sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

නීතිය, පොලිස්‌ නිලධාරියා සහ ගණිකාව (එක්‌ සත්‍ය කතාවක්‌)

"අද හෙටම පොලිසියෙන් පනින්න ඉඩ තියෙනවා..."

මැඩම්ගෙ වචන සුභද්‍රdට සිහිපත් වුණේ බම්බලපිටියෙන් බහින්නත් කලින්. දොරකඩ හිටපු වැඩිහිටියෙක්‌ සුභද්‍රdට බහින්න ඉඩ දුන්නෙ විනීත විදියට. තමන්ට එහෙම සලකපු එක ගැන සුභද්‍රdට ඇතිවුණේ කනගාටුවක්‌. තමන් ඒ තරමට සැලකිය යුතු කෙනෙක්‌ද?

රැකියාව මොකක්‌ද කියල කෙනෙක්‌ ඇහුවොත් කට ඇරල කියන්න බෑ. ඇඳුමෙන් පැළඳුමෙන් නම් ලොකු කොම්පැණියක ක්‌ලාක්‌ පෝස්‌ට්‌ එකක පෙනුම.

සුභද්‍රd බම්බලපිටිය එම්.සී. හෝල්ට්‌ එකෙන් බැස්‌සා. පාරෙන් අනිත් පැත්තට මාරුවුණා. මුස්‌ලිම් හෝටලෙන් බිත්තර රොටි එකයි, වඩේ එකකුයි පාර්සල් කර ගත්තා. ඒක දිනපතා පුරුද්ද... ස්‌පොට්‌ එකට ත්‍රීවිලර් එකක යන දුර තියෙන්නෙ. ඒත් සුභද්‍රd හැමදාම ඒ දුර ගියේ පයින්.

ප්‍රධාන පාරෙන් අතුරු පාරකට හැරිල වැඩි දුරකින් නෙමෙයි පැෂන් ගාමන්ට්‌ස්‌ තියෙන්නෙ. ඒක මැඩම් අහල පහල මිනිස්‌සු රවට්‌ටන්න බොරුවට එල්ලපු බෝඩ් එකක්‌.

සංජුයි අංජුයි දෙන්නත් මඟ එනව ඇති. අපි තුන්දෙනා සැපයුම්කාරියො. මේ උඩුමහල් කාමර තුන සල්ලි ගෙවල අරං තියෙන්නෙ මැඩම්. අපට දවල් කෑම මැඩම්ගෙන්. ඒ හින්ද මැඩම් ටිකක්‌ වැඩියෙන් ගාණක්‌ අතට ගන්නව. අනිත් අතට පොලීසියට අහු වුණත් බේර ගන්නෙ, ඇප තියන්නෙ, දඩ ගෙවන්නෙ මැඩම්. ඉතිං මැඩම් නැතුව බෑ.

සාමාන්‍යයෙන් උදෙන්ම කස්‌ටර්මස්‌ල එන්නෙ නෑ. වීදුරු කඩේ මුදලාලි, රේගුවෙ මහත්තය, මිස්‌ටර් අන්මැරිඩ් වගේ අපි නම් පුරුදු ගනුදෙනු කාරයො. නුපුරුදු අය ඒ කියන්නෙ කෝඩුකාරයො ආවහම යන්නෙ නෑ. කෝඩුකාරයගෙ වැඩේ ප්‍රශ්න අහන එකමයි.

"ඔයා මේ රස්‌සාවට වැටුණෙ කොහොමද?"

උත්තරය දැන් මට කටපාඩම්.

පෙම්වතා මාව රවට්‌ටලා පැනල ගියා. මාව කසාද බඳින්න ආපු අයත් ඒ ප්‍රශ්නෙ නිසාම මඟඇරල ගියා. අන්තිමේදී මං තනිවුණා. කරන්න දෙයක්‌ නැති තැන මේ රස්‌සාවට වැටුණා.

මේ කතාව බොරු වුණත් ඇත්ත වුණත් කස්‌ටමර්ගෙන් මට ලැබෙන දෙයක්‌ නෑ. මොකෝ එයා මට වෙන රස්‌සාවක්‌ හොයල දෙන එකක්‌යෑ.

වීදුරු කඩේ මුදලාලි එන්නෙ මාසෙට එක දවසයි. මිනිහ හොඳයි. කරදරකාරයෙක්‌ නෙමෙයි. වයසක මනුස්‌සය නොවැ. එයා වැඩියෙන්ම මනාප මට.

පොලිසියට අලුත් ඕ.අයි.සී. මහත්තයෙක්‌ ආවොත් අපේ "පැෂන් ගාමන්ට්‌" එක රේඩ් කරනවාමයි. ඊට පස්‌සෙ වැඩේ ෂේප් කර ගන්න මැඩම් දන්නවා.

ඒ වුණාට ජීප් එකේ නැගල පොලීසි ගෙනියන කොට පොලීසියෙන් උසාවි දානකොට ලැඡ්ජාවෙ බෑ. අපි කවුද කියල බලන්න මිනිස්‌සු හරි ආසයි. අපිත් අනිත් ගෑනු වගේම තමයි. වෙනසකට තියෙන්නෙ අපේ රස්‌සාව වෙනස්‌. පත්තරකාරයො පිංතූර ගන්නවා. ගණිකාවන්ගෙ පිංතූර පත්තරේට ලොකු ඇති. ඒත් මේ ඉන්නෙත් මේ සමාජෙන්ම කිහිප දෙනෙක්‌ කියල ඒ ගොල්ලන්ට හිතන්න බැරි ඇයි?

වීදුරු මුදලාලි හැම දේම සීරුමාරුවට වැඩ. කිසි කලබලයක්‌ නෑ. ඇඳුම් මාරු කරන්නෙ හෙමිහිට. නාන කාමරේට ගියාමත් වේලාව ගත කරනවා. අදත් එහෙමයි. වීදුරු මුදලාලි තුවාය ඇඳ ගත්තා විතරයි. දොරට තට්‌ටු කරන සද්දෙ ඇහෙන්න ගත්තා.

තට්‌ටු කරන්නෙ මැඩම් නෙමෙයි කියල සුභද්‍රට තේරුණා. දොර ඇරියේ සුභද්‍රd.

"හ්ම්. රස්‌සාව මේක නේද... පොලිසියට යන්න ලෑස්‌ති වෙනව..."

"මං කරපු වරද මොකක්‌ද සර්"

"ගණිකා නිවාසයක්‌ පවත්වාගෙන යැමට උදව් දීම"

"මම මේක කරන්නෙ ජීවත් වෙන්න"

"ඒක උසාවියෙදි කියනව. අපි කරන්නෙ නීති පොතේ තියෙන විදියට..."

ඒ වන විට වීදුරු මුදලාලි ඇඳුම් ඇඳගෙන ඉවරයි.

"ගන්නව මහත්තය අයිඩෙන්ටිය" වීදුරු මුදලාලි අයිඩෙන්ටිය පෙන්නුවා.

"ඉක්‌මනට පිටවෙලා යනව"

වීදුරු මුදලාලි හෙමින් ගමන් නැතුව ඉක්‌මන් ගමනින් පිටවෙලා ගියා.

"ඇයි ඒ මුදලාලි පොලිසියට ගෙනියන්නෙ නැත්තෙ..."

"නීතියේ හැටියට වැරැදිකාරය තමුන්. තමුන් මේ රස්‌සාවෙ යෙදිච්ච නිසා එයා ආවෙ..."

"එතකොට අපි පාරෙ බස්‌ හෝල්ට්‌ එකේ ඉන්නකොට අල්ල ගන්නෙ කොහොමද...?"

"ඒ පාදඩ ආඥ පනත යටතෙ. ගෑනුන්ට පාරෙ රස්‌තියාදු ගහන්න අයිතියක්‌ නෑ"

"එතකොට මේ රස්‌සාව කරන්න අපට අයිතියක්‌ නෑ" සුභද්‍රd ඇහුවා.

"නෑ. අයිතියක්‌ නෑ. නීති විරෝධියි..."

"හොඳයි අපි ගෑනු ඔක්‌කොම මේ රස්‌සාව නැවැත්තුවොත්... පිරිමින්ට යන කල මොකක්‌ද"

"ඒකට නං මට දෙන්න උත්තරයක්‌ නෑ..."

පොලිස්‌ නිලධාරියා කිව්වෙ අවංකවමයි.

අපි ළඟට එන්න පිරිමි ඉන්න නිසා අපි මේ රස්‌සාව කරන්නෙ. නමුත් නීතිය ඉස්‌සරහට ආවහම ඒ පිරිමියා නිදහස්‌. ගැහැනිය උසාවියට.

මේකත් ලෝකයක්‌ද කියල සුභද්‍රට හිතුණා. සුභද්‍ර ජීප් එක ළඟට යද්දි සංජුයි අංජුයි දෙන්න ජීප් එකේ නැගිල හිටියා. ළමයි කලබල නැතුව යන්න. මැඩම් කිව්වා.

* චන්ද්‍රසිරි දොඩන්ගොඩ

පාර්ලිමේන්තුවට කොකා පෙන්වීම - වික්ටර් අයිවන්

පාර්ලිමේන්තුව නැවත කැදවීම ආන්ඩුව ප්‍රතික්ෂේප කලේය.මැතිවරන කොමසාරිස් වරයා පාර්ලිමේන්තු මැතිවරනය සදහා නාම යෝජනා බාර ගැනීමෙන් පසු රටේ පවතින වසන්ගත තත්වය සලකා පාර්ලිමේන්තු මැතිවරනය දින නියමයක් නැතිව කල් දැමීය.මෙම වසන්ගත තත්වය අවසන් කල හැක්කේ ක්වදාද කියා කිසිවෙකු දන්නේ නැත.එය මාසයක් විය හැකිය.මාස තුනක් විය හැකිය.අවු රුද්දක්ද විය හැකිය.සමහර ව්ට ඊටත් වැඩි විය හැකිය.වසන්ගතය අවසන් කලහැකි දිනය කිසිවකුටත් කිව නොහැකිය.කවදා හෝ වසන්ගතය අවසන්වී පාර්ලිමේන්තු මැතිවරනයක් පවත්වා ප්‍රාජාතන්ත්‍ර ආන්ඩුවක් ඇති කරගැනීම්ට හැකි වෙතොත් ඒ දක්වා රාජ්‍යය පාලනයේ සියලු කටයුතු සිදු වනු ඇත්තේ පාර්ලිමේන්තුවේ අදීක්ෂනයක් නැතිව හිතුවක් කාරී ආකාකාරයටය.

එය ප්‍රජාතන්ත්‍රවාදී අර්තයෙන් යහපත් තතවක් ලෙස සැලකිය නොහැකිය.ආන්ඩුවේ එම දේසපාලන ගැටයට විරුද්ද පක්ෂ පමනක් නොව මැතිවරන කොමසාරිස් වරයා හා කොමිෂද දැන හෝ නොදැන හසු විය.කොරෝනා වසන්ගතය කවදා අවසන් වේද එතෙක් පාරිලිමේන්තුවේ අදීක්ෂනයකට හසු නොවන පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදී අරතයෙන් කෙසේ යුක්ති සහගත වේද කියන බැරෑරුම් ප්‍රස්නය විරුද පක්ෂ වයාපාර සේම මැතිවරන කොමසාරිස් වරයා හා කොමිෂමද මුලුමනින් නොසලකා හරින ලදී.
දෙවන ලෝක මහා යුද්දයේදී 1936 දී තේරී පතවී රාජ්‍ය මන්ත්‍රනසබාව එහි නිලකාලය අවසන් වීමෙන් පසු ඇති වී තිබුන දෙවන ලෝක යුද්ද තත්වය සලාකා විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරනයක් පැවැත්වීමට පුලුවන් කමක් නැති තත්වය සලකා මැතිවරනයක් සදහා නාම යෝජනා බාරගෙන යුද්දය අවසන් වනතෙක් මැත්වරනය කල් දැමුවේ නැත .ඒ වෙනුවට කලේ පරන රාජ්‍ය මන්ත්‍රන සබාවට පවතින්නට ඉඩදී රාජ්‍යය මන්ත්‍රන සබාව මැත්වරනය කල් තැබීමය.එම නිසා යුද්දය අවසන් වී 1947 පාරිලිමේන්තු මැතිවරනය පවත්වන තෙක් රටේ කටයුතු සිදුවූ යේ මැතිවරන නොපව්ත්වා පවත්වාගෙන ගිය රාජ්‍ය මන්ත්‍රන සබාවෙ අදීක්ෂනය ට යටත්වය.

ජනාදිපති වරයා ජාතිය අමතා කල කත්වේදී පාර්ලිමේන්තුව නැවත නොකැද්වීම සාදාරන කරනය සදහා ඉදිරිපත් කරන ලද තර්ක යුක්ති සහත හෝ ප්‍රජාතන්ත්‍රවාදී නැත.වසන්ගත තත්වයක් පැමිනීමෙන් පසු පරලිමේන්තුව කැදවා කරුනු පැහැදිලි කරදී පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරි පත් කලේ නම් එය අනුමත කරනවා හැර පරාජය කිරීමේ හැකියාවක් විරුද්ද පක්ෂයට නැත.ජනාදිපතිවරයාට සේම ආන්ඩුවටද අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුවේ අදීක්ෂනයට යටත් නැති පාලනයක් ප්වත්වාගෙන යාමය.නහයෙන් හඩනවා හැර ඊට බලවත් ලෙස විරුද්ද වීමට අවශ්‍ය කොන්දක් විරුද්ද පක්ෂවලටද නොතිබුනේය.

මෙම වසන්ගත තට්වය ජයගැනීමට අවස්‍ය ප්‍රායෝගික දැකමක් තමන්ට ඇතිබව පෙන්නුම් කිරීමේ හැකිව වත් ඔප්පු කිරීමට හැකිවීනම් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් මොහොතකට අමතක කොට ඇතිවී තිබෙන අබියෝගය පලමුවෙන් ජයගනිමුයි කියා හෝ හිත හදාගැනීමට පුලුවන් කමක් තිබුනි.එහෙත් ආන්ඩුව එහිදීද පෙන්නුම් කර තිබෙන්නෙ අසාරතක බාවයක් මිස සාරතක බාවයක් නොවේ.

යුද්දයකදී ප්‍රදාන වන්නේ යුද්ද හමුදාවය.සැලසුම් සකස් කලයුත්තේද එවා ක්‍රියාවට නැගෙන ලෙස සටන් කල යුත්තේද් ආරක්ෂක හමුදාවනය.එහෙත් වසන්ගත තවයකට එරෙහිව කරන යුද්දයකදී ප්‍රදානත්වය ගත යුත්තේ ආරක්ෂක හ්මුදා නොව වසන්ගත රෝග විශේෂඥයන් දොස්තරවරුන් හෙදියන් ඇතුලු සුව සේවකයින් ය.ආරක්ෂක හමුදාවන්ටද කාර්‍යබාරයක් ඇතත් එය අතිරේක කාර්‍ය බාරයක් පමනය.එහෙත් කොරොනා මරදන වැඩ සටහනේ ප්‍රදාන කාර්‍යබාරය පැවරී තිබෙන්නෙ සුව සේවයේ නිරත අයට නොව ආරජ්ෂක හමුදාවන්ටය.

පෙනෙන්න්ට තිබෙන බයානකම දේවනුයේ රෝහල් පදනම් කරගෙන කොරෝනා මද්‍යස්තාන 18 ක් ඇතිකර ඇතත් වයිද්‍යවරුන්ට,හෙදියන්ට හා සුව සේවක්‍යින්ට අවශ්‍ය මාස්ක්, ගොග්ල්ස්, ඒප්ප්‍රන්ස්, ගල්වුස් ආදි අත්‍යාවශ්‍ය ආරක්ෂිත දේවල් ප්‍රමානවත් තරමින් ඔවුන්ට ලබානොදීමය.ඒ වාහි ලොකු හිගයක් පවතී.වසන්හගතය මර්දන යේදී නිසි පිලගත් ප්‍රතිපත්තියක් නැති කම පෙනෙන්න්ට තිබෙන තවත් ලොකු දෝෂයක් ලෙස සැලකිය හැකිය.රෝයල් තෝමියන් බිග් මැච් සිද්දිය,ශ්‍රී පාද වන්දනාව,බලවතුන් පිටරටවල සිටින තමන් ගේ දරුවන් ගෙන්වාගැනීම සදහා විශේෂ ගුවන් ගමන් වෙන්කිරීම,මහජනයා ඒකරාෂි කිරීමට හේතුවන ආගමික උත්සව පවත්වන්නට ඉඩ හැරීම,දබදිව යන වන්දනා කරුවන් කොරන්ටයින් නොකිරීම,විදේෂ රටවලින් ලන්කාවට ඇතුලුවන්නන් සදහා ස්තීර ප්‍රතිපත්තියක් නැති කම ඒ අතර ප්‍රදානවේ.

මැතිවරන කොමසාරිස් වරයා ප්‍රකාෂ කල ආකාරයට නාම යෝජනා ලබා ගැනීමෙන් පසුව මිස ඊට පෙර. මැතිවරනයක් පවත්වනවාද නැද්ද යන්න තීරනය කිරීමේ අයිතිය ක් නොතිබුනේයයි කියන කතාවද හරි කතාවක් ලෙස සැලකිය නොහැකි ය.මෙය ඉතාමත් සුවිශේෂ තට්වක් බව ඔහු සැලකිල්ලට ගතයුත්ව තිබුනි.මෙම වසන්ගත තත්වය දීර්ග කාලයක් පැවතුන හොත් පාරලිමේන්තුවේ අදීක්ෂනයකින් තොර පාලනයක් ඇතිවීමට තිබෙන ඉඩ ඔහු සැල කිල්ලට ගත යුතුව තිබුනි.තීන්දුවක් ගැනීමට ප්‍රස්නයක් තිබුනේ නම් අදිකරනයට ගොස් උපදෙස් ගත යුතුව තිබුනි.ආන්ඩුක්‍රම විවස්තාව විසින්. මැතිවරන කොමසාරිස්ට ලබාදී තිබෙන ස්වාදීනත්වය පැහැදිලි කරමින් ගැටලු සගත අවස්තාවලදී. අදිකරන කටයුත්ත්ක යෙදී අවශ්‍ය අදිකරන නියෝග ලබා ගන්නා ලෙස මීට පෙර අදිකරනය මැතිවරන කොමසාරිස් වරයාට මග පෙන්වීමක් ද කර තිබුනි.(Karunatilake and another v. Dayananda Dissanayake Commissioner of Elections 1999) කොමසාරිස් වරයා කල යුතුව තිබුනේ අදිකරනය ඉදිරියට ගොස් අවශ්‍ය මග පෙන්වීම් ලබා ගැනීමය.

1972 පෙරළියක් කළ ජනවේගය ගැන කතාව

 https://youtu.be/DQ9LJBNaPHw
1972 පෙරළියක් කළ ජනවේගය ගැන කතාව

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි සමන් වගආරච්චි අභාවප්‍රාප්ත වෙයි!

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළ වාමධාරාවේ සිවිල් ක්‍රියාධරයෙකු වූ

සමන් වගආරච්චි අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

කෙටි කලක් ලියුකේමියා රෝග‌යෙන් ‌පෙළුණු ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අභාවයට පත්වන විට වයස අවුරුදු 63 ක් විය.

80 දශකයේ මුල් යුගයේ දී ජවිපෙ පූර්ණකාලීනයෙකු වශයෙන් කටයුතු කළ සමන් එහි ‘සමාජවාදී කලා සංගමයේ’ ලේකම් වරයා වශයෙන් කලා කටයුතු වලට පය තැබුවේ ය. ජවිපෙ ප්‍රකට ‘විමුක්ති ගී’ ප්‍රසංගය රට පුරා ගෙන යෑමට ඔහු විශාල දායකත්වයක් දුන්නේ ය.

පසුව ජවිපෙ දේශපාලනයෙන් ඉවත් වූ ඔහු 'ජනතා කලා සංගමය' ආරම්භ කිරීමට මුල්විය. එමගින් ගුණදාස කපුගේ නන්දන මාරසිංහ ප්‍රමුඛ කණ්ඩායමක් සමග රට පුරා ගී ප්‍රසංගයක් පැවැත්වීය.

පසුකලෙක ‘නිර්මාණ සංවාද කුලකය’ සංවිධානය ආරම්භ කිරීමට ද සමන් වගආරච්චි මුල් විය. නිර්මාණ සංවාද කුලකය මගින් කලාව සම්බන්ධයෙන් රට පුරා සම්මන්ත්‍රණ රාශියක් පැවැත්වීය.

පසුකලෙක එජාප ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට එරෙහිව පෙරට ආ සමන් 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ' ආරම්භක සම කැඳවුම්කරු විය.

සමන් මාධ්‍ය රස්සාවට අත්පොත තැබුවේ අභාවයට පත් ගාමිණී විජේතුංග ගේ මග පෙන්වීම යටතේ 80 දශකයේ මැද භාගයේ පරණ ලංකාදීප දිනපතා පුවත්පතේ සිනමා විචාරකයෙකු ලෙස ය. එකල ඔහු කොළම් තීරු පුවත් පතක් ද එළි දැක්වූයේ ය.

පසුව යුක්තිය පුවත්පතට සම්බන්ධ වූ සමන් වගආරච්චි එහි විශේෂාංග කර්තෘ වරයා ද විය. එවක ලක්බිම පුවත් පත ආරම්භ කරද්දී එහි විශේෂාංග කර්තෘ ධූරයට පත් සමන් පසුව ලේක්හවුසියේ දිණමින පුවත්පතේ කර්තෘ ධූරයට පත් විය.

ඉන්පසුව කලක් ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ජීවත් වූ සමන් වගආරච්චි යළි ලංකාවට පැමිණ ලක්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධූරය බාර ගත්තේ ය. ඉන්පසුව ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධූරය හෙබැවූ සමන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානයේ සමාරම්භකයෙකු ද විය.

වරෙක ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් මධ්‍යම පළාත් සභාවට තරඟ කළ නමුත් පරාජයට පත්විය.

විචිත්‍රවත් මාධ්‍ය ජීවිතයක් සහ මාධ්‍ය ක්‍රියාධර ජීවිතයක් ගත කළ සමන් තම ජීවිත කාලයේ ලංකාවේ මාධ්‍ය කලාව සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් දුන් දායකත්වය ගරු කටයුතු ය. බොහෝ මාධ්‍ය සහ කලා සංවිධාන ආරම්භ කිරීමට මුල් වූ සමන් ඒවා දිගු කාලීනව පවත්වාගෙන යෑමට අපොහොසත් වීම දුර්වලතාවයකි.

අවසන වියපත් වියේදී දුර්ලභව වැළඳෙන ලියුකේමියා රෝගයට ගොදුරු වීමට සිදුවීම අභාග්‍යයකි. නමුත් ඔහු තම පුද්ගලික සහ සමාජීය යුතුකම් කොටස තම රටේ පුරවැසියන් වෙනුවෙන් ඉටුකළා යැයි සතුටු විය හැකි ස්ථානයක සිටිය බව අපට විශ්වාස ය.

(ලංකා ඊ නිව්ස්)

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..