lanka Journalist - Sri Lanka Reporters and Sri Lankan journalists political news

sinhala

  • Breaking News

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    facebook

    Saturday, June 26, 2021

    ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ ජනතාවට කිව යුතුව තිබුණේ මෙපමණකි. - අශෝක හදගම

     අර්බුධ අවස්ථාවක රාජ්‍ය නායකයෙකු ජාතිය අමතන විට, ජනතාවක් අපේක්ෂා කරනුයේ අර්බුධයට මුහුණ දීම සඳහා රජයේ උපායමාර්ග මොනවාද, ඒ වැඩපිළිවෙල සඳහා රජය ජනතාවගෙන් අපේක්ෂාකරන්නේ කවර සහයෝගයක් ද යන්නය. ඊට වඩා දෙයක් කීමේ තේරුමක් නොමැත. 

    ඒ අනුව ඊයේ ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ ජනතාවට කිව යුතුව තිබුණේ මෙපමණකි. 

    ( අවශ්‍යනම් ජනතාවගෙන් ( ද තිස්තුන්කොටියක් දෙවිදේවතාවුන් ගෙන් ද ) කෙටියෙන් අවසර ගෙන ) 

    “කොරෝනා තුන්වෙනි රැල්ල සීග්‍රයෙන් පැතිරෙන බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්. එය පාලනය කිරීම සඳහා රජය සියලුම ක්‍රියා මාර්ග ගෙන තිබෙනවා. ගනිමින් ද තිබෙනවා 

    කොරෝනා තුන්වන රැල්ල පාලනය කිරීම සඳහා සංචරණ සීමා පැනවීමට සිදුවීම නිසා බොහෝ දෙනෙකු ගේ ජීවන මාර්ග ඇහිරී තිබෙනවා. එසේ පැනවූ සීමා  දිගින් දිගට පවත්වා ගන්න ට නම්  අපහසුතාවයට පත්වන ජනතාවට සහන සැලසීම  කල යුතුයි.  එසේ සහන සැලසීම ට රජයට ආර්ථික හැකියාවක්  නැහැ.  ඒ නිසා ජනතාවට ගෙවල් වලට ම වී සිටීමට බලකිරීමේ සදාචාරාත්මක හැකියාවක් රජයට නැහැ. එවැනි තත්වයක් තුල පනවන සීමා ද ජනතාව නොතකන බව පසුගිය සංචරණ සීමා සමයේ ජනතාවගේ හැසිරීමෙන් අපට පැහැදිලි වුනා. කොරෝනා පාලනයවීමක් නොවුණු තත්වයක් තුල වුවද සංචරණ සීමා ලිහිල් කරන්නට සිදුවුයේ ඒ නිසයි. 

    රජයට  එසේ කරන්නට සිදු වූයේ විශාල අවදානමක් දරමින්. 

    දැන් සංචරණ සීමා තරමක් ඉවත් කොට තමන් ගේ සුපුරුදු ව්‍යාපාර හා කර්මාන්ත කටයුතු කරගන යන්න ට ජනතාවට ඉඩ ප්‍රස්තාව සලසා තිබෙනවා.ඔබගේ දෛනික කටයුතු සුපුරුදු ලෙස කරගන යා හැකියි. එහෙත් ඒවා පවත්වාගන යෑමේදී  කොවිඩ් පැතිරීම වලකන සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපැදීම ඔබේ වගකීමක්. ඒවා පිළිනොපැදීම නිසා සිදුවිය හැකි අවැඩ ඔබට නොවැටහෙන්නට හේතුවක් නැහැ.  එය ඔබත් රටත් ව්‍යසනයකට අනාවරණය කරයි. 

    කොවිඩ් සෞඛ්‍ය උපදෙස් නොතකමින් කරන ව්‍යාපාර කටයුතු වලට සහ පුද්ගලයිනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මම නීතිය ක්‍රියාත්මක කරන අංශවලට උපදෙස් දී තිබෙනවා. මේ තත්වය තරමක් පාලනය වන තුරු හැකිතරම් ප්‍රවේශමින් සෞඛ්‍ය උපදෙස් වලට අනුගතව හැසිරෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා

    දැනට කෙරීගන යන එන්නත් කරන වැඩපිළිවෙල යටතේ ලබන සැප්තැම්බර් වන විට වයස අවුරුදු 30 ට වැඩි සියලුම දෙනාට එන්නත ලබා දීමට අපට හැකිවේවි. සැප්තැම්බර් මස වනවිට එන්නත් මිලියන 13 ක් අපගේ ඉලක්කයයි. එවිට කොවිඩ් අපගේ පාලනයට නතු කරගන්නට අපට හැකි වේවි කියා අප විශ්වාස කරනවා. එතෙක් මේ තත්වය ඉවසාගන ඔබගේම යහපත උදෙසා කෙරෙන රජයේ වැඩපිළිවෙලට සහයෝගය දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

    කොවිඩ් මර්ධන වැඩකටයුතු සඳහා මුදලුත් අනෙකුත් සම්පතුත් යෙදවීමට සිදුව ඇති බැවින් සැලසුම් කල සංවර්ධන  කටයුතු තරමක් ප්‍රමාද කරන්නට සිදුවේවි. ජනතාව ඒ තත්වය ද වටහාගනු ඇතැයි මා විශ්වාස කරනවා. කොවිඩ් මුළුමනින්ම පහවී යාමට තව කලක් ගතවේවි. එතෙක් අපට ජීවත් වන්නට සිදුවන්නේ කොවිඩ් සමඟයි. අකමැති වුවත්, අපහසු වුවත් අපට අලුත් ජීවන  රටාවකට හුරුවන්නට සිදුවේවි. 

    (ජනතාවට සෞඛ්‍ය සම්පන්න දිවියක් ප්‍රාර්ථනා කරමින් තම කතාව අවසන් කරන්න තිබුණා). 

    කතාව විකාශය  වන්නේ රාත්‍රී කාලයේ අරලිය ගහ මන්දිරයේ සිට බැවින්, රුවන්වැලිසෑය අරලියගහ මන්දිරයට ගෙන එන්නේ නැතුව, මන්දිරය ඇතුලත සුදුසු තැනක, තාත්වික පසුබිමක සිට රාත්‍රී කාලයේම පටි ගත කර (අපි නොදන්න ලයිව් වැඩසටහනක් සේ නොවී ) විකාශය කල හැකිව තිබුණා. එවිට ජනතාව එය විකට ටෙලිනාට්‍යයක් සේ නොසලකා ඇත්තක් ලෙස පිළිගනීවි. 

    වෙන කිසිවක් ජනතාවට මේ මොහොතේ වැදගත් නැත. 

    ( පිංතුරය : එංගලන්ත අගමැති වින්ස්ටන් චර්චිල් 1945 දෙවෙනි  ලෝක යුද්ධය අවසන් වීම නිමිත්තෙන් ජාතිය ඇමතූ මොහොත. කතාවට ගන්න කාලය විනාඩි 4 යි. )

    අශෝක හදගම - ෆේස්බුක් 



    No comments:

    Post a Comment

    facebook

    Video

    lakdiva news

    root

    Culture