඔහුට මෙය කළ හැක්‌කේ බුද්ධි විෂයක වූ හා සදාචාර ධර්මානුකූල විනයේ සංයෝගයක්‌ මගින් පමණි. මෙම විනය පුරුදු නො කළවුන්ට ආණ්‌ඩුවට සහභාගි වීමට ඉඩ දුන හොත්, ඔවුහු නොවරදවා ම එය දූෂණය කරන්නාහ.

03). ප්ලේටෝ ගේ මූලධර්ම උඩ යහපත් පාලකයෙකු තැනීමට මහත් අධ්‍යාපනයක්‌ අවශ්‍යය. සයිරක්‍යqස්‌ හී ප්‍රජාපීඩක කණිෂ්ඨ ඩයනාaසියස්‌ හට යහපත් රජකු බවට පැමිණවීම අරභයා ජ්‍යාමිතිය ඉගැන්වීමට උදක්‌ ම කියා සිටීම ප්‍රඥගෝචර නොවන්නක්‌ හැටියට අපට පෙනී යන නමුත්, ප්ලේටෝ ගේ මතය අනුව එය අත්‍යවශ්‍යය. ගණිත විද්‍යාව නොමැතිව සැබෑ ප්‍රඥවක්‌ ඇති විය නොහැක්‌කේ යයි සිතීමට තරම් හේ පෛතගෝරියානු වූයේය. මෙම මතයෙහි කතිපයාධිපති ආණ්‌ඩු ක්‍රමයක්‌ ගම්‍යමානය.

04). ග්‍රීක දාර්ශනිකයන් වැඩි දෙනෙකු හා පොදුවේ ඔහු ද ප්‍රඥව උදෙසා විවේකය අවශ්‍ය යයි ද, මේ නිසා දිවි පැවැත්ම උදෙසා වැඩ කළ යුතු වූවන් තුළ ප්‍රඥව නොතිබිය හැක්‌කේ යයි ද එය තිබිය හැක්‌කේ ස්‌වාධීන ජීවනෝපායයන් ඇත්තවුන් හෙවත් තමන් ගේ නඩත්තුව උදෙසා ගත යුතු හිරිහැර වලින් රජය විසින් මුදනු ලැබූවන් තුළ යයි ද යන මතය දැරීය. මෙම මතය අවශ්‍යයෙන් ම රදල වාදීය.

ප්ලේටෝ නූතන අදහස්‌ වලට අභිමුඛ කරනු (සැසඳීමේ දී) ලැබීමේ දී පොදු ප්‍රශ්න දෙකක්‌ පැන නගින බව රසල් සාමි වරයා අවධාරණය කරයි. ඉන් පළමු වැන්න නම් ප්‍රඥව. කියා දෙයක්‌ ඇත්තේ ද යන්නයි. දෙවැන්න නම්, ඉදින් එසේ ඇතැයි පිළිගත හොත්, එයට දේශපාලන බලය දීමේ කිසියම් ආණ්‌ඩු ක්‍රමයක්‌ සැලසුම් කළ හැකිද යන්නයි.

අදහස්‌ කරන ලද අර්ථයන් ප්‍රඥව. සපතේරුවා (සපත්තු මහන්නා) හෝ වෛද්‍යවරයා හෝ යුද්ධෝපාය දක්‍ෂයා හෝ තුළ තිබෙන්නාක්‌ වැනි කිසියම් විශේෂිත සාමාර්ථයක්‌ නොවනු ඇත. එය මීට වඩා, සාමාන්‍යකරණය වූවක්‌ විය යුතුය. එය සතු වීම නිසා මිනිසෙකු ප්‍රඥවන්ත ලෙස ආණ්‌ඩු කිරීමේ සමර්ථයෙකු වෙතැයි සිතනු ලබන බැවිනි. එය යහපත පිළිබඳ ඥනයෙන් සඡ්ජිත යයා ප්ලේටෝ කියන්නට ඇති බව ද මෙම නිර්වචනයට, කිසිම මිනිසෙකු ඕනෑ කමින් පව් නොකරතියි යන සොක්‍රටික සිද්ධාන්තය එක්‌ කරන්නට ඇතැයි ද සිතන බව බර්ට්‍රන්ඩ් රසල් කියයි. යහපත කුමක්‌දැයි දන්නා ඕනෑම කෙනෙකු හරි දේ කරනු ඇතැයි යන්න මෙමගින් අදහස්‌ වේ.

අපහට එබඳු මතයක්‌ තථ්‍ය භාවයෙන් දුරස්‌ථ යයි පෙනේ යෑයි ද බර්ට්‍රන්ඩ් රසල් සාමිවරයා සිය කෘතිය මගින් ප්ලේටෝ පිළිබඳ විචාරයක යෙදෙමින් කියා සිටී.

ස්‌පාර්ටාවේ බලපෑම

ප්ලේටෝ දස වසරක විදේශගත සංචාරයෙන් පසුව මව් බිමට ළඟා වී ස්‌ථාපිත කළ අධ්‍යාපන ආයතනය (ACADAMY) යන නාමය ලොවට දායාද කිරීමට ද ඉවහල් විය. සොක්‍රටීස්‌ මෙන් ම සත්‍යයේ පැවැත්ම පිළිබඳ ඉහළ පිළිගැනුමක්‌ ප්ලේටෝ තුළත් පැවැතිණි. විශ්වීය වන කාරණා අතර සත්‍යය, යුක්‌තිය හා අලංකාරය සියලු යහපත් දේ අතරත් වඩාත් කැපී පෙනෙන සදාතනික අංග වශයෙන් ප්ලේටෝ විශ්ලේෂණය කෙළේය. සදාතකික හා වෙනස්‌ නොවන අදහස්‌ වල පරිපූර්ණ කොවූ පරිවර්තයනක්‌ ලෙසට සත්‍යය, යුක්‌තිය හා අලංකාරය සැළකූ ප්ලේටෝ, ඒ මක්‌නිසාද යත් මිනිසාගේ ආත්මය ලෝක සංකල්පය හා බැඳී තිබීමත්, මානව ආත්මය අධ්‍යාත්මික හා අමරණීය වීමත් හෙයිනි.

ප්ලේටෝ සිය පරමාදර්ශී රාජ්‍යය සිය (REPUBLIC) සමූහාණ්‌ඩුව. කෘතිය මගින් ලොව හමුවේ තැබූ අයුරු මහාචාර්ය වෝල්ටර් සිය කෘතිය තුළින් විග්‍රහ කරයි. දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් ක්‍රමානුකූලව එක්‌ විෂයයක්‌ සම්බන්ධයෙන් ලියෑවුණු ප්‍රථම ශාස්‌ත්‍රීය සංග්‍රහය ලෙසට ප්ලේටෝ ගේ සමූහාණ්‌ඩුව කෘතිය සියවස්‌ ගණනාවක්‌ මු`ඵල්ලේ මානව සමාජයේ බහුමානයට ලක්‌ වූ අයුරු ද මහාචාර්යවරයා පෙන්වා දෙයි. රාජ්‍යය මූලධර්ම ක්‍රියාවලියට සාධාරණ හෝ යුක්‌තිය එක්‌ වීම තෘප්තිමත් පොදු යහපතක්‌ උදෙසා වඩාත් ආකර්ශනය වූ බව පැහැදිලිය.

ඒ වාගේම පරමාදර්ශී රාජ්‍යකට සමාජ පංති තුනක්‌ හෙවත් සමාජ ස්‌ථර තුනක්‌ අවශ්‍ය බවට ප්ලේටෝ ගේ තර්කයක්‌ හෝ මතයක්‌ ඉදිරිපත් කෙළේ ද එය ග්‍රන්ථය තුළිනි.

01). අවශ්‍ය භාණ්‌ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට වැඩ කරන ජනතාව

02). රාජ්‍යයේ ආරක්‍ෂාවට ආරක්‍ෂක භටයින්

03). සියලුම මහජනයාගේ සුභසිද්ධිය උදෙසා රට පාලනයට දාර්ශනිකයින්

මේ අතර ප්ලේටෝ මෙන්ම පසුකාලීන දාර්ශනිකයින් බහුතරයක්‌ පිළිබඳවත් අවබෝධයක්‌ ලබා ගැනීමට ස්‌පාර්ටා. ව තේරුම් ගත යුතු බව බර්ට්‍රන්ඩ් රසල් සාමිවරයා සිය -'THE HISTORY OF WESTERN PHILOSOPHY' කෘතියේ සඳහන් කරයි. ග්‍රීක චින්තනය කෙරෙහි ස්‌පාර්ටාව ද්විFව බලපෑමක්‌ ඇති විය. එ නම්, තථ්‍යතාව ඔස්‌සේ හා පුරා කථාව ඔස්‌සේ ය. මේ දෙකම වැදගත්ය.

තථ්‍යතාව නිසා ස්‌පාර්ටාව ඇතැන්ස්‌ පැරදීමට පිළිවන් විය. පුරා කථාව ප්ලේටෝ ගේ දේශපාලන සිද්ධාන්තය කෙරෙහි හා පසු කාලයේ වූ අසංඛ්‍ය ගණන් ලේඛකයන් කෙරෙහි බලපෑ බව රසල් සාමි වරයා පෙන්වා දෙයි. පුරා කථාව සම්පූර්ණයෙන්ම විකසනය ව ප්ලුටාක්‌ ගේ (LIFE OF LYCURGUS) නම් කෘතියෙහි දක්‌නට ලැබේ. එමගින් ප්‍රකාශ වන පරමාදර්ශයන් රූසෝ ගේ හා නීංෂ් ගේ මතයන් ද ජාතික සමාජවාදය ද සකස්‌ කිරීමෙහි විශාල වශයෙන් ආධාර වී ඇත.

ඵෙතිහාසික වශයෙන්, පුරා කථාව තථ්‍යතාවට වැඩියෙන් වැදගත්ය. එසේ වුව ද, තථ්‍යතාව පුරා කථාවේ නිධානය යි. ස්‌පාර්ටාව ලැකෝනියාවේ හෙවත් ලැසිඩේමන් හී අගනුවර විය. එය පෙලෝපොනීසස්‌ හී අග්නිදිගින් පිහිටියේ ය. පාලක ජාතිය වූ ස්‌පාර්ටන්වරු උතුරු දිගින් ඩෝරියානු ආක්‍රමණය ඇති වූ කාලයේ දී එරට යටත් කරගෙන සිටි ජනතාව වහලුන් තත්ත්වයට පත් කළහ. ඵෙතිහාසික යුගයේ දී මු`ඵ භූමියම ස්‌පාර්ටන්වරුන් සතු විය. එහෙත්, නීතියෙන් හා සිරිත් විරිත් අතින් ඔවුනට බිම ගොවිතැන් කිරීම තහනම් විය. එබඳු කටයුතු තත්ත්වයට නො ගැලපෙන බවත්, ඔවුන් යුද සේවය සඳහා සෑම මොහොතකම සූදානම්ව සිටිය යුතු වීමත් යන හේතු මත එම තහනම ක්‍රියාවට නැගිණි. ප්‍රවේණිදාසයන් මිලට ගෙන විකිණීමත් සිදු නො කෙරිණි. ඔවුන් භූමියට සම්බන්ධව සිටියහ. භූමිය කොටස්‌ කරනු ලැබ වැඩිහිටි ස්‌පාර්ටන් වරුන්ට කොටස්‌ එක බැගින් බෙදා දෙනු ලැබීය. මේ ඉඩම් කොටස්‌ ද වහලුන් මෙන් මිලයට ගැනීමට හෝ විකිණීමට නො හැකි විය. ඒවා නීතිය අනුව පියාගෙන් පුතාට උරුම විය. ඉඩම් හිමියා භූමියේ ගොවිතැන් කළ වහලාගෙන්, තමා වෙනුවෙන් ධාන්‍ය මෙඩිම්නි හැත්තෑවක්‌ හෙවත්, (බුසල් එකසිය පහක්‌ පමණ) ද, භාර්යාව වෙනුවෙන් දොළසක්‌ ද, එක්‌තරා නියමිත ප්‍රමාණයක්‌ මිදි පැන් (වයින්) හා පලතුරු ද වාර්ශික ව ලැබීය. (බෙරිගේ HISTORY OF GREACE 1 කාණ්‌ඩය 138 පිට) මෙම ප්‍රමාණයට වැඩි පුර තිබූ අවස්‌ථාවල දී එය ධාන්‍ය වහලාට හිමි විය. මේ වහලුන් ස්‌පාර්ටන් වරු මෙන්ම ග්‍රීකයෝ වූහ. තමන් ගේ වහල් තත්ත්වය ඔවුනට අතිශයින් නුරුස්‌නා දෙයක්‌ විය. එම පසුබිම තුළ හැකි අවස්‌ථා වල දී ඔවුහු කැරැලි ගැසූහ. මෙම අන්තරාය පිළිබඳව ක්‍රියා කිරීමට ස්‌පාර්ටන්වරුන්ට රහස්‌ බළකායක්‌ සිටියේ ය. මෙයට අමතරව, මෙම (ආරක්‍ෂක බළකායට) තවත් උපායක්‌ ස ඔවුහු අනුගමනය කළහ. වසරකට වරක්‌ ස්‌පාර්ටන්වරුන් වහලුන්ට එරෙහි ව යුද්ධ ප්‍රකාශ කළහ. මේ නිසා යටත් නො වන සටන්කාමී වහලුන් ඕනෑම තැනැත්තෙකු මිනී මැරීමේ වරදට අසු නොවී මරා දැමීමට ස්‌පාර්ටන් තරුණයන්ට අවස්‌ථාව උදා විය. රාජ්‍යයට වහලුන් වහල් භාවයෙන් නිදහස්‌ කළ හැකි වූ නමුත්, වහලුන් ගේ ස්‌වාමිවරුන් විසින් එසේ කළ නො හැකි විය. ඔවුන් නිදහස්‌ කරන ලද්දේ කලාතුරකින් යුද්ධයේ දී දක්‌වන විශිෂ්ට නිර්භීත භාවය සම්බන්ධයෙනි.

ක්‍රි(පූර්ව අට වැනි සියවසේ කිසියම් අවස්‌ථාවක දී ස්‌පාර්ටන්වරු අසල්වාසී මැසේනියාව යටත් කර ගත්හ. එහි වැසියන් ගේ විශාල සංඛ්‍යාවක්‌ වහලුන් බවට පැමිණි වූහ. ඉඩම් කොටස්‌ ස්‌පාර්ටන්වරුන් අතර සාමාන්‍ය පංතිය උදෙසා විය. රදල පංතියට තමන් ගේ ම වූ විශාල වතු තිබිණි. එහෙත් ඉඩම් කොටස්‌ රාජ්‍යය විසින් පවරා දෙන ලද පොදු භූමියේ කොටස්‌ ය. ලැකෝනියාවේ අනික්‌ කොටස්‌ වල නිදහස්‌ පදිංචිකාරයෝ (PERIOECI) පෙරියෝඑසි නමින් හැ`දින් වූහ. ඔවුනට දේශපාලන බලය නොමැති වීමත් සුවිශේෂ කාරණයකි.

ස්‌පාර්ටන් රට වැසියකු ගේ පරිපූර්ණ රාජකාරිය යුද්ධය යි. උත්පත්තියේ සිට ම ඔවුහු යුද්ධය උදෙසා පුහුණු කෙරෙති. සිය පුත්‍රයා යුද්ධයේ දී මිය ගිය ද ඒ සම්බන්ධයෙන් ශෝක වීමේ අයිතිය මවට නැත. ඇරිස්‌ටෝටල් ට අනුව පුතුන් තිදෙනෙකුගේ පියෙක්‌ යුද සේවයෙන් නිදහස්‌ විය. සිව් දෙනෙකු ගේ පියෙක්‌ රාජ්‍යයේ සෑම බරකින්ම නිදහස්‌ විය.

ස්‌පාර්ටාවේ ආණ්‌ඩු ක්‍රමය ව්‍යාකූල වූවක්‌ විය. එහි පෙළපත් දෙකකට අයත් උරුමයෙන් සිහසුනට පත් වන රජුන් දෙදෙනෙක්‌ වූහ. රජුන් දෙදෙනා ගෙන් කවර රජෙක්‌ හෝ යුද සමයේ දී අණ දීම සිදු කෙරිණි. එහෙත් එම කාලයේ දී මොවුන් ගේ බලතල අඩු විය.

රජුන්ට අමතර ව ජ්‍යෙෂ්ඨයන් ගේ මන්ත්‍රණ සභාවක්‌ පැවැති අතර ඊට රජුන් ඇතු`ඵ තිස්‌ දෙනෙකුගෙන් යුත් සාමාජික සංඛ්‍යාවක්‌ ඇතුළත් වූහ. රජුන් දෙදෙනා හැර සෙසු සාමාජිකයන් හැට වැනි විය නොඉක්‌ම වූවෝ වූහ. මෙම මන්ත්‍රණ සභාව අපරාධ නඩු විභාග කළ අතර, ඇසැම්බ්ලිය. (ජනසභාව) ඉදිරියට ආ යුතු කරුණු සූදානම් කිරීම ද කෙළේය. ජනසභාව රටවැසි සැමගෙන් යුක්‌ත විය. කිසිවක්‌ ඇරඹීමෙහි බලයක්‌ ඊට නොමැති විය. එහෙත්, එය ඉදිරියට ගෙනෙන ලද ඕනෑම යෝජනාවකට කැමැත්ත හෝ අකමැත්ත දිය හැකි විය. එහි කැමැත්ත නො ලත් කිසිම නීතියක්‌ පැනවිය නො හැකි විය. එහෙත්, එහි කැමැත්ත අවශ්‍ය වුව ද, එය පමණක්‌ මද විය. නීති වලංගු වූයේ ජ්‍යෙෂ්ඨයන් හා විනිශ්චය කරුවන් තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුවය.

රජුන්, ජ්‍යෙෂ්ඨයන් ගේ මන්ත්‍රණ සභාව හා ජන සභාවට අතිරේක ව ස්‌පාර්ටාවට විශේෂ වූ රජයේ සිව්වන ශාඛාවක්‌ විය. එ නම් (ephors) එපොර්වරු පස්‌ දෙනා ය. ඇරිස්‌ටෝටල් කියන ආකාරයට මොවුහු, ඉතාමත් බොළඳ ක්‍රමයකට සම්පූර්ණ රටවැසි ජනකාය අතුරෙන් තෝරා ගැනෙති. බෙරී, පවසන ආකාරයට මෙය ලොතරැයි ඇදීමකට සමානය. ඔවුහු ආණ්‌ඩු ව්‍යවස්‌ථාවේ ප්‍රජාතන්ත්‍රවාදී. අංගයකි. රජුන්ගේ අපේක්‍ෂා කරන ලද බව රසල් සාමිවරයා අවධාරණය කරයි.

ආණ්‌ඩු ක්‍රමය සුරකින බවට රජවරු මාස්‌පතා ම ගිවිසූහ. ඉක්‌බිති එපෝර්වරු ද, රජවරු යම්තාක්‌ ඔවුන් ගේ ශපථය නො බිඳ පවත්නා හුද, ඒ තාක්‌ ඔවුන් රැක ගන්නා බවට දිවුළහ. එක්‌ එක්‌ රජකු යුද කටයුත්තක යෙදුණු විට ඔහුගේ පැවැත් ම ගැන නිරීක්‍ෂණය කිරීමට එපෝර්වරුන් දෙදෙනෙක්‌ ඔහු සමග ගියහ. ශ්‍රේෂ්ඨතම සිවිල් අධිකරණය වූයේ ද එපෝර්වරුය.

මෙම ස්‌පාර්ටන් ආණ්‌ඩු ක්‍රමය පශ්චාත් පෞරාණික සමයේ දී ලයිකර්ගස්‌ නම් වූ ආණ්‌ඩු නීති සම්පාදකයකු විසින් ඇති කරන ලදැයි සලකනු ලැබේ. ඔහු තම නීති ප්‍රකාශයට පත් කෙළේ ක්‍රි(පූර්ව 885 දී යයි ද කියනු ලබන බව රසල් සාමිවරයා පෙන්වා දෙයි. ඇත්ත වශයෙන්ම ස්‌පාර්ටන් ආණ්‌ඩු ක්‍රමයෙන් වර්ධනය වූවකි. ලයිකර්ගෝස්‌ පුරා කථා (LEGENDS) ගත පුද්ගලයෙකි. මුල දී හෙතෙම දෙවියෙක්‌ විය. ඔහුගේ නමෙන් අදහස්‌ වූයේ වෘකයන් මඩින්නා යනුයි. ඔහු ආර්කේඩියානු සම්භවයක්‌ ඇත්තෙක්‌ විය.

යුද්ධයෙන් ජයග්‍රහණය ලැබීම සඳහා අන් සියල්ලක්‌ කැප කරන ලදී. ජගත් සභ්‍යත්වයට ග්‍රීසියෙන් ලැබුණු දායාදයට ස්‌පාර්ටාවේ යම් සබඳකමක්‌ තිබුණේ නම් ඒ සියල්ලක්‌ පසු කාලීනව අවසන් විණි. හිට්‌ලර් ගේ නට්‌සිවරුන් ජයග්‍රාහක වූවෝ නම්, බිහි කරන්නට ඉඩ තිබුණු රාජ්‍යයේ ක්‍ෂුද්‍ර ආදර්ශයක්‌ ලෙස ස්‌පාර්ටන් රාජ්‍යය අපට පෙනී යයි. ග්‍රීකයන් ට එය පෙනී ගියේ වෙනස්‌ ආකාරයකට ය. නමුත් බෙරී කියන ආකාරයට (-

ක්‍රි(පූර්ව 05 වැනි සියවසේ දී ඇතැන්ස්‌ හි හෝ මිලේටස්‌ හි සිට ප්‍රාකාර විරහිත වූද, බොරු ආරෝපය නොමැති වූද, මෙම පුරයේ අධික ලෙස විහි දී ගිය ගම් කරා පැමිණෙන අමුත්තෙකු ට මිනිසුන් වඩා නිර්භීත ව ද, වඩා යහපත් ව හා චාම් පැවතුම් ඇතිව ද, වස්‌තුව නිසා දූෂිත නොවී හා අදහස්‌ නිසා කලබලයට පත් නො වීද, සිටි ඈත අතීතයක්‌ කරා තමන් ගෙන යන ලද බවක්‌ හැෙ`ගන්නට ඇත. දේශපාලන විද්‍යාව පිළිබඳ විමර්ශනයෙහි යෙදුණු ප්ලේටෝ වැනි දාර්ශනිකයකුට, ස්‌පාර්ටන් රාජ්‍යය, තමා අදහස්‌ කළ පරමාදර්ශයට ඉතාම සමීප රාජ්‍යයක්‌ බව පෙනී ගියේය. සාමාන්‍ය ග්‍රීකයෙකුට මෙය ඉතා ර`ඵ වූ ද, චාම් වූද, සෞන්දර්යකින් හෙබි ව්‍යQහයක්‌ වශයෙන් ද, තමන්ගේ වාසස්‌ථානයට වැඩියෙන් අතිශයින් උත්කෘෂ්ඨ වූ එහෙත්, පදිංචියට එතරම් සුවදායක නොවූ ඩෝරියානු දේව මන්දිරයක්‌ මෙන් මහේශාක්‍ය වූ ඩෝරියානු පුරයක්‌ වශයෙන් ද පෙනී ගියේය. (^HISTIRY OF GREACE 1කාණ්‌ඩය, 141 පිට).

සෙසු ග්‍රීකයන්ට ස්‌පාර්ටාව ගැන ඇති වූ උසස්‌ හැ`ගීමට එක්‌ හේතුවක්‌ නම්, එහි ස්‌ථාවරත්වය යි. අන් හැම ග්‍රීක පුරයකම විප්ලව ඇති වූ නමත් ස්‌පාර්ටන් ආණ්‌ඩු ක්‍රමය සියවස්‌ ගණනාවක්‌ නො වෙනස්‌ව පැවැත්තේය. ඇති වූ එකම වෙනස වූයේ එපෝර්වරුන් ගේ බලතල ක්‍රමයෙන් වර්ධනය වීමය. එය සිදු කෙරුණේ ද කැරැලි, කැළඹීම් විරහිතව නීත්‍යානුකූල මාගර් වලිනි.

ඌවතැන්නේ සුමන හිමි

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..