sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

ඝාතණය කළ මිතුරන් සය දෙනෙකු පිලිබඳ මතක ය.- සිරිමල් විජේසිංහ

ප‍්‍රගීත් එක්නැළිගොඩ - විජය කුමාරණතුංග - දයා පතිරණ - රිචඩ් ද සොයිසා - ලසන්ත වික‍්‍රමතුංග - රෝහණ කුමාර.

කුමන හෝ හේතුවක ට අප මිතුරන් ඝාතණය වීම අතිශය වේදනා ගෙන දෙන්නකි. 88/89 කැරළි සමයෙහි මා මිත‍්‍ර ජවිපෙ සොයුරන් විසිපහක ට වැඩි පිරිසක් මරා දැමිණි. උන් ගේ දේශපාලන මතය හා මා එක`ග නො වුණ ද නීත්‍යානුකූල නඩු පැවරීමකින් තොර ව එසේ ඝාතණ ය කිරීම තිරශ්චීන ය.

මේ කියන්න ට යන්නේ ද අමානුෂික ව ඝාතණය වූ සුවිශේෂී මිතුරන් සය දෙනෙකු ගැන ය.

රෝහණ කුමාරගේ ලිවීමේ කලාව ඔහුගේ යහලුවන් පවා කැමති නො වූ වකි. මාධ්‍ය කලාවෙහි සියලූ සදාචාර සීමාවන් උල්ංඝණය කළ ඔහු මිනිසුන්ගේ පුද්ගලික ජීවිතය ද ඈ දා නිර්ධය ලෙස පහර දුන්නේ ය.

මොන ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබුණ ද සීමාව ඉක්ම වූ කළ අවසානය නියත බව ඔහු ගේ ඝාතණය විසින් අප ට තේරුම් කරන ලදි. එහෙත් ඔහු නිහ`ඩ කරනු වෙනුවට මරා දැමීම කිසිසේත් යුක්ති සහගත නො වේ.

ලසන්ත වික‍්‍රමතුංගගේ ලිවීම් ඉතා නිර්ධය වූ ව ද ඔහු රතු කට්ට පැන්නේ නම් නැත. එහෙත් පාලකයන් සිතු වේ ඔහු තම සීමාව ඉක්ම ගිය බවකි.

රිචඩ් ද සොයිසා අමු අමුවේ මරා දමන ලද්දේ ජවිපෙ කැරළිකරුවන් ට සහය දීම නිසා ය.

දයා පතිරණ සහ විජය කුමාරණතුංග ජීවිතය පිදුවේ සිය දේශපාලන මතය අභීතව, නො වෙනස් ව දරා සිටීම හේතුවෙනි. දෙමළ මුස්ලිම් ජනතාව වෙත දේශපාලන බලය බෙදා දිය යුත්තේ යැයි තරයේ විශ්වාස කළ උන් ඒ වෙනුවෙන් කොන්දේසි විරහිත ව සටන් කළෝ ය. ඒ නිසා ම අවසානයෙහි මරණය නියත විය.

ඔවුනගේ මේ දේශපාලන මත ය කො තරම් නිවැරදි දැයි අප ට පසක් කරවනු ලැබු යේ පසු ව දිග්ගැස්සුනු මහ යුද්ධය ක කුරිරුකම විසිනි.

කල්‍යාණ මිත‍්‍ර ප‍්‍රදීප් එක්නැළිගොඩ නවීන බුද්ධිමතෙකි. ඔහුගේ ලියැවිලි දේශපාලනික ය. සමාජ විද්‍යාත්මක ය. අතුරුදහන් වූ ව ද සැමගේ විශ්වාසය වන්නේ ඔහු ද ඝාතණය වී ඇති වග ය. එහෙත් මරා දමන්න ට තරම් ඔහුගේ ලේඛණ, සීමාවන් ඉක්ම ගියේ නැත. ඔහු විනාශ කර ඇත්නම්, එය එම ලියැවිලි හේතුවෙන් නොව කිහිප දෙනෙකු පමණක් දැන සිටි ඔහුගේ රහසක් අනුන් විසින් පාවා දීම නිසා බව මගේ අදහස යි. එය මෙහි ලිවීම අසීරු ය.

මෙහි රෝහණ කුමාර හැර අන් සියලු ඝාතණ වක‍්‍රකාර ව යුද්ධය හා සම්බන්ධ ය.

මේ ඝාතණයන් ගැන චෝදනා එල්ල වූ යේ පහත අය ට ය.

රෝහණ කුමාර - චන්දි‍්‍රකා කුමාරණතුංග

රිචඩ් ද සොයිසා - ආර්. පේ‍්‍රමදාස

විජය කුමාරණතුංග - රෝහණ විජේවීර

දයා පතිරණ - රෝහණ විජේවීර

ලසන්ත වික‍්‍රමතුංග - ගෝඨාබය රාජපක්ෂ

ප‍්‍රගීත් එක්නැළිගොඩ - ගෝඨාබය රාජපක්ෂ

ඊනියා යුධ ජයග‍්‍රහණය සමරන මේ මොහොතෙහි දී ඒ පිළිබ`ද ව ද මතක් කර ගැනීම වටී.

සිරිමල් විජේසිංහ
Sirimal Wijesinghe







පාර්ලිමේන්තුවේ අමුඩ මාමා

ජන නායකයෙක් වේදිකාවක ජනතාව අමතමින් සිටියි. ඒ සමඟම පසෙකින් ගැබ්බර වූ මවක් විලිරුදාවෙන් කෑ ගසයි. අසල රික්ෂෝ දෙකක් තිබුනද ඇයව රෝහල වෙත ගෙන යාමට එකදු මිනිසෙකු පියනැංගේ නැත. මෙම ජන නායකයා වේදිකාවෙන් බැස රික්ෂෝවේ එම මව තබා ඇයව රෝහල වෙත ගෙන ගියේය. ඊට පිටුපසින් ජනතාව ජයවේවා! ජයවේවා! යැයි කෑමොර දුන්නේය. අවසානයේදී මවත් ඇයගේ දරුවාත් බේරා ගැනීමට හැකිවිය. මෙම ක්‍රියාව නිසා මෙම ජනනායකයාගේ ජන්ද ව්‍යාපාරය සාර්ථක විය.
විජයානන්ද දහනායක මහතා

 දේශපාලනයේ බලය අයුතු ලෙස යොදා ගත් සමාජයේ මොහු සැමට ආදර්ශවත් චරිතයක් විය. මෙතුමා නමින් ආචාර්ය විජයානන්ද දහනායක මහතා ය. වරෙක පාසල් ලමුන්ට කන්න බනිස් දී බනිස් මාමා යැයි මොහුට කීවේය. තවත් විටෙක රෙදි මිල ඉහළ යෑම නිසා අමුඩයකින් සැරසී පාර්ලිමෙන්තුවට යෑම නිසා අමුඩ මාමා යන නම පටබැදුනේය. මේ ඔහුගේ කතාවයි.




 මොහු මූලික අධ්‍යාපනය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ලත් අතර වැඩිදුර අධ්‍යාපනය සදහා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ගියේය. ඉන්පසු ඉංග්‍රීසි අභ්‍යාස විද්‍යාලයෙන් ගුරුවරයෙකු ලෙස පුහුණුව ලැබ වෘත්තිය ජීවිතය ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් ආරම්භ කලේය. ගුරුවරයෙකු ලෙස කලක් සේවය කර මෙතුමා දේශපාලනයට පැමිණියේ ය.

 1938 වන විට ගාල්ල නගර සභාවේ පාලනය  ඒකාධිකාරයක්ව පැවතුනි. සමාන්‍ය ජනතාව භය කර බදු අය කර ගැනීම එකල බොහෝ විට සිදුවිය. මේවාට විරුද්ධව කතා කිරීමට කවුරුවත් ඉදිරිපත් වූයේ නැත. මෙවන් වාතවරණයකදී දහනායක මහතා හා ඔහුගේ සගයෝ කිහිප දෙනෙක් සමඟ මිනී පෙට්ටි රැගෙන එහි කළු පැහැති කොළ අලවා විලාප කියමින් විරෝධතාවය පෑවේය. මෙම විරෝධතා ව්‍යාපාරය ඉතා සාර්ථක වූ අතර කෙටි කලකින් ගාල්ල නගර සභාව විසුරුවා හැරියේය. ඉන්පසු එහි ජන්දයට ඉදිරිපත් වූ දහනායක මහතාට එහි නාගරික සභිකයෙකු ලෙස තේරීප්ත් වීමට හැකිවිය. 1939 පැවැත්වූ ජන්දයෙන් ගාල්ලේ පලමු නගරාධිපති ලෙස පත් විය. ගාල්ල නගර සභාව ක්‍රමක්‍රමයෙන් නගා සිටවූ ඔහු ජනතාවගේ ආකර්ෂණය නොමදව දිනා ගත්තේය.



දහනායක මහතා වෙනුවෙන් නිකුත් වූ මුද්දරයක්
 1944 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බිබිල ආසණයට මොහු තර්ඟ කලේය. මොහු ජන්ද ප්‍රචාරණය සදහා මුදල් වියදම් කලේ නැත. තම එකම ජාතික ඇදුමෙන් සැරසී ගමින් ගමට ගියේය. මිනිසුන් ගැවසෙන නාන ලිදවල් හමුවූ විට ඔහු එතැනම නෑවේය. ඉන්පසු තම ඇදුම වේලෙන තුරු එතැන සිටි මිනිසුන් සමඟ දොඩමළු වූයේය. එමගින් ඔහුට ජනතාවගේ ආකර්ෂණය නොඅඩුව ලැබුනේය. 1947 දී ලංකා සමසමාජ පක්ෂයෙන් ගාල්ල ආසණයට , සතයක්වත් වියදම් නොකර තරඟ කල මොහු ජයග්‍රහණය කලේය. මොහු දේශපාලන රැස්වීම් වලදී කීවේ " මට පුලුවන් උනා හොදට සල්ලි තියෙන ගහක් හොලවලා මිනිසුන්ට ඒවා ඇහිදගන්න පුලුවන් වැඩපිළිවෙලක් සකස් කරන්න." දහනායක මහතා මෙසේ සල්ලි ගස කීවේ බිබිල ආසනයට ඔහු හා තරඟ කෙරූ පුද්ගලයා ගැනයි.

 1956 දී බණ්ඩාරණායක රජයේ අධ්‍යාපන ඇමති ධූරය හෙබවූයේය. ආර්ථික අර්බුධ හේතුවෙන් කලක් පාසල් ලමුන්ට ලබාදුන් දිවා ආහාරය නතර කර තිබුනි. දහනායක මහතා පාසල් ලමුන්ට බනිස් දීමට මෙම කාලයේදී ක්‍රියා කල නිසා මොහුට බනිස් මාමා යැයි ව්‍යවහාර විය.




1962 වසරේ පමණ රෙදි මිල අධික ලෙස වැඩිවූයේය. ඒ නිසා රෙදිපිලි අලෙවිය රජය යටතට ගැනීමට කටයුතු කලේය. රෙදි අලෙවිය කලේ සතොස ආයතනයයි. රෙදි හිගවූ නිසා පාරිභෝගිකයන් පීඩාවට පත් විය. මීට විරෝධය දැක්වූ දහනායක මහතා පාර්ලිමේන්තුව දක්වා අමුඩයෙන් සැරසී ගියේය. එමනිසා මොහු අමුඩ මාමා ලෙස ප්‍රකට විය.




අමුඩ මාමා
අද සිටින දේශපාලනඥයින්ට දහනායක මහතා ඉතා හොද ආදර්ශයකි. මෙතුමා රජයෙන් වාහනයක් ලැබෙන තුරු ගමන් ගත්තේ බසයෙනි. ලංකාවේ පස්වෙනි අගමැති ලෙස මෙතුමා පත්විය.

 බලය නිසාවෙන් මොහු
ජනතාවගෙන් තරමක් දුරස් වූවාදෝ යැයි සිතේ. 1960 මාර්තු මැතිවරණයේදී ගාල්ල ආසනය පරාජය වූයේ මෙතුමා අගමැති පදවියේ සිටියදීමයි. 1989 දී දේශපාලන ජීවිතයෙන් මෙතුමා විශාම ගත්තේය.

උපුටා ගැනිම - https://wasithaya.blogspot.com/2016/08/blog-post_27.html

මාධ්‍ය නිදහස් සම්මාන ලාභිනියක හා අහඹු හමුවක් ගැන අමුතු කතාවක්.

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය හෙවත් World Press Freedom Day යෙදී තිබුණේ ඊයේටය. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම්කරන ලද දිනයකි. ඔවුන් මේ දිනය සමරන්නේ කිසියම් රටක දී ජනමාධ්‍ය නිදහසට අදාළ 'ගෝලීය සම්මන්ත්‍රණයක්' සංවිධානය කරමින් හා යුනෙස්කෝ/ගිලර්මෝ කානෝ ලෝක ජන‍මාධ්‍ය නිදහස් ත්‍යාගය (UNESCO/Guillermo Cano World Press Freedom Prize) ප්‍රදානය කරමිනි.
එහෙත් මේ ඒ ගැන නොවේ.
මෙය ඊට වඩා පරණ කතාවකි. එහි මුල් කොටස බොහෝ දෙනෙක් දනිති.
එහෙත් එහි දෙවැනි කොටස ඉතාම සීමිත පිරිසක් පමණක් දන්නා පෞද්ගලික අත්දැකීමකි.

2006 වසරේ මෙම සැමරුම පැවැත්වීමට යුනෙස්කෝව විසින් තෝරාගනු ලැබුවේ ශ්‍රී ලංකාවයි. තෙදිනක සැමරුම අරඹමින් 2006 මැයි 02වැනි දා කොළඹ ප්‍රධාන හෝටලයක පැවැති සම්මාන රාත්‍රියට දෙස් විදෙස් මාධ්‍යවේදීහු, රාජ්‍ය තාන්ත්‍රිකයෝ හා සම්භාවනීය අමුත්තෝ සහභාගී වෙමින් සිටියහ. අපි ද ඒ අතර වීමු. එහෙත් උළෙල ආරම්භයේදීම වාගේ අප වෙත ආවේ නරක ආරංචියකි. අප එහි ඉන්නා අතරවාරයේ රටේ අනෙක් කොනේ ජනමාධ්‍ය ආයතනයකට මාරාන්තික ප්‍රහාරයක් එල්ලවී තිබිණි.

කොළඹ දී යුනෙස්කෝව හා ආණ්ඩුව එකතු වී මාධ්‍ය නිදහස් දිනය සමරන විට ඊට සමාන්තරව යාපනයේ දී උදයන් පුවත්පත් කාර්යාලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර එහි සේවකයින් දෙදෙනකු ඝාතනය කරමින් මාධ්‍ය නිදහස සමරා තිබිණි.
ආරංචිය ලද සැණින් ඒ ගැන උත්සව සභාව දැනුවත් කර අපේ විරෝධය පළකළ අප උළෙල වර්ජනය කරමින් නැගිට ඒමට තීරණය කළෙමු. ඒ වසරේ ලෝක මාද්‍ය නිදහස් ත්‍යාගයට හිමිකම් කී ලෙබනන් රූපවාහිනී ජනමාධ්‍යවේදිනියකවූ මේ ෂිඩියැක් (May Chidiac) ද සිය සම්මානය ලැබීමේ බලාපොරොත්තුවෙන් උත්සව සභාවේ සිටියාය. 2005 වසරේ කාර් බෝම්බ ඝාතන තැතකින් මරණාසන්න තුවාල ලබා දිවි ගලවාගත් නමුත් ඇය සිටියේ ඒ අනතුරින් රෝද පුටුවකට සීමාවුණු තත්ත්වයකය. උළෙල මුළුමනින් කඩාකප්පල් කිරීමේ අරමුණක් නැතත්, සහෝදර මාධ්‍ය ආයතනයකට මාරාන්තික ප්‍රහාරයක් එල්ලවී තිබිය දී, මෙබඳු ප්‍රහාර නවත්වන්නට කිසිදු සාධාරණ උත්සාහයක් නොදරන, එපමණක් නොව ඒ ප්‍රහාරවලට ආධාර හා අනුබලද දෙන ආණ්ඩුවක් සමග මාධ්‍ය නිදහස සැමරීමට අපට නොහැකි බැවින්, ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන නියෝජනය කරන අප උත්සව සභාවෙන් පිටව යන බවත්, එහෙත් මේ අවාසනාවන්ත තත්ත්වයට කිසිදු අයුරකින් සම්බන්ධයක් නැති සහෝදර මාධ්‍යවේදිනිය ලබන්නට යන ඇගයීමට අපේ සුබපැතුම් එක්කරන බවත් පවසා අපි උත්සව සභාවෙන් පිටව ආවෙමු.
ඒ වනවිට අපට සිද්ධිය සම්බන්ධයෙන් ලැබී තිබූ තොරතුරු මත පිහිටා අප සියල්ලන් වෙනුවෙන් මේ ප්‍රකාශය සුනන්ද විසින් සිදුකරන ලද අතර, (මතක හැටියට) පෝද්දල, කනේසන්, කසුන්, අතුල, මංජුල, කොත්තිගොඩ, අමීන්, මුසම්මිල්, කමල්, අජිත් සමරනායක, අජිත් සෙනෙවිරත්න, නුවන් ලියනගේ, ධර්මසිරි සුනන්ද හා මා ද ඇතුළු (සියලු නම් මතක නැතිවීම/නිවැරැදි නොවීම ගැන කමන්න) පිරිසක් මෙසේ උළෙලින් නැගිට ආවෙමු. විදෙස් ජනමාධ්‍යවේදීන් අපේ විරෝධයට සම්බන්ධ කරගන්නට අපට අවශ්‍යතාවක් නොවුණු මුත් එවකට ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ) සභාපතිවරයා වූ ක්‍රිස්ට්‍රෝපර් වොරන් ද අප සමග නැගිට ආවේය.
මේ කතාවේ බොහෝ දෙනෙක් දන්නා කොටස එයයි.

දැන් කිහිප දෙනෙක් පමණක් දන්නා අත්දැකීමට එමු.
2009 වසරේ සිට රටින් බැහැරව දිවිගෙවන මම 2010 වසරේ දී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) නියෝජනය කරමින් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ පැවැති ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාව (IMS) විසින් සංවිධානය කරන ලද මාධ්‍ය කතිකාවකට සහභාගී වීමි. මා ඇතුළු සිව් දෙනෙක් පමණ සංවාද සභාව ඇමතූ අතර, මේ කියන දවසින් වසර 4කට පෙර ශ්‍රී ලංකාවේදී සම්මානයට පාත්‍ර වූ මේ ෂිඩියැක් ද ඊට ඇතුළත් වූවාය.
මා ලංකාවෙන් බව දැනගත් ඇය සංවාද සභාවෙන් අනතුරුව මා හා කියාසිටියේ තමන්ට ශ්‍රී ලංකාව පිළිබඳ සිත් රිදවන මතකයක් තිබෙන බවය. තමන්ට 'ජාත්‍යන්තර ජනමාධ්‍ය නිදහස් සම්මානය ලැබෙන උත්සවයේ දී එය වර්ජනය කරමින් ලංකාවේ මාධ්‍යවේදීන් පිරිසක් සභාවෙන් පිටව යාම' ඒ 'අප්‍රසන්න, සිත් රිදවන සිදුවීම' විය.
මා ද එදා නැගිට ගිය කණ්ඩායමේ සාමාජිකයකුව සිටි බව මා කී විට කැළැඹීමට පත් ඇය වේදනාවෙන් විමසුවේ ''ඇයි ඔයාල මට එහෙම කළේ?" කියාය.
තමන් ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් සම්මානයෙන් පිදෙන උළෙල දවසේ ඒ රටේ ජනමාධ්‍ය සමාජය තුළ සිදුවූයේ කුමක්දැයි ඇය වසර හතරක් තිස්සේ නොදැන සිටීම ගැන මා තුළ ද විමතියක් ඇති වුවත්, මම ඇයට මුළු සිදුවීමම යළිත් පැහැදිළි කරමින් මෙසේද කීවෙමි. "අපි පිටවෙලා යන්න කලින් එදා මේ කතාව බොහොම පැහැදිළිව කිව්වනෙ. අපි ඔයාට සුබපතල, ඉන්න නොලැබීම ගැන කණගාටුවත් ප්‍රකාශ කරලයි පිටවුණේ." එසේම ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් සම්මාන ලබන කෙනෙකුට මේ තත්ත්වය තේරුම් ගන්නට හැකිවන්නට ඇතැයි අප බලාපොරොත්තු වූ බවද කීවෙමි.

"ඔව්, ඔයාල පිටවෙන්න කලින් ඒ කියපු දේ මං අහගෙන හිටියා." තරමක් ව්‍යාකූල වූ ඇය කීවා ය. "ඒත් එදා එතන හිටපු අනිත් හුඟක් අය ඔයාලටයි, ඔයාල කරපු දේටයි දොස් කිව්වා." අවසන මා තේරුම් ගත්තේ ඇය තමන් සම්මාන ලද උළෙලේ දී සිදුවූ ජනමාධ්‍යවේදීන්ගේ ම විරෝධ්‍ය දැක්වීමක් ගැන කල් අල්ලා හිටින අදහසකට අඩිතාලම දමාගෙන ඇත්තේ ඒ විරෝධතාව දැක්වූ මාධ්‍යවේදීන් ඍජුව කී දෙයින් නොව, ඔවුන් පිටව ගිය පසු ඉතිරි වූ පිරිස් විසින් කියන ලද දෙයින් බව ය. අඩුම තරමේ ඇය පසුවට හෝ ඒ සිදුවීම ගැන සොයානොබැලුවාදැ'යි මම මවිත වීමි.

''අපි එදා එතනින් පිටවෙලා ගියාට පස්සේ එතැන ලංකාවෙ අය කියල ඉතිරි වුණේ ආණ්ඩුවෙ දේශපාලකයො ටිකයි, නිලධාරීන් ටිකයි, එයාලට පක්ෂපාතී මාධ්‍යකාරයො ටිකකුයි විතරයිනෙ. ඉතින් ඒ වගේ පිරිසක් කියන දෙයකින් නිගමනයකට එළැඹෙන එක හරි කියල ඔයා හිතනවද?"
ඇය ඊට නිශ්චිත පිළිතුරක් නොදී සිනාසුණා ය.

කෙසේ වෙතත්, දැන් මේ සිදුවීමෙනුත් දශකයක කාලයක් ඉක්ම ගොසිනි.

සනත් බාලසූරිය - Sanath Balasooriya

වසංගතය රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිලිගනීද? - වික්ටර් අයිවන්

නිදහස ලැබීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මාවත තෝරාගනිමින් මේ දක්වා එම මාවතේ එක දිගට ගමන් ගත් ආසියානු රටවල් දෙක ලෙස සැල කිය හැක්කේ ලංකාව හා ඉන්දියාවය. ඉන්දියාවට නිදහස් අරගලයට නායකත්වය දුන් ඉන්දියානු ජාතික කොන්ග්‍රසය ආරම්භ කල මුල් කාලයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරි දැක්මක් තිබුණි. ගාන්ධි එම කොන්ග්‍රසයේ නායකත්වය ගැනීමෙන් පසු කොන්ග්‍රසයේ ප්‍රජාතන්ත්‍රවාදී දැක්මේ ඉතා දියුනු වර්ධනයක් ඇති වී යයිද කිවහැකිය. කොන්ග්‍රසය බලවත් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වෙනුවෙන් පෙනී සිටි අතර ඒවා සමාජගත කිරීමෙහිලා ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටුකලේ යැයිද කිවහැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානයක් නොතිබුනු. 1936 තරම් ඈත කාලයේදීත් එයට මානව හිමිකම් සදහා වන දියුනු තමන්ගේම වන ප්‍රක්ඤප්තියක් තිබුණි.

ප්‍රජාතන්ත්‍රවාදී අර්තයෙන් ලංකාවේ නිදහස් ව්‍යාපාරය එවැනි දියුනු තත්වයක තිබුනු ව්‍යාපාරයක් නොවීය. එම ව්‍යාපාරයේ සමහර නායකයින් බටහිර රටවලින් අද්‍යාපනයක් ලැබූ අය වුවද ඔවුන් අත‍ර දියුනු ලිබරල් දැක්මක් තිබූ අය නොවූහ. ඒ.ඊ ගුනසිංහ හැර නිදහස් ව්‍යාපාරයේ සියලු නායකයින් සර්වජන ඡන්ද බලය ලබාදෙනවාට පවා විරුද්ද විය.

දෘෂ්ටිමය අර්තයෙන් ගත් විට ඉන්දියානු නායකයින් සමග ගත් විට ලංකාවේ නායකයින් සිටියේ ඉතාමත් පසුගාමි තත්වයක වුවද එම සීමිතකම තිබියදීත් ලංකාව ගමන් ගත්තේද අඩුපාඩුකම් තිබියදීත් ප්‍රජාතන්ත්‍රවාදි මාවතේය. ලංකාව හමුදා කුමන්ත්‍රන දෙකකට හා සන්නද්ද කැරලි තුනකට මුහුන දුන්නද ලංකාව ගමන් ගනිමින් තිබූ ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ වෙනසක් ඇතිකිරීමට ඒ කිසිම සන්සිද්දියක් හේතු වූයේ නැත. නිදහසින් පසු ලංකාව බිහිකල බලවත්ම රාජ්‍යය නායකයින් දෙදෙනෙකු ලෙස සැලකිය හැකි පලමුව ජනාදිපති ජයවර්දන විසින්ද ඉන් පසුව ජනාදිපති මහින්ද රාජපක්ෂ විසින්ද දීර්ගකාලින ඒක පාක්ෂික පාලනයක් ඇති කිරීමට උත්සහා කලද ඔවුන්ට ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමට හැකිවූයේ නැත.

ඒකාධිපති අපේක්ෂා
පසුගිය ජනාධිපතිවරනය අවස්ථාව වන විට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය තිබුනේ ශක්තිමත් තත්වයක නොව හොදටම ගරා හැලුනු තත්වයකය. ඒ කෙරෙහි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය ශක්තිමත් පදනමක පිහිටා ඇතිකරගෙන නොතිබීම, ක්‍රමය නිසි ලෙස නඩත්තු නොකිරීම, විටින් විට බලයට පත්වන පාලක පක්ෂ විසින් බලලෝබි අරමුණු වෙනුවෙන් ව්‍යවස්ථාව උල්ලංගනය කිරීම හා විකෘර්ති කිරීම, 1978 න් පසුව රාජ්‍යය පාලනය පොදු දේපල කොල්ල කන ක්‍රමයක් බවට හරවා ගැනීම වැනි සාදක බලපා තිබුණි.

දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබුන විකෘර්තීන් හා අවලස්සන සොබාවය ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි මහජනයා අතර පැවති විශ්වාසයේද ලොකු බිදවැටීමක් ඇති කිරීමට හේතුවී තිබුණි. ඒ සමාජ වටා පිටාව තුල රටට ආදරේ කරන හිත හොද ඒකාදිපති පාලකයෙකු රටට අවශ්‍යයි කියන අදහසක්ද මහජනයා අතර පැතිර යමින් හා සූක්ෂම ලෙස පතුරුවා හරිමින්ද තිබුණි. එම අරමුණට ගැලපෙන හොදම පුද්ගලයා ලෙස රටට රෲජු ලෙස හා අනියම් ලෙස හදුන්වාදෙමින් තිබුනේ ගෝටාභය රාජපක්ෂය. ආරක්ෂක ලේකම් වශයෙන් එල්ටීටීඊයට එරෙහිව කරනලද යුද්දයේදී හා යුද්දයෙන් පසු කොලඹ නගරය අලංකාර කිරීමෙහිලා ඔහු ඉටුකරන ලද කාර්‍යය බාරයද ඔහුගේ දෙශපාලන ප්‍රතිරූපය ගොඩනැගීමෙහිලා යොදා ගනිමින් තිබුන බවද පෙනෙන්නට තිබුණි.

ගෝටාබය ගේ ජයග්‍රහනය වෙනුවෙන් සිංහල බොදු මනස සකස්කිරීමෙහිලා වසර දෙක තුනක් තරම් කාලයක් තිස්සේම ක්‍රියාත්මකවු බලවත් ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ අතර එම ව්‍යාපාරය ගෝටාබයගේ ප්‍රති රූපය ගොඩනග මින් තිබුනේ දෙමල හා මුස්ලිම් ග්‍රහනයෙන් සිහල බොදු ජනතාවත් රටත් ගලවා ගැනීම පිනිස පහලවන වීරයා වශයෙනි.

19 අවුල
19 වැනි සංශෝධනය මගින් ජනාදිපතිට තිබූ විධායක බලය අහිමි කොට ජනාදිපති නාම මාත්‍රික ජනාදිපති වරයෙකු ගේ තත්වයට පත් කර තිබූ අවස්ථාවකදී ඒ බව නොසලකා ගෝටාබය ජානාදිපති අපේක්ෂකයා ලෙස කරලියට ගැනීම ගෝටාබය බලයට පත්කිරීම සදහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහනට ආවේනික තවත් වැදගත් ලක්ෂනයක් විය.

1978 දී ජනාධිපති කේන්ද්‍ර කරගත් අණ්ඩු ක්‍රමයකට මාරුවන්නට පෙර ලංකාවේ තිබුනේ. බ්‍රිතාන්‍ය අකෘතියේ පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් ආණ්ඩු ක්‍රමයකි. ඒ කාලයේදී ජනාධිපති ගේ තත්වය බ්‍රිතාන්‍යයේ ව්‍යවස්ථානුකූල රජ තුමාගේ තත්වයට සමානය. පාලන බලයේ නියම කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබුනේ පාර්ලිමේන්තුවෙන් තේරීපත්වන අගමැති මුල්කරගත් කැබිනට් මන්ඩලයයි.

1978දී ජනාදිපති කේන්ද්‍ර කරගත් ආණ්ඩු කමයක් ඇති කරගැනීමත් සමග රාජ්‍යය බලයේදී පාර්ලිමේන්තුවට ලැබෙන වැදගත්කම දෙවැනි වී ජනාධිපතිවරයා රාජ්‍යය බලයේ කෙන්ද්‍රස්ථානය බවට පත් විය. නැවත ඉන් වසර 37 කට පසුව 19 වැනි සංශෝධනය නිසා රාජ්‍යයේ කේන්ද්‍රීය බලය ජනාධිපති වෙතින් ඉවත් කොට ජනාධිපති නාමමාත්‍රික ජනාධිපති වරයෙකුගේ තත්වයට පත් කොට පාර්ලිමේන්තුවෙන් තේරී පත්වන අගමැති ප්‍රමුක කැබිනට් මන්ඩලය රාජ්‍යය බලයේ ප්‍රදාන කේන්ද්‍රස්ථානය බවට පත් කලේය.

එහෙත් එම සංශෝධනය මගින් නාම මාත්‍රික ජනාධිපති තෝරාපත් කරන ක්‍රමයේ ඊට ගැලපෙන වෙනසක් ඇති කලේ නැත. සාමාන්‍යෙන් නාම මාත්‍රික ජනාධිපති වරයෙක්. තෝරා පත්කර ගනු ලබන්නේ අගමැතිවරයා විසින් හෝ ඉන්දියාවේ මෙන් ඡන්ද බල මණ්ඩලයක් මගිනි. බලය අහිමි කරනු ලැබූ නාම මාත්‍රික ජනාධිපති තෝරාපත් කරගැනීමට ප්‍රතිපාදන සලසා තිබුනේද විධායක බලය තිබූ ජනාධිපති තෝරා පත් කරගන්නා ක්‍රමයටමය. එනම් මුලු රටම එක ඡන්ද කොට්ඨාශයක් ලෙස සලකා පවත්වනු ලබන මැතිවරණයකිනි. මෙය බලවත් දෝෂයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

නීතිය හා බලය
ජනාදිපතිවරයා තෝරා පත් කරගැනීම සදහා පැවති මැතිවරණයෙන් සිංහල බොදු ඡන්ද මත පමණක් පදනම් වී කැපී පෙනෙන ජයග්‍රහනයක් හිමිකර ගැනීමට ගෝටාබය රාජපක්ෂ සමත් විය. නව ජනාධිපති වරයා තෝරා පත් කරගත්තේ මුලු රටම ඡන්ද කොට්ඨාශයක් ලෙස සලකා පවත් වනු ලැබූ මැතිවරණයකින් වුවද නීතියෙන් නියම කර තිබුන බලය අනුව නව ජනාධිපති වරයාට තිබෙනුයේ විධායක බලයක් තිබූ ජනාධිපතිවරුන්ට තිබුන බලයට සමාන බලයක් නොව නාම මාත්‍රික බලයකි. එහෙත් නව ජනාධිති වරයාට ඡන්දය පාවිච්චිකල වැඩි පිරිසකට 19 වැනි සංශෝධනය නිසා බලතල විෂයෙහි ඇතිව තිබුන විපර්‍යාසය ගැන හරි අවබෝදයක් තිබුනේ නැත. නව ජනාධිපති වරයාට පරන ජනාධිපති වරුන්ට තිබුන බලයට සමාන බලයක් තිබෙනවා කියා ඔවුන් විශ්වාස කල බව පෙනේ.

ගෝටාබය රාජපක්ෂට හා ඔහු බලයට පත් කිරීම සදහා ක්‍රියා කල දේශපාලන යාන්ත්‍රනය අවශ්‍ය වුයේ රාජ්‍යයේ කේන්ද්‍රීය බලය අල්ලා ගැනීමට නම් ගෝටාබය තරග කල යුතුව තිබුනේ නාම මාත්‍රික බලයක් පමණක් තිබෙන ජනාධිපති දූරය සදහා නොව 19 වැනි සංශෝධන යෙන් කෙන්ද්‍රීය බලය පවරා තිබූ අගමැති දූරය සදහාය. එහෙත් ගෝටාබය රාජපක්ෂ සේම ඔහු බලයට පත්කල දේශපාලන යාන්ත්‍රනයද උනන්දුවක් දැක්වූයේ රාජ්‍යය බලයේ කේන්ද්‍රිය බලය හිමි තනතුර අල්ලා ගැනීම සදහා නොව නාම මාත්‍රික බලයක් පමණක් තිබූ තනතුරක් අල්ලා ගැනීම සදහාය.

එය බලතල විෂයෙහි ඇතිව තිබූ වෙනස් කම් තේරුම් නොගැනීම නිසා සිදුවුවක් ද නැතිනම් උපාය මාර්ග හේතු නිසා හිතා මතා කල දෙයක්ද යන්න පැහැදිලි නැත. එහෙත් නීතියෙන් නියම කල බලයක් නැති තනතුරක් අල්ලාගෙන. එම තතුරට නීතියෙන් නියම කල බලයක් නැතිව නැති බලයක් ආරෝපනය කරගැනීම මගින් බලය ලබාගැනීමේ අරමුනින් කරන ලද්දක් නම එය සැලකිය හැක්කේ සරල වරදක් ලෙස නොව බරපතල වරදක් ලෙසය

කෙලවර කුමක්ද?
කොරෝනා වසංගතය ව්‍යවස්ථාවෙන් නියම කර තිබෙන ආකාරයට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය නොහැකි තත්වයක් ඇති කර තිබෙන බව හොදටම පැහැදිලිය. නීතියෙන් නියම නොකල කල් තියා කිව නොහැකි, අසාමාන්‍ය දේවල් ඉතාමත් කලාතුරකින් සිදුවිය හැකිය. එවැනි අවස්තාවලදී එම තත්වයට මුහුන දීම සදහා අවශ්‍ය කරන නීති හා ප්‍රතිපත්ති සෑදීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන නිසාත් පරණ පාර්ලිමේන්තුව කැදවීමේ බලය ජනාධිපතිට ඇතත් එසේ නොකරන බව ජනධිපති ප්‍රකාශ කර තිබෙන නිසාත් මේ ප්‍රශ්නයට විසදුමක් දීමේ හැකියාව පාර්ලිමේන්තුවට නැත. ජනාධිපතිට නීති සම්පාදන බලයක් නැති නිසා ජනාධිපතිටද ප්‍රශ්නයට විසදුමක් දිය නොහැකිය. දැන් ප්‍රශ්නයට විසදුමක් ලබාදීමේ වගකීම පැවරී ඇත්තේ අධිකරණයටය.

අර්බුදයට විසදුමක් ලබා ගැනීම සදහා අධිකරණය ඉදිරියට යාමේ හැකියාව මැතිවරණ කොමිෂමටද තිබුණි. ඒ සදහා මැතිවරණ කොමසාරිස් වරයාට මග පෙන්වීම් ලබා දෙන ඉතා වැදගත් අධිකරණ තීන්දුවක් ද තිබුණි. කොමිෂම එම වගකීම අවිදිමත් ලෙස ජනාධිපති මත පටවා අධිකරණය ඉදිරියට යාමෙන් වැලකී සිටියේය. ජනාධිපතිවරයාද කොමිෂමේ මග පෙන්වීම අනුව අධිකරණය ට ගියේ නැත. පරණ පාර්ලිමේන්තුවද නැවත කැදවීමෙන් වැලකී සිටියේය. විරුද්ද පක්ෂද අධිකරණය ඉදිරියට යාමට උනන්දුවක් දැක්වූයේ නැත.

අවසානයේ ප්‍රශ්නය අධිකරණය ඉදිරියට යනු ඇත. ඒ සමග අධිකරණය තියුනු උරගා බැලීමකට ලක්වනු ඇත. එය ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය හා සාධාරණත්වය තියුනු උරගා බැලීමකට ලක්කෙරෙන අවස්තාවක් වනු ඇත. සියලු පාර්ශව වලට පිලිගත හැකි නීතියට අනුකූල සාධාරණ හා ප්‍රායෝගික විසදුමක් සොයා ගැනීමට නොහැකි වෙතොත් ලංකාව වසංගත තත්වයක් තුල අරාජිකත්වයකට ගිය රටක් ලෙස ඉතිහාසයට එකතුවනු ඇත.

වික්ටර් අයිවන්

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..