lanka Journalist - Sri Lanka Reporters and Sri Lankan journalists political news

sinhala

  • Breaking News

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    facebook

    Sunday, January 24, 2021

    අධිකරණයට සිදුවී තිබෙන්නේ කුමක්ද? - වික්ටර් අයිවන්

    පාර්ලිමේන්තු  මන්ත්‍රී  රන්ජන් රාමනායකට එරෙහිව අදිකරනය ලබාදී තිබෙන ද ඩුවම හා එම දඩුවමට ආවේනික විශාලත්වය රන්ජන් කෙරහි විශාල මහජන අනුකම්පාවක් සේම අදිකරනය කෙරෙහි විශාල මහජන විරෝදයක් ද ඇති කිරීමට හේතු වී තිබෙන බව පැහැදිලිව පෙනෙන්න්ට තිබේ.කිසියම් දීර්ග කාලයක් තිස්සේ  අදිකරනයේ සමහර කටයුතු සිදුවෙමින් තිබෙන විකාර රූපි සොබාවයද ඇතිවී තිබෙන මහජන විරෝදය කෙරෙහි බලපා තිබෙන තවත්වැදගත්සාදකයක් බව පෙනේ. 

    අත්‍යාවශ්‍ය ප්‍රතිසන්ස්කරන දිගින් දිගට මග හැරීම නිසා ජරාජීර්න තත්වය කට යමින් තිබුන ලන්කාවේ රාජ්‍යය   දැන් තිබෙන්නේ අප ඇස් ඉදිර පිට කඩා වැටෙමින් තිබෙන තත්වයකය.අදිකරනය එම අයිතිහාසික ක්‍රියාදාමයේ නව තම ගොදුර බවට පත්ව තිබෙන්නේ යැයි කිවහැකිය.

    සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ක ප්‍රදාන බල මන්ඩල තුන අතුරින් ප්‍රතිසන්ස්කරන  වලට කැමති නැති වඩාත්ම  අදානග්‍රාහි බල මන්ඩලය ලෙස සැලකිය හැක්කේ අදිකරනයයි.එහෙත් මගේ මතය අනුව එම දර්මතාවට වෙනස්ව ලන්කාවේ අදිකරනය එක අයිතිහාසික සන්දිස්තානයකදී ප්‍රතිසන්ස්කරන වලට ලක්වීමට හිත හදාගෙන සිටියේය.සැත්කමකට එකගවී අදිකරනය එම සැත්කම සදහා සිය කැමැත්තෙන් රෝහල් ගත්වද සිටියේය.ලන්කාවේ අදිකරනයේ ඇතිව තිබූ එම ඉද්‍රිරිගාමි නැබුරුව කන පිට හැරවූ නායකයින් ලෙස ජනාදිපති චන්ද්‍රිකා කුමාරණතුන්ග  ගේද,අගමැති රනිල් වික්ක්‍රම සින්හ ගේදඅනුර කුමාර දිසානායක  ගේදචම්පික රනවක ගේව්නාම ඉතිහාසයට එකතු විය යුතුය.රාජපක්ෂලා ඔහු ප්‍රයෝජනයට ගන්නේ ඉන් පසුවය.

                                              ලෙනින් රත්නායක

    මේ කාරනය මීට පෙර කොයි කාගේ හෝ ව්මරශනයට ලක්වී නැති ලන්කාවේ අදිකරනයට අදාල අයිතිහාසික සාදකයක් ලෙස සැලකිය හැකිය.එය ලන්කාවේ අදිකරනය මුහුන දී තිබෙන අර්බුදය හා එය ජයගැනීම සදහා තෝරාගත යුතු මග තේරුම් ගැනීම සදහා අත්‍යාවශ්‍ය  කොන්දේසියක්  වන නිසාත් එම අයිතිහාසික ක්‍රියාදාමය කෙරෙහි බල පෑ ප්‍රදාන පුද්ලයා මා නිසාත් එම අයිතිහාසික අවස්තාව ගොඩනැගුන ආකාරය කෙටියෙන් වුවත් සැකවින් සලකා බැලීම වැදගත්  ය.

    ඒ කාලයේදී  අදිකරනයේ සේවය කල මහේස්ත්‍රාත් වරයෙක් තමන් ඉදිරියේ ඇසෙන නඩුවක රිමාන්ඩ් බාරයේ රදවාගෙන සිටින වග උත්තර කාරයෙකු ගේ තරුන බිරිදක් ගම්පොල තානායමකට ගෙන ගොස් ලින්ගීක වශයෙන්. අපචාරයට ලක්කිරීම සිද්දියක් මුල් පුවතක්  ලෙස රාවයේ පලමු වරට වාරතාවන්නේ 1997 අගෝස්තු 17 වනදාය.එම පුවතට දක්වන ප්‍රතිචාරයක් වශ්‍යෙන් එම මහේස්ත්‍රාත් වරයා නීති පති ගෙන්(සරත් සිලාවා) ලබා ගන්නා උපදෙස් මත මට එරෙහිව  අපරාද පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිනිල්ලක් කලේය.

    අගෝස්තු  21 වන දින වයබ පලාතේ ප්‍රදාන බික්ෂුන් වහන්සේලා 9 දෙනෙකුගේ ප්‍රදානත්වයෙන දැදුරු ඔය අයියනායක දේවාලය ඉදිරි පිට ලෙනින් රත්නායකට පක්ෂව හා මට එරෙහිව දේවකන්නලව්වක් පවත්වා තිබෙන අතර එය දිවයින පුවත් පතේ ප්‍රමුක  ප්‍රවුර්තියක් ලෙස වාරතා කර තිබුනි.එම බික්ෂු කන්ඩායම නිකුත් කර තිබුන ප්‍රවුර්ති නිවේදනයක් මගින් එම මහේස්ත්‍රාත් වරයා හදුන්වාදී තිබුනේ අදිකරන සේවා කොමිෂන් සබාව විසින්. වයබ ජනතාවට ලබා දුන් යුග පුරුෂයෙකු වශයෙනි.

    ලෙනින් රත්නායක  අදිකරන සේවයට එකතුවන්නට පෙර රක්ෂන සන්ස්තාවේ ලිපිකරුවකු ලෙස සේවය කරමින් සිටියදී තුන් වැනි පාරශවයේ රක්ෂන හිමිකම් ගනනාවක් වන්චා කිරීම මත සේවයෙන් පහකල පුද්ගලයෙකු බව මට සොයා ගත හැකිවූ අතර මම ඒ බවද අගෝස්තු  24 දා පුවත් පතේ වාරතා කලෙමි.

                                          නීතිපති  සරත් සිල්වා

    ඔක්තෝබර් පලමු සතියේ දිනක මහේස්ත්‍රාත් ලෙනින් රත්නායාක මට එරෙහිව කරන ලද පැමිනිල්ල යටතේ ආරම්බ කර තිබූ අපරාද පරීක්ෂණය සදහා පොලිස් පරීක්ෂ්ක වයිද්‍යසේකර මගේ කාරයාලයට පැමින මගෙන් කට උත්තරයක් ලබා ගත්තේය.රක්ෂන සන්ස්තාව විසින් මුදල් වන්චාවක් මත සේවයෙන් පහකරන ලද පුද්ගලයෙකු අදිකරන සේවයට එක්ටුවූයේ කෙසේද යන බැරෑරුම් ප්‍රස්නය මම එහි දී මතුකරණ  ලද අතර එම චෝදනාව සනාත කරන ලියවිලි දෙකක පිට පත්ද පොලිස් පරීක්ෂක වරයාට බාර දෙන ලදී.ඒ සමග ඔහු අතින් ලින්ගීක වශයෙන් අපයෝජනයට ලක්වූ කාන්තාවගේ තොරතුරුද ලබා දෙන ලදී.

    පොලිස් පරීක්ෂකවරයා එම කාන්තාවගෙන් කට උත්තරයක් ලබා ගෙන තිබෙන අතර රක්ෂන කතාවේද ඇත්ත නැත්ත  ද සොයාබලා තිබුනි.සොයාගනු ලැබූ මෙම කරුනු අනුව මට එරෙහිව අපරාද පරීක්ෂණයක් පවත්වාගෙන යාමේ හැකියාවක් නොතිබුන අතර නීති මගින් ක්‍රියා කල යුතුව තිබුනේ මහේස්ත්‍රත් වරයාට එරෙහිවය.පොලිස් පරීක්ෂකවරයා ඒ සදහා අවශ්‍ය උපදෙස් නීතිපති ගෙන් ඉල්ලා සිටියේය.මා හා නීතිපති අතර අදිකරනය සසලකිරීමට හේතුවන මහා ගැටුමක් ආරම්බවන්නේ එතනිනි.

    නීතිපති නීතිය හා අදිකරනය ගැන හැගීමක් ඇති පුද්ගල්‍යෙකු නම් මහේස්ත්‍රාත් වරයා පිලිබද එම පරීක්ෂන වාරතාවේ එන කරුනු ඔහු ගේ හදවත සසල කල යුතුව තිබුනි.මුදල් වන්චාවක් මත රාජ්‍ය ආයතනයකින් පහකල පුදග්ලයෙක් එය සගවා අදිකරන සේවයට එකතුවී සිටීම ඔහු ගේ කෝපයට හේතු විය යුතුව තිබුනි.මහේස්ත්‍රාත් වරයෙකු තමන් ඉදිරියේ ඇහෙන නඩුවක වග උත්ත්‍ර කාරියක් තානායමකට රැගෙන ගොස් අපයෝජනය කිරීමේ සිද්දියද ඔහු ගේ කෝපයට හේතු විය යුතුව තිබුනි.

    එහෙත් මෙම පරික්ෂන වාරතාව දැකීමෙන් නීති පති තුල කිසිදු කම්පාවක් ඇතිවී නැත.ඔහුට මේ මහෙස්තාරවරයට නෑකමක් තිබුනා සේම කාන්තා විෂයෙහි ලාද දෙදෙනා අතර අන්තර් සම්බන්දයක් තිබුනා විය යුතුය.

    ඔහු එම නීච මහෙස්ත්‍රාත් වරයාට එරෙහිව අකුරටම නීත්‍ය ක්‍රියාත්මක කරනවා වෙනුවට දැඩි ලෙස ඔහු අරක්ෂා කරන පිලිවෙතක් අනුගමනය කලේය.මා අදිකරන ඇමතිවරයා(මහාචාර්‍ය ජී ඇල් පීරිස්) හමුවී ඒ ගැන පැමිනිලි කලෙමි.ඔහු ඒ ගැන නීතිපති ගෙන් කරුනු විමසීමක් කලේය.නීතිපති එම මහේස්ත්‍රාත් වරයා පිලිබද රහස්‍ය වාරතාවක් ඇමතිවරයා වෙත එවා තිබු අතර ඒ මගින් නීතිපති එම නීච මහේස්ත්‍රාත් වරයාව ආරක්ෂා කරන පිලිවෙතක් අනුගනය කර තිබුනි.එය කියවූ පමනින් මා  නීතිපති ගැන ඇති කරගත් නිරීක්ෂනය වූයේ නීති පතිද ලෙනින් රත්නායක තරම්ම අදම හා නීච පුද්ගලයෙකු විය යුතු බවය.

                              දිසා විනිසුරු උපාලි අබේරත්න

    ඒ සමග මම නීති පති ගැන කරුනු සොයාබලන තැනකට ගියෙමි.අපූරු කාතා ගනනාවක් සොයා ගන්නා ලද අතර ඉන් වැදගත් එක කතාවක් මෙසේය.නීතිපති සරත් සිල්වා සිය විවාහක බිරිදගෙන් දික්කසාද නොවී ඔහු සමීපව අසුරු කල. රසායන ඉන්ජිනේරුවකු ගේ බිරිදක් සිය පර අබුව බවට පත් කරගනිමින් ඇය සිය නිවසේ තබාගනිමින් අනාචාර ජීවිතයක් ගත කලේය.එම ඉන්ජිනේරුවා සරත්සිල්වාද වග උත්තර කරුවකු කරමින් සිය බිරිදට එරෙහිව දික්ක්සාද නඩුවක් පැවරුවේය.ඒ වන විට සරත් සිල්වා වැඩ කලේ අබිආයාචනා අදිකරනයේය.මේ නඩුව ඇසූ විනිසුරුවරයා දිසා විනිසුරු උපාලි අබේරත්න වන අතර එහීදී. සරත් සිලාවාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු ක්‍රියා කරතිබූ අකාරය නීති විරෝදි වූවා පනනක් නොව පීඩාකාරි හා නින්දා සහගත වී යැයි කිව හැකිය.රසායන ඉන්ජිනේරුවා ඒ ගැන අදිකරන සේවා කොමිෂම වෙත ඉද්‍රිපත් කල පැමිනිල්ලක් මත කොමිෂම ඒ ගැන පරීක්ෂනයක් පවත්වා එම විනිසුරුවරයා වැරදි කරු කොට ඔහු අදිකරන සේවයෙන් ඉවත් කොට මෙමෙ නඩුවේදී ඔහු අනුගනය කර තිබූ නීතිවිරෝදි සහාසික ප්‍රති පත්තිය මත ඔහුට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට උඅපදෙස් දෙන වාරතාවක් නීති පති වෙත යවා තිබුනි.එම පරීක්ෂනය සිදු කර තිබුනේ තිස්ස බණ්ඩාරනායක හා ආචාර්ය මාක් ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාදිකරන විනිසුරුවරුන් දෙදෙනා විසිනි.සරත් සිලාවා නීති පති දූරයට ඒමත් සමග ඒ වාරතාවද යට ගසා දිසා විනිසුරු උපාලි අබේරතන ආරක්ෂාකරන දැඩි පිලිවෙතක් අනුගමනය කලේය. 

    මෙම විනිසුරුවරයා අන් කවරෙකුවත් නොව යහපාලන ආණ්ඩු කාලයේදී සිරිසේන ජනාදිපති වරයා එම ආණ්ඩුවේ දූෂන ගැන සොයන්නට පත් කල ජනාදිපති කොමිෂමේ සබාපති වරයාද ඉන්පසු ගෝටාබය රාජපක්ෂ ජනාදි පතිවරයා දේසපාලන පලිගැනීම් ගැන සොයාබලන්නට පත් කල ජනාදිපති කොමිෂමේ සබාපතිද ඉන්පසු අතුරු  දහන්වුවන්ගේ කාරයාලයට පත්කල ප්‍රදානියාද වන උපාලි අබේරත්න වේ. 

    ඒ සමග මගේ හඩ නැගීම ලෙනින් රත්නායකට සීමා නොකොට දිසා විනිසුරු උපාලි අබේරත්න හා නීති පති සරත් සිල්වාට එරෙහිව කරන මහා හඩ නැගීමක් බවට පත් කරන ලදී.

                                       නීතිඥ සන්ගමය

    එහිදී නීතිඥ සන්ගමය එම විනිසුරුවරුන් දෙදෙනාගේ හා නීතිපතිගේ ආරක්ෂාව වෙනුවෙන් මට එරෙහිව අවි ඔසවන තැනකට ගියේ නැත.ඒ වෙනුවට නීතිඥ සන්ගමයේ හිටපු සබාපතිවරුන් ගේ සම්මේලනයක් රැස්වී මා එම තිදෙනාට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාකච්චාවට ලක් කොට ඒ ගැන කරුනු සොයා බලන පරීක්ෂන යක් ඉල්ලා සිටියේය.මා විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව ඉදිරි පත් කර තිබෙන චෝදනා ගැන කරුනු සොයා බලන තැනක යායුතු බවත් මා එල්ල කරන චෝදනා සත්‍ය ගරුක නොවේ නම් මට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කල යුතු බවත් විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා එල්ලකර තිබෙන චෝදනා සනාත වේ නම් පමනක් නීති පති සරත් සිල්වා ට එරෙහිව එල්ල කරතිබෙන චෝදනා ගැනද කරුනු සොයාබැලිය යුතු බවට නිර්දේශ කලේය.ඒ මොහොතේ නීතිඥ සන්ගමය සාදාරන හා මට සිලුටු ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කල බව පෙනේ.

    ඒ අනුව අදිකරන සේවා කොමිෂම  අබිආයාචනා අදිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල පරීක්ෂන මන්ඩල දෙකක් පත් කලේය.උපාලි අබේරතන පිලිබද පරීක්ෂනයේදී ඔහු චෝදනාවලට වරද පිලි ගත්තේය.ලෙනින් රත්නායක පරීක්ෂනයේදී ඔහු වරද පිලිගත්තේ නැතත් පරීක්ෂන මන්ඩලය ඔහුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා හතරටම ඔහු වරද කරු කලේය.මෙම පරීක්ෂන දෙක බාරව ක්‍රියාකල විනිසුරුවරුන් මේ විනිසුරුවරුන් දෙදෙනා තමන්ගේ රැහේ කෙනෙකු ලෙස සලකා ඔවුන් ආරක්ෂා කරන පිලිවෙතක් අනුගමනය කලේ නැත.එසේම මා පිටස්තරයෙකු ලෙස සලකා මා පීඩාවට පත් කරන පිලිවෙතක් අනුගමය කලේද නැත.

                               යුක්තිය කන පිට හැරවීම

    මෙමෙ පරීක්ෂන මනඩල දෙක විනිසුරු වරුන් දෙදෙනා වරද කරුවන් කිරීමෙන් පසු අප දෙදෙනා(මම හා රසායන ඉන්ජිනේරුවා)නීති පති සරත් සිල්වාට එරෙහිව දූෂන චෝදනා මත පැමිනිලි දෙකක් ඉදිරි පත් කලේය.අපේ පැමිනිලි ගැන අග විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාදිකරනයේ විනිසුරුවරුන් ගෙන් මත විමසීමක් කර තිබුන අතර අපේ පැමිනිලි මත නීතිපතිට එරෙහිව පරීක්ෂනයක් පවත් වනවාට විරුද්ද  වී ඇත්තේ විනිසුරු වරුන් තිදෙනෙකු පමනය.ඉන්පසු අග විනිසුරු වරයා පැමිනිලි දෙකේ පරික්ෂන දෙක බාරව ක්‍රියාකිරීම සදහා විනිසුරුවරුන් දෙදෙනෙකුද පත් කලේය.

    මේවන විට ජනාදිපති චන්ද්‍රිකා සිටියේද ලොකු මනෝ  අර්බුදයකය.ඇය ශේෂ්ටාදිකරනය තේරුම් ගෙන තිබුනේ තමන්ට එරෙහිව ක්‍රියා කරන ආයතනයක්ලෙසය.ඊ ලග ජනාදිපතිවරනය ය හා ඒ ආස්‍රයෙන් ඇතිවිය හැකි නඩු හබ ගැන ඇගේ අවදානය යොමුවී තිබුන අතර ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් නැති තත්වයක්තුල ශ්‍රේෂ්ඨාදිකරනය පාලනය කිරීම සදහා තමන්ට පක්ෂපාතව ක්‍රියා කරන අග විනිසුරුවර යෙකු පත්කරගැනීම අත්‍යාවශ්‍ය වේයැයි කලපනා කරන තැනක ඇය සිටියේය.ඇගේ විස්වාසයට හේතු වී සිටියේ සරත් සිල්වා ය එහෙත් ඔහු සිටියේ බෙල්ල හිරවෙන්න ඔන්න මෙන්න කියන තත්වයකය.ඇය විශ්‍රාම යන අගවිනිසුරු වෙනුවට එම තනතුනරට ශේස්තාදිකර්නයේ චෝදනාලාබි තත්වයක සිටි සරත් සිල්වා පත් කලාය. ඒ මගින් මහා ප්‍රතිසන්ස්කරන වැඩ සටහනකට සිය කැමැත්තෙන් ගමන්ගනිමින් තිබුන අදිකරනයේ එම ඉදිරි ගාමි ගමන ආපසු හැරවීය .

    ජනාදිපතිනි චන්ද්‍රිකා අදිකරනයට කරන ලද සහාසික වැරැද්ද නිවරදි කිරීමේ හැකියාව අගමැති රනිල් වික්‍රම සිහට තිබුනි.ජාත්‍යන්තර නීතිඥ සන්ගමයේ සබාපතිවරයා(බ්‍රෙනන් සාමි) අගමැති රනිල් වික්‍රම සින්හ හමුවී මෙම අගවිනිසුරුවරයා දූරයෙහි තබාගතහොත් එය අදිකරනය විනාශකරන පිලිලයක් ලෙස ක්‍රියා කල හැකි බව කීවේය.අගමැතිවරයා උද්ද්ච්ච ස්වරයකින් දී තිබෙන පිලිතුර වී ඇත්තේ අගවිනිසුරු පිලිබද ප්‍රස්නය තම ආණ්ඩුවේ ප්‍රමුක තා ලැයිස්තුව ට ඇතුලත් කාරනයක් නොවන බවය.ලන්කාවේ අදිකරනය මුලු මනින් විනාශ කිරීමට බලපෑ එම නීච අග විනිසුරු වරයාගේ පැවැත්ම ආරක්ෂාකල ඊලග බලවේග දෙක ලෙස සැලකිය හැක්කේ ජවිපෙ හා දැන් 43 වැනි සේනාන්කය බවට පත්ව තිබෙන චම්පික රනවක ගේ ජාතික හෙල උරුමය වියාපාරයයි.අග විනිසුරුවරයා එම දෙපක්ෂයේ අශිරාවදය ලබා ගත්තේ එම දෙපක්ෂය වෙන්වෙන්ව ඉල්ලා සිටින ඔවුන් ගේ කීරතියට හේතුවන නඩු තීන්දු ලබා දීමෙනි.

    මේ සියලු දෙනා එසේ නොකලේ නම් හා ඒ නිසා මාරක් ප්‍රනාන්දු රටේ අගවිනිසුරු. බවට පත්වී නම් යහපත් හා බලවත් අදිකරනයක් රටට ලැබෙන්නට ඉඩ තිබුනා සේම එම අදිකරනය රාජ්‍යයේ කටයුතු හොදින් පරීක්ෂාවට ලක්කරන අදිකරනයක් වීම රාජ්‍යයේ කුනු වීම පිලිබද කතාවද මීට වෙනස් වන්නට ඉඩ තිබුනි.

    වික්ටර් අයිවන් -

    No comments:

    Post a Comment

    Video

    lakdiva news

    root

    Culture