sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

1931 දී මන්ත්‍රී වැටුප් අඩු කිරීමේ බණ්‌ඩාරනායක යෝජනාව පරාජය වූ හැටි

ඩොනමෝර් සාමිවරයා ප්‍රමුඛ ඩොනමෝර් කොමිෂන් සභාවේ යෝජනා අනුව ප්‍රථම මැතිවරණය 1931 ජුනි මාසයේදී පවත්වනු ලැබීය. ඒ තුළින් මන්ත්‍රීවරුන් 50 ක්‌ සර්වජන ඡන්දයෙන් තෝරා ගැනීමට විධිවිධාන යෙදිණ. නමුත් එතෙක්‌ පැවැති ජාතීන් අනුව මන්ත්‍රීන් තේරීමේ ක්‍රමය අහෝසි කිරීමට ඩොනමෝර් කොමිසම තීරණය කිරීම නිසා ඊට විරෝධය පෑමක්‌ ලෙස ලංකා ද්‍රවිඩයන් මැතිවරණය වර්ජනය කිරීමට ගන්නා ලද තීරණය හේතු වෙන් යාපනය කන්කසන්තුරේ, කයිට්‌ස්‌ හා පොයින්ට්‌පේදුරු ආසන සඳහා අපේක්‍ෂකයන් ඉදිරිපත් නොවීය. ඒ අනුව ඡන්දය පැවතුණේ ආසන 46 ක්‌ වෙනුවෙනි.

සිංහල මන්ත්‍රීන් - 38
ලාංකික ද්‍රවිඩ - 03
ඉන්දියානු ද්‍රවිඩ - 02
යුරෝපීය - 02
මුස්‌ලිම් - 01

යන ආදී වශයෙන් ඡන්ද කොට්‌ඨාස සඳහා මන්ත්‍රීන් 46 ක්‌ තේරී පත් විය. මින් 09 දෙනෙක්‌ නිතරගයෙන් තේරී පත්වීම විශේෂ ලක්‍ෂණයකි. එසේ නිතරගයෙන් පත්වූවන් නම්

1. කැලණිය - සර්. ඩී. බී. ජයතිලක මයා

2. වේයන්ගොඩ - එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා

3. මිනුවන්ගොඩ - ඩී. එස්‌. සේනානායක මයා

4. හැටන් - පැරී සුන්දරම් මහතා

5. බදුල්ල - ඩී. එච්. කොතලාවල මහතා

6. බිබිල - ජී. සී. රඹුක්‌පොත මහතා

7. දැදිගම - ඒ. එµa. මොලමුරේ මහතා

8. රුවන්වැල්ල - ඡේ. එම්. මීදෙනිය අධිකාරම්

9. බලන්ගොඩ - ඡේ. සී. රත්වත්ත මහතා

ඩොනමෝර් කොමිෂන් සභාවේ නිර්දේශ අනුව පිහිටුවනු ලැබූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම රැස්‌වීම 1931 ජුලි 07 දින පැවැති අතර එහිදී සභානායක ලෙස සර්. ඩී. බී. ජයතිලක මහතා තෝරා, ගත් අතර කථානායක ලෙස ප්‍රැන්සිස්‌ මොලමුරේ මහතා තේරී පත් වූයේ වැඩි ඡන්දයෙනි. මොලමුරේ මහතාට ඡන්ද 35 ක්‌ද ඒ සඳහා ඉදිරිපත් වූ ස්‌නයිදර් මහතාට ඡන්ද 18 ක්‌ද ලැබී තිබුණි. ඒ අනුව ඒ. එµa. මොලමුරේ මහතා ලංකාවේ ප්‍රථම කථානායක ලෙස තේරී පත් විය.

ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති පදවියට පත් සර්. ඩී. බී. ජයතිලක මහතා 1931 ජුලි 28 දින ඇමැතිවරුන්ට හා මන්ත්‍රීවරුනට ගෙවිය යුතු වැටුප් පිළිබඳව වූ යෝජනාවක්‌ ඉදිරිපත් කළේය. මසකට මන්ත්‍රණ සභා රැස්‌වීම් 08 කට හා තවත් කාරක සභාවලටද මන්ත්‍රීවරුනට සහභාගි වීමට සිදු වී ඇතැයි ප්‍රකාශ කළ සභා නායකවරයා රටේ ආර්ථික අහේනිය නිසා මසකට රු. 400 බැගින් මන්ත්‍රීවරයකුට ගෙවීම සුදුසු බවත් එය 1931 -32 ආදායම් වර්ෂයට සීමා නොව පසුව වැඩිකිරීම සුදුසු බවත් යෝජනා කර සිටියේය. මන්ත්‍රණ සභාවේ උප සභාපතිවරයාට රුපියල් 750 ක්‌ද ඇමැතිවරුන්ට හා කථානායකවරයාට රුපියල් 1000 බැගිනුත් ගෙවීම සුදුසු බව යෝජනා කර සිටියේය. රටේ ආර්ථික තත්ත්වය යහපත් වූ විට කථානායකවරයාට හා ඇමැතිවරුනට රුපියල් 1500 බැගිනුත් උප කථානායකවරයාට හා කාරක සභා උප සභාපතිවරයාට රුපියල් 1000 බැගිනුත් මන්ත්‍රීවරයකුට රුපියල් 500 බැගිනුත් ගෙවිය යුතුයෑයි ඔහු යෝජනා කර සිටි අතර ඩී. එස්‌. සේනානායක මහතා එය ස්‌ථීර කළේය. මීට අමතරව නිදහස්‌ දුම්රිය ප්‍රවේශ පත්‍ර හා තැපැල් හා විදුලි සන්දේශ සේවා නොමිලයේම මන්ත්‍රීවරුනට ලැබෙන්නේය.

සභානායක සර් ඩී. බී. ජයතිලක මහතා ඉදිරිපත් කළ ඉහත යෝජනාවට අතුරු යෝජනාවක්‌ ඉදිරිපත් කළ එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා මන්ත්‍රීවරයකුට දැනට ගෙවීමට යෝජනා කරන රුපියල් 400 මුදල රු. 300 දක්‌වා අඩුකරන ලෙසත් ආර්ථිකය යහපත් වු පසු ගෙවීමට යෝජිත මුදල රු. 500 සිට රු. 400 දක්‌වා අඩු කරන ලෙසත් යෝජනා කර සිටියේය. එසේම ඇමැතිවරුන් හා කථානායකවරයාගේ වැටුප රුපියල් 1000/- බැගින්ද උපකථානායක හා කාරක සභා උප සභාපතිට රුපියල් 750 බැගින්ද ගෙවන ලෙස යෝජනා කර සිටියේය. රජයේ සේවකයන්ගේ වැටුප යළි වැඩි කරනතුරු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකළ යුතු නොවේයෑයිද කී බණ්‌ඩාරනායක මහතා ගම්බද සිටින ජනයා කෑමට, බීමට, ඉන්නට හිටින්නට හැකියාවක්‌ නැතිව මැලේරියා රෝගයෙන් පීඩාවට පත්වන අන්දම තමන් දුටු හැටිද විස්‌තර කළේය. බණ්‌ඩාරනායකගේ යෝජනාව ඡේ. ඇල්. කොතලාවල හෙවත් සර් ජෝන් කොතලාවල මහතා ස්‌ථීර කරන ලදී.

මේ අතර හලාවත මන්ත්‍රී ජී. සී. එස්‌. කොරයා මන්ත්‍රීවරයා විසින් තවත් අතුරු යෝජනාවක්‌ ඉදිරිපත් කළේය. ඉන් ප්‍රකාශ වූයේ කොළඹ ජීවත් වන මන්ත්‍රීවරයකුට මසකට රුපියල් දෙසීයක්‌ද කොළඹින් සැතපුම් පනහක්‌ ඇතුළත ජීවත් වන මන්ත්‍රීවරයකුට රුපියල් 300 ක්‌ද ඊටත් දුර බැහැර මන්ත්‍රීවරයකුට රුපියල් 400 ක්‌ද බැගින් ගෙවිය යුතු බවය. මෙම යෝජනාව බිබිල මන්ත්‍රී ජී. සී. රඹුක්‌පොත මහතා ස්‌ථීර කරන ලදී.

ඉහත අතුරු යෝජනා දෙකම ප්‍රතික්‍ෂේප වූ අතර සභානායක සර්. ඩී. බී. ජයතිලක මහතාගේ යෝජනාව අනුමත විය. මන්ත්‍රී වැටුප් අඩු කළ යුතු යෑයි බණ්‌ඩාරනායක මහතා ගෙනා යෝජනාවට පක්‍ෂ වූයේ එච්. ඩබ්. අමරසූරිය, ඩී. ඩී. ඇතුලත්මුදලි, ජී. සී. එස්‌. කොරයා, සුසන්තාද ෙµdන්සේකා, එච්. ඇල්. ද මුල්, ඩබ්. ඒ. ද. සිල්වා, ජී. රොබට්‌ ද සොයිසා, එච්. ආර්. ප්‍රීමන්, ඡේ. ඇල් කොතලාවල, ඒ රත්නායක ඩබ්. ටී. බී. කරල්ලියෑද්ද යන මන්ත්‍රීවරු පමණි.

මන්ත්‍රී වැටුප් අඩුකළ යුතු යෑයි බණ්‌ඩාරනායක මහතා එදා ප්‍රකාශ කරමින් කළ කතාවේ වැදගත්ම කොටස අදටත් වලංගු වේ.

" ......... මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට මා පැමිණි පළමු දවසේ එනම් රාජ්‍ය මන්ත්‍රණ සභාව විවෘත කරන දවසේ මම මුහුදට මුහුණලා පිහිටි ප්‍රියංකර අගාරයක තේ පානය කරමින් සිටියෙමි. මෙය කොපමණ ප්‍රතාපවත් ගොඩනැඟිල්ලක්‌ දැයි මගේ මිත්‍රයා විමසුවේය. දුෙව්‍යාපකරණ කොතරම් වැදගත්ද? ආසන කොපමණ සැප පහසුද? මහා සාගරයේ ගුමු ගුමුව කොපමණ සිත්ගන්නා සුලුද? මේවා ගම්බද පළාත් හා සස¹ බැලීමේදී මට මතක්‌ වූයේ ජයග්‍රාහයක ස්‌කිපියෝගේ වචනයි. අපගේ ගම්බද පළාත්වල වෙසෙන ජනතාව දහස්‌ ගණනින් මෙහි පැමිණ ඔවුන්ගේ අත්වලින්ම මේ ගොඩනැඟිලි අප මත බිඳ හෙළන දිනයක්‌ එළඹෙතැයි මට සිතුණේය. මගේ මිත්‍රයාගේ කනට මිහිරි වූ සාගරයේ ගුමු ගුමුව මට ඇසෙන්නේ අසරණ දරුවන් වෙනුවෙන් වැළපෙන කාන්තාවන්ගේ සුසුම් ලෙසිනි. එය බොළඳ අදහසකැයිද මට සිතේ. එසේ වුවත් ඒ දිළිඳු අයගේ තත්ත්වය අමතක නොවනු පිණිස අප විසින්ම කිසියම් පරිත්‍යාගයක යෙදිය යුතු වන්නේය.

එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක චරිතාපදානය

සමරසේන මුදලිගේ

නිදහස් අරගලයේ ටී.බී.ජයා

1945 නොවැම්බර් මස 09 වැනි දින රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් වූ ඩොමීනියන් තත්ත්වය පිළිබඳ විවාදය පැවැත්විණි. මේ තීරණාත්මක අවස්ථාවේ මේ රට මුස්ලිම් ජනවර්ගය නියෝජනය කළ නායකයා වශයෙන් ආචාර්ය ටී.බී. ජයා කළ කථාව, තම ජනයාට වඩා තම මාතෘ භූමිය වඩා උසස් යැයි ප්‍රකාශ කළ ආදර්ශයක් වැනිය. නිදහස ලබා ගැනීමේ යෝජනාවට පක්ෂවීමට නම් බහුතර ජනතාවට මෙන්ම සුළුතර ජන කොටස්වලටද පනහට පනහ ලෙස අයිතිය බෙදී යා යුතුය. යන යෝජනාව පූර්ව කොන්දේසියක් ලෙස ඉදිරිපත්ව තිබිණි.

සෝල්බරි යෝජනා රාජ්‍ය මන්ත්‍රණ සභාව ඉදිරියේ විවාදය වූ අවස්ථාවේදීත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ශ්‍රී ලංකා පනත එස්.ඩබ්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඉදිරිපත් කළ අවස්ථාවේදීත් මේ රට මුස්ලිම් ජනතාවගේ ස්ථාවරය පැහැදිලි කරමින් ටී.බී. ජයා කළ තීරණාත්මක වූත් ඓතිහාසික කතාව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනවර්ගයට අනාගතයේදීත් තමන් ගමන් කළ යුතු මාර්ගය ගැන පෙන්වාදුන් ඉඟියක් වැනිය.

ශ්‍රී ලංකාවේ දේශපාලන නිදහස ගැන සලකා බලන කල එම නිදහස දිනා ගැනීමට කවර ක්‍රියාමාර්ගයකට වුවද අවතීර්ණවීමට පමණක් නොව තමන් භුක්ති විඳින වාසි හා ලාභ ප්‍රයෝජන ආදී දෑ පරිත්‍යාග කිරීමට පවා මුස්ලිම් ජනතාව සුදානම්. දේශපාලන ස්වාධීනත්වයට ඉහළින් පවත්නා වැඩිමනක් අයිතියක් ඇතැයි මම නොසිතමි. පටු දෘෂ්ටියකින් බලන කල්හි මුස්ලිම් ජනයාට මේ පනතේ අවාසිදායක කරුණු ඇති බව මට තේරුම් ගියද නිදහස වෙනුවෙන් මේ පනතට සහාය දීමට අප සූදානම්.”

ශ්‍රී ලංකාද්වීපයට නිදහස ලබා ගැනීම සඳහා ගෙන ගිය අරගලයේ අවසන් අදියරයට නායකත්වය දුන් ඩී.ඇස්. සේනානයක , සර්.පොන්නම්බලන් රාමනාදන්, සර්.ඩී.බී.ජයතිලක, සර් ජේම්ස් පීරිස්, යන නායකයන් අතර ආචාර්ය ටී.බී.ජයා මහතාද විය.

1890 වසරේ ජනවාරි පළමුවැනි දින තුවාන් මුර්හානුදීන් ජයා උඩරට මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර ග්‍රාමයේදී උපත ලද්දේය.

ඔහු වයස අවුරුදු 11 වන තෙක්ම කුර්ආනය ඉගෙන ගත්තේය. එය ධර්මධරයකු වෙතින් ලද ආගමික අධ්‍යාපනයක් විය. තුවාන් මුර්හානුදීන් ජයා හා පවුලේ සියල්ලන්ම අගනුවරට පදිංචියට පැමිණීමත් සමඟම ඔහුට විධිමත් ප්‍රාථමික අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව උදාවේ. පාසලේ දීප්තිමත්ම සිසුවකු වූ හෙතෙම වයස අවුරුදු 13 දි ශිෂ්‍යත්වයක් ලැබ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් විය.

ටී.බී. ජයා මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ගුරුවරයකු ලෙස තම සේවය ආරම්භ කළේය. පසුව මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේත්, අගනුවර ආනන්ද මහා විද්‍යාලයේත් ගුරුවරයෙකු ලෙස කටයුතු කළේය.

ඔහු නීති විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යයෙකුව සිටියදී එකල කුඩා පාසලක්ව පැවැති අගනුවර සහිරා විද්‍යාලයේ විදුහල්පති ධුරය බාරගැනීමට තුවාන් මුර්හානුදීන් ජයාට ඇරයුම් ලැබිණි. නීතිවේදියෙකුව තම අනාගතය සුන්දර කර ගන්නවාද නොඑසේ නම් සහිරව බාරගෙන තම සමාජ වගකීම ඉටු කරගන්නවාද යන ප්‍රශ්නයට මුහුණ දුන් අවස්ථාවේදී හෙතෙම සහිරාවේ විදුහල්පතිදූරය බාරගත්තේය. ඒ තමාගෙන් සමාජයට ඉටු විය යුතු මෙහෙවර සිදුකිරීම සඳහායි. එම විද්‍යාලයේ ස්වර්ණමය යුගය වූයේ ටී.බී. ජයාගේ යුගයයි.

යුද සමයේදී සහිරාව තාවකාලිකව වසා දැමීය. අගනුවර බොහෝ ජනතාව තම පදිංචිය වෙනස් කර ඉන් බැහැර ප්‍රදේශවල පදිංචියට ගියහ. වසාදැමූ අගනුවර සහිරාව වෙනුවෙන් අලුත්ගම, පුත්තලම, ගම්පොළ මාතලේ වැනි ප්‍රදේශවල සහිරා රැසක් ආරම්භ කිරීමට ටී.බී. ජයා මූලික විය. මේරට මුස්ලිම් ජනතාව අධ්‍යාපනික ක්ෂේත්‍රයේ පසුගාමී ත්ත්ත්වයක සිටියදී ඔවුන් සවිමත් කළේ ඔහුය. ගුරු වෘත්තියේ වූ ඉතා සුළු කරුණක් ගැන වුවද හෙතෙම සැලකිලිමත් වූයේය. එසේම ටී.බී.ජයා මහතා ගුරු අයිතීන් වෙනුවෙන්ද සටන් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පාකිස්තානයේ ප්‍රථම මහ කොමසාරිස් ධුරයට ඩී.ඇස්..සේනානායක මහතා විසින් ඔහුව තෝරාගනු ලැබුවේ, පාකිස්තාන නායකයන් හා එතුමන් අතර වූ සමීප සම්බන්ධතාව හේතුවෙනි. මහ කොමසාරිස් ධුරය, අවසන් වීමත් සමඟම සම්මතයෙන් බැහැරව යමින් තව දුරටත් ටී.බී.ජයාව එම ධුරයේ තබාගැනීමට පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ඉල්ලීමක් කරණ ලදී. ඒ ඔහු පාකිස්තාන සමාජය තුළ ලබා තිබූ ජනප්‍රියත්වය හේතුවෙනි.

ඔහු ශ්‍රී ලාංකේය හජ් වන්දනාකරුවන් වෙනුවෙන් මක්කම නගරයේ නේවාසිකාගාරයක් ආරම්භ කිරීමේ කාර්යයේ යෙදී සිටියේය. එහිදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මදීනා නගරයේදී, තුවාන් මුරිහානුදීන් මහතා අභාවප්‍රාප්ත විය. ඒ 1960 වසරේ මැයි මස 31 වැනි දාය.

“දෙවියන් වෙතින් ආ අපි නැවත දෙවියන් වෙත යා යුතුවෙමු” -අල්කුර්ආනය

අනුසාර

මුල් - ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් - "MUL" - Sir Ponnambalam Ramanathan - பொணம்பலம் ராமநாதந்

මැතිවරණ ඉතිහාසයේ රස මුසු තැන්

ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය යටතේ 1931 දී ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටවනු ලැබූ අතර ඊට පෙර සියවසක්‌ පමණ ක්‍රියාත්ම වූයේ ව්‍යවස්‌ථාදායක සභාවන්ය. 1921 වන විට ව්‍යස්‌ථාදායක සභාව නිලලත් මන්ත්‍රීන් 14 දෙනෙකුගේ හා නිල නොලත් මන්ත්‍රීන් 23 දෙනකුගෙන් යුක්‌ත විය. නිලලත් මන්ත්‍රීන් සියල්ලෝම විදේශිකයෝ වූහ. සෙසු මන්aත්‍රීන් තේරීමත් පත්කිරීමත් සිදු වූයේ වාර්ගික පදනමකින් මිස පළාත් හෝ කොට්‌ඨාස නියෝජන වන පරිද්දෙන් නොවේ. පසු කාලයේ මෙන් නොව එකල ඡන්ද බලය හිමිවී තිබුණේ වත්පොහොසත් උගත් උදවියට පමණි. එම සභාවේ ලාංකිකයන්ට හඬක්‌ හෝ බලයක්‌ නොවීය. දේශීය මන්ත්‍රීන්ට පැවැති මෙම නිෂ්පල තත්ත්වයෙන් මිදී ඔවුන්ට ද නාමමාත්‍ර හෝ සීමිත මට්‌ටමේ බලතල ලබා ගැනීමේ අටියෙන් වරප්‍රසාදලත් උගත් ලාංකික පිරිසක්‌ ආණ්‌ඩුක්‍රම ප්‍රතිශෝධනයක්‌ ඉල්ලා ව්‍යාපාරයක්‌ ඇරඹූහ.

ලංකා ජාතික සංගමය, උඩරට සංගමය හා ලංකා ප්‍රතිසංස්‌කරණවාදි ව්‍යාපාරය මෙහිලා ප්‍රමුඛස්‌ථානය ගත්තේය. මෙම උද්ඝෝෂණවලින් පසු ව්‍යවස්‌ථායක මණ්‌ඩලයේ මන්ත්‍රි සංඛ්‍යාව නිල නොලත් මන්ත්‍රීන් 37 කින් හා නිලලත් මන්ත්‍රීන් 12 කින්ද යුක්‌තව 49 දක්‌වා වැඩි කෙරිණි. ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයේ සභාපති ධුරයට ආණ්‌ඩුකාරයා දැරූ අතර ශ්‍රීමත් ඡේම්ස්‌ පීරිස්‌ මහතා පත්විය. පෙරසේම මෙම මණ්‌ඩලයට ද සභිකයන් තෝරා පත්කරන ලද්දේ වාර්ගික පදනමක්‌ මතය.

1931 දී සිදු කරන ලද ආණ්‌ඩු කම සංශෝධනයෙන් ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය අහෝසිවී ඒ වෙනුවට රාජ්‍ය මන්ත්‍රණ සභාව බිහිවිය. දැදිගම මන්ත්‍රී ඒ. එස්‌. මොලමුරේ මහතා එහි ප්‍රථම සභාපති ධුරයට පත්විය.

දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය 1936 දී පැවැත්විණි. මෙම මැතිවරණයට ඉදිරිපත් වූවන් මෙන්ම පත් වූවෝද බෙහෙවින් ඉහළ ප්ලැන්තියේ උගතුන් වූ අතර මහජන මුදලින් හෝ අයථා ක්‍රමවලින් හෝ අල්ලස්‌ ගැනීමෙන් හෝ නඩත්තුවීමට අවශ්‍යතාවත් නැති තරාතිරමේ අය වූහ.

1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට පහත සඳහන් මන්ත්‍රීවරු තේරී පත්වූහ. උතුරු කොළඹ නේසම් සරවනමුත්තු මහත්මිය, මැද කොළඹ එවකට කම්කරු සමිති නායකයෙක්‌ වූ ඒ. ඊ. ගුණසිංහ, දකුණු කොළඹ ඒ. පී. ද සොයිසා, මිනුවංගොඩ පසුව අගමැති වූ ඩී. එස්‌. සේනානායක, මීගමුව වාසලමුදලි ඒ. ඊ. රාජපක්‍ෂ, ගම්පහ ඩී. පී. ජයසූරිය, කැලණිය ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, වේයංගොඩ පසුව අගමැති වූ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, අවිස්‌සාවේල්ල බොරලුගොඩ සිංහයා නමින් විරුදාවලිලත් පිලිප් ගුණවර්ධන, පානදුර ඩී. එස්‌. ද පොන්සේකා, හොරණ ඒ. පී. ජයසූරිය, මතුගම නිදහස්‌ අධ්‍යාපනයේ පියා වශයෙන් සැලකෙන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර, මහනුවර ජෝර්ඡ් ඊ ද සිල්වා, මාතලේ බී. එච්. අලුවිහාරේ, ගලගෙදර ඒ. ඊ. නුගවෙල දුම්බර ඒ. රත්නායක, ගම්පල ආර්. එස්‌. එස්‌. ගුණවර්ධන, හැටන් කේ. නඩේස අයියර්, තලවාකැලේ එස්‌. පී. වෛතිලිංගම්. නුවරඑළිය ඊ. ඩබ්ලිව්. අබේගුණසේකර, ගාල්ල එච්. ඩබ්ලිව්. අමරසූරිය, බලපිටිය රාජනීතිඥ ප්‍රැන්සිස්‌ ද සොයිසා, උඩුගම නීල් හේවාවිතාරණ, වැලිගම ඩේවිඩ් වනිගසේකර, මොරවක ආර්. සී. කන්නංගර, මාතර රාජා හේවාවිතාරණ, හම්බන්තොට ඩී. එම්. රාජපක්‍ෂ, යාපනය ඒ. මහදේවා, කයිට්‌ස්‌ ඩබ්ලිව්. දොරේසාමි, පේදුරුතුඩුව ජී. ජී. පොන්නම්බලම්, කන්කසන්තුරේ එස්‌. නඩේසන්, මන්නාරම - මුලතිව් ආර්. ශ්‍රී පද්මනාදන්, මඩකලපුව දකුණ එස්‌. ඩී. කනගරත්නම්. ත්‍රිකුණාමල - මඩකලපුව ඊ. ආර්. තම්බිමුත්තු, කුරණෑගල පසුව අගමැති වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල, පුත්තලම ඡේ. එච්. ඉලංගතිලක, නාරම්මල එඩ්මන්ඩ් සමරක්‌කොඩිගේ පියා, සිරිපාල සමරක්‌කොඩි, කටුගම්පල ආර්. එස්‌. තෙන්නකෝන්, හලාවත ඒ. සී. එස්‌. කොරයා, අනුරාධපුර එච්. ආර්. ෆ්‍රSමන්, බදුල්ල, ඩී. එස්‌. එච්. කොතලාවල. බණ්‌ඩාරවෙල, ඩී. ඩී. ගුණසේකර, බිබිලේ ඡේ. සී. රඹුක්‌පොත, රත්නපුර ජයවීර කුරුප්පු, කෑගල්ල හැරිස්‌ රත්වත්ත, දැදිගම පසුව අගමැති වූ ඩී. එස්‌. ගේ පුත් ඩඩ්ලි සේනානායක, රුවන්වැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා, බලංගොඩ එච්. ඒ. ගුණසේකර.

වසන්ත කුමාර කේත්හේන

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..