කොළඹ 07, නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබි පුද්ගල මළ සිරුරක් අද (12) උදෑසන 6.45 පමණ පොලිසිය විසින් සොයාගෙන තිබිණ.
එසේ මියගොස් සිටි 64 හැවිරිදි පුද්ගලයා තමන්ගේ මරණයට පෙර සිය සහෝදරයාට ලියන ලදැයි කියන අවසන් ලිපියක් පොලිසිය විසින් සොයා ගෙන ඇත. තමන් විසින් මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් සමාව අයදින බවද එහි සඳහන් කොට තිබේ.
පොලිසිය පවසන පරිදි එම ලිපියේ ඇති කරුණු අනුව තමන්ට ඇතිවී තිබෙන රෝගී තත්ත්වයක් හේතුවෙන් සියදිවි නසා ගන්නා බවට ඔහු එම ලිපියේ සඳහන් කර ඇත.
සිය නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කළ තැනැත්තිය තමාව රැකබලා ගැනීම උදෙසා ඇය වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් බැංකු ගිණුමක තැන්පත් කර ඇති බවත් කොවිඩ් 19 වසංගතය මර්ධනය සඳහා පිහිටුවා ඇති ජනාධිපති අරමුදලට ද රුපියල් ලක්ෂ 05 ක මුදලක් බැර කළ බවට එම ලිපියෙහි සඳහන් වේ.
2019/20 වර්ෂය සඳහා පියවීමට ඇති ආදායම් බදු ද තමන් විසින් ගෙවා ඇති බවත් සිය අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් පියවීමට උත්සහ කලද එය සිදුකළ හැක්කේ වයස අවුරුදු 70 කට වඩා වැඩිනම් පමණක් බැවින් එය පියවීමට තමන්ට නොහැකි වූ බව ද ඔහු සිය ලිපියේ සඳහන් කොට තිබේ.
තමන් විසින් සියදිවි නසා ගැනීම සඳහා යොදා ගනු ලැබූ ගිනි අවිය රුපියල් 151,500 ක මුදලකට මිලදී ගත් බවටද එම ලිපියෙහි සඳහන් වේ.
කෙසේ වුවත් මෙම ලිපියේ අඩංගු කරුණු සහ මරණය සියදිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මෙලෙස මියගොස් ඇත්තේ රජීව් ජයවීර නම් වන අයෙක් වන අතර ඔහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු කළමණාකරුවෙක් මෙන්ම නිදහස් මාධ්‍යවේදියෙක් ලෙසද කටයුතු කළ අයෙකු වේ. ඔහු බොහෝ කාලයක සිට 'කලම්බු ටෙලිග්රාෆ්' වෙබ් අඩවියටද ලිපි සපයා ඇත.
'කළම්බෝ ටෙලිග්රාෆ්' එකට ලිපි සම්පාදනය කල අයෙක් :
රජීව් ජයවීර ගේ හදිසි අභාවය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කළම්බෝ ටෙලිග්රාෆ්' කර්තෘ මෙසේ පවසයි.
''උදේම නැගිටේ කණගාටුදායක ප්‍රවෘත්තියක් එක්ක. ඒ රජීවව මරල කියල ආපු කෝල් එකකින්. එයා මට ඥාතියෙකුත් වෙනව. රජීව ජයවීරගේ මරණය සිය දිවි නසා ගැනීමක් කියල පොලීසිය කියනව. ඒත් මට තාම හරියට තොරතුරක් නැහැ. එයා මට පහුගිය අප්‍රේල් මාසෙ වෙන කන් ලිව්ව එයාගෙ ඔපීනියන් කොලම් එකක්. ලිපි 170ක් ලියල තියෙනව 'කළම්බෝ ටෙලිග්රාෆ්' එකට.
ඒව මෙතනින් කියවන්න:
අන්තිම එක ලිව්වෙ මුස්ලිම් අය කොවිඩ් පතුරවනව කියල. ඒක මම දැම්මෙ නැහැ. ඒක පට්ට ජාතිවාදී කොලමක්. ඒකට මාත් එක්ක වාදෙකුත් ගියා. මම කිව්ව ආණ්ඩුව ඒ ඉන්දියාවෙයි, මැලේසියාවෙයි සම්මණ්ත්‍රණයට ගිහින් ආපු අයව ගුවන් තොටුපලේදි චෙක් නොකරපු ගැන ආණ්ඩුවට වරදක් නොකියා පිටරට ඉඳන් එන මුස්ලිම් අයට දොස් කියන එක වැරදියි කියල. එයා කොහොමත් ජාතිකවාදියෙක්.
එයා ලියන ඒව, එයාගෙ අදහස් මේ ආණ්ඩුව එක්ක එකට යනව, ඔය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හුටපට ගැන හැර. ශ්‍රී ලංකන් ගැන එයා ලියපු කොලම් හැර අනික්වාට මගේ කිසිම පුද්ගලික කැමැත්තක් තිබ්බෙ නැහැ. ඒත් ඒවත් මතනෙ.
නමුත් එයාගෙ මරණය ඝාතනයක් උනත් ඒක දැනට ලියල තියෙන දේවල් උඩ කරපු එකක් කියල හිතන්න අමාරුයි. අනික එයා මට විතරක් නෙමෙයි 'සන්ඩේ අයිලන්ඩ්' එකටත් ලිව්ව. අප්‍රේල්වල ඉඳන් එයා ලිව්වෙ 'අයිලන්ඩ්' එකට විතරයි. මට එවන එක නතර කරා අර වාදෙන් පස්සෙ. ඝාතනයක් උනත්, සියදිවි නසා ගැනීමක් උනත්, එයා ගිහින් දැන්.
එයා සිංහල බෞද්ධයෙක්. නිවන් සුව ලැබේවා රජීව අයියා!!
සත්‍යවාදී ලියවිල්ලකි !
පොලිසිය විසින් සොගත් බව කියන රජීව් ජයවීරගේ අවසන් ලිපිය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කළම්බෝ ටෙලිග්රාෆ්' කතුවරයා මෙසේ සටහන් කර ඇත.
''රජීව සියදිවි තොරකර ගැනීමට පෙර ලියා ඇති පිටු තුනක ලිපිය කියවීමි. එය සත්‍යවාදී ලියවිල්ලකි. කොවිඩ් අරමුදලටත් මිලියන බාගයක් දීල, වැඩකරන කෙනාට මිලියන 1ක් පොතේ දාල ඔක්කොමත් කරල. 151,500කට ෆයරාම් එක අරන් තියෙන්නෙ. එයා ඒක අරගෙන නීතිය කැඩුවට දුක් වෙනව කියලත් කියනව.''
theleader.lk
Home
»
Lanka Journalist
»
media freedom in sri lanka
» නිදහස් චතුරශ්‍රය අසලදී මියගොස් සිටී රජීව් ජයවීරගේ අවසන් ලිපිය!
«
Next
This is the most recent post.
Lanka Journalist's Admin
පවතින දේශපාලන වාතාවරණය පිළිබදව සත්‍ය දැනගැනිම ජනතාවගේ අයිතියකි එය ජනතාවට වාර්තා කිරීම මාධ්‍යවේදීන්ගේ අයිතියක්.
Subscribe to:
Post Comments (Atom)
Popular Post
-
Sunday,26 Jul 2015 වික්ටර් අයිවන් ශ්‍රී ලංකාවේ ආයතන ක්‍රමය සමග එම ආයතන ක්රමයේ මුදුනේ සිටින බොහෝ නාමධාරී පුද්ගලයන් කුණුවී තිබෙන තරම ...
-
නීතිඥවරුන් සහ විනිසුරුවරුන්ගේ පැටිකිරිය නීතිඥවරියක් වන සුගන්ධ්කා වර්ණකුලසූරිය විසින්ම කළ හෙලිදරව්ව
-
1977 පරාජය වෙලා ආසන 8ට බැහැල බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවට ආවේ නිකම්ම නිකන් අත්තනගල්ල මන්ත්‍රිවරිය ලෙසය. ඇයට විපක්ෂ නායක ධුරය හිමි නො...

Popular Posts
-
වික්ටර් අයිවන් මේ ලිපිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා සිංහල, බෞද්ධකම හා සංස්කෘතියට අදාළව පළකර තිබෙන තෝරාගත් අදහස් කිහිපයක් ශාස්ත්‍ර...
-
Manjula Wediwardena එදා ලසන්තගේ මළගෙදර තිබුණු පාළුව කවර හිස්කමක් තුළින් පැන නැඟුණේ වීද? රැය පහන් කිරීමට උන්නේ අප කිහිපදෙනෙකු පමණෙකි. ‘‘මේ ...
-
සිරස මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි ට හාළිඇලදී එල්ල කල මැර ප්‍රහාරය සහ පසුගිය දිනවල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ උපුල් ජයසූරියට ...
-
කොළඹ 07, නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබි පුද්ගල මළ සිරුරක් අද (12) උදෑසන 6.45 පමණ පොලිසිය විසින් සොයාගෙන තිබිණ. එසේ මියගොස් සිටි 64 හැවිරි...
-
මෙරට ත්‍රී රෝද රථ සේවාවෙන් ජනතාවට මහත් සේවාවක් ඉටු වූවද ඒවායේ රියදුරන් පිළිබඳ බොහෝ දෙනෙකුට පැහැදීමක් නැහැ. මුදල් පසුපස හඹායන අවිනීත පිරි...
-
'සන්ඩේ ලීඩර්' පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර පහක් ගතවීම නිමිත්තෙන් ආචාර්ය දයාන් ජයතිලක විසින් 'The Murder of an ...
-
මානව සංහතියේ නිදහසේමොහොත නිර්මාණය වනු ඇත්තේ ධෛර්යවන්ත ගැහැණුන් සහ මිනිසුන්ගේ දෑතිනි. නූතන ලෝකය තුල එම මොහොත දක්වා මානව සංහතිය කැදවාගෙන යා...
-
‘‘බය වෙන්න ඕනේ මොකටද කියලා මං තමුසෙට පෙන්නන්නං. තමුසෙව ඉවරයක් කරලා තමයි මං පස්ස බලන්නේ.’’ (ලසන්ත වික්රමතුංගට ජනාධිපති මහින්ද රාජපක්ෂ (20...
-
වික්ටර් අයිවන් ජනාධිපති වරයා යාපනේ සිට උතුරේ දෙමළ ජනතාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ගැටලූ ගැන කරන ලද කතාව සේ ම අගමැතිවරයා දියතලාවේ සිට යු...
-
ප්‍රගීත් එක්නැළිගොඩ - විජය කුමාරණතුංග - දයා පතිරණ - රිචඩ් ද සොයිසා - ලසන්ත වික්‍රමතුංග - රෝහණ කුමාර. කුමන හෝ හේතුවක ට අප මිතුරන් ඝාතණය...

No comments: