රාජ්‍යයේ හා එහි ආයතන ක්රමයේ ඇතිවී තිබෙන පරිහානිය හා බිඳ වැටීම රටේ දේශපාලන පක්ෂ ක්‍රමය කෙරෙහිද බලපා තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. රටේ සියලු දේශපාලන නායකයන්ට තිබෙන පිළිගැනීම වාෂ්ප වී බිඳ වැටී යන තත්ත්වයක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබෙන අතර රටේ සියලු දේශපාලන නායකයන් මහජනයාගේ හාස්‍යයට හේතුවූ විකටයන්ගේ තත්ත්වයට පත්වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.
මේ තත්ත්වය බලපා තිබෙන්නේ ජනාධිපතිවරණයෙන් පරාජය වූ පක්ෂ කෙරෙහි පමණක් නොව ජනාධිපතිවරණයෙන් අතිවිශාල ජයග්‍රහණයක් හිමිකරගත් පොදු ජන පෙරමුණ කෙරෙහිද එය බලපා තිබෙන බව පෙනේ. පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් අතර පෙනෙන්නට තිබූ ආස්වාදජනක හැඟීම්වල පැහැදිලි බිඳ වැටීමක් ගෙවුණු මාස 3ක තරම් කෙටි කාලය තුළ ඇතිවූ බව පෙනෙන්නට තිබේ. එම පිරිහිම ප්රතිපක්ෂවලින් එල්ල වූ අභියෝග නිසා ඇතිවූ තත්ත්වයක් නොව ජයග්රාහකයාගේ දුර්වල ක්‍රියාකාරකම් නිසා ඇතිවූ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
ජනාධිපතිවරණයෙන් පරාජය වූ මහා පක්ෂය ලෙස සැලකෙන එජාපය තිබෙන්නේ පණ අදින තත්ත්වයකය. ජනාධිපතිවරණයෙන් ලැබූ අතිවිශාල පරාජයෙන් පසුවවත් ජනාධිපතිවරණයට තරග කළ සජිත් ප්‍රේමදාසට ප්‍රඥාව හා ධෛර්යය තිබුණේ නම් නැවත ශක්තිමත් විරුද්ධ පක්ෂයක් ලෙස ගොඩ නගා ගැනීමේ හැකියාව තිබුණි.
ඔහු අතින් සිදුවෙමින් තිබෙන්නේ එම පක්ෂය ගොඩනගා ගත නොහැකි තරමට විනාශ වන ලෙස ක්රියාකිරීමය. මැතිවරණයෙන් පසු ඔහුගේ ප්‍රතිපත්තිය පක්ෂය ඒකාග්ර කොට ශක්තිමත් කිරීම වෙනුවට කැබලි කිරීමය. ලැබූ පරාජයෙන් පසුව එම පරාජයේ වරදට සිය පක්ෂය තුළින්ම වගඋත්තරකරුවන් සොයන්නට දරන උත්සාහය තුළ පක්ෂය අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවිය. දෙමළ හා මුස්ලිම් ජනයා එජා පක්ෂ අපේක්ෂකයාට එක පොදියට ඡන්දය දී තිබියදී ජයග්‍රාහකයා එම ජනවර්ගවලට කරන කෙණහිලිකම් ඉදිරියේ ඔවුන්ව ආරක්ෂා කරන පිළිවෙතක සිට ක්‍රියාකරනවා වෙනුවට ඉවත බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.
ජවි පෙරමුණ ගැන වෙනම කතා කිරීම අවශ්‍ය වුවත් එම පක්ෂය සිටින්නේද ජයග්‍රාහී ලෙස නැගී සිටිය හැකි තත්ත්වයක නොව ගරාහැලෙන තත්ත්වයකය.
ලංකාවේ දේශපාලන පක්ෂ ප්රජාතන්ත්රවාදී පක්ෂ ලෙස සැලකිය නොහැකිය. ඒවා අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදයක් නැති පක්ෂ නායකයාගේ අණ කිරීම මත ක්‍රියා කරන පක්ෂ ලෙස සැලකිය හැකිය. මේ කිසිම දේශපාලන පක්ෂයකට සාමාජික මුදල් ගෙවන පක්ෂ සාමාජිකයන් නැත. ඒවා අඩු වැඩි වශයෙන් කළු සල්ලිකාරයන් මත යැපෙන පක්ෂ ලෙස සැලකිය හැකිය. ප්‍රධාන පක්ෂ දෙකේ අයිතිය තිබුනේ පවුල් කල්ලි දෙකකටය. එජාපය එක පවුල් කල්ලියකටත්, ශ්රීලනිපය තවත් කල්ලියකටත් ශ්රීලනිපය ආශ්රයෙන් බිහිවුණු පොදුජන පෙරමුණ තවත් පවුල් කල්ලියකටත් අයත් වේ.
රාජ්‍ය පාලනයේ ප්රජාතන්ත්ර විරෝධී ස්වරූපය ප්රජාතන්ත්ර විරෝධී පක්ෂ ක්‍රමයට හොඳින් ගැළපුණි. රටේ තිබෙන දේශපාලන පක්ෂ ක්‍රමය දූෂිත ඒකාධිපති නායකයන් පුරුදු පුහුණු කරන ආයතන විශේෂයක් ලෙස ක්‍රියා කළේ යැයි කිව හැකිය. මේ එකම දේශපාලන පක්ෂයක්වත් ඒවාහි මුළු ඉතිහාසය තුළ බුද්ධිමය වැදගත්කමක් ඇති සංකල්ප පත්‍රිකාවක් ප්‍රකාශ කිරීමට සමත් වී නැත.
ලංකාව මුහුණ දී තිබෙන දැවැන්ත හා සංකීර්ණ අර්බුදය තුළ රටේ සමස්ත ආයතන ක්රමයද කඩා වැටෙන්නට නියමිතව තිබෙන අතර ඒ අනුව දේශපාලන පක්ෂවල කඩා වැටීමද නොවැළැක්විය හැකි දෙයක් වනු ඇතැයි කිව හැකිය. ඒ සමග රටට නව උදාවක් ඇතිවේද නැත්ද යන ප්රශ්නය තේරුම් ගැනීමට අමාරු දුෂ්කරම ප්රශ්නය ලෙස සැලකිය හැකිය.
වික්ටර් අයිවන්
Lanka Journalist's Admin
පවතින දේශපාලන වාතාවරණය පිළිබදව සත්‍ය දැනගැනිම ජනතාවගේ අයිතියකි එය ජනතාවට වාර්තා කිරීම මාධ්‍යවේදීන්ගේ අයිතියක්.
Subscribe to:
Post Comments (Atom)
Popular Post
-
Sunday,26 Jul 2015 වික්ටර් අයිවන් ශ්‍රී ලංකාවේ ආයතන ක්‍රමය සමග එම ආයතන ක්රමයේ මුදුනේ සිටින බොහෝ නාමධාරී පුද්ගලයන් කුණුවී තිබෙන තරම ...
-
නීතිඥවරුන් සහ විනිසුරුවරුන්ගේ පැටිකිරිය නීතිඥවරියක් වන සුගන්ධ්කා වර්ණකුලසූරිය විසින්ම කළ හෙලිදරව්ව
-
1977 පරාජය වෙලා ආසන 8ට බැහැල බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවට ආවේ නිකම්ම නිකන් අත්තනගල්ල මන්ත්‍රිවරිය ලෙසය. ඇයට විපක්ෂ නායක ධුරය හිමි නො...

Popular Posts
-
වික්ටර් අයිවන් මේ ලිපිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා සිංහල, බෞද්ධකම හා සංස්කෘතියට අදාළව පළකර තිබෙන තෝරාගත් අදහස් කිහිපයක් ශාස්ත්‍ර...
-
Manjula Wediwardena එදා ලසන්තගේ මළගෙදර තිබුණු පාළුව කවර හිස්කමක් තුළින් පැන නැඟුණේ වීද? රැය පහන් කිරීමට උන්නේ අප කිහිපදෙනෙකු පමණෙකි. ‘‘මේ ...
-
සිරස මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි ට හාළිඇලදී එල්ල කල මැර ප්‍රහාරය සහ පසුගිය දිනවල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ උපුල් ජයසූරියට ...
-
කොළඹ 07, නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබි පුද්ගල මළ සිරුරක් අද (12) උදෑසන 6.45 පමණ පොලිසිය විසින් සොයාගෙන තිබිණ. එසේ මියගොස් සිටි 64 හැවිරි...
-
මෙරට ත්‍රී රෝද රථ සේවාවෙන් ජනතාවට මහත් සේවාවක් ඉටු වූවද ඒවායේ රියදුරන් පිළිබඳ බොහෝ දෙනෙකුට පැහැදීමක් නැහැ. මුදල් පසුපස හඹායන අවිනීත පිරි...
-
'සන්ඩේ ලීඩර්' පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර පහක් ගතවීම නිමිත්තෙන් ආචාර්ය දයාන් ජයතිලක විසින් 'The Murder of an ...
-
මානව සංහතියේ නිදහසේමොහොත නිර්මාණය වනු ඇත්තේ ධෛර්යවන්ත ගැහැණුන් සහ මිනිසුන්ගේ දෑතිනි. නූතන ලෝකය තුල එම මොහොත දක්වා මානව සංහතිය කැදවාගෙන යා...
-
‘‘බය වෙන්න ඕනේ මොකටද කියලා මං තමුසෙට පෙන්නන්නං. තමුසෙව ඉවරයක් කරලා තමයි මං පස්ස බලන්නේ.’’ (ලසන්ත වික්රමතුංගට ජනාධිපති මහින්ද රාජපක්ෂ (20...
-
වික්ටර් අයිවන් ජනාධිපති වරයා යාපනේ සිට උතුරේ දෙමළ ජනතාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ගැටලූ ගැන කරන ලද කතාව සේ ම අගමැතිවරයා දියතලාවේ සිට යු...
-
ප්‍රගීත් එක්නැළිගොඩ - විජය කුමාරණතුංග - දයා පතිරණ - රිචඩ් ද සොයිසා - ලසන්ත වික්‍රමතුංග - රෝහණ කුමාර. කුමන හෝ හේතුවක ට අප මිතුරන් ඝාතණය...

No comments: