lanka Journalist - Sri Lanka Reporters and Sri Lankan journalists political news

sinhala

  • Breaking News

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    facebook

    Thursday, February 4, 2021

    නිදහස දියවීම - වික්ටර් අයිවන්

    ලන්කාව නිදහසේ 73 වන සන්වත්සරය සමරන මෙම අවස්තාව වන විට තිබෙන්නේ මීට පෙර කොයි කවර කාලෙකදී වත් නොසිටි අවලස්සන කාලකන්නි තත්වයකය.බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලැබෙන විට අප සිටියේ ආසියානු රටවල් අතර බැබලෙන තත්වයකය.ඉන් දසක හතකට තරමක වැඩි කාලයක් ගත්වීමෙන් පසු දැන් ලකාව තිබෙන්නෙ මහා අගාදයක පතුලටන වැටුන තැනකය.

    අනුරාදපුර පොලොන්නරුව යුගයේදී ලන්කාව කිසියම් විශාල ප්‍රමානයක ශිෂ්ටාචාරයක් හිමි කරගෙන සිටියේය.ලන්කාවට පැමිනෙන අමුත්තෙකු වියලි කලාපය නරබන්නට ගිය හොත් අනුරාදපුරය, සීගිරිය හා පොලොන්රුව යන ප්‍රදේශ වලදී දකින්න්ට ලැබෙන පැරනි නටබුන්වලින් ඔහු ගේ සිත ඇලලී යනු නොවැලැක්විය හැකිය.බුද්දාගට් තිබු බලපෑමේ තරම එහි නෂ්ටාවශේෂ ලෙස පවතින මහා වෙහෙර විහාර වලින් තේරුම් ගත හැකිය.පිතෘ ගාතක කාශ්‍යප රජු විසින් ඉදිකරන ලද සීගිරිය බල කොටුව ආශ්‍රයෙන් ඒකාලයේදී වාස්තු විද්‍යා කටයුතු හා කලාත්මක කටයුතු කොතරම් දියුනු තත්වයක තිබුනේද යන්න තේරුම් ගත හැකිය.මෙම නගර වටා තිබුන විශාල වැව් වලින් දිය ඇලි අමුනු ආදියෙන් කොතරම් දියුනු වාරි ශිෂටාචාරයක් තිබී ඇද්දැයි තේරුම් ගත හැකිය.

    සින්හල රාජදානිය රජරට වියලි කලාපය අතහැර තෙත් කලාපයට මාරුවීමත් සමග පරන සමුර්දිමත් යුගය අවසන්වී පරිහානියේ යුගය ආරම්බ වීයයි කිවහැකිය.13 වන සියවස පමන විට සිනහල රාජදානියේ කේන්ද්‍රය තෙත් කලාපයට තල්ලුවී තිබුනි.14 වැනි සියවස ලබන විට ගම්පල සින්හල රාජදානිය බවට පත්ව තිබූ අතර යාපනේ දෙමල රාජදානියක් ඇතිව තිබුනේය.15 වැනි සියවස අවසානයේදී යුරෝපීන් ලන්කාවට පැමිනෙන විට යාපනේ අර්දදීපයත්, නැගෙන හිර හා බටහිර. වෙරල බඩ පටු බිම් තීරු දෙකක් හැර වියලිකලාපයේ වැඩි කොටසක් ජන ශූන්‍ය ප්‍රදේශ බවට පත්ව තිබුනි.අනුරාදපුර පොලොන්නරු ප්‍රදේශ වල මහේශාක්‍ය ලීලාවෙන් පැවති මහා වෙහෙර විහාර හා වෙනත් අයිතිහාසික ස්තාන  මහා වන ප්‍රවාහයට හසුවු නශ්ටාවශේෂ බවට පතව තිබුනි .

                     1815 ට පෙර තත්වය

    බ්‍රිතාන්‍යන් 1815 ද උඩරට රාජ්‍යය  අල්ලාගන්නා විට එහි තිබුනේ දියුනු ශිෂ්ටාචාරයක් නොව හොදටම ගරාහැලුනු පරිහානියට ගිය ශිෂ්ටාචාරයකි.රොබ්ට් නොක්ස්  ඒ යුගය ගැන ලියාතිබෙන හොදම රචකයා ලෙස සැලකිය හැකිය.නොක්ස් ගේ ලියවිලි ප්‍රදාන මුලාශ්‍රය ලෙස යොදාගනිමින් " සින්හල සමාජ සන්විදාන ( මහනුවර යුගය)" නමින් රැල්ෆ් පීරිස් ලියා තිබෙන ප්‍රර්‍යේෂන ග්‍රන්තය ඒ යුගය ගැන ලියවී තිබෙන හොදම  ප්‍රර්‍යේෂන ග්‍රන්තය ලෙස සැලකියහැකිය.

    රොබට් නොක්ස්ට අනුව"කටු මැටි ගසා අතු සෙවලිකර සකස් කර ගනු ලැබූ එක කාමරයක් පමනක් ඇති නිවසත්, වගාවට වුවමනා උපකරන කිහිපයත්, යාන්තම් විලිවසාගැනීමට තරම් වස්ත්‍රත්, හැදි වලන් කිහිපයකුත් හැරුන විට ඒ යුගයේ මිනිසුන්ට වෙනත් කිසිදු සම්පතක් තිබී නැත.ලුණුත් සහලුත් ඇතොත් තමන් ස්වයන් පෝෂිත  වේයැයි ඔවුන් සිතූ බවත් ඉන් ඔබ්බට කිසිදු බලාපොරොත්තු වක් ඔවුන්ට නොතිබුන බවත් නොක්ස් කියා තිබේ.

    ඒ යුගයේ ඒකාදිපති රාජාණ්ඩු ක්‍රමය තුල ක්‍රියාතමකවූ මෙලේච්ච දඩුවම් ක්‍රම ගැන (අන්ග ඡෙදනය, උල තැබීම,ඇතුන් ලවා පෑගවීම, දියේ ගිල්වා මැරීම යනාදි වශයෙන්) නොක්ස් ලියා තිබෙන අතර ඒ ගැන වන අයිතිහාසික  සාක්ෂි ඇලකිය යුතු සන්කියාවක් රැලෆ් පීරිස් ඉදිරි පත් කර තිබේ.ඒ කාලයේ පුන්චි දරුවන් සමබන්දයෙන් අනුගමනය කෙරුන ප්‍රතිපත්තිය එහි පැවති සීලාචාරත්වයේ තරම පෙන්නුම් කරන වැදගත්ම මාපපකයක් ලෙස සැලකිය හැකිය.

    රැල්ෆ් පීරිස් ලියා තිබෙන ආකාරයට"ලමයින් තුන් හතර දෙනෙකු ලැබීමෙන් පසු උපදින දරුවන්ද,අසුබ නැකතට ඉපදුන දරුවන්ද, දුප්පත් දෙමාපියන්ට උපදින දරුවන්ද මරා දැමීම සාමාන්‍ය සිරිතක්ව පැවතුනි.මා පියන් විසින් මෙවැනි දරුවෝ. ගලක ගැසීමෙන් හෝ දියේ ගිල්වීමෙන් මරා දමනු ලැබූහ.ස්ත්‍රී පුරුෂ අනුපාතිකයේ තිබූ විශම තාව 1820 දි ජනගහන පිලිබද වාරතා සකස් කිරීමට බාරවූ නායකයින්  ගේද සැලකිල්ලට බාජනය වූ කරුනක් විය.(පීරිස් : පිටුව 217 )

    ලන්කාවේ එදා පැවති සමාජ දේසපාලන  හා ආර්තික  වටාපිටාව මොන තරම්. නොදියුනු තට්වයක තිබුනේ  ද යන්න ඒ තොරතුරු  ආස්‍රයෙන් තේරුම් ගැනීම අමාරු නැත.ඒ තත්වයෙහි අති විශාල හා ගැබුරු වෙනසක් (අහසට පොලොව තරම් විශාල ) ඇති වන්නේ බ්‍රිතාන්‍ය  යුගයේදීය.

             නුතන යුගයට පිවිසීම

    මහා වෙනස් කම් ඇති කිරීමෙහි ලා බල පෑ  ප්‍රමුක ප්‍රතිසන්ස්කරන  වැඩ සටහන ලෙස සැලකිය හැක්කේ කොල්බෘක්  කැමරන්  ප්‍රතිසන්ස්කරන යන්‍ ය.ඊට පෙර පැවති රාජ්‍යය යන්ට ස්තීර දේශසීමා නොතිබුනි.රාජ්‍යයේ දේශසීමාව මුලු දිවයිනට බල පාන ලෙස ඒකාබද්ද කොට පොදු පාලන ක්‍රමයක් ඒ මගින් ඇති කලේය .මුලු දිවයින සදහාම ව්දායකයට යටත් නැති ශේෂ්ටාදිකරනය  යටතේ ක්‍රියාත්මක වන පොදු අදිකරන ක්‍රමයක් ඇති කලේය.නීතිය ඉදිරියේ වර්ග, කුල , ආගම් හා වෙනත් බේදයන්ගෙන් තොරව  සියලු දෙනා සමානයින් ලෙස සලකා ක්‍රියා කරන තත්වයක් ඇති කලේය.ආණුකාරයාට තිබුන ව්වස්තා දායක, ව්දායක අදිකරන යන ත්‍රිවිද බලය අහ්හිම් කොට විවස්තාදායක,විදායක හා අදිකරන බලය බල මන්ඩල තුනකට බෙදා හැරෙන ක්‍රමයක්  ඇති කොට ආණ්ඩුකාරයාට තිබුන ඒකාදිපති බලය අහෝසිකොට ප්‍රජාතන්ත්‍රවාදී  ආණු ක්‍රමයක් සදහා පදනමක් ඇති කලේය.රජයට වෙලදාමට තිබූ ඒකාදිකාරි අයිතිය ද අහෝසි කොට නිදහස් වෙලද ආරතික ක්‍රමයක් ඇති කලේය.

     මෙම ප්‍රතිසන්ස්කරන ඇතිකල ප්‍රතිපලය ඉතාමත් දැවැන්ත හා විපලව කාරී වී යැයි කිවහැකිය.කුල පදනමකින් ක්‍රියාත්මක වූ රාජ කාරි ක්‍රමය අවලන්ගු කිරීම නිසා තමන් කැමති ජීවන මාරගයක් තෝරා ගැනීමේ අයිතියජනතාවට ලැබුනේය වෙලදාමේදී ආණ්ඩුවට තිබුන ඒකාදිකාරය අහෝසි  කිරීම නිසා අබ්‍යන්තර හා බාහිර වෙලදාමේ සීග්‍ර වරදනයක් ඇතිවිය.වානිජ වතු වගාව හිමිකරගත් දියුනුව සීග්‍ර ආරතික වරදනයක් ඇතිකරනවාට අතිරේකව රටේ යටි තල පහසු කම් වල ලොකු දියුනුවක් ඇති කිරීම්ට හේතුවිය.මුලු රටම වෙලාගත් දියුනු මාරග පද්දතියක් ඇතිවූ අතර දියුනු දුම් රිය සේවයක් ඇතිකිරීමටද හේතු විය.පනිවිඩ හුවමාරු ක්‍රමවලද සීග්‍ර දියුනුවක් ඇති විය. මිනිසුන් උපයන ආදායම් වල ද සීග්‍ර දියුනුවක් ඇතිවී ඔවුන් ගේ පරිබෝජන රටාවේද ජීවිතවලද මහා වෙනස් කම් ඇතිවිය.ලොකුම විපරයාස කාර බලවේගය  ලෙස ක්‍රියා කලේ අද්‍යාපනයයි.පාසැල් අද්‍යාපන ක්‍රමයේ සීග්‍ර වියාපතියක් ඇතිවිය 

    අකුරු උගත් ජනතාවගේ පන්ගුව වේගයෙන් ඉහල ගියේය.පොත් පත්කියවන වාද විවාද කරන සමාජ යක් ගොඩ නැගෙමින් තිබුනේය.

    ආසියානු දරශක අනුව 1910 වන විටත් ආසියානු රටවල් අතර ලන්කාව කැපී පිනෙන තරමේ දියුනුවක් හිමි කර ගෙන තිබුන රටක් බවට පත්ව තිබුනි.ඒ වන විට හදා තිබුනු පාරවල් වල දිග ප්‍රමානය සැතපුම් 4000 කි.ඉන් සැතපුම් 2944 ක් ගල් අතුරා සකස් කල මාරග විය.ඒ වන විට තිබුනු දුම්‍රිමාරගවල දිග ප්‍රමානය සැතපුම් 576 ක් විය.විදුලි ටෙලිග්‍රාප් වයර් සැතපුම් 4596 ක එලා තිබුන් අතර දුරකටන වයර් සැතපුම් 1447 එල තිබුනි. එම වසරේ කොලබ වරායට පැමිනි නැව් සන්කියාව 4400 කි. 

    1911 වන විට රටේ තිබෙන පාසැල් සන්කියාව 4215 වූ අතර එම පැසැල් වල  සිටි ශිෂය සන්කියාව336374 කි.එම වසරේ අකුරු උගත් කම පිරිමින් සදහා සීයයට 40.8 ක්ද ස්ත්‍රීන් සදහා 29.6 ක් ද විය.

                                   නිදහස අනා ගැනීම

    බ්‍රිතාන්‍ය ලනකාවට නිදහස ලබාදෙනවිට ලනකාව තිබුනේ ආසියානු රටවල් අතර බැබලෙන තත්වයකය.හොද ආණ්ඩු ක්‍රම විවස්තාවක් සමග වෙස්ට් මිනිස්ටර පන්නයේ පාරලිමේන්තු ආන්ඩු  ක්‍රමයක් ද අපට ලබා දී තිබුනි.එහෙත් ප්‍රජාතන්ත්‍රවාදි ස්වයන් පාලනයක් පවත්වාගෙනයාමට අවශ්‍ය තරමේ  දියුනු පරිකල්පනයක් නිදහසින් පසු බලය හිමිකරගත් සවදේශීය නායකයින්‍ට තිබුනේ නැත.

    ඔවුන් අතර පැවති කුලවාදි ආකල්ප නිසා කුලබේදය හා ඒ ආශිරිතව පැවති හින්සාව අහෝකිරීම පිනිස ක්‍රියා කලේ නැත.අනෙක් අතට ඔවුන් වරග. ආගම් බේද උග්‍ර කරන පිලිවතක පිහිටා ක්‍රියා කලේය.එම තත්වය වරග කුල ආගම් බේද උග්‍ර කොට ප්‍රචන්ඩ ගැටුම් හා ඒ ආස්‍රයෙන් මහා ලේ වැගිරීම් ඇතිකිරීම්ට හේතු විය.එම තත්වය සමාජ දේශපාලන ක්‍රමය බෙලහීන කිරීමට හා ජරාජීරන කිරීමට හේතුවූ අතර 1978 න් පසුව වස්තු කොල්ලය රාජ්‍යය පාලනයේ නිත්‍ය ලක්ෂනයක් බවට පත්වී එම තත්වය සමස්ත රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය දූෂනයෙන් කුනුවූ තත්වයකට පත් කිරීමට හේතුවිය 

    දැන් ලන්කාව සන්කේතාත්මක අරතයෙන් තිබෙන්නේ බ්‍රිතානයන් ලන්කාව අල්ලාගැනීමට පෙර පැවති තත්වයට සමාන තත්වයකය.ආරතික වශයෙන් රට පූරන බන්කොලොත් තත්වයකට පත්වෙමින් තිබෙන අතර රාජ්‍යයෙ සමස්ත ආයතන ක්‍රමය සේම සමාජ ක්‍රමයද තිබෙන් පුරන වශයෙන් බිද වැටෙමින් තිබෙන තතවයකය..ලන්කාවට නැවත් නිදහස් වීමට හැකි වනු ඇත්තේ දැන් ඇදවැටී සිටින කාල කන්නි තත්වය ජය ගැනීමට සමත් වේ නම් පමනය.අවාසනවකට රටේ සන්වාදයක් නැත්තේද ඒ ගැනය.

     නිදහස දියවීම - වික්ටර් අයිවන්

    No comments:

    Post a Comment

    Video

    lakdiva news

    root

    Culture