lanka Journalist - Sri Lanka Reporters and Sri Lankan journalists political news

sinhala

  • Breaking News

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    facebook

    Tuesday, September 3, 2019

    උද්ධච්ඡ බාබර්ගේ කතාව - උපුල් ශාන්ත සන්නස්ගල

    මම පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ආරම්භක සාමාජිකයෙක්මි. කොළඹ පොත් ප්‍රදර්ශනය ආරම්භයේ සිට ම එහි සංහිඳ වෙනුවෙන් කුටියක් වෙන් කෙරිණි .

    මෙවර මා වෙනුවෙන් හෝ සංහිඳ වෙනුවෙන් පොත් ප්‍රදර්ශන භූමියේ ශාලාවක් ඇතුළත හෝ එළිමහනේ ඉඩක් වෙන් කර දිය නො හැකි බව සංගමය මා කළ විමසුමකට පිළිතුරක් ලෙස අද දන්වා සිටියේ ය. සංහිඳ වෙනුවෙන් කුටියක් වෙන් නො වීමට හේතු ලිඛිත ව දන්වන බව ද කීවේ ය. අද කටින් කීවත් හෙට ලිපියකින් කීවත් අවකාශයක් නැත්නම් එයට එකඟ වෙමින් මේ සටහන ලියා තබමි.

    ප්‍රකාශකයින්ගේ සංගමයේ කිසිදු නිලයක් මා මෙතෙක් දරා නැත. එවැනි අනාගත අපේක්ෂා ද මට නො මැත. සංගමයේ භෝජන සංග්‍රහ, මත්පැන් සාද, සම්මාන උත්සව, ඉනික්බිති පැවත්වෙන ඕපාදූප සාද සාමීචි කිසිවකට මා මෙතෙක් සම්බන්ධ වී නැත. සංගමයේ නීතිරීති මාලාවක් වේ නම් එයට එකඟ වූවා මිස සංගමේ කටයුතුවලට හෝ කැත සම්මාන විනිශ්චයන්ට මා සම්බන්ධ වී නැත.

    'ලලනායනය' කෘතිය පමණක් මම ස්වර්ණ පුස්තක විනිශ්චය සඳහා ඉදිරිපත් කළෙමි. සංගමය කීවේ පත්තරේ ගිය කතාවක් කියා ය. මේ සා විසල් ප්‍රේමයක් නමින් එහි කොටස් කීපයක් මව්බිම පත්තරේ පළ වූ බව ඇත්ත ය. පත්තරේ මෙන්ම කතාව ද අතරමග නැවතිණ. මේ සා විසල් ප්‍රේමයක් හා ලලනායනය දෙකම කියවූ කිසියම් පාඨකාගාර හිතවතකු ඇත්නම් සසඳා විනිශ්චය කළ හැකි ය. සංගමයේ බොහෝදෙනා පොත් ප්‍රකාශ කළාට පොත් හෝ පත්තර කියවන්නේ නැත.

    සංහිඳේ විකල්ප පොත් ප්‍රකාශන සහ ඒවාට එරෙහිව ආ වාරණයන්ට පොත් ප්‍රකාශකයින්ගේ සංගමය කිසිදු අවස්ථාවක සාධනීය ලෙස මැදිහත් වී නැත. අපි බොහෝවිට තනිව සහ මිතුරු කණ්ඩායම් සමග ඒවාට මුහුණ දුනිමු. සංගමයේ බොහෝ ප්‍රකාශකයින් සහ පොත්හල් හිමියන් අනුගමනය කළේ මතභේදයට ලක් වූ විකල්ප කෘති පමණක් නොව සංහිඳේ සියලු ප්‍රකාශන අලෙවියට භාර නො ගැනීමයි. මේ වන විට සංහිඳ පොත් විකිණීම සඳහා භාර ගන්නේ සරසවි ප්‍රකාශන ඇතුළු ආයතන කීපයක් පමණි.

    පසුගිය වසර දෙක තුනක සිට මා වෙනුවෙන් නො ව එළිමහනේ දුහුවිල්ලේ සහ දහදියේ පොත් විකුණන අහස, අගහස් වැනි හොඳ පොත් ප්‍රකාශකයින් වෙනුවෙන් පහසු ඉඩක් ලබා නොදෙන්නේ ඇයි දැයි මා විමසුවේ සංහිඳ වෙනුවෙන් වායුසමනය කළ කුටියක් වෙන්ව තිබියදීම ය. මගේ යෝජනාවේ චෝදනාව වූයේ සංගමයේ නිලයකට රිංගාගෙන සිටින පහන් ප්‍රකාශකයන් වෙනුවෙන් බොහෝ ඉඩ පහසුකම් ඇති සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ කුටි දහයක් පමණ වෙන් කරන පදනම කුමක්ද කියා ය. බොහෝ විශිෂ්ට ප්‍රකාශකයන් සමග සසඳන විට පහන් ප්‍රකාශකයින්ගේ ප්‍රකාශන මොනවාදැයි සංගමය ප්‍රශ්න නොකරන්නේ ඇයිදැයි කියා ය.

    පහන් ප්‍රකාශන හිමිකරු සමන්ත ඉන්දීවර පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ වර්තමාන මහ ලේකම්වරයා ය. ඔහු මේ වසරේ සංහිඳ සමග කිසිදු සන්නිවේදන කාර්යයක් සිදුකළේ නැත. මම මේ පිළිබඳව වාචිකවත් ලිඛිතවත් සංගමයෙන් විමසුවෙමි. අද ලැබුණු පිළිතුර වූයේ ප්‍රදර්ශන භූමියේ කිසිදු තැනක සංහිඳ වෙනුවෙන් ස්ථානයක් වෙන් කරදිය නොහැකි බවයි.

    වඳුරන්ට දැලි පිහිය ලැබුණු විට නටන සවුදමේ තරම පහන් ප්‍රකාශනයක් නොව පහත් ප්‍රකාශනයකි. හොඳ බාබර්ලා දැලි පිහිය අතේ තිබුණ ද බෙලි නොකපති.

    ලබන වසරේ යහපත් නිලධාරි මණ්ඩලයක් සංගමයට ලැබුණහොත් සංහිඳ වෙනුවෙන් නැවතත් කුටියක් වෙන්වෙතැයි සිතමි. එතෙක් රඹුටන් වාරය මගහැර දූරියන් වගා කරමි.

    උපුල් ශාන්ත සන්නස්ගල

    No comments:

    Post a Comment

    Video

    lakdiva news

    root

    Culture