lanka Journalist - Sri Lanka Reporters and Sri Lankan journalists political news

sinhala

  • Breaking News

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    facebook

    Saturday, August 21, 2021

    ජනපතිතුමණී ඔබේ කතාව ගැන මට හිතෙන දේ..... ජනපතිට මෙත් සිතෙන් ලියමි.....

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වන ඔබ ඊයේ ජාතිය අමතා කතාවක් කළේ ය.එය ඔබ පෙර කරන ලද කතාවලට වඩා තාක්ෂණීක වශයෙන් හා කාල කළමනාකරණය අතින් උසස් බව කිව යුතුය.සැබැවින්ම එය වටිනා දේයකි.එහෙත් කතාවක වඩාම වැදගත්වන්නේ එහි අර්ථයයි.එලෙසම එහි කරැණූවල නිරවද්‍යතාව හා ගැඹුර ද කතාවක වටිනාකම වැඩි කරයි.

    එකි අර්ථයන් සසඳා බලන කල ඔබගේ පෙර කතාවල සේම මෙය ද අර්ථ ශුන්‍ය යැයි මට සිතේ.මේ වචන කිහිපය ලියන්නේ ඒ සඳහා ය.කිසිවෙකුත් මෙයින් ප්‍රකෝපයට පත්නොවේවායි ද මම පතමි.

    ජනාධිපති වන ඔබ ඒ කතාවේ වැඩි වේලාවක් ගෙන කතා කරන්නේ එන්නත්කරණය ගැන ය.කොරෝනා මඩින්න එකම පිළියම එන්නත්කරණය බව ද ඔබ එහිදී කීවේ ය.ඔබ මෙහෙම කියන්නේ දැන් ය.එදා ඔබ නොකියා කීවේ වෙනත් කතාවකි.

    කොරෝනාව ලෝකයට පැමිණ මේ වනවිට වසර දෙකකට ආසන්න ය.කොරෝනා සඳහා එන්නත් නිශ්පාදනය කර ද වසරකට වැඩි කාලයක් ගෙවී ගොස් ඇත.එහෙත් අප තවමත් පළමු මාත්‍රාවවත් රටේ එක් ජන කණ්ඩායමකටවත් නිවැරදිව ලබා දීමට අපොසත් වීම මට නම් කනගාටුවකි.ඔබ නොකීව ද ඔබට ද එහි කනගාටුවක් ඇති බව මම දනිමි.

    මම නම් හිතන්නේ එන්නත් අපට ගෙන්වා ගන්නට තිබුනේ මීට ප්‍රථමව බව ය.නමුත් එන්නත් ගැන ඔබගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව තිරණ ගත්තේ අශ්වයා ගිය පසු නොවේද? යන්න නොවිමසාම බැරි කරැණකි.

    එන්නත් ගැන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වරක් පාර්ලිමේන්තුවේ දී කතා කළා මට මතක ය..ඒ 2020 නොවැම්බර් 20වැනිදා ය.ඔහුගේ ප්‍රකාශය පහත පළ කරමි.

    ‘ගරු කතානායකතුමනි, දැනටමත් ලෝකයේ රටවල් එන්නත් මිලදී ගැනීම සඳහා එන්නත් සපයන ආයතනවලට තම රටවලට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ඉල්ලලා ඇණවුම් ඉදිරිපත් කරල තියෙනවා. මිල ගණන් කතා කරලා අවශ්‍ය ලියැකියවිලි අස්සන් කරලා තියෙනවා. මම අහන්න කැමැතියි ශ්‍රී ලංකා රජයෙන් අනෙක් රටවල් වගේ එන්නත් මිලදී ගන්න එන්නත් සපයන ආයතන සමග ආණ්ඩුව සාකච්ඡා කරල තියෙනවාද කියලා… මොකද අපි බලාගෙන හිටියොත් එන්නත් මිල වැඩි වෙන්න පුළුවන්. එන්තත් හිඟ වෙන්න පුළුවන්…’

    සජිත් එදා කීවේ ය.

    එයට ඔබේ ආණ්ඩූව වෙනූවෙන් පිළිතුරැ දුන්නේ වාසූ සහෝදරයා ය.

    "වැක්සින් එක තවමත් අත්හදා බලමින් තිබෙනවා.ඒක එක එක රටවල් තම තමන්ගේ වත්කම් අනුව දැන්ම ඉදන් මිලියන ගණන් ඔඩර් කරලා ඇති.අපටත් ඕක වුවමනා වෙච්ච දවසක අපි ඔඩර් කර ගන්නම්.මම හිතන්නේ නැහැ දැනට වැක්සින් එක අපට වුවමනයි කියලා.වැක්සින් එක වෙනුවට පාවිච්චි කළ හැකි දේවල් තියෙනවා,අපි ඒවා පාවිච්චි කරමින් අද මේක පාලනය කරනවා."

    ඒ එදා වාසු ඔබ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කී දේ ය.

    ඔබේ ආණ්ඩුව එකල ගංගාවලට මුට්ටි දමා ගසමින් සිටියේ ය.ඊට පසු පැණි නාඩකම ය.ඔබේ සෞඛ්‍ය සම්බණ්ධයෙන් නියෝජිතවරිය වූ පවිත්‍රා මැතිණිය රටටම පෙනෙන්න පැණී පානය ද කළා ය.ඔබට එන්නත ගැන කියන්නට තිබුනේ එදා ය.එහෙත් මා දැනුවත්ව ඔබ එය කීවේ නැත.

    එන්නත පරක්කු වුයේ මේ නිසා ය.එහෙත් ඔබගේ කතාවේ කියන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් චීන එන්නතට අවසර දීම ප්‍රමාද කළ බවකි.එහෙත් මෙහි සත්‍ය ජනතාවට පහසුවෙන් තේරැම් යන බව මා ඔබට කියන්නේ ගෞවරවයෙනි.

    මුල්ම අවස්ථාවේ එන්නත ගැනීමට ගිවිසුම් ගත වුවා නම් අපට එක් එන්නතක් ඩෝලර් පහට ගැනීමේ හැකියාව තිබු බව කරැණූ විමර්ශනයේ දී පෙනි යයි.

    එන්නත පරක්කු වීම පමණක් නොව ඒ හරහා විශාල මුදලක් අපට වැඩිපුර දරන්නට ද වූ බව මගේ විශ්වාසයයි.

    දෙවැන්න වන්නේ වයස අවුරැදු 60න් වැඩි පිරිස ගැන ඔබ කී කතාව ය.එය ද නිවැරදි නොවන බව මගේ හැගීමයි.

    ලෝකයේ බොහෝ රටවල් මුලදීම අත්දැකීමෙන් ඉගෙන ගත් කරැණ වුයේ වැඩිහිටි අය මෙය ආසාදනය වීමෙන් මිය යන බව ය.එන්නත නිශ්පාදනය කළ පසු ඔවුන් වැඩිහිටි අය කෙරෙහි වැඩි අවදානයක් යොමු කළේ එම අවදානම නිසාවෙනි.අප එන්නත්කරණය ආරම්භ කරන විටම එය දැන ගෙන සිටි කරැණකි.එහෙත් අපේ කාගේ හෝ තිරණයකින් 60ට වැඩි අය එන්නත් කිරීම පස්සට කල් ගියේ ය.දැන් ලංකාවේ මිය යන සංඛ්‍යාවෙන් 80%ක්ම 60ට වැඩි උදවියයි.ඔවුන්ව ප්‍රථමයෙන්ම එන්නත් කළා නම් එම මරණ අඩු කර ගැනීමට ඉඩ තිබෙන බව ඔබෙත් මගෙත් හදවත් දන්නා කාරණයකි.

    ජනාධිපති හැටියට ඔබ ප්‍රකාශ කළ අනෙක් කරැණ වූයේ ආර්ථිකය පිළිබඳ ය.ගෝලීය වශයෙන් නම් එය සෟජූ සත්‍යයකි.එහෙත් අපේ කතාව ඊට තරමක් වෙනස් නොවේ දැයි ඔබෙන් විමසන්නැයි මට මගේ සිත බල කරයි.

    අපේ රටේ මුලික ආදායමෙන් සැලකිය යුතු කොටසක් පියවන්නේ බඳු ආදායම විසිනි.ඔබගේ ආණ්ඩුව බලයට පත් වූ පසු විශාල බඳු සහනයක් ලබා දුන්නේ ය.එහෙත් මා දන්නා පරිදි රටේ ජනතාව එවැන්නත් ඉල්ලුවේ නැත. ලංකාවේ ප්‍රධාන ධනකුවේර සමාගම් ද එවැන්නක් ප්‍රසිද්ධියේ නම් ඉල්ලුවේ නැත.එහෙත් ඔබ ආණ්ඩුව එම බඳු සහනය දුන් අතර ඉන් වසරකට රජයට අහිමි වු ආදායම කෝටි 80000ක් පමණ ය.මේ බඳු සහනය හේතුවෙන් ලාභ වූ එක වෙළෙඳ භාණ්ඩයක් මා නම් දන්නේ නැත.එවැන්නක් ඇත්නම් පෙන්වන්නැයි මම ඔබගෙන් ගෞවරවයෙන් ඉල්ලා සිටිමි.

    ඒ වෙනුවට සිදු වුයේ සැම දෙයකම මිල ඉහල යාම පමණී.හැබැයි එක්තරා පිරිසක් අත නම් කෝටි ගණනක මුදලක් ඉතිරි විය.ඒ උපයන විට බද්ධ අඩු කළ බැවිනි.

    මින් ගම්‍යවන්නේ ඔබට මේ අදහස් දෙන ආර්ථික විශේඥණයන් දැන් කල් ඉකුත් වි ඇති බව නොවේ ද?

    ඊට අමතරව ඔබ මුදල් බිලියන ගණනක් අච්චු ගැසුවේ ය.එම සංඛ්‍යාව හරියටම දන්නේ ඔබ ය.එමගින් සිදුවුයේ රටේ උද්ධමනය තවත් ඉහළ යාම ය.එය ද ආර්ථිකයට එල්ල කරන්නේ මරැ පහරකි.ඊට අමතරව ඔබ ආණ්ඩුව කිසිඳු විද්‍යාත්මක ප්‍රමුඛතාවයකින් තොරව මහ මාර්ග පිළිසකර කිරීම සිදු කළේ ය.එය මෙවැනි වසංගත තත්ත්වයක දී ප්‍රමුඛ එලෙසම අත්‍යවශ්‍ය අංගයක් නොවේ.විශේෂයෙන්ම මුදල් අච්චු ගසමින් එවැනි දෑ කිරීම භායානක විහිළුවකි.

    අනෙක් අතට රට ආර්ථික වශයෙන් බංකොළොත් නම් ඒ ආකාර මාර්ග අලුත් වැඩියාවකට මුදල් ප්‍රකෝටි ගණනක් වියදම් කළේ ඇයි ද යන්න විමසිය යුතුව තිබේ.

    ඊට අමතරව රටට විශාල විදේශ විනිමයක් ගෙන එන දැනට ඉතිරි ප්‍රධාන මාර්ගයක් වන තේ අපනයන කිරීම ද රසායනික පොහොර නතර කිරීමෙන් ඇන හිටින තත්ත්වයකට පත්ව ඇත.

    මේ සියල්ල මැද ආර්ථිකය මරැ වසඟයට යන බව පුංචි දරැවෙකුට වුව තේරැම් යන කරැණකි.

    මම බෞද්ධයෙක්මි.ඒනිසා මා මගේ වැරදි අනෙකුකු පිට පටවන්නවත් වංචා සහගත ප්‍රකාශයක් කර මගේ ඇත්ත වගකීම මග හරින්නටවත් උත්සහා ගන්නේ නැත.මම ඔබට ද එය අවසන් වශයෙන් යෝජනා කරමි.

    ඔබගේ කතාවේ ඩෝලර් බිලියන හතරක වාර්ෂික ණය වාරිකයක් ගැන කීවේ ය.ඒ ණය මීට පෙර ආණ්ඩු ලබා ගත් ණය කන්දක පොළියේ ප්‍රතිඵලයක් බව ද ඔබ කීවේ ය.නමුත් මේ ණය අතරින් වැඩිම මුදලක් ගෙන ඇත්තේ ඔබගේ සහෝදරයා වන මහින්දගේ කාලයේ දී බව මම මතක් කරමි.එලෙසම වැඩිම පොළියට ණය ගත්තේ ද එම වකවානුව තුළ දී ය.අනෙක් සැම ආණ්ඩුවක්ම ණය ගෙන ඇති බව ද ඇත්තකි.මේ ආණ්ඩු ණය ගෙන කරපු දේයක් නැති බව අද අපට පැහැදිලිව පෙනෙන කරැණකි.ගත් ණයවලින් සිදුකර තිබෙන ව්‍යාපෘතිවල වටිනාකම ණය මුදල් සමග සැසදීමේ දී ඉතාම අඩු අගයක් බව කීවේ මා නොව හිටපු විගණකාධිපතවරයා ය.ඔහු නොකියා කීවේ මේ ගිනි පොලියට ගත් ණය මුදල්වලින් වැඩි හරියක් ගසා කා තිබෙන බවකි.එම තක්කඩි ගසා කෑ මුදල් වලට අප ණය වාරික ගෙවීම අමුතුම සෙල්ලමකි.

    දශක හතක් බලයේ සිටි පාලකයන් සියලු දෙනා රට ආපස්සට ගෙන ගිය බව දැන් අප සැමට පෙනෙන කරැණකි.නැතිනම් මාස විස්සක්වත් තනිව ජීවත්වීමට අපට බැරිවීමට ඉඩක් ඇත්තේ නැත.ඒ ගැන පක්ෂ භේදයකින් තොරව අප ලැජ්ජා විය යුතුය.

    ඇත්තක් ලෙස කෝවිඩ් මර්දනයට යමෙකු එන්නේ නම් ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්නට මේ රට සුදානම් ය.

    ඔබ අවසන් වශයෙන් කීවේ පටි තද කිරීමට වන තේරැම සහිත කතාවකි.

    ජනාධිපතිතුමණී,අපේ පටි දැන් තද කරන්නට දේයක් නැති තරමටම බඩ පිට පොත්තටම ඇලි ඇත.පටි තද කරනවා නම් එය කළ යුත්තේ ඔබත් ඇතුළු බඩ තඩි දේශපාලකයන්ගේ හා එවැනිම නිලධාරින්ගේ බව ද කිව යුතුව තිබේ.ඔවුන්ගේ බඩ තද කිරීමට හැකි පටි පිටරටින් ගෙන්වීමට සිදුවන බව ඔවුන්ගේ බඩවල් දකින විට සිතෙන කරැණකි.එහෙත් ඩෝලර් නැති අපට එය ද දැන් සිහිනයකි.

    නයනක රන්වැල්ල

    1 comment:

    1. Maha janathawata nam pati thada karanna tharamwath badak ithiriwela naha.

      ReplyDelete

    facebook

    Video

    lakdiva news

    root

    Culture