ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළ වාමධාරාවේ සිවිල් ක්‍රියාධරයෙකු වූ
සමන් වගආරච්චි අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
කෙටි කලක් ලියුකේමියා රෝගයෙන් පෙළුණු ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අභාවයට පත්වන විට වයස අවුරුදු 63 ක් විය.
80 දශකයේ මුල් යුගයේ දී ජවිපෙ පූර්ණකාලීනයෙකු වශයෙන් කටයුතු කළ සමන් එහි ‘සමාජවාදී කලා සංගමයේ’ ලේකම් වරයා වශයෙන් කලා කටයුතු වලට පය තැබුවේ ය. ජවිපෙ ප්‍රකට ‘විමුක්ති ගී’ ප්‍රසංගය රට පුරා ගෙන යෑමට ඔහු විශාල දායකත්වයක් දුන්නේ ය.
පසුව ජවිපෙ දේශපාලනයෙන් ඉවත් වූ ඔහු 'ජනතා කලා සංගමය' ආරම්භ කිරීමට මුල්විය. එමගින් ගුණදාස කපුගේ නන්දන මාරසිංහ ප්රමුඛ කණ්ඩායමක් සමග රට පුරා ගී ප්‍රසංගයක් පැවැත්වීය.
පසුකලෙක ‘නිර්මාණ සංවාද කුලකය’ සංවිධානය ආරම්භ කිරීමට ද සමන් වගආරච්චි මුල් විය. නිර්මාණ සංවාද කුලකය මගින් කලාව සම්බන්ධයෙන් රට පුරා සම්මන්ත්රණ රාශියක් පැවැත්වීය.
පසුකලෙක එජාප ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට එරෙහිව පෙරට ආ සමන් 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ' ආරම්භක සම කැඳවුම්කරු විය.
සමන් මාධ්‍ය රස්සාවට අත්පොත තැබුවේ අභාවයට පත් ගාමිණී විජේතුංග ගේ මග පෙන්වීම යටතේ 80 දශකයේ මැද භාගයේ පරණ ලංකාදීප දිනපතා පුවත්පතේ සිනමා විචාරකයෙකු ලෙස ය. එකල ඔහු කොළම් තීරු පුවත් පතක් ද එළි දැක්වූයේ ය.
පසුව යුක්තිය පුවත්පතට සම්බන්ධ වූ සමන් වගආරච්චි එහි විශේෂාංග කර්තෘ වරයා ද විය. එවක ලක්බිම පුවත් පත ආරම්භ කරද්දී එහි විශේෂාංග කර්තෘ ධූරයට පත් සමන් පසුව ලේක්හවුසියේ දිණමින පුවත්පතේ කර්තෘ ධූරයට පත් විය.
ඉන්පසුව කලක් ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ජීවත් වූ සමන් වගආරච්චි යළි ලංකාවට පැමිණ ලක්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධූරය බාර ගත්තේ ය. ඉන්පසුව ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂ ධූරය හෙබැවූ සමන් ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානයේ සමාරම්භකයෙකු ද විය.
වරෙක ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් මධ්‍යම පළාත් සභාවට තරඟ කළ නමුත් පරාජයට පත්විය.
විචිත්‍රවත් මාධ්‍ය ජීවිතයක් සහ මාධ්‍ය ක්‍රියාධර ජීවිතයක් ගත කළ සමන් තම ජීවිත කාලයේ ලංකාවේ මාධ්‍ය කලාව සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් දුන් දායකත්වය ගරු කටයුතු ය. බොහෝ මාධ්‍ය සහ කලා සංවිධාන ආරම්භ කිරීමට මුල් වූ සමන් ඒවා දිගු කාලීනව පවත්වාගෙන යෑමට අපොහොසත් වීම දුර්වලතාවයකි.
අවසන වියපත් වියේදී දුර්ලභව වැළඳෙන ලියුකේමියා රෝගයට ගොදුරු වීමට සිදුවීම අභාග්‍යයකි. නමුත් ඔහු තම පුද්ගලික සහ සමාජීය යුතුකම් කොටස තම රටේ පුරවැසියන් වෙනුවෙන් ඉටුකළා යැයි සතුටු විය හැකි ස්ථානයක සිටිය බව අපට විශ්වාස ය.
(ලංකා ඊ නිව්ස්)
Lanka Journalist's Admin
පවතින දේශපාලන වාතාවරණය පිළිබදව සත්‍ය දැනගැනිම ජනතාවගේ අයිතියකි එය ජනතාවට වාර්තා කිරීම මාධ්‍යවේදීන්ගේ අයිතියක්.
Subscribe to:
Post Comments (Atom)
Popular Post
-
Sunday,26 Jul 2015 වික්ටර් අයිවන් ශ්‍රී ලංකාවේ ආයතන ක්‍රමය සමග එම ආයතන ක්රමයේ මුදුනේ සිටින බොහෝ නාමධාරී පුද්ගලයන් කුණුවී තිබෙන තරම ...
-
නීතිඥවරුන් සහ විනිසුරුවරුන්ගේ පැටිකිරිය නීතිඥවරියක් වන සුගන්ධ්කා වර්ණකුලසූරිය විසින්ම කළ හෙලිදරව්ව
-
1977 පරාජය වෙලා ආසන 8ට බැහැල බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවට ආවේ නිකම්ම නිකන් අත්තනගල්ල මන්ත්‍රිවරිය ලෙසය. ඇයට විපක්ෂ නායක ධුරය හිමි නො...

Popular Posts
-
ඌවතැන්නේ සුමන හිමි ඇතැන්ස් පෞර රාජ්‍යය සම්බන්ධ වූ පෙලෝපොනීසියානු යුද්ධයේ අවසන් භාගයේ දී පමණ (ක්‍රි(වර්ෂ 427 දී පමණ) ප්ලේටෝ ගේ උපත සිදු ව...
-
1960 ජූලි 20 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 151න් ශ්රීලනි පක්ෂය ප්රමුඛ සන්ධානගත වූ පක්ෂ විශිෂ්ට ජයක් අත්කරගන්...
-
ස්ලම්ඩෝග් මිලියනයර් (Slumdog Millionaire) සහ ජුරාසික් වර්ල්ඩ් (Jurassic World) වැනි චිත්‍රපටවල රඟ පෑ භූමිකාවන් හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රසිද...
-
කොළඹ 07, නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබි පුද්ගල මළ සිරුරක් අද (12) උදෑසන 6.45 පමණ පොලිසිය විසින් සොයාගෙන තිබිණ. එසේ මියගොස් සිටි 64 හැවිරි...
-
"එක් ස්වදේශික මහත්මයෙක් නිෂ්ක්‍රීයභාවය පිළිබඳ පැරණි නිර්වාණයක් බුලත් මඩිස්සලයක් ඉවත දමා ඉතා මැනව'යි අනුමත කරන ලද මොඩලයේ එන්...
-
උපාලි ජයසිංහ - ඔබ මෙි කතාව දැනටමත් මෙි සමාඡඡාලයෙන් අහල බලල ඇති. එත් අපි ඒක නැවත ලියන්නෙ යමි මිනිහෙකුගේ සුලු ක්‍රියාවකින් එක් දුක්විදින ඡ...
-
'සන්ඩේ ලීඩර්' පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර පහක් ගතවීම නිමිත්තෙන් ආචාර්ය දයාන් ජයතිලක විසින් 'The Murder of an ...
-
නිදහස ලැබීමෙන් පසු ප්රජාතන්ත්රවාදී දේශපාලන මාවත තෝරාගනිමින් මේ දක්වා එම මාවතේ එක දිගට ගමන් ගත් ආසියානු රටවල් දෙක ලෙස සැල කිය හැක්කේ ලංකා...
-
නදියා ඉපදුණේත් හැදී වැඩුණේත් කෝචෝ ගම්මානයේය. කෝචෝ, උතුරු ඉරාකයේ සිනිජාර් කදුවැටියේ තිබුණු දුෂ්කර ගම්මානයකි. මේ ගම්මානයේ උන් බහුතරය යසිදි ජ...

No comments: