sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » පාර්ලිමේන්තුවට කොකා පෙන්වීම - වික්ටර් අයිවන්

පාර්ලිමේන්තුව නැවත කැදවීම ආන්ඩුව ප්‍රතික්ෂේප කලේය.මැතිවරන කොමසාරිස් වරයා පාර්ලිමේන්තු මැතිවරනය සදහා නාම යෝජනා බාර ගැනීමෙන් පසු රටේ පවතින වසන්ගත තත්වය සලකා පාර්ලිමේන්තු මැතිවරනය දින නියමයක් නැතිව කල් දැමීය.මෙම වසන්ගත තත්වය අවසන් කල හැක්කේ ක්වදාද කියා කිසිවෙකු දන්නේ නැත.එය මාසයක් විය හැකිය.මාස තුනක් විය හැකිය.අවු රුද්දක්ද විය හැකිය.සමහර ව්ට ඊටත් වැඩි විය හැකිය.වසන්ගතය අවසන් කලහැකි දිනය කිසිවකුටත් කිව නොහැකිය.කවදා හෝ වසන්ගතය අවසන්වී පාර්ලිමේන්තු මැතිවරනයක් පවත්වා ප්‍රාජාතන්ත්‍ර ආන්ඩුවක් ඇති කරගැනීම්ට හැකි වෙතොත් ඒ දක්වා රාජ්‍යය පාලනයේ සියලු කටයුතු සිදු වනු ඇත්තේ පාර්ලිමේන්තුවේ අදීක්ෂනයක් නැතිව හිතුවක් කාරී ආකාකාරයටය.

එය ප්‍රජාතන්ත්‍රවාදී අර්තයෙන් යහපත් තතවක් ලෙස සැලකිය නොහැකිය.ආන්ඩුවේ එම දේසපාලන ගැටයට විරුද්ද පක්ෂ පමනක් නොව මැතිවරන කොමසාරිස් වරයා හා කොමිෂද දැන හෝ නොදැන හසු විය.කොරෝනා වසන්ගතය කවදා අවසන් වේද එතෙක් පාරිලිමේන්තුවේ අදීක්ෂනයකට හසු නොවන පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදී අරතයෙන් කෙසේ යුක්ති සහගත වේද කියන බැරෑරුම් ප්‍රස්නය විරුද පක්ෂ වයාපාර සේම මැතිවරන කොමසාරිස් වරයා හා කොමිෂමද මුලුමනින් නොසලකා හරින ලදී.
දෙවන ලෝක මහා යුද්දයේදී 1936 දී තේරී පතවී රාජ්‍ය මන්ත්‍රනසබාව එහි නිලකාලය අවසන් වීමෙන් පසු ඇති වී තිබුන දෙවන ලෝක යුද්ද තත්වය සලාකා විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරනයක් පැවැත්වීමට පුලුවන් කමක් නැති තත්වය සලකා මැතිවරනයක් සදහා නාම යෝජනා බාරගෙන යුද්දය අවසන් වනතෙක් මැත්වරනය කල් දැමුවේ නැත .ඒ වෙනුවට කලේ පරන රාජ්‍ය මන්ත්‍රන සබාවට පවතින්නට ඉඩදී රාජ්‍යය මන්ත්‍රන සබාව මැත්වරනය කල් තැබීමය.එම නිසා යුද්දය අවසන් වී 1947 පාරිලිමේන්තු මැතිවරනය පවත්වන තෙක් රටේ කටයුතු සිදුවූ යේ මැතිවරන නොපව්ත්වා පවත්වාගෙන ගිය රාජ්‍ය මන්ත්‍රන සබාවෙ අදීක්ෂනය ට යටත්වය.

ජනාදිපති වරයා ජාතිය අමතා කල කත්වේදී පාර්ලිමේන්තුව නැවත නොකැද්වීම සාදාරන කරනය සදහා ඉදිරිපත් කරන ලද තර්ක යුක්ති සහත හෝ ප්‍රජාතන්ත්‍රවාදී නැත.වසන්ගත තත්වයක් පැමිනීමෙන් පසු පරලිමේන්තුව කැදවා කරුනු පැහැදිලි කරදී පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරි පත් කලේ නම් එය අනුමත කරනවා හැර පරාජය කිරීමේ හැකියාවක් විරුද්ද පක්ෂයට නැත.ජනාදිපතිවරයාට සේම ආන්ඩුවටද අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුවේ අදීක්ෂනයට යටත් නැති පාලනයක් ප්වත්වාගෙන යාමය.නහයෙන් හඩනවා හැර ඊට බලවත් ලෙස විරුද්ද වීමට අවශ්‍ය කොන්දක් විරුද්ද පක්ෂවලටද නොතිබුනේය.

මෙම වසන්ගත තට්වය ජයගැනීමට අවස්‍ය ප්‍රායෝගික දැකමක් තමන්ට ඇතිබව පෙන්නුම් කිරීමේ හැකිව වත් ඔප්පු කිරීමට හැකිවීනම් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් මොහොතකට අමතක කොට ඇතිවී තිබෙන අබියෝගය පලමුවෙන් ජයගනිමුයි කියා හෝ හිත හදාගැනීමට පුලුවන් කමක් තිබුනි.එහෙත් ආන්ඩුව එහිදීද පෙන්නුම් කර තිබෙන්නෙ අසාරතක බාවයක් මිස සාරතක බාවයක් නොවේ.

යුද්දයකදී ප්‍රදාන වන්නේ යුද්ද හමුදාවය.සැලසුම් සකස් කලයුත්තේද එවා ක්‍රියාවට නැගෙන ලෙස සටන් කල යුත්තේද් ආරක්ෂක හමුදාවනය.එහෙත් වසන්ගත තවයකට එරෙහිව කරන යුද්දයකදී ප්‍රදානත්වය ගත යුත්තේ ආරක්ෂක හ්මුදා නොව වසන්ගත රෝග විශේෂඥයන් දොස්තරවරුන් හෙදියන් ඇතුලු සුව සේවකයින් ය.ආරක්ෂක හමුදාවන්ටද කාර්‍යබාරයක් ඇතත් එය අතිරේක කාර්‍ය බාරයක් පමනය.එහෙත් කොරොනා මරදන වැඩ සටහනේ ප්‍රදාන කාර්‍යබාරය පැවරී තිබෙන්නෙ සුව සේවයේ නිරත අයට නොව ආරජ්ෂක හමුදාවන්ටය.

පෙනෙන්න්ට තිබෙන බයානකම දේවනුයේ රෝහල් පදනම් කරගෙන කොරෝනා මද්‍යස්තාන 18 ක් ඇතිකර ඇතත් වයිද්‍යවරුන්ට,හෙදියන්ට හා සුව සේවක්‍යින්ට අවශ්‍ය මාස්ක්, ගොග්ල්ස්, ඒප්ප්‍රන්ස්, ගල්වුස් ආදි අත්‍යාවශ්‍ය ආරක්ෂිත දේවල් ප්‍රමානවත් තරමින් ඔවුන්ට ලබානොදීමය.ඒ වාහි ලොකු හිගයක් පවතී.වසන්හගතය මර්දන යේදී නිසි පිලගත් ප්‍රතිපත්තියක් නැති කම පෙනෙන්න්ට තිබෙන තවත් ලොකු දෝෂයක් ලෙස සැලකිය හැකිය.රෝයල් තෝමියන් බිග් මැච් සිද්දිය,ශ්‍රී පාද වන්දනාව,බලවතුන් පිටරටවල සිටින තමන් ගේ දරුවන් ගෙන්වාගැනීම සදහා විශේෂ ගුවන් ගමන් වෙන්කිරීම,මහජනයා ඒකරාෂි කිරීමට හේතුවන ආගමික උත්සව පවත්වන්නට ඉඩ හැරීම,දබදිව යන වන්දනා කරුවන් කොරන්ටයින් නොකිරීම,විදේෂ රටවලින් ලන්කාවට ඇතුලුවන්නන් සදහා ස්තීර ප්‍රතිපත්තියක් නැති කම ඒ අතර ප්‍රදානවේ.

මැතිවරන කොමසාරිස් වරයා ප්‍රකාෂ කල ආකාරයට නාම යෝජනා ලබා ගැනීමෙන් පසුව මිස ඊට පෙර. මැතිවරනයක් පවත්වනවාද නැද්ද යන්න තීරනය කිරීමේ අයිතිය ක් නොතිබුනේයයි කියන කතාවද හරි කතාවක් ලෙස සැලකිය නොහැකි ය.මෙය ඉතාමත් සුවිශේෂ තට්වක් බව ඔහු සැලකිල්ලට ගතයුත්ව තිබුනි.මෙම වසන්ගත තත්වය දීර්ග කාලයක් පැවතුන හොත් පාරලිමේන්තුවේ අදීක්ෂනයකින් තොර පාලනයක් ඇතිවීමට තිබෙන ඉඩ ඔහු සැල කිල්ලට ගත යුතුව තිබුනි.තීන්දුවක් ගැනීමට ප්‍රස්නයක් තිබුනේ නම් අදිකරනයට ගොස් උපදෙස් ගත යුතුව තිබුනි.ආන්ඩුක්‍රම විවස්තාව විසින්. මැතිවරන කොමසාරිස්ට ලබාදී තිබෙන ස්වාදීනත්වය පැහැදිලි කරමින් ගැටලු සගත අවස්තාවලදී. අදිකරන කටයුත්ත්ක යෙදී අවශ්‍ය අදිකරන නියෝග ලබා ගන්නා ලෙස මීට පෙර අදිකරනය මැතිවරන කොමසාරිස් වරයාට මග පෙන්වීමක් ද කර තිබුනි.(Karunatilake and another v. Dayananda Dissanayake Commissioner of Elections 1999) කොමසාරිස් වරයා කල යුතුව තිබුනේ අදිකරනය ඉදිරියට ගොස් අවශ්‍ය මග පෙන්වීම් ලබා ගැනීමය.

«
Next
Newer Post
»
Previous
Older Post

1 comments:

  1. පාර්ලිමේන්තුව විසුරුවන අවස්තාවේ මෙවන් තත්ත්වයක් තිබුනේ නැත. ඉන්පසු නාම යෝජනා කැඳවූ පසු නැවත ගැසට් පත හකුලා ගත්තේ නම් කොරෝනා වලට මුවා වී මැතිවරණ පරාජයෙන් ගැලවෙන්නට තැත කරනවා කියන අවලාදයෙන් බේරීම ලේසි පහසු නැත. ඇති වූ තත්ත්වය ජනපතිට වාසියි කියා කිව නොහැක මෙවන් තත්වයක් තුල ජනමතය එහා මෙහා වෙන්නට පහසුය. තවමත් කිසිවකු මිය ගියේ නැත මිය ගියායින් පසු තත්වය වෙනත් මඟක් ගන්නවා ඇත. මැතිවරණ කොමිසමෙන් මෙය කල් දමන බව දැන සිටියත් පාර්ලිමේන්තුව කැඳවීමෙන් වෙන්නේ හැම පියවරකටම විරුද්ධව කතා කියමින් ඒවා වලට උත්තර බඳිමින් කාලය නාස්ති කරන්නටය. 18 19 ගුරු වැඩ වර්ජනයට බයේ පාසල් වලට නිවාඩු දුන්නා වැනි කතා කියන මන්ත්‍රීන් පාර්ල්මේන්තුවට ගෙන්වීමේ ඇති ඵලය කුමක්ද? හැම පියවරකටම එරෙහිව ඔවුන් විවේචනය කරාවි. එතකොට සියල්ල අවුල් වනවා ඇති. මේ වගේ අර්බුදයකදී මේ තත්වය තිබීම පහසුවකි. එය රාජපක්ශලාට කෙටි කාලීන වාසියක් ඇති කරන දෙයක් විය හැකියි. මෙහි ඇති වෙනත් හිතා මතා කළ උප්පරවැට්ටියක් නැත. අන්තිම මොහොතේ සජිත්ට කුප්පිය ඇල්ලූ වික්ටර් අයිවන්ගේ කිඹුලා කොරහේ ඉන්නා බව පැහැදිලිය. අභියෝග වල අතුරු ඵල දේශපාලනයට බලපෑවත්. හිතාමතාම දේශපාලන බිල්ලන් මවන අයිවන් මේ කරන්නෙ සජිත්ගේ කොන්ත්‍රාත්තුවේ ඉතිරි කොටසය.

    ReplyDelete

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..