මනෝ තිත්තවැල්ල මිය ගිහින්. මට ඔහු සමඟ ඔය කොක්ටේල් කීපයක හමුවෙලා කරපු පොඩි පොඩි කතා ඇරැන්නෙ ලොකු සම්බන්ධයක් නැහැ. ඒත් මම දන්න දෙයක් කියන්න ඕනෙ.
එයා දක්ෂ සාකච්ජාකරුවෙක්. එයා චන්ද්‍රිකා-මංගල ගැන්සියෙ තමා හිටියෙ. ඒක එච්චර වැදගත් නැහැ මට. කොටින්ම ලංකාවෙ මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු දියුණම ව්‍යවස්ථා කෙටුම්පත ගැන යූඑන්පී එක එක්ක සාකච්ඡාකරන්නත් චන්ද්‍රිකා දැම්මෙ අවසාන මොහොතෙ මනෝව. ඒ සකච්ඡාවලට කිව්වෙ මනෝ-මලික් සකාච්ඡා කියල. රනිල් දැම්මෙ මලික් සමරවික්‍රමව. ඒකයි එහෙම කිව්වෙ. ජාතික ප්‍රශ්ණය/ජනවර්ග ප්‍රශ්ණ, ඉඩම් ප්‍රශ්ණ, පොලිස් බලතල, අධිකරණ, මානව හිමිකම් ඇතුලු සියලු වාද විශයන් ගැන ප්‍රධාන දකුණේ දේශපාලන පක්ෂ දෙක අතර එකඟතාවයක් තිබ්බෙ. දෙමළ මුස්ලිම් පක්ෂත් එකඟ වෙලා තිබ්බෙ ඒකට, ප්‍රභාකරන්ගෙ තුවක්කුව එල්ලවෙලා ඒකට බයේ හිටපු දෙමළ සන්ධානයේ ඇර. ඒත් වැදගත් දේ දකුණේ ප්‍රධාන පක්ෂ දෙක එකඟවූ විසඳුම ඒකෙ අඩංගුවෙලා තිබ්බ එක.
අන්තිමට මනෝ-මලික් සාකඡාත් සාර්ථක වෙලා පහුවදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දවස. උන වැඩේ මොකක්ද? චන්ද්‍රිකා එක්ක වෙන ප්‍රශ්ණ හදාගෙන හිටපු වික්ටර් අයිවන්, රොයිටර් එකේ වරුණ කරුණාතිලකට කියල රනිල් එක්ක සාකච්ඡාවක් හාදාගෙන එදා රාත්‍රියේ රනිල්ගෙ ගෙදරට ගියා. රනිල්ට දුන්න දේශණාවක් අයිවන් ඇයි ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ වෙන්න ඕනෙ කියල. මොකද කෙටුම්පතේ තිබ්බ අන්තර් කාලීන විධිවිධානයක් - ව්‍යවස්ථාව සම්මත උනත් චන්ද්‍රිකාගෙ ධූර කාලය නිමවන තෙක් ඇය ජනාධිපති කියල. ඒක සාමාන්‍ය දෙයක්. ඒක උනත් අයින් කර ගන්න තිබ්බ ඕනෙ නම්. "ඕක සම්මත උනොත් ඔයාට අනාගතයක් නැහැ, චන්ද්‍රිකා කිසිම ද්විපාර්ශවික සහයෝගයකට මෙතෙක් වැඩ කරල නැහැ, ජනාධිපති ආරක්ෂක අංශෙ යොදවල විරුද්ධ පක්ෂෙ මර්දනය කරනවා," වගේ සිල්ලර කතා.
අර සෙවල රනිල් අයිවන්ට කිව්ව ඒ කියපු ඒව ලියල දෙන්න කියල. අයිවන් එවෙලෙම පෑනකුයි කොලේකුයි ඉල්ලගෙන ඒව ලියල දුන්න. රනිල් මීමා කරේ පහුවදා ගොන් කතාවක් කරල අර විකටර් අයිවන් ලියල දුන්න එක සභාගත කරපු එක. ඒකරල ගෝලයො දාල ඒ ව්‍යවස්ථා කෙටුම්පත ගිණි තියපු එක පාර්ලිමේන්තුව ඇතුලෙ.
මම ඒකාලෙ ලංකාවෙ හිටියෙ නැහැ. මම 2001 දී එංගලන්තෙ ඉඳන් ආපහු ලංකාවට ගියාම ඉන්දික ගුණවර්ධන මට කිව්ව බලන්නකො වෙච්ච දේ කියල. මොකද හේතුව, එදා එයාට තැපෑලෙන් ඇවිත් තිබ්බ ඒ විවාදෙදි ඔක්කොම පක්ෂ නායකොයො කරපු කතා එකතුකරල ගහපු පොතක්. මම ඒක ඉල්ලගෙන ගිහින් එදා රාත්‍රියේ මුලු පොතම කියෙව්ව. සභාගත කරපු ලේඛණ කියවන කොට, රනිල් සභාගත කරල තියෙන ලියවිල්ල හොඳට දන්න ශෛලියකින් ලියපු එකක්. ඒකෙ තියෙන්නෙ රටක නායකයෙක් වෙන්න හිතන විපක්ෂ නායකයෙක් සභාගත නොකල යුතු මට්ටමේ තුට්ටු දෙකේ කතා. මම පහුවදාම රාවයට ගිහින් ඒක පෙන්වල අයිවන්ගෙන් ඒ ගැන ඇහැව්ව. එයා හිනාවෙලා කිව්ව, මිනිහ හිරවෙලා හිටියේ කර කියගන්න දෙයක් නැතිව, පහුවදා ඡන්දෙ දෙන්න සෙට් වෙලා හිටියෙ මනෝ-මලික් සාකච්ඡාවෙන් පස්සෙ, මමයි වරුණයි ගිහින් තමා වෙනස් කරේ, රනිල් කිව්ව ලියල දෙන්න කියල, මම ලියල දුන්න කියල. බොරු නම් අහන්න අයිවන් ෆේස්බුක් එකේ ඉන්නවනෙ.
මම ඒ කාලෙ ලිපියක් ලියල ඇති "නෝන්ජල් රනිල් හා විධායක ජනාධිපති ක්‍රමය" කියල. ඒකෙ මම කිව්ව රනිල් මේ කරපු වැඩේ නිසා එයා කවදාවත් ලංකාවෙ නායකයවත්, ජනාධිපතිවත් වෙන්නෙ නැහැ කියල. ඒව නම් හරි. කාලකණ්ණි සතුටක් තියෙන්නෙ ඒ ගැන. ඔය ලංකාව කුණුවෙලා කිය කිය කිය කිය ඔය රාවය සඟරාව කාලෙ ඉඳන් ලතෝනි දෙන අයිවන් රටට කරපු සේවය තමා ඒ.
ඒත් රටට නව ව්‍යවස්ථාවක් ගෙනත්, රටේ ජනවාර්ගික සාමය, මානව හිමිකම් ආරක්ෂාකර ගැනීමට අවංකව ක්‍රියා කල මනෝ ඔබට මගේ ප්‍රණාමය!
උවිඳු කුරුකුලසුරියගේ FB පිටුවෙන්
ප්‍රබන්ද කතා හා ඉතිහාසය ( උවිදුගේ ලිපියට පිළිතුරක් )- වික්ටර් අයිවන්
Lanka Journalist's Admin
පවතින දේශපාලන වාතාවරණය පිළිබදව සත්‍ය දැනගැනිම ජනතාවගේ අයිතියකි එය ජනතාවට වාර්තා කිරීම මාධ්‍යවේදීන්ගේ අයිතියක්.
Subscribe to:
Post Comments (Atom)
Popular Post
-
Sunday,26 Jul 2015 වික්ටර් අයිවන් ශ්‍රී ලංකාවේ ආයතන ක්‍රමය සමග එම ආයතන ක්රමයේ මුදුනේ සිටින බොහෝ නාමධාරී පුද්ගලයන් කුණුවී තිබෙන තරම ...
-
නීතිඥවරුන් සහ විනිසුරුවරුන්ගේ පැටිකිරිය නීතිඥවරියක් වන සුගන්ධ්කා වර්ණකුලසූරිය විසින්ම කළ හෙලිදරව්ව
-
1977 පරාජය වෙලා ආසන 8ට බැහැල බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවට ආවේ නිකම්ම නිකන් අත්තනගල්ල මන්ත්‍රිවරිය ලෙසය. ඇයට විපක්ෂ නායක ධුරය හිමි නො...

Popular Posts
-
වික්ටර් අයිවන් මේ ලිපිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා සිංහල, බෞද්ධකම හා සංස්කෘතියට අදාළව පළකර තිබෙන තෝරාගත් අදහස් කිහිපයක් ශාස්ත්‍ර...
-
Manjula Wediwardena එදා ලසන්තගේ මළගෙදර තිබුණු පාළුව කවර හිස්කමක් තුළින් පැන නැඟුණේ වීද? රැය පහන් කිරීමට උන්නේ අප කිහිපදෙනෙකු පමණෙකි. ‘‘මේ ...
-
සිරස මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි ට හාළිඇලදී එල්ල කල මැර ප්‍රහාරය සහ පසුගිය දිනවල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ උපුල් ජයසූරියට ...
-
කොළඹ 07, නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබි පුද්ගල මළ සිරුරක් අද (12) උදෑසන 6.45 පමණ පොලිසිය විසින් සොයාගෙන තිබිණ. එසේ මියගොස් සිටි 64 හැවිරි...
-
මෙරට ත්‍රී රෝද රථ සේවාවෙන් ජනතාවට මහත් සේවාවක් ඉටු වූවද ඒවායේ රියදුරන් පිළිබඳ බොහෝ දෙනෙකුට පැහැදීමක් නැහැ. මුදල් පසුපස හඹායන අවිනීත පිරි...
-
'සන්ඩේ ලීඩර්' පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර පහක් ගතවීම නිමිත්තෙන් ආචාර්ය දයාන් ජයතිලක විසින් 'The Murder of an ...
-
මානව සංහතියේ නිදහසේමොහොත නිර්මාණය වනු ඇත්තේ ධෛර්යවන්ත ගැහැණුන් සහ මිනිසුන්ගේ දෑතිනි. නූතන ලෝකය තුල එම මොහොත දක්වා මානව සංහතිය කැදවාගෙන යා...
-
‘‘බය වෙන්න ඕනේ මොකටද කියලා මං තමුසෙට පෙන්නන්නං. තමුසෙව ඉවරයක් කරලා තමයි මං පස්ස බලන්නේ.’’ (ලසන්ත වික්රමතුංගට ජනාධිපති මහින්ද රාජපක්ෂ (20...
-
වික්ටර් අයිවන් ජනාධිපති වරයා යාපනේ සිට උතුරේ දෙමළ ජනතාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ගැටලූ ගැන කරන ලද කතාව සේ ම අගමැතිවරයා දියතලාවේ සිට යු...
-
ප්‍රගීත් එක්නැළිගොඩ - විජය කුමාරණතුංග - දයා පතිරණ - රිචඩ් ද සොයිසා - ලසන්ත වික්‍රමතුංග - රෝහණ කුමාර. කුමන හෝ හේතුවක ට අප මිතුරන් ඝාතණය...

No comments: