ලන්කාවෙ කෙනෙකු ඇන ගැසීමට අවශ්‍ය වූ විට ඒ අරමුන සපුරාලීමට යොදාගනු ලබන එක ක්‍රමයක් වනුයේ ඊට ගැලපෙන ලස්සන කතාවක් ප්‍රබන්ද කොට සමාජ් ගත කිරීමය.විවේචනාත්මක චින්තනයකට හුරුපුරුදු නැති අවැනි කතාවලින් මුසපත් කිරීමේ හැකියාව තිබෙනවා.චන්ද්‍රිකාගේ විවස්තා කෙටුම් පතට සහයෝගය දෙන්න තීරනය කරගෙන සිටි එජාපය අවසාන දින රාත්‍රියේ මාගේ බලපෑම නිසා සහයෝගය දීමේ අදහස වෙනස් කොට විරුද්ධ වන්නට තීරනය කරනු ලැබූ බව කීම සදහා උවිදු නිරමානය කොට සමාජ ගත කර තිබෙන කතාව සැලකිය හැක්කෙත් එවැනි ප්‍රබන්ද කතාවක් ලෙසය.එහෙත් ඔහු ගේ ප්‍රබන්ද යේ වියමන දුරවලය.
සොල්බරි විවස්තාවේ සිට 19 වැනි විවස්තා සම්පාදනය (චන්දිරිකාගේ සම්මත කරගැනීම අසමත්වූ කෙටුම් පතද ඇතුලුව) දක්වාම සිදුකර තිබෙන විවස්තා සම්පාදනයන් පිලිගත් විවස්තා සම්පාදන සම්ප්‍රදායන් නොසලකා බල ලෝබි දේසපාලන අරමුනු ඇතිව කරන ලද විවස්තා සම්පාද්නයන් බව මා හැමදාමත් ප්‍රකාශ කර තිබෙන මතය ලෙස සැලකිය හැකිය.ඒ ගැන මා ප්ලකර තිබෙන"නිදහස ජාතික ඒකාග්‍රතාව හා දේසපාලනයේ පවුල් පොරය","චවුර රාජ්‍යය ", "ලන්කාව ගලවා ගැනීම", "නව විවස්තාවක් හදාගැනීම" යන පොත් වල පැහැදිලිව සටහන් වෙනවා.මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සදහා පොදු අපේක්ෂකයකු ඉදිරි පත කල යුතුයි කියන සූත්‍රය ටද මා මුලසිටම විරුද්ද වුනා.එය ඇති කල හැකි විපාක ගැන ලීවා.සෝබිත හිමියන් සමගද ඒ ගැන කතා කලා.සෝබිත හිමියන් සමග කෙරුන එම සාක්චාවට මනෝතිත්ත වල සමග සුමතිපාල කාරියවසම් ද සහබාගි වුනා.අපේ සාකච්චාවෙන් සෝබිත හිමියන් කම්පනයට පත්වුවත් ආපසු හැරීමක් කිරීමට බැරි තරමට ඒ හිමියන් බොහෝ දුර ගොස් තුබුනා.මා රනිල් ව්ක්ක්රමසින්හ සමගද ඒ ගැන කතා කලා.
19 වැනි සන්සෝදනය ගැන මට දැනගන්නට ලැබුනු පලමු අවස්ත්වෙම එහි නිරමාතෘ ලෙස සැලකිය හැකි ජයම්පති වික්ක්‍රමරත්න සබාවේ සිටියදීම මා ඒ අදහස ව්වේචනයට ලක්කලා.ඒ වේදිකාවෙ නිරමාල් දේවසිරිත් හිටියා.19 කෙටුම් පතක් ලෙස කරලියට ගෙන ආ අවස්තාවෙත් මා එගැන. විවේචනයකලා.මගේ තරකය වුනේ ජනාදිපති ක්‍රමය දූෂිත යි. ඒ ගැන විවාද්යක් නැහැ.එත් ජනාදිපති ක්‍රමය යටතේ සකස් වී තිබෙන පාර්ලිමේන්තු ක්‍රමයත් ජනාදිපති ක්‍රමය තරම්ම දූෂිතයි.ඒ නිසා පාර්ලිමේන්තුව ව්‍යුහමය ප්රතිසන්ස්කරනවලට ලක්කිරීමකින් තොරව දූෂනයෙන් කුනුවී තිබෙන පාර්ලිමේන්තු වට බලය පැවරීමෙන් ලැබෙන ප්‍රතිපලය ජනාදිපති ක්‍රමය තරම්ම විනාශකාරි විය හැකි බවය.මාගේ එම තර්කය චන්ද්‍රිකාගේ විවස්තා කෙටුම්පතට ද අදාලය.
මා මාගේ ජීවිතයේදී විව්ද් නායකයින් සමග සාකච්චා කර තිබේ.සිරිමා බන්ඩාරනායක,කන්ද්රිකා කුමාරතුංග ,මහින්ද රාජපක්ෂ,රනිල් වික්‍රමසිංහ ඒ අතර ප්‍රදාන ය.මා මේ කියන දේවල් මාගේ සමහර පොත්පත් වලද සටහන් වී තිබේ.
උවිදු සිය ප්‍රබන්ද යෙන් කියා තිබෙන ආකාරයට මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපවූ" හොදම විවස්තා කෙටුම්පත" ලෙස සැලකිය හැකි චන්ද්‍රිකාගේ කෙටුම් පතට සහාය දීමට එජාපය තීරනය කර තිබූ අවස්තාවකදී අවසාන මොහොතේ මා රනිල් හ්මුවී ගෙන තිබුන තීරනය මා රනිල් ලවා වෙනස් කරනලද බවය.කෙටුම් පතට විරෝදය පලකිරීම සදහා එජාප ඉදිරිපත් කල ලිපියද මා ව්සින් කෙටුම් පත් කර දෙනලද ලිපි යක් බවද අවදාරනයෙන් සදහන් කරයි.
මෙම කෙටුම් පත සදහා වන විවාදය පැවතියේ 2000 වසරේ අගෝස්තු 3,7සහ8 යන දින තුනේදීය.මේ කාලය වන විට ජනාදිපති චන්ද්‍රිකාට තිබුනේ හොද ප්‍රතිරූපයක් නොව නරක ප්‍රතිරූපය යකි.අදිකරන ඇගේ ග්රහනයට ගැනීම සදහා සරත් සිල්වා අගවිනිසූරයට ගෙනවිත් තුබුනේ විවස්තා විරෝදි ආකාරයකටය.වයබ චන්ද් මන්කොල්ලය ඇගේ ප්රජාතන්ත්ර වාදි සලුපිලි ගලවාදමා තිබුනි.සටන පුවත් පතේ කතෘ රෝහන කුමාර ගාතනය හා කුමාර පොන්නම්බලම් ගාතනය මෙහෙයවා තුබුනේ අපරාද සදහා ඇය යොදාගත් බැද්දගානෙ සන්ජීවය.රූකාන්ත චන්ද්‍ර ලේකා හින්සාවට ලක්කර තිබුනේද ඔහු විසිනි.
ඒ සියල්ලට අතිරේකව අගවිනිසුරු යොදාගෙන මන්ත්‍රී කම් අහිමිවීමක් සිදුනොවන අකාරයට එජප යෙන් මන්ත්‍රීවරුන් ගනනාවක් ආන්ඩු පක්ෂයට එකතු කරගෙන තිබුනි.මේ කතිකාවේදී අමතක නොකලම යුතු කරුනක් වනුයේ මෙම කෙටුම්පත් ගැන කෙරෙන අවසාන විවාදයට එජාප මන්ත්‍රී කන්ඩායමෙන් කිසියම් පිරිසක් සින්ගප්පූරුවට යවා තීබීම නිසා ඔවුන් මෙම විවාදයට සහබාගි නොවීමය.ඇයි. එජාපය කෙටුම්පතට චන්දය නොදෙන්නේ නම් තුනෙන් දෙකේ අනුමැතිය සදහා අවශ්‍ය අඩු පිරිස කවර මිලක් ගෙවා හෝ මිලදී ගන්නා බව ප්‍රකාශ කර තිබීම හා බද්දේගම මන්ත්‍රීවරයාට ඒ වෙනුවෙන් අත්තිවාරමක් ගෙවා තිබීම නිසා මිලදී ගැනීමේ වැඩ සටහන වියාරත කිරීම සදහා රනිල් තෝරාගත් මන්ත්‍රී පිරිසක් සින්ගපූරුවට යවා තිබීම නිසාය.චන්ද්‍රිකාගේ මිලදී ගැනීමේ වැඩ සටහන ඒ සනග මුලු මනින් වියාර්ත විය.එය ඉතාමත් අසීලාචාර තත්වයක් බව අමුතුවෙන් කිවයුතූ නැත.
මෙම ලියුම් කරු අවදාරනයෙන් කියා තිබෙන්නේ එම විවස්තා කෙටුම් පත ගැන ආන්ඩු පක්ෂය හා විරුද්ද පක්ෂය අතර කතා බහ කෙරුනේ මනෝ-මලික් දෙදෙනා හරහා බවය.මනෝ-මලික් සාකච්චා නමින් හැදින්වෙන්නේ එම සාකච්චා වලට බවය.ලියුම් කරුගේ මතකයේ තිබෙන අවුල් සහගත බාවය ඉන් හොදින් පෙන්නුම් කරයි.
මනෝ-මලික් සාකච්චා වශයෙන් හැදින් වෙන්නේ චන්ද්‍රිකා ජනාදිපති දූරයේ සිටියදී පාර්ලිමේන්තු බලය එජාප අත්ට පත් වී එම ආන්ඩු පාලන කාලය අතර මගදී දෙපක්ෂය අතර ඇතිව තිබුන ආරාවුල් විසදාගනිමින් සමතයක් ඇතිකර ගැනීමට මනෝ-මලික් යොදාගැනුනු අතර මනෝ-මලික් මලික් සාකච්චා ලෙස හැදින්වෙන්නෙ ඒ සදහා කෙරුන සාකච්චාවනටය.චන්ද්‍රිකාගේ විවස්තා කෙටුම් පත සමහ ඒ දෙදෙනාට මොනම සම්බන්දයක් වත් නොතිබුනි.
එජාප එම කෙටුම් පතට විරුද්ද වීමට ගනු ලැබූ තීරනයට මගේ මොනම සම්බන්දයක් වත් නොතිබුනි.එජාප ය එයට ශාය දීමට තීරනයක් ගෙන තිබුනේ නම් පිටස්තරයෙකු මා වැනි කෙනෙකුට අවසාන මොහොතේදී එම තීරනය වෙන්ස් කරන්නට පුලුවන් කමක් තිබියහැකිද?
වික්ටර් අයිවන්
මනෝ, අයිවන් හා නෝන්ජල් රනිල් - උවිඳු කුරුකුලසුරිය
Home
»
Lanka Journalist
»
victor ivan
» ප්‍රබන්ද කතා හා ඉතිහාසය ( උවිදුගේ ලිපියට පිළිතුරක් )- වික්ටර් අයිවන්
Lanka Journalist's Admin
පවතින දේශපාලන වාතාවරණය පිළිබදව සත්‍ය දැනගැනිම ජනතාවගේ අයිතියකි එය ජනතාවට වාර්තා කිරීම මාධ්‍යවේදීන්ගේ අයිතියක්.
Subscribe to:
Post Comments (Atom)
Popular Post
-
Sunday,26 Jul 2015 වික්ටර් අයිවන් ශ්‍රී ලංකාවේ ආයතන ක්‍රමය සමග එම ආයතන ක්රමයේ මුදුනේ සිටින බොහෝ නාමධාරී පුද්ගලයන් කුණුවී තිබෙන තරම ...
-
නීතිඥවරුන් සහ විනිසුරුවරුන්ගේ පැටිකිරිය නීතිඥවරියක් වන සුගන්ධ්කා වර්ණකුලසූරිය විසින්ම කළ හෙලිදරව්ව
-
1977 පරාජය වෙලා ආසන 8ට බැහැල බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවට ආවේ නිකම්ම නිකන් අත්තනගල්ල මන්ත්‍රිවරිය ලෙසය. ඇයට විපක්ෂ නායක ධුරය හිමි නො...

Popular Posts
-
වික්ටර් අයිවන් මේ ලිපිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා සිංහල, බෞද්ධකම හා සංස්කෘතියට අදාළව පළකර තිබෙන තෝරාගත් අදහස් කිහිපයක් ශාස්ත්‍ර...
-
Manjula Wediwardena එදා ලසන්තගේ මළගෙදර තිබුණු පාළුව කවර හිස්කමක් තුළින් පැන නැඟුණේ වීද? රැය පහන් කිරීමට උන්නේ අප කිහිපදෙනෙකු පමණෙකි. ‘‘මේ ...
-
සිරස මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි ට හාළිඇලදී එල්ල කල මැර ප්‍රහාරය සහ පසුගිය දිනවල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ උපුල් ජයසූරියට ...
-
කොළඹ 07, නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබි පුද්ගල මළ සිරුරක් අද (12) උදෑසන 6.45 පමණ පොලිසිය විසින් සොයාගෙන තිබිණ. එසේ මියගොස් සිටි 64 හැවිරි...
-
මෙරට ත්‍රී රෝද රථ සේවාවෙන් ජනතාවට මහත් සේවාවක් ඉටු වූවද ඒවායේ රියදුරන් පිළිබඳ බොහෝ දෙනෙකුට පැහැදීමක් නැහැ. මුදල් පසුපස හඹායන අවිනීත පිරි...
-
'සන්ඩේ ලීඩර්' පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර පහක් ගතවීම නිමිත්තෙන් ආචාර්ය දයාන් ජයතිලක විසින් 'The Murder of an ...
-
මානව සංහතියේ නිදහසේමොහොත නිර්මාණය වනු ඇත්තේ ධෛර්යවන්ත ගැහැණුන් සහ මිනිසුන්ගේ දෑතිනි. නූතන ලෝකය තුල එම මොහොත දක්වා මානව සංහතිය කැදවාගෙන යා...
-
‘‘බය වෙන්න ඕනේ මොකටද කියලා මං තමුසෙට පෙන්නන්නං. තමුසෙව ඉවරයක් කරලා තමයි මං පස්ස බලන්නේ.’’ (ලසන්ත වික්රමතුංගට ජනාධිපති මහින්ද රාජපක්ෂ (20...
-
වික්ටර් අයිවන් ජනාධිපති වරයා යාපනේ සිට උතුරේ දෙමළ ජනතාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ගැටලූ ගැන කරන ලද කතාව සේ ම අගමැතිවරයා දියතලාවේ සිට යු...
-
ප්‍රගීත් එක්නැළිගොඩ - විජය කුමාරණතුංග - දයා පතිරණ - රිචඩ් ද සොයිසා - ලසන්ත වික්‍රමතුංග - රෝහණ කුමාර. කුමන හෝ හේතුවක ට අප මිතුරන් ඝාතණය...

No comments: